Sunday, May 21, 2017

මාලදිවයිනේදී නැතිවූ පාස්පෝර්ට් එක



හීන පෙනීම සම්බන්ධ විද්‍යාත්මක මතවාද  මෙන්ම හීනවලින් කියවෙන  අනාවැකි  ගැන අනන්තවත් දේ ලියවී තිබේ. ඒත් මමනම් ඔය කිසි දෙයක් සිරාවට ගණන් ගන්නේ නැත . අපේ  සිල්වා සර්ගේ පන්ති යන දවසවල ඉංගීසි ඉගෙන ගැනීමේ මංපෙත් පිළිබඳ මට උපදෙස් දුන් වැඩිහිටි මිතුරෙක් මෙහෙම කිව්වේය .

' මල්ලි නින්දට යන්න කලින් කල්පනා කරන දේවල් ඉංග්‍රීසියට හරවලා හිතන්න. එතකොට ඉංග්‍රීසියෙන් හීන පෙනෙයි '

ඒත් මේ වනතුරු මානම් ඉංග්‍රීසි හීනයක් දැක්කේ නැත . අනන්තවත් හීන දැක තිබුනාට ඒවා අතරින් මතක හිටින කීපයක් ලියා තබන්නට හිතුනේ විනෝදයටත් එක්කය. මේ හැම හීනයකටම පසුබිම් අතීත කතාවක් තිබුණු අතර ඒවා මට යලි  සිහියට නැගුනේ මේ පසුකාලීනව දුටු සිහිනත් සමගයි ..

 ප්‍රභාකරන්ට බැන වැදීම 

යුද්ධය උපරිමයෙන් තිබු කාලයේ ප්‍රභාකරන් මෙල්ල කරන්නේ කොහොමද කියා  කවුරු කවුරුත් හිතුව අවධියක  මට හීනෙන් ප්‍රභාකරන් හමුවුනේය . ඒ අපේ ග්වල් ළඟ ඉස්කෝලේ කන්දට ඈතින් පේන කුඹුරේ  ඉද්දීය.  ඒ හීනය දුටු දවස්වල මාවිල්ආරු ඇනිකට් එක වසා තිබුණාදැයි මට මතක නැත . ඉස්කෝලේ කන්දට අප ඒ කාලයේ වැඩිපුරම නගින්නේ ඈත පේන අපේ කුඹුරට පණිවිඩයක් කීමටය. කුඹුරේ ඉන්නා තාත්තාට සමහර විට මෙවැනි පණිවිඩයක් කෑ ගා කියමු.

තාත්තා ආඅ  ආ . ගෙදර  එනවද? බත් ගෙන්න ..ද ....

ඒ පැත්තෙන් මෙහෙම ඇහෙයි

.කෑම ගේන්ඩෝ... දැම්ම එන්න වෙන්නේ නැතෝ  .. .

තවත් බොහෝ වෙලාවට මේ කන්දට නැග්ගේ අපේ කුඹුරට හරවා ඇති වතුර පාර වෙනත් කවුරුන් හෝ තමන්ගේ කුඹුරට හරවාගෙන ඇත්දැයි බැලීමටය.
කාගේ හෝ කුඹුරකට ඇලෙන් වතුර හරවා තිබියදී  ලියදි දිගේ වතුර පිරි පිරී ගොස් පාවුලේ  ඔය ඉවුරේ ඇති ලියදිවලින් වතුර උතුරන විට කුඹුරට වතුර වැදුනා කියා තෘප්තියෙන් කියන්නට පුළුවන. ඒත් ඊට කලින්  කවුරුන් හෝ වතුර පාර වෙනත් වක්කඩයකින් තමන්ගේ කුඹුරට හරවා ගැනීම අපරාධයක් හෝ කුපිත කරවීමක් විය. කන්දට ගොස් මේ අලුගුත්තේරු වැඩේ කළ කුඹුරු හිමියාට බැන වැදීම හිත හදා ගැනීමට ඇති පළමු  මගයි.

