මම මුලින්ම හඳුනාගත් නේපාල ජාතිකයා අර්ජුන් වෙන්නට ඇති. ඒ වසර කිහිපයකට පෙර මා මුල්වරට මේ රටට ආ විටදී. ඉස්සෙල්ලාම දවසේ මා වැඩබිම් කන්තෝරුවේ හැමෝටම හඳුන්වා උන් අපේ ලොක්කා මට අර්ජුන්වත් හඳුන්වා දුන්නේ මෙසේ කියමිනි.
' ඔයාට ඕනිම වෙලාවක තේ එකක් කෝපි එකක් බොන්න හිතුනොත් අර්ජුනට කතා කරන්න'
මම කන්තෝරුවේ නුපුරුදු පුටුවේ වාඩි වී ටික වෙලාවක් ගත වෙත්ම තේ එකක් බොන්නට සිතිනි. අල්ලාපු ගොඩනැගිල්ලේ තියෙනවා කී කුස්සියේ ඉන්ටකොම් නොම්මරය සොයාගෙන බොත්තම් එබූ මම අර්ජුන් ඇමතීමි.
මට තේ එකක් බොන්න ඕනි.
කව්ද කතා කරන්නේ? .
මම අලුතින් ආපු අහවලා . මම කිව්වෙමි.
පැය බාගෙකින්වත් තේ එක නොලැබුන නිසා නැවත අර්ජුන් ඇමතීමි
එවරත් සුපුරුදු ප්‍රශ්නය ඇසිණි .
'මම අර අලුතින් ආපු අහවලා උදේ කතා කරේ' .
හරි මහත්තයා මේ දැන් ගේනවා .
තව විනාඩි විස්සකින් පමණ මට නැවතත් කුස්සිය ට කතා කරන්නට සිදු විය . කෝ අර්ජුන් මම දෙපාරක් තේ එකක් ඉල්ලුවා තාම නෑනෙ .
'දැන් මම ගෙනාවනේ සර් . හරි මම ආයේ ගේන්නම්'
ටික වෙලාවක් බලා සිටි මම මේ වැඩේ හරි යන් නෑ කියා සිතාගෙන කුස්සිය සොයාගෙන ගියෙමි. කුස්සියට යනවිට නේපාල මල් පත්තරයක් කියවමින් මේසයට හේත්තු වී ගෙන අර්ජුන් සිටියේය.
කෝ අර්ජුන් මම ඉල්ලපු තේ එක?.
අර්ජුන් ඔලුවේ අත ගහ ගත්තේය. 'අයියෝ ඔය මහත්තයාද තේ ඉල්ලුවේ?. අද අලුතින් ආපු තවත් මහත්තයෙක් ඉන්නවනේ එයාට තුන් පාරක් තේ ගෙනිච්ච. තුන්වෙනි පාර බැනුමුත් අහගෙන තේ එක ආපහු ගෙනාවා' .
ඔය විදිහට හිතවත් වූ අර්ජුන් හරිම හිත හොඳ අහිංසකයෙක් බව මට නොබෝ දවසකින් පසක් විය. සන්තෝෂම් මුදල් කිසිවක් නොපැතු ඔහු ඉඳ හිට ඉල්ලා සිටියේ නගරයට සතිපතා ගුවනින් එන නේපාල යොවුන් පත්තරයක් ගෙනල්ලා දෙන්න කියලාය. අපේ වැඩබිම පිහිටියේ තරමක් නගරයෙන් බැහැරව නිසා අර්ජුන්ලාට නගරයට යන්න ඉඩක් ලැබුනේ කලාතුරකිනි.
ඒ වැඩබමේ සිටි නේපාල ජාතික ලිපිකාරිණිය ගෞරි පිළිබඳවද මතකයේ හිටින කතන්දරයක් තිබේ. ජපන් බෝනික්කන් සේ ඇඟ පසඟින් හා ඇඳුමෙන් වූ පිලිපීන ලියන් අතරේ කෘෂව ගිය සිරුරින් යුතුව ගෞරි මුළුගැන්වී සිටියාය. වරක් මම නිවාඩු ගොස් එනවිට අපේ පරණ වැඩබිම් කන්තෝරුවේ කොටසක් කඩා දමා තිබුනේ අලුතින් ඉදිවන සුවපහසු කන්තෝරුවට ඉඩ පහසුකම් සපයමිනි. කලින් තිබුණු කන්තෝරුවේ පුටු මේස ඉවත් කර තිබුණ අතර අලුත් ගොඩනැගිල්ලේ පැකින් නොකැඩූ අලුත්ම පුටු මේස ලොරිවලින් බාමින් තිබිණි.
මට ඉඳ ගන්නට ඉතිරි වී තිබුනේ පුංචි ස්ටූලයකි . ලඟපාත මේසයක වැඩ කළ නේපාල ලිපිකාරිණිය ඇය මෙන් දෙගුණයක් උස විධායක පුටුවක වාඩි වී සිටියාය. මම ලංකාවේ කලින් සිටි කන්තෝරුවක අලුතින් පුටු ගන්නා විට උස් පහත් බේදයකින් තොරවම හැමෝටම හොඳ තත්ත්වයේ එකම වර්ගයේ පුටු ගත්තා මතකය. ඒත් මෙතැනදීනම් නම් මට මදි පුංචිකමක් වුණායැයි සිතෙන්නට පටන් ගත්තේය. එතැන් සිට මම අර ලිපිකාරිනිය දෙස බැලුවේ තරමක් නොමනාපයෙනි.
මේ අස්සෙම ඇය මා දෙස බලා මෙසේ කිව්වාය.
