Sunday, November 9, 2025

ඕපනායකින් පුංචි කෝච්චියට

 ට මතක හැටියට ඒ, 1978 වසරේ දවසකි. එකල මා කුඩා පාසල් සිසුවෙකි. එදා මම තාත්තා සමඟ බණ්ඩාරවෙල සිට ලංගම බස් රියකින් කොළඹ යමින් සිටියෙමි. බස් රථයේ වීදුරුවට වැටෙන වැහි බින්දු අතරින් දිස් වූ දිගැටි ගොඩනැඟිල්ල ඕපනායක දුම්රිය ස්ථානය බව මපියා කීය. ඒ වන විටත් අක්රියව පැවති ඒ පාළු දුම්රිය ස්ථානයේ නවතා තිබුණු කළු පැහැති දුම්රිය ගැල් කිහිපය මගේ මතකයේ සටහන්ව ඇත්තේ පරණ චිත්රයක් ලෙසිනි.

“පුතා, ඔතනින් තමා කැලණි වැලි දුම්රිය මාර්ගය කෙළවර වෙන්නේ.”
ඒ වන විට අසන දකින හැම දෙයක් ගැනම යළි යළිත් ප්රශ්න අසන වයසේ පසු වූ මම “ඇයි තාත්තා මේකට ‘කැලණි වැලි’ කියන්නේ? කැලණියෙන් වැලි ගෙනාවද?” කියා ඇසුවෙමි.
එවිට මුව පුරා හිනැහුණු තාත්තා මෙසේ කීවේය:
“වැලි කියන ඉංග්රීසි වචනෙ තේරුම ‘මිටියාවත’ කියන එක. එතකොට කැලණි වැලි කෝච්චි පාර කියන්නේ කැලණි ගඟේ ඉවුර දෙපැත්ත නැති නම් මිටියාවත දිගේ යන කොච්චි පාරට.”
ඊළඟට ඕනෑම ළමයකුගේ මුවට නැඟෙන ප්රශ්නය මමද ඇසුවෙමි: “කෝ එතකොට කැලණි ගඟ?”
මේ තාත්තාගේ පිළිතුරයි: “රත්නපුරවත් ඕපනායකවත් තියෙන්නේ කැලණි ගඟේ මිටියාවතේ නෙවෙයි. ඔය කෝච්චි පාර මුලින්ම හැදුණේ කොළඹ ඉඳන් අවිස්සාවේල්ලට. එතනින් යටියන්තොටට යන කල් කොටසේ වැඩි හරියක් කැලණි මිටියාවත තමයි. ඒ නිසයි ‘කැලණි වැලි’ කියන්නේ. පහු කලෙක තමයි පුංචි කොච්චි පාර අවිස්සාවේල්ලෙ ඉඳන් රත්නපුරේටත්, පස්සේ ඕපනායකටත් දික් වුණේ.”
මේ මතකය නිසාම ඕපනායක දක්වා ආ පුංචි කෝච්චිය ගැන සුන්දර හැඟීමක් මසිතේ දිගටම තිබුණේය. කැලණි වැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ල දුම්රිය සන්ධියෙන් දෙපැත්තට හැරී දැන් කෑගලු හා රත්නපුර දිස්ත්රික්ක දෙක හෙවත් සබරගමු පළාතේ වැවිලි සාරය උරාගෙන කොළඹ වරාය දක්වා ඇවිත් තිබේ. මේ ආකාරයෙන්ම නානුඔය දුම්රිය සන්ධියෙන් නුවරඑළිය හරහා රාගල දක්වා ගිය උඩපුස්සැල්ලාව අඩි ‘දෙක හමාර ගේජ් එක’ ඇති පුංචි කෝච්චියද පසුගිය ශතවර්ෂයේ මුල් කාලයේ ඉදි කෙරුණේ වැවිලි නිෂ්පාදන කොළඹට ගෙනෙන්නය. එහෙත් මහාමාර්ග ජාල ක්රමයෙන් ඉදි වී ලොරි ගමන් ජනප්රිය වීම නිසා වංගු සහිත මන්දගමි දුම්රිය හා මාර්ග නඩත්තු කිරීම ලාභදායි නොවන බව තීරණය වී තිබේ. එබැවින් වරින් වර ඒ මාර්ගවල කොටසින් කොටස භාවිතයෙන් ගැලවී ගියේය. ඒ නිසා දුම්රිය මාර්ග සිතියමේ ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්ථානය කඳපොල සිට පට්ටිපොළ දල්වා පල්ලම් බැස්සේය; නානුඔය හා අවිස්සාවේල්ල තවදුරටත් දුම්රිය මංසන්ධි ලෙස නම් නොකෙරිණි.
