පහේ පන්තියේ සිට හයේ පන්තියට යද්දී ඔවිනිට අලුත් පාසලකට යන්නට ලැබිණි. පරණ ඉස්කෝලෙන් යන්නට කලින් සතියේ ඇය මගෙන් සමරු පොතක් ඉල්ලා සිටියාය. යාලුවන්ට කියල මොනා හරි ලියාගෙන ඒගොල්ලන්ව මතක තියා ගන්න ඕනි.
එත් මට ඔවිනිගේ ඉල්ලීම ඉටු කර ලන්නට නොහැකි විය. මා සොයා බැලු පොත් කඩවල සමරු පොත් තිබුනේ නැත.
මමත් ඉස්කෝලෙන් යද්දී සමරු පොතක් නොව දෙකක්ම තිබිණි.ඉන් එකක මුල පිටුවේ ඇරයුම මෙසේ ලියා තිබුණි .
හිස් දෙඩවිලි කවට සිනා
දොළොස් වසක සුදු මතකය
සමරු පොතේ චප්ප කරලා
ලාච්චුවේ හංගන්නට
අම්බානක් වරම් දෙන්න'!!
ඉස්කෝලේ බෙල් එක ගැසූ ජේමිස් හා කැන්ටිමේ මුදලාලිත් මගේ සමරු පොතේ සටහන් යොදා තිබිණි.
මගේ මිතුරු මිතුරියන්ගෙන් කුඩා සේයාරුවක් ඉල්ලා ගෙන එහි කුඩාවට ගත් පොටෝ කොපියක් පිටුවේ කෙලවරේ ඇලවීමි.
මගේ මිතුරු මිතුරියන්ගෙන් කුඩා සේයාරුවක් ඉල්ලා ගෙන එහි කුඩාවට ගත් පොටෝ කොපියක් පිටුවේ කෙලවරේ ඇලවීමි.
මේ නිසා මගේ සමරු පොත් මට විශේෂිත වූ අතර මම ආශා කල පොත්පත් අතරින් මුල් තැනක් සමරු පොතට ලැබිණි. ඒ අවුරුදු වලදී අපේ සුදු අක්කා මාව පරිස්සම් කරන්නට කෙතරම් උත්සහා කලාද යත් ගෙදර තිබු යාලුවන්ගේ ලියුම් සෝවියට් සඟරා, ඩීමන් ආනන්දගේ පොත් පමණක් නොව මේ සමරු පොත් දෙකද ගිනි තබා තිබුණි.
සමරු පොත් දෙක ගැන දුක් වනවාට වඩා මට දුක් වන්නට කාරනා තිබිණි. ලාච්චුවේ හංගා තැබූ සමරු පොත වරින්වර මට බලන්නට සිදු වුයේ සගයින් වියෝ වූ පුවත් සමගය. ඔවුන්ගේ මුහුණේ සේයාරුවත් සටහන් කර තිබු කවට වදනුත් නිසා මට සතුටක් නොව ශෝකයක්ම ඇති විනි . කලියුග කාලයේ මොනම හෝ අහේතුවකට මගේ හිතාදරයන් එකා දෙන්නා මෙලොවින් සමු ගත්හ. නැතිනම් අතුරුදන් කර දැමිණි.පස්සර සේනාදීර, කිනිගම හේවා, පන්තියේ සුමිතුරා DSB , පාසල් බස් රියේ මිතුරා වූ ජයන්තද ද ඒ අතර වුහ .
අපේ ඉස්කොලෙටම ආ මගේ මිතුරෙකු වූ මාරසින්හද සමරු සටහනක් තබා තිබුනේය.
ඉතාම හිත හොඳ මිතුරෙකු වූ මාරේ අපත් සමග සරසවියටත් ආවේය . ඔහු සිටින තැන සොඳුරු රස ගුලාවකි. JP පොන්ඩ් එක වටේ සමහර සංගීත සාජ්ජ වලදී ඔහු ඉදිරපත්කල මනරම් දඟ නැටුම හැමෝම රස ගන්වුවකි.
