Sunday, May 10, 2026

කැස්පියන් හඳේ නොපෙන්නූ පැත්ත

 

ගේ වෘත්තීය ජීවි­තයේ හැර­වුම් ලක්ෂ්යය සල­කුණු වන්නේ අන්ත­ර්ජා­තික ව්යාපෘති සමඟ අත්වැල් බැඳ ගැනී­මට මා තුළ වූ නොස­න්සුන් උන­න්දු­වත් සම­ඟය. ශ්රී ලංකාවේ ක්රියා­ත්මක වූ විදේ­ශීය ව්යාපෘ­ති­ව­ලින් ලද පළ­පු­රුද්ද, කර­දිය වළ­ල්ලෙන් එපිට ලෝකය ගවේ­ෂ­ණය කිරී­මට මට පාර කැපීය. මේ උන­න්දුව මා හා සමා­න­වම බෙදා ගත් මගේ සමී­ප­තම මිතුරා වූයේ ඉංජි­නේරු සමන් රංජිත්ය. කසා­ක්ස්තා­නයේ ඛනිජ තෙල් වැඩ­බි­මක සේවය කර­මින් සිටි ඔහු, මටද ඒ සඳහා අව­ස්ථාව උදා කර දුන්නේය. කසා­ක්ස්තා­නය, කටාර් රාජ්යය සහ ඔස්ට්රේ­ලි­යාව වැනි රට­වල කීර්ති­මත් ඉංජි­නේ­රු­වකු ලෙස සේවය කළ සමන්, මින් දස වස­කට පෙර අප අත­රින් වියෝ වූ අතර, අද මා මේ අත්දැ­කීම් සිංහල පාඨ­ක­යන් සමඟ බෙදා ගන්නේ ඔහුට උප­හා­ර­යක්ද පුද කර­මිනි.

