Wednesday, September 4, 2013

මගුල් ගෙදර

ට බොහොම වැදගත් වූ මගුල් ගෙවල් දෙකක් තිබුණි. එකක් අපේ අයියාගේ මගුල් ගෙදරය. අප්‍රේල් මාසයක එකොලොස් වැනිදා අයියා මගුල් ගෙදර ගන්නා  බව මට කීවේය. මම කොයි තරම් බරක් පතලක් නැති අයෙක්දයි හැමෝම හිතන්නට පටන් ගත්තේ මේ මගුල් ගෙදරින් පසුවය.

ඒ කාලයේ අපට  මොබයිල් දුරකථන තබා  ලෑන්ඩ් ලයින්වත් තිබුනේ නැත. 'මම ලබන එකොලොස් වෙනිදා බඳිනවා. පොඩියට මගුල ගන්නේ. එදාට කොහොම හරි එන්න ඕනි.' අයියා මට කිව්වේ සති දෙකක් විතර තියලාය. ඊටත් කලින් මට හරියන ඇඳුම් සූට්  එකක් අයියා මිනුම් ගෙන මස්සවා තිබුනේය.
මම අප්‍රේල් දහවැනිදාත් සිටියේ කොළඹය . එදා රස්සාව කළ  තැනින් පඩිත් අර ගෙන හවස බස් එකේ ගෙදර යන්නට හිටියත් පඩිය චෙක් එකකින් හම්බුනේ හවස තුන හමාරටය. එතකොට බැංකු වහලා තිබුණි. ඒ මදිවාට තව හතර දෙනෙකුගේ පඩිත් එකටම  දමා  මගේ නමට චෙක් පත ලියා තිබුණි.  ඉතින් අලුත් අවුරුද්දට ගෙදර යන්නන්ට බලා සිටින මගේ සගයන් හිස් අතින් යවන්නේ කොහොමද?  ඒ නිසා මම පහුවදා වෙනතුරු ගෙදර යන ගමන කල් තැබුවෙමි. ඒත් මගුල් ගෙදර? අයියා මොකුත් හිතන එකක් නැහැ. ඔන්න ඔහේ හෙටම යනවා. මම සිතුවෙමි.

ඒත් අපේ ගෙදර ඒ වනවිට සිදුවෙමින් තිබුනේ ඊට හාත්පසින් වෙනස් දෙයකි, දෙවන මනමාලයාගේ ඇඳුම් සූට් එකත් ලැහැස්ති කරගෙන ගෙදර හැමෝම බලා සිට ඇත්තේ මා එන තුරුය. රැ  එළිවන තුරුත් වරින් වර ඇහැරි ඇහැරී පාරේ වහන ශබ්දයක් ඇසෙන ඇසෙන වාරයක් පාසා පාරට හොස්ස පොවමින් ඔවුන් අවදියෙන් බලා සිට ඇත. පසුවදා උදයේත් මා නොආ නිසා හදිස්සියෙන් සොයා ගත්  දෙවන මනමාලයෙකුත් සමග මනමාලිය කැන්දන් එන්නට පිටත් වී  තිබුණි.

96 අවුරුද්දේ සැප්තම්බර් හතර වැනිදා මට තවත් මගුල් ගෙදරක් තිබිණි. සැප්තැම්බර් තුන්වැනිදා හැන්දෑ වන විටත් මා සිටියේ කිරිබත්ගොඩ මගුල්  පෝරුව හදන තැනය . අපේ යහළුවන්ගේත් නෑදෑයන්ගේත්  මගුල් පෝරු රැසක් හැදු  සමන්, උපාලි, සුදර්ශන ඇතුළු කලාකාමී මිතුරු නඩයක මමද යාව ජීව අත්  උදවු කරුවෙක් වීමි.
එදා රැ  නවයට විතර ගොක් කොළ තෝරමින් සිටි සමන් මට බැන වැදුනේය.
'දැන් අර මිනිස්සු උඹ එනකන් බලා ඉන්න්නවා රත්නපුරේට ඇවිල්ල . තවත් මෙතන තෑග්  ගැහි ගැහි ඉන් නැතිව පලයන්'.