මේ සියල්ල මට යළි සිහිපත් වූයේ ඉතා මෑතකදී දුටු පුවතක් නිසාය. ඒ අනුව, කැලණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල රත්නපුර කොටස යළි ඉදි කිරීමේ හැකියාව සොයාබලන ශක්යතා අධ්යයනයක් වෙනුවෙන් රජය මුදල් වෙන් කර ඇත. ආසියානු මහාද්වීපයේ සිට යුරෝපය දක්වා දිවෙන අධිවේගි දුම්රිය මාර්ග ව්යාපෘතියකට සම්බන්ධ වී සිටින මා හට අප රටේ යළි ඉදි කරන්නට හදන දුම්රිය මඟක් ගැන ආරංචිය ආස්වාදනීය හා සමීප පුවතකි. අනෙක් අතට, එවැනි යටිතල පහසුකම් සඳහා වූ ශක්යතා අධ්යයන කිහිපයකටම සම්බන්ධ වී සිටි නිසා මේ සිදුවීම ගැන යමක් ලියන්නට සිතිණි.
ඕනෑම සංවර්ධන ව්යාපෘතියක පළමු පියවර වන්නේ මේ ආකාරයේ ශක්යතා අධ්යයනයකි. ශක්යතා අධ්යයනයකින් පසු මේ ව්යාපෘතිය කෙරෙන නොකෙරෙන බව තීරණය කෙරේ. එය ක්රියාත්මක කිරීමට සුදුසු බව නිර්දේශ සහිත යෝජනාවලියකින් ඉදිරිපත් වුව හොත් හා මූල්ය පහසුකම් සපයාගත හැකි වුව හොත්, ඉන් පසු ව්යාපෘතිය ආරම්භ වී ව්යාපෘති කළමනාකරණ චක්රය ආරම්භ වෙයි.
අවිස්සාවේල්ල රත්නපුර කොටසේ ව්යාපෘතියේ ශක්යතා අධ්යයනය කුමන ආකාරයෙන් කරන්නට යනවාද කියා මා දන්නේ නැත. ඒ සඳහා සුදුසු විද්වතුන් යොදාගෙන අධ්යයනය නිසි පරිදි සිදු වනු ඇත. එය කවුරුන් කළත් අනුගමනය කරනු ඇතැයි කියා සිතෙන පියවර කිහිපයක් මෙහි විස්තර කරමි.
ව්යාපෘතියකට පෙර කරනු ලබන ශක්යතා අධ්යයනයද එක්තරා ආකාරයක ව්යාපෘතියකි. ඒ සඳහාද සැලසුමක්, පිරිවැයක්, කාලසීමාවක් හා සුදුසු කණ්ඩායමක් අවශ්යය. ඒවා සපුරාගැනීම පළමු පියවර වනු ඇත. ඉන් පසු පහත සඳහන් පියවර මූලික වශයෙන් අවශ්ය වෙතැයි සිතමි.
පරණ දුම්රිය මාර්ගයේ නිල මායිම් සොයාගෙන, අනවසර පදිංචිකරුවන් සිතියම්ගත කිරීම ප්රමුඛතම කටයුත්තකි. 2024 අවුරුද්දේද මෙවැනි කාර්යයක් ආරම්භ වූ බවට පුවත් පළ වී තිබිණි. මීට පනස් වසරකට පෙර මුළුමනින්ම රජයට අයත්ව තිබූ දුම්රිය මඟ හා දෙපස රක්ෂිත බොහොමයක් අනවසරයෙන් අත්පත් කරගෙන තිබෙන බව පැවසේ. රජයක් හා සමාජයක් විසින් අනාගත පරම්පරා වෙනුවෙන් සිදු කර ඇති සුවිසල් අසාධාරණයක් වන්නේ මෙකී අනවසර අත්පත් කරගැනීම් හා එය වළක්වාගැනීමට පියවර නොගැනීමයි. බොහෝ රටවල අතීත උරුම සේ සලකා මේ ආකාරයේ පොදු දේපළ හා මාර්ග රැකබලාගෙන පසු කලක සුදුසු පරිදි සංවර්ධන හෝ සංචාරක කර්මාන්ත ව්යපෘති සඳහා යොදාගනු ලැබේ. නානුඔය රාගල මාර්ගය අද සුරැකිව තිබුණේ නම් සැහැල්ලු දුම්රියක් යොදවා සංචාරක කර්මාන්තයේ අතිවිශාල ප්රබෝධයක් ලබාගත හැකිව තිබිණි. මට මෙහිදී ස්විට්සර්ලන්තයේ සූරිච් ටිට්ලිස් රමණීය කඳුකර දුම්රිය ගමන සිහිපත් වෙයි.
ශක්යතා අධ්යයනයේ දෙවැනි පියවර ලෙස සිදු වනු ඇත්තේ අවිස්සාවේල්ල සහ රත්නපුර අතර ඇති සැබෑ මගී සහ භාණ්ඩ ප්රවාහන ඉල්ලුම ගණනය කිරීමය. අනාගත ප්රවාහන ඉල්ලුමද මේ සමඟ විමසා බලනු ඇත. ආර්ථික ශක්යතා තක්සේරුවද මෙවැනි ජාතික කටයුත්තකදී අත්යවශ්ය වන අතර, එහිදී ව්යාපෘතිය රටට ආර්ථික වශයෙන් ලාභදායි බව තහවුරු කරන ආර්ථික දර්ශක ගණනය කිරීම සිදු වේ. එහිදී මගී හා භාණ්ඩ ප්රවාහනයට අදාළ දත්තවලට අමතරව සංචාරක කර්මාන්තයේ ප්රවණතාද සලකා බැලෙනු ඇත.
