Tuesday, July 26, 2016

පේරාදෙණියේ මැදුරු කුළුණුවල සැඟවුණු චරිත කතා - හිල්ඩා ඔබේසේකර, රාමනාදන්, අක්බාර් ඇතුළු පිරිස -1

Photo-Sunday Times
පේරාදෙණි සරසවියට ගොඩවන ඕනෑම කෙනෙකුට අන්වර්ථ නාමයක් හිමි වෙයි.  බල්ලෙක් පුසෙක් එහි ගියද මේ ආකාරයේ 'කාඩ්' එකක් වදිනමුත් සරසවි නෙවාසිකාගාරවල නාමයන්  චිරාත්කාලයක් නොවෙනස්ව පවතී. රාමනාදන් ශාලාව නාදන් එක ලෙසත්  අරුණාචලම් ශාලාව අරූ එක ලෙසත් සංඝමිත්තා ශාලාව මිත්තා එක ලෙසත් ඇතැම් විට කෙටිකර ගත්තත්  අනික් සෑම විටම ඒවායේ මුල් නමින්ම හැඳින්වේ. මේවා නිල වශයෙන්ම නම්කොට ඇත්තේ සුවිශේෂ පුද්ගල නාම වලිනි . 

මෙකී පුද්ගලයන්ගේ  චරිත කතාත් අපේ රටේ පළමු  ස්වාධීන  සරසවිය ඉදි කර ගැනීම  සඳහා ඔවුන් කළ අරගලයත් ගැන  පසුගිය සතියේ තොරතුරු හොයන්නට උත්සහ කලෙමි . එසේ සොයා බලද්දී මා ඉදිරියේ චිත්‍රණය වුනේ ඒ යුගයේ උත්සහවන්ත උගතුන් අතර තුබූ  ජාතික සමගියේ  කතාවයි. ඔවූන්ගේ කතාව 19 වන සියවසේ ශ්‍රී ලාංකික ව්‍යවසායකත්වයේ කතාවයි.  විචාර බුද්ධියෙන් යුතු දේශීය උගතුන් බිහි වීමේ  කතාවයි. සමහරුන්ට පෙනුනේ  ඔවුන් හුදෙක් රදල කළු සුද්දන්, නිර්ධන පන්තියට එරෙහි වූ ධනපතියන්, නැතිනම් බටහිර ගැති ව්‍යාජ උගතුන් ලෙසිනි . ඒ නිසාමදෝ මොවුන්ගෙන් අපට ලැබුණු වටිනාකම්  ගැන සරසවි ජීවිත කාලය පුරාමත් ඉන් පිට වුවාට පසුවත් කිසිවෙක් කතා නොකළහ . මේ අපට පෙරාදෙණියේදීත් ඉන් පිටතදීත් සිදු වූ ලොකු වැරැද්දක් කියා සිතමි.

මුස්ලිම් ජාතික නීති විශාරදයෙක්  වූ විනිසුරු එම් ටී අක්බාර්,  බර්ගර් ජාතිකයෙක් වූ දොස්තර අන්ද්රියාස් නෙල් , සිංහල  දානපතිනියක් වූ හිල්ඩා ඔබේසේකර , සිංහල ජන නායකයන් හා උගතුන් වූ  ඩී.ආර්.  විජේවර්ධන හා  සර් ඩී බී ජයතිලක , පළමු ශ්‍රී ලාංකික වැඩබලන ආණ්ඩුකාරයා වූ සර් ජේමිස් පීරිස් , වයිද්යවරයෙක් වූ සර් මාර්කස් පර්නාන්දු , බ්‍රිතාන්‍ය ජාතික රොබර්ට් මාස් , දෙමල ජාතික නායකයන් හා උගතුන් වූ රාමනාදන් හා අරුනාචලම් දෙසොහොයුරන් මේ පිරිසයි. මේ සියලු දෙනාම පාහේ ලංකාවෙන් එපිට ලෝකය ගැන අත්දැකීම් ලබා තිබුණහ. ඉගෙනීමේ අති දස්කම් පෑහ. මේ රටේ ස්වාධීන සරසවියක් බිහි කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් කළහ.

ආර්ථික ශක්තියෙන්, උගත් කමෙන් හා දේශපාලන බලයෙන් ඉදිරියෙන් සිටි මේ ප්‍රභූ පිරිස නිදහස ලැබෙන්නට පෙර සුදු ජාතික පාලකයින්ට සෑහෙන දුරට බලපෑමක් කරන්නට සමත් පිරිසක් වුහ. ඔවුන්ට  වන්දනාමාන කරන්න ඕනෑ නැතිමුත් ඒ  චරිත කතාවලින් උගත යුතු බොහෝ ධනාත්මක දේ තිබේ . මේ ඔවුන් ගැන කෙටි සටහනක්. දීර්ඝ තොරතුරු එකතු කරමින් සිටිමි.

