හිට්ලර්ගේ නාසි සිර කඳවුරකින්
පාපන්දු ක්‍රීඩකයන් පිරිසක් ගැලවී පලා යන අන්දම දැක්වෙන මේ විශිෂ්ට චිත්‍රපටය පෙන්නන්න කලින් විශේෂයක්
කරමු” යැයියෝජනා විණි. ඒ අනුව මාරි සවරිමුත්තු ආචාර්යවරිය විසින් කරන ලද හැඳින්වීමේ දේශනයකින් පසු
චිත්‍රපටය පේරාදෙනි කලාගාරයේදී ප්‍රදර්ශනය කෙරිණි.
සිල්වෙස්ටර් ස්ටැලෝන් ප්‍රධාන
චරිතයක් රඟපෑ මේ චිත්‍රපටයේ 2018 ලෝක පාපන්දු තරඟාවලියේ සුවිශේෂ අමුත්තෙකු ලෙස රුසියාවට
පැමිණ සිටින ලෝක පුජිත පාපන්දු ක්‍රීඩක පේලේද රඟ පෑවේය.. පේලේගේ බයිසිකල් පහර හෙවත්
උඩුකුරු පාපන්දු ෂොට් එක අප බොහෝ දෙනෙක් මුල්වරට දුටුවේ 1981 දී නිපදවුණු 1991 දී අපට නරඹන්නට ලැබුණු මේ චිත්‍රපටයෙනි .
බඹරු ඇවිත් හා ධර්මසේන පතිරාජ
ශ්‍රී ලංකාවේ බිහි වූ චිත්‍රපට
අධ්‍යක්ෂකවරුන් අතරින් මා වඩාත් කැමති, වඩාත් ගරු කරන තැනැත්තා ධර්මසේන පතිරාජය.
ඒ ඔහු පේරාදෙනි සරසවියේ ආදී ශිෂයෙකු නිසාවත් කලක් පේරාදෙනි චිත්‍රපට සංගමයේ ක්‍රියාකාරික
යෙකුව සිටි බවා අසා තිබුණ නිසාවත් නොවේය. මා ඔහුගේ නිර්මාණවලට කැමති නිසාය.
1991 අවුරුද්දේ ධර්මසේන පතිරාජ චිත්‍රපට උළෙළේ ප්‍රධාන දෙසුමට ඇරයුම් ලැබුයේ මහාචාර්ය සුචරිත ගම්ලත්ය .ඒ වනවිට සරසවි ආච්ර්යවරුන් කිහිපදෙනෙකු සමග මතවාදී ගැටුමක
යෙදී සිටි මහාචාර්ය ගම්ලත් ගෙන්වීමට ගත් තීරණය සමහරුන්ගේ දෝෂ දර්ශනයට ලක් වුවත් ඔහු එදා සාරගර්භ දේශනයක්
කරමින් කාගේත් හිත පහදවන සුළු ආකාරයෙන් සිය අදහස් ඉදිරිපත්
කළේය. ඔහුට විචාරය කරන්නට ඇරයුම් කර තිබුනේ බඹරු ඇවිත් චිත්‍රපටයයි.
සුපුරුදු මාක්ස්වාදී විචාර
කලාවෙන්චිත්‍රපටය විවරණය කළ ඔහුගේ මුළු කතාව හරියට මතක නැතිමුත් මීට වඩා හොඳ, සුපුෂ්පිත දේශයක්, සෞබාග්‍යමත් රටක්
දිනා ගත යුතු බවත් ඒ අරගලයට පතිරාජගේ චිත්‍රපට යම් තල්ලුවක් දෙන බවත් ඔහු කීවා වගේ මතකය.
අපට කලින් වතාවේ චිත්‍රපට
සංගමයේ සබාපති සමග කළ කෙටි කතා බහකදී ඔහු මට සිහිපත් කලේ දැඩි භීෂණ කාලයක පවා ඔවුන් චිත්‍රපට උළෙලවල්
කීපයක්ම සංවිධානය කළ බවය. ඒ අතරින් ජපන් චිත්‍රපට උඑලෙලක් සංවිධානය කරන්නට ඔවුන්ට හැකි
වී ඇත්තේ ජපන් තානාපති කාර්යාලයට ගොස් පින්සෙන්ඩු
වීමෙන් පසුය.