ඉන් පසු පරණ මාර්ගයම භාවිත කරනවාද, නැත හොත් අඩු වක්ර සහිත කෙටි මාර්ගයක් භාවිත කරනවාද යන්න සලකා බලනු ඇත. කොළඹ අවිස්සාවේල්ල කොටසේ හා රට පුරා ඇති අනෙක් කොටසේ මෙන් පුළුල් මාර්ග යොදාගන්නේ නම් හා වේගය පවත්වාගැනීමට වංගු අඩු කරනවා නම් අලුතින් ඉඩම් අත්පත් කරගැනීමට සිදු වනු ඇත.
පාරිසරික තක්සේරුවද අත්යවශ්යම කරුණකි. ගංවතුර අවදානම සහ පස් කඳු කඩාවැටීමේ අවදානම්, අත්හැරදැමු පතල් ඇතුළු භූ විද්යා තත්ත්ව අධ්යයනය කර, අවශ්ය පරිසර බලපෑම් ඇගයීම සිදු කෙරෙනු ඇත.
තාක්ෂණ හා ඉංජිනේරු සැලසුම් වන්නේ පාලම්, දුම්රිය ස්ථාන සහ අනාගත විදුලිය සැපයීම සඳහා අවශ්ය පහසුකම් ඇතුළත් මූලික සැලසුම් සකස් කිරීමයි.
සමාජයීය අධ්යයනය හා නැවත පදිංචි කිරීමේ සැලසුම් මේ අධ්යයනයේ අනිවාර්යය අංගයකි.
සම්පූර්ණ පිරිවැය ඇස්තමේන්තුවත් අධ්යයන වාර්තාවට එක් වනු ඇත. එයට ඉදිකිරීම් වියදම (CAPEX) සහ ක්රියාත්මක කිරීමේ වියදම (OPEX) ඇතුළත් සමස්ත මූල්ය ඇස්තමේන්තුව ගණනය කිරීම අරමුණයි. ක්රියාත්මක කිරීමේ සැලැස්ම පිළියෙල කිරීම හා ව්යාපෘතියේ ප්රධාන අවදානම් හඳුනාගෙන, ඒවා කළමනාකරණය කරන ආකාරය ලේඛනගත කිරීමද සාමාන්යයෙන් සිදු වේ.
ඉහත කී පියවර හා අවශ්ය බව හඳුනාගන්නා සෙසු පියවරවලින් පසු ජාතික හා අන්තර්ජිතික ප්රමිතීන්ට අනුව අවසන් ශක්යතා අධ්යයන වාර්තාව පිළියෙල කරනු ඇත. මෙවැනි ශක්යතා අධ්යයන සඳහා කෘත්රිම බුද්ධිය සහ දත්ත විශ්ලේෂණ මෙවලම් යොදාගැනීමට පුළුවන. එහිලා අවශ්ය වන භූගෝලීය, පාරිසරික තොරතුරු විශ්ලේෂණය හා අනාගත වියදම මෙන්ම සේවා ඉල්ලුම පුරෝකථනය කිරීමට මෙන්ම අවදානම් තක්සේරු කිරීමටද සුදුසු AI ආකෘති දැනටම නිර්මාණය වී තිබෙන බවට සැකයක් නැත.
පින්තූරය ගත්තේ ඉස්තාන්බුල් සිට අන්කාරා යන අධිවේගී දුම්රිය ගමනකදීය.
(සිළුමිණ 2025 නොවැම්බර් 09. )

Sunday, November 2, 2025

වාලුකාවේ සිහින පුරවරය හෙවත් නියෝම්

 

මා ජගත් ව්යාපෘති ගැන කරුණු දැනගැනීමට උනන්දු බවත්, සතිපතා පත්තර කොලමක් ලියන බවත් දැනගත් මගේ මිතුරකු යෝජනා කළේ සවුදි අරාබියේ නියෝම් (NEOM ) ව්යාපෘතිය ගැනත් ලියන්න කියලාය. ඒ, ඔහු අප සමඟ දැන් සිටින ව්යාපෘතියට සම්බන්ධ වීමට පෙර නියෝම් ව්යාපෘතියට සම්බන්ධ වී සිටි නිසාය. එහෙත් මා ඒ ගැන දැන්ම නොලියා සිටින්න තීරණය කළ බව ඔහුට කිවුවෙමි.

“නියෝම් ගැන ලියන්න තව ගොඩක් කල් තියෙනවා. දැනට නම් ඒ ගැන ලියන්න තියෙන්නේ එය ‘හීනයක් නැති නම් උමතුවක්’ ලෙසයි. සමහර විට මේ ව්යාපෘතිය අතරමඟ නතර වන්නත් ඉඩ තියෙනවා.” මම කීවෙමි.