විනිසුරු එම් ටී අක්බාර් 

පේරාදෙනි ඉංජිනේරු පීඨයට යාබදව පිහිටා ඇති අක්බාර් ශාලාවේ ජීවත් වූ බොහෝ සිසුන් නොදන්නා පුද්ගලයක් ගැනයි මේ කියන්නේ. ඔහු නමින් විනිසුරු එම්  ටී අක්බාර්ය .

ඉංජිනේරුවෙකු වන්නට කේම්බ්‍රිජ් සරසවියට ගිය ඔහු අන්තිමේ ඉන් පිටවුනේ නීතිවේදියෙකු ලෙසිනි. 1880 ඉපිද 1944දී මිය ගිය ඔහු අපේ රටෙන් බිහි වූ කීර්තිමත්ම නීතිවේදියෙකි. මෙරට සොලිස්ටර් ජෙනරාල්වරයා වශයෙන්ද ව්‍යවස්ථාදායක සභාවේ සාමජිකයෙකු වශයෙන්ද කටයුතු කළ ඔහු 1928දී දුම්බර මිටියාවතේ ස්වාධීන විශ්ව විද්‍යාලයක් පිහිටවිය යුතු බවට නිර්දේශ කළ  විශ්වවිද්‍යාල කමිටුවේ  සබාපතිවරයාය.

දොස්තර අන්ද්රියාස් නෙල් 


සිංහල හා දෙමල භාෂාවලින් අපේ රටේ දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ වරම් හිමි විය යුතු බවටත් අපේම විශ්ව විද්‍යාලයක් ලබා දිය යුතු බවටත් ඉංග්‍රීසි ආණ්ඩුවට බලපෑම් කළ බර්ගර් ජාතික විද්වතෙකු වූ ඔහු නමින්  වූ නේවාසිකාගාරය පිහිටා ඇත්තේ අක්බාර් ශාලාවට යාබදවය.
1937 දී ලකා රාජ්‍ය සභාව වෙත ජෝජ් ඊ ද සිල්වා විසින් මරට විශ්ව විද්‍යාලය අරුප්පොල ප්‍රදේශයේ පිහිටුවිය යුතු බවට ඉදිරපත් වූ යජනාවට විරුද්ධ වු දොස්තර අන්ද්රියාස් නෙල් ඇතුළු පිරිස පැවසුවේ එය පේරාදෙණියේ පිහිටවිය යුතු බවය.

හිල්ඩා ඔබේසේකර 


Phot-pdn.ac.lk

කීර්තිමත් දානපතිනියක් වූ හිල්ඩා ඔබේසේකර ඉතිහාසඥයෙක් හා ලේඛකයෙක් වූ  ශ්‍රීමත් එද්වර්ඩ් පීරිස් හා විවාහ වුවාය. ඇගේ උපන් කාලය ලෙස මා අනුමාන කරන්නේ 1870 දශකයයි. ඇය අපේ රටෙන් බිහි වූ කීර්තිමත් සත්ත්ව විද්‍යාඥයෙක් වූ මෙරට කෞතුකාගාර අධ්‍යක්ෂවරයකු  වශෙයන්ද  සේවය කළ ආචාර්‍ය පී ඊ පී දැරණියගලගේ   මෑණියන්ය . අන් කිසිවක් නැතත් එවැනි උදාර පුත්‍රයෙක් බිහි කිරීම නිසා පමණක් ඇය අප සියලු දෙනාගේ ගෞරවය  ලබන්නට සුදුසුයි.(පී.ඊ.පී. දැරණියගලගේ පුත්  ශිරාන් දැරණියගල හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාය )

ඇය නමින්  වූ සුවිසල්  නේවාසිකාගාරය පේරාදෙණි සරසවි බිමේ මහවැලි ගඟට යාවූ මනරම් තැනිතලා භූමියක ඉදි වී ඇත. සුප්‍රකට සරත්චන්ද්‍ර එළිමහන් රඟහල පසුකලක ඉදිවුණු එම නේවාසිකාගාර මායිමේය.

