Thursday, June 13, 2024

බර්නාර්ඩ් සොයිසා හා කෘතීම බුද්ධිය

                                      
නාධිපති ලේකම් කාර්යාලයේ වෙබ් අඩවිය පවසන්නේ කෘතීම බුද්ධිය ව්‍යාප්ත කිරීම සඳහා කාර්ය සාධක බලකායක් සහ වෙනම ආයතනයක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවයි .

මේ පුවත සමහර සිංහල පත්තරවල වාර්තා කර තිබුනේ  කෘතීම බුද්ධිය ලංකාවේ සියලු දෙනාට බෙදා දෙන බව කවුදෝ දේශපාලන පොරොන්දුවක් දුන් ආකාරයටය . 

 ඒත් AI කියා අප හඳුන්වන කෘතීම බුද්ධිය වනාහී කිලෝ දහයේ හාල් මළු බෙදනවා වාගේ බෙදන්නට පුලවන් දෙයක් නොවන බව පහදා දෙන්නට කවුරුවත් උත්සහ කර නොතිබිණි .
 කෘතීම බුද්ධිය උපයෝගී කරගෙන ලෝකයා බොහෝ සෙයින් වැඩ ගනිමින් සිටින අතර අප වැඩ කරන ව්‍යාපාර කළමනාකරණ අංශයේද කිසියම්  කැළඹීමක්  කරමින් සිටී .

මේ ගැන මම විද්වතුන් පිරිසක් අමතා දෙසුමක් ගිය සතියේ කළ  අතර තවත් එවැනිම දෙසුමක් ලබන සතියේ කරන්නට තිබේ . මේ හැමතැනදිම මම  කෘතීම බුද්ධිය සම්බන්ධ පවතින මිත්‍යා මත කිහිපයක්  සම්බන්ධව කියමි  .

 පළමුවන මිත්‍යාව නම්  කෘතීම බුද්ධිය හෙවත් ඒ අයි යනු මහා මැජික් එකක් යයි සිතීමය , දෙවැන්න ඒ අයි , මැෂින් ලර්නින් හා චැට් ජී පී ටී වැනි ජෙනේරටිව් ඒ අයි යන සියල්ල එකක් බව සිතීමය . තෙවැනි මිත්‍යාව වන්නේ ඒ අයි වලින් වැඩ ගැනීමට ඒ සම්බන්ධ උසස් තාක්ෂණ දැනුමක් තිබිය යුතු බව සිතීමය , සිව්වනුව ඉතා ඉක්මනින් මිනිසුන් ඉවත් කර ඒ තැනට ඒ අයි පත්විය හැකි බව සිතීමය , අවසාන මිත්‍යාව මේවා ගැන  උගන්වන්නට හා ලියන්නට එන අප ඒ අයි දන්නවා කියා සමහරුන්  හිතීමය .

 කෙසේ වෙතත් මීට අවුරුදු තිහකට කලින් 1994 අවුරුද්දේ විදුසර පත්තරේ වැඩ කරද්දී  අප  පටන්ගෙන නිමා නොකළ රාජකාරියක් යලි දියත් කිරීමට  ඒ අයි වලින්වත් පුලුවන් වෙනවා නම් හොඳ නේදැයි මේ   අල්ලපනල්ලේ කල්පනා  කලෙමි. ඒ ජාතික ප්‍රතිපත්ති හැදීමය.  ඒ අංශයේ උණ අපට දශක ගණනාවක් සිට තිබුනත් මේ වෙනකොට  ජාතික ප්‍රතිපත්ති   යන වචනයත් අප්පච්චි, ආප්ප හා පොල් රොටී වගේම හෑල්ලු වී තිබේ.