මේ වාගේ දවසක් මා කන්දට ගොස් ඈතින් පේන අපේ කුඹුරේ හෙල්මළු ලියදි දිගේ වතුර පිරි පිරී ඉතිරෙන අයුරු සොම්නසින් බලා සිටිද්දී  දැකලා පුරුදු කෙනෙක් අපේ ඇළ දිගේ කුඹුර පැත්තට එනවා දුටුවෙමි. ඒ කැමා සුට් එකක් ඇඳගෙන උදැල්ලක් කරින් ගත් ප්‍රභාකරන්ය. කිලෝමීටරයකට ඈතින් හිටියත් මට ඔහු හොඳින් හඳුනා ගන්නට පුළුවන් විය .
මගේ හිතේ හිරි ඇරෙනතුරු ප්‍රභාකරන්ට බණ වැදුනේ එදාය. අපේ අයියාද මා සමග එකතු වෙමින් ඔහුට බැන්නේය. මොකුත් නොකියාම වරදකාරී මුහුණ මදක්  පෙන්වා ප්‍රභාකරන් කුඹුරට උඩින් වූ තිත්ත මල් ලන්දේ හැන්ගුනේය.


මිනීමරුවා බයිසිකලෙන් ගෙන යෑම

දුරාතීතයේ දවසක් මම  මොරටුවේ සිට කොටුවට එද්දී දෙහිවලට  කලින් තිබූ  හෝල්ට් එකකින් පොලිස් කාන්තාවන් දෙදෙනෙක් බසයට ගොඩ වුනේ සිය  අත්වලින්  අල්ලා ගත් තලත්තැනි හයිරන්කාරෙක් සමගය . පොලිස් කාන්තාවක් අතේ සිලි සිලි බෑගයක් තිබු අතර එය මේ මදාවියා ඇත තිබු ගංජා පාර්සලය බව පසුව දැන ගත්තෙමි . පුංචි දඟකාරයෙක් අල්ලාගත් ඉස්කෝලේ හාමිනේලා දෙනෙක් මෙන් ජයග්‍රාහී මුහුණින් යුතුව මේ  පුද්ගලයාව මැදිකරගත් පොලිස් කාන්තාවන් දෙදෙනා බසයේ හිටගෙන සිටියෝය . දෙහිවල හන්දියේදී බසය ස්ලෝ වෙද්දී මදාවි දඟයා පොලිස් නෝනලාගේ අත් ගසා දමා අර ගංජා පාර්සලයද උදුරාගෙන බසයෙන් බිමට පැන ගත්තේය. අපබලා සිටිද්දීම ඔහු දෙහිවල උඩ පාර දිගේ දුවගෙන ගියේ පස්ස හැරී හැරී බල බලා ඔලොක්කු හිනාවක් දාගෙනය .

මේ පොලිස් කාන්තාවන් දෙදෙනාම මම මෑත කාලයේ දවසක් දැක්කේ මිනී මරුවෙක් අල්ලාගෙන යමින් සිටියදීය. කොටු සරමක් හා  අත් දිග කමිසයක් ඇඳ සිටි හීන් දෑරී මිණීමරුවා අතින් මැරුම් කා තිබුනේ  ඔහුගේ උසට මහතාට බොහෝ සයින් සමාන වෙනත් මිනිසෙකි. අර පොලිස් කාන්තාවන් දෙදෙනා  මේ මිනීමරුවාද  මැරුණු මිනිහාද දෙදෙනාම බයිසිකලයක නංවාගෙන තල්ලු කරගෙන යමින් සිටියෝය. වරෙක බයිසිකලය  ඇලවීම නිසා මළ මිනිසා  බිමට පෙරලුනේය. තවත් වරෙක මිනීමරුවාගේ දැඟලිල්ල නිසා බයිසිකලය පෙරලුනේය. මේ කොයි හැටි උනත් මිනිය හා මිනීමරුවා යන දෙකම අම්බන්කරගනිමින් පොලිස් නෝනලා දෙන්නා බයිසිකලය දක්කාගෙන  ඉදිරියටම යද්දී මට ඇහැරුනේය .