'මහත්මයා ඔය පුටුවේ ඉන්න අමාරුයි නේද? අපි අලුත් කන්තෝරුවට තව දවසකින් දෙකකින් මාරු වෙනවා. එතන ඔබට ඉතාම සුවපහසු මේසෙකුයි පුටුවකුයි ලැස්ති කරලා තියේවී .
මම කිසිත් නොකීමි. ' මට අපහසුයි කියල තේරෙනවනම් මේ පොඩි පුටුවක් තිබ්බේ මොකටද ' කියන්නාක් මෙන් ඈ දෙස නුරුස්නා බැල්මක් හෙළුවෙමි.ඇය අසුනින් නික්ම ඉවතට ගිය මොහොතක මම මදක් ඇයගේ පුටුව දිස බලා සිටියේ පහන් සිතින් නොවේ. ඒත් පුටුව පාමුල තිබු ගඩොල් කැටයක් දුටුවිට මට මා ගැනම මහා අප්‍රසන්නබවක් ඇති විය.
ඈ රෝදයක් ගැලවුණු , කැඩිච්ච කැරකෙන පුටුව අපහසුවෙන් අටවා ගන්නට ගඩොලක් තබා තිබිණි. තිබිච්ච පුටු අතරේ වඩා හොඳ පුටුවය මට ඉතිරි කර තිබුණේ .
ඔය සිදුවීම් දෙකෙන් පසුව මම නේපාල ජාතිකයන් දෙස හිතවත් කමින් බලන්නට පුරුදු වුනෙමි.
මේ ළඟදී නේපාල ජාතික යුවලක් මට රාත්‍රී අහර වේලකට ඇරයුම් කළහ. ඇත්තෙන්ම ඔවුන්ගේ මුල් නිජ භුමිය වී තිබුනේ ටිබෙට් රටය. ඉතාම දුෂ්කර පරිසරයක අල්පේච්ඡ ජීවිතයක් ගත කරමින් ඉහළට ඉගෙන ගෙන තිබූ ඔවුන් දෙදෙනා මේ රටේ සිටින ලක්ෂ හතරක් පමණ වූ අනෙකුත් නේපාල ජාතිකයන්ට වඩා වෙනස් වුයේ රැකියාවෙන් හා අධ්‍යාපන මට්ටමිනි.
ජනාකීර්ණ දෝහා නගරයේ ඔවුන්ට අනුව ඉස්තරම් නේපාල රස්ටෝරන්ට් එකකදී මා කැමැත්තෙන් කතැයි සිතා මොමෝ නම් මස් රොටි වැනි අහරක් ඔවුන් ඇනවුම් කළහ. ඉහත සේයාරුවේ පෙනෙන්නේ මේ මොමෝ සංග්‍රහයයි .
ඇත්තෙන්ම මට එහි රසයක් නොවුනි. එහෙත් අනන්ත දුෂ්කර ගිරි දුර්ග අතරේ වැඩී ශීතල ශුෂ්ක පරිසරයක හැදුණු ජන කොටසකගේ කඳුළු, දහදිය හා අහිංසක කමේ රසය එහි විය. මොමෝ ගෙඩියක හැඩයත් කඳුළු බින්දුවක් වගෙය.
ඒ නිසා මම සතුටු මුණක් පෙන්වා සුප් කෝප්පය සමග මොමෝ හතරක් ගිල දැම්මෙමි.
මේ රටේ දෙවැනි විශාල් ජනගහනය වුනත් නේපාල ජාතිකයන් පොදුවේ දුප්පත්ය. අහිංසකය. ඔවුන්ට කියා හොඳ තත්ත්වයේ ආපනශාලාවක්වත් නැත. ලක්ෂ විසි දෙකක් පමණ වූ කටාර් ජනගහනයෙන් ලක්ෂ හතරකට වැඩි නේපාල් ජාතිකයන් පිරිසක් සිටිනවා කියා හිතන්නත් අමාරුය. ඒ ඔවුන් සමාජයේ කැපී පෙනෙන මට්ටමේ මිනිසුන් නොවීමය. කරණවෑමියන් , වේටර්වරුන්, ගෘහ සේවිකාවන් හා කම්කරුවන් ලෙස ඉතා දුක්බර ජීවිතයක් ගෙවන ඔවුහු පෝෂ්‍ය ගුණයෙන් හීන , ඉතා සහැල්ලු අහරකින් , මිල අඩු ඇඳුමකින් සැනසී හම්බ කරන සියල්ල නේපාලයට මනි ඔර්ඩර් මගින් යවති. මැද පෙරදිග වෙසෙන නේපාල ජාතිකයන් යවන මුදල සමහර විට එරට ප්‍රධාන ආදායම වෙන්නට පුළුවන.
ගිය සතියේ ඇතිවූ භුමි කම්පාව මගේ හදවතේ තාමත් ප්‍රතිකම්පන මතු කරන්නේ සොබාදහමත් අන්තිමේ හිරි ඇර ගන්නේ මෙවැනි හද්දා අහිංසකයන්ගේ කඳුළුවලින් නේදැයි අසමිනි.

mo-mos wala loku rasak nathi unata, ekath ekka wenama chutni ekak enawa. eka godak rasai.
ReplyDeleteඔව් ඇත්තටම එදා උනේ ඒ චට්නි එක තවරන් හරියට කන්න මම දැනගෙන හිටියේ නැති එක සහ ඒ කෝකියාගේ අඩුපාඩුව. නැත්නම් මොමෝ රහයි කියලයි යාළුවො කියන්නේ
Deleteහම්බ වෙලා තියෙන නේපාල ජාතිකයන් දිහා බැලුවාම තිලක්ගේ කතාව නම් හරිම ඇත්ත. නේපාලය හරිම දුප්පත් රටක්. ඒ වගේම මොන තරම් සුන්දර වුනත්, ජීවත්වෙන්ට අමාරු රටක්.
