Sunday, July 28, 2013

කැස්පියන් හඳ ( හතරවන කොටස)


යිසුලු දැක්ක හැටියේම ඇති වූ මායාමය සිතුවිල්ලෙන් පසු සිහි එලවාගත් විටයි මහතුන්ලාට හිතුනේ මේ තරුණිය පුරප්පාඩු වී තිබු තනතුරට නොගැලපෙන බවඅවුරුද්දක්වත් පුහුණුවක් නොලබාපු කිසිම තාක්ෂණික පාටමාලාවක් හදාරා නොතිබිච්ච කිසිවෙක් ඔවුන් බලාපොරොත්තුව හිටියේ නෑ .
ඒත් මොකක්දෝ සුපුරුදු කමක් , විශ්වාසවන්ත කමක්, විවුර්ත මිත්රශීලී බවක් නිසා අයිසුලු තමන්ගේ බෝට්ටුවේම එකියක් බවට ඔවුන්ට දැනේනට පටන් ගත්  දේ එහෙම්මම ස්ථිර වුනා 
 අයිසුලු පසුවදා වැඩට එන විට කෝඩුකාර අලුත් රස්සාවකට ආ  ලෙස කොහොමටවත් හැසිරුනේ නැතොරතෝංචියක් නැතිව ප්‍රශ්න අහන මේ තරුණිය 'ඇණයක්වෙන්නට යන බව මහතුන් හා උක්කුන්ට අවබෝද වුනේ වරුවක් යන්නටත් කලින්.
අයිසුලුගේ පළමු වික්‍රමය දක්නට ලැබුනේ එදා දවල් කෑම විවෙකයේදීය. කාර්යාලය පැත්තේවත් නොආ බිලොල්ව  ඇය කොහින්දෝ සොයා ගත්තා. ඊළඟට කැම කන්නට නිලදාරී බෝජනාගාරයට ඔහුව කැඳවාගෙන යන්නට උත්සහ කළා. එහෙත් නඩත්තු සේවකයෙකු වූ බිලොල්ට නිලදාරී කැන්ටිමට ගොඩවී කැම ගැනීමට අවසර නැහැ. ඊළඟට ඇය උත්සහ කලේ බිලෝල් සමග සේවක බෝජනාගාරයට ගොඩ වන්නටය. වැඩබිම් සේවකයන් තුන් හාරසීයකට එකවර ආහාර පාන සැපයෙන කුහුඹි ගුලක් මෙන් ඇවිස්සුනු සේවක කැන්ටිම ,ආධුනික නිලධාරිනියකට පවා තහනම් බව ඇයට ඒත්තු ගන්වන්නට බිලෝල් සැහෙන්න වෙහෙසුනා,
අවසානයේ ඇය කාර්යාලයේ සිට කැන්ටිමට යන කොරිඩෝරයේ මිදුල පැත්තට වෙන්න මුල්ලක තිබු කුඩා සීමෙන්ති බන්කුව දකිනවා. තාත්තා අතින් ඇද  ගෙන ගොස් එහි වාඩි කරවනවා. ඉන්පසු ඇය එන්නේ පෝලිමේ ගොස් ලබා ගත්  ලොකු කෑම බන්දේසි දෙකකුත් සමගයි. මෙතන ඉඳන් සිය දියණියත් සමග කෑම ගන්නට බිලෝල් කැමති වෙනවා. ඉන්පසු ඔවුන්ගේම ලෝකය. හිනා උතුරා යන පිය දියණි සෙනෙහස .උක්කුන්ගේ වත්තේ සිමෙන්ති බන්කුවේ සිට දියණියන් සමග බත් කන පිළිබිඹුවක්. 
නඩත්තු සේවකයකු සමග හුරතල් වෙමින් කැම කන පොෂ්  තරුණිය. මේ සොඳුරු දර්ශනය ඉන්පසු හැම කෑම  පැයකදීම දකින්නට පුළුවන් වුනා.රාජකාරි වෙලාවේදී තාත්තා සමග හුරතල් වෙන්නට ඇය උත්සහ නොකළ  අතර ඇයව මග හැර සිටීමට බිලොල්ද උත්සහ කළා. ඒත් ඔහු වෙනදා නැති උද්යෝගයකින් කැම පැය එළඹෙන තුරු බලා හිටියා. සැන්දෑ වනවිට කැස්පියන් හඳ  වඩාත් සොම්නස් මුහුණින් අහසට නැග්ගා.