ඒ වන විට මනාලයාගේ පාර්ශවය රත්නපුරයට පැමිණ මගුල් ගෙදර එන්නට නතර වී සිටියේ පහුවදා පාන්දර පහට පිටත් වී කිරිබත්ගොඩ  එන බලාපොරොත්තුවෙනි.

මේ නිසා මම රැ  එකොළහට පමණ පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකට ආවේ රත්නපුර යන බස් එකක් අල්ලා ගන්නටය. පුදුමයකි. බස් එකක් අහලකවත් නැත. අයියාගේ මගුල් ගෙදර දා මට සිදු වූ  දැවැන්ත අතපසුව මතක් වී මට හීන් දාඩිය දැම්මේය. දෙයියනේ හෙටත් මට මගුල් ගෙදර යන්නට බැරි වෙයිද ?

කොහොමින් කොහොමින් හෝ හතරවනිදාට එලි වන්නට මදක් කලින් මම රත්නපුර අයියලාගේ කුවාර්ටර්ස් එකට ගොඩ වුනෙමි.  එදාද අපේ ගෙදර ඇත්තෝ නිදි වරාගෙන පස් පඩන්ගුවේ දොස් පවරමින් මා එනතුරු බලා සිට ඇත.   ඒ මගුල් ගෙදර නම් මට යන්නට පුළුවන් විය. මගේ ඇඳුම් සුට් හා අඩුමකුඩුම ගෙනවිත් තිබුන නිසා ඒවාත්  ඇඳ ගෙන මම මගුල් ගෙදර ගියෙමි. එදා මට තිබ්බේ දෙවන මනමාලයා සේ පෙනී සිටින්නට නොව මනමාලයාම වන්නටය.

මේ සා විශ්වාස නොකළ හැකි තරම්  අපිළිවෙල චරිතයක් වූ මා සමග දාහත් වසරක් දීග කන මනමාලිය මා වෙනස් කරන්නට උත්සහ නොකලා නොවේ. ඒ නිසාම අප අතර ඇති වූ අඬ දබර සියල්ල කෙළවර වුයේ අප සිහිනයෙන්වත්  දුරස් විය නොහැකි නැවුම් පෙම්වතුන් බවට ආයිමත් පත් කරලමින්ය.


2013 සැප්තැම්බර්  04 

43 comments:

  1. ඔයා මරු කොල්ලෙක්නේ ......

    ReplyDelete
  2. දවසකටවත් මිනිහෙක්නේ! රසවත් විදියට ලියා තිබෙනවා.. ජය!

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොගයට ගොඩ වුනාට , සුබ පැතුවාට ස්තුතියි

      Delete
  3. පලවෙනි කතාව නම් පුරණි එකේ වැඩ කරන දවස් වල අහල තියෙනවා වගේ මතකයි. නමුත් ආයෙත් රස විඳීමට එය බාධාවක් වුනේ නැත.

    ReplyDelete
    Replies
    1. ඔවු ජයලාල්, පුරණී හිතවතුන් මගේ ජීවිත කතාවේ සැහෙන කොටසක් දන්නවා