ReplyDeleteඅහිංසකයන්ටම මෙහෙම වෙන්නේ ඇයි? හොඳ ප්‍රශ්නයක්...:(
අහිංසක දුප්පත් මිනිසුන්ට වු ව්‍යසනයක් . දැන් කෑම හිඟය, වැස්ස හා ලෙඩ රෝග නිසා තත්වය දරුණුයිලු
Deleteඇඬෙනව තිලකෙ, ඔහොම ලියන්න එපා...
ReplyDeleteඅනේ සමාවෙන්න . මට දැණුන දේ ලිව්වා
Deleteමගේත් අල්ලපු මේසයේ ලඟදී සිට ඉන්නේ නේපාලයෙන් ඉගෙන ගන්නට පැමිණ මෙහි පදිංචි වුණු තරුණයෙක්. ඔහු ගේ දෙමව්පියන්ට කරදරයක් වී නැති බව කීවා. නමුත් තාම ජීවත් වෙන්නේ ටෙන්ට් එකක ලු නිවෙස හොඳින් තිබුණත්.
ReplyDeleteඅපේ සයිට් එකේ වැඩකරන කීප දෙනෙක්ගේ ගෙවල් විනාශ වෙලා
Deleteමට මුලින්ම හම්බ උනු නේපාල් යාලුවා පළමු දිනේදීම කෙතරම් කුලුපග වීදයත් එදා රෑ අපි දෙන්නා සකේ බෝතලයකට වග කිව්වා.
ReplyDeleteඒ යාලු කම අවු 20ක් ගිහිනුත් තවම ස්කයිප් හරහ තියෙනවා. මේ කේදවාචකයෙන් පස්සෙ සිය වතාවකට වඩා උත්සාහ කලා ටෙලිෆෝන් වෑඩ කරන්නෙ නෑ.
අවුරුදු විස්සක් නොවෙනස් මිතුදමක් !.ඔබේ යාළුවාට කරදරයක් නැතිව ඇති කියල හිතෙනවා
Deleteදුක් හැගුම් පාන ඔබේ කතාව හරිම වටිනවා. මේ අවස්ථාවෙ ලංකාව කුමන තත්ත්වයක හිටියත් නේපාල වැසියන්ට උපකාර කිරීමට මහත් වෑයමක් ගන්නවා.
ReplyDeleteමන් හිතන්නේ ලංකාව මේ සිද්දිය වෙච්ච වෙලාවේ ඉඳන්ම සෑහෙන උදව් කරනවා. ඒත් අනාතයෝ දශලක්ෂයක් ඉන්නවලු
Deleteනේපාල ජාතිකයන් ගැන තිලකේගේ වර්ගයේ සංවේදි කතාවක්.. මං මනාපයි..
ReplyDeleteබොට කියන්න බං මට අවුරුද්දකට නේපාල කෙල්ලෝ නං විසි පහක් තිහක් විතර හමු වෙනවා.. පුදුම කිචි බිචි කාරයෝ. කොල්ලෝ නං ටිකක් ආඩම්බරයි.. මං හිතන්නේ උන් නේපාලේ ධනවත් පවුල් වල හරි දේශපාලන පව්ල් වල හරි අය වෙන්ටැති.
හිරි ඇර ගැනීම පිළිබද බලවත් සන්තෝසය..
හැඈ
Deleteදේශා නේපාලේ ටියුශන් එකක් කරනවද? හැක්..
Deleteතැන්කිව් දේශෝ . මම කල්පනා කරෙත් දේශාට කොහෙදිද කිච්චි බිචි ගාන අය හම්බුනේ කියල
Deleteදේශෝ හිරි ඇරගෙන තියෙන්නේ තිලක නෙවෙයි බං, සොබාදහම. උඹේ හිතේ තියෙන කැත ගතිය විතරක්..... මෙතන ආවා නේපාල් කෙල්ලෝ පස්සේ ගිහිං. ඇත්තටම උඹට ෂුවර්ද නේපාල් කියලා? ලංකාවේ ඉන්න තායි හරි චීන හරි සෙට් එකක් වෙන්න බැරිද ? හැක් ...
Deleteනෑ සුදීක, දේශා අදහස් කරලා තියෙන්නේ 'ලිවීමේ හිරි ඇර ගැනීම' ගැන වෙන්ට ඕනි
Deleteයාන්තම් දෝහා වලට වසන්තය ඇවිල්ලා.....මේ කියන ලිපිකාරිණිය ගැන වෙන්නැති අර කාලෙකට කලින් ලියන්න පොරොන්දු උනෙත්.
ReplyDeleteඅවුරුදු හතර පහකට උඩදි දෑ අවුරුද්දක්ම විශ්ව ගම්මානෙක ජීවත් වෙන්න අපිටත් වාසනාව ලැබුනා. අපේ ගේ පහල තට්ටුවේ හිටියෙ ඉන්දුනීසියානුවෝ, මීටර් විස්සක් විතර ඉස්සරහින් තිබුන ගේ පහල තට්ටුවේ නේපාල පවුලක් උඩ අබාධිත දරුවෙක් එක්ක හිටිය බංග්ලාදේශ් පවුලක්. ඊට එහා ගෙදර යට නේපාල් අය උඩ අප්‍රිකානුවෝ. හවසට අපේ දරුවො එකට එකතු වෙලා සෙල්ලම් කරත්දි අපි පාරට වෙලා කතා කර කර ඉන්න පුරුදු වෙලා හිටියා.
