Thursday, May 14, 2015

කෙල්ලො ටික බලාගෙන හොඳින් හිටපන් රණේ

පාසැල් , සරසවි හා ගුරු විදුහල් කලා පුවරුවලින් ලියන්ට පටන් ගත්ත රචකයෝ රචිකාවෝ එමටයි. මේ වෙන වෙනම ගුරුකුල හදා ගන්ට හදනවා  නෙවෙයි. ඒත් මට පුරුදු පේරාදෙනි ඉංජිනේරු පීඨ කලා පුවරුව ගැන විශේෂයෙන් සඳහන් කරන්ට හිතුනේ මට බොහොම ප්‍රියමනාප මාතෘකාවක්  හින්දා. සිංහල බ්ලොග් ලියන්නන් අතරේ කීප දෙනෙක්ම ඔය කියන කලාකවයේ කාලයක් රඟ දක්වාපු අය. . ඉස්සර කතන්දර ලියපු රසිකලොජිස්ට් මේ පුවරුවේ පිනුම් ගහපු හාදයෙක් කියල ඔහුගේ කතන්දර කියවලා තියන අයට අමුතුවෙන් කියන්ට ඕනි නෑනේ. ඇයි අපි කාගේත් හිතවතා ඉවාන් පවුලුෂා  එතකොට බ්ලොගේට වඩා බුකියෙන් සමාජ සත්කාරකම් කරන කවි ලියන ලන්ඩන්වාසියා සඳුන් සේවනේ චන්දන. කවි, නවකතා හා කෙටිකතා  රචකයෙක් වගේම නිතර පුවත්පත්වලට ලියන හෙන්රි වර්ණකුලසුරියත් ඔය කලාකවයේ සුමිතුරෙක් වෙලා ඉඳලා  තියෙනවා.

රසික සුරිආරච්චි මට උදවු වෙයි මේ වගේ කම්මල් කලාකවයෙන් පටන් අරන් බ්ලොග් හා පොත්, පත්තර ලියන තව කීප දෙනෙක්ගේ නම් මතක් කරන්න.

තව හිටියා විදුර තෙන්නකෝන් කියල බොහොම දක්ෂ ලියන්නෙක්. දැන් අන්න චන්දන හඳුන්වලා දුන්න දුරුරට තොරතුරු කියන FB ගෘප් එකේ ලස්සනට ලියනවා. විදුර ළඟදීම බ්ලොගක් ලියන්න පටන් ගනීවි කියල හිතනවා.

මගේ බ්ලොග් පෝස්ට් වලට රසබර කොමෙන්ට් ලියන  රුවන් රත්නායක අපේ කාලේ කලාකව පුවරුවට සොඳුරු නිර්මාණ ලිව්වා. ගායක  සමන් ජයනත් ජිනදාසගේ මලයා ලක්මාල් ජිනදාස වගේම ඔහුගේ බැච් එකේ හිටි වසන්ත ඇහැලපිටිය හා ගජසිංහ එහෙම නිතරෝම කවි ලිව්වා. ගජසිංහගේ කවි වලට පැත්තකින් මල් මල් චිත්තරෙකුත් දාලා තිබ්බා මතකයි.

අපේ බැචාලා වූ ඉස්කොලයා හා සමරක්කොඩි කාටුන් චිත්‍ර ඇඳීමට දක්ෂයි. සමරේ පාර්ට් ටයිම් චිත්‍රපටි කටවුට් බෝඩ් ඇන්දා කියල කාඩ් එකකුත් තිබ්බ. ෆොටෝ එකක් අරගෙන ඒක පුංචි පුංචි කොටුවලට බෙදලා ඊළඟට විශාල කොලේක ඒ විදිහටම අඳින්න මේ දෙන්නම දක්ෂයි.

කලා  කවයේ වැඩවලට ගොඩක්ම සම්බන්ධ වුන දෙන්නෙක් තමයි STB හා සමන් රන්ජිත් .
දැන් විදුලි ඉංජිනේරු අංශයේ  ආචාර්ය ජනක විජේකුලසුරිය 92 අවුරුද්දේ  කලා  කවය බාර අරගෙන සංස්කරණය කලා . හොඳට ලියන්න පුළුවන්. නන්දන හෙවත් පුංචි ඉස්කොලයා කැනඩාවට වෙලා දැන් හිටියට කලා  කවයත බොහෝ දේ ලියු කෙනෙක්. තව මට අමතක වූ නම් බොහොමයි. ඉංග්‍රීසී කවි සින්දු ලියපු අයත් හිටියා. තව ලස්සන ෆොටෝ හා චිත්‍ර නිර්මාණත් පුවරුවේ ඇලවුණා. ඔය අපි දන්නා සීමිත අවුරුදු කීපයට පෙර හා පසු තවත් බොහෝ පිරිසක්  ඔය කලා  කවයෙන් සිය නිර්මාණ විලිරුදාව  නිවා ගන්න ඇති

මේ කලා  පුවරුවට උනන්දුවෙන්  ලියපු ගැහැණු ළමයි අඩුයි. එහෙම උනේ අපේ කාන්තාවන් හිටියේ බැච් එකකට සියයට දහයක් විතර  වුණු  නිසා වෙන්ටැති .