      Delete
  4. ‍ක‍ලින්‍ ‍ස‍ති‍යේ ‍‍ම‍ම ‍ලි‍යා‍පු ‍වට්‍‍ටක්‍‍කා‍ව ‍ටී‍කා‍ව ‍ගැ‍න ‍උඹ ‍කි‍යා‍පු ‍‍දෙ‍යින්‍ ‍ම‍ගේ ‍අ‍ත‍ට ‍අ‍ලුත්‍ ‍හ‍යි‍යක්‍ ‍ආ‍වා. ‍ඊ‍ලඟ‍ට ‍කි‍ය‍වා‍පු ‍මඟු‍ල්‍ ‍විස්‍‍ත‍රෙන්‍ ‍පස්‍‍සෙ ‍ම‍ට ‍ම‍හ ‍හුඟක්‍ ‍දේ ‍ලි‍යන්‍‍න ‍හි‍තු‍නා. ‍‍ඒත්‍ ඊ‍ට ‍ක‍ලින්‍ ‍උඹේ‍ ‍වට්‍‍ටක්‍‍කා ‍පැ‍න‍ය‍ට ‍වට්‍‍ටක්‍‍කා ‍උත්‍‍ත‍ර‍යක්‍ ‍දෙන්‍‍න ‍එ‍පා‍යැ! ‍මෙ‍හෙ ‍වට්‍‍ටක්‍‍කා ‍වැ‍වු‍වා‍ට ‍ඒ ‍කො‍හො‍ම‍ට‍වත්‍ ‍උ‍යන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍ජා‍ති‍යෙ ‍එ‍කක්‍ ‍නෙ‍වෙ‍යි. ‍මේ ‍වට්‍‍ටක්‍‍කා ‍‍ගෙ‍ඩි ‍ව‍ලින්‍ මි‍නිස්‍‍සු ‍‍හැ‍ලො‍වින්‍ ‍න‍මැ‍ති ‍ම‍ල‍වුන්‍ගේ ‍ද‍ව‍සෙ‍දි ‍බූ‍ත ‍ඔ‍ලු ‍ක‍ප‍ලා ‍ඒ ‍තු‍ල ‍ඉ‍ටි‍පන්‍‍දම්‍ ‍ග‍හ‍න‍වා ‍මි‍ස‍ක ‍ඒ‍වා‍‍යින්‍ ‍වෙ‍න ‍‍හ‍රි ‍හ‍මන්‍ ‍වැ‍ඩක්‍ ‍ගන්‍‍නේ ‍නැ‍හැ. ‍ඉ‍තා ‍පැණි‍ ‍ර‍ස ‍‍මේ ‍වට්‍‍ටක්‍‍කා ‍උ‍යන්‍‍න ‍සු‍දු‍සු ‍නැ‍හැ. ‍මි‍ලි‍ය‍න ‍ග‍ණ‍නක්‍ ‍සා‍ගින්‍‍ද‍රෙන්‍ ‍හා‍මත්‍ ‍වෙ‍න ‍ලෝ‍ක‍ය‍ක ‍මෙ‍හෙ‍ම ‍ආ‍හා‍ර ‍වි‍නා‍ස ‍වෙ‍න ‍හැ‍ටි ‍මු‍ලින්‍‍ම ‍දු‍ටු ‍ම‍ට ‍ඇ‍ති ‍වු‍නේ ‍කෝ‍ප‍යක්‍. ‍නු‍මුත්‍ ‍පස්‍‍සෙන්‍ ‍ප‍හු ‍වෙ‍න‍කො‍ට ‍ම‍ට ‍ම‍තක්‍ ‍වු‍නා ‍අ‍පේ ‍ර‍ටේ ‍කොස්‍ ‍දෙල්‍ ‍ප‍ල‍තු‍රු ‍ගස්‍ය‍ට ‍වැ‍ටි‍ලා ‍වි‍නා‍ස ‍වෙ‍න ‍හැ‍ටි. ‍ම‍ගේ ‍ලි‍ය‍විල්‍‍ල‍ට ‍උඹ ‍දුන්‍ ‍පැද්‍‍දිල්‍‍ල ‍කි‍ය‍වා‍පු ‍ම‍ට ‍ම‍තක්‍ ‍උ‍නා ‍දී‍ප‍න ට ‍ම‍ම ‍ලි‍යා‍පු ‍"තිඹි‍‍‍රි ‍ගෙ‍යි ‍මි‍ය ‍ගි‍ය ‍ය‍ක‍ඩ ‍මී ‍හ‍ර‍කා" ‍ගැ‍න ‍ක‍තා‍ව. ‍කන්‍‍දක්‍ ‍වි‍ලි ‍ලා ‍ලි‍යා‍ගත්‍ ‍ලි‍පි‍ය ‍කි‍ය‍වූ ‍උඹ ‍ම‍ට ‍මු‍ණ ‍ගැ‍හු‍නෙ ‍පීඨ ‍කො‍රි‍ඩෝ‍වෙ‍දි. "‍මො‍න‍ව‍ද ‍ය‍කෝ ‍මේ ‍ලි‍යන්‍‍නෙ?" ‍උඹ ‍ම‍ගෙන්‍ ‍ඇ‍හු‍වෙ ‍නො‍ඉ‍ව‍සිල්‍‍ලෙන්‍. ‍‍ක‍පා ‍කො‍ටා ‍‍වි‍කා ‍හ‍ප ‍කො‍ට ‍ආ‍යෙත්‍ ‍ඇඹු‍ ‍ම‍ගේ ‍ලි‍පි‍ය ‍එ‍දා ‍හැන්‍‍දෑ‍වෙ‍දි ‍උඹ ‍ම‍ට ‍පෙන්‍‍නු‍වා. ‍ම‍ම ‍ඒ‍ක ‍කි‍ය‍ව‍මින්‍ ‍වින්‍‍දෙ ‍නි‍රා‍මි‍ස ‍සැ‍පක්‍. ‍ක‍වු‍දෝ ‍උඹෙ‍න්‍ ‍ඇ‍හු‍වා "‍ඇ‍යි ‍මේ‍ක‍ට ‍දී‍ප‍ණ ‍කි‍ය‍ල ‍න‍ම ‍තිබ්‍‍බෙ?" ‍කි‍ය‍ල. ‍ම‍ට ‍ම‍ත‍ක ‍හැ‍ටි‍ය‍ට ‍හෙන්‍‍රි (‍වර්‍ණ‍කු‍ල‍සූ‍රි‍ය) වෙන්‍‍න ‍ඕ‍නි. ‍උඹේ‍ ‍උත්‍‍ත‍ර‍ය ‍ඇ‍හු‍නු ‍ම‍ට ‍බ‍ඩ ‍රි‍දෙ‍න‍කල්‍ ‍හි‍නා ‍ගි‍යා. "‍මේ‍ක ‍මේ ‍හ‍ත‍ර ‍අ‍තේ ‍ණ‍ය ‍වෙ‍ලා -‍ප‍ණ ‍එ‍පෝ- ‍කි‍ය‍ලා ‍ග‍හ‍ණ ‍‍ගැහිල්‍‍ලක්‍. ‍ඒ‍ක‍යි ‍දී‍-ප‍ණ ‍කි‍යන්‍‍නෙ!!"