 මාලදිවයිනේදී නැතිවූ පාස්පෝර්ට් එක පේරාදෙණියෙන් හමු වීම 

දවසක් දෝහා සිට කොළඹ එද්දී මට මාලදිවයින හරහා එන්නට සිදු වුයේ , මගේ ෆ්ලයිට් එක ඕවර් බුක් වීම නිසාය. මේ ළඟදී යුනයිටඩ් එයාර්ලයින් එකේදී වුවා මෙන් ගුවන් යානය තුලදී නොව ගුවන් තොටුපලේ කවුන්ටරයේදීම  මට දැනුම් දුන්නේ යානයේ  මගීන් පිරී ඇති නිසා හවස ගුවන් යානයේ යන්න කැමතිනම් රියාල් දහසක වන්දි මුදලක් දෙන බවයි. ඒත් ගෙදර යන්නට තිබු හදිස්සිය නසා මට කොහොම හරි දැන්ම යන්නට ඕනෑ යැයි ගොරානාඩු කලෙමි . ඒ නිසා මට මාල දිවයින හරහා ලංකාවට එන පිළිවෙලක් සැකසිණි.

බස් හෝල්ට් එකක් වැනි කුඩා මාලේ  ගුවන් තොටුපල පර්යන්තයේ සිට ගුවන් යානයට ඇවිදගෙන එන්නට තිබෙන ගමනට මා කැමති නිසා ඒ යෝජනාව  පිලි ගතිමි .

මාල දිවයිනේදී මගේ පාස්පෝට් එක ඉල්ලා ගත් නිලධාරියෙක් යමක් පැහැදිලි කරගන්නට එය ඇතුළත කාමරයකට අරන් ගියේය. ඔහු බොහෝ වෙලාවක් යනතුරු යලි නොපැමිණි අතර මම බෙහෙවින් කලබලයට පත් වීමි .

මේ බයවීම මට පසුගියදාක යලි අත්විඳින්නට සිදු වුනේ අර එදා මගේ පාස්පෝර්ට් එක ඇතුලට අරන් ගිය නිලධාරියා නිසාමය . ඔහු කොහේදෝ රටක ගුවන් තොටුපලකදී මගේ පාස්පෝර්ට් එකේ සීල් එකක් ගසන්නට තිබෙනවා කියා රැගෙන ගියේය. ඉන්පසු ඔහු එය අතුරුදහන් කළේය. ඒ අසල සිටි කීප දෙනක් සමග මගේ අවනඩුව කීවද කවුරුත් මාව ගණන් ගත්තෙම නැත . බැරිම තැන මම පටු කොරිඩොරයක් දිගේ ඇවිදගෙන ගියේ මේ ගැන සොයා බැලීමටය. එතනින් එලියට පිවිසෙද්දී මා දොටුවේ පේරාදෙනි සරසවි පුස්තකාලය පැත්තෙන්  ආර්ට්ස් ෆැකල්ටිය දෙසට එනවිට මේසයක් තබාගෙන සිටින සේකුරිටි මිතුරාය. මම වහා ඔහු ළඟ වාඩි වී මගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කලෙමි. ඔහු ඉන්න බලන්න කියා ලාච්චුව ඇද මට පාස්පෝර්ට් එක සොයා දුන්නේය.
මම මහත් සැනසීමෙන් එතනින් නැගිට ගෙම්බා කැන්ටිම දෙසට ඇවිදගෙන ගියෙමි .

මේ හීනවල යටි අරුතක් හෝ අනාගත වාක්‍ය හෝ දේශපාලන උපහාසයක් නැත . ඒවා හීන පමණය .

මම පහුගිය අවුරුදු හතරේ දුටු හීනවල ඉන් පෙර දුටු හීනවලට වඩා විශේෂයක් තිබ්බේය.  ඒ කවදාවත් හමු වී නොතිබූ බ්ලොග්කාරයින්වද, මගේ පොස්ට්වලට යටින් හරබර දේ ලියන කොමෙන්ට්කරුවන්වද, බ්ලොග් කියවන හිතාදරයන්ද  වරින්වර හීනවලදී  හමුවීමය .  කොටින්ම මේ සියලු දෙනාද දැන් මගේ ජීවිතයේ කොටසක් වී හමාරය .
අද මගේ බ්ලොග් අඩවියට සිව් වසරක් පිරෙයි .