අරුණාචලම්  හා රාමනාදන් සොහොයුරෝ 

pdn.ac.lk
මෙරට  සමාජයට  සුවිශාල මෙහෙවරක් කළ දෙමල ජාතිකයෝ තිදෙනෙක් වෙති. ඒ පොන්නම්බලම් අරුණාචලම් ,පොන්නම්බලම් රාමනාදන් හා ආනන්ද කුමාරස්වාමි  යන තිදෙනාය .
1814 දී යාපනේ මනිපායිහිදී උපන් ඒ. පොන්නම්බලම්ගේ පුතනුවන් දෙදෙනා අරුනාචලම් හා රාමනාදන්ය . ඔහුගේ ඤාති පුත්‍රයා ආනන්ද කුමාරස්වාමිය. 'මධ්‍ය කාලීන සිංහල කලා'    නමින් සිංහලට නැගුණු ඔහු ලියු පොත සමස්ත දේශයම ලද අමිල තිළිණයකි .
අරුණාචලම් හා රාමනාදන් දෙසොහොයුරන් නමින් පේරාදෙණිය සරසවියේ නේවාසිකාගාර දෙකක් තිබෙන අතර ඒවායේ වසර ගණනක් ජීවත් වූ   දහස්  ගණනක් සරසවි සිසුහු  මේ දෙදෙනා ගැන වැඩි යමක් නොදනිති .
අරුනාචලම් (1853-1924) මෙරට  බිහි වූ කීර්තිමත් උගතෙකි . 1875දී සිවිල් සේවයට එක් වූ  මුල්ම ලාංකිකයන් පිරිසට ඔහුද ඇතුළත් වීය . විධායක සබාවේ හා ව්‍යවස්ථාදායක සබාව යන දෙකේම සාමාජිකයකු වූ ඔහු  අපේම විශ්ව විද්‍යාලයක් බිහි කර ගැනීම සඳහා මහගු සේවයක් කළේය.  ඔහුගේ සොයුරු පොන්නම්බලම් රාමනාදන් 1879දී ව්‍යවස්ථාදායක සබාවට නිල නොලත්  නියෝජිතයෙකු ලෙස පත් වන්නේ දෙමල ජනතාව නියෝජනය .කිරීමටයි. එහෙත් එතැන් සිට ඔහු ක්‍රියාකළේ සියලු ජාතීන්ගේ නියෝජිතයක් මිස තනිකර දෙමල ජනතාව සඳහා පමණක් නොවන බව ඒ කාලයේ දේශපාලන ඉතිහාසය හාරා අවුස්සන ඕනෑම කෙනෙකුට තේරුම් යනු ඇත  .

කොළඹ විශ්ව විද්‍යාල කොලිජියේ පළමු විදුහල්පති රොබර්ට් මාස්
pdn.ac.lk
පේරාදෙනි සරසවියේ හන්තාන පාමුල කඳු ගැටයක ඉදි වුණු මාස් ශාලාව එනම් ලැබුවේ කෙසේදැයි බොහෝ දෙනෙක් නොදනිති. 1921 වසරේදී කොළඹ පිහිටුවූ විශ්ව විද්‍යාල කොලීජියේ පළමු විදුහල්පති ලෙස පත් වී ආවේ මහාචාර්ය රොබර්ට් මාස්ය. මේ කොලීජියෙන් උපාධි ලබා දුන්නේ ලන්ඩන්  විශ්ව විද්‍යාලයේ නමිනි. මේ රටේම විශ්ව විද්‍යාලයක් බිහි කර ගැනීමට අපේ නායකයන් කළ අරගලයට මාස්ගේ සහයද ලැබුණු නිසා ඔහු වෙනුවෙන්  සරසවි නේවාසිකාගාරයක් නම්  වී ඇත .

ජේමිස්  පීරිස් , මාකස් ප්‍රනාන්දු , ඩී බී ජයතිලක  හා ඩී ආර් විජේවර්ධන යන නිදහස් සටනේ නායකයන් මෙන්ම අපේම සරසවියක් බිහි කර ගැනීම උදෙසා සටන් කළ පුද්ගලයන් වෙනුවෙන්ද පේරාදෙනි සරසවියේ නේවාසිකාගාර නම් කර තිබෙනවා. ඔවුන් පිලිබඳ තොරතුරු ඊළඟ ලිපියෙන් ඉදිරිපත් කරන්නම්.

80 comments:

  1. හොඳ ලිපියක් .. පේරාදෙණියේ නේවාසික වී සිසුන් බොහෝ දෙනෙක් මේ විස්තර දන්නේ නැතිව ඇති. මම කාලයක් හිටපු ශාලාව තමයි ජයතිලක ශලාව මම එකේ සබ් වොඩන් කාමරයක හිටියා පේරාදෙණියට ආපු මුල්ම කාලේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කවිඳු. මේ පුද්ගලයන් ගැන තොරතුරු තවදුරටත් හොයනවා

      Delete
  2. මම නම් පේරාදෙණියේ විද්‍යාර්ථයෙක් නොවෙයි. නමුත් මට පෙනෙන්නේ, පේරාදෙණිය අලංකාරය අතින් පමණක් නොව, දැන් දැන් පර්යේෂණ අතිනුත් ලංකාවේ අංක එකට පැමිණෙමින් සිටින බවයි. නැනෝ ක්ෂේස්ත්‍රය ගත්තත් ඉතාම හොඳ මහාචාර්යවරු සහ පර්යේෂකයන් පේරාදෙණියේ සිටින බව පෙනේ. අපේ කාලයේ වැඩිම ඉල්ලුම තිබුනේ මොරටුව සහ කොළඹ විශ්වවිද්‍යාල වලටයි. පේරාදෙණියේ නවකවදය තරමක් හෝ පාලනය වේ නම් එය ප්‍රේමයට වඩාත් හොඳ තැනක් පමණක් නොව, අධ්‍යාපනයට හා පර්යේෂණ වලට වඩාත් හොඳම තැනක් වන බව මගේ අනුමානයි.

