මේ දිනවල මා සිටින්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හා සිඩ්නි නගර ආශ්‍රිතව පෞද්ගලික ගමන් බිමන් කිහිපයක නිරත වෙමිනි. මා සමඟ සිටින හිතමිතුරන් තස්මේනියාවට යන සංචාරයක් ගැන කතා කරමින් සිටි එක් අවස්ථාවක මගේ සිතට හදිසියේම වෙනත් ප්‍රශ්නයක් ආවේය.
ලෝක සිතියමේ ඕස්ට්‍රේලියාවට දකුණින් තිබෙන ඇන්ටාක්ටිකාව බලන්න අපට යන්න බැරිද?
සිතියම දිගහැර බැලූ විට මුලින්ම මා පුදුමයට පත් කළේ දුර ප්‍රමාණයයි. මෙල්බර්න් සිට බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරය දක්වා ගුවන් දුර කිලෝමීටර් 2,700ක් පමණය. මෙල්බර්න් සිට ඇන්ටාක්ටිකාවේ ඕස්ට්‍රේලියාවට ආසන්න වෙරළ කලාප දක්වා ඇති දුරද කිලෝමීටර් 3,000කට ආසන්නය.
එනම් මෙල්බර්න් සිට පර්ත් බලා බටහිරට යන දුරට ආසන්න දුරක් දකුණට ගියහොත් අපට හමුවන්නේ තවත් ඕස්ට්‍රේලියානු නගරයක් නොව, මා ලෝකයේ විස්මිතම භූමි ප්‍රදේශයක් ලෙස දකින ඇන්ටාක්ටිකාවයි.
සිතියම දෙස තවදුරටත් බලන විට මේ ගමනේ මැද තවත් හුරුපුරුදු නමක් හමුවෙයි. ඒ තස්මේනියාවයි. මෙල්බර්න් නුවරින් දකුණට ගිය විට ඔස්ට්‍රේලියාවට අයත් තස්මේනියා දූපතත්, එතැනින් තවත් දකුණට ගිය විට මහා දකුණු සාගරයත්, ඒ සාගරයෙන් එහා ඇන්ටාක්ටිකාවේ සුදු පැහැති භූමියත් හමුවෙයි.
ඒ නිසා තස්මේනියාව මට පෙනෙන්නේ ඕස්ට්‍රේලියාවත් ඇන්ටාක්ටිකාවත් අතර ඇති අවසාන විශාල ගොඩබිම් නැවතුමක් මෙනි.
ඕස්ට්‍රේලියාවේ සිට ඇන්ටාක්ටිකාව ගුවනින් නරඹා නැවත පැමිණෙන විශේෂ සංචාර පවා ඇති බව සොයා බැලීමේදී මට දැනගන්නට ලැබිණි. ගොඩබැසීමකින් තොරව පැය ගණනක් අයිස් කඳු, ග්ලැසියර සහ සුදෝසුදු මහද්වීපයේ විශාලත්වය අහසේ සිට නරඹා නැවත ඕස්ට්‍රේලියාවට පැමිණිය හැකිය.
මේ අතර ගිය සතියේදීම කළ වෙනත් කතාබහකදී ඉතාලියේ සිටින අපේ හිතවතියක් උතුරු ධ්‍රැවය ආශ්‍රිත සංචාරයකට යන බව කී විට ධ්‍රැව ප්‍රදේශ පිළිබඳ මගේ කුතුහලය තවත් වැඩි විය.
“ආපහු ආවම විස්තර ටික ලියා එවන්න,” මම ඇයට කීවෙමි.
අප සාමාන්‍යයෙන් උතුරු හා දකුණු ධ්‍රැව දෙකම එකම ආකාරයේ හිම ලෝක දෙකක් ලෙස සිතුවත් ඒ දෙක අතර අපූරු වෙනසක් තිබේ. උතුරු ධ්‍රැවය පිහිටි ආක්ටික් කලාපයේ පාදම , ගොඩබිමක් නොව අයිස් තට්ටුවකින් වැසුණු සාගරයකි. ඇන්ටාක්ටිකාව එසේ නොවේ. එය දැවැන්ත ගොඩබිමක් මත ඝන අයිස් තට්ටුවකින් වැසුණු සැබෑ මහද්වීපයකි.