Image : seppo.net

80 comments:

  1. සිවු වසරක් තිස්සේ දුටු හීන වලට සුබ පැතුම්! තවත් චිරාත් කාලයක් තිලකසිත කියවන්නට ලැබේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉකෝන්

      Delete
  2. රැව් දුන් මතක සිහිනයකින් මම දකිමී
    කිව් කෙරු දේම පෙනෙනා බව සිතට ගමී
    ඔව් බ්ලොග් ලෝකයම සුන්දර බව කියමී
    සිව් වසරකට සුපැතුම් මල් මෙලෙස දෙමී.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලෝකය සුන්දර වෙලා තියෙන්නේ ඔබ වැනි අය එහි සිටින නිසාය. ස්තුතියි දුමී

      Delete
  3. සිව් වසරට සුබ පැතුම් !! .. සුයිට් ඩ්‍රීම්ස්..

    ReplyDelete
    Replies
    1. මෙන්න යකෝ මූ ඉන්නවා....

      Delete
    2. බොහොම ස්තුතියි සඳරු . ඒ වගේම සතුටුයි ඔබ මෙහි ආ එක .

      Delete
  4. සත්හට සෙත්දෙන ලෝක ශිවාකර
    භගවා පතනුන් ගෙන් සරණා...
    පත්මේ නුරුන් වන විශ්ණු කතරගම
    සමන් විභීෂණ දෙව් සරණා....
    යෙහෙන් පතන්නෙමි වෙසෙනු චිරාකල්
    සව් සැපතින් පතනා ලෙසිනා...
    පත්වන දුක් හැම දුරහැර ලෝ සැප
    අත්වේවා ඔබහට යෙහෙනා...

    ReplyDelete
    Replies
    1. මේ බරසාර පතුමටත් බොහොම ස්තුති වේවා !

      Delete
  5. තිලකෙගේ කතා වගේම රසවත් හීනනේ තිලකෙට පේන්නේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අටම්. රසවත් හීන හා රසවත් කතා විතරක් තෝරාගෙන මේ ලියන්නේ .

      Delete
  6. සුභ පැතුම් තව හීන මවන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අජිත්

      Delete
  7. සුබ පැතුම්!!!

    මාත් එක් සිහිනයක් කීප වරක් දැක තියෙනවා පොඩි කාලේ.

    මායි තවත් අයෙකුයි මුහුදු වෙරළක ඉන්නවා රෑක. අපි පත්තර කෑල්ලක තියෙන වැදගත් දෙයක් කියක් කියවන්න හදනවා. එතකොට ම සුළඟක් ඇවිත් කුප්පි ලාම්පුව නිවෙනවා.

    මේ හීනේ මං කලින් දැකලා තියෙනවා කියා මට කියවෙනවා.

    එතකොටම ඇහැරෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රසික . ඒනම් අමුතු හීනයක්. දවසක් මගේ යාලුවෙක් කිව්වා හීනයක් දවස් දෙකකදී කොටස් දෙකකට දැකපු කතාවක් .ටෙලි ඩ්‍රාමා එකක් වගේ

      Delete
  8. වයස මුහුකුරා යාමත් සමග දකින හීන වලත් ගැඹුරු බවක් තිබෙනවා නේද. ගහකින් ගලකින් වැටෙනවා වගේ දකින හීන වලදී ඇත්තෙන්ම ඇඳෙන් බිමට වැටෙන අවස්ථා ගැනත් මා අසා තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගැඹුරක් කෙසේ වෙතත් දකින හීනවල වෙනසක් නම් දැනෙනනවා වයසට යද්දී . ස්තුතියි දයාවී

      Delete
  9. මම දවසක් කිරිල්ලවලදි හැන්දෑවක පාන් ගන්න කියල චුන් පාන් කාරය ළඟට ගියාම මෙන්න බොලේ බරක් ඔබාම පාන් විකුනනවා. ඌ බැඳල ඉන්නෙ ගෝනහේනෙන් කියලයි කිව්වෙ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ . දැන් ඇත්තට බරක් ඔබාමා චූන් පාන් කාරයෙක් විදිහට පාට් ටයිම් කරනවා වෙන්නත් පුළුවන්

      Delete
  10. අඩියක් ගහලා සමරන්න වෙයි

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ. ළඟදී හමු වෙමු

      Delete
  11. අවුරුදු හතරට සුභ පැතුම්. හීන ටික මරු. පක්ෂ, සමේ පාට, ආර්ථික තත්ත්වය, ආදී කිසිම භේදයක් නැතිව හැමෝටම සාධාරණව ලැබෙන එක දෙයක්. හීන.