ඉස්සර කලා  පුවරුවට මොනා හරි ලියන කොල්ලෝ කෙල්ලෝ නිතරම ඒ අවට තියෙන කැන්ටිම පැත්තේ ගැවසෙනවා. ඒ කවුරුවත් බෝඩ් එක කියවනවද කියල බලන්ට. කවුරුහරි එතන ඉන්නවනම්  එතෙන්ට වෙලා හොරෙන් බලනවා මොනාද කියවන්නේ කියල. දැන් උනත් FB එකට හරි බ්ලොග් එකට හරි මොනාහරි දැම්මොත් සැරින් සැරේ ෆෝන් එකෙන් හරි ලොග් වෙලා බලන්නේ ලයික් කීයද කොමෙන්ට් කීයද  කියල.අන්න ඒ වගේ. දැන් පේරා කම්මල් ආදී ශිෂ්‍ය සංගමේ ලොකු තනතුරක් දරන ගාමිණී නන්ද වරක් කිව්වා මේ කලා පුවරුවට සෑහෙන පෙම් කවි ලිව්වා කියලා.

88-89 අවුරුදුවලදී කම්මල්  කලා  පුවරුවත් ඇඳිරි නීතිය දවසේ බස්ටෑන්ඩ් එකක් වගෙයි තිබ්බේ . ඒත් 90 අවුරුද්දේ මේක නැවත පණ ගහල ගන්නේ දැන් එංගලන්තයන්ට වෙලා ඉන්න මෙකට්‍රොනික්ස් වැඩ කරුවෙක් . ඒ අපේ පලී . පලියා නැවත ලියන්ට පටන් ගන්නවානම් කොච්චර හොඳද කියලා හිතෙනවා. දැන්නම් මිනිහ සමාජ ජාල, බ්ලොග් හා සිංහල පත්තර වලින් ඈත් වෙලා. ෆුල් ඩීසන්ට්. ඒත් ඒ කාලෙනම් පුදුම ෆන් එකේ හිටි චරිතයක්. ගොන්පාර්ට් නිර්මාණ ශිල්පියෙක්.

මේ පලීගේ සංස්කරණයෙන් පටන් ගත්ත දෙසති කලා  කව පත්තරේ ඒ කාලේ රස ගුලාවක්. විද්‍යුත් විනෝද මාධ්‍ය ඉතාම අඩු කම්මල් වාසීන්ට මේ කලාපුවරුව සිහිල් දියපිරි දොළක් වුනා.

ඔය කාලෙම පටන්  ගත්  ' පිටස්තරයා' නම් වූ තීරු ලිපිය සතියකට වතාවක් සඳුදා උදේට කොහොම හරි පළ  වෙනවා. ඉතින් සඳුදා පිටස්තරයාව  නොවැරදීම කියවන පිරිසකුත් හිටියා. මහා ඇකඩමික් හා ටෙක්නිකල් පෙනුම තියෙන සීරියස් අදුරු තුමෝත් ටික ටික කලාපුවරුව කියවන්ට පටන් ගත්තේ ඔය කාලේ.

අර මම කිව්ව  මාරේගේ කවිය  තමයි පිටස්තරයා අන්තිමට ලිව්වේ. මුල් කාලේ පිටස්තරයා ලියවුනේ පලීගේ අත් අකුරුවලින් , දෙවැනියට සමන් රංජිත්ගේ අත් අකුරින්. ඒත් ලියන්නේ වෙන කවුරු හරි කියල හැමෝම දැනගෙන හිටියා . ඒත් කොච්චර ඇහුවත් කවුරුත් කිව්වේ නෑ මේ නිර්නාමිකයා ගැන හෝඩුවාවක්.

සරෝජිනී බලන්න අස්ස කෝච්චියෙන් ගිය කතා, හෝර්ටන් තැන්නේ නිරුවත්ව වැතිරිච්ච කතා, අජිත් තිලකසේනගේ  කෙටි කතා ගැන වගේම  නිව්ටන්ට වැරදිච්ච තැන් ගැන හිටන්  එකකට එකක්  වෙනස් අපබ්‍රංශ ඒ කෙටි තීරු ලිපිවල පල වුනා.

මේ වැඩේ මාට්ටු වෙන්නේ සමන් රන්ජිතුත් අසනීප වෙලා තවත් අත් අකුරු ලස්සන එකෙකුට පිටස්තරයා තීරු ලිපිය  පිටපත් කරන්න දුන්නම. මෙන්න බොලේ අරූ එක රැයින් පීඨය පුරා පතුරුවනවා. පිටස්තරයා ලියන්නේ කවුද කියල.