    මඟු‍ල්‍ ‍විස්‍‍ත‍‍රේ ‍බො‍හො‍ම ‍ර‍ස‍වත්‍. ‍ඒ ‍ද‍ව‍සෙ‍දි ‍ම‍ට ‍උඹ ‍ලඟ ‍ඉන්‍‍න ‍ති‍බු‍නා ‍නම්‍ ‍කොච්‍‍ච‍ර ‍අ‍පූ‍රු‍ද? ‍නු‍මුත්‍ ‍ඒ ‍ද‍වස්‍ ‍වෙ‍න‍කො‍ට ‍ම‍ම ‍ර‍ටේ ‍හි‍ටි‍යෙ ‍නැ‍හැ. ‍‍ප‍හු ‍වෙ‍ලා ‍හ‍රි ‍මේ ‍විස්‍‍ත‍ර ‍ම‍ම ‍කි‍ය‍වන්‍‍නෙ ‍‍මඟු‍ල්‍ ‍මේ‍ස‍ය‍ක ‍ර‍ස ‍විඳි‍‍මින්‍. ‍‍

    ReplyDelete
    Replies
    1. දීපන-පනදී ඒ ගැන නම් පොතක් වුනත් ලිව්වැකි. ඒක නෙවයි බන් අර අපේ යාළුවො කිව්වා වගේ දැන් හෙමින් හෙමින් බ්ලොග් එකක් ලියන්න පටන් ගනින්කෝ

      Delete
  5. දෙය්යෝ සාක්කි ^0^!!!!
    පලමු වැන්න නම් අය්යගේ කියමුකෝ... ඒත් දෙවැන්න..:D

    ReplyDelete
    Replies
    1. ඒක තමයි එදත් යන්න බැරි උනා නම් මගුල කැන්සල් නොකර වෙන ම්නමාලයෙක් හොයා ගනියි කියල මට බය හිතුනා

      Delete
  6. ශුභ "anniversary" එකක් වේවා!! කීවා මචං.

    "බලු වලිගෙ ඇද අරින්න බැරි බව" එයා දැන් තේරුම් අරන් ඇති මම හිතන්නේ :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන් . ඒක තමයි අවුරුදු දාහතක් කියන්නේ දවසක්ද දෙකක්ද?. කොච්චර නොගැලපෙන දේවල් වුනත් ගලප්පගෙන ජීවත් වෙනන එයා පුරුදු වෙලා තියෙනවා. .

      Delete
  7. Replies
    1. මට හිතෙන්නේ තාමත් මම එහෙමමයි. ලෝකේ මට ඕනි විදිහට වෙනස් වෙලා කියල අටං

      Delete
  8. අටං කියපු පාරෙන් ආවා...

    රසවත් කතාවක් නොවැ.. රත්නපුරේ ඈයෝ වසයි ඈ :D

    ReplyDelete
    Replies
    1. //රත්නපුරේ ඈයෝ වසයි ඈ :D//
      අපේ පැතිවල ඔය වගේ දෙයක් කිව්වොත් ඒ, අවුරුදු උත්සවේක "ලොකුම බොරුව"ට තමා.... :D :D :D

      Delete
  9. මරු පොරක්, හැබැයි එහෙම මිනිස්සු අනික් අයට වඩා සංවේදී කියලයි මම හිතන්නේ

    ReplyDelete
  10. මළ මගුලක් වෙන්නේ තව ටිකෙන්.. ඔය කතාව කියෙව්වම මට මතක් උනේ මාගේ ඥාති සහෝදරයකුගේ මළ ගෙයක උන කතාවක්.. දුරකථනයක් හොයා ගන්න අමාරු කාලේ...

    අටමගෙ පබ්ලිසිටියට ආවේ.. බොහොම රහයි සරළයි.. ජය වේවා...!!!

    ReplyDelete
  11. යකඩෝ......!!!
    ඔයා නම් මාරයි ආඅහ්.කමක් නෑ අන්තිම එකට හරි වෙලාවට ගියා නේ.බැරිවෙලා හරි එකටත් ‍යන්න බැරි උනා නම් තමා වැඩේ.මොකෝ වෙන් මනමාලයෙක් හදිස්සියෙ හොයන්න කියලයැ :)

    ReplyDelete
  12. Happy Anniversary !!!!
    මට තියෙන්නේ ඔය ප්‍රශ්නේ අනිත් පැත්ත සැමි අයියගේ පිලිවෙල හරි වදයක් මට වෙලාවකට

    ReplyDelete
  13. පොදුවේ අපිලිවෙල ඉදිරියෙ තදවෙන මට ඔය අපිලිවෙල සමග තිබෙන වසර 16ක පමණ මිතුදම, මට පිලිවෙලක් වෙන්න පාර කිව්වා. ජයවේවා !