“එහෙම කියන්න එපා,” මිතුරා කිවේය. “ඒක එහෙම හීනයක් විතරක් නෙවෙයි. ලෝකේ මෙතෙක් බිහි වෙච්ච බරපතළම ව්යාපෘති සංකල්පය තමයි ඒ. සංකල්පයෙන් එහාට ගිහින් දැන් හෙමි හෙමින් නමුත් වැඩ කෙරෙනවා; සැලසුම් හැදෙනවා; ආයෝජන හොයනවා. මට හිතෙන්නේ අවුරුදු පනහකින් හරි මේ හීන ව්යාපෘතිය නිමාවක් දකීවි කියලයි.”
ලෝක සිතියම නැවත අඳිමින් සිටින රටක් ලෙස සවුදි අරාබිය හඳුන්වන්නට පුළුවන. මේ වන විට, රතු මුහුදට මුහුණ ලා පිහිටි එහි වයඹදිග වෙරළ තීරයේ, නියෝම් අනාගතවාදි නගර කලාපයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය 21 වැනි සියවසේ මැදභාගයේදී මිනිසුන් ජීවත් වන, වැඩ කරන සහ ගමන් කරන ආකාරය පිළිබඳ විශිෂ්ටතම අත්හදා බැලීමක් විය හැකිය. එය ඇලිස් දුටු විස්මලන්තය වැනි සංකල්පයකින් පටන්ගෙන, වඩාත් යථාර්ථවාදි විද්යා ප්රබන්ධයක් බවට පත් වී, දැන් ලෝක ආර්ථිකය හා භූ-දේශපාලනය කෙරෙහි බලපාන දෙයක් වී තිබේ. අමෙරිකානු ඩොලර් බිලියන 500කට වඩා වියදම් කරන්නට බලාපොරොත්තුවෙන් ආරම්භ කළ නියෝම් ව්යාපෘතිය, සවුදි කිරුළ හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන්ගේ ‘විෂන් 2030’ වැඩසටහනේ ප්රමුඛතම අංගය ලෙස එළිදුටුවේය. එහෙත් දැන් එහි අනාගත වියදම මුල් ඇස්තමේන්තුව මෙන් කිහිප ගුණයක් වනු ඇතැයි අනුමාන කෙරේ. තෙල් මත යැපෙන සවුදි ආර්ථිකය විවිධාංගීකරණය කර, එය ගෝලීය නවෝත්පාදන, සංචාරක සහ ස්ථිරසාරත්වයේ කේන්ද්රස්ථානයක් බවට පත් කිරීම මේ දැවැන්ත ව්යාපෘතියේ මූලිකම අරමුණයි. එවැනි උත්සාහයන් ගත් ඩුබායි රාජ්යය, කටාර් රාජ්යය හෝ කුවේටය වැනි මැදපෙරදිග රටවලට වඩා ගව් ගණනක් ඉදිරියට යෑමට තරම් සවුදි අරාබියේ සැලසුම විශාලය.
‘නව’ යන අර්ථය දෙන ග්රීක වචනයක් වන ‘නියෝ’ (Neo) සහ අරාබි බසින් ‘අනාගතය’ යන අර්ථය දෙන ‘මුස්තක්බල්’ (Mustaqbal) යන වචනයේ පළමු අකුර වන ‘M’ එක් වීමෙන් ‘නියෝම්’ (NEOM) යන නම බිහි වී ඇත. එයින් හැඟවෙන්නේ තෙල් ආර්ථිකයෙන් ඔබ්බට ගිය, සම්පූර්ණයෙන්ම නව ආර්ථික ආකෘතියක් ගොඩනැඟීමේ සවුදියේ අදිටනයි. මේ ව්යාපෘතියෙන් සවුදියේ ටබුක් පළාතේ වර්ග කිලෝමීටර් 26,000කට වඩා වැඩි කාන්තාර, කඳුකර කලාප සහ වෙරළ තීරයන් ආවරණය කරයි. එය ආසන්න වශයෙන් ශ්රී ලංකාවේ ප්රමාණයෙන් තුනෙන් එකක් පමණ වන දැවැන්ත භූමි ප්රමාණයකි.
නියෝම් ව්යාපෘතිය හුදෙක් ගොඩනැඟිලි හෝ යටිතල පහසුකම් ඉදිකිරීමක් පමණක් නොව, එය සවුදි ආර්ථික විවිධාංගීකරණයේ යෝධ පියවරකි. සවුදි රජය මෙය හරිත බලශක්තිය, උසස් නිෂ්පාදනය, ජෛව තාක්ෂණය, ඩිජිටල් මාධ්ය සහ සංචාරක කර්මාන්තය වැනි අංශ එකට වර්ධනය කළ හැකි ‘විස්කම් සංකීර්ණයක්’ ලෙස දකියි. වරෙක සිංගප්පූරුව සහ ඩුබායි රාජ්යය කළාක් මෙන්, සවුදිය බලාපොරොත්තු වන්නේ අන්තර්ජාතික සමාගම්, පර්යේෂකයන් සහ පදිංචිකරුවන් ආකර්ෂණය කරගනිමින් ඉහළ තාක්ෂණය සහ දැනුම මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැඟීමටයි. සමහර රටවල් ආරම්භ කරන මැතිවරණ ඉලක්ක කරගත් කෙටිකාලීන වැඩසටහන් මෙන් නොව; සවුදි අරාබිය ඉවසිලිවන්තව ව්යාපෘතිය සඳහා කාලය ගනියි. දැන් එය මුලින් කතා වූ වේගයට වඩා ආදි ඉබි ගමනකින් ක්රියාත්මක වෙයි. කිලෝමීටර් 170ක් දිග ‘ද ලයින්’ විස්කම් නගරයෙන් කිලෝමීටර් පහක් 2030 වන විට නිම කිරීම මුලින් අපේක්ෂාව වුණත් දැන් ඒ ඉලක්කය කිලෝමීටර් 2.4 දක්වා අඩු වී තිබේ, මේ වේගය අඩාළ වීම නිසා මෙය නොකෙරෙන ප්රොජෙක්ට් එකක් බවට සමහරුන් සැක පළ කළත් සවුදි රජය එය ප්රතික්ෂේප කරයි.