91 අවුරුද්දෙත් ජපන් චිත්‍රපට
උළෙලක් ලෑස්ති කිරීමට අපට පුළුවන් උනේ ඒ විදිහටම ජපන් තානාපති කාරුයාලයට ගොස් පින්සෙන්ඩු
වීම නිසාය. ඒ දිනවල ජපන් තානාපති කාර්යාලයෙන්
සුවිශ්ෂ ප්‍රචාරයක් ලබා දී ප්‍රදර්ශනය කෙරුණු චිත්‍රපට උළෙල අපටද ලබා දෙන මෙන් අපි ඉල්ලුවෙමු. සම්බන්ධීකරණ නිලධාරියා හරහා අපට දන්වනු ලැබුවේ මෙය බොහොම වැදගත්
රාජ්‍ය ආයතනවලට පමණක් ලබා දෙන අවස්තාවක් බවත් එය එක එක සංගම්වලට කොහෙත්ම දෙන්නේ නැති බවත්ය.
කෙසේ වුවත් පේරාදෙනි සරසවියේ
චිත්‍රපටි සංගමය මේ රටේ තියෙන වැදගත්ම පහේ සංගමයක් බවත් එය රටේ විශාලම හා පැරණිතම සරසවිය විසින් ප්‍රමුඛත්වය දෙන වැදගත් සංගමයක් බවත්
තානාපති නිලධාරීන්ට දන්වා සිටින්නට පුළුවන්
විය.මේ අදහස් ජපන් තානාපති කාර්යාලයේ සම්බන්ධීකාරකයා හරහා තානාපතිවරයාට දැන්වුවද පෙරළා
ලැබුනේ නෙගටිව් උත්තරයක් පමණකි.
පරාජිත මනසින් අපට ආපසු පේරාදෙණි
එන්නට වුනේ හිස් අතින්මය. ඒත් දවස් කීපයක් ඒ ලියුම ලැබුනේය.
ඔබගේ ඉල්ලේම පරිදි ජපන් චිත්‍රපට
උළෙල පේරාදෙණි සරසවි ච්ත්‍රපට සංගමයට ලබා දෙන්නට එකඟයි
ඉහේ මලක් පිපුනාක් මෙන් දැනුණි.
පෙන්නු චිත්‍රපට අතර හචිකෝ තිබුනා මතකය.
චිත්‍රපට උළෙලේ සමාරම්බක
උළෙලට ජපන් තානාපතිවරයාද ආවේය. ඔහු කැඩිච්ච ඉංග්‍රීසියෙන්
කළ කතාව එකේල්ලේ තේරුම් නොගියත් ඔහු කියා තිබුනේ මෙහෙන් ගිය ළමයි දෙන්නෙක් චිත්‍රපටි ඉල්ලා
හඬා වැටුණු නිසා කාටවත් නොකරන උදව්වක් හැටියට
උළෙල පේරාදෙණියට ලබා දෙන්නට කැමති වූ බවයි
.
කලාගාරයේ පෙන්වන චිත්‍රපට
බලන්නට නිතර එන චිත්‍රපටය ගැන කලින් අසා දැනුවත් වෙන බැලුවාට පසු ඒ ගැන කතා බහ කරන
ගුරුතුමියක් සිටියාය. ඇය රසායන ඉංජිනේරු අංශයේ මහාචාර්ය ශාන්තිනීය . ඒත් හචිකෝ චිත්‍රපටය ගැන සිනොප්සිසය ඈ සමග විස්තර කරද්දී ඇය දෙනෙතේ කඳුළු පුරවා ගත්තාය.
“මහාචාර්යවරයෙකුට හුරතල්
බැල්ලක් ඉන්නවා. ඒ තමයි හචිකෝ. ඉතින් හචිකෝ
හැමදාම මහාචාර්යතුමත් එක්ක දුම්රිය පලට එනකම් එනවා . සිය හාම්පුතා දුම්රියට නැගලා සරසවියට යනකම් බලා
ඉන්න හචිකෝ ආපසු ගෙදර එනවා. සරසවියේ උගන්නන රස්සාව කරලා මහදුරුතුමා හවස ගෙදර එන කෝච්චියේ
වෙලාව හචිකෝ දනනවා. කෝච්චිය ආවම ස්ටේෂමට යන
හචිකෝ සිය හාම්පුතත් එක්ක දැවටී දැවටී ආදරෙන්
ගෙදර එනවා. දවසක් මහාචාර්ය තුමා උගන්න උගන්න ඉද්දි හර්දයාබාධයක් හැදිලා මිය යනවා.