    ReplyDelete
  14. ඕනායගේ මග පෙන්වීමකින් ආවේ... කතාව මරු.. අතීත මතක තරම් සුන්දර දෙයක් තවත් තියෙනවද? සරල සුගම මැණික් හා සම බ්ලොග් එකක්... බ්ලොග් රෝල් එකටත් දා ගත්තා.. මින් පසුව නිතරම එන්නම්...

    ReplyDelete
  15. //ඒ නිසාම අප අතර ඇති වූ අඬ දබර සියල්ල කෙළවර වුයේ අප සිහිනයෙන්වත් දුරස් විය නොහැකි නැවුම් පෙම්වතුන් බවට ආයිමත් පත් කරලමින්ය.///

    ආයිත් අහල.. සමහර වලි ඉවර වෙන්නෙ අවුරුදු ගාණකට කලින්වත් හිතේ තිබුනෙ නැති තැරම් ආදරයකින් හිත පුරෝලා... වලියට හේතුව නං හැමදාම එකතැන.. හැබැයි අපි හැමදාම පෙම්වතුත්... හි හි...

    අටමගේ පෝස්ට් එක කියෝලා මේ පැත්තෙ ආවේ...

    ReplyDelete
  16. මෙච්චර කොමෙන්ට් තොගයකට එක දවසේ උත්තර දෙන්නේ කොහොමද? ගොඩක් දෙනෙක් අවිල්ල් තියෙන්නේ අටමගේ ප්‍රසිද්ද කිරීම නිසා . අනේ ස්තුතියි. හැමෝටම

    ReplyDelete
  17. අපූරුයි.... :D හැබැයි මේ වියනොහැකි දේ නෙවෙයි.

    සුබ පැතුම්....!

    ReplyDelete
  18. මාත් ආවෙ 'අටම' කිව්ව නිසා.. මේ ලියමන ඉස්තරම්.. ඔක්කොම ටික එක හුස්මට කියවල දැම්ම.. ඔබට ජය!!

    ReplyDelete
  19. අයියගෙ මඟුලට නොගිය එකේ පාපය තව පොඩ්ඩෙන් ගෙවන්න වෙනවා නේද ?

    ReplyDelete
  20. මෙහෙම කතාවක් පොතක වත් දැකල නෑ.

    ReplyDelete
  21. අටමගෙ ්ඩිපාරදිගේ ආවෙමි. දෙවැනි මනාලයා වෙනවට වැඩිය මනාලයා වෙන එක හොදයි යාළුවා

    ReplyDelete
  22. අයිය... හරි අමාරුවෙන් පල්ලෙබැද්දට ඇවිත් යංතං 'ඉන්ට නෙට්' එකක් හොයා ගත්තෙ. ඔයාගෙ ලිපිය කියවන්නමයි. මට හිතෙන දේ කියන්න තරං වචන නෑ. ඔයවගේ පිස්සු වැඩ අපිලිවෙලට කොල්ලො කොහොමත් හැමදාමත් බැනුම් අහනව. ඒත් ඒ අවුල වියවුලක් වෙන්න නොදී රැකගන්න කෙනෙක් ඉන්න එක තමයි වටින්නෙ. 17වසරක පෙම්ගීතයේ තවත් සවරයක් වැයෙනකං අපි බලං ඉන්නවා.

    ReplyDelete
  23. හරි අපූරු කතාවක්...දිගටම ලියන ඒවා කියවන්න ඔන්න මාත් එනවා...

    ReplyDelete
  24. උඹ නම් මාරම චරිතයක්! නියම ලියවිල්ල. අටමා තමයි මඟ පෙන්නුවේ.

    ReplyDelete
  25. පෝරුව හදන සීන් එකේදි මම හිතුවා තිලකෙද මනමාලයා වත් කියලා... :D :D

    අටං නිසා තමයි "තිලක සිත"ට එබුනෙ... අමුතු ලිවිල්ලක්.... කතාව තව ටිකක් දිග උනා නම්.......

