Monday, August 4, 2014

එදාට එනවා නේද?

ඹ නිවාඩුවේ එහෙ මෙහෙ ඇවිදිනවා විතරයි.මොනවා හරි බ්ලොග් එකටත් ලියලා දාපන්, නැත්නම් අර වතාවක් දුවට කියල ලියලා දැම්ම වගේ පොස්ට් එකක්වත් දාහන්. එහෙම කිව්වේ මගේ බ්ලොග් එක ගිය මාසේ පාලොස් වැනිදා ඉඳන් පාලුවට ගිහින් තියෙනවා දැකපු මගේ හිතවතියක්.

ගිය මාසේ 24 වැනිදා නිවාඩු එන්න ඕනි නිසා රෑ දොළහ විතර වෙනකන් අමතර වැඩ කරලා තමයි තියෙන වැඩ ටික සේරම හමාර කලේ . ඒ ආපු හැටියේම මට ලංකාවේ වැඩ මුළුවක් සඳහා සේවා දායකත්වය සපයන්න තිබ්බා . මාස ගානක් ඇරියස් වෙලා තිබ්බ වැඩ කටයුතුවල  නියැලෙන ගමන් සමුළු වැඩේ සාර්ථකව හමාර උනා කියමුකෝ . මෙන්න බොලේ මේ අට වැනිදා තියෙන පොතක් දොරට වඩින උළෙලකට ලක ලැහැස්ති වෙන්න වෙලා.

මේ පොත මගේම පොතක් හින්දා මග ඇරින්නත් බෑ අර මගුල් ගෙදර කතාවේදී වගේ . ඉතින් මම මුහුණු පොතට දැමු මිතුරු ඇරයුම මගේ බ්ලොග් මිතුරන් වෙනුවෙනුත් මෙහෙම ලියන්නම්,

මේ එන සිකුරාදා, අට වැනිදා මගේ පොත ' තිලක සිත ' නිකුත් වෙනවා
ඔබව මුණ ගැසෙන්නට ආසයි
විටක් කාලා ටිකක් කතා කර කර ඉන්න
එන්න
හවස තුනයි තිහට , කොළඹ හත නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවනාගාරයට

මේ පොතේ තියෙන සටහන් බොහොමයක්  මගේ බ්ලොග් පොස්ට්. ඒ වුනත් අලුතින් සංස්කරණය කරලා හැම කතාවටම ඔවිනිගේත් දෙව්නිගේත් චිත්‍රය බැගින් එකතු කරලා තමයි අච්චු ගැහුවේ. කවරය සකස් කිරීමත් හොඳ ටීම් වර්ක් එකක් උනා. රන්ගි, සමන්, හරිෂ්, ලිෂාන් රුවන්  ඒ ගැන බොහෝ වෙහෙසුනා.

මුහුණු පොතේ ඉඳ හිට මා ලියන සටහන් හා බ්ලොග් පොස්ට් වලට ප්‍රතිචාර දැක්වූ මගේ දයාබර මිතුරු මිතුරියනි මේ පොත මෙතරම් ඉක්මනින් බිහි වීමේ යෝධ ශක්තිය මට ගෙන ආවේ ඔබයි.  ස්වභාවයෙන් කම්මැලි ලියන්නකු වන මම අවුරුදු පහළොවකට පසු යලි අතට ගත් පෑන අත  හරින්නට බැරි විදිහේ මිතුරු දිරි ගැන්වීමක් ඔබෙන් මට ලැබුනා . ඊට ප්‍රතිචාර දක්වනු වස් මා කළ  යුතුව  තිබු යුතුකම් බොහොමයක් මගේ අතින් මග අරුනාට ඔබ අමනාප නොවන බව මම දනිමි.