පිටස්තරයා ගැන වැඩිපුර ලියවුනේ අවුරුදු 22කට පසු පසුගියදා මට හමු වූ 'පිටස්තරයා' සමග කළ සාකච්චාවක් ලබන 21 වැනිදා ලියන්ට හිතාගෙන ඉන්න නිසා.

දැන් ඔන්න පලී  ගැන කියනවානම් 1991 අවුරුද්දේ පලී කලා  කවයේ සංස්කාරක ධුරය මට භාර දීලා සරසවි ජීවිතෙන් සමු ගත්තා .

මෙන්න මේ වගේ කවියක් තමයි පලී අන්තිම දවසේ බෝඩ් එකේ අලවලා ගිහින් තිබ්බේ .( අන්තිම පදේ විතරයි හරියටම මතක, අනික්වා මට මතක තිබිච්ච වචන)

කම්මලේ යකඩ මැද යව්වනය දිය වුනේ
කොල්ලෝ දැන් වයසකයි තව ඉන්ට බෑ අනේ
ටිකට් එක හම්බුනා යන්න යනවා   පනේ
කෙල්ලො  ටික බලාගෙන හොඳින් හිටපන් රණේ


දැන් හැමෝටම ප්‍රශ්ණයක් වුනේ කවුද මේ රණේ කියන්නේ කියල . හැබැයි එදා කෑම පැයේදී කලා කව පුවරුව ඉස්සරහ යටි රැවුල අත ගගා මේ කවිය කියවමින් හිටි අපේ පිඨාධිපති මහාචාර්ය රණවීර දකිනකොට මේ කුතුහලය දියවෙලා ගිහිං හැමෝගෙම මුණුවල අලුත් හිනාවක් මතු වුනා.



පසු සටහන :

කම්මල් කලා  කවයේ නිර්මාණ බෙදා හදා ගන්නම නිර්මාණය  කළ පින්තාරු වූ  යන්තර බ්ලොග් අඩවිය ගැන මට හෝඩුවාව කී එරන්ද තරිඳුට ස්තුතිය. ඉහත නම් සඳහන් කම්මල්වාසීන් දෙන්නෙක් පසුව  ආරම්බ කරපු බ්ලොග් දෙකක් තමයි ඉකොනොමැට්ටා හා නොකී කතා

( සේයා රූ  අන්තර්ජාලයේ තැනින් තැනින්)

82 comments:

  1. WOW uncle!!!
    wonderful as usual!

    I love to read such stories about university stuff...
    They inspire my university dream...
    My parents are not university people, so such stories are rare for me.

    Thank you uncle very much!!

    (um a 2016 Bio A/L student, DBV)

    nice to comment first.. :-)

    ReplyDelete
    Replies
    1. My pleasure duwe. Best wishes for your studies. I am sure your university dream will become a reality.

      Delete
    2. Thank you uncle...!

      My only wish is also to make my dream a reality and to see my parents' smile...... :-)

      Delete
  2. මම දන්නා ලෙසට නම් "පිටස්තරයා" ඔබ විසින් කල නිර්මානයකි :)

    ReplyDelete
    Replies
    1. අපි බලමු 21 වැනිදා පිටස්තරයා ආවම

      Delete
  3. සොඳුරු මතක අවදි කිරීම ගැන ස්තුතියි.

    අප හැමෙකාම දන්නේ ඉහල පහල වසර තුනේ පිරිසයි. ඒ කියන්නේ කණ්ඩායම් හතක්. නමුත් හොඳින්ම දන්නේ කණ්ඩායම් පහක් ගැන පමණයි.

    ඉංජිනේරු පීඨයේ සිටි කලාබර අය ගැන කියනවා නම් හෙන්රි වර්ණකුලසූරිය තරම් මේ අංශයෙන් දිගටම ගිය වෙන අයෙක් මා දන්නේ නෑ. ඔහු නවකතා, කෙටිකතා, කවි පොත්, සිනමා සහය අධ්‍යක්ෂණය, පුවත් පත් තීරු ලිපි, පමණක් නොව වී එෆ් එම් සහ ස්වර්ණවාහිනි වල පූර්ණකාලීනව සේවය කළා.

    පොත් ලියූ තවත් අය ඉන්නවා. විස්තර සොයා පසුව එකතු කරන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔබේ සහාය ඉතා වටිනවා. බොහොම ස්තුතියි . හෙන්රි අපි ඉන්නා කාලයේ staff එකට සම්බන්ධවී හිටියා . ඒ නිසා ඔහුව හඳුනා ගන්න ලැබුනා.

      Delete
  4. අපේ කාලයේ කලා කවයට සම්බන්ධව සිටි සැවොම කවි හෝ වෙනත් ප්‍රබන්ධ ලියූ අය නොවේ. මගේ දෙවෙනි වසරේ සභාපතිකම කළ පොර (ප්‍රියංග රත්නායක) චිත්‍ර සැරසිලි වගේ දේවලට දක්‍ෂ අයෙක්. ඊලඟ වසරේ සභාපති වුනු ලක්‍ෂ්මන් අත්තනායක ගායනයට දක්‍ෂයෙක්. ඊලඟ වසරේ සභාපති වුනේත් එකළ ගායකයෙක් තමයි.

