Tuesday, December 31, 2019

දොළොස් මහෙන් උපන් බබා



ලුත් අවුරුද්ද සුබ වෙන්න නම් ගෙවිච්ච  අවුරුද්ද ගැන මොන විදිහේ හරි තෘප්තිමත් අදහසක් තියෙන්න ඕනි. ලියන්නට ගොඩක් දේ හිතේ තියෙන නිසා 2020 අවුරුද්ද මටනම් සුබ වෙයි.. සතුටු, අසතුටු  ජීවිත අත්දැකීම් ගොඩක් ලැබුණු  නිසාත් නරක හොඳ කරගන්න සටන් කරපු නිසාත්  2019 අවුරුද්දේ ජීවිතයට අගයක් එකතු වුනා . ඒ ගැන සතුටුයි.  මේ නයින් ගත්විට ඔබටත් අනිවාර්යයෙන්ම ලැබෙන අවුරුද්ද සුබ වේවි . නව  අවුරුද්දේ දුක සැප දරාගෙන සුපුරුදු සටනේ යෙදෙන අතරතුර හැකි විදිහට අපේ සම්බන්දෙ තියාගමු , අඩු ගානේ  මොනා හරි පම්පොරියක් ලියල බෙදාගෙන හරි එකට ඉමු.

මෙන්න මම ලියන්න පටන් අරන් ඉවර නොකරපු කතා ටිකක්.


  1. කන්නෙලියේ  නයනා හා විල්පත්තුවේ ඩයනා - මෙරට සංචාර වලදී හමු වූ අපූරු තරුණියන් දෙදෙනෙක් ගැන කතන්දරයක් 
  2. පිලිපීනාලන්කාරය- කටාර්වලදී  හමු වූ පිලිපීන ජාතිකයන් පිරිසක්  ගැන අන්දරයක් 
  3. BTS ගමනේ යා- සුප්‍රසිද්ද BTS සංගීත කණ්ඩායම ගැන අපේ ඔවිනී හොයා ගත් අපූරු විස්තර
  4. විදුසර මතක 1 හා 2- 1990 සිට 95 අතර කාලයේ විදුසර පත්තරය හා ඇසුරු කළ සමයේ මතක සටහන් 
  5. කොස්ලන්දේ පුරාවත - සුවිශේෂ නගරයක්  වූ කොස්ලන්ද හා බැඳුනු කතන්දර 
  6. කලාපුරේ සය මසක් - ගල්කිස්ස කලාපුරේ ජීවත් වූ කාලය ගැන අතීතාවර්ජනයක් 
  7. බොනරබල් ජීවිත - බේබදු කතා පෙළක්
  8. පැනිදෙනි මතක පොත- පේරාදෙනි පැනිදෙණියේ  එදා හා අද විස්තර 
  9. හිත් ගත් ප්‍රොජෙක්ට් මැනේජර්ලා  - චරිත කතා පෙළක් 
  10. වෙළඳ දැන්වීම් තුනක් - මිත්‍ර  ව්‍යවසායකයින් තුන් දෙනෙකුට දෙන පබ්ලිසිටියක් 
  11. දොළොස් මහෙන් උපන් බබා - නිම  වෙමින් යන මගේ කුළුඳුල් පරිවර්තනය හැඳින්වීම 
  12. මගේ පොර ටෝක් ක් - පොත් දොරට වැඩුම්, සමුළු  හා වැඩ බාර දීම් ආදියේදී මා කළ දෙසුම් සාරාංශ පෙළක් 
මේ කතා  draft ලෙස මගේ බ්ලොග් අඩවියේ එකතු කර තිබෙන බවත් ලියා අවසන් වූ වහාම...    .

ඉතින් සුබ අලුත් අවුරුද්දක් වේවා !