නව රජයකින් විද්‍යා තාක්ෂණ, සෞඛ්‍යය , අධ්‍යාපනය, ඉදිකිරීම්  ආදී අංශවල ප්‍රතිපත්ති සකස් විය යුත්තේ කෙසේද යන කරුණ අරබයා අදාල හා නම් දැරූ පුද්ගලයන් කීපදෙනෙක් සමග සාකච්චා වට කීපයක්ම විදුසරේ අප කළෙමු  . 1994 අගෝස්තු මැතිවරණයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක දිනුවාට පසු නොවැම්බර් ජනාධිපතිවරණය පැවැත්වෙන තෙක් අතරතුර කාලයේදී  එම   සාකච්චා පැවැත්විණි . නව රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය කොහොම වෙන්නට ඕනෑ දයි මම සෞඛ්‍ය ඇමති පවුසි සමග සාකච්චා කළෙමි. අධ්‍යාපන ඇමති රිචර්ඩ් පතිරණ සමග දුරකතනයෙන් කතාබහ කරගෙන  සාකච්චාවට දින යොදා ගත්තද එය කල් ගියේය . වාරිමාර්ග අධ්‍යක්ෂවරයා  වූ පසුකලෙක වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් වූ විද්‍යාජෝති ඒ  ඩී  එස් ගුණවර්ධන සමග  අපි වාරි සංවර්ධනය හා ඉංජිනේරු විෂයයට අදාල ජාතික ප්‍රතිපත්ති  ගැන කතා කළෙමු .

මේ ජාතික ප්‍රතිපත්ති ගැන කතා බහේදී වැදගත්ම කතා ටික කිව්වේ ඒ වන විටත් අසූ හැවිරිදි වියේ සිටි බර්නාර්ඩ් සොයිසාය , පාලන බලය දරු පොදුජන එකසත් පෙරමුණේ හවුල්කාර පක්ෂයක් වූ ලංකා සමසමාජ පක්ෂයේ නායකයා වූ ඔහු චන්ද්‍රිකාගේ මුල් කැබිනට්ටුවේ විද්‍යා හා තාක්ෂණ ඇමති වුනේය. 
කොළඹ හත විජේරාම මාවතේ පරණ නරේසා කන්තෝරුව තිබුන කුඩා ගොඩනැගිල්ලක අමාත්යංශය තිබුණේය . තමන් සමග කතා කරන්නට ඕනෑ  කී  පත්තරකාරයන් කිහිප දෙනෙක්ම එකම වෙලාවට ගෙන්වා ආලින්දයේ වැඩි කරවාගෙන ඔහේ සැහැල්ලුවෙන් කියවාගෙන යන අතරේ බර්නාර්ඩ් සොයිසා අහන හැම ප්‍රශ්නයටම  උත්තර දුන්නේය . 
මට මතක විදිහට එතන සිටි කිසිවෙක් ඔහුට සර් කිව්වේ නැති අතර සමහරුන් කෙලින්ම බර්නාර්ඩ් කියා කතා කළේය. ඒ ආකාරයේ ඇමතිවරු හා පත්තරකාරයන්  දුටු ආධුනික අපටද යම්  දිරියක් ලැබුණි .

අවිස්සාවේල්ල සාලාව ප්‍රදේශයේ ඉඩමක් වෙන් කරවාගෙන සිංගප්පුරුවේ මෙන් හැමදාම ඇරලා තියෙන විද්‍යා හා තාක්ෂණ ප්‍රදර්ශනාගාරයක් හෝ සයන්ස් පාක්  එකක් හදන්න හිතේ තියෙන බව ඔහු කිව්වේය.  ඊට අමතරව විද්‍යා හා තාක්ෂණ අංශයේ අලුත් ව්‍යාපාර හදාවඩා ගන්නා බිස්නස් ඉන්කියුබෙටරයක් ගැනද ඔහු කිව්වා වාගේ මතකය . 