    මා පළමු වසරේ කාරක සභිකයෙකු ලෙසත්, දෙවන වසරේ සංස්කාරක ලෙසත්, තුන්වන වසරේ ලේකම් ලෙසත් කටයුතු කළා. අතීතයේ දී සිව්වන වසරේ සිසුන් ESU එකේ හැර අනෙක් සංගම්වල නිලතල දරා නෑ. අපේ දෙවන වසරේ දී මෙය වෙනස් වුණා.

    මා සිව්වන වසරේදී මට වෙනත් ලොකු ලොකු වැඩ (ESU, AC වැනි) සඳහා කාලය මිඩංගු කරන්නට වුණා. කවි ලියවුනේත් ඉතා අඩුවෙන්.

    ReplyDelete
    Replies
    1. ගායක සමන් ජිනදාසත් ඔය අතරේ ඉන්න ඇති

      Delete
  5. වසර ගණනාවක් තිස්සේ කරගෙන ආ පරිදි අදත් සතියකට සිංහල ඉංගිරිසී තීරු ලිපි ගණනාවක්ම ලියන ඉංජිනේරු පීඨ ආදී විද්‍යාර්ථියා තමයි වික්‍රමබාහු කරුණාරත්න.

    ReplyDelete
  6. සිඩ්නිවලදී හඳුණාගත් අපිට වඩා ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු පීඨ රසකාමියෙක් තමයි මැක්සිමස් ජයන්ත ආනන්දප්පා. ඔහු සංගීතය සහ සිනමාව ගැන සිංහලෙන් සහ ඉංගිරිසියෙන් ලියන ලද විචාර ලිපි විශාල සංඛ්‍යාවක් ලංකාවේ පත්තරවල පළ වී තියෙනවා.

    ReplyDelete
  7. අපේ කාලයේ කලා කවයේ කවි ලියූ පසුව කවි පොතක් පළ කළ (2008) අයෙක් තමයි නන්දන අබේසූරිය.

    මෑතකදී තමන් ගේ දෙවෙනි හෝ තුන්වෙනි කවි/ගී පදමාලා පොත "සුදු කතක් හා මධු විතක්" නමින් පළ කළ නිරාෂ ගුණසේකර මං හිතන්නේ මෑත කාලයේ පේරාදෙනියේ උගත් අයෙක්.

    ReplyDelete
  8. පිටස්තරයා කියන නම වියුත්පන්න වුනේ බහිතා කියන කාඩ් එකෙන් නේද තිලකසිරි අයියේ...

    ReplyDelete
    Replies
    1. බහිතා කියන යෙදුමට සිංහල විශ්වකෝශයක දී තිබූ එක නිර්වචනයක් තමයි 'පිටස්තරයා'.

      Delete
  9. කලකට පෙර (2011) කළ සංගණයකදී සොයාගත් සිංහල බ්ලොග් ලියමින් සිටි පේරාදෙනිය ඉංජිනේරු පීඨයට සම්බන්ධ අය මෙන්න.

    මකරා
    මධුරංග
    ගීතක
    චමිත
    චතු
    මකුළුදැල
    පිටුව සොයාගන්නට නැත
    බූඩිගේ තීරුව
    බැලීම සහ දැකීම
    රූ සිරිනි
    බිඟු නද
    කස්සා
    කතන්දර

    මේ සමහරු තවමත් බ්ලොග් ලියති. ඔබ වැනි ඉන් පසු බ්ලොග් ලිවීම ඇරඹූ අය මේ ලයිස්තුවට එකතු කළ යුුතුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. බලාගෙන ගියාම සෑහෙන පිරිසක් ඉන්නවා. තව අය ඇති

      Delete
  10. අයිසෙ මතක් කරන්න එපා ඔය ෆැකල්ටිය. ඕක දිහා බල බලා යන්න ගිහින් තමයි අර අලුගුත්තේරු රෝඩ් බම්ප් එක උඩින් කෙලගෙන ගිහින් මගෙ කා එක උඩ ගිහින් බිම වැටුනෙ.

    ReplyDelete
    Replies
    1. සාධාරණ තරහක්! යන ගමන අමතක වෙලා බෙල්ල ඒ පැත්තටම කැරකෙන එක මටත් තිබ්බ ලෙඩක්. පේරාදෙණියේ ආකර්ෂණය ගැන ඊට වඩා හොඳ උදාහරණයක් කොයින්ද?