    ReplyDelete
  26. හරිම ෂෝක් බං!! මට මාව මතක් උනා.

    ReplyDelete
  27. ඔන්න මමත් ආව අටම්ගේ පාරෙන්.. දිගටම ලියන්න තිලකේ... අපි එන්නම් බලන්න...

    ReplyDelete
  28. @all මගේ අලුත් බ්ලොග් සෙවනට ගොඩ වුනාට ස්තූතියි . දැන් මට නෑදෑයෝ ගොඩයි .
    ඉවරයක් ලැබෙන ලැබෙන හැටියට උත්තර ලියන්නම්

    ReplyDelete
  29. "ඒ නිසාම අප අතර ඇති වූ අඬ දබර සියල්ල කෙළවර වුයේ..."
    අනේ වාසනාවන්. එව්ව එහෙම්ම වෙන බවට ඕං මාත් සාක්කි!

    ලියා තියන එව්ව කියවගෙන යනකොට කේ ජයතිලක, ටී බී ඉලංගරත්න, පී නිශ්ශංක මහත්තුරු අත වනාගෙන ඉඟි බිඟි පාමින් ගීයා. ආයේ ඉක්මනින්ම එන්න. අපි ඇන තියාන ඉන්නව හූමිටි තියන්න බලාන

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තිතියි. මෙවැනි මිතුරු ඇරයුම්, ඇගයුම් විඳින්නට මා පින් කරලාද ?. බොහොම සතුටින් අද හෙටම යලි එන්නම් .

      Delete
  30. ගොඩක් කාලෙකට පස්සෙ තමය් අද උබෙ බ්ලොගෙට ගොඩවෙන්න ලෑබුනෙ, මචන්. උබට අලුත් බ්ලොග් යාලුවො ගොඩක් හම්බවෙලා බව දක්කම හරිම සතුටුය්. හොද දේ අගය කරන, හොද දේ වටා එක්වෙන මිනිස්සු අපිට අඩු නෑති බව දකින කොට හිතට හරිම සහනයක් දෑනෙනවා.

    ප්‍රමාද උනත් උබලා දෙන්නාට "හෑපි ඈනිවසරි" කියනවා....

    උබෙ පෝරුව හදන වෑඩෙට සෙට් වෙන්න මටත් වාසනව තිබුනා, ඵිලියන්දල චමරි එකේ හිටිය කලේ. නඩේ ගුරා සමන් ඈතුලු අපි ටික කොච්චර "එෆ්ෆිශෙන්ට්ලි" ව වෑඩේ කලාද කිව්වොත්, උබ මනමාලය වෙලා නෑදෑයොත් එක්ක මනමාලිගෙ ගෙදර ගේට්ටුව ලගටත් ආවට පස්සෙ තමය් අපි පොරුවෙ වෑඩ අවසාන කරලා පිටිපස්සෙ දොරෙන් පනලා ගියේ, සායම් එහෙම නාගෙන. ඒ හින්දම පෝරු සෙට් එකට උබෙ වෙඩිමට සහභාගි වෙන්න උනෙ නෑ..
    අතීත සුන්දර මතක අපේ මතකයට ආයෙත් එක්කරන උබෙ බ්ලොගෙට අපි ආයෙමත් එනවා රසවිදින්න.. උබට ජය හා සතුට...

    -බෑචා චන්දන

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචන්. ඒ කතා ඔක්කොම මතක් වෙනවා. ඒ කාලේ ළඟ ළඟ තිබ්බ වෙඩින් ඔක්කොටොම දෙවන මනමාලය හැටියට ගත්තේ මාහිට්ටව.

      Delete
  31. Think its in the engineers'blood to wait till the last second to do stuff.. starting from coursework its been the same in my life!! (I have a similar experience at my registration where ai arrived at home from the saloon few seconds before the auspicious time :) :)

    Enjoy reading these posts from a senior fellow. Keep it up..

    ReplyDelete