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා හීන ලෝකෙදිනම් අසාධාරණකම් වෙනවා අඩුයි

      Delete
  12. සිව්වසරක් සිත්සතන් වලට ලංවු තිලක සිතට සුබ පැතුම්.
    ගොඩාක් හීන මතකයේ රැදෙන්නේ නැතිව පසුවදාම හිතෙන් මැකිලා යන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අසංග . මම අසා තිබෙන විදිහට නින්දේ නොගැඹුරු අවස්තාවේදී(REM) තමයි හීන පෙනෙන්නේ . හීන ඉක්මනින් අමතක වෙලා යන්නේ අයි කියන එක ගැන බොහෝ තොරතුරු අන්තර්ජාලයෙන් හොයා ගන්න පුළුවන්

      Delete
  13. සිවු වසරට සුබ පැතුම් !!

    වැඩි වැඩියෙන් හීන පෙනේවා. හැක්..

    ReplyDelete
    Replies
    1. මේ සිව්වසරේම ප්‍රසාගෙන්ම මට හිමි වූ දිරියටත් ස්තුතියි

      Delete
  14. සිව් වසරට සුභ පැතුම් අය්යේ.. තව තවත් රසවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා...

    මට නම් ගොඩක් වෙලාවට පේන්නේ සත්තු කතා කරන හීන තමයි... බල්ලො, අශ්වයෝ, කුකුලො, එතකොට අපේ ගෙදර පූසා එහෙම මාත් එක්ක හීනෙන් කතා කරනවා.. එතකොට තව දවසක් ෆෑන් එකකුත් මාත් එක්ක කතා කළා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නංගී. ඔබේ සැබෑ වූ සොඳුරු සිහිනයක් අපත් දුටුවා . සුබම සුබ නව දිවියක් වේවා !!

      Delete
  15. සිව් වසරට සුබ පැතුම්!! වැඩි වැඩියෙන් රසවත් හීන පෙනේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචන්. උඹව හැබැහින්ද කින්නට ලැබීම ලොකු සතුටක්

      Delete
  16. සිහින දකින්නා හෙවත් නවුෆර් කියල කොලම් එකක් තිබුන කාලෙකට කලින් පත්තරේක.. ඒ වගෙම තමයි තිලකෙගෙ හීන වලත් හීනියට යටින් දුවන දේශපාලනයකුත් තියේ...

    ReplyDelete
    Replies
    1. ඔව් දිවයින පත්තරේ අසුව දශකයේ අග පළවූ කොලමක්. මට මතක විදිහට ජයන්ත චන්ද්‍රසිරි තමයි රචකයා

      Delete
  17. 4ට සුබ පැතුම්.....
    වැඩිපුර රස හීන පෙනේවා....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුටික්කෝ

      Delete
  18. සිව් වසරක බ්ලොග් ගීතය.....
    ශ්‍රී සුබ වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නාඩි . ජය වේවා !

      Delete
  19. බ්ලොග් අවකාශයට තිලකයක් වූ තිලකසිතට සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. බොහෝ වේලාවන්හිදී තිලකයට වඩා බිණි බිඳ වටනේය. මට ඉසිලිය නොහැකි තරමේ සුබ පැතුමක් එක්කළ ඔබට බෙහෙවින් ස්තුතියි

      Delete
  20. සුබ පැතුම් !

    මට ඉන්ග්‍රීසි හීන / සිංහල හීන කියන එක තේරෙන්නේ නෑ.
    මං සිංහලෙන් කතාකරන අය එක්ක හීනෙනුත් සිංහලෙන්
    ඉන්ග්‍රීසියෙන් කතාකරන අය එක්ක ඉන්ග්‍රීසියෙන්
    සමහර හීන දෙකෙන්ම

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රා. සමහර විට අපි දකින හීන සිංහලද ඉංග්‍රීසිද කියල අපි තීරණය කරන්නේ පහුවදා ඉතිරි වෙලා තියෙන මතකය ඇනලයිස් කරද්දී වෙන්න පුළුවන් නේද ?