      Delete
    2. ඇත්තටම ඔය හරියේ පාර ඉඩ නෑ පොඩ්ඩක් නවත්තලා වටපිට බලන්න. ඒ මදිවට රෝඩ් බම්ප් දාලා. අසාධාරණයි නේන්නම්

      Delete
    3. Den nan hugak wenas. Pare ida thiyenawa. Awasanawata trip yana nada kema kanna vitharai nawathwanne. Kala a minissu thawath sundara karala yanawa parisaraya. Api inna kale puluwan hemawelema palanaya karanna uthsaha kara. Den inna kekkumak thiyen junno junniyoth karai.

      Delete
  11. ඉංජිනේරුවන් වැඩි පිරිසක් කලාව ඇසුරු කරනවා නම් මේ දරදඩු නිර්මාණ සුමට වෙන්න තිබුනා. රසබර මතකයක්.

    ReplyDelete
    Replies
    1. මොනාද දේශෝ දරදඬු නිර්මාණ ?. අපි ලියන එව්වාද

      Delete
  12. හෙන්රි වර්ණකුලසූරියගෙ පොතක(නම මතක් වෙන්නෙ නෑ, වර්තමානයේ බොහොම ඉහළ තැන වල වැජඹෙන පුද්ගලයන් අතලොස්සක් පිලිබඳ කෙටි චරිතාපදාන ඒකෙ ලියවිලා තිබ්බෙ) මහාචාර්ය රණවීර නම් වූ නිහතමානී සරසවි ඇදුරා පිලිබඳ ලියවිලා තිබුන මතකයි. කම්මල විෂය බාහිර සාහිත්‍යකාමීන්ගේ තෝතැන්නක් කියන්න මේ ලිපිය සාක්ෂි කියාපානවා. ජයවේවා...

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ .... ඒක තමයි නම ...

      Delete
    2. ස්තුතියි සජ්ජා. නොකී කතා පොතත් ඒ අතීතය මතක් කරන පොතක්

      Delete
  13. "පිටස්තරයා" තිලකේ අයියාද ?

    එතකොට කම්මලේ හිටිය ගොඩක් අය කලා පිඨා ඉන්න ඕනේ අය වගේනේ පේන්නේ.

    ReplyDelete
    Replies
    1. තේරුමක් නැති කතාවක්. මේ ගැන අර ඉස්සර බ්ලොග් එකක් ලියපු පේරාදෙනියේ ඉංජිනේරු පීඨයේ ආදී විද්‍යාර්ථී කතන්දරකාරයා මෙලෙස ලියා තිබුණා.

      http://kathandara.blogspot.com/2014/05/writing-for-fun.html

      Delete
    2. පිටස්තරයා ගැන තාම හරියට කියන්න බෑ . ඒ කාලේ අනිකුත් පීඨවලත් මෙවැනි නිර්මාණ පුවරු තිබ්බා. එපි වරින් වර ගියාම ඒවාත් කියවනවා

      Delete
  14. අනේ මන්දා බං අයියේ දැන් නම් විශ්වවිද්‍යාල වල දැන්වීම් පුවරු දකිද්දී දුක හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ අන්තර්ජාලය, ලැප්ටොප් , ටැබ් හා ස්මාර්ට්ෆෝන් තිබුනානම් කලාකවය ගැන කියන්න වෙන්නේ ඕකම තමයි. දැන් ඉන්න ළමයින් අතරත් අර ප්‍රතිශතයම ඉන්නවා කියලයි මම හිතනේ නිර්මාණ කරන ඒවා රස විඳින අය . මේකේ පළමු කොමෙන්ටුව ලියලා තියෙන්නෙත් පාසැල් දැරියක්

      Delete
  15. ඔයි
    අයිසෙක් Newton අපිත් දකින්නැති, ගණන් හදන්නැති ඒකාලේ,
    Campus යන්නට ලකුණක් මදි ඇති, ඒකයි තවමත් මහ පාරේ…

    පාන් අපිට වෙන මොනවද ..........

    ReplyDelete
    Replies
    1. campus ගියත් අපිත් මහපාරේ තමයි ඇනෝ . වරුගණන් බලා ඉන්නවා මහපාරේ තාර දාන හැටි පාන්වත් නැතිව

      Delete
  16. අතීතය මතක් කරන්න තියෙනවානම් ඉතින් තවත් මොනවද???? විශේෂයෙන් ම ජීවිතේ සුන්දර ම කාලේ...

    ReplyDelete
    Replies
    1. පොදුවේ ගත්තම ජීවිතයේ සුන්දරම කාලේ ඉස්කෝලේ කාලේ කියලයි මට හිතෙන්නේ. හැබැයි අපි ජීවිතේ එළඹෙන හැම අවුරුද්දම ජීවිතේ හොඳම අවුරුද්ද අර ගන්න උත්සහ කරන්න ඕනි.