හචිකොට යම් ඉවක් දැනුනත් හවසත් සුපුරුදු පරිදි මහාචාර්යවරයා ගන්න දුම්රියපළට යනවා.
පහුවදා උදෙත් යනවා. හචිකෝ ජීවත් වෙලා ඉන්නකම්ම ඒක කරනවා. මේ සිද්දිය නිරෙක්ෂණය කළ දුම්රිය
මගීන් හචිකොට මහා ඉහලින් ගව්රව කරනවා. දුම්රියපොළ අද්දර හචිකෝගේ සිහිවටනයකුත් හදනවා.”
ඔන්න ඕකයි කතාව
මේ විස්තරය ඇසීමෙන් පසු ඇය
චිත්‍රපටය බැලීමට උනන්දු වෙනවා වෙනුවට අපෝ හචිකෝනම් කීයටවත් බලන්නට බෑ යැයි කීවාය .
චිත්‍රපට සංගමයට සරසවියෙන්ද
විශේෂ සැලකිල්ලක් ලැබුණු අතර සංගමයේ සබාපතිවරයාට කලාගාරයට නුදුරේ පිහිටි ජයතිලක හෝ අරුනාචලම් ශාලා දෙකින් එකක කාමරයක් ලබා
ගැනීමට අවසර තිබිණි. ඒ චිත්‍රපටි පෙට්ටි ගෙනවිත් තබා ගැනීමට හා සංගමයේ අනිකුත් වැඩවලට
පහසුවක් වනු සඳහාය .
අපට පෙර වසරවල නුවර පිහිටි ලා ප්‍රන්ශේ ආයනයේ සේවය කළ ප්‍රශ ජාතිකයෙක් චිත්‍රපට
සංගමයට බෙහෙවින් උදව් උපකාර කළ බව අසා තිබේ. ඔහු අරුනාචලම් ශාලාවටම උසස් ගනයේ ප්‍රංශ
චිත්‍රපට ගෙනවිත් දී පසුව ඔහුම පැමිණ ඒවා රැගෙන යන්නට තරම් කාරුණික වී තිබේ.
හචිකෝ ගැන , පේලේ ගැන පරණ
කතා ඔහොමය. සොඳුරුය .
(අවුරුදු 27ක් පරණ සිද්දි ලිවීමේදී මගේ මතකයේ බොහෝ අඩු ලුහුඬුකම් තිබිය හැකි බව සියලු සමකාලීනයෝ පිළිගනිත්වා ! විශේෂ ස්තුතිය ච්ත්‍රපට සංගමයේ ඉටපු ස්සභාපතිවරුන් වන ධම්මික නිස්සංකට හා මැතිව් පීර්ස්ට )
(අවුරුදු 27ක් පරණ සිද්දි ලිවීමේදී මගේ මතකයේ බොහෝ අඩු ලුහුඬුකම් තිබිය හැකි බව සියලු සමකාලීනයෝ පිළිගනිත්වා ! විශේෂ ස්තුතිය ච්ත්‍රපට සංගමයේ ඉටපු ස්සභාපතිවරුන් වන ධම්මික නිස්සංකට හා මැතිව් පීර්ස්ට )
අනේ මන්දා අප්පා ඔය සැගවුන අරුත් හරි බරසාර ඒවාහරි නං මට තේරෙන්නේ නැ ........