 අයිසුලුගේ ප්‍රශ්න ඇසීමේ වේගය එන්න එන්නම වැඩි වුනා. ට්‍රාන්ස්ෆොර්මරයක් ගේන්න සැලසුම් කරලා තියෙන්නේ ඇයි?. ඒකෙන් කෙරෙන්නේ මොකක්ද?. ඒක නැතිව බැරිදගොඩබිමින් බඩු ගෙනෙනවටත් ෂිපින් කියන්නේ ඇයි අදාළ හා අදාළ නොවන ප්‍රශ්න.  ටික දවසක් යද්දී ඇය හෙල්මටයක් සහ බූට් සපත්තු දෙකක් දාගෙන විශාල වැඩ බිම පුරා ඇවිද්දා . විස්තර අර ගෙන ආවා. ඇවිත් ආයෙත් ප්‍රශ්න  අහනවා. 
ජුලි   මාසේ වෙනකොට ශීතල දේශගුණයක් තිබ්බ වගත් අමතක වෙලා .දකුණු දෙස ඉරාන කාන්තාරවල ඉඳන් එන වියලි හුළඟ රශ්නය හා අපහසුව ආයෙමත් අරගෙන ඇවිත්.
මේ උණුසුම මැද්දේ ආණ්ඩුවේ තත්ත්ව පරීෂණ නීති රීති හා රෙගුලාසි වලට හරියන  රිපෝර්ට් හද හදා හිටි කවුරුත් අකමැති හසානොෆ්ව  ගොනුස්සෙක්  කැවා . කකුලක් හා අතක් අප්‍රාණික වුනු ඔහු ප්‍රතිකාර ගන්න රෝහල් ගත වුනාම මුලු වැඩ බිම් කන්තෝරුවටම අංශ බාගේ හැදුනා. රුසියානු හා කසාක් භාෂාවලින් ලියවුනු හසනොෆ්ගේ ලියකියවිලි වැඩ වෙන කාටවත් උගන්වා තිබුනේ නැ .ඔහු වැඩ කළේ තනියම  ඒත් ඔහු ආණ්ඩුවේ නියෝජිතයා. සතිපතා මේ වාර්තා ටික දිස්ත්‍රික් කාර්යාලයට පිළිවෙලට යැවුවේ නැත්තනම් ඉදිකිරීම් වැඩ  කරගෙන යන්න තහනම්.
මෙන්න මේ අර්බුදය මැද්දට පනින්නේ අයිසුලු . ඇය අල්මති නගරයේදී  දේශීය  රෙගුලාසි හා ප්‍රමිති වාර්තා ගැනත් යන්තමින් ඉගෙනගෙන.ඇය හැම අංශයක් හරහාම කඩිමුඩියේ දිව ගියා. සතියක් යනකොට ආයෙමත් වාර්තා යැවුනා. වැඩ  පටන් ගත්තා. 
මේ සංකීර්ණ රාජකාරි ලියකීයවිලි මැද්දේ අලුත් යාළුවො පිරිසක්  හැදෙනවා. අයිසුලු බයිකාන්දිනාරාඋක්කුන් හා මහතුන්. ලිපි ගොනු ප්‍රගති වාර්තා සිතියං  වැඩ  අතරේ ඉඩක් හදාගෙන හැමෝගෙම රට තොට තොරතුරුගෙදර දොරේ විස්තරත් කතා බහ කරනවා.  
බැටළු පැටියාගේ කතාවේ ඉඳන් බලාපොරොත්තු සිඳ ගත්  පෝල්  ආපසු ජර්මනියට ගිය කතාව දක්වා චිත්‍රපටියක් මෙන් දිග හැරෙනවා . දැන් මේ පලහිලවුවේ නවතම තොරතුරු මිතුරු සමාගමේ දයිනික මාතෘකාවක්.