      Delete
  17. /* මේ කලා පුවරුවට උනන්දුවෙන් ලියපු ගැහැණු ළමයි අඩුයි. එහෙම උනේ අපේ කාන්තාවන් හිටියේ බැච් එකකට සියයට දහයක් විතර වුණු නිසා වෙන්ටැති. */

    අපේ සීනියර් බැච් එකේ දෙසිය පනහෙන් හතලිහක් කෙල්ලෝ හිටියා. අපේ බැච් එකේ නං හිටියේ විසි පස් දෙනෙක් විතර. පිරිමින්ගෙන් වුනත් කවි ලිව්වේ 2% පමණ නිසා, සංඛ්‍යාව අඩුවෙනකොට ඒ ප්‍රතිශතයම තිබුණත් කවි ලියන්න කෙනෙක් නැති වෙනවා තමයි.

    නමුත් මට හිතෙන්නේ ගෑල් ළමයින්ට සැම දේටම තිබුණු නිදහස අඩු බවයි. ඒකට හේතුව පීඨයේ පමණක් නොවේ සමස්ත විශ්ව විද්‍යාලයේම තිබුණු පුරුෂෝත්කර්ෂවාදී පරිසරයයි.

    ඉතාම කණගාටුදායක තත්වයක්. දැන් වෙනස් දැයි දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. තරමක් දුරට එකඟයි. මේ තත්ත්වය දැන් වෙද්දී ක්‍රමයෙන් වෙනස් වෙලා ඇති කියල හිතනවා

      Delete
  18. අපූරු මතක සටහන් පෙළක් තිලකේ.කවිය නං ආයෙ අහන්න දෙයක් නෑ මරු.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හැලපේ . ඔය කවියේ original එකම නෙවෙයි. ඒක මීටත් වඩා රහයි

      Delete
  19. සොඳුරු මතක දිග හැරුමක් !

    ReplyDelete
    Replies
    1. මොහොම ස්තුතියි කිචී . මේ පැත්තට ආදරෙන් පිලි ගන්නවා

      Delete
  20. Apooru mathakayak, mage es walatath kadulu piruna .pali england inna bawa danneth meken .harima hegeem barai.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වසන්ත. මේක කියවාපු එකම සමකාලීනයා ඔබයි . දැන් ලියන්නේ නැද්ද? හෙමිහිට බ්ලොග් එකක් ලියමු.

      Delete
  21. ළිපියත් හරි අන්තිම කවියත් හරි.. කවදත් වගේ සිත නිවුනි තිලක සිත...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මාතලන්

      Delete
  22. අය්යගේ ලිපිය මාව අතීතයට ඇදගෙන ගියා . ඉංජිනේරු පීටයේ සිටියදී කලා කවය විසින් කරන කලා පුවරුව බැලීමට මමත් හුරු වී සිටියා . ඒක හරිම සුන්දර අතීතයක් . පලීපාන සර් ගැන එලියට ගියත් හරි ප්‍රථම වතාවට ඇහුනේ .රුවන් අය්යානම් ගූගල් එකේ ඉන්නවා . 1992-1996 කාලයේ ලස්සනට ලියපු නංගි කෙනෙක් හිටියා , එයා දැන් ඉන්නේ USA හරි Canada හරි

    ReplyDelete
    Replies
    1. පලිපාන ගැන හොයන්න මටත් සෑහෙන මහන්සි වෙන්න වුනා . ලස්සනට ලියන ගැණු ළමයි කම්මලේ හිටි බව අහන්න සතුටුයි

      Delete
    2. මේ පලිපාන කියන්නේ මිකැනිකල් කළ, පසුව ෆැකල්ටියේ වැඩ කළ, Loughborough වගේ තැනක පීඑච්ඩී එකක් කළ පලිපාන ද? ඔය වාසගම තියෙන අය බොහෝ ඉන්නවානේ!

      ඒ මං කියන පුද්ගලයා නම් නං මටත් පහුගෙන් අසන්නට ප්‍රශ්ණයක් තිබේ! ඔය පලිපාන ගේ දැන් තතු ෆැකල්ටියේ ඉන්න අසංග රත්නවීර දන්නවා ඇති.

      Delete
  23. නියම පොස්ට් එකක්..එල..,,අයියලා..මමත් කාලයක් කවියක් දෙකක් කලා කව දැන්වීම් පුවරුවෙ දැම්ම..ඒක කියන්න නෙවෙයි කොමෙන්ට් එක දාන්නෙ. අර කිවුවා වගේ "අප හැමෙකාම දන්නේ ඉහල පහල වසර තුනේ පිරිසයි. ඒ කියන්නේ කණ්ඩායම් හතක්. නමුත් හොඳින්ම දන්නේ කණ්ඩායම් පහක් ගැන පමණයි." ..බැරිද අපිට ඉස්සර ඉදන් කලා කවයෙ හිටපු .නැත්තම් ඔය කවි කතා ලියපු කට්ටිය දවසක සෙට් වෙලා පොඩ්ඩක් අතීතෙ ආවර්ජනය කරන්න. අපිත් ආසයි පරණ වැඩ්ඩො ටික බලාගන්න. සහ අලුත් පොඩ්ඩො ටික බලාගන්න. ඔපන් ෆොර් යුවර් අයිඩියාස්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ණු . ඔබේ අදහස හරි අගෙයි. අපි ඉදිරියේදී බලමු කලාකව මිතුරන්ගේ හමුවක් ලෑස්ති කර ගන්න

      Delete
  24. සොදුරු මතක දිග හැරුමක් අයියේ.. හැබැයි දැන්නම් කලා කව තියා කැම්පස් වල තියෙන හැම දෙයක්ම එදාට වැඩිය සෑහෙන්න වෙනස් වෙලා ගිහින් ඇති.. ඒකට ඉතින් විවිධ හේතුත් තියෙනවනේ..