අන් තැනෙක අත්හදා බලන්න අවස්ථාවක් නොලැබෙනු ඇතැයි සිතිය හැකි බොහෝ ඉංජිනේරු විද්යා, තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා කෘත්රිම බුද්ධි යෙදුම් ප්රයෝගිකව භාවිත කරන ඉඩ ප්රස්තා මේ ව්යාපෘතියේ විවිධ අදියරවලදී විවර වනු ඇත. අපූරු අංග උපාංග සහිත මේ ව්යාපෘති සැලසුමේ ප්රධාන යෝජනා ක්රම කිහිපයක් තිබේ.
ද ලයින්, රේඛීය නගරය ඉන් ප්රමුඛම, වඩාත් ආකර්ෂණීය හා පෙරළිකාරම අදහසයි. මීටර් 500ක් උසින් සහ මීටර් 200ක් පළලින් යුත්, කැඩපත් වැනි ගොඩනැඟිලි දෙකක්, කාන්තාරය හරහා කි.මී. 170ක් පුරා සමාන්තරව විහිදෙන මේ ‘රේඛීය නගරය’ තුළ මිලියන 9ක් පමණ පදිංචිකරුවන් ජීවත් කරවීම අරමුණයි. මෙහි ජීවත් වන්නේ අනාගතයේ වෙනත් ග්රහලොවක පදිංචියට යන මානවයන් කොටසක් නොවුවද ඔවුන්ට අත්විඳින්නට ලැබෙන ජීවිතය ඊටද වඩා ආස්වාදජනක එකක් වනු ඇත. ඉදි කිරීම අරඹා ඇති එම අනාගත නගරයේ මෝටර් රථ නැත. සාම්ප්රදායික වීදි නැත. කාබන් විමෝචනය පිටුදකියි. භූගත අධිවේගි දුම්රිය මාර්ගයක් මඟින් සමස්ත නගරයම සම්බන්ධ වන අතර, සාප්පු, පාසල් ඇතුළු සියලු පහසුකම් පදිංචිකරුවන්ට මිනිත්තු පහක ඇවිදීමේ දුරින් පිහිටනු ඇත.
නියෝම් ව්යාපෘතියේ දෙවැනි අපූරුම යෝජනාක්රමය වන්නේ ඔක්සගන් (Oxagon) පාවෙන කාර්මික කේන්ද්රස්ථානයයි. රතු මුහුදු වෙරළේ පිහිටුවනු ලබන මෙය, ලොව විශාලතම පාවෙන ඉදි කිරීම සංකීර්ණයන්ගෙන් එකක් වනු ඇත. එය ඊළඟ පරම්පරාව උදෙසා කරනු ලබන නිෂ්පාදන, පිරිසුදු බලශක්තිය පිළිබඳ පර්යේෂණ, රොබෝ තාක්ෂණය සහ සමුද්රීය සැපයුම් පර්යේෂණ සඳහා නිර්මාණය කෙරේ. පරිසර හිතකාමි හරිත කර්මීකරණයේ ගෝලීය පරිවර්තකයකු ලෙස සවුදිය ස්ථානගත කිරීමට ඔක්සගන් ව්යාපෘතිය සමත් වනු ඇත.
නියෝන් ව්යාපෘතියේ අංගයක් වන ට්රොජේනා (Trojena) කඳුකර සංචාරක කලාපයද අරුම පුදුම සංකල්පයකි. වාලුකා රාජ්යයක වියළි, දුෂ්කර උරුමයට අභියෝග කරමින්, මුහුදු මට්ටමේ සිට මීටර් 2,600ක් ඉහළට නඟින කෘත්රිම හිම කඳු සහිත මේ කලාපයේ හිම මත ලිස්සා යෑමේ මංපෙත්, හිමකර නිවාඩු නිකේතන සහ විවිධ දුර්ලභ ක්රීඩා පහසුකම් ආදියෙන් සමන්විත වී ඇත. සවුදි අරාබිය අන්තර්ජාතික සංචාරක වෙළෙඳපොළට පිවිසීමේ අරමුණ සැබෑ කරමින් අනාගත ශීත ඍතු ඔලිම්පික් උලෙළක් මේ කඳුකරයේ පැවැත්වෙන්නට බැරි නැත.