'දැන්නම් තාත්තටත් දුකයි වගේ'. දවසක් අයිසුලු කිව්වා 
'ඊයේ පෝල්  ආවිල්ල අයිසුලු හම්බ වෙන්න'. සති අන්තයක් ඉවර වී වැඩට ආ සඳුදා දිනාරා කිව්වා.
රස්සාව කරන වෙලාවේ කල්පනා කර කර හිටි නිසා අයිසුලු අතින් වැඩ  අතපසු වෙන්න පටන් ගත්තා.
දවල් කැම වෙලාවට අමතරව හවස තේ වෙලාවේදීත් සමෝවාරය ලඟට ගොස් හදා ගත්  සිලෝන් ටී කෝප්ප දෙකක් හා කුඩා කුකීස් දෙක තුනක් සමග අයිසුලු හා බිලෝල් සිමෙන්ති බන්කුව උඩ. හිනාවක් නැති බර පතල කතාවක්.
කාලය ගෙවුනා . අයිසුලු හැමෝගෙම ආදරය ලබා ගන්න සොයුරියක්  වුනා. ඈ  තේ එකක් බොන්නට අතට ගත්තේ උක්කුන් හා මහතුන්ට තේ දෙකක් පළමුවෙන් පිළියෙළ කර දීලා.
පෝල්  එවූ චායාරුප පෙන්නුවා . ඒක වෙන්නට බැරි වැඩක්. බොහොම තැන්පත් තීක්ෂණ ඇස්  දෙකක් තිබුණු යුරෝපීය තරුණයෙක්  මද්යම ආසියානු කෙල්ලෙක් එක්ක හාද වෙලා. ඒ වෙනුවෙන් නොනැවතී පෙනී ඉන්නවා. යාලුවන්ටත් සැකයි. ඕව වෙන දේවල්ද?
කාලය වේගයෙන් ගෙවී ගියා මාස කීපයක් වූ රාජකාරී කාලය හමාර කරලා උක්කුන් ගම රට ආවා.දිනාරා  හා බයිකාන් කසාද බැඳලා තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ පදිංචියට ගියා. මහතුන් දරු පවුල සමග කැනඩාවට ගියා. 
අයිසුලු ගැන ආරංචියක් නෑ .
අවුරුද්දක් ගෙවුනා. බයිකාන්ගෙන් ලියුමක් .
බිලෝල් පෝල් ට කැමති වෙලා.
තවත් මාස කීපයක් ගියා . අයිසුලුගෙන් මහතුන්ට ඊමේල් එකක්. මම බැඳලා ජර්මනියට ආවා. අපි දෙන්න තාත්තා බලන්න මේ අවුරුද්දේ යනවා. අම්මයි නංගියි බලන්න ලබන අවුරුද්දේ යනවා.
මාස දෙකතුනකින් උක්කුන්ට ෆොටෝ ටිකක් ලැබෙනවා. බෝල්ටික්  වෙරල තීරයේ ලස්සන දර්ශන. පෝල්  හා අයිසුලු වෙරළේ ඇවිදිනවා උක්කුන් රටරටවල ෆොටෝ එකතු කරන්න,විස්තර දැන  ගන්න ආසයි කියලා අයිසුලු දන්නවා.
ආයිමත් දිනාරාගෙන් මහතුන්ටත් උක්කුන්ටත් පණිවිඩයක්.
අයිසුලුට දුවෙක් ලැබෙන්න ඉන්නවලු.
පණිවිඩය ලැබුණු දවසේ ඉඳන්  මහද්වීප තුනක ඉඳන් හතර දෙනෙක් බලාගෙන ඉන්නවා. පෝල්ගේන් මීළඟ පණිවිඩයක් ලැබෙනකම්. අයිසුලුයි දුවයි ගැන .
'අයිසුලුගේ දුවත් හඳ  වගේ ලස්සන වෙයි.  ඇට්ටර කෙල්ලෙක් වෙයි'. කවුරුත් හිතන්නේ එහෙමයි .