මේ බිස්නස් ඉන්කියුබේටර්  වචනය මෙතැනින් හෝ කොතනින් හෝ හිතට වැදී ප්‍රශ්චාත් උපාධි පර්යේෂණය සඳහාද තෝරා ගත්තෙමි , ඒ ගැන රිපෝර්ට් එක හදමින් සිටි 2004 අවුරුද්දේ මට ඉංග්‍රීසි පත්තරයක විද්‍යා හා තාක්ෂණ  ඇමති අතින්  බිස්නස් ඉන්කියුබෙටරයක් විවෘත වෙන කතාවක් දකින්නට ලැබුණේය . ඒ වනවිට ඇමතිවරයා වුයේ ලංකා සමසමාජ පක්ෂයේම තිස්ස විතාරණයි. අමාත්‍යංශයට කතා කළ විට එතන සිටි නිලදරුවෙක්  කිව්වේ එහෙම කතාවක් තමන් නොදන්නා බවයි.ඇමතිවරයා දන්නේද තමන් දන්නා දෙයම බවත් කිව්වේය. 

දේශපාලනය හා දේශපාලකයන් පිරිහෙමින් යමින් තිබු ඒ සමයේ  හරියට එක දිගට ගිය බිස්නස් ඉන්කිය්බේටර් එකක් කොහෙවත් නොතිබුණු අතර ගිය අවුරුද්දේ  තොරතුරු සන්නිවේදන තාක්ෂණ  නියෝජිතායතනය හෙවත් ICTA ආයතනය අලුතින් පටං ගන්නා තොරතුරු තාක්ෂණ සමාගම් සඳහා අතහිත දෙන වැඩක් පටන් ගත බව එහි සභාපතිවරයා කිව්වේය. 

 ඒ අයි හා සියලුම තොරතුරු තාක්ෂනයන්  සම්බන්ධ වැඩවලට මූලිකත්වය ගතහැකි සම්පත් හා ආයතනික රාමුවක් ඒ වගේ ආයතනයක තිබියදී  කෘතීම බුද්ධිය සඳහා තවත් ආයතන මක්කටදැයි සිතමින් සිටියදී බර්නාර්ඩ් සොයිසා හදන්නට සිතා සිටි  අවිස්සාවේල්ල  සාලාවේ  තාක්ෂණ උද්‍යානයේ සංකල්ප චිත්‍රයක්  ජෙනේරේටිව්  ඒ අයියා කෙනෙකුට කියා අන්දවා ගත්තෙමි. මේ පෝස්ට් එකේ උඩින්ම තියෙන්නේ එයයි. 

ඒ අයි හා ජාතික ප්‍රතිපත්ති එකට ගැට ගහන්නේ කොහොමද කියලා මම කල්පනා කරමින් සිටින අතර එකට පටලවා හෝ නැතිව හෝ කාලය ලැබෙන පරිදි  ඒ ගැන ලියන්නටද සිතා සිටිමි .








25 comments:

  1. ඒ අයියාට අපේ අයියලා බය වී ඇතිබව නම් සහතිකය...ඒ බය නැති කරන්න මොනවා හෝ පටලවා හෝ නොපටලවා ලියන එකනම් යෙහෙකි...

    ReplyDelete
    Replies
    1. ඔව්, කෘතිම එකක්වුනත් කමක් නෑ

      Delete
    2. ඒ අයියාගෙන් වැඩ ගන්නට පුළුවන් .ඒත් මිනිසුන් දැනුවත් කිරීම හා දැනුවත්වීම අඩු වෙනකොට සමහර ව්‍යාපාර හා දේශපාලකයන් වැඩි වාසි ගන්නවා

      Delete
  2. ජාතික ප්‍රතිපත්ති , ආණ්ඩුවේ වැඩ ගැන ලංකාවේ නෙමේ මැලේසියාවේ වැඩ කෙරිච්ච හැටි ගැන මට අත්දැකීම් තියෙනවා .. අපි එහෙ මුදල් අමාත්‍යන්සේ Outcome based budgeting project එක 75% විතර කරලා ඉවර කරලා තියෙද්දී අගමැතිගේ අණින් එක රැයින් නතර කරලා දැම්මා ..

    ටෙක්නිකල් ඉන්කිය්බේටර් කිහිපයක්ම පිහිටා තිබුණු තාක්ෂණික උද්‍යානයක් එහි තිබ්බත් අලුතින් දේවල් ආවේ නැහැ...