    මම පේරාදෙණිය ගැන දන්නා ප්‍රමාණය අනුව ලියා ඇති ඉහත අදහස් ලිපියට කෙලින්ම සම්බන්ධ නොවීම ගැන කණගාටු වෙමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කොන්ෆියුෂා . ඒ විදිහේ අලුත් බුද්ධි ප්‍රබෝධයක් තිබෙනවානම් එය ඉතා සතුටු විය හැකි කාරණයක්.

      Delete
    2. ඔබේ නම වැරදියට ලියවිලා තියෙන්නේ. සමාවන්න . .කෙන්කියුෂා කියන නමේ තේරුම මොකක්ද?

      Delete
    3. කෙන්කියුෂා යනු ජපන් භාෂාවේ වචනයකි. එහි හරිම උච්චාරණය කෙන්ක්‍යුෂා ලෙස වුවත් සිංහල භාෂාවේදී ටෝකියෝ, කියෝතෝ ආදී ලෙස "කි" අකුර යොදාගැනීම භාවිතයේ සම්මතය වී ඇති බැවින් "කෙන්කියුෂා" ලෙස යෙදුවෙමි. එහි තේරුම පර්යේෂකයා යන්නයි. ඇත්තෙන්ම එය මගේ රැකියාවයි.

      එවැනි පැටලිලි සහගත නමක් යොදාගැනීමෙන් ඔබට පත්වූ අපහසු තාවය ගැන සමාව ඉල්ලියයුත්තේ මමයි.

      Delete
  3. +++++++++++++++++++++++ honda lpiyak

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ට්‍රාන්ස්

      Delete
  4. Machan Tilake. DSS did lot of work on this University . He felt by giving this University to Kandy will sort out agriculture better than before. Many of them had a better vision for the country in comparison to contemporary folks these days. Look forward to read more in time to come-Tim

    ReplyDelete
    Replies
    1. Yes machan DSS had a great vision on agricultural development. Anyway the list of people in my article initially struggled to establish an independent University for our contry not particularly at Peradeniya. Thanks for your comment

      Delete
  5. විශ්වවිද්‍යාලය ඇරඹීමට මුල් වූ අයගෙන් සේනානායක නමින් විතරයි නේවාසිකාගාරයක් තවමත් නැත්තේ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ලංකාවේ විශ්ව විද්‍යාලයක් පටන් ගන්න ඕනි කියල මුලින්ම එකතු වෙලා වැඩ කරපු පිරිසගේ නම් තමයි මේ තියෙන්නේ . DSS පසුව උදව් කරලා තියෙනවා

      Delete
    2. ඔබ හිතන දේ නොවේ, මෙතැන දී වැදගත් මූළාශ්‍රය නේද?

      https://www.facebook.com/photo.php?fbid=10154436816518793&set=p.10154436816518793

      ඇත්තටම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අඩිතාලම්කරුවන්ගෙන් (founders) නේවාසිකාගර නම් කර නැති ලයිස්තුවට සේනානායක පමණක් නොව පෝල් ද එක්විය යුතුයි.

      Delete
    3. ඔව් රසික මම පිලි ගන්නවා අපට හිතෙන දේ නෙවෙයි මේ වගේ සොයා බැලීමකදී වැදගත් වෙන්නේ මුලාශ්‍ර. ඔබ එවූ මුලාශ්‍රයට ස්තුතියි.
      මා කියවූ එක තැනක තිබ්බා 1920දී පමණ විදේශ විශ්ව විද්‍යාලවලින් උපාධිය ලැබූ පිරිසක් අරුනාචලම්ගේ මුලිකත්වයෙන් විශ්ව විද්‍යාල සංගමයක් පිහිටුවා ගත්තා කියල . ඊළඟට ඉංග්‍රීසි ආණ්ඩුවෙන් වෙනම කමිටුවක් පත් කරා කියල. මේ කණ්ඩායම් දෙකේ හිටි සාමාජිකයන් අතර සේනානායකගේ නම මම දැක්කේ නෑ . කෙසේ වෙතත් තව දුරටත් සොයා බලමු.
      හිල්ඩා ඔබේසේකරගේ විශ්ව විද්‍යාලයට කළ දායකත්වය හරියටම පැහැදිලි නෑ . ඔය ලිස්ට් එකේ නැති මුත් අගේ නමට ශාලාවක් තිබෙනවා . ඇය සමඝරවිට මුදල් ආධාර කරන්න ඇති.
      අනික 'සංඝමිත්තා" ශාලාව නම්කර ඇත්තේද ඔය කියන පදනමෙන් නෙවෙයි. මේ නම් දැමීමේදී යම්කිසි නිර්නායකයක් හා එකඟතාවයක් තිබ්බාදැයි දන්නේ නෑ .

      Delete
    4. Hilda ekata e nama watenne e hall eka hadanna salli dunne hilda obesekara nisa
      Wijewardhana eka hadala tiyenne d.r. wijewardhana eyage amma helena wijewardhanawa sihi wenna
      Samanyen pera apu bahutharayakata owa okkoma kiyala denawa first year ekedi
      Ewa kochchara durata mathaka tiya gannawada kiyana eka gana nm mn danne naa
      Eng students la m.t. akbar gana danne naa kiyanne nam loku boruwak

      Delete
  6. නිෂ්මි කියා පේරාදෙණියේ නේවාසිකාගාරයක් නම් කිරීම තරම් විහිළුවක් තවත් ලොවේ නැත.