(දන්නෙම නැතිව ඔක්කොම කතාව ඉවර වුනා)

Saturday, July 20, 2013

කැස්පියන් හඳ (තුන්වන කොටස)



දෙසැම්බර් හීගොතුවට යන්තමින් ලෑස්ති වෙලා සැහැල්ලු ජැකට්  එකක් ඇඳ ගෙන අල්මති  නගරේට ගොඩබසින්නට මහතුන්  සැරසෙනවාගුවන් යානයේ යාබද අසුනේ සිටි කරුණාවන්ත කාන්තාව අහනවා ඔබට හිම කබායක්අත්වැස්මක් හෝ හිස් වැස්මක් නැද්ද කියල
තියෙනවා බෑග් එකේ’. 
බෑග් එක කව්න්ටරෙන් ගන්නකන් හීතලේ යන්නේ කොහොමද ?
 මහතුන් නිරුත්තරයි .
 දැන් ගුවන් යානයෙන් බැස්සා .සිරුර පාසාරු කරගෙන යන්න ඊතල මිටියකින්ම එකපාර විද්දා වගේ වුනා. මගේ අම්මෝ. අංසක රින විස්සයි. බැලු බැලු ඇත සුදු පුළුන් හිම .බෑගය පපුවට තියා තදින් බදාගෙන සට සට ගගා වෙවුලමින් ඔහු ගුවන් යානයන් එලියට එනවාඑතන ඉඳන් තවත් හැතැප්ම දෙදාහක් කුඩා ගුවන් යානයකින් අතිරෝ නගරයට. ඒක තියෙන්නේ යුරෝපේ මායිමේ. එදා රෑ  එහෙ නවාතැන්. ඔහුව පහුවදා කැබ් රථයකින් තැනි තලා බිමක පිහිට් ටැන්ගිස් නේවාසිකාගාරයට රැගෙන යන්නේ තවත් කිලෝ මීටර හාර පන්සීයක ගොඩබිම් ගමනකින්. 
ගෙදරින් ගෙනා උණුසුම් යට ඇඳුම්,  අත්වැසුම්, පළමු කබාය,දෙවන කබාය ඔක්කොම ඇන්දත් විනිවිද එන අළුගෝසු හීතල නවත්තන්න බැරි උනා.ආපහු යන්නත් බැරි ඉන්නත් බැරි අමුතුම දෙගිටියාවකට පත් වෙද්දී ඔහුගේ අපහසුව තුනී කරන්නට මිතුරු උණුසුම දෙන්නේ අල්ලපු රටේ ගෝපාල් හා තුර්කියේ එරන් .පහුවදා වැඩබිම් කාර්යාලයට රපෝර්තු කරනවා.වැඩබිමට ගියාට එහෙම එකක් නෑ . හිම ගොඩක් විතරයි.
මහතුන්එවූ උගත් පාඩම් හා පිරිය යුතු පිළියම් සහිත ඊමේල්  කියවා එන උක්කුන් ටැන්ගිස් වලට ලඟා වෙන්නේ හිම දියවෙමින් යන මාර්තු  මාසේ.
පරණ සෝවියට් රජයේ දරදඬු  මුලෑදෑනීන් ඇෆ්ගනිස්ථානයේ සටන් කොට පැමිණි සෝවියට් සෙබළුන්,රත්තරන් දත් දැමු අසර්බයිජාන් ජාතිකයන්, විමසිලිමත් ඇමෙරිකානුවන්, නාවික තොප්පි දමා ගත නොර්වෙජිනුවන් හා වයස්ගත බ්‍රිතාන්‍යන්ගේ හිතවත් කම්  උක්කුන් හා මහතුන් ඉදිරියේ දිගහැරිද්දී   කැස්පියන් වෙරල  තීරයේ හිම කෙමෙන් කෙමෙන් දියවෙවී යනවා.
අලුතෙන් මතුවන පසේ මුහුදු බෙල්ලන්ගේ නටබුන් හා  සිප්පි කටු විසිරිලා. වසර සිය ගණනාවක එපිට මුහුදු පතුලක් වූ භූමියක්. වාතයේ අම්ලකර ප්රතිශතය අඩුයිද මන්දා? මේ පොලොව යටින් තියෙන්නේ ලෝකේ ලොකුම තෙල් හා ගෑස් නිධියක්.