    Building Tech Giants 2020 තමා ඒ දවස් වල (2013-2017) වගේ එයාලගේ ප්ලෑන් එක වෙලා තිබ්බේ .. නමුත් එතරම් සාර්ථකත්වයක් ලබා ගන්න බැරි උනා

    ReplyDelete
    Replies
    1. හ්ම්, කාර්ය සාධක බලකාය සහ කමිටු වලින් වගේම තාක්ෂණික උද්‍යාන වලින් වුනත්, තාක්ෂණික "මිරකල්" පහල නොවෙන බවට මේක හොඳ උදාහරණයක්. ආයතන, වාහන, පිංපඩි සහ හිස් වවන විතරයි ලැබෙන එකම පලදාව.
      අපේ ජාතික ප්‍රතිපත්තිය "ගේමක් ගසා ගොඩයෑම" සහ "ණය වෙලා හරි ගිතෙල් තමා වළඳන්න ඕනෙ" නෙමෙයිද?🤔😯

      Delete
    2. මේ ලඟදී මැලේසියාවේ හා සිංගප්පුරුවේ අනාගතය ගැනත් ඒවායේ ගමනට දේශපාලකයන්ගේ තීරණ බලපෑ හැටි ගැනත් කෙරුණු කතාබහක් අහගෙන හිටියා . පැතුම් කියන විදිහේ දුර්වලතා මැලේසියාවේ මතු වෙලා තියෙන බවක් තමයි කතා වුනේ. කොහොම වුනත් ප්‍රතිපත්තිමය කාරණා වලදී සෑහෙන ගේමක් ගහල ඉස්සරහට ආපු රටක් නේද ?.

      Delete
    3. ඔව් බස්සා ඒ වගේ සුදු අලි ලිස්ට් එකක් ගැනම කියන්න පුළුවන්

      Delete
    4. තිලක් අයියා, මැලේසියාව ගොඩක් දේවල් සෑහෙන හොඳට කරගෙන යනවා .. ජාතිවාදී ප්‍රශ්න ඇති නොවන විදියට සම්පුර්ණයෙන් වෙනස් ගති ගුණ ඇති ජාතින් කිහිපයක් සමගියෙන් සිටීම ම හොඳ උදාහරණයක්

      තාක්ෂණික වැඩ වලදී මම හිතන්නේ ඔවුන්ට තියෙන්නේ ශ්‍රම හිඟයක් .. 2013 - 2017 කාලයේ මම හිටියේ National R & D Centre for ICT (MIMOS) එකේ . එතන ගොඩක් පහසුකම් තිබුන තැනක් නමුත් වැඩ කරන්න හිටියේ ලංකාවෙන් සහ ඉන්දියාවෙන් ආපු අය (අපිත් ඇතුළුව වැඩ කරපු අයට තිබුනේ එදා දවසේ වැඩේ කරලා මාසේ පඩිය ගන්න එක ගැන මිසක් කරන වැඩේ ගැන ලොකු හැඟීමක් නෙමේ ) . අනිත් එක ප්‍රොජෙක්ට් කළමනාකරණය උනේ සාම්ප්‍රදායික රජයේ ක්‍රමයට වගේ .. අපි පිට රැටියන් නිසා බොහෝ විස්තර හංගල තමා අපිට දුන්නේ එතකොට වැඩේ කෙරෙන්නේ කරන්න ඕනෙවට මිසක් හරියට නෙමේ ..

      මොකද ඒ රටවල ස්ථිර පදිංචියක් නොලැබෙන නිසා යන ගොඩක් මිනිස්සුනට ඒ හැටි හැඟීමක්/ වටිනාකමක් නැහැ කරන වැඩේ ගැන. එහෙ ලෝකල් අයට අපි ගැන තිබුනේ පිට රටින් සල්ලි හොයාගෙන ආපු මිනිස්සු කියන හැඟීම තමා.. සීතල යුද්ධ වගේ හෙහ් හෙහ් .. දක්ෂ කළමනාකරුවන් හරියට වැඩේ නොගත්තොත් ඉතින් මොකුත් වෙන්නේ නැහැ ..