වර්ෂ 2007 අප්රේ­ලයේ අලුත් අවු­රුදු උත්සව අව­සන් වූ විගස මා මවු­බි­මෙන් පිටත් වී ගියේ ජීවි­තයේ පෙර­ළි­කාර ගම­න­කට මුල­පු­ර­මිනි. එව­කට ශ්රී ලංකාවේ කසා­ක්ස්තාන තානා­පති කාර්යා­ල­යක් නොතිබූ බැවින්, වීසා ලබා ගැනීම සඳහා මුලින්ම නව­දි­ල්ලිය බලා යෑමට මට සිදු විය. සති දෙකක පමණ කාල­යක් දිල්ලියේ රැඳී සිටි­මින් අවශ්ය ලිය­කි­ය­විලි සම්පූර්ණ කර ගත් මම මධ්යම ආසි­යාවේ විසල් රාජ්යය වන කසා­ක්ස්ථා­නය බලා පියා­සර කළෙමි. මගේ ගම­නා­න්තය වූයේ එරට බට­හිර කෙළ­වරේ, කැස්පි­යන් මුහු­දට ආස­න්නව පිහිටි සුප්ර­කට ටෙංගීස් තෙල් බිමයි. එහි සැල­සුම් ඉංජි­නේරු රැකි­යා­වක් ලැබීම මගේ වෘත්තීය දිවියේ නව කඩ­යි­මක් විය.
කසා­ක්ස්තා­නය යනු ශ්රී ලංකාව මෙන් හත­ළිස් ගුණ­යක් විශාල, ලොව නව­වැ­නි­යට විශා­ල­තම රාජ්යය වන අතර, අප කුඩා කල කියවූ සෝවි­යට් සාහි­ත්යයේ නිර­න්ත­ර­යෙන් වර්ණනා වූ මහා ස්ටෙප් භූමි­යෙන් වැඩිම කොට­සක් හිමිව ඇත්තේ කසා­ක්ස්තා­න­ය­ටයි.
මුලින්ම කසා­ක්ස්තා­නයේ පැරණි අග­නු­වර වූ ඇල්මටි නග­ර­යට ළඟා වූ මම එහි රැයක් ගත කළෙමි. චීන­යට ආස­න්නව පිහිටි ඒ සුන්දර නග­රයේ සිට අතිරෝ නග­රය බලා යෑමට මහා ස්ටෙප් භූමි­යට ඉහ­ළින් අභ්ය­න්තර ගුව­න්යා­න­ය­කින් පියා­සර කිරී­මට මට සිදු විය. අහ­සට පෙනෙන ඒ නිමක් නැති තැනි­ත­ලාව දෙස බලද්දී, මේ භූමිය ඔස්සේම දුම්රි­යෙන් දින ගණ­නා­වක් ගිය මගේ මිතු­රකු කළ විස්ත­රය මට සිහි­පත් විය. කැස්පි­යන් මුහුද අද්දර පිහිටි අතිරෝ නග­රය භූගෝ­ලීය වශ­යෙන් යුරෝ­ප­යට අයත් නග­ර­යකි. සුප්ර­කට වොල්ගා නදිය රුසි­යාව හරහා ගලා විත් කැස්පි­යන් මුහු­දට එක් වන්නේද මේ නග­රා­ස­න්න­යෙනි. අතිරෝ සිට තවත් කි.මී. 350ක් දකු­ණට වන්නට, කැස්පි­යන් මුහුදේ නැඟෙ­න­හිර ඉවුර දිගේ විහි­දුණු ඒ දීර්ඝ මාවත මුළු­ම­නින්ම වැටී තිබුණේ මහා ස්ටෙප් තීරය මැදිනි.
ස්ටෙප් යනු වච­න­යෙන් විස්තර කළ නොහැකි තරම් අද්භූත සුන්ද­ර­ත්ව­යක් සහිත භූමි­යකි. අහ­සත් පොළො­වත් මුණ­ගැ­සෙන ක්ෂිති­ජය දක්වාම විහි­දුණු, ගහක්-කොළක් නැති තැනි­තලා කලාප එහි වැඩි කොට­සක් වසා ගනී. වස­ර­කට අඟල් 10 සිට 20 දක්වා වූ ඉතා අඩු වර්ෂා­ප­ත­න­යක් ලබන මේ අර්ධ ශුෂ්ක කලා­පය, වනා­න්තර සහ කාන්තාර අතර පව­තින අත­ර­මැදි ලෝක­යක් වැනිය. රුසි­යානු භාෂා­වෙන් ‘ස්ටෙප්’ යනු පැතලි තණ­බිම යන අර්ථය වුවද, එහි ඇත්තේ කර්කශ වූත්, වින­ය­ග­රුක වූත් ගති­යකි. කසා­ක්ස්තා­නයේ භූමි ප්රමා­ණ­යෙන් 40%ක් පමණ වන මේ භූමිය පෘථි­වියේ ඇති දැවැ­න්තම කාබන් ගබ­ඩා­වක් ලෙස ක්රියා කරන අතර, ගෝලීය දේශ­ගු­ණික රටා­වන් පාල­නය කිරී­ම­ටද එහි ඇති පස මහඟු දාය­ක­ත්ව­යක් දක්වයි.
මේ දැවැන්ත කාර්මික මෙහෙ­යු­ම්ව­ලට පරි­බා­හි­රව, ස්ටෙප් භූමිය තව­මත් ලෝකයේ වැද­ගත්ම කෘෂි­කා­ර්මික කේන්ද්ර­ස්ථා­න­යකි. එහි උතුරු ප්රදේ­ශ­වල ඇති ඉතා සාර­වත් ‘චර්නො­සෙම්’ හෙවත් කළු පස, ලොව විශා­ල­තම ධාන්ය උල්ප­තක් ලෙස සැලකේ. තිරිඟු, බාර්ලි සහ සූරි­ය­කාන්ත නිෂ්පා­ද­න­යේදී මේ කලා­පය ගෝලීය නාය­ක­ත්ව­යක් උසු­ලයි. අතී­තයේ සිටම මේ බිම ජල සංචා­රක එඬේර ජීවි­ත­ය­කට උරු­ම­කම් කී අතර, අශ්ව­යන් සහ බැට­ළු­වන් ඇති කිරීම අද­ටත් ප්රධාන ආර්ථික මූලා­ශ්ර­යකි. මහා යුරේ­සි­යානු ස්ටෙප් තීරය යනු මනුෂ්ය ඉති­හා­සයේ සංචා­රක ගෝත්රි­ක­යන්ගේ නිව­හන වූත්, අද වන විට ගෝලීය ආර්ථි­කයේ මුල්ග­ලක් වූත් සුවි­ශේෂ පරි­සර පද්ධ­ති­යකි. ලෝකයේ මුල්ම ඇපල් ප්රභේද, එනම් ටියු­ලිප් වර්ගද හමු වී ඇත්තේ කසා­ක්ස්තාන් ස්ටෙප් බිමෙන් බව සඳ­හනි.