ඇත්තටම ඔවුන් බොහොම අහිංසක සුන්දර හදවත් තියෙන මිනිස්සු. හැබැයි මට හමුවුන නේපාල ජාතිකයො හැමෝම සුන්දර රූ සපුවකට හිමිකම් කිව්වා. අද ඔවුන් කවුරුවත් ගැන තොරතුරක් නෑ. අනතුරක් නෑ කියලා දැනගන්න ලැබුනෙ දෙන්නෙක් ගැන විතරයි.
ඔය සොබාදහම නිතරම ඔය විදිහට හිරි ඇරගන්න රටක ජිවත්වෙන අපි හැම මොහොතකම ඔය අවධානමට මුනදෙන්න සුදානමින් ඉන්න එපැයි.
ඒ ලියනවා කිව්වේ මොමෝ දුන්න යාළුවො දෙන්න ගැන තමයි. ඔන්න දැන් ඒ කතාව ආයේ ලියන්න ඕනි නෑ .
Deleteජපානේ භූමිකම්පා නිතර වෙන නිසා ලීයෙන් ගෙවල් හදන හැටි පොඩි කාලේ කියවලා තියෙනවා. නෙපාලේ අගනුවර 'කත්මන්ඩු' කියන එකේ දේශීය තේරුම ලී මන්දිරය කියන එකලු. ඒ නම තියෙන පන්සලක් තිබිලා තියෙනවා
අදයි අැහුවේ... මාමෝස්..... හරියට මාමලා කියලා ඉංග්‍රීසියෙන් කියනවා වගේ.. බහුවචන කරද්දි ඒස් දාන්න විතරනේ තියෙන්න්.... මාමා... ඒක වචන... බහුවචනය මාමෝ... ඉංග්‍රීසියෙන් මාමෝස්...
ReplyDeleteමාමොස් නෙවෙයි කුරුටු මෝමොස් . මේක විවිධ නම් වලින් චීනේ , රුසියාවේ විතරක් නෙවෙයි ඉන්දියාවේ සමහර රටවලත් තිබිලා තියෙනවා දිම්සුම් කියන නමින් ගොඩක් ප්‍රසිද්දලුhttp://en.wikipedia.org/wiki/Momo_%28dumpling%29
Deleteමට නම් බොහොම කනගාටු දායක තත්වයක් දෙකෙන් පන්ගුවක්ම නේපාල ජාතිකයෝ මට වැඩ කරන්නේ ඊයේ නේපාල ජාතිකයින් නම දෙනෙක් යැව්වා ඔවුන්ගේ රටට... ඒ හැමෝගෙම නිවාස වල හිටිය අයගෙන් ආරංචියක් මේ වෙනකම් නෑ ......... තව විසි එක දෙනෙක් ඉන්නවා යවන්න ........ මේ අය ඔක්කොම එක එක හේතු නිසා එකම දවසේ යවන්න බෑ...... ඉතින් පයෝරටි දෙන්න ඕනා කිසිම ආරංචියක් නැතුව ඉන්න අයටද තුවාල වෙලා ඉස්පිරි තාලේ ඉන්න අයගේ අයටද කියලා තොර ගන්න බැරි එක දැන් මට තියෙන ලොකුම පස්නයක්
ReplyDeleteඅපෙත් සයිට් වල සෑහෙන දෙනෙක් ඉන්නවා නේපාල ජාතිකයෝ . වාසනාවකට වගේ ඒ හැමෝගෙම ගෙවල්වල තොරතුරක් ට හොයාගෙන තියෙනවා. සමහරු ගියා
Deleteනේපාලයට හෙන ගහලා තියෙන්නේ නේපාල පාළකයන් නිසා.. ඒ තරම් දූෂිත පාළකයින් ඉන්නවා නම් ඉන්නේ අප්‍රිකාවේ රටවල් වල වෙන්න ඇති. බොහෝම බැක්වර්ඩ් මිනිස්සු. ස්වාභාවික විපත් නම් උස් පහත් බේදයක් නැතිවයි සිඳු වෙන්නේ. ජපානයටත් සුනාමි එන්නේ..
ReplyDeleteඕක මොකක්ද අනේ මෙච්චර ධාර්මික ලංකාවටත් සුනාමි ආවේ. ඒත් කිසිම පිලිමෙකට හානි උනේ නෑනේ. නැද්ද..?
Deleteදේශපාලකයින් වගේම ඒ රට සම්පත් අඩු දුර්ග රාජ්‍යයක් වීමත් නොදියුණු කමට හේතුවක් වෙන්නැති , මුළුමනින්ම ගොඩබිම් වලින් වටවෙලා තියෙන්නේ . අල්ලපු රටවලුත් නොදියුනුයි
Deleteමට කවදාවත් හැබැහින් නේපාලයේ කෙනෙක් ඇසුරු කරන්න ලැබිල නැහැ.... ඒත් තිලක් අයියගෙ මේ අත්දැකීම් නම් අපූරුයි... ඒ අතරම ලොකු දුකකුත් දැනෙනවා....
ReplyDeleteමට නේපාලය හිතේ ඇඳෙන විදියට හමුවුණේ හිමාලය පාමුල පොතෙන්... ඒ ගැන විස්තර මෙතැන ඇති...
https://www.facebook.com/photo.php?fbid=540631219412754&set=a.496626560479887.1073741825.100003976415871&type=3&theater
නේපාලය සම්බන්ධ මේ අත්දැකීම් එක්ක මට මංජුල අයියගෙ ‘‘නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුලක‘‘ කවි පොතේ එන කවියකුත් මතක් වුණා.. ඒකෙ මාතෘකාව ‘‘උණු බීර ‘‘
මතුමහල් කුටියට
ඇවිත් දවසට ඇහැරන
දෛනික ගාථාව
කවුළුවෙහි රාමුව
වලා සාටක පළඳයි
‘සාගර් මාතාව’.