    ReplyDelete
    Replies
    1. ඔබට එය විහිලුවක් වූවාට අපට නම් එසේ නැත.

      Delete
    2. මිතුර, පිළිම වන්දනාවක් මගේ නැත.

      මම නිෂ්මි හඳුණමි. හැබැයි ඒ ඔහු නිෂ්මි රජා වීමට පෙර ය. මා දන්නා පරිදි නිෂ්මිලා සේවය කළේ (ජවිපෙ) පක්‍ෂයට මිස ශිෂ්‍ය ව්‍යාපාරයට නොවේ.

      පේරාදෙණියේ නේවාසිකාගාරයක් නම් කිරීමට ඔහුට වඩා සුදුසුකම් ඇති අය බොහෝ ඇත. ඔහු පක්‍ෂයට කළ සේවය සහ විශ්ව විද්‍යාලය ටපලවා ගන්න එපා.

      අන්න නිෂ්මි ගේ මෝටර් සයිකලේ තාමත් තියෙනවා E-fac student කොමන් රූම් එකේ ESU කාමරයේ. කෞතුකාගාරයක් හෝ ආරාමයක් සාදා ඒක තියා වැඳ පුදා ගන්න.

      මේ කියන්නේ අහිතකින් නොවේ.

      Delete
    3. එළ කථාව. රසිකගේ ලියවිලි වලට කැමති නොවූවත් මෙය නම් අගය නොකර සිටිමට බැරිය. අපි යන්නේ කොයි පාරේ බාලේ නිෂ්මි ගිය පාරේ - වලට (උන් ගියාට කමක් නැත. අහක ඉන්න උන්වත් ඇඳගෙන යාමයි දුක.

      Delete
    4. මා මිත්‍ර රසික,

      මමද පිලිම වන්දනා නොකරමි. නමුත් අප සිහියට ගත යුත්තේ ඉස්ලාම් භක්තිකයන්ද පිලිම වන්දනා නොකරන බවයි. එම නිසා පිලිම වන්දනා නොකීරීම එතරම් දුලබ දෙයක් හෝ අගය කල යුත්තක් නොවෙන බව මගේ හැඟීමයි.

      අනික් කරුණ නම් පිලිම වන්දනා නොකරන ඔබ මෙසේ කියයි.
      "පේරාදෙණියේ නේවාසිකාගාරයක් නම් කිරීමට ඔහුට වඩා සුදුසුකම් ඇති අය බොහෝ ඇත. ඔහු පක්‍ෂයට කළ සේවය සහ විශ්ව විද්‍යාලය ටපලවා ගන්න එපා."

      එතකොට මාගේ උගත් මිත්‍රයා මට කියන්න , නිෂ්මි නොවන අයෙක් වෙනුවෙන් නේවාසිකාගාරයක් නම් කිරීම පිලිම වන්දනාවක් නොවන්නේද නොහොත් නොපිලිම වන්දනාවක් වන්නේද යන්න.


      Delete
    5. තැන්කිව් රසික ආරංචියට, ඒ බයික් එකේ නට් එකක් ගලව ගන්න යන්න ඕන, ළඟදි කට්ටිය දීල බලපුවාම හදන සෑයකට තැම්පත් කරතෑකි.

      Delete
    6. @ කලාමැදිරියා

      පිළිම වන්දනාව යනුවෙන් මා අදහස් කළේ එක් එක් පුද්ගලයින්ව දේවත්වයෙන් අදහමින් වන්දනාමාන කිරීමයි.

      භෞතික පිළිම වන්දනාව නොකරන ඔබට මේ මා දැක්වූ අර්ථදැක්වීම ද අදාල යැයි සිතමි.

      පුද්ගලයින්ව දේවත්වයෙන් අදහමින් වන්දනාමාන කරන ඇදහිළිකාරයෝ අදාල දෙවියා ගැන අනෙකෙකු වචනයක් කී පමණින් කෝපවෙති.

      ඔබ එවැන්නෙකු ද?

      විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර නම් කර ඇත්තේ ලංකා විශ්ව විද්‍යාලය ආරම්භ කීරීමේ කමිටුවේ සිටි අයගේ නම්වලින් බව ඓතිහාසික ලියවිලිවල මා දැක ඇත. ඒ නිර්ණායකට නිෂ්මි අදාල නොවේ.

      නිෂ්මි ගැන පළවුණු පොත වසර 2009 දී පමණ මා මිළට ගත්තෙමි. එය ප්‍රකාශ කර තිබුණේ වීරවංශ ගේ හෙලදිව පුවත්පත මුද්‍රණය කළ මත්තේගොඩ සයුරී මුද්‍රණාලයේ යැයි සිතමි (මා පොත මිළට ගත්තේ එහි ගොසිනි).