      Delete
  21. මටත් ඔය වගේ මහා අමුතු හීන පෙනෙනවා.සෝමවංශ අමරසිංහ ජවිපෙ එකෙන් යන්න කලින් මම හීනෙන් දැක්කා සෝමවංශ හා විමල් එකම වේදිකාවේ මහින්ද වෙනුවෙන් පෙනි ඉන්නවා.ඒ හීනේ දැකලා තිබ්බේ 2015 ජුනි පළමුවැනිදා.(හීනේ දැක්ක දවස මතක මම ඒ හීනේ දැක්ක දවසෙම ෆේස්බුක් එකේ "සංදේශය" කියන පිටුවේ දාපු සටහනක් තවමත් තියෙන නිසා) එයින් මාස කිහිපයකට පස්සේ ඒ හීනේ යම් දුරකට හැබෑ වෙලා.

    අවුරුදු හතරක් බ්ලොග් ලිව්වා තිලකේ අයියාට හද පිරි සුබ පැතුම්...!

    ReplyDelete
    Replies
    1. අවුරුදු හතරක්ම සුපැතුම් අරන් මෙහි ආ ගිය මනෝජ්ටත් ගොඩක් ස්තුතියි . ඔය හීනෙන් පේන්නේ මානොජ්ගේ දේශපාලන ඉව .

      Delete
  22. සිව් වසරට සුබ පැතුම්...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලොකු පුතා.

      Delete
  23. සිහින සතක් දුටුවෙමි මම සත් දවසක් එක විලසින්
    එක සිහිනෙක ඔබ සිටියා ...... සේ

    ReplyDelete
    Replies
    1. ඒකනේ. ඒ සිහින හතෙන් හතරයි තාම ලිව්වේ ලාල්

      Delete
  24. Great four years!

    ඒක නෙවෙයි. හීන ලියාගන්න පොතක් උඹේ බෙඩ්සයිඩ් කබඩ් එක උඩ තියෙනවා නේද පැන්සල් කොටේකුත් එක්ක? නැතිනම් උඹට මේක කරන්න බෑ. අමතක වෙනව පැයක්ගානෙ සීයට ගානක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචන් . හීන ලියා ගන්නේ නෑ. පෙනෙන හීන අටෝරාසියක් අතරින් තුන හතරක් මතක තියෙන්න හේතුව තමයි පහුවදා උදේම ඒ හීන ගැන කාත් එක්ක හරි කතා කරපු එක වෙන්න ඕනි

      Delete
  25. තව තවත් හරවත් රසවත් දෑ ලියන්නට කාල වේලාව ශක්තිය දහිර්ය ලැබේවා.. සුභපැතුම්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අම්බලන්ගොඩ . ඔබටත් ජය !!

      Delete
  26. "සිව් වසරක් බ්ලොග් ගානේ" ගත කලාට සුභ පැතුම්. ඔය මාලදිවයිනෙන් ඇතුල් වී පේරාදෙණියෙන් පිටවෙන වා වගේ හීන නියමයි නේද? මමත් දැකලා තියෙනවා ඒ වගේ හීන

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කවිඳු . ඒක තමයි සමහර වෙලාවට බස් එකට නැගලා බහින්නේ කෝච්චියෙන්

      Delete
  27. Replies
    1. බොහොම ස්තුතියි මිතිල

      Delete
  28. මට නං හීන මතක හිටින්නෙ නෑනෙ. නැගිට ගමං ලියා ගන්නවද..නැත්නං හැමදාම මතකයෙ තියෙනවද?

    ReplyDelete
    Replies
    1. මටත් හීනවලින් 99%කම අමතක වෙනවා. මේවා මතක තියෙන්නේ කාත් එක්ක හරි පහුවදාම කතා කරපු නිසා වෙන්න ඕනි

      Delete
  29. සිව් වසරක් බ්ලොග් ලෝකේ.. ජයවේවා!!! හීනෙන් පෙනුනත් ලස්සනයි පිලිවෙලයි.. කොහොමහරි ප්‍රභා ට බැනගත්ත එකම මදෑ .. :)

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ. මේවා පිළිවෙලක් තියෙන ලස්සන හීන වුනාට අපිළිවෙල ලියන්න බැරි හීනත් තියෙනවා . බොහොම ස්තුතියි කමි. ජය වේවා !