නෙත් පැළැන්ඳු ස්ථූපය
‘බෝධිනාථ’ ය අත ළඟ
සංසාරයට අවනත
‘මන්ත‍්‍ර චක්කර’ කැරකෙන.
නමෝ නමඃ ය කියමින්
පාතරාසෙට කැඳවෙන
‘මො මෝ’ පුසුඹට තුරුලූව
අවතැන් දවස ඇරඹෙන.
‘සත්‍යා’ ය නම් ලද
ශ‍්‍රැද්ධාවන්ත සේවක
ඉර මුදුන් වුණු මේසෙක
‘ඩාල් බතට’ ය ඇරියුම
ලද නිදහසින් සිරගත
අවසඟව ගිය දවසට
විමුක්තිය ලැබ දෙන්නට
එළි පහළියට යා යුතු.
ඉදින් අපි යන්නෙමු
හැමදාම හැන්දෑවට
‘තමෙල්’ ඉස්මත්තට
උණු බීර බොන්නට.
‘යැක් අවන්හල’ දොරකඩ
ලඹ දුන්නු ‘යැක් සීනුව’
අත තියන විදිහට
සංඥාවක් ය ඇතුළට.
‘ප‍්‍රචණ්ඩ’ සනුහරය
මාවෝ කැරල්ලට බට
දුන්න තරමක් දුන්නෙ දස වධ
තවද එක් සමයෙක.
තෙල් බෙල් කිසිත් නැත,
ඉදින් බස් නැත මහමඟ
‘ටුක් ටුක්’ පවා නැතුවද
පයින් යන්නත් බාධක.
අටළොස් පැයක් නැතියෙන්
විදුලිබල අනුහස
වතුර මැෂිමත් නෑ වැඩ
මළපහ වුණත් නැකතට
ඔන්න මහජන යුද්ධය
නාන්නත් නැහැ අවසර.
යැක් අවන්හල විතරක්
දොරගුළු දමාගෙන
හද ‘හායි’ ගා ඇරගෙන
උණු බීර නාන්නට දෙන.
‘යාතිකා ඉටිපහන්’ එළියට
දෑස් නැටවූ ‘ආයුෂා’විය
කැළුම් විය පැහැදම් කර
අපේ ආයුෂ වැඩිකළ.
නේපාලි ‘මහරත්මල’
සිලිටි ඇසි පිය යට
සොඳුරුබර බිල්පත
සංසාරෙ සේ දිගුවිණ.
‘විස්සයි විස්සෙ’ කලබල
පටන් ගත්තා විතරය.
දන්න හඳුනන බව
කට ඇර කියන්නට
හිත අද්දරින් තනියට
හිටියෙ කිරිකැට් විතරය.
කොහෙ කියා යන්නද
කොහෙ බලන්නද
මොනවා කරන්නද?
ටීවී එකත් අත ළඟ
උණු උණු බීර බඳුනත් කට ළඟ
තිබුණෙ නැත්තේ විදුලිය.
දුම් වලාකුළු නංවන
‘තොම්බාවෙ’ පපුවට
හීන් බටයෙන් පිඹ පිඹ
මෙනේරි ඇට කලත්තන විට
මෙන්න මදි නොකියන්න විදුලිය
අත පය දිගේ දිව යන.
බැට් පිති හරඹ නැතුවද
ද`ගකැවෙන හිත් ළඟ
අවතැන්ව ගිය සිතිවිලි
ළඟට කැන්දන් එන
බීර උණුහුම කදිම ය.
නිවෙන විට ඉටි පන්දම් - සංවාද
ආයෙ ආයෙම දල්වන් - සංවාද.
කැරලිකරුවන් අතරත්
බුදු ලකුණු ඇති බව
මුරණ්ඩු තුරුණු හඬකින්
සංවාදයෙහි කියැවිණ.
එක්තරාමය හවසක
බොදු නේපාලි මුවෙකින්
හිටිවන කවක් නැංවිණ
මාතින් සිහළ ගැන්විණ.
‘‘අරගල විකාරය
සැනසුමට උණු බීර ය
රුපියලෙ ගුණාකරය
තමයි බුදුගුණ අලංකාරය’’
බුදුන් ඉපදුණ බිම
තොම්බාව අසබඩ
අතරමං වන පැතුමෙ ම
සසරෙන් මිදෙන ලකුණු ය.
‘කත්මණ්ඩු’ සිහිනය
ගැඹුරු තරමට සුමට ය
යැක් අවන්හල ගෙනදුන්
උතුම් දෑ එමට ය.
2014 ජනවාරි
කත්මන්ඩු - නේපාලයේ අග‍්‍ර නගරය.
තොම්බාව - උණු බීර බීමට යොදාගන්නා භාජනය
විස්සයි විස්ස - එනමින් යුත් කි‍්‍රකට් තරග
මහරත්මල - නේපාලයේ ජාතික පුෂ්පය වන්නේ ලංකාවේ අප මහරත්මල ලෙසින් හඳුන්වන සුන්දර මලයි. නේපාලයේ එය මහා-රත්මල් ලෙසින්ද ලලි ගුරාන් ලෙසින්ද හැඳින්වේ. එය Rhododendron arboreum නමින් ලොවපුරා ප‍්‍රකට ය.
යාතිකා ඉටිපහන් - ඉටිපහන් වර්ගයකි.
ටුක් ටුක් - ත‍්‍රී රෝද රථයකි. කත්මන්ඩුවේ පොදු ප‍්‍රවාහනයට යොදා ගැනේ.