ඉතින් ලෝකයේ කොයි මුල්ලක සිටියත් මේ පොත දොරට වඩින  දා මෙන්ම ඉන් පසුවත් මම ඔබ සමගයි. පුළුවන් කමක් තියෙනවා නම් එන්න .
ආරාධනා පත්‍ර එහෙම ගැහුවේ නෑ .   පුස්තකාල මණ්ඩල ශාලාවේ ඉඩකඩ ටිකක් මදියි . ඒත් අපිට එළියේ තණ බිස්සේ ඇන තියාගෙන හරි ටිකක් කතා බහ කරන්න පුළුවන්. ලොකු දිග දේශන නෑ . උලෙළේ සියලු කටයුතු මෙහෙයවන්නෙත්, පොඩි අදහස් දැක්වීම් දෙකක් කරන්නෙත්, සින්දුවක් දෙකක් කියන්නෙත්  මගේ  ළබැඳි මිතුරන් කිහිප දෙනෙක් .
විශේෂ අමුත්තෝ නෑ.  මොකද එදා එන හැම කෙනෙක්ම මට  අති විශේෂ අමුත්තෙකු වන නිසා

ඊට අමතරව මගේ ජීවන කතන්දර වලදී මා සඳහන් කළ අපුරු පුද්ගලයන් කිහිප දෙනෙක් එදාට එනවා . ඔවුන්ට පොතක් පිළිගැන්වීම තමයි එදා තියෙන සුවිශේෂම අංගය.

ගතින්  බැරිනම් සිතින් හෝ ඔබත්  එදාට එනවා නේද?


(ඔන් ලයින් මිල දී ගන්නට මෙන්න මේ ලින්ක් එකෙන් යන්න. www. books.lk ඔස්සේත් ගන්න පුළුවන් . නුගේගොඩ සරසවි, ගුණසේන ඇතුළු පොත් කඩවලට දාලයි තියෙන්නේ.   බොරැල්ල ඇල්විටිගල පාරේ නො 69/1 හි පුරනී ඔෆිස් එකේත්  පොත් තියෙනවා..මෙය කර්තෘ ප්‍රකාශණයක්)

136 comments:

  1. මගේ උණුසුම් සුභ පැතුම් තිලක... එන්න වෙන්නේ නැහැනේ... නමුත් පොතක් නම් ලබාගන්න අවශ්‍යමයි. ඒ ගැන පසුව කතා කරමු. උත්සවය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා පතනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තිසර. උත්සවය ඉතා සාර්ථකව අවසන් වුනා.

      Delete
  2. ෂා, නියම වැඩක් තිලකෙ. තිලකෙගෙ ලිවිල්ලේ කොලිටිය අපි දන්නවා නෙව? කවරෙන්ම කිව්වෑකි පොත නියමෙට ඇති කියලා. මගෙත් සුභ පැතුම්.

    අපිට නං ඉතිං හිතෙන් තමා එන්න වෙන්නෙ :(

    ReplyDelete
  3. මගේ උණුසුම් සුභ පැතුම්!

    "ජීවිතය කතන්දර ලෙස!" මගේ පාඨය වෙන "ජීවිතයම කතන්දර ගොඩක්" යන්න එක්ක සමපාත වෙන වැකියක්. නියමයි!

    මා දන්නවා ඔතැනදී ලැබෙන වින්දනය. කවුද ප්‍රකාශක සහ පොත ගන්නට ඇති තැන් දන්වන්න!

    ප/ලි:
    අප්‍රියෙල්වල පේරාදෙනියේ ගිය වේලේ දයාබර මාරේවත් ඔබවත් සිහිවුණා.




    ReplyDelete
    Replies
    1. හේ, අද මං ෆේස් බුකියේ සටහනකින් දැන ගත්තා ඔබෙත් මගේත් තවත් සමාන කමක්.

      එය නම් ඔබ අපේ කලා කවයේ සංස්කාරකව සිටි බවයි.
      http://colored-machines.blogspot.com/

      Delete
    2. ඔව් කකා මේ කවරය හදද්දී නොයෙක් නොයෙක් ඔප්ෂන් හිතට ආවා. 'බ්ලොග් සටහන් වූ ජීවන කතන්දර' විදිහටයි මුලින්ම තිබ්බේ . පස්සේ ඔය තරමට සරල වුනා. කළා කවයට ඔබේ ඇති ඇල්ම ඉතා ප්‍රභල බව පේනවා. මටත් ඒ ගැන ඇත්තේ අති සුන්දර මතකයක් .බොහොම ස්තුතියි

      Delete
  4. අවස්ථාවක් ලැබුනොත් නොවැරදීම එදාට එනව... රාජකාරීමය ගැටළු නිසා මොකක් හරි හුටප්පරයක් වුනොත් විතරයි අවුල... නැත්තං ලොවෙත් නෑ කොල්ල එදාට එතන ඇති...
    සියළු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්තක වේවා කියල ප්‍රාර්තනා කරනව

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි . එදා එන්නට බැරි වුනා නේද? පස්සේ දවසක හමු වෙමු

      Delete
  5. මගේ උණුසුම් සුභ පැතුම්!