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි. කාලාණුරූපව හැම දේම වෙනස් වෙන්ටත් ඕනි නේද ?

      Delete
  25. මේකෙන් වැඩියෙන්ම මතක අලුත් වෙලා තියෙන්නේ රසිකොලජිස්ට්ගෙනේ. :D

    ReplyDelete
    Replies
    1. /* රසික සුරිආරච්චි මට උදවු වෙයි මේ වගේ කම්මල් කලාකවයෙන් පටන් අරන් බ්ලොග් හා පොත්, පත්තර ලියන තව කීප දෙනෙක්ගේ නම් මතක් කරන්න. */

      මතකය අලුත්වීම සහ ඒ ගැන මෙහි ලිවීම දෙකකි. මගේ නම දෙවරක් සඳහන් කරමින් ඉහත ඉල්ලීමද කර තිබෙනු දුටු විට එය නොසලකා සිටීමට නොසිතුණි.

      හග

      Delete
    2. හපොයි රසික, වරදක් කිව්වා නෙවෙයි. මමත් ඒ ටික කියෙව්වා. ඔබ ලියා තිබූ හැම එකතු කිරීමක්ම කියෙව්වා රසවින්දා. :)

      Delete
    3. Dude,
      මාත් වැරදියට සිතා නොවෙයි පිළිතුරු ලිව්වේ!

      මොබයිලයෙන් දැමූ කමෙන්ටුවේ වරදක් නිසා සිනා මූණ යෙදී ඇත්තේ "හග" ලෙසයි. එය පහත පරිදි නිවරද විය යුතුයි.

      ;)

      කෙසේ වෙතත් ඔබේ කමෙන්ටුව නිසා, මේ ලිපියේ මගේ කමෙන්ටු ගණන ඔන්න දැන් දෙකකින් වැඩි වුණා.

      Delete
    4. මටනං සන්තෝෂයි රසික හා ඩුඩ් දෙන්නම ඇවිස්සුවේ මමනිසා . රසකාමී යාළුවො මොන සංවාදෙන් වුනත් එකතු කරන්නේ රසමනේ

      Delete
  26. කොන්ක්‍රීට් යකඞ මැද යව්වනේ හිරඋනේ
    ජීවිතෙන් කෑල්ලක් මෙතෙන්ටම දියඋනේ
    ෆැකල්ටිය උඹලගෙයි, අපි යනව කොල්ලනේ
    කෙල්ලො ටික බලාගෙන හොඳින් භිටපන් රණේ
    -පලී

    (ජීවිතය අසාර්ථක වී, සත පහක වැඩක් නැති එංගලන්තෙට වෙලා පව් ගෙවන ගමන්)

    රසික: මේ ඒ පලී තමයි.

    ReplyDelete
    Replies
    1. මටනම් මාර සන්තෝෂයි පලී ආපහු අපි එක්ක එකතු වුනාට. මගේ මතකයේ අවුරුදු විසි පහක් අතුලත කවියේ මුල් පද තුනම මාර විදිහට වෙනස් වෙලා. මේ ඔරිජිනල් එක තමයි එළ .
      (ජීවිතයේ සාර්ථක අසාර්ථක කාල තියෙනවා පලී අපි කොයි කාටත් . ඔය කොයිකත් තාවකාලිකයි. සදාකාලික වන්නේ මිහිරි මතක විතරයි )

      Delete
  27. තිලකසිත: මාව හොයලා හොයලා මට ඔයාගෙ බ්ලොග් එකට පුරුක එව්වට බුසල් ගානක් පින්.
    (පුරුක = ලින්ක් එක: පලීගෙ ගොන්පාට් වචන)

    අනුර ගුණතිලක කොල්ලෝ: මාව අමතකවෙලා නෑ නේද ? පුදුම හිතෙනවා.

    -පලී

    ReplyDelete
    Replies
    1. ගොන්පාර්ට් වුනත් නැතත් පලීගේ එක වචනයක් හරි මගේ බ්ලොග් එකට එකතු වීම අපමණ සතුටක්.