ප‍්‍රචණ්ඩ - නේපාල මාවෝ වාදී සටනේ නියමුවාගේ සංවිධාන නාමයයි. පුෂ්ප කමල් දහල් ඔහුගෙ සත්‍ය නමයි. 2008-09 නේපාල අගමැතිවරයාව සිටියද පසුව අගමැතිකම අත්හැර දැමී ය.
යැක් අවන්හල - යැක් ගවයාගේ නමින් නම් කළ සුප‍්‍රකට අවන්හලකි
තමෙල් - කත්මන්ඩුවේ වාණිජ උප නගරයකි.
ඩාල් බත් - නේපාලයේ ප‍්‍රධාන ආහරයයි. බත් හා ව්‍යාංජන රැසකින් සමන්විතය.
මො මෝ - ප‍්‍රකට ප‍්‍රනීත නේපාල ආහාරයකි.
බෝධිනාථ - ස්ථූප හතරැස් කොටුවේ ඇස් සිත්තම් කරන ලද සුප‍්‍රකට බෞද්ධ සිද්ධස්ථානයයි.
සාගර් මාතා - එවරස්ට් කන්දේ ස්වදේශීය නාමයයි.
මේ කවිය කලින් කියැවූ කවරදාටත් වඩා හිතට වැදුනා. පෝස්ට් එක අවසානෙට ගැලපෙනම කවිය.
Deleteබොහොම ස්තුතියි තරු මේ සටහන හා කවිය මෙතෙන්ට එකතු කරාට. ඒකෙන් පෝස්ට් එකට වටිනාකමක් ලැබුනා
Deleteබොහොම සංවේදී සටහනක් තිලකෙ. නේපාල ජාතිකයන් ගැන ලියන්න තිබුන රසවත් කතා දෙක දුක්බර අවස්ථාවක ලියන්න වීම ම මොන තරම් සරදමක්ද
ReplyDeleteඔව් රාජ් මම අර පුටුවේ කතාව වෙලාවක ලියන්නත් හිතාගෙන හිටියේ. මෙහෙම වෙලාවක ලියන්න සිදුවෙච්ච එක දුකක්
Deleteමේක ඔයා FB පෝස්ට් එකක් දැම්මද මට මතකයි මං ඒකට කමෙන්ට් කලා
ReplyDeleteඔව් දිල්ශාන් මේ පොස්ට් එක මුලින්ම දැම්මේ FB ගෘප් එකක, භූමිකම්පාවේ වෙච්ච දාට පහුවදා . හැබැයි එතකොට මොමෝ කතාව ලියල තිබ්බේ නෑ
Deleteඅකුරුවලින් මිනිස්සු අඬවන්න පුලුවන් අය හිඟයි. අපූරු, සංවේදී සටහනක්.
ReplyDeleteස්තුතියි බස්සි. සිද්ද වෙලා තියෙන ඇත්තම දේ විස්තර කරා ඒක තමයි දුක්බර. ඒත් සතුටු හිතෙන දේ ලියන්න තමයි මම කැමතියි
Deleteමමත් වැඩ කරන තැන ඉන්නවා නේපාල ජාතික මිතුරියක්... ඒ වගේම මගේ මාමගේ දුවෙක් නේපාලයේ ඉගෙන ගන්නවා... එයා නම් කරදරයක් නෑ කියලා දන්වලා තියනවා.. හැබැයි අර වැඩ කරන තැන මිතුරියගේ පවුලේ අය හැර තව සමීප මිතුරන්, නෑදෑයන් බොහොමයක් ගැන තාම තොරතුරක් ලබාගන්න බැහැලු...
ReplyDeleteමේ නේපාල මිතුරිය, ඇය අලුත් නිවසකට ගියහම අපිට පොඩි සාදයක් තිබ්බා.. එතනදි ඔය මොමෝ තිබ්බා... මම නම් බොහොම කැමැත්තෙන් කාපු දෙයක්... එයා නම් ඒවා ස්ටීම් කලාට පස්සෙ පොඩ්ඩක් තැටියක දාලා ලාවට කර කරගෙන තිබ්බා
ඩිම් සිම් වගෙයි ද?
Deleteදිම්සුම් කියල කියනවලු. තරමක් වෙනස්කම් ඇති . තිසර මට හිතුනා මේ මොමෝ මීට වඩා රසට ඇති කියල එදා අපි කාපු තැනට වඩා
Deleteබොහෝම කණගාටුදායක සිදුවීමකට ඔවුන්ට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ.
ReplyDeleteඅසරණ මිනිස්සු හැමතැනින්ම තැලෙනවා.
කවුරුවුණත් මෙහෙම දේකට මුහුණ දුන්නම අසරණ වෙනවා.දැන් අනාථ කඳවුරුවල ඉන්න මිනිස්සුට කෑමබීමත් හිඟලු
Deleteතිලකයියාගේ සංවේදී සටහන නේපාල භූමිකම්පාව ආපහු මතුකළා , අර්ජුන් ගේ කතාවට හිනා ගියත් ,සටහන ඉවරවෙන්කොට .....................???
ReplyDeleteඇත්තෙන්ම අර්ජුන් මට හම්බුනේ අවුරුදු ගණනකට කලින්. දැන් ආපහු නේපාලෙට ගිහින්. ගම කත්මන්දු ඉඳන් සෑහෙන දුර බව මට කියල තියෙනවා . කොහොම වුනත් තොරතුරක් දැනගන්න විදිහක් නෑ
Deleteමෝ මෝ කාලා නෑ.. ඒත් කඳුළු රස දන්නවා..
ReplyDeleteහැරගියවුන්ටත් නොගියවුන්ටත් සැනසීම ලැබේවා!
ඔව් ඔවුන්ට සැනසීම ලැබේවා!