    සිතින් නම් පුස්තකාල මණ්ඩල ශාලාව ලඟ පෝලිමට එක්වුනේ ආරන්චිවුනු දවසෙමයි. ඒත් එන්න විදිහක් නෑ මේ වෙලාවේ.

    උත්සවය වීඩියො කරල, යූ ටියුබ් එකට දාලා ලින්ක් එක එවන්න පුලුවන් නම් දුර ඉන්න අපි හැමෝටම රස විඳින්න අවස්තාවක් ලැබෙයි.

    උත්සාහ කරල බලනවද ?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කිත්තා . සම්බන්ධීකරණයේ පොඩි අතපසුවක් නිසා වීඩියෝ කරන වැඩේ පිළිවෙලකට කරගන්න බැරි වුනා. ඒත් තියෙන ටික එකතු කරලා අද හෙටම දාන්නම් ලින්ක් එකක්

      Delete
  6. සුභ පැතුම් තිලකේ.. පොඩි අවුලක් තිබුනත් කෝම හරි එන්න උත්සාහ කරනවා.. ඔව් අනිවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචන් . උඹ ඒවි කියලා අපි බලාගෙන හිටියා

      Delete
  7. එන්න වෙයිද ෂුවර් නැ

    ReplyDelete
  8. Replies
    1. එදා ඔබ හමුවන්නට ලැබීම සතුටක් !!

      Delete
    2. ඉවර වෙනකම් නොසිටීම ගැන සමාවෙන්න.
      පොත යන ගමන් ගත්තා. අත්සන් කරගන්න බැරිවුනා

      Delete
  9. සුබපැතුම් තිලක! මේකනම් මඳ ඇරගන්නට බැරි පොතක් වගේ.

    කකා කිවුවා වගේ පොතේ ප්‍රකාශක හා ගන්නට ඇති තැන් ගැනත් පොඩි සඳහනක් මේ පෝස්ට් එකටම එකතු කලානම් එදාට එන්ට වෙන්නෙ නැති අයට, විදේශවල ඉන්න පොත කියවන්ට ආසා අයට පහසුවක් වෙයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බුරෝ. කිව්ව හින්දාම ඔන්න පොත් ගන්න පුළුවන් තැන් ගැන විස්තරයක් දැම්මා

      Delete
  10. තිලකේ. මේක මගේ පුද්ගලික ජයග්‍රහණයක් වගේ සතු‍ටුයි මටත්. නමුත් ඔතනට එන්න වෙන්නේ නැත්තේ මම ලංකාවේ නැති නිසා. හිටියානම් නොවරදවාම එනවා, මොකද විනාඩි හතලිස් පහේ ගමන ගෙදර ඉඳලා.
    තමන්ගේ නිර්මාණ මුද්‍රණය වෙලා පොත් සාප්පුවක රාක්කෙක තියෙනවා දකින එක හරියට අර බේබි රූම් එකේ වීදුරුවෙන් තමාගේ බබා දිහා බලනවා වගේ වෙන්නැති.
    බොක්කේ ගැඹුරුම තැනින් බුර බුරා නැගෙන සුභ පැතු පිළිගනිං මචං.

    ReplyDelete
    Replies
    1. ඔබේ කමෙන්ටුවේ වටිනාකම නැති කරන්න හදනවා නෙමෙයි... ඒත් ගැඹුරෙන්ම බුර බුරා නැගෙනවා නම්
      ගැස්ට්රයිටිස් ද දන්නේ නෑ

      Delete
    2. :D අනේ නෑ JP, මේ යෙදුම නිතර පාවිච්චි කරන්නේ අපේ කෙහෙල්කොරොට්ටා සහ බුරතීනෝ. උන් දෙන්නා වෙලාවකට රණ්ඩුත් වෙනවා. කෙහෙල් කොරොට්ටා බුර බුරා නැගෙන කිව්වාම බුරතීනෝ නොහොත් බුරා නොහොත් රවී කියන විදියට බුරාභිදාන අහනවා උඹ කොහොමද මගේ අවසරයක් නැතුව බුර බුරා කියන යෙදුම පාවිච්චි කරන්නේ කියලා. මම උන් දෙන්නගෙම අවසරයක් නැතුව ඒක මෙතනදි පාවිච්චි කලා.
      JP ඔය ගෑස්ට්‍රයිටිස් කියන එක ඉස්සර හොඳ නම්බුකාර ලෙඩක්. ඕක ඔය හැම අප්පු සිඤ්ඤොටම හැදෙන එකක් නෙවෙයි.