      Delete
  28. "කෙල්ලො ටික බලාගෙන හොඳින් හිටපන් රණේ" ලිව්වෙ 1990 අග භාගෙදියි. අවුරුදු 25ක් ගිහිල්ලත් තිලකසිතට ඕක මතක තිබුන එකනෙ අරුමෙ. එළ තිලක !!!
    -පලී
    ('ඇනෝ' විදිහට ලියන්නෙ මට ෆේස්බුක් ආස්බුක් මොකුත් නැති නිසයි)

    ReplyDelete
    Replies
    1. පලී,
      තිලකසිරිට විතරක් නොවේ, මටත් හොඳ මතකයක් තියෙනවා.
      ඒ ගැන සඳහන් "පුරුකක්" ඊ-මේලයෙන් එවන්නම්. කැමති නම්, මෙතැනත් දැමිය හැකියි.

      Delete
    2. අයිස් ඒජ් එකක් ආවලු
      කොන්ටිනෙන්ටල් ඩ්රිෆ්ට් එකට පස්සේ

      හයිබනේට් වෙලා හිටියලු
      පොල්ලෙලි ගහන යන්තරේ අස්සේ

      ෆේස්බුක්වත් නැති කැලෑවකලු
      පහුගිය අවුරුදු විස්සේ

      කොහෙද කියලා හෙව්වා
      කාලයක් තිස්සේ

      ඉඩෝරේ ඉවරද
      යාන්තම් වැස්සේ

      මාච් එක පටන් ගමු
      හිටිය ඇති සිත් සේ

      මයිනෝරා මැජෝරා
      මයිනෝරා මැජෝරා

      Delete
  29. හරිම අපුරු කවියක් සහ ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බින්දී . ඔරිමජිනල් කවිය කොමෙන්ට් එකක තිබ්බා දැක්කද ?

      Delete
  30. මමත් ආසාවෙන් කියෙව්වා.
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. තැන්කිව් . එලද බ්‍රා !

      Delete
  31. ඉන්ජිනේරු පීඨය ගැන නම් ලොකු අදහසක් නෑ. කලා, භූගෝල විද්යා සහ ප්‍රධාන පුස්තකාලය පැත්තෙනම් දෙතුන්පාරක් ගිහින් තියනව. ඒ ගොඩනැගිලි හා සෙටින් එකට පුදුම ආසාවක් එනව. ඉන්ජිනේරු ෆැකල්ටි එක වුනත් ලංකාවෙ අනිත් විශ්වවිද්යාලවලට වඩා ආස හිතෙනව

    ReplyDelete
    Replies
    1. පේරා සරසවියට තැන තෝරා ගැනීම වගේම භුමි හා ගොඩනැගිලි සැලැසුම් අති දක්ෂයෙකුගේ වැඩක්

      Delete
  32. දෙතුන් පාරක් කියෙව්වෙ. හරිම ලස්සන ලියවිල්ක් මට නම්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිනිති.

      Delete
  33. සරසවි ජීවිතයේ ලස්සන මතක සටහන් අවදිකිරීම ගැන ස්තුතියි අනේතකවාරයක් ඔබතුමාට. පේරාදෙණිය සරසවිය අපේ ගීත සාහිත්‍යය තුලත් සටහන් වෙන එකම සරසවිය මං හිතන්නෙ. අහිමි සරසවි ප්‍රේමය ගැන ජෝතිගේ හඬින් අහලා තියෙනවද?

    https://www.facebook.com/jothipala.everliving.legend/posts/987030938042790

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කසුන්. පුදුමය කියන්නේ මේ ජෝතිගේ සින්දුව කවදාවත් අහලා තිබ්බේ නෑනේ. ඔන්න මම යාළුවො එක්ක බෙදා ගත්තා

      Delete
  34. බොහොම අපූරු ලියවිල්ලක්..බොහෝ කල් ඉඳන් කියෙව්වත් පැමිණ යමක් සටහන් කරන්න නොහැකි වීම ගැන සමා වෙන්න තිලක සිත අයියා... !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නංගී. මමත් අනිත් කොනට ඇවිත් කොමෙන්ට් නොකෙරුවාට නිතර ගොඩ වෙන තැනක්. වඩාත් සමීපව දැනෙන හින්දාද කොහෙද මොකුත් ලියන්න හිතුනේ නෑ නේන්නම් . ජය !!

      Delete
  35. පෙට්ටියට දාලා බිත්තියේ ගහන කල් මාත් ආසාවෙන් බලාන් ඉදල තියෙනව..

    ReplyDelete
  36. Machan, are you talking about this Pali? (Aruna Palipana)? http://people.uwe.ac.uk/Pages/person.aspx?accountname=campus%5Cas-palipana

    ReplyDelete
  37. අවුරුදු 26 විතර පරන අතීතය මතක් කලාට ස්තුතිය් තිලකේ. පිටස්තරයා හොර්ටන් තැන්නේ නිරුවතින් නිදා ගත් කවිය ලඟක් වෙනකන් මගේ ඔලුවෙ කැරකි කැරකි තිබුනා. පිටස්තරයා හම්ඹ උනොත් ආයෙත් ඒක එලියට දාන්න කියපන් .

    ReplyDelete
  38. I was the rooma of Pitastaraya those days. But I also didn't know who is writing this.

    ReplyDelete