Deleteහරිම සංවේදී මොහොතක් , මගෙ නේපාල මිතුරෙක් ගැන තවම ආරංචියක් නෑ. මෙවනි අහින්සක් මිනිසුන් කියද්දි, මට ඇත්තටම සිහිවෙන්නෙ මේ මිත්‍රය ඒ කියමනට සීයට සීයක්ම ගැලපෙන කෙනෙක් කියල.
ReplyDeleteමගෙ ප්‍රාර්ථනාව මගෙ යාළුවට ආයෙත් අපිත් එක්ක මොමෝ කන්ඩ අවස්තාව ලැබෙවා කියල.
//මගෙ ප්‍රාර්ථනාව මගෙ යාළුවට ආයෙත් අපිත් එක්ක මොමෝ කන්ඩ අවස්තාව ලැබෙවා කියල.//එය එසේම වේවා
Deleteමං ශිෂ්‍යත්වයක් ලැබිලා ඇමරිකාවේ කැම්පස් එකේ ඉන්න දවස් වල මගේ රූමා නේපාලි! හරිම හොඳ ඩයල් එක. පැන්ඩා කෙනෙක් වගේ. හැම තිස්සෙම හිනා වෙලා ඉන්නේ. හොඳට බොන කන මනුස්සයා. :D
ReplyDeleteඒත් එක්ක හිටියා තව හරිම හොඳ නේපාලි කෙල්ලෙක් එහෙමත්...
භූමිකම්පාව වෙච්චි ගමන් මට එක පාරට අනේ කියවුනේ ජිවිතේ මට හම්බවෙච්චි හොඳම යාලුවෝ සෙට් එකට මොකද උනේ කියලා හොයා ගන්න බැරි උණු නිසා. කොහොම හරි රෑ වෙන්න ඉස්සරලා උන් ටිකට කතා කරගත්තට පස්සෙයි මට ඇඟට ලේ ටිකක් ඉනුවේ.
නේපාල උන් හැම වෙලේම කියවන්නේ මෝ මෝ ගැන! ජාතික ආහාරේ වගේ!
යාලුවන්ට කතා කරාද නාඩි ? මෙහෙ නේපාලි රෙස්ටෝරන්ට්වලත් හැමෝම වගේ කන්නේ මොමෝ බව මම නිරීක්ෂණයේ කලේ එදා මොමෝ කෑවයින් පස්සේ
Deleteඔව්.. යාන්තම් කතා කළා..
Deleteඅපි මැදියම් රැයෙත් හිරු පායන දේශයක ඉන්නා කාලයේ .... අපේ හොඳම හිතවතුන් වුයේ නේපාල ජාතිකයන්.. ඔබ කිව්වා සේම ඔවුන් හරි අහිංසක හිත හොඳ ජාතියක්... ඒ අයගේ නිවෙස් වලදී... කහට වැඩියෙන් දමා පසෙන තුරු දියර කිරි උණු කර හැදු කිරි බිව් හැටි මට තාම මතකයි...
ReplyDeleteගොඩක් ඉන්දියානුවොත් ඔය විදිහට තේ හදනවා
Deleteනේපාල ජනතාව පිළිබඳව බොහොම සානුකම්පිතබවක් අයෙත් පාරක් හිතට ආව.. ස්තුතියි ඒ අත්දැකීම් බෙදාගත්තට...
ReplyDeleteමට හිතෙන්නේ මගේ කතා ටික සාමාන්‍ය ඒවා. ඒත් මේ වෙලා තියෙන සිද්දියත් එක්ක සංවේදීව දැනෙනවා ඇති. ස්තුතියි සජ්ජා
Deleteනේපාලියො අහින්සක වගේම හරි හිත හය්ය මිනිස්සු වර්ගයක්. අපේ ඉන්නව සුපවයිසර් කෙනෙක් "රාම් පුකාර්" කියල. මම ඇහුව මනුස්සයගෙන් මොකද තත්වෙ කියල.
ReplyDeleteගර්කා ආත්මීකෝ කොයි ප්‍රොබ්ලම් නහී සර්, කාලි දෝ දිවාර් කා ක්‍රැක් ආයා, බස් ( ගෙදර අයට අවුලක් නෑ සර්, බිත්ති දෙකක් පුපුරල එචරයි ) කියල සුපුරුදු අහින්සක හිනාවෙන් ඉන්නව. ඉන් එහාට මුකුත් අහන්න මටම ලැජ්ජ හිතුන නිසා වෙන දෙයක් අහල මනුස්සයව යැව්ව.
ගිය අවුරුද්දෙ මාස හයක් නිවාඩු දාල, මගෙනුත් ලෝන් එකක් දගෙන, ඉන්ඩිමිනිටි එකෙනුත් ඇඩ්වාන්ස් එහෙකුත් අරගෙන ගිහින් හදාපු ගේ ගැන ඒ තරං සැහැල්ලුවෙන් හිතල, කිසි දෙයක් නොවුන වගේ වැඩ කරනකොට, පොඩි දේටත් කලබල වෙන අපි මොන තරම් දුර්වලද කියල හිතුන!
ඔව් ඔය හිත හයිය කතාව මට ලියන්න බැරිවෙච්ච ලිවිය යුතුම දෙයක්. මොන තරම් දුෂ්කර දෙයක් වුනත් ඉවරයක් වෙනකම් කරන්න ඔවුන්ගේ තියෙන්නේ පුදුම කැප වීමක්. හැබැයි මම දන්නා නේපාල මිතුරන්ට ලොකු අරමුණු නෑ .