      Delete
  30. සිවු වසරක් පුරා ඔබ දුටු රසවත්ම සිහින අපි කියවා ඇත්තෙමු. ඉඳින් තව ඉදිරියටත් ඒ සිහින කියවන්නට අපි සැහැදී පැහැදි සිටින්නෙමු.
    සුබ පැතුම් තිලක් සිව්වසරක් මේ ආ ගමන් මගට... ඔබට ජයෙන් ජය.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලියෝ . මගේ පොත ගැන උඹ ලියපු සටහන තව පොත් දුසිමක් ලියන්න තරම් දිරියක් සුන්නා . ඒත් උඹත් දන්නා පරිදි මගේ රස්සාවේ ස්වබාවය අනුව ලියන්න විවේකය ලැබෙන්නේ ඉතාම අඩුවෙන් . පැන්ෂන් අරන් හරි ලියන්න ඕනි

      Delete
  31. Suba pathum uncle...!!!
    Blog eke silver jubilee ekath hinayak nowi celebrate karanna puluwan wei..! ;)
    Thank u..


    Uncle.., ko unclege potha? Ekath hinayak d? Nane..?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුව. මගේ ලිපි නොකඩවාම කියවන හැමදාම අදහසක් ලියන ඔබ වැනි අය නිසා මම ලියන්නේ හරි සතුටින්. මේ දවස්වල ටිකක් අඩුවෙන් ලිව්වත් දිගටම ලියනවා. දෙවන පොත අමතක කරලා නෑ. ඊයේත් ඒකෙ පිටු සැකසුම කරන මිතුරා හා කතා කළා .ඉක්මනින් වැඩේ කෙරෙයි

      Delete
  32. Suba pathum.
    sinhalabloggala.

    ReplyDelete
  33. මචන්, කුඩා අවදියේ සිට මිතුරෙක් උනත්, උම්බේ බ්ලොක් එකෙදි අවුරුදු හතරකට පස්සේ හරී හමුවෙන්න ලෑබිච්ච එකට සන්තොසයි, උම්බට හදවතින්ම සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මචන් . උඹත් දන්නා පරිදි මම ලියපු කතා කීපයකම උඹත් ඉන්නවා. මේ ලියන්නේ අපේ කතාව .

      Delete
  34. මට නම් දකින හීන පහුවදාට මතක නෑ

    ReplyDelete
    Replies
    1. කාලයක් යනකොට කීපයක් හරි මතක තියෙයි

      Delete
  35. සුභ පැතුම් .....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සඳවතී

      Delete
  36. Uvini EdirisingheMay 27, 2017 at 9:37 AM

    Happy Birthday bloggy!😊

    Hemadaamath lassana heena penna onee!

    ReplyDelete
    Replies
    1. බ්ලොගී හරි සතුටු උනා මේ උපන් දින පැතුමට . ගොඩක් ස්තුතියි දුව

      Delete
  37. ඔබේ බ්ලොග් අඩවිය සම්පුර්ණයෙන්ම කියවා අවසන් කලේ අදයි. ඉතාම රසවත් නිසා එක දිගට කියෙව්වා.
    සිව්වසරට සුබ පැතුම්....

    ReplyDelete
    Replies
    1. තිලකසිතට ආදරෙන් පිලි ගන්නවා . මේ බ්ලොගය දිගටම ලියවෙන්නේ ඔබ වැනි සොඳුරු රසිකයන් නිසාය . බොහොම ස්තුතියි ජීවන්ත

      Delete
  38. චික් විතරක් පොල්ලෙන් ගැහුවා වගේ නින්ද යනවා මිසක් මට පේන්නේ නැහැනෙ ඔහොම හීන :(

    ඒ හන්ද මට තියෙන්නෙ හැබෑ කරගන්න අමාරු දවල් හීන විතරමයි :)

    මම දැනට UAE වල, තිලකේ තවම ඉන්නෙ කටාර්ද ? GCC ඩිප්ලෝමැටික් හුටපටෙන් පස්සෙ දැන් ඔහේ තත්වය කොහොමද ?

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ටුවට උත්තර ලියන්න බැරි වුනේ මග හැරී තිබුන නිසා. සමාවෙන්න . මම කටාර්වලින් ආවා කණ්ඩා. 2016 අන්තිමට . දැන් දිගටම ලංකාවේ.

      Delete