මාරේ නිවාඩුවට ගෙදර ගිය විට ආපසු එන්නේ ලොකුම ලොකු බත් පාර්සල දෙක තුනක් උස්සා ගෙනයි. යහමින් ගොවිතැන් බත් කල ඔවුන්ගේ ගෙදර පිහිටියේ සරුසාර වෙල් යායක් මදැයි. අපි නිවාඩුවට ගෙදර යන්නෙත් එන්නෙත් උඩරට මැණිකේ කෝච්චියෙනි. මාරේ සමග අප කල්ලිය කෝච්චියේ ආ ගිය ගමන් කීපය විනෝද චාරිකාම විය.
හිත හොඳ වැඩි කම නිසාම මාරේ පොදු වුවමනාවන් වලටද කැපවී වැඩ කළේය.
ඒ කාලයේ අතුරුදන් වුවෝ බොහෝ වුවත් දවස තිස්සෙම මිතුරු මිතුරියන් අතර සරිසරූ ජනප්රිය හිත හොඳ මිතුරා මාරේ 1993 වන තුරුත් ආපසු නොපැමිණීම අප කාගේත් සිත තලා පෙළ දැමු හේතුවකි.
අන්තිමේදී බොහොමයක් දුක් කම් කටලු ඉවරයක් වී සරසවියෙන් පිටව යන දවසේ වුවත් මාරේ ගැන වූ බඩේ ගින්දර නිමා වී නොතිබිණි.මාරේ අතුරුදහන් වුවාට පසු අප කොතෙක් වාරයක් ගෙදර ගොස් තිබුනත් අවසාන සමු ගැනීමට ඔහු නැති වීම හැමෝටම බරපතල ලෙස දැනුනි.
රටේ සිදු වූ මහා ඛේදවාචකය ගැන සෝදිසියෙන් සිටි අප මෙන්ම මාරේගේ දෙමාපියන්ද ඔහු නැවත නොඑන බව දැන සිටියත් , කුමන හෝ ආශ්චර්යකින් ඔහු කොහේ සිට හෝ මතු විය හැකි බවට අහිංසක බලාපොරොත්තුවක්ද අප කාගේත් හිත්තුල තිබිණි.
ඒ නිසා මාරේ කවදා හෝ ආවොත් ඔහුට ඒ බව දැනුම් දෙන්නට කුඩා සමරු සටහනක් ඉංජිනේරු පීඨ කලා කව පුවරුවේ එල්ලා අපි යන්නට ගියෙමු . 1993 මැයි සිට ජුලි මාසය දක්වා පුවරුවේ තිබු එකම සටහනද මෙයයි
පිටස්තරයා විසින් ලියා තිබු එම කවි සටහනේ මට මතක හැටියට සාරාංශය මෙසේය;
දයාබර මාරේ, අපි ඉතින් ගමට යනවා .පැලුණු දෙපතුල අද්ද අද්දා ,ගිලුණු දෑසින් බල බලා උඹ කවද හරි ආවොතින් බලා ගන්නට මේ ලියුම තියල යන්නම්
අවුරුදු හය හතකට කලින් උඩරට මැණිකේ අපිව තුරුලට අරං පේරාදෙණියෙන් බස්සනකොට ඈ මොන තරම් තරුණද? කාලය මොන තරම් දේ කරලාද ?උඩරට මැණිකේ දැන් බොහොම මහළුයි .බෑන්ගිරි ගාමින් හොටු හුරා හුරා පැනිදෙනියේ බලන් ඉන්නවා .ආයිමත් අපිව ගමට ගෙනියන්න.
කෝච්චියේ සද්දෙන් හැමදාම පොඩි පුතා එනවද බලන, පිල්කඩින් නැගිටලා කේතලේ ලිප තියන, උඹේ අම්මාට මොකක් කියන්නන්ද උඹ ගැන? ..
(සේයාරුව දෙව්නිගෙන් )
(සේයාරුව දෙව්නිගෙන් )
දැන් සමරුපොත් නැද්ද ඒ කියන්නේ? මන් ගාවත් දෙකක් ද කොහෙද තිබ්බා ඒවා නම් කොහේ හරි ඇති තවම.