      Delete
    3. Henry,

      / ඔය ගෑස්ට්‍රයිටිස් කියන එක ඉස්සර හොඳ නම්බුකාර ලෙඩක්. ඕක ඔය හැම අප්පු සිඤ්ඤොටම හැදෙන එකක් නෙවෙයි. /

      මොනවද ඩෝ ඉස්සර?....දැනුත් එහෙමතමයි, මටත් තියනව...

      Delete
    4. හෙන්රියෝ, මුල ඉඳලාම මේ වගේ කොමෙන්ට් වලින් උඹෙන් ලැබුණු තල්ලුව නිසා මම දන්නවා උඹ හිතින් එදා දවසෙත් මා ළඟ හිටියා කියලා .බොහොම ස්තුතියි මචන්

      Delete
  11. එන්න නම් වෙන්නේ නෑ.. උණුසුම් සුභ පැතුම්.. තව තවත් පොත් ලිවීමට සියළු ශක්තිය ධෛර්යය හා හේතු වාසනා වේවා...!!!

    ReplyDelete
  12. උණුසුමි සුබ පැතුමි පතමි
    ඉටු වන්නට සියලු කටයුතු ෙමදින
    දිරිය හා කාළය ලැ ෙබ්වා තව තවත්
    ලියන්නට රසවත් කථා
    අවදි කරන්නට අ ෙප් මතකය
    සුන්දර වු ඒ් අතීත ෙය්

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමේ උණුසුම
      සමුදුර සතක් පසු කොට
      හිතට දැනුනා හොඳින්
      ස්තුතියි ඔබට නැගණිය !

      Delete
  13. තිලකේ උනුසුම් සුභ පැතුම්. ගතින් නොහැකි නිසා සිතින් වත් එන්නම්. ඒත් එහෙම විත් කියවන්න ගෙනියන්න කොපියක් ගන්න බැරි නිසා,පොතක් මිලදි ගත හැකි අයුරු කරුනාකර දන්වන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියිJP . පොතක් ගන්න විදිහ මම පොස්ටුව යටින් ලිව්වා ඔන්න

      Delete
  14. එනවා අනිවාර්යයෙන්ම.. සතුටුයි බ්ලොග් ලියන අය පොතක් දක්වා ඉදිරියට යන එක....

    ReplyDelete
    Replies
    1. මේ සටහනට, එදා ආවාට හා ඉන් පසුවත් පොත ගැන උනන්දුවෙන් සොයා බලනවාට ගොඩක් ස්තුතියි

      Delete
  15. සුභ පැතුම්..!! ලංකාවට එන්නේ මාසේ අන්තිම නිසා එන්න වෙන්න නෑ.. නමුත් පොත් සාප්පු රවුමක් යන්න හිතන් ඉන්න නිසා ගන්න පුළුවන් තැන් ටික දාන්න.

    මම ඔය අත්දැකීම විඳලා තියෙනවා. දොරට වැඩීමේ උළෙලේ ස්තුති කතාව වෙලේ මට හෝ ගාල ඇඩුනා... හෙහ් හෙහ් ශාලාවේ හිටපු ගොඩක් අයත් ඇඩුව.. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පැතුම්. පොත නිකුත් කරන දවසේ වැඩිය හැඟුම්බර නොවී සිටින්නට මම උත්සහ කළා. මොකද මේ පොතේ කතාවලට සම්බන්ධ හැබෑ චරිත රැසක් එදා ඇවිත් සිටි නිසා. හැඟුම් බර උනානම් ඉවුරු කඩාගෙන යන්න ඉඩ තිබ්බා