      හෙළදිව පුවත්පතේ එක් පිටුවක් පුරා පැතිරුණු විශේෂාංගයක් "නිෂ්මි පිටුව" ලෙස නම් කර තිබුණි. එවකට මහින්ද ගේ දෑත ශක්තිමත් කිරීමට ගොස් සිටි වීරවංශ එලෙස නිෂ්මි සැමරීම ගැන මට ඇති වූයේ විමතියකි.

      මේ පිටුව සඳහා රංජිතම් ගැන ලිපියක් ලියන ළෙස මට ඇරයුමක් ලැබුණ ද, එවකට ජවිපෙ තිරයෙන් පිටුපස නායකයෙකුව සිටි ප්‍රේමකුමාර් (රංජිතම් සොයුරු) ගුණරත්නම් සහ චම්පා සෝමරත්න පිළිබඳව මඩ ප්‍රචාරය කරමින් සිටි ඒ පුවත්පත ගැන මට ඇතිවුණු පිළිකුල නිසා, ඒ ඉල්ලීම අළුයම කෙළ පිඬක් සේ ඉවත හෙළු බව ද ඔබේ දැන ගැනීම පිණිස සටහන් කරමි.

      ස්තුතියි.

      Delete
    7. I dont think it's an official name for a hostel, isn't it?

      Delete
    8. නිෂ්මි යනුවෙන් නිල වශයෙන් නේවාසිකාගාරයක් නම් කොට නැත. සිසුන් එසේ හඳුන්වන්නේ New Akbar Hall ය.

      Delete
  7. ගොඩක් දෙනෙක් නොදන්න දේ ලියවුණ හොද ලිපියක්.

    ඒ වුණාට මේක කලබලෙන් ලිව්ව එකක් වගෙයි මට දැනෙන්නෙ.

    ඇහැට විවේක දීලා ඉවරද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සඳ වියමන .ඔබ කීවා හරි මේක හදිස්සියෙන් ලිව්වේ. ඒත් ලියන්න කලින් සෑහෙන්න කියෙව්වා. ඇහැටත් විවේකය දෙන්න වෙයි තව සති කීපයක්වත්

      Delete
  8. අපූරු සටහන අයියේ.... ගොඩක් දේ දැනගත්තා....


    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිර්මානී

      Delete
  9. ආ තව එකක් කියන්න තියනවා.... මේක පෝස්ටුවට අදාල නෑ....

    ඔබේ තිලකසිත පොත මගේ ඥාතී පිරිසක් කියෙව්වා... ඒ අය ඒ පොත අගය කළා... ඔබට ඒක කියන්නත් කියුවා... ඊලඟ පොතත් කියවන්න ඒ හැමෝම ආසාවෙන් බලන් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. ඔවුන්ට මගේ සුබ පැතුම් පිරිනමන්න

      Delete
  10. තිලකසිරිට මගෙන් යෝජනාවක්--- ඔබේ මී ලඟ ලිපිය ලංකාවේ ඉංග්‍රීසී ආණ්ඩුකාරවරුන් ගැන ලියන්නේ නම් මැනැවි, එය ඔබේ මෙම ලිපියට සමගාමිව යන මාතෘකාවක්ද නිසා ඔබට පහසුවක් වෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. මිතුර, ලංකාවේ ඉංජිනේරු පීඨය ඇරඹූ හැටි ගැන සහ එය පේරාදෙනිය දක්වා ගෙන ඒම ගැන ඊඕඊ පෙරෙයිරා වැනි අය ලියා ඇති ලිපි කියවන්න. මට හැකි දිනයක ඒ ගැන eFacMemories බ්ලොගයේ ලියන්නම්.

      එවිට ඔබට තේරේවි නිෂ්මිට නොව විශ්ව විද්‍යාලයට සේවය කළ අය ඇති බව.

      නැවතත්, නිෂ්මි තම ජීවිත පරිත්‍යාගයෙන් යම් ඓතිහාසික කාර්යයක් කළ බව සැබවි. නමුත්, එ ්විශ්ව විද්‍යාලය සඳහා නොවේ ඔහු ගේ දේශපාලන පක්‍ෂය සඳහා ය. එය ද, පළමුව මව්බිම වැනි ප්‍රතිගාමී චින්තනයක් මත පදනම්ව සිදු කළ කමිකාසී කාර්යයක් පමණි.

      Delete
  11. ඉතාම වැදගත් ලිපියක් . බොහෝම ආශාවෙන් කියෙව්වා. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චින්තක

      Delete
  12. නොදන්නා විස්තරයක් දැනගත්තා...බොහොම ස්තුතියි...

    ReplyDelete
  13. නොදන්නා විස්තර ආසාවෙන් කියෙව්වා, ස්තුතියි ඔබට..

    ReplyDelete
  14. ආනන්ද කුමාරස්වාමි රාමනාදන් සොහොවුරන්ගෙ ඥාතියෙක් බව දැනුයි දන්නෙ. ඔහුගෙ පොත ගිය වර පොත් ප්‍රදර්හනයෙන් ගන්න බැලුව ගාණ වැඩි නිසා අතාරින්න වුනා. ඒ ගැන නං සෑහෙන කණගාටුවක් තියෙන්නෙ.
    වටින කියන තොරතුරු ටිකක් තිලක අයියෙ
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඒ පොත ඉස්සරහ දවසකදී හරි මිල දී ගන්න. වටිනවා . ජය වේවා !