ReplyDeleteඒ උනාට මේවා කියලත් පෑ නොකියත් බැ
තාත්ත කියනවා දහයට නිදාගන්නවලු
දුව කියනවා නිදාගන්නෙත් නැලු
සල්ලි ඇරන්ලු ... නෑ එහෙම නෑලු
අදුරන්නෙත් නෑලු ... චෙක් මාරු කරලලු
අල්ලන් එන්ඩ බෑලු
ගේවල් මාරු කරලලු
හොද ගෙවල් හොය හොය හිටියලු
හොද එකක් හම්බුනහම මාරු කරනවලු
ඒත් යාලුවෙක් නෙවෙයිලු
දරුණුම තස්තවාදි තනියම පරාජය කරාලු
අලි දෙන්නෙක් ගෑන තීරනයක් ගන්ඩ බෑලු
ලෝක උරුමයෙන් අයින් කරනවලු
වදුරන්ට කන්ඩ දෙන්ඩ හොද නෑලු
ගස් නැගල කොස් කඩනවලු
ගෙවල් ඇව්ත් වාහන වල හැප්පෙනවලු
වොඩ්ක කියුවට බෝතල් වල තියෙන්නේ වතුරලු
ඉතින් හද්දෙයියනේ
දේවෝ වස්සතු කාලේනද
අහේතු කාලේන ක්ජ්ජේන පුහුලන්ද
මාත් වතුර බෝතල් බාගයක් ගෙනත් බිව්වා
මට වචන පැටලෙනවනෙ අනේ
මටනම් මක්කාවත් තේරුන් නෑ අටම්
Delete/පරණ කතා ඔහොමය. සොඳුරුය/
ReplyDeleteඔබගේ විස්තරය අසා පේරාදෙණිය සරසවි සුන්දර පරිසරයේ ගතකළ සුළු කාලය නැවත සිහියට නැගෙනවා. මේ 1962 1963 කාලය. විජේවර්ධන ශාලාවේ මුලින්ම පදිංචි වුවේ අපී 28 දෙනෙක්. කොළඹ Sciense කණ්ඩායමට යම්කිසි හේතුවක් නිසා අවසාන වසර සඳහා පේරාදෙණියට එන්නට සිදු උනා.ඒ කාලයේ අපට තිබුණු එකම විශ්ව විද්‍යාලයය පේරාදෙණියේ University of Ceylon. මෙහි
Science, Engineering සහ Medical Faculties තිබුණේ කොළඹ. වෙන වෙනම විශ්ව විද්‍යාල වූයේ ඊට බොහෝ කලකට පසුවයි.
ඔබ ළඟ අප නොදන්නා කාලයක සුන්දර මතක සටහන් ඇත . ස්තුතියි
Deleteකෙමිකල් නේද කළේ?
ReplyDeleteකෙමිකලුත් කළාලු
Deleteමේ කතා කියවන්න හරිම ආසා හිතෙනවා. අතීත මතකයන් කියන්නෙ රස සාගරයක්.
ReplyDeleteබොහොම ස්තුතියි කසුන්
Deleteලංකාවට ඔච්චර උදව් දෙන ජපානෙන් චිත්‍රපටියක් ගන්න ඔච්චර අමාරුද.
ReplyDeleteඅගනා මතකයන් ටිකක්.
උදව් දෙන්නෙත් සෑහෙන්න තෝරලා බේරලා තමයි
DeleteHi Thilakasiri. Your blog article on FilmSoc is interesting. Still I can remember good quality movies we entertained at the AT back in the beginning of 1990s. Hachiko Monogatari (1987) eng sub is available online at 'https://www.dailymotion.com/video/x2jeecz'
ReplyDeleteThanks a lot Aruna. I am really happy to know that you enjoy my blog posts.
Deleteඉස්සර කාලේ අය කැම්පස් ගියාට ඉගෙන ගන්නේ නෑ. ඔව්වා තමා කර කර ඉන්නේ. කමකට නැති ළමයි. දැං කාලේ බලන්නකෝ කැම්පස් ළමයි ඔය කිසීම දෙයක් පස්සේ යන්නෑ ඉගෙන ගන්නවා පැත්තකට වෙලා එච්චරයි.. හැක්
ReplyDeleteදැන් උන් හොඳා..යි
Deleteලස්සනට ලියලා තියෙනවා...
ReplyDeleteබොහොම ස්තුතියි මලේ
Delete/ඔහු කැඩිච්ච ඉංග්‍රීසියෙන් කළ කතාව එකේල්ලේ තේරුම් නොගියත් ඔහු කියා තිබුනේ මෙහෙන් ගිය ළමයි දෙන්නෙක් චිත්‍රපටි ඉල්ලා හඬා වැටුණු නිසා /
ReplyDelete"Two children going from here crying crying and too much crying we want film we want film...very sad...so i give films good no?"