      Delete
  16. උණුසුම් සුභ පැතුම්!!! ඔබ ගැන අපිට ආඩම්බරයි. එන්නට වේවිද කියන්න බෑ... ඒත් පොත නම් කියවිය යුතුමයි. මිළදී ගත හැකි තැනක් දන්වන්නකෝ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බස්සි . මේ පොත නුගේගොඩ සරසවියෙන් ගන්න පුළුවන් . තව විස්තර පොස්ටුව පහලින් ලිව්වා

      Delete
  17. 8 රෑ යාල්පානම් යනවා මචෝ....ටික වෙලාවකට හරි ඔලුව දාන්න එන්නම්...
    ජයෙන් ජයම වේවා....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචෝ. එදා බැරි උනානේ. අපි ළඟදීම සෙට් වෙමු

      Delete
  18. හදවතින්ම සුබ පැතුම් තිලකේ.එන්නට බැරිවුනත් සිතින් එතනට එන්නං.පොතක් ඔන්ලයින්වත් ගන්න බලන්නංකෝ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචන්. මම හිතා හිටියේ හැලපේ අගෝස්තු නිවාඩුවට ලංකාවට ඒවි කියලා

      Delete
  19. අපේ ඉල්ලීම් ඉටුකිරීම පිලිබද මගේ ප්‍රණාමය. අවස්ථාවට සහභාගී වීමට නොහැකිවීම තමයි කනගාටු. ....සුභ පැතුම් තිලකෙ!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කම්මල!!. අපි කියන දේ අහන හොඳ ළමයි

      Delete
  20. නියමයි තිලක සිත................ ඒ ලිපි ටිකනම් මුද්‍රිත මාධ්‍යයෙන් දොරට වඩිනවානම් ඉතා වටිනවා......... ඉතින් අපේ සුභ පැතුම්. අපේ බ්ලොග් සගයින් අඩිය අඩිය තියලා උඩට නගිනවා දකින කොට හිතට හරි ම සතුටුයි..... විශේෂයෙන් ම ඒ නිර්මාණකරණයට අපිට දශමයකින් හරි දෙයක් එකතු කරන්නට පුළුවන් වීම ගැනත් සතුටුයි.... අපි හැමදාමත් ඔබ සමගයි..............

    ReplyDelete
    Replies
    1. මේ පැතුම හරියට කවියක් වගෙයි. බොහොම ස්තුතියි ගී පවුර

      Delete
  21. උණුසුම් සුභ පැතුම්! එන්න වෙන්නේ නම් නැති වෙයි. මාසේ දෙවැනි සිකුරාදා වෙනදා වගේම 3 ට ඔපීසියේ මිටීම :/
    නමුත් හිතින් නම් උඹේ තැන අයියේ

    ReplyDelete
  22. හදපිරි සුභ පැතුම් තිලකේ....
    එන්න බොහොම ආසාවෙන් හිටියේ බුලත් විටක් නැතත් වචන දෙකක් කතා කරලා යන්න.
    ඒත් හැමදේටම වාසනාව තියෙන්නත් එපැයි.... !

    ReplyDelete
    Replies
    1. ආවේ නැතිවාට මේ සුහද පැතුම් ලැබුනානේ. තව යාළුවො ගොඩක් එවලා තිබ්බානේ . බොහොම ස්තුතියි රන්ගි

      Delete
  23. වෙලාවක් තිබුනොත් එමි.

    ReplyDelete
    Replies
    1. මම බලන් හිටියේ එදා මාරයා හරි 'මගේ මරණය' හරි එයි කියලා . ස්තුතියි මාරේ එන්න උත්සහ කලාට

      Delete
  24. මගෙත් උණුසුම් සුභ පැතුම්. තිලක් අයියගෙ ලියවීමනම් මරු.

    ReplyDelete
  25. අනේ බොලේ එන්න නම් වෙන්නේ නැත. අපි තවම මෙහෙ. මේ ඒක නෙවෙයි එනකොට පොත් හත අටක් අරං වරෙං...කියවන්නම ඕන..කියවන්නම ඕන...

    ReplyDelete
    Replies
    1. ඔන්න මං පොත් ටිකකුත් අරන් ආපහු ආවා . ඉතින් හම්බ වෙලා කතා කරමු

      Delete
  26. Mage gawa Sinhala Akuru naha,
    Hadwathing mama oba laga
    Mage subpathum,

    ReplyDelete
  27. මගෙනුත් උණුසුම් සුබ පැතුම්...