      Delete
  15. මේ එක් එක් ශාලාවේ මෙවැනි තොරතුරු සහිත ඵලකයක් ඉදිකිරීම සුදුසුයි.

    ReplyDelete
    Replies
    1. එහෙම කලාම, පේරාදෙනිය නිකන් ඓතිහාසික තැනක් විදියට දැනෙන එකක් නෑ නේද?

      Delete
    2. නෑ නෑ මම කියන්නේ මහා පරිමාණයට, අලි බිත්තියක් වැහෙන එකක් නෙවෙයි. උඩුකය ආලේඛ්‍ය රූපයක් හෝ උඩුකය ප්‍රතිමාවක් සමග, අඩි එකහමාරක් උස, අඩියක් පළල ඵලකයක් වගේ එකක්. ආලෝකකරණය මගින් එයට අභිමානවත් පෙනුමක් දියහැකියි.

      Delete
    3. අපි ඉන්නා කාලේ එක් එක නේවාසිකාගාර ආපන ශාලාවේ මේ පුද්ගලයින්ගේ ෆොටෝ එකක් රාමු කර එල්ලා තිබ්බා . තාමත් ඇති කියා හිතනවා

      Delete
  16. ගොඩක් දේවල් අළුතෙන් දැනගත්තේ, විශේෂයෙන් ආනන්ද කුමාරස්වාමිත් පොන්නම්බලන් පවුලේ කෙනෙක් බව.

    අද මේ වගේ ෆිලන්ත්‍රොෆීස්ට්ලා හිටියානම් හොඳ ප්‍ර‍යිවට් යුනිවර්සිටියකට සල්ලිදායි, ෆිලන්ත්‍රොෆීස්ට් කියන එකට මධුර එකේ සිංහල වචනය දෙන්නේ පරාර්ථකාමියා, මහජන හිතෛෂියා කියා, ගැලපෙන්නෑ නේද, සල්ලිකාරයෙක් වෙන්නත් එපැයි.

    ReplyDelete
    Replies
    1. මම දන්නා විදිහට මේ ව්‍යාපෘතියට මුදල් වෙන් කරේ රජයෙන්. මුලින්ම මිලියන් තුනක් වෙන් කළ බව කියවා තිබ්බෙනවා . ජේමිස් පීරිස් ගැන ලියද්දී ඒ විස්තර ලියන්න, මේ සියල්ලන් දානපතියන්ම නෙවෙයි. ඒ ගණයට කෙලින්ම වැටෙන්නේ හිල්ඩා ඔබේසේකර මාතාවයි. කොහොම උනත් ඒ ගැන මගේ දැනුම සීමා සහිතයි.

      Delete
  17. //ශ්‍රීමත් එඩ්වර්ඩ් පීරිස්//
    ඔහු භාවිතා කලේ - ශ්‍රීමත් පෝල් ඊ (එඩ්වර්ඩ්). පීරිස්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රා . හැකිනම් පෝල් ඊ පීරිස් හා හිල්ඩා ඔබේසේකර ගැන තොරතුරු ටිකක් හොයා දෙන්න

      Delete
    2. ඔහු ගැන සෑහෙන්න ලියවිලා තියනව. ඔබට අවශ්‍ය හිල්ඩා ඔබේසේකර හා ඔහු ගැනද? පී ඊ පී දැරණියගල ගැන ලියවුන biographical ලිපි කීපයක් තියනවා, සමහරවිට ඒවාගේ ඇති

      Delete
    3. ඔව්, පෝල් ඊ පීරිස් හා හිල්ඩා ඔබේසේකර දෙන්නාම ගැන තොරතුරු හොයන්න ඕනි . විශේෂයෙන්ම ඔවුන් ලංකා විශ්ව විද්‍යාලය පිහිටුවීම වෙනුවෙන් කළ සේවය ගැන විස්තර ටිකක් . ස්තුතියි ප්‍රා

      Delete
    4. Lady (Hilda) Pieris 1945 දී හිල්ඩා ඔබේසේකර රිසර්ච් ෆෙලෝෂිප් සඳහා රුපියල් 100,000 ලබා දී ඇති බව මූලාශ්‍ර අනුව පෙනේ. එය මේ ලයිස්තුවේ ඇති විශාලතම මුදලයි!

      Delete
  18. ඉතා හොඳ අධ්‍යයනයක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පැරා මේ කෙටි සොයා බැලීමකින් ලැබුණු දේ. තව දුරටත් අධ්‍යයනය කරන්න ආසාවක් ඇති වුනා

      Delete
  19. මේක හොඳ විස්තරයක්. අපූරුයිනෙ. නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා.