තානාපතියා එහෙමයි කිව්වෙ...ඔබට මතක නැති වුනාට අද වාගේ මතකයි මට....
/නුවර පිහිටි ලා ප්‍රන්ශේ ආයනයේ සේවය කළ../
තිලක් කියන්නෙ පේරාදෙණි පාරෙ තිබ්බ Alliance francaise (ප්‍රංශ සංගමය ) ගැන වෙන්න ඕන. මමත් ඒකෙ චිත්‍ර ප්‍රදර්ශන එහෙම බලල තියනව...
හෙහ් හී මාරු ජපන් පරිවර්තනය. අනේ අර ආයතනය Alliance francaise (ප්‍රංශ සංගමය ) තමයි . තැන්කිව් රවී
Deleteඔන්න එතකොට මතක් උනේ අපි ඉන්න දවස් වල රුසියානු චිත්‍රපටි උලෙලක් කරපු හැටි. ඒ වෙනකොට රීල් නැතිවෙලා සී ඩී එක ලැබෙන්න පටන් ගත්තා. ටික කාලෙකට පස්සේ සංවිදානය ලේසි උනා බලන්ඩ කට්ටිය අඩු උනා. ප්‍රෙටි වුමන් නං හවුස් ෆුල්....
ReplyDeleteචිත්‍රපට තාක්ෂණයේ කාලානුරුප විකාශනය හා ප්‍රේක්ෂක ජනතාවගේ විකාශනය ඔය විදිහට වුනාලු.ප්‍රීටි වුමන් කියන්නේ හොඳ චිත්රපටියක්නේ .
DeleteShathini madam cared for homeless dogs during the time we were there (2003-2007) as well. I used to borrow good books and cds from her. I wasn't from chemical however, just liked to be around her as she was a beautiful character with a good taste and a big heart.
ReplyDeleteShe shared some good books with me too. The last book I borrowed from her was ' The art of modern journalism'. So far I couldn't return it.
Deleteඅපේ ගෙදර හචිකෝ බලනකොට අඬනවා වැඩියි. අපි ආයිත් බලන එකක් නෑ.
ReplyDeleteහචිකෝ ගැහැණු සතෙක් නෙමෙයි නේද?
//හචිකෝ ගැහැණු සතෙක් නෙමෙයි නේද?// මේ ගැන මටත් හරි මතකයක් නෑ
Deleteකැම්පස් ගිය එකේ නියම රසය විඳින්න නම් බාහිර වැඩ කළ යුතුයි. එහෙම නැත්තම් උන් අපතයො වෙනවා . එහෙම උන් සමාජෙට ගියාම හරි පිළිලයක්
ReplyDeleteවිචාරත දියණිය
බාහිර වැඩ කරා උනත් අපිත් අපතයෝ වුනානේ . හෙහ් හේ . බොහොම ස්තුතියි
Deleteමේ වනවිට ඔබ පලකල කතා සියල්ල කියෙව්වා . කැනඩාවේ සවන අන්තර්ජාල ගුවන්විදුලිය හරහා ඉන් කතා 3 ක් රේඩියෝ කෙටිකතාවක් ලෙස ප්‍රචාරය වී තිබෙනවා .තවත් කතා 3 ක් මේ වනවිට නිෂ්පාදන මට්ටමේ තිබෙනවා . ඔබේ ගමනට ජය .
ReplyDeleteවඩා පුළුල් රසික පිරිසකට මේ කතා බෙදා දුන්නාට ඔබට බෙහෙවින්ම ස්තිතියි .අර ප්‍රචාරය කරපු කතා ටික අහන්න ලින්ක් එකක් දෙන්න පුලුවන්ද ?
Delete+++++++
ReplyDeleteමම නම් 75-79 කාලයේ "ඩොක" (Documentary) නිතරම බැලුවා. නමුත් ෆිල්ම් society එකේ සාමජිකත්වයක් තිබුනා වගේ මතකයි
ReplyDelete