ReplyDeleteඅනේ දැන් සමරු පොත් එකක්වත් නැහැ
Delete" දයාබර මාරේ, අපි ඉතින් ගමට යනවා .පැලුණු දෙපතුල අද්ද අද්දා ,ගිලුණු දෑසින් බල බලා උඹ කවද හරි ආවොතින් බලා ගන්නට මේ ලියුම තියල යන්නම්.." :(((((
ReplyDeleteමේ බ්ලොග් එක කැලේට පිපුණු මලක් වගේනේ මචං. ඇත්තටම මේක ගැන හුඟ දෙනෙක් නොදන්න එක අවාසනාවක්.
ReplyDeleteකැලේම තව කාලයක් ඉන්න ආසයි මචන්. ඒ හිටියත් සොඳුරු රසවතුන් හමු වෙනවා උඹලා වගේ
Deleteපෝස්ට් එක කියවල ඉවරවුනාම පපුවෙ ගලක් එල්ලුව වගේ වුණා.
Deleteමම කැමති සතුට විතරක් බෙදා ගන්න. ඒත් මේ හදවතට දැනෙන බර බෙදා හදා ගැනීමත් මනුස්සකම තමයි.
Deleteමේ සටහන තෙත්වූ දෙනෙතින් දෙවන වරටත් කියෙව්වා. ඒක මහා කාලකණ්ණි කාලයක්.
ReplyDeleteකලා කවය ගැන සිහි කිරීම ගැන ස්තුතියි.
ඔබත් කම්මල් කලා කවයේ පෙරලි කල බව මා අසා තිබෙනවා. ඒත් මට එහෙදි ඔබ මුණ ගැසුණ නෑ . මෙහෙම හරි අපි හම්බ උනානේ.
Delete//කෝච්චියේ සද්දෙන් හැමදාම පොඩි පුතා එනවද බලන, පිල්කඩින් නැගිටලා කේතලේ ලිප තියන, උඹේ අම්මා//
ReplyDeleteහරිම සංවේදී කතාවක් , නිසදැසේ මේ කොටසට මම හරි කැමතියි...ඒ වගේම නිසදැසේ දුක හිතෙනම තැනත් මෙතැනයි..
ඔබේ බ්ලොගය අඅහම්බෙන් හමු වෙලා ටිකෙන් ටික කියවන් යනවා. ඒත් මෙතෙන්දි සටහනක් තියන්න හිතුනේ ඇයි කියලා හරියටම හිතා ගන්න බෑ.
ReplyDeleteඔබ දරුනු අපරාධ කරුවෙක්. හිමින් සැරේ ලේ නොසොල්වා අපේ හිතේ බර ගලක් එල්ලලා
මේ දවස්වල මං සත්‍යවාදියකුගේ දිනපොත නැවත කියවමින් ඉන්නවා... ඒ පොතයි මේ අත්දැකීමයි එක වගේ කම්පනයක් ඇති කරනවා...
ReplyDeleteතිලක සිත ගැන දැනගත්තේ පත්තරෙන් ඔබේ පොත ගැන තිබුන විස්තරයකින්.එදා ඉදන් හෙමින් හෙමින් ලිපි ටික කියවනව.
ReplyDeleteඇත්තටම සුන්දරයි.
ඒත් මේ ලිපිය.........
එකම දෙයයි කියන්න හිතට එන්නෙ.මීට වඩා හොදයි උඹ මගේ ඔලුවට පොල්ලකින් ගැහුවනම්.....
සුබ පැතුම් උඹටයි උඹේ කුටුම්බයෙ හැමදෙනාටම්යි.....
අනේ මට අඬන්න ඕනේ,,,එත් කඳුළු වේලිලා
ReplyDeleteඅහම්බෙන් ආවට පස්සේ මතක් වුනා 'තිලක සිත' නම අස ගැටී තියනව නේද කියල. ප්‍රමාද වී හෝ ඒමට ලැබීම ගැන සතුටුයි... ඒත් මුලින්ම කියවූ කතාව දුකයි..
ReplyDelete