    ReplyDelete
  20. ඉතා අගනා අතීත ආවර්ජනයක්, තවත් මෙවැනි ලිපි ලිවීමට ඔබට ශක්තිය ලැබේවා

    ReplyDelete
    Replies
    1. අතීත ආවර්ජනයක් ???

      තිලකසිරි ගේ කලින් ආත්මයේ විය යුතුයි!

      Delete
    2. ස්තුතියි ඇනෝ !
      රසික, නැත්නම් අපේ යාලුවා හිතන්න ඇති මට නොසෑහෙන්න වයසය්යි කියල

      Delete
  21. බොහෝ දේ දැනගන්න උනන්දු කරවන සටහනක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනොජ් . ඇත්තටම කවුරුහරි තව දුරටත් මේවගේ දේ හොයන්න උනන්දු වෙනවානම් ලොකු සතුටක්

      Delete
  22. තිලකසිරි,
    මා මුලින් සිතුවේ ඔබ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරම්භය ගැන මූලාශ්‍ර අනුව එහි නේවාසිකාගාර ශාලා නම් කළ ආකාරය සහ ඒ ඒ චරිත ගැන ලියනවාය කියායි. නමුත් ඔබ කරන්නේ එක් එක් නේවාසිකාගාරයේ නම හිමි පුද්ගලයා ගැන කරුණු සොයා ලියන බවයි.

    දින දෙකක් තිස්සේ සොයා මට විශ්වවිද්‍යාලය පිළිබඳ තොරතුරු සහිත එය 1954 දී විව්‍යත කිරීමේ උත්සවය සඳහා පළ කළ කුඩා පොතක (in English) පිටපතක් හමුවුණා.

    මා එය (http://efacmemories.blogspot.com/) හි පළ කරන්නම්.
    https://www.facebook.com/photo.php?fbid=10154436816518793&set=p.10154436816518793

    🙆

    ReplyDelete
    Replies
    1. අගෙයි ලියන්න .මා කලේ මතුපිටින් අධ්‍යයනයක් . මේ ගැන තවත් බොහෝ දේ ලියන්න තියෙනවා .

      Delete
  23. රන් මසුරන් ළිපියක්... ඕකට ගියපු උන්වත් ඕවා නොදන්නවා ඇති...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාතේ , ඇත්තෙන්ම අපි උනත් එහෙන් පිටවෙනකොටත් දැනගෙන හිටියේ මින් කීප දෙනෙක් ගැන විතරයි .

      Delete
  24. ඇත්තෙන්ම ඉතා ආසාවෙන් කියැවූ රසවත් ලිපියක්. නොදන්නා කරුණු බෙහොමයි. ස්තූතියි තිලක සිත.

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තුතියි හෙන්රි.
      ඒ වගේම, අගෝස්තු හතරවැනිදා දොරට වඩින ඔබේ කෙටිකතා පොතට මගේ සුබ පැතුම් !

      Delete
  25. පේරාදෙණියේ මැදුරු තියෙනවා
    ඒවා රන් ටැම් සේ දිලි සෙනවා
    රැ අඳුරේ මිණි පහන් දිලෙනවා
    සිරකල කුමරියො එහි නිවසනවා

    ඔහොම කවියක් කොහේ හරි පොතක තිබුණා මතකයි

    ReplyDelete
  26. තාම තියෙනවා ඒවා

    ReplyDelete
  27. සුපිරි ලිපියක්...

    ReplyDelete
  28. හොද විස්තරයක්.. 👍👍 හැබැයි කම්මලේ අපිට නම් ඔය ඉතිහාසෙන් වැඩි කොටසක් මුල් කාලෙදිම සීනියර්ස්ල කියල දෙනව.. එ්ක පරම්පරාවෙන් පරම්පරාවට යනව කියන්නෙත් හරිම සංතෝසෙන්.. තමන්ගෙ තැන ගැන දැනන් ඉන්ඩ එපයි..

    ReplyDelete
  29. ඉතා වැදගත් ලිපියක්.....

    ReplyDelete
  30. මම මේ හැම ශාලාවේම වගේ ඉඳලා තිබුණත් ගොඩක් විස්තර දැනගත්තේ මේ ලිපියෙන්. බොහොම වටිනා ලිපියක්. ස්තුතියි

    ReplyDelete
  31. ඉතාමත් වැදගත් ලිපියක් හැමෝටම ..

    ReplyDelete
  32. දින වකවාොදැන ගත්තේ ශාලාවන් නම් කළ ආකාරය අපිට අයියලා අක්කලා කියලා දුන්නා..අපිත් ඒක කළා..අලුතින් එන අයට තවත් දැනුවත් කළ යුතුයි. වටිනා පැහැදිලි කිරීමක්....

    ReplyDelete
    Replies
    1. ගෙදරදිම විස්තර දැනගෙන.....!!!

      පවුලේ බාලයා වීනේත් වාසි තියෙනවා එහෙනම්.

      Delete
  33. අපූරුයි.හිල්ඩ අවුරුදු අටක් විතර හිටියත් මෙහෙම පැත්තකට ගියෙ නෑ.

    ReplyDelete