Thursday, January 14, 2016

අපේ ගෙදර ආ මහගම සේකර

ලකට පෙර අපේ ගෙදර සුවිශේෂ වීදුරු බන්දේසියක් තිබුනේය. වටේට හැඩ දමා  ගොතන ලද වේවැල් රාමුවක් මැද්දේ ලස්සන චිත්‍රයක් වීදුරුවක ඇඳලා තිබුනේය . අපේ තාත්තාට ට්‍රේනින් කොලිජියේ යාලුවෙක් මේ බන්දේසිය තෑගී කරදදී කියා තිබුනේ  චිත්‍රය ඇන්දේ ඔහු හඳුනන ප්‍රකට චිත්‍ර ශිල්පියෙක් වන මහගම සේකර බවයි . මහගම සේකර බන්දේසිවල චිත්‍ර ඇන්දා කියා විශ්වාස කරන්නට බැරි වුනත්  අපේ ගෙදර වහරට එකතු වූ 'මහගම සේකර' යන නමට නොදන්නා වටිනාකමක් ලැබී තිබිණි .මෙකී හේතුව නිසාම ඒ වීදුරු බන්දේසිය පසුකලෙක ඉස්තෝප්පු බිත්තියේ චිත්‍රයක් මෙන් එල්ලා තිබුනේය.

ලා කොළ පාට පසුබිමක සුදු පාටින් නටන නළඟනක්  එහි සිටියාය. පසෙකින් ඇදෙන රතුපාට මල්වැල මා සිතා සිටියේ නළඟන ගිල දැමීමට සැරසෙන මකර  රුවක් සේය. මල්වැල අගිස්සෙන් පැන මතුවූ අතු දෙක කට අරින්නා සේ නැට්ටුක්කාරියගේ  හිස පැත්තට යොමු වී තිබිණි . මම විටින් විට බන්දෙසියට ලං නොවී වුනත් සොයා බැලුවේ මේ මකරා  බවලතාගේ ඔලුවට අවදානම් ලෙස ලං වී ඇත්දැයි කියලාය.

මහගම සේකර කියන විට මුලින්ම මගේ කල්පනාවට ආවේ  අපේ අයියාට ටිකක් වැඩිමල් කොලු ගැටයෙක්ගේ රුවකි . ඒ වුනත් ඔහු අපේ තාත්තාටත් වඩා අවුරුදු කීපයක් වැඩිමල් රටම පිළිගත් අයෙක් බව මා දැන ගත්තේ සේකර මලාටත් පසුවය.

ඔහුගේ මරණයත් සමග මහගම සේකරගේ කවි ගීත ගැන උනන්දුව ඇවිලෙද්දී අර වීදුරු බන්දේසිය දෙස මම බැලුවේ දිනෙන් දින වැඩිවන ආදරයකිනි .
++++++

මම අම්මා හා තාත්තා බැලීමට ගමේ ගිය මෑත කාලයේ දිනෙක අර බන්දේසිය එල්ලා තිබු බිත්තිය දෙසම බලාගෙන ගෙට ඇතුල් වුනෙමි. එහෙත් බිත්තිය හිස් වී තිබුණ අතර අම්මා කුස්සියේ කුමක්දෝ කරමින් සිටින හඬ ඇසිණි .
මළහිරුගේ අවසන් රැස් දහර සපුගස් මණ්ඩියට හොරෙන් අපේ සාලයට පෙරී ඇවිත් තිබුනෙන් වේවැල් හාන්සි පුටුවේ අමුත්තෙක් වාඩී  වී සිටින බව මට පෙනිණි. ඔහුගේ සාක්කුවේ තිබුන අලුත්ම පාකර් පෑනටද  හිරු රැස් කැරැල්ලක් පතිත වී තිබුනේය. ඔහුගේ අතේ තිබ්බ ත්‍රී රෝස් සිගරැට් පැකට්ටුව නිසා මගේ කුතුහලය තවත් වැඩි විය .

'මම සේකර' ඔහු සිනාසුනේය . 'එනවා කියල ආරංචි වුන නිසා මම පොඩ්ඩක් කතා කරලා යන්න හිටිය' . ඔහු නිරෝගී දසන්පෙල දක්වා ලෙන්ගතුව සිනාසුනේය. මා සිතා සිටියාට වඩා ඔහු තරුණය. කඩවසම්ය.

'වෙන්ඩ  බෑ' . මම මටම කියා ගත්තෙමි .
සේකර කියන්නේ පාකර් පෑන් එපා කියපු දුප්පත් කලකාරයෙක්නේ. අනික සංවේදී මිනිහෙක්නේ . හොඳට බොන්න ඇති. මීට වඩා දිරා ගිහින් ඉන්න එපැයි .

මගේ සිත කියෙව්වාක් මෙන් ඔහු මා ඇමතීය .

'මම ආවේ පණිවිඩයක් කියල යන්න' .
මොකක්ද ? මම ගරුසරු ඇතිව අසීමි .
'අලුත් සේකරලා හොයාගන්න කියල සමාජෙට කියන්න' .

'ඒ වුනාට ඔබ තරම් අව්‍යාජව ලියපු. බෞද්ධ දර්ශනයෙන් පදම්  වෙච්ච  ගැමි කමෙන් මටසිලිටි වෙච්ච විශ්ව සාහිත්‍යයෙන් පෝෂනයවෙච්ච කලාකරුවෙක් ඊට පස්සේ බිහි වුන් නෑනේ'.

ඔහු මහා හඬින්  හිනා වුනේය.

'හිටියා බ්‍රෑන්ඩ් වුන් නෑ . එක්කෝ උන් විසින් විනාශ වුනා නැත්නම් සමාජේ ඒ මිනිස්සුන්ගේ පොඩි අඩුපාඩුවක් ලොකුවට අරන් නොසලකා ඇරියා'.

'ඒත් ඔබට ඉතිහාසේ තියෙන්න ඕනි ප්‍රතිරුපේ?' .

'ඒකට හානියක් වෙන එකක් නෑ පුතා . මම අවංකව මිනිස්සුන්ට ආදරේ කළා . රස අඳුනා ගත්තා .හිතට එන දේ ලිව්වා. මටම තේරෙන විදිහට ඒවායින් බොහොමයක් සෞන්දර්ය අගයෙන් ඉහළයි' .

'ඒ කියලා මම අවුරුදු හතළිහකට පනහකට කලින් ලියපු පසුබිම අරන් අද නිර්මාණය වෙන දේ සංසන්දනය කරන්න යන්න එපා . අලුත් වෙන්න බලන්න' .

'සිගරට් කොලේක පිටිපස්සේ පැන්සල් කොටේකින් ලියන ඒවා විතරක් නෙවෙයි කවි'.

එහෙනම් ?

'බිස්නස් ක්ලාස් මෙනු කාඩ් එකක පිටිපස්සේත් හොඳ කවි ලියවෙන්න පුළුවන්. ඒවත් අතාරින්න එපා'.

මේ කතාව මොන තරම් බරපතලේට මට දනුනාද කියලා කීවොත් ඉක්මනටම තේ එකක් දී සේකර පිටත් කර අරින්නට ඕනෑ  කියා මම හඬ නගා අම්මා ඇමතීමි .

අම්මේ !

චීත්තයෙන් අත්ල පිසලමින් අම්මා කුස්සියේ සිට දිව ආවාය.

' අම්මේ මේ ' මම සේකර වාඩි  වී සිටි තැන අම්මාට පෙන්වීමි.

මොකක්ද පුතා ?

අම්මා විපිලිසරව එසේ අසන විට මොහොතකට කලින් සිටි පුටුවේ සේකර නැති බව මට පෙනිණි .

අම්මා පුදුමයෙන් මා දෙස බලද්දී මම  ඇයගෙන් මෙසේ ඇසුවෙමි .

'අම්මේ ඔතැන බිත්තියේ  එල්ලලා තිබ්බ පරණ වීදුරු බන්දේසිය කොහෙද' ?

'ආ ඒක මේ ගෙයි සමර ගාන්න ආපු වෙලාවෙ කවුදෝ ගලවලා අයින් කරලා . හොයලා දෙන්නද ආයේ එල්ලන්න?' .

' එපා අම්මේ. අලුත් පින්තුරයක් එල්ලන්න කියල තමයි සේකරත් කිව්වේ'


(මා වැඩියෙන්ම  ආදරය කරන ලාංකික කලාකරුවාවන මහගම සේකරයන්ගේ හතලිස්වන ගුණ සැමරුම වෙනුවෙනි )

75 comments:

  1. මහගම සේකර මහත්තයා ලියාපු තුංමං හන්දිය මං කොපි කලාද කියලා මට නිකං හිතෙනව.

    ReplyDelete
    Replies
    1. ඒක කොපි කළා හෝ නොකලා වුනත් අගේට ලියන්න සුරංගට පුළුවන් . නොනැවතී ඉදිරියට යන්න

      Delete
  2. මුලදි ටිකක් විතර අප්සෙට් ගියා පස්සේ තේරුණා

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ ඉඳලා හිටලා ලියන විදිහේ පොඩි වෙනසක් කරන්නත් එපැයි නේද ඉයන්

      Delete
  3. අපට මේ දැනෙන්නෙ පරම්පරාවක අඩුව නේද? විවිධ අරගල නිසා අහිමි උන අපේම නිර්මාණශීලී පරම්පරාවක අඩුව නේද?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව් . කලා ලෝකේ විතරක් නෙවෙයි හැම අංශයකම අවුරුදු හතලිහක විතර හිඩැසක් තියෙනවා. අවුරුදු හැත්තෑව පැනපු ප්‍රවීණයෝ හා අවුරුදු තිහට අඩු අංකුර අතර ගැප් එක . අඩු ගානේ මේ මැද හිස්තැනේ ඉන්න අපේ පරපුර කරන්න ඕනි අර අංකුර ටිකට හරි නිදහසේ වැඩෙන්න ඉඩ අරින එක.

      Delete
  4. එතුමන් ගැන අද බොහෝ දේවල් කියවන්න ලැබුණා. අපි හැමෝම විසින් ලිවිය යුතුම චරිතයක් සේකර කියන්නෙ.

    ජය අයියණ්ඩි.

    ReplyDelete
    Replies
    1. ඔව් තව සෑහෙන කාලයක් ලිව්වත් ඔහු ගැන ලියන්න යමක් ඉතිරි වේවි . ඔබට ජය !

      Delete
  5. මහගම සේකර යුග පුරුෂයෙක්

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ඔහු යුග පුරුෂයෙක්. තාමත් අපට ඔහුව මේ තරම් දැනෙන්නේ ඒ නිසයි

      Delete
  6. සේකර කලිංම ඉපදිලා කලිංම ගියා අපට ගොඩක් දේ ඉතිරි කරලා.
    මාධ්‍ය ප්‍රචලිත නොවුණ කාලෙක එතුමන් ගැන අද සුකිරිබටිල්ලන්ට ලැබෙන ප්‍රචාරයෙන් බිඳක් වත් ලැබුණෙ නෑ. ඒ නිසා සේකර කියන්නෙ කවුද කියල දන්න අය ඉන්නෙ අතලොස්සයි. ලියන, කියවන කිප දෙනෙක් විතරයි.
    එහෙම වුණ එකත් හොඳයි. ඒකෙන් එතුමන්ගෙ වටිනාකම වැඩි වුණා කියලයි මට හිතෙන්නෙ.
    "ප්‍රබුද්ධ" වගේ පොතක් ලියන්න සේකරටම විතරයි පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔහු අවුරුදු හතලිස් හතක් විතරක් ජීවත් වෙලා කරපු දේ පුදුමාකාරයි. ඔහුගේ සමහර නිර්මාණ සර්වකාලීනයි. තුන්මං හන්දිය , ප්‍රබුද්ධ වගේ පොත් කියවන රස විඳින දරුවන් දැනටත් සිටින බවත් සතුටින් ලියා තියන්න කැමතියි . ඒත් සේකර යුගයේ දරුවන් සිටි ලෝකයට හාත්පසින් වෙනස් ලෝකයක්නේ අද තියෙන්නේ. ඒ නිසා ඔහු ලියූ දේ රස නොවිඳින අයගේ ලෝකයත් තේරුම් ගන්න උත්සහ කළ යුතුයි කියා සිතමි

      Delete
  7. මම හැමදාම කියන්නෙත් ඒකයි.. තිලකෙත් ඒ මතයේ සිටීම පුදුම ප්‍රීතියක්.. මොකෝ ගොඩක් බ්ලොග් කාරයෝ මාතලන් එක්ක ගැටෙන්නේ ඔය තර්කයට..
    මේ මම සේකරට ලියපු කවියක්.. තිලකෙ කියවලා නැතිව ඇති..



    රිදෙයි සිත සේකරගේ....
    දල්වන්ට දුම්වැටිය....
    රැගෙන ඔහු දුම්වැටිය...
    තව එකෙක්, මහතැන් කෙනෙක්....
    නැවත දෙයි නැත සිනා...
    නොමැත ස්තූතියක්....


    රිදුනි සිත සේකරගේ....
    සංවේදී කවි සිතක....
    මහ කලාගාරයක......

    කොලොම්තොට තරු රැයක....
    අඳුරු නොපෙනෙන තැනක....
    විඳින කළ ඒ සුවය....
    දල්වන්න බීඩියක්.....
    "එක්ස් කියුස් මී සෑර්...."
    ඉල්ලුමක් කාරුණික..

    "සර්...,
    කොටේ මන් ගහන්නද...?"

    එපා කොට.. අදින්නට..
    අදින බර.. මදිද නුඹ..
    පෙරහැරේ ඇතෙක් සේ..
    ගහපන්කො ෆුල් එකක්..
    නැතේ කිසි අමනාප..

    "එපා....!!!"

    "මගේ එක මට දෙන්න..."

    "මේක අරගන්න..."
    "සිකැරට් එකක්..!!!."

    "ටැන්කිව් සෑර්.....!!!"

    ළොකු බුවෙක්......
    මහ එකෙක්.....
    නොවේ ඌ....
    පොඩි එකෙක්....



    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. සේකර කියන්නේ හොඳ හිතක් තිබ්බ නවීන වෙන්න කැමති කෙනෙක් කියලයි මම තේරුම් ගත්තේ.
      මේ කවිය නියමයි මාතලන් .

      Delete
  8. //'බිස්නස් ක්ලාස් මෙනු කාඩ් එකක පිටිපස්සේත් හොඳ කවි ලියවෙන්න පුළුවන්. ඒවත් අතාරින්න එපා'.//

    මෙන්න තිලකේ කතාවෙම සාරාංශය....... වැදගත් ම කොටස මේකයි
    //අතාරින්න එපා'.//
    අැත්තට ම මේක තමා උපදේශය...................

    සුපිරියි......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කුරුටු . මේ පණිවිඩේ ගැන තවදුරටත් කතා කරමු කවි ලියමු

      Delete
  9. සේකර කෙනෙක් ආයෙම ඇතිවෙන්නෙ නෑ වගේම සේකර පසුපසම යන ක්‍රමයත් ගැලපෙන්නෙ නෑ.අලුතින් සේකරලා බිහිවිය යුතුයි.නිර්මාණය අපූරුයි තිලකේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හැලපේ . සමාජයේ හා සාහිත්‍යයේ ගලා යෑමක් ඕනි මචං . අපිට කාලෙත් එක්ක නැවතිලා ඉන්න බෑ

      Delete
  10. තිලකෙ අය්යගෙන් අද වෙනස්ම කතාවක් ඇත්තටම දැනෙනම කතාවක් කීවොත් හරි. ඊටත් වඩා රිදෙන්නම වදින්න පුලුවන් කතාවක්.
    බහුතරයක් අනුගමනය කරන්නො
    තවත් ටිකක්රුයිතෙට යන්කො ඒත් හෙවනැලි විතරයිඒඅතර එකෙක් දෙකෙක් ඉන්නව ට්‍රැක් එක පයින ඒක කඩං යන ඒත් උංටත් ඕන ෆේමස් "පොරක්" වෙනන අන්න ඒකයි වැරැද්ද. ඇත්තටම ඒක ඇති වෙන තත්වයක් නෙවී ඇති කරපු තත්වයක්.

    අපූරු සටහනක්.. ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහේෂ් . ඇත්තටම මේ ලිව්වේ මට දැනෙන දේ . මට සමාන්තරව හිතන අය ඉන්න එක ගැන සතුටුයි. මේ සංවාදය ඉදිරියට යනවානම් වඩාත් සතුටුයි

      Delete
  11. "සුපිරියි"
    ඇත්තමයි...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බන්දුල

      Delete
  12. නියම ලියවිල්ලක්.. ඒක නෙවෙයි අර ලානිල් පාට පසුබිමේ මැද අන්තුරියම් මල් ඇඳලා තියෙන වීදුරු බන්දේසියත් මතක් වුනා..ඉස්සර කාලේ තිබිච්ච...

    ReplyDelete
    Replies
    1. අන්න හරි ඒ තිබ්බේ අන්නාසි මලක් තමයි . ඒක තමයි ඒ දවස්වල් තිබ්බ ෆැෂන් එක . ස්තුතියි කවිඳු

      Delete
    2. කිව්වම තමයි මතකෙට ආවේ. මාර ගති නේ.

      Delete
  13. සේකරගේ පුනරුප්පත්තිය!

    ඓතිහාසික වටිනාකමක් තියෙන ට්‍රේ එකක්නේ. ඔය කාලයේ අපේ ගෙදර තිබුනෙත් මේ විදිහට චිත්‍රයක් ඇඳපු ට්‍රේ එකක්. ඒ කාලේ ට්‍රෙන්ඩ් එක වෙන්න ඇති. හැබැයි ඇඳපු ශිල්පියා ගැනනම් දන්නේ නැහැ. මේ චිත්‍රය මට ඒ කාලේ අපූරු නිර්මාණයක්. මොකද එය ඇඳ තිබුණේ වීදුරුවේ යට පැත්තෙන්. වීදුරුව උඩ චිත්‍රය ලස්සනට පෙනුණත් අනිත් පැත්තේ තිබුණේ පිලිවෙලක් නැති සායම් (ලැකර්?) පාරවල්. ඒ දවස්වල බාබර් සාප්පුවක ඔය ක්‍රමයටම ඇඳපු දේදුණු කැලුම් චිත්‍රයකුත් තිබුණා මතකයි.

    ReplyDelete
    Replies
    1. සේකරගේ පුනරුත්පත්තිය බලාපොරෝත්තුවෙන් ඉන්නවා. ඒත් අපේ බිත්තිය තාමත් හිස්. ඔය බන්දේසිය ගැන මට තියෙන්නේ හීනයක් වගේ මතකයක් . සේකරගේ නමත් කියවුනා. ඒත් අපේ ගෙදර කවුරුවත් හිතන් නෑ ඒ චිත්‍රය ඔහු විසින් ඇන්ද එකක් කියල. ස්තුතියි ඉකොන්

      Delete
    2. ඔය චිත්‍ර අඳින විදිය අපේ සර් කියලා දුන්නා. මුලින්ම චිත්‍රය පැන්සලකින් කඩදාසියක අඳිනවා. ඉන් පස්සේ කොලේ අනික් පැත්ත හරවලා නැවතත් ඒ පැන්සල් පාරවල් දිගේ ඇඳලා චිත්‍රයේ නෙගටිව් එක ගන්නවා. ඒක උඩින් වීදුරුව තියලා චිත්‍රය පාට කරනවා. ඉන් පස්සේ එකට උඩින් තනි පාටක් ගානවා. ඊට පස්සේ ඉදිරි පැත්තෙන් බැලුවම හරි චිත්‍රය පේනවා.

      Delete
  14. අළුත් සේකරලා බිහි වෙන්න ඕන. හැබැයි ඒකට සේකරයන් හැර ගිහින් ගෙවුන කාලයේ හිදස හුගාක් වැඩියි කියලයි මට නම් හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එක අතකට 'සේකර' කියන්නේ යුග නියෝජනයක් වගේම සංකල්පයක් නේද? . ඔහු නැතිව ගත වූ කාලයේ හිඩැසක් තියන බව අපිට දැනෙනවා. කොහොමත් මමනම් අලුත් පරපුර ගැන බලාපොරොත්තු සහගතයි

      Delete
  15. උපරිමයි අයියා ! හරියටම හරි.. අලුත් සේකරලා බිහි විය යුතුයි. යන්තම් දළු දාගෙන එන කවි පැටව් උනත් තලලා පෙලලා දමන සමාජයක් බිහිවී ඇත්තේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නංගී .එක විදිහට හිතන අය ගොනු වෙමින් ඉන්නවා.අපි ඉදිරිය ගැන සුබවාදීව හිතමු . ජය !

      Delete
  16. හැමදාමත්ම වාගේ රසවත් කතාවක් අස්සෙන් වටිනා පණිවුඩයක් මචං! ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං

      Delete
  17. අපි ගොඩක් දේවල් අත ඇරිච්ච සමාජෙක ඉන්නේ.
    අඩු ගානේ "අත අරුනා " කියලා තේරුම් අරගෙන ඉස්සරහටවත් අතාරින්නෙ නැතිව ගොඩයාගන්න පුලුවන්නම් තමයි රටටම සුබ වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අත ඇරී යාමක්ම නෙමෙයි විභීෂණ මෙතැන තියෙන්නේ තේරුම් නොගැනීමක් නේද ?

      Delete
  18. Replies
    1. ඔව් අලුත්වීම . ගලන ගඟක් වීම

      Delete
    2. අපේ වාසනවටයි සේකර කලින්ම ඇවිත් ගියේ.....
      නැත්නම් තනියෙන්ම ලියලා, තනියෙන්ම කියවගෙන ඉන්න තමයි සේකරටත් වෙන්නේ.... ඇරත් අද කාලේ හිටියනම්, සේකරටත් ජොබ් එකත් එක්ක ඕව කර කර ඉන්න වෙන එකක් නෑ .....

      Delete
    3. ඔව් ශාලිත ඔහුගේ නිර්මාණ බිහි වුනේ සරලව ජීවත් වෙන්න පුළුවන් යුගයකයි . ඉන් පස්සේ හැම දේම සංකීර්ණ වුනා

      Delete
  19. රසවත් කතාවක් අස්සේ හරවත් අදහසක්..හිතා බලන්ට ඕන කරුනක්..හිතා ක්‍රියාත්මක වෙන්ට ඕන අදහසක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මේ ගැන හිතන්ට තීරණය කළ එක ගැන සතුටුයි

      Delete
  20. සේකර නවීනත්වය මුලින්ම දැකපු අයගෙන් කෙනෙක්.. ඒක තේරුං ගන්න හුගක් අයට බැහැ.. ඒ වගේම තමා සේකර තරං නිර්මාණකරුවන්ට තෝතැන්නක් වුන තවත් කවි ගංගාවල් අල්පයි.. සේකරගේ 40 වැනි ස්මරණයට ලියවුනු හොද පෝස්ට් එකක්. අපි තවත් සේකර ගැන කියවිය යුතුයි කියලයි මගේ මතය.. ජය තිලකෙ

    ReplyDelete
    Replies
    1. තැන්කිව් දේශෝ මා කියන්ට උත්සහ කරන දෙයට උඹ අගයක් එකතු කරලා තියෙනවා

      Delete
  21. හදුනගත්ත විදිහට සේකර කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි.සේකර කියන්නේ මනුෂ්‍යත්වයට.

    ReplyDelete
    Replies
    1. ඔව් සේකරව එහෙම තේරුම් ගන්නත් පුළුවන්. ඔහු අපි හැමෝම ආදරය කරන කලා කරුවෙක්

      Delete
  22. මම නම් හිතන්නේ නැහැ සේකර මැරුණට පස්සේ එහම් නිර්මාණ අඩු වුණා කියල. අපට වැඩ වැඩි නිසා බලන්නේ නැහැ එච්චරයි. හුඟක් වෙලාවට තමන්ගේ පක්ෂයේ, කණ්ඩායමේ, කල්ලියේ නැත්නම් අඩුම ගන්නනේ විශ්ව විද්‍යාලේ හරි සම්බන්ධකමක් තියනවා නම් බලන කියවන ක්‍රමයක් ඇති වෙලා. දැන් අර ස්පාටකස් කියල බ්ලොගයක හොඳ කවි පලවෙනවා. ඒ වගේම සේකර මැරුණු කලේ ඉඳලම මම නම් හුඟක් කවි පොතේ වෙන ලේඛකයන්ගේ ඒවා කියවල් තිබෙනවා. ඒ නිශ ඇමට මේ ලිපිය ටිකක් තේරුම් ගන්න අමාරුයි. මාතලන් ???.

    ReplyDelete
    Replies
    1. සේකර ලියු දේවල් බොහොමයක් හා ඉන්පසු අද වෙනකන් ලියවෙන කවි , නවකතා වගේ දේවල් පුළුවන් තරමින් කියවන රසිකයෙක් විදිහට මට දැනෙන දෙයක් තමයි අජිත් ඔය මම ලිව්වේ.
      කලාවට ඉටු වූ සේකරගේ මෙහෙවර කිසිම විදිහකින් අඩුවෙන් තක්සේරු කරන්නනේ නෑ. ඒත් ඔහුගේ කවි වලට තරම් ඉන්පසු ලියවුනු බොහෝ නිර්මාණ සඳහා ප්‍රමාණවත් අවධානයක් යොමු වුන් නෑ කියල හිතනවා. ස්පාටකස් බ්ලොග් එකේ මොන තරම් හොඳ නිර්මාණ ලියවුනත් කීයෙන් කී දෙනාද ඒ ගැන දන්නේ? . අඩු ගානේ හොයාගෙන ගිහින් කවිපොත් ගන්න අයවත් දන්නේ නෑනේ . ඒ වගේම මට දැනෙනවා 'ගම, කුඹුර, ගං දෑල , මුඩුක්කු, ගණිකාවන් වගේ පසුබිම් පමණක්ම නොවෙයි ඉන් ඔබටත් සිංහල කලා නිර්මාණවල විෂය පථය විහිදෙන්න ඕනි කියල. නවීන වෙන්න ඕනි කියල . එහෙම උත්සහ කරන පිරිසක් ඉන්නවා . ඒ උදවිය දිහා බලනකොට සේකරගේ කාලේ නිර්මාණ මිනුම්දඬු කරගන්න බෑ

      Delete
  23. සේකරයන්ගේ කවී වලට තමයි මම නම් වඩාත්ම කැමති.සේකර අංකුර කවීන් ගැන සුභවාදී බලපොරොත්තුවෙන් සිටි අයෙක්.තිලකේ අයියා දකින්න ඇතිනේ දේශා දාලා තිබ්බ මේ පොස්ට් එක.රත්න ශ්‍රී විජේසිංහයන් දිරී ගන්වා තිබු හැටි.

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝජ් ඒ ලිපියත් බොහොම ආසාවෙන් කියෙව්වා. සේකර කියන්නේ මිනිස්කම් පිරිච්ච කලාකාරයෙක්

      Delete
  24. ['සිගරට් කොලේක පිටිපස්සේ පැන්සල් කොටේකින් ලියන ඒවා විතරක් නෙවෙයි කවි'
    'බිස්නස් ක්ලාස් මෙනු කාඩ් එකක පිටිපස්සේත් හොඳ කවි ලියවෙන්න පුළුවන්']

    මෙන්න මේක තමයි ඉගෙන ගන්න ඕනේ කොටස.. මනුස්සයෙක් බෙන්ස් එකක ගිහින් මියුසිකල් ෂෝ එකක් බැලුවොත් .. නිකන් මේ සල්ලි කාරයෝ සෝබනේට එනවා මිසක් මෙලෝ රසවින්දනයක් නැති වුන් කියල කියනවා.. හැබැයි ගංජා ටිකක් ගහල රස්තියාදු ටයිප් එකෙන් ඇවිල්ල කොහෙන් හරි අහුලා ගත්ත වචන ටිකක් කියවන මිනිස්සු නියම රසිකයෝ වෙනවා.. හෙහ් හෙහ්..

    මහගම සේකර ගැන මම වැඩි දෙයක් දන්නේ නෑ.. අපේ සමාජයේ මේ වෙලා තියෙන අවුල හොඳට මතු වෙන සටහනක් මේක..

    ReplyDelete
    Replies
    1. //අපේ සමාජයේ මේ වෙලා තියෙන අවුල// අපේ රටේ විතරක් පෙන්න තියෙන මෙන්න මේ අවුල තේරුම් ගන්න හරිම අමාරුයි පැතුම් . කලාකරුවන් හා රසිකයන් දෙගොල්ලම ඉන්න මේ සමාජයේ තියෙන අවුල ගැන මමත් නිතරම හිතනවා . කලාකරුවන් හැම විටම දුප්පතුන් වෙන්න ඕනි නෑ නේද . සමාජ ආර්ථික වශයෙන් දියුණු වෙන ගමන් කලාවේ යෙදෙන්නත් ඒවා රස විඳින්නත් පුළුවන් බව ඔප්පු වෙලා තියෙනවා. ඒත් අපේ මොකක්දෝ පසුගාමී ආකල්පයක් තියෙනවා . සමහර රටවල දක්ෂ කලාකරුවන ට ලේකම්වරුන් ඉන්නවා . ප්‍රකාශන සමාගම් තියෙනවා. ඒත් ඔවුන් ලියන දේවල්වල තියෙන උසස් කලාත්මක භාවය ගැන රසිකයෝ වද වෙන්නේ නෑ . ඒත් අපේ රටේ රජයේ උසස් තනතුරක් හෝ වෙළඳ ව්‍යාපාරයක් හිමි වුනාම කලාකරුවන් පිරිහෙන්නේ ඇයි? . එහෙම අය දිහා රසිකයන් නුහුරට බලන්න ඇයි?

      Delete
  25. මහගම සේකර අපේ ගම් පළාතේ. කළාකරුවෝ බිහිවෙන්නේ දකුණෙන් විතරයි කියන දුර්මතයට හොඳ පිළිතුරක් ඔහු.

    ReplyDelete
    Replies
    1. ඩුඩ් සෑහෙන කාලෙකින් දැක්කේ . පසුගිය ටිකේ සංචාරවල යෙදුනා නේද ? සුබ අලුත් අවුරුද්දක් වේවා ! සේකරගේ ගමේ මිනිහෙක් වීම ආඩම්බරයක් තමයි

      Delete
  26. කාලය කොතරම් දේ වෙනස් කළත් සේකරගේ කවි තවමත් ඉහළින් අගය කළ හැකියි. ඒ වගේම සේකර ළඟ නොනැවතී ඉදිරියට යන පරම්පරාවක් බිහි විය යුතුයි. ඒ අතින් ඔබේ අදහස හරිම වටිනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දසත සැරිසර .මට හැඟෙන දේ ලියවුනා . තවදුරටත් ලියමු, සංවාද කරමු මේ ගැන

      Delete
  27. Replies
    1. බොහොම ස්තුතියි අජිත්

      Delete
  28. සේකර .
    කොච්චර කියෙව්වත් ,
    කියවලා ඉවර කර ගන්න බැරි ,

    තිලකේ ඔබේ මේ ලියවිල්ල මට එක පාරටම මතක් කලේ මගේ අප්පච්චි ව . ඔහුත් යමක් කියන්නේ බොහොම සියුම්ව . දැනෙන්නේ නෑ උපදෙස් හිතේ පල පදියම් වෙනකං . සේකර ව මට හඳුන්වා දුන්නෙත් ඔහු , දැන් දශක ගණනාවකට පෙර .

    අපේ අප්පච්චිවත් මම තවම කියවනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි JP . ඔබේ තාත්තා මොන තරම් සියුම් කෙනෙක්දැයි මට හිතා ගන්න පුළුවන් ඔබ ලියන දේවලින් . ඒ තරම් අපුරුවට සියුම් ටොකු අනින්න , වටිනා පාඩම් කියල දෙන්න මට බෑ

      Delete
  29. ජනවාරි මාසයේ බ්ලොග් සම්මානය මේ ලිපියට පිරි නැමෙන බව සතුටින් දන්වන්නට කැමතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මගේ ලිපිය අගය කළ සියලු දෙනාටත් ඒ ඇගයීම සම්මානයක් ලෙස නිර්දේශ කළ නෙලුම් යායටත් . සම්මාන ගැන කිසිම බලාපොරොත්තුවක් නොතිබ්බත් මේ වගේ ඇගයීමක් ලැබුනම ලොකු සතුටක් දැනෙනවා. ඒත් මේ සමග පිරිනැමෙන යම් ද්‍රව්‍යමය තිළිණයක් ඇත්නම් එය පෙබරවාරි මාසයේ හොඳම බ්ලොග්කරුට ලබා දෙන ලෙස ඉල්ලනවා .

      Delete
  30. දෑස් විවර කරවන සුන්දර සටහනක්. නෙළුම් යායෙන් ලැබුණ සම්මානයට සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මම සිතුවිලි සිත්තමට නගනා කවි පොත බලන්නත් ගියා . ජය !

      Delete
  31. Sekara,
    Gini dellak men
    Deweyi Oba ma thula!

    ReplyDelete
  32. හරිම ලස්සනයි. ආසාවෙන් කියෙව්වා. අද තමයි මුලින්ම ආවෙ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තට ආදරෙන් පිලිගන්නවා

      Delete
  33. This comment has been removed by the author.

    ReplyDelete
  34. ජෝතිපාලගෙන් අමරදේව හොයපු
    නාමල් ගෙන් ජෝතිපාල හොයපු
    ෂිහාන් මිහිරංගගෙන් නාමල් හොයපු අයට
    සේකරගෙන් පාඩමක්.

    ReplyDelete
  35. අපි හැල්මේ දිව්වා. දුවලා, දුවලා, දුවලා ගිහිං ආපස්ස හැරිලා බැලුවා. ඉන්න තැන නුහුරුයි. ආපස්සට දිව්වා දුවලා ගිහිං හරි තැන නතර වුණා. සිංහල බ්ලොග් කලාව ආරම්භ වුනේ මෙන්න මේ නතර වුණ තැන. දැන් අපි ඉදිරියට යමු හෙමිං. එතකොට සේකරලා පෙනෙයි.

    සේකර ගැන එෆ්.එම්. එකක වැඩසටහනකට කන් දීගෙන ගියා. සේකරගේ මළගමට ගමෙන් ඉඳලා තියෙන්නේ බොහොම අඩු ප්‍රමාණයක්. නමුත් කොළඹින් බොහොම ලොකු සෙනගක් ගිහිං. කෙනෙක් ගමේ කෙනෙකුගෙන් අහනවා "මොකද ගමේ අය වැඩිය සේකරට කැමති නැත්ද ?" කියලා. එතකොට ගැමියා කියනවා "අපෝ අඩුගානේ එයා ගමේ බෝක්කුවක් වත් හදලා නෑනේ" කියලා.

    ReplyDelete