      නමුත් ඕස්ට්‍රේලියාව වගේ රටවලදී මේක වෙනස්, මෙහෙට එන මිනිස්සුන්ට අනාගතේ ගැන බලාපොරොත්තුවක් තියෙනවා... කරන වැඩේ ගැන හැඟීමක් / වටිනකාමක් තියෙනවා එතකොට

      මැලේසියාවේ ප්‍රතිපත්ති සහ දේශපාලන තීරණ ගොඩක් අනාගතය ගැන හිතල ගන්න ඒවා නිසා රට දියුණු වෙනවා අනිත් එක ඒ රටේ මිනිස්සු අලුත් දේවල් වලට ආසයි සහ ඒවා බය නැතුව පාවිච්චි කරන්න කැමතියි .. ලංකාවේ අපි වගේ බුද්ධාගමේ සරල කමින් වහගෙන හැමදේකින්ම හැංගෙන්න බලන්නේ නැහැ ..

      Delete
    5. @Pathum Herath
      ++++++++++++++++👌💐

      Delete
  3. මේක කාලෝචිත මාතෘකාවක්. වැරදි නං නිවරදි කරන්න, මේ මට හිතෙන හැටි.

    බොහෝ කාලෙකට පෙර, තාක්ෂණික ලොවේ ඉහලින්ම හිටි කාලෙ ජපානය "The Fifth Generation Project" කියල 10 අවුරුදු එකක් පටන් ගත්තා. ටාගට් එක වුනේ "Machines That Would Think" කියන එක. ලෙසටම අසාර්ථක වුනා. ඊට පස්සෙ IBM deep blue වගේ සිස්ටම් වගේ ඒවා චෙස් ඇද,ඇද හිටියට ඒ එකක්වත් "බ්‍රේක් ත්රූ" නිර්මාණ වුනේ නෑ. ChatGPT ලොකු ඩීල් එකක්ද? ඔව් සහ නැහැ. ChatGPT , large language models (LLMs) සහ මැෂින් ලර්නින් පැත්තෙන් පෙරෙළියක් ඇති කලා. ගූගල් "කෝඩ් රෙඩ්" ගිය එකෙන්ම ඒක තේරෙනවා. ඒත් ChatGPT යනු Artificial general intelligence (AGI) නොවේ. ඒත් ඒ සඳහා දැමූ පලමු අඩිතාලම විය හැක.

    ReplyDelete
    Replies
    1. චැට් ජී පී ටී වගේ කිහිපයක්ම තියෙනවා . මේ කියන්නේ ඒ අයිවල එක් කොටසක් වන ජෙනේරටිව් ඒ අයි ගැන . මමනම් කීපයක්ම නිතිපතා පාවිච්චි කරනවා ප්‍රොජෙක්ට් එකේ වැඩවලට. 3.5 වර්සන් එකට වඩා 4.0 සෑහෙන ඉස්සරහින් ඉන්නවා . ඒත් මේවයින් වැඩ ගනිද්දී තාමත් මෙවලමක් විතරයි කියල හිතල අපි විසින් කරන්න ඕනි වැඩ ටික දිගටම කරන්න ඕනි. ඒවායින් එන ප්‍රතිපලයක් කිසිම විදිහක අවසාන පිටපත නෙවෙයි . මට ඕනි තරම් වැරදි දත්හ , වාර්තා හා උපදෙස් ලැබිල තියෙනවා. මේ ගැන මා දන්නා දේ ලියන්නම්

      Delete
    2. මම නොදන්න programming language එකක් chatGPT පිහිටෙන් ඉගෙන ගෙන අවුරුදු දෙකක් තිස්සේ රස්සාව කරගෙන ඉන්නවා .. chatGPT නොතිබ්බ නම් ඒ වෙනුවෙන් මට කන්න වෙන කට්ට සෑහෙන්න දරුණු වෙන්න ඉඩ තිබ්බා ..
      දැනට chatGPT කියන්නේ හොඳ tool එකක් .. නමුත් ඒ වගේ AI Quantum Computers වල දුවන්න ගත්තම නම් මිනිස්සුන්ට පාලනය කරන්න බැරි වෙයි කියල මම හිතනවා