නියෝන් ව්යාපෘතිය අරුමයක් හා සිහිනයක් ලෙස සිතන්නේ එහි ඇති මේ ආකාරයේ උප කොටස් නිසාය. සින්දාලා (Sindalah) සුඛෝපභෝගි දූපතද එවැන්නකි. රතු මුහුදේ පිහිටි සුඛෝපභෝගි දූපත් ගමනාන්තයක් වන සින්දාලාහි යාත්රා තොටුපොළ, වෙරළාසන්න සමාජ ශාලා සහ තරු පහේ හෝ හතේ හෝටල් ඉදි වනු ඇත. ඩුබායිහි පාම් ජුමෙයිරා හෝ මාලදිවයින වැනි තැන්වලට මෙන්, අත දිගහැර වියදම් කළ හැකි සංචාරකයන් සවුදි අරාබියේ සින්දාලා දූපතටද අනාගතයේදී ඇදෙනු ඇත.
අවිනිශ්චිතතා හා ගැටලුකාරි දේ කොතෙක් තිබුණත් නියෝම් යනු හෙමි හෙමින් සැබෑ වන සිහිනයකි. එය තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු විද්යාව හා ලෝක ආර්ථිකය ගැන උනන්දුවක් දක්වන කොයි කවුරුත් කාලාන්තරයක් තිස්සේ කතා කරන මාතෘකාවක් වනු ඇත.
( Silumina 02-Nov 2025 , Image Source; Logistics Middle East)

Saturday, October 25, 2025

පෙට්‍රොනාස් දෙමහල්ලන්ගේ ආකාස පාලම

 විදේ­ශීය ව්යාපෘ­ති­ව­ලදී විවිධ රට­ව­ලින් පැමිණි විද්වත් මිතු­රන් සමඟ විවේක කතා­බ­හේදී, ඔවුන් සම්බන්ධ වූ ලෝක ප්රසිද්ධ ව්යාපෘති ගැන හාරා­ඇ­වි­ස්සීම මගේ පුරු­ද්දකි. ලෝ පුරා ප්රසිද්ධ ව්යාපෘ­ති­වල ජීව­
මාන අත්දැ­කීම් ලද පුද්ග­ල­යන් ඇසුරු කිරී­මට ලැබීම, අන්ත­ර්ජා­තික ව්
යාපෘ­ති­ව­ලදී මට ලැබෙන අම­තර වාසි­යකි.

එක් අව­ස්ථා­ව­කදී, 1998 සිට 2004 දක්වා ලොව උසම ගොඩ­නැ­ඟිල්ල වූ මී. 452ක් උස තට්ටු 88කින් යුත් මැලේ­සි­යාවේ පෙට්රෝ­නාස් නිවුන් කුලුනු ඉදි කිරී­මට හවුල් වූ ඉංජි­නේ­රු­වකු සමඟ බොහෝ තොර­තුරු කතා කර­න්නට කාලය ලැබිණි. ඒ, ඔහු අප සමඟ මෑත­කදී වෙනත් රට­කදී සේවය කරද්දීය. මේ ඉදි­කි­රීම ගැන මගේ බල­වත් උන­න්දු­වට කරු­ණක් වන්නේ, පෙට්රෝ­නාස් කුලුන නිල වශ­යෙන් මහ­ජ­න­තා­වට විවෘත වූ 1999දී මා ඔස්ට්රේ­ලි­යානු සමා­ග­මක් සමඟ කොළඹ ලෝක වෙළෙඳ මධ්ය­ස්ථාන නිවුන් ගොඩ­නැ­ඟිල්ලේ පිළි­ස­කර වැඩට සම්බන්ධ වීම නිසාය. ඒ පිළි­ස­කර කිරීම අවශ්ය වූයේ මහ බැංකු බෝම්බ­යෙන් හා ගල­ධාරී බෝම්බ ප්රහා­ර­යෙන්, ආස­න්නයේ පිහිටි අලුත් ලෝක වෙළෙඳ මධ්ය­ස්ථාන ගොඩ­නැ­ඟි­ල්ලට හානි සිදු වී තිබීම නිසාය. එක­ල ද අපේ කතා­බ­ස්වල සුලබ මාතෘ­කා­වක් වූයේ පෙට්රෝ­නාස් නිවුන් ගොඩ­නැ­ඟි­ල්ලයි.
2004න් පසුව ඊට වඩා උසින් වැඩි ගොඩ­නැ­ඟිලි සෑහෙන ගණ­නක් ලොව පුරා ඉදි වී තිබු­ණද, පෙට්රෝ­නාස් ගොඩ­නැ­ඟිල්ලේ සුවි­ශේ­ෂතා කිහි­ප­යක් නිසා තාමත් එය බෙහෙ­වින් කතා­බ­හට ලක් වන ඉදි­කි­රී­මකි.
පළමු හේතුව තාමත් එය ලොව උසින් වැඩිම නිවුන් ගොඩ­නැ­ඟිල්ල වීමයි. දෙවැනි හේතුව පොළොව මට්ට­මෙන් උසින්ම පිහිටි ගොඩ­නැ­ඟිලි දෙකක් යා කරන ආකාශ පාලම එය සතු වීමයි. මේ ද්වි-මහල් පාලම කුලු­නු­වල 41 වැනි හා 42 වැනි තට්ටු යා කර­මින්, පොළොව මට්ටමේ සිට මී. 170ක් පමණ උසින් පිහිටා ඇත. තුන්වැනි හේතුව නම් පෙට්රෝ­නාස් ගොඩ­නැ­ඟිල්ලේ අපූරු ගෘහ නිර්මාණ ශිල්ප­යයි. ලෝක පූජිත වාස්තු විද්ව­තකු වූ සෙසාර් පේලි (César Pelli) විසින් ඉස්ලා­මීය මෝස්‌තර රටා­වන් ඇසුරු කර­ග­නි­මින් නිර්මා­ණය කළ එය, මැලේ­සි­යාවේ ජාතික සංකේ­ත­යක් වී තිබී­මය.
මගේ මිතු­රා­ගෙන් මට පැහැ­දිලි කර­ගැ­නී­මට වුව­මනා වූයේ මේ ගොඩ­නැ­ඟිල්ල සම්බ­න්ධ­යෙන් මා මින් පෙර අසා තිබූ එක්තරා කතා­වක් ගැනය. ඒ කතාව පෙට්රො­නාස් කුලු­නු­වල 41 සහ 42 වැනි තට්ටු දක්වා ආකාශ පාලම ඔසවා ස්ථාන­ගත කරද්දී මුහුණ දුන් බව කියන අක­ර­තැ­බ්බ­යක් පිළි­බ­ඳ­වයි. ඉතා ප්රසිද්ධ කරු­ණක් වන්නේ දැවැන්ත වානේ ආකාශ පාලම ඉහ­ළට එස­වීම විස්මිත කාර්මික වැඩක් වූ බවත්, ඊට යොදා­ගත් එස­වීමේ තාක්ෂ­ණ­යන් එතෙක් ලොව භාවිත නොවූ අලුත්ම ඒවා බවත්ය.
මා අසා තිබුණු කතාවේ සඳ­හන් වූයේ මේ තට්ටු දෙකේ පාලම කෙසේ හෝ ඉහ­ළට ඔසවා ගොඩ­නැ­ඟිලි දෙකට යා කරද්දී, එම කුලුනු දෙකේ තට්ටු­වල උස මට්ටම් අතර වෙන­සක් තිබීම නිසා පාලම සවි කිරීම විශාල අල­ක­ලං­චි­යක් වූ බවයි. ඊට හේතුව වශ­යෙන් සඳ­හන් වූයේ මේ ගොඩ­නැ­ඟිල්ලේ මිනුම් ගැනී­මේදී ස්ථානීය සල­කුණු ලබා දී තිබුණේ චන්ද්රිකා තාක්ෂ­ණය (GPS) ඔස්සේ බවත්, එසේ සේවාව ලබා ගත් එක චන්ද්රි­කා­වක් වෙනත් තැන­කට මාරු කිරීම නිසා ලබා දුන් ඛණ්ඩාංක වැර­දුණු බවත්ය.
එහෙත්, මෙය එසේ නොවන බව මගේ මිතුරා පැහැ­දිලි කළේය. ඔහු තහ­වුරු කළ කරුණු අනුව, GPS දෝෂ­යක් නිසා මිනුම් වැර­දීම පිළි­බඳ කතාව නිවැ­රදි විය නොහැ­කිය. කුලුනු දෙකෙ­හිම පද­නම් හා ව්යූහය සඳහා අති­ශය නිර­වද්ය මිනුම් භාවිත කරන ලද බව ඔහු කී අතර, ඇත්ත වශ­යෙන්ම ජීපී­එස් පද්ධ­ති­යක් භාවිත වූවා නම් එය ගොඩ­නැ­ඟි­ලි­වල නිවැ­රදි සිරස් බව සහ­තික කිරී­මට යොදා­ග­න්නට ඉඩ තිබිණි. කෙසේ වුවද, එහිදී එවැනි දෝෂ­යක් ඇති වූ බවට පිළි­ගත හැකි වාර්තා­වල සඳ­හන් නොවේ.
කෙසේ වුවද, කුලුනු දෙකෙ­හිම නිර­ව­ද්ය­තාව සහ­තික කිරී­මට විශාල ප්රය­ත්න­යක් ගෙන තිබේ. මන්ද යත්: මී. 58ක් දිග සහ ටොන් 750ක් පමණ බර වානේ පාලම කුලුනු අත­රට ස්ථාන­ගත කිරී­මේදී සම්බ­න්ධක මට්ටම් අතර මිලි­මී­ටර කිහි­ප­ය­කට වඩා අප­ග­ම­නය වීමෙන් තොරව සම්බන්ධ කිරීම අත්ය­වශ්ය වූ නිසාය.
මිතු­රාගේ අත්දැ­කීම් අසද්දී මට යළිත් තහ­වුරු වූයේ මේ ආකාශ පාලම ඉංජි­නේරු ශිල්පයේ විස්මිත ජය­ග්ර­හ­ණ­යක් බවයි. පෙට්රො­්නාස් ගොඩ­නැ­ඟිල්ල ඉදි­කි­රීම පිටු­පස මොන තරම් අපූරු තාක්ෂ­ණික කත­න්දර තිබු­ණත්, මා මේ වෙලාවේ අව­ධා­නය යොමු කරන්නේ එහි ආකාස පාලම කෙරෙ­හිය. ඕනෑම උස ගොඩ­නැ­ඟි­ල්ලක් වුවත් ක්රම­යෙන් ඉහ­ළට ඉදි කර­ගෙන යෑමේ ක්රම­වේද ඒ වන විට ලෝ පුරා භාවිත කර­මින් තිබු­ණේය. එහෙත් අර සා විශාල පාල­මක් පොළෝ මට්ට­මේදී එක­ලස් කර, අපේ ලෝක වෙළෙඳ මධ්ය­ස්ථාන ගොඩ­නැ­ඟිල්ලේ මුළු උස­ටත් වඩා ඉහ­ළින් පිහිටි තැන­කට ඔසවා ගොඩ­නැ­ඟිලි දෙක­කට නිසි පරිදි යා කිරීම අද­ටත් හිතා­ග­න්නට අප­හසු දෙයකි.
මේ තට්ටු දෙකේ පාලම සැම්සුන් හෙවි ඉන්ඩ­ස්ට්රීස් සමා­ගම විසින් දකුණු කොරි­යා­වේදී නිප­දවා, කොටස් වශ­යෙන් නැව්ගත කර, ඉන් පසු ක්වාලා­ල­ම්පූර් පෙට්රෝ­නාස් වැඩ­බි­මේදී බිම එළා නැවත සවි කරන ලදි. එය මීටර් එක­සිය හැත්තෑ­වක් ඉහ­ළට එස­වීමේ මෙහෙ­යුම සිදු වූයේ 1995 වසරේ මැද හරි­යේ­දීය. දින කිහි­ප­යක මෙහෙ­යු­මක් මඟින් මේ දැවැන්ත පාලම නිවැ­රදි ස්ථාන­යට එස­වී­මට එතෙක් ගොඩ­බි­මදී භාවිත නොවූ තාක්ෂ­ණ­යක් යොදා­ගැ­නිණි. ඒ, ඈත සමු­දුරේ ඛනිජ තෙල් කැණීම් ආශ්රිත කට­යු­තු­ව­ලට මින් පෙර යොදා­ගත් හයි­ඩ්රො­ලික් ස්ට්රෑන්ඩ්-ජැක් පද්ධ­ති­යක් භාවිත කිරී­මය.
සරල උස වෙන­ස්ක­ම්ව­ලට හා එහා මෙහාවීම්ව­ලට ඔරොත්තු දෙන පරිදි වූ පාලමේ වඩාත්ම කැපී­පෙ­නෙන ලක්ෂ­ණය නම් එය කුලුනු දෙක අතර දැඩි සම්බ­න්ධ­යක් මඟින් සවි කර නොති­බී­මයි. ඒ වෙනු­වට, එය ගෝලා­කාර බෙයා­රින් මත මඳක් පා විය හැකි පරිදි රඳවා ඇත.
පෙට්රෝ­නාස් නිවුන් කුලු­නු­වල 29 වැනි තට්ටුවේ සිට ඉහ­ළට විහි­දෙන ආධා­රක දෙකක් මත සවි කර ඇති මේ පාලම, සුළඟ හෝ උෂ්ණත්ව වෙන­ස්වීම් යටතේ කුලුනු දෙක එකි­නෙ­කින් නිද­හස්ව ඉතා මඳ වශ­යෙන් චල­නය වන විට පාල­මට තර­මක් ලිස්සා යෑමට සහ භ්රම­ණය වීමට ඉඩ සල­සයි. මේ නම්ය­ශීලී බව නොති­බුණේ නම්, කුලුනු දෙකේ ඉතා කුඩා හෝ වෙනස් චලන හේතු­වෙන් පාලම ඉරි­තළා විකෘති වීමට ඉඩ තිබිණි.
පෙට්රෝ­නාස් කුලුනු අතර එහා මෙහා යෑමට ඇති මේ ආකාශ පාලම යනු හුදෙක් ගමන් මාර්ග­ය­කට වඩා බොහෝ සෙයින් වැඩි යමකි. එය හදිසි අව­ස්ථා­ව­කදී ගොඩ­නැ­ඟිලි දෙක අත­රින් එක­කින් අනෙ­කට ඉවත් වීමේ මාර්ග­යක් ලෙස ද ක්රියා කරයි. ගෝලීය බුද්ධි­යෙන් නිමාවූ එය, මැලේ­සි­යාවේ තාක්ෂ­ණික සහ සංව­ර්ධන අභි­ලා­ෂය සංකේ­ත­වත් කර­මින්, ලොව පුරා ගෘහ නිර්මාණ ශිල්පීන්ට සහ ඉංජි­නේ­රු­වන්ට අඛ­ණ්ඩව ආඩ­ම්බ­ර­යක් සහ ආස්වා­ද­යක් සල­සයි.