Deleteනේපාලය කියන්නෙ හරිම ලස්සන ඒත් දුප්පත් රටක්. ඒ වගේ රටකටත් මෙහෙම උනානෙ. අපේ සුනාමිය මතක් වුනා.
ReplyDeleteපහු ගිය ටිකේම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එහෙ යන්න කැමති කට්ටිය හෙවුවා.
දසදහස් වාරයක් යන්න හිතුණා. ඒත්, මොකද්ද මන්දා අහේතුවකට, යන්න හිතන එකෙන් එහාට යන්න බැරි වුණා
ඔව් මටත් අපේ සුනාමිය මතක් වුණා . මේ මිනිස්සුන්ට උදව් කරන්න යන අපේ අය කරන්නේ අපි ඔක්කොගෙම යුතුකමක්
Deleteතිලකේ අයියාගේ සටහන සංවේදීයි වගේම අපූරුයි.."කඳුළු රස මොමෝ" ගැලපෙනම නම..
ReplyDeleteස්තුතියි තනි තරුව. ඇත්තෙන්ම දාන්න මාතෘකාවක් නැතිව මොමෝ ෆොටෝ එක දිහා බලාගෙන ඉද්දි හිතුනේ ඔහොමයි
Deleteමේ සටහන නෙතට කඳුලක් ගෙනාවා. නේපාලය ඇති අයට බොහෝ දේ තියෙන නැති අයට කිසිත් නැති රටක් බව මා අසා තිබෙනවා. මෙවැනි විපත් වලින් බොහෝ විට පීඩා විඳින්නේ නැත අයමයි.
ReplyDeleteමමත් අහල තියෙනවා කත්මන්දුවල මහා ධනවතුනුත් විශාල පිරිසක් ඉන්නවා කියල
Deleteඅපූරුයි...
ReplyDeleteස්තුතියි රූපේ
Deleteඔය පින්තූරයෙ තියෙන මොමෝ (ඩම්ප්ලිං) හෙවත් චීනයේ කියන විදියට 'චියාඕස' ගැන තොරතුරක් දෙන්නම්. කන්න ආස හිතුණු නිසා බොහෝ චීන අවන්හල් වල මෙය හොයමින් ගියා. අන්තිමේ දි රේස් කෝස් පිටියට ආසන්න ඔලිම්පික් හවුස් එකට යාබද චීන අවන්හලේ තිබී හමු වුණා! කොහොම වුණත් කඳුළු රසැති මොමෝ සටහන බොහො ම සංවේදී යි - බොහෝ විට කියවීමට සීමා වුණු මට ලියන්න ආරාධනා කරන තරමට ම.
ReplyDeleteරුවන් මේ සටහනින් ඇවිස්සිලා හරි ඔබ ආයෙත් ලියන්න පටන් ගන්නවානම් අපි හරිම වාසනාවන්තයි. ඉස්සර 'රුවන් චින්තක ගමගේ' කියන කෙනා ලියපු යමක් කියවන්න පත්තර පිටු පීරපු කාලේ මතක් වෙනවා. චීනේ ගැනත් රසබර දේ ලියන්න ඇතිනේ
DeleteTouching story...
ReplyDeleteuncle, u have a nice heart.. there's only very few who have sensitive hearts.
u are one of them uncle..
your loving daughters have too.
(I'm a friend of akki)
(I wish her all the best for her new responsibility)
Thank u very much uncle for writing such wonderful stories!
Thank you so much dear daughter.You have a kind heart and a good taste. I am so proud of my daughters and their friends as well.
Deleteඅපි අප්‍රිකාවෙ ජීවත් වෙත්දි නේපාල ජාතික යුවලක් අපේ පිරිත් අහන්න හැම මාසෙම එක් වෙනවා. ඔවුන් හරිම සුහද ශීලි ,ආචාර ශීලී අය. තිලක ගේ සටහන හරිම සංවේදී. මේ ව්‍යසනය අපිටත් මහත් කම්පනයක් ගෙනාවා.
ReplyDeleteස්තුතියි චන්දි . ඔවුන්ට දෙවනවරට ආ කම්පනයෙනුත් පීඩා විඳින්න වුනානේ
Deleteඅපි ඉන්න එපාර්ට්මන්ට් එකේ security එකේ ඉන්නේ ඔක්කොම නේපාලේ කොල්ලෝ ටිකක්.. මම කතා කරලා ඇහුවහම එයාල ඔක්කොම කත්මන්ඩු වලින් ඈත නිසා කාටවත් කරදරයක් නෑ කිව්වා.. පස්සේ මම නිකන් විස්තර අහද්දී ඇහුවා මෙහෙ එන්න කලින් මොනවාද කලේ කියල.. මිනිහ කියනවා සොරි බොස් මයි ඉංග්‍රීස් නොට් ගුඩ්. අයි ඩෝන්ට් නො හව් ටු ටෙල් කියල..
ReplyDeleteඒ ටික ගැට ගගහ කියද්දී ඒ මනුස්සයාගේ මුනේ තිබ්බ අසරණ කම හොඳට දැනුනා.. මම කිව්වා ඉතින් අපිටත් ඉංග්‍රීසි බෑ ඕවා ගණන් ගන්න එපා කියල.. මිනිහ හිනා වෙලා හිටියා..
මට මම ගැනත් දුකයි අවුරුදු 2ක් මෙහෙ ඉඳලත් මේ භාෂාව ටිකක් වත් බැරි එක ගැන..
ඔව් රටකට ගියාම එහෙ පාවිචිචි වෙන භාෂාව ඉගෙන ගත්තේ නැත්නම් මිනිස්සු ගැන සියුම් තොරතුරු මග හැරෙනවා
Deletehttp://nelumyaya.com/?p=2303
ReplyDeleteස්තුතියි අජිත්
Delete