 නුපුරුදුකම,සාංකාව හා හීතල දේශගුණය තුනී වෙමින් යද්දී උක්කුන් හා මහතුන් පැටලිලි සහිත ඉදිකිරීම් වැඩබිමේ රාජකාරී  වලට කිඳා බැස්සා . 
ඔවුන්ගේ  කාර්යාලයේ විදුලි නඩත්තු කටයුතු කරන්නට නිතර කැඳවන කහ පාට ඕවරෝල් එකක් පැළඳි පුද්ගලයෙක් හිටියා.  නිරහංකාර ආසියානු පෙනුමක් තියෙන පුද්ගලයෙක් . මුව පුරා සිනා සුනත් ඔහු කිසිම දවසක ලොකු මහත්තුරුන් සමග කතා බහකට ගියේ නෑ  ගරුසරු වැඩි කමකටත් වඩා භාෂාව දැන් නැති කම නිසා.
 ඔහු තමයි බිලෝල්. අයිසුලුගේ තාත්තා .
ඔහු හැමදාම රැ  මැදියමක් වෙනකම් සේවක නේවාසිකාගාර අසල ගල් වැටියේ වාඩි  වී කැස්පියන් මුහුදට ඉහළ අහසේ හඳ  දිහා  බලා  ගෙන කල්පනා කරන්නේ තම  අකීකරු දියණිය අයිසුලු ගැන
අයිසුලු අල්මති නගරයේ වැඩිපුර ඉගෙන ගන්න කාලේ හවස් වරු වලදී විද්යායතනයක පොඩි රස්සාවක් කළා. අන්තර්ජාලේ සරි සරුව. යුරෝපියන්ට රුසියානු භාෂාව ඉගැන්නුවා.ඇයගෙන් රුසියානු භාෂාව ඉගෙනගන්න පුලුවන්ද කියල චැට් පණිවිඩයක් එවන ජර්මන් කාරයා, පෝල්  තමයි ඔක්කොටොම මුල.
සබන් බෝල සේ මතුවී පිපිරී යන සය්බර් ප්රේම අනන්තය අතරේ මේ පෙම ලියලනවාමාසයක් යන්න කලින් පෝල් ඇවිල්ල අල්මතිවලට අයිසුලුගෙන් රුසියන් ඉගෙනගන්න.
සති තුනක්ම අල්මති හිටපු පෝල් ආපසු ජර්මනියට ගියාට පස්සේ අයිසුලුත් ගෙදර යනවා  කාලේ තමයි ඇයගේ ප්රේම හුටපටය  ගෙදරට  වහන් කරන්න බැරි වුනේ.
දුවේ  ඔය රට්ටු ඇවිත් හඳ  වගේ ආශාවෙන්  උඹව ලඟට ගත්තට මාසයක් යනකොට  අහක දාල යන්න යනවාකපල දාපු නියපොත්තක් වගේ. එදා ඉඳන් උඹ සල්ලාල එකියක් වෙනවාඑහෙම කී දෙනෙක් ඉන්නවද අපේ රටේමට ඕනි උඹ දිහා හැමදාම පුරහඳ දිහා බලන්නා වගේ බලන මිනිහෙක්. බිලෝල්ගේ වචන.
අයිසුලු මේ කතාව එහෙම පිටින්ම පෝල්ට ලියනවා.සති දෙකක් යනකොට ආයෙමත්  මහද්වීප තරණය කරලා පෝල් අයිසුලුලා ගෙදර එනවා .එන්නේ කෙලින්ම නියම පිරිමියෙක් විදිහට කෙල්ලගේ අම්මයි තාත්තයි එක්ක කතා කරන්නඔහු කියන කිසි දෙයක් අයිසුලුට හැර කාටවත් තෙරුන් නෑ . එත් කවුරුත් සලිත වුනා ඔහුගේ  විනිවිද පෙනෙන අවංක කම දැක්කම්,  ඔහුගේ මිත්‍රශීලී හිත තේරුම් ගන්න භාෂාව ප්රශනයක් වුනේ නෑ . අම්ම කැමතියි!