ගමන අත­ර­තුර අපේ වාහ­නය සෑහෙන වේලා­වක් නතර කර ගෙන සිටි­න්නට සිදු වූයේ සෝවි­යට් යුග­යට අයත් අති­වි­ශාල දුම්රිය ගැල් පෙළ­කට ඉඩ දෙන්න­ටය. තෙල් සහ යන්ත්රෝ­ප­ක­රණ පටවා ගත් ඒ දුම්රිය, වැළ නොකඩී යන කළු මක­රුන් මෙන් දිස් විය. ඒවා යුග­යක අභි­මා­නය සහ කාර්මික ශක්තිය ලොවට කියා­පාන නිහඬ සාක්ෂි­ක­රු­වන් බඳු විය. අතී­ත­යේදී සේද මාවතේ ප්රධාන කොට­සක් වූ මේ භූමිය, අද වන විට ලෝක බල­ශක්ති සහ වෙළෙඳ දාම යා කරන ‘යුරේ­සි­යානු ගොඩ­බිම් පාලම’ ලෙස හැඳින්වේ. මේ ස්ටෙප් භූමියේ දකුණු කලා­පයේ 1961දී යුරි ගගා­රින් අභ්ය­ව­කා­ශ­ගත වූ බයි­ක්නුර් මධ්ය­ස්ථා­නය පිහිටා ඇත්තේය. ලොව ප්රථම අභ්ය­ව­කාශ යානය වූ ‘ස්පුට්නික් 1’ ගුව­න්ගත වූයේද මේ ඓති­හා­සික භූමි­යෙනි.
අතී­තයේ ‘හිස් බිමක්’ ලෙස සැල­කු­ණුමේ ස්ටෙප් තැනි­ත­ලාව, අද ලොව බල­ශක්ති අව­ශ්ය­තාව සපුරා ලන සුළං මෝල් සහ සූර්ය පැන­ල­ව­ලින් පිරුණු බලා­ගා­ර­යක් බවට පත් වෙමින් තිබේ. මීට අම­ත­රව යුරේ­නි­යම්, තඹ සහ රන් වැනි වටිනා ඛනිජ සම්පත් සොයා යන කැණීම් මධ්ය­ස්ථා­නද මේ හුදෙ­කලා භූමිය සජීව කාර්මික කලා­ප­යක් බවට පත් කර ඇත. අව­සා­නයේ අප ළඟා වූයේ ලෝකයේ හය­වැනි විශා­ල­තම තෙල් නිධිය ලෙස සැල­කෙන ටෙංගීස් වෙතයි. ඒ වන විට මේ කලා­පය දිය වී යන සුදු හිමෙන් වැසී තිබිණි. එය මා දුටු වෙනස්ම ලෝක­යක ආර­ම්භ­යයි.
පුදු­ම­ය­කට මෙන්, එදා ඒ කසා­ක්ස්තාන ස්ටෙප් බිමේදී මා පසු කර ගිය ඒ දුම්රිය මාව­තට මා දැන් සේවය කරන ඉස්තා­න්බුල් නග­රය දක්වාම පැමි­ණිය හැකිය. ඊට අම­ත­රව මා සම්බන්ධ වී සිටි­න්නේද මේ මාර්ග­යේම කොට­සක් ඉදි කිරීමේ වැඩ සට­හ­න­ක­ටය. චීනයේ සිට කසා­ක්ස්තා­නය හරහා පැමිණ කැස්පි­යන් මුහු­දෙන් යාත්රා­ව­කට ගොඩ වන වෙළෙඳ දුම්රිය, ඉන් පසු ඉස්තා­න්බුල් හරහා යුරෝ­ප­යට යන බව මා දැන ගත්තේ මෑත­ක­දීය. මා මේ කියන්නේ Trans-Caspian International Transport Route (TITR) හෙවත් අන්තර් කැස්පි­යන් අන්ත­ර්ජා­තික ප්රවා­හන මාර්ගය ගැනය. අතී­තයේ සිට පැවත ආ ස්ටෙප් මාවත අද වන විට ගෝලීය වෙළෙ­ඳාමේ නූතන නහර පද්ධ­ති­යක් බවට පත්ව තිබේ. මගේ ටෙංගීස් තෙල් බිමේ අත්දැ­කීම් සහ එහි තිබූ සුවි­ශේෂ තාක්ෂ­ණික ශික්ෂ­ණය ගැන ඉදිරි ලිපි­යෙන් සාකච්ඡා කරමු. ටෙංගීස් මට කියා දුන් ලොකුම පාඩම නම්, සම්පත් තිබීම පම­ණක් ප්රමා­ණ­වත් නොවන බවත්, ඒවා කළ­ම­නා­ක­ර­ණය කිරී­මට වින­ය­ග­රුක මිනි­සුන් සහ පද්ධති අත්ය­වශ්ය බවත්ය.
Image ; gov.kz
Silumina - 10 May 2026
(කලකට පෙර තිලකසිතේ පළවූ ' කැස්පියන් හඳ' දිග කෙටි කතාවට පාදක වූ අත්දැකීම් අසුරුන් සිළුමිණට ලියන 'තාක්ෂණික' ලිපි පෙළක පළමුවැන්නයි )

No comments:

Post a Comment