    ReplyDelete
  28. තිලකට සුබ පැතුම්!!!

    එන්ට වෙන්නේ නැති වුනත් අනිවාර්යෙන් පොතක් ගෙන්න ගන්නවා...:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පොඩ්ඩි

      Delete
  29. එහෙනං කාලෙකට පස්සෙ හොඳ පොතක් එනව නේ... සිංහල පොත් කියවිල්ල එපා වෙලා තියෙන කාලෙක ළමයින්ට කියවන්න හරි මුද්‍රිත පොතක් එන එක හොඳයි... ඇයි ඉතිං .. අම්මල බ්ලොග් බලන්න දෙන්නෙ නෑ නෙ ළමයින්ට... පොතක් නං දැක්කොත් අරංවත් දෙන්නෙ නැතෑ...

    සුබ පැතුම් තිලක...

    ReplyDelete
  30. කොහොම හරි එන්නට ට්‍රයි කරමින් . (Y)

    ReplyDelete
    Replies
    1. ඉවාන් දවස් දෙකක්ම ඇවිල්ලා මට ගොඩක් උදව් කරානේ වැඩේට. ඒක ලොකු හයියක් වුනා . බොහොම ස්තුතියි

      Delete
  31. සුබ පැතුම් !!!!

    ReplyDelete
  32. එන්නවෙන්නේ නැති වුනාට සුභපැතුම්.

    ReplyDelete
  33. මගෙනුත් සුබ පැතුම්,, සියල්ල සාර්ථක වේවා, ලංකාවේ නෙමේ නිසා එන්න වෙන්නේ නැහැ ඉවාන් අයියට ස්තුති , අපිව මෙතනට යොමු කලාට,,

    ReplyDelete
  34. බ්ලොග් සටහන් පොතක් කල මුල්ම සිංහල රචකය ඔබ වෙන්න පුලුවන්! මේක ඉතම හොඳ පියවරක්. බ්ලොග් සටහනක් ලියල, ඒක අනෙක් අය බලනකොට දැනුන සතුටට වඩා සතුටක් තමන්ගෙ පොතක් වෙන අයෙක් අතේ තියෙනව දකිනකොට ලැබෙනව වෙන්න ඕන. ඔබ ඒ අතින් ඉතාම වාසනාවන්තයි. මොකද ඔබේ බ්ලොග් සහ පොත් දෙකම අනෙක් අය කියවනව දකිනව. තිලකෙට උණුසුම් සුභ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉන්දික. ඇත්තටම බ්ලොග් පොස්ට් එකක් ලියලා ලබන සතුටයි පොතක් ලියලා පල කරාම ලැබෙන සතුටයි මාර වෙනස්. කොහොම වුනත් කලින් ලියපු දෙයක් වුනත් පොතක් කරද්දී හිතුවට වඩා කාලය ශ්‍රමය වය කරන්න සිද්ද වුනා, ඒත් ලැබු සතුට විශාලයි. අපේ බ්ලොග් මිතුරනුත් ලියු හොඳ දේවල් පොත් ලස පල කරන්න උනන්දු වේවා කියා පතනවා

      Delete
  35. සුබපැතුම්....! ජයවේවා.....!!!!

    ReplyDelete
  36. සුභ පැතුම් තිලකෙ අයියා … සර්වප්‍රකාරයෙන්ම වැඩේ සාර්ථක වේවා … !!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පත්තර මල්ලි

      Delete
  37. සුභ පැතුම් තිලකේ, එන්න ට්‍රයි කරනවා, සිකුරාදා නිසා තමයි ප්‍රශ්නේ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කන්නන්ගර ,එන්න උත්සහ කලාට

      Delete
  38. ඉවානයාට පිස්සු අයියන්ඞි එක පාරක් ඇවිත් ගියා දැන් වටේ යවලා ායමත් මෙතනට ගෙනත් අතඇරියා ඔන්න අයියන්ඞි දෙවැනි පාරටත් ඡයවෙිවා.
    ඉවානයා හිටපන් පත්තර මලයන්ඞිට කියලා ඉල්ලලා දෙන්නම් උඔට.

    ReplyDelete
    Replies
    1. මං ශපොට් එකට....

      Delete
    2. වටෙන් ගිහින් දෙපාරක් ආවත් කමක් නෑ . ඔය තව විටක් කාලා එහෙම යන්ට බැරියැ

      Delete
  39. තිලකේ........තිලක සිත මුල සිටන්ම කියවන්නෙක් ලෙස අපටත් ලොකු ආඩම්බරයක්!!!!!!!!උනුසුම් සුභ පැතුම්!!!

    පොතක් ගෙන්වා ගන්නෙමි.

    ReplyDelete
    Replies
    1. ඔව් අරු මුල ඉඳන්ම උඹ මගේ සහෝදරයෙක් වගෙයි දැනුනේ. ඒකයි කෝල් කරලත් මතක් කළේ . මේ ලිවිල්ලට වැඩිය මම සතුටු වෙන්නේ උඹලා වගේ මිත්‍රයෝ ටිකක් මුණ ගැසීම ගැනයි

      Delete
  40. එන්න නම් බැරිවෙයි...ඒත් හදවතින්ම සුභ පැතුම්..!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රෙහානි. ආවේ නැතිවට මේ සුබ පැතුම් මට ගොඩක් වටිනවා

      Delete
  41. දැනට එන්න පුළුවන් කියලා හිතෙනවා. එහෙම එන්න බැරි වුනොත් ....

    ඔබේ උත්සාහය බ්ලොග් ලෝකයේ සිටින සියළු දෙනාට ආඩම්බරයක්. සුබපැතුම් හදවතින්ම !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුදීක. ඔබ එදා දකින්නට ලැබීම මට ලොකු සතුටක් වුනා

      Delete
  42. අනෙ උබ කොල් කරල එන්න කිවුවත් එන්න වෙනෑකක් නැවගෙ මචො.මෙ දවස්වලවැඩ වැඩියි.සමාවෙයන්.මගෙන් උනුසුම් සුභ පැතුම්

    ReplyDelete
  43. උණුසුම් සුභ පැතුම් ඔබට! තව තවත් නිර්මාණ කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා!!
    එන්න උත්සහ කරනවා ඉඩක් ලදොත්..කාර්යබහුලකම නිසා අවස්ථාව මග හැරෙනවට නම් දුකයි...බලමු..:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තනි තරුව. ඔබ එන්නට උනන්දු වීම සතුටක්

      Delete
  44. උණුසුම් සුබ පැතුම්!!!

    ReplyDelete
    Replies

    1. බොහොම ස්තුතියි බීටල් ,ඔබ මෙහි ආ එක කොච්චර දෙයක්ද? මම ඔබේ රසිකයෙක්

      Delete
  45. හදවතින්ම සුබ පතනවා... එන්න නම් බැරි වෙයි...

    ReplyDelete
    Replies

    1. බොහොම ස්තුතියි තුෂානි

      Delete
  46. වැඩේට සුභපැතුම්. එන්න නං වෙන්නෙ නෑ. දෙවැනි මුද්‍රණය ඉක්මනින් කරන්න සිදුවේවා කියල ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රාජ් , දෙවැනි මුද්‍රණයකට යන්න වෙන ලකුණු තියෙනවා

      Delete
  47. මේ උණුසුම් සුබ පැතුම් වලට ඉතාමත්ම ස්තුති වෙනවා. හෙට සෑහෙන දෙනෙක් හමු වේවි. එන්න බැරි උනත් ඔබේ හිතවත් කම මට ඇඟට දැනෙනවා. කලබල දවස් ටික ඉවර උණු හැටියේම මේ ප්‍රතිචාර සියල්ලටම එකින් එක පිළිතුරු ලියන්නම්. එතෙක් සමා වෙන්න.

    ReplyDelete
  48. ඇවිත් සහභාගිවෙන්න තරම් වාසනාවක් නැතිවුනත් ඉතසිතින් සුබපතනවා මං ඔබට.

    ජයෙන් ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සඳරුවන්, මේ ඔබේ ගී සටහනක් රස විඳලා එන ගමන්

      Delete
  49. සුභ වේවා ! ජයම වේවා !

    ReplyDelete
  50. සතියේ දිනයක් නිසා එන්න අපහසුයි.ආවත් නාවත් සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. පුළුවන්කමක් තිබ්බානම් ඔබ එන බව දන්නවා . බොහොම ස්තුතියි මනෝජ්

      Delete
  51. සුභ පැතුම් ..එන්න බැරි උනත් පොත කියවන්න හැකි වෙයි

    ReplyDelete
  52. සුබ පැතුම්... ලංකාවේ හිටියට මටත් එන්න වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි වීරේ , මම උඹටත් පොතක් ගෙනාවා

      Delete
  53. http://hapifly.blogspot.com/2014/08/blog-post.html

    තිලක සිත ගැන නොලියාම බැරි විය.

    ReplyDelete
    Replies
    1. ඔබේ බ්ලොග් සටහන කියවා මම ඉමහත් සතුටක් ලැබුවා . එදා ඔබ මුණ ගැසීමත් සතුටක් වුනා. බොහොම ස්තුතියි

      Delete
  54. සුභ පැතුම් මචෝ..........!!!

    ReplyDelete
  55. හදවතින්ම සුබ පැතුම්...!

    ReplyDelete
  56. උනුසුම් සුභ පැතුම් තිලක...

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විදානේ

      Delete
  57. ශුභ පැතුම්!
    පොතක් ගන්නම්
    තව පොත්
    තව බ්ලොග් ලියන්න
    ධෛර්‍ය පතමි

    ReplyDelete
    Replies
    1. සියවස් ගණනක්
      පසු කරගෙන
      සුබ පතන්නට ආ
      දයාල් බතී
      ආදරෙන් පිලි ගනිමි !

      Delete
  58. මනහර ලියවිල්ලක්
    තිලක සිත ගැනත් දැන ගත්තා.

    ReplyDelete
  59. ඔබට සුභ පැතුම්! මහත්මා සිතුවිලි ඇති ඔබ නම් පුදුමයකි! ධෛයිර්ය හා ශක්තිය තව තවත් ලියන්න්ට

    ReplyDelete
    Replies
    1. ඔබවන් හිතාදර රසිකාවියක් මුණ ගැසීම සතුටක් . සුබ පැතුමට ස්තුතියි

      Delete
  60. අහන්බෙන් හරි ඔබේ පිටුව නෙත ගැටුන එක ගැන කියන්න බැරි සතුටක් තියෙන්නේ ඇත්තටම? ලොකු ළැබැදියාවක් තියෙන්නේ ඉක්මණින්ම බුක් මාර්ක් කර ගත්තා මන්

    ReplyDelete
  61. stuthi mame obe aradanawata.. samawenna mata.. wibahagayath e weletama wati thibuna nisa enna nm hakiwuye naha.. eth hithinnm digatama unne ethanai.. poth kiyawannata iwasillak naha... obata jaya mame...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුවේ, පොතක් එවන්නම් ඉක්මනට

      Delete
  62. බොහොම ස්තුතියි. ඔබේ සුබ පැතුම්වලින් හා දිරිවඩන වදන්වලින් සිත සතුටින් පිරුනා . හිතවතුන් හා හිතවතියන්ගේ කැපවීම් නිසා එදා වැඩ කටයුතු සාර්ථකව අවසන් වුනා. පොඩි නිවාඩුවකින් පසු මේ මිතුරු සටහන්වලට පිළිතුරු ලියන්නත් ආයේ බ්ලොත් කියවන්නත් ලියන්නත් පටන් ගන්නවා .

    ReplyDelete
  63. අපි ඉතින් ලංකාවෙ ඉන්න මිනිස්සු නෙමෙයිනෙ. ඒක නිසා පැත්ත පලාතක ආවෙ නැහැ. අද තමා සුබ පතන්න ආවෙ.

    බ්ලොග් ලෝකෙ තවත් සහෘදයෙක්ට ජයවේවා. දැන් අපි වගේ ඈයො මේ පොත ගන්නෙ කොහොමද..?

    ReplyDelete
    Replies

    1. මේ පැත්තේ ආ එක කොච්චර දෙයක්ද.සාදරෙන් පිලි ගන්නවා .
      සරසවි ඔන්ලයින් එකෙන් ගතහැකියි
      http://sarasavi.lk/Book/Thilaka-Sitha-9554160003

      Delete
    2. ෂා නියමයි එහෙනම්.. බොහොම ස්තුතියි.

      Delete