      Delete
  4. මේක කියෙව්වට පස්සෙ, මම චැට් ජීපීටි එකටම කියලා ලංකාවට ඒ යි ජාතික ප්‍රතිපත්තියක් හැදුවා. තව පොඩි පොඩි දත්ත ටිකක් දෙන්න පුලුවන් නම් එයාම ජාතික ඃප්‍රතිපත්තිය ක්ෂණිකව හදලා දෙයි.

    ReplyDelete
    Replies
    1. අන්න හොඳ වැඩක් . ඒ අයි වලින් පළමුවෙන් රීප්ලේස් කරන්න ඕනි ප්‍රතිපත්ති සම්පාදකයන්

      Delete
  5. ප්‍රතිපත්තියක් නැතිකම ප්‍රතිපත්තියකී
    ඒක වෙනස් කෙරුමත් ලොකු යුද්ධයකී
    බුද්ධිය තියෙන පාලකයන් ලදොත් සකී
    අමනකම් හෙමත් හනිකට යාවි මැකී

    ReplyDelete
    Replies
    1. ප්‍රත්පත්තිය නැති තැන නස්පැත්තිය

      Delete
  6. May I know the email address I can reach you at?

    ReplyDelete
  7. දැන් හැම තැනම marketing tool එකක් විදිහට මේ AI කියන අටමංගල්ලේ පාවිච්චි කරනවා.. මොකෝ වචනේ ලස්සනයි නේ.. හැබැයි ඇත්තටම data වලින් වැඩක් ගන්න එව්වා අඩුයි. AI වලට directly involve වෙලා වැඩ කරන අපිට අම්මට සිරි වෙන්න හැබැයි වැඩ මේ ටිකේ. මොකෝ හැම ලබ්බටම AI ඔබන්න company වලට ඕනි වෙලානේ!

    ReplyDelete
    Replies
    1. මේකත් ඒ වගේ එකක් වත්ද?
      https://www.youtube.com/watch?v=cv1VysenO1A

      Delete
    2. මේ ගැනනම් හරියටම දන්නේ නෑ. ඇබැයි මොන මොනවා හරි වැඩ ටිකක් එතන වෙනවද කොහෙද.. AI කරනවට වඩා මට හිතෙන විදිහට ලංකාවට ඕනි IT investors ලා ගෙන්න ගන්න system එකක්. අනික පුළුවන් නම් digital nomads ලා ට visa program එකක් එක්ක facilitate කරන්න පුලුවන් eco-system එකක්.

      දැන් දැන් ගොඩක් IT companies ලංකාවෙන් ගැලවිලා පිලිපීන්, ඉන්දියාව වගේ රටවල් වලට යනවා cost එක සහ government support එක මදි නිසා.

      Delete
    3. ඉස්සර ඉඳල උණේ ඒක තමා .. හරි කම්පැනි එකක්වත් ලංකාවට ආවේ නැහැනේ .. මැලේසියාව වගේ රටවල් කරන්නේ ඒ කොම්පැනි වලට පහසුකම් දීලා එහෙ වැඩ කරන්න මිනිස්සු ලංකාව ඉන්දියාව වගේ රටවලින් අඩු ගානට ගන්නවා .. හෙහ් හෙහ් ..

      දැන් ලංකාවේ තියෙන තත්වේ එක්ක අඩු පඩියට මිනිස්සු වැඩ කරන්නේ නැහැනේ ... මිට අවරුදු 10-20කට කලින් වත් කරන්න තිබ්බ වැඩ ඕවා

      Delete
  8. ඒ අයි භාවිත කළ යුතු ලෙස භාවිත නොකර තමුන්නෙ නිර්මාණාත්මක ශක්‍යතාවන් මරාගන්න භාවිත කිරීම බොහෝ විට දකින්නට ලැ‍බෙන අනතුරක්.

    ReplyDelete