තාත්තා,බිලෝල් හිතට විරුද්දව අකමැතියිකෙලින්ම කිව්වා මේක කෙරෙන්න දෙන්න බෑ කියලා.අයිසුලු ඇඬුවාපෝල් ගියාතාත්තා අකමැති  නම් මම මේක නවත්තනවාපවුලේම අකීකරු  දැරිය අයිසුලු ලිව්වාපෝල් කල්පනා කරා . කල්පනා කරාතාම කල්පනා කරනවා අයිසුලුත් කල්පනා කරනවාබිලෝල් ටැන්ගිස් ඇවිල්ල කල්පනා කරනවා.
ඇයි මම විරුද්ද වුනේ? බැනා ගැන සැකයක් නෑ . එත් එයා මගේ හඳ  අරගෙන ඈතම ඈත රටකට යන්න හදනවා .මට හඳ  නැති වෙනවාසමහර විට ජීවිතේටම
***
බිලෝල් හිතන දේ ගැනවත් අයිසුලු ගැනවත් හාන්කවිසියක් නොදන්නා තවත් දෙන්නෙක් බිලෝල් ඉන්න තැනට නුදුරින් නිලධාරී මෙස් එකේ දුවරු ගැන කල්පනා කරනවා. අතේ චෙස් ඉත්තෙක් තිබ්බත්, බීර වීදුරුවක් තිබ්බත් ඔවුන්ගේ හිත තිබ්බේ කිලෝමීටෙර් නවදාහක් ඈත.
***
උක්කුන් හා මහතුන්ගේ රාජකාරි වැඩ එන්න එන්නම ගොඩ ගැහෙනවා.  මහතුන් බාරව ඉන්න තත්ත්ව පාලන අංශේ ලොකුම ප්රශ්නය භාෂාවබොහෝ ලියකියවිලි රුසියන් භාෂාවෙන් තමයි එන්නේඉංග්රීසියට පෙරලා ගන්න කී දෙනෙක් පස්සේ යන්නදඋක්කුනුත් ඒ වාගේම ප්රශ්න ගොඩක.සැලසුම් අංශයේ ලියකියවිලි ලිපි ගොනු  වලට ඔහු වැහෙමින් හිටියා. ඒ මදිවාට රැස්වීම් රැස්වීම්.  හැමදාම
මම ඔය දෙන්නගේ ප්රශ්නේ නොදන්නවා නෙවෙයි  ව්යාපෘති සහකාරයෙක් ළඟදීම දෙනවා ලොක්ක කියනවා . එහෙම බොරු පොරොන්දු දිදී දිදී යද්දී දවසක් රැස්වීමක් මැදදී ලොක්කා  කියනවා අන්න ඔය දෙන්නගේ සහයිකාව අද එනවා’.
උක්කුනුයි මහතුනුයි රැස්වීම හමාර වෙලා  ආපසු එනකොට  කාමර දෙක අතර කොරිඩෝරයේ ලාබාල තරුණියක් සිටියා.අක්බමරු කෙහෙරොද නළලට වැටිලා . ලස්සන චාම් බ්ලව්සයක් ඇඳ අලුත් නිල් පාට ජීන්ස් කලිසමකට බැහැලඒත් ඔලුව උස්සලා බලන් නැඅල්ල වගේ දෙගුණයක් ලොකු මොබය්ල්  ෆෝනයක් අත් දෙකේ හිර කරගෙන චට පට ගාල මොනවදෝ ලියනවා
තමන්ගේ අලුත් ලොක්කන් දෙන්නා ළඟටම එද්දි තමයි ඇය ගැස්සිලා හිස හැරෙව්වේ.  දිගටි, කහ පාටඇට්ටර මුහුණ  එසවුනා . පුදුමයක් !
ඇයට හිතුනේම මේ ඉන්නේ හොඳින් දන්නා අඳුරන දෙන්නෙක්නෙ කියලා . ඔවුන් දෙදෙනාටත් හිතුනේ අවුරුදු පහළොවකට විස්සකට කලින් මග හැරිච්ච පාසල් මිතුරියක් අහම්බෙන් ආයෙම හම්බුනා වගේ.
ඇය  තමයි අයිසුලු.
බිලොල්ගේ අකීකරු දියණිය.