එහෙත් ඇන්ටාක්ටිකාව රටක් නොවේ.
එයට ජනාධිපතිවරයෙක් නැත. පාර්ලිමේන්තුවක් නැත. ස්ථිර පුරවැසියෝද නැත. රටවල් කිහිපයක් එහි භූමි ප්‍රදේශ සම්බන්ධයෙන් හිමිකම් ප්‍රකාශ කර තිබුණද, ඇන්ටාක්ටික් ගිවිසුම් පද්ධතිය යටතේ මහද්වීපය සාමකාමී භාවිතය සහ විද්‍යාත්මක පර්යේෂණ සඳහා සුවිශේෂී ලෙස ආරක්ෂා කර තිබේ.
ඒ නිසාම මට එය පෙනෙන්නේ කාටවත් සින්නක්කර අයිති නැති නිසාම මුළු මනුෂ්‍ය වර්ගයාටම අයත් වටිනා ස්වභාවික පර්යේෂණාගාරයක්ලෙ සය.
ඇන්ටාක්ටිකාව පිළිබඳ මේ කුතුහලය අවුළුවන්නට පිදුරු මිටක් එක් කළේ අප සමඟ සේවය කරන ඉංජිනේරු මිතුරෙකු වූ ආචාර්ය මාරියස් අන්කලොස්ය.
විවිධ රටවල ඉංජිනේරු ව්‍යාපෘති, අප ගිය රටවල් සහ සංචාරක අත්දැකීම් ගැන අපි අතර නිතර කතාබහ කරමු . එවැනි දිනක ඔහු ඇඟට පතට නොදැනීම මෙන් මෙසේ කීවේය.
“මම මගේ බිරිඳ එක්ක ඇන්ටාක්ටිකාවටත් ගිහින් තියෙනවා.”
මගේ ඇස් විස්මයෙන් උඩ ගියේය , මම ඔහු දෙස බැලුවෙමි.

ඇන්ටාක්ටිකාවට?
එය නැවත අසා තහවුරු කර ගැනීමට මට සිතුණේ අප සාමාන්‍ය නිවාඩුවකට ගුවන් ටිකට්පතක් ගෙන යන ගමනාන්තයක් ලෙස ඇන්ටාක්ටිකාව ගැන කිසිදා සිතා නොතිබුණු නිසාය.
ඔවුන්ගේ ගමන ආරම්භ වී තිබුණේ ආර්ජන්ටිනාවේ දකුණු අන්තයේ උෂුවායියා නගරයෙනි.
ලෝක සිතියමක දකුණු ඇමෙරිකාවේ පහළ කෙළවරත් ඇන්ටාක්ටිකාවත් එකවර බැලූ විට අපූරු භූගෝලීය චිත්‍රයක් පෙනෙයි. දකුණු ඇමෙරිකානු මහද්වීපය දකුණට යත්ම ක්‍රමයෙන් පටු වී ඇන්ටාක්ටිකාව දෙසට දිගුවෙයි. අනෙක් පැත්තෙන් ඇන්ටාක්ටික් අර්ධද්වීපය උතුරට දිගුවී දකුණු ඇමෙරිකාව දෙසට පැමිණෙයි.
සිතියමේ ඒ දෙක පෙනෙන්නේ එකිනෙකා වෙත දිගු කළ ඇඟිලි දෙකක් මෙනි.
එසේත් නැත්නම්, පෘථිවියේ ඉතා ඈත අතීතයක එකට බැඳී සිට පසුව වෙන්වී ගිය භූමි දෙකක් අදත් වියෝ දුකින් මත්ව එකිනෙකා දෙසට දෑත් දිගු කරගෙන සිටිනවාක් මෙනි.
ඒ අත් දෙක අතර ඇත්තේ කිලෝමීටර් දහසකට ආසන්න ඩ්‍රේක් සමුද්‍ර සන්ධියයි.
ඒ නිසාම ආර්ජන්ටිනාවේ “ලෝකාන්තය” ලෙස හැඳින්වෙන උෂුවායියා, ඇන්ටාක්ටික් අර්ධද්වීපයට යන සංචාරක හා ගවේෂණ නෞකාවල ප්‍රධාන දොරටුවක් වී තිබේ.
ආචාර්ය මාරියස් සහ ඔහුගේ බිරිඳද එතැනින් ගවේෂණාත්මක සංචාරක කණ්ඩායමක් සමඟ විශේෂ කුඩා නැවකට නැඟුණහ.
උෂුවායියා පසු වූ විට අපට හුරුපුරුදු ලෝකය ක්‍රමයෙන් අතුරුදහන් වෙයි.
ඉදිරියේ ඇත්තේ අනන්ත සාගරය පමණි.
එයත් සාමාන්‍ය මුහුදක් නොවේ. ඩ්‍රේක් සමුද්‍ර සන්ධිය ලෝකයේ රළුම මුහුදු කලාප අතරින් එකකි. දරුණු සුළං හා විශාල රළ අතරින් එය තරණය කිරීමම ඇන්ටාක්ටික් ගමනේ පළමු අභියෝගයයි .
එහෙත් ඒ දුෂ්කර ගමන අවසානයේ මතුවන්නේ වෙනත්ම ලෝකයකි.
නිල් පැහැයට හැරුණු දැවැන්ත අයිස් කඳු මුහුදේ පාවෙයි. ඈතින් හිමෙන් වැසුණු කඳු පෙළ දිස්වෙයි. පෙන්ගුවින් කණ්ඩායම් තමන්ගේ ලෝකයේ නිදහසේ සැරිසරති. සීල් සතුන් අයිස් මත නිදා සිටිති. ඉඳහිට තල්මසෙක් සාගරයෙන් මතුවී නැවත එහිම අතුරුදහන් වෙයි.
මාරියස් කී පරිදි ඔවුන් ගිය කුඩා නෞකාවෙන් සෘජුවම ඇන්ටාක්ටික් වෙරළට ළඟා විය නොහැකි අවස්ථාවල, කුඩා යාත්‍රාවලට මාරුවී වෙරළ ආසන්නයට සහ අවසර ලැබුණු දප්‍රදේශවලට ගොස් ඒ සුදු ලෝකය ඉතා සමීපයෙන් දැකගැනීමට ඔවුන්ට හැකිවී තිබුණි. ගොඩ බැසීමට ඉඩ ලැබී ඇත්තේ පර්යේෂණ හා විශේෂ අවසරලත් සංචාරක කණ්ඩායමේ පිරිසට පමණි. එයද දහසකුත් එකක් කොන්දෙසිවලය යටත්වය .
ඉංජිනේරුවන් ලෙස අපට පැවරී ඇත්තේ ලෝකය බලවත් කිරීමට තව තවත් ඉදිකිරීම් කිරීමටය . නමුත් ඇන්ටාක්ටිකාව අපට පෙන්වන්නේ මිනිසා කිසිවක් ඉදිකර නොතිබුණත් පෘථිවියේ යම් යම් කලාප කොතරම් විශාල, අලංකාර හා බලවත් විය හැකිද යන්නය.
එහි විද්‍යාඥයෝ අයිස්, සාගර, වායුගෝලය සහ ජීව පද්ධති අධ්‍යයනය කරති. ඇන්ටාක්ටිකාවේ අයිස් තුළ පෘථිවියේ වසර දහස් ගණනක දේශගුණික ඉතිහාසය සඟවා තිබේ. එහි සිදුවන වෙනස්කම් දකුණු ධ්‍රැවයේ පමණක් ඉතිරි වන්නේද නැත. මුහුදු මට්ටමේ වෙනස්කම් හරහා කොළඹ, ගාල්ල හෝ මඩකලපුවේ සිටින අපටත් ඒ කතාව දිනෙක දැනෙන්නට පුළුවන.
අප බොහෝවිට සංචාරය කරන්නේ මිනිසා තැනූ අරුමපුදුම දේ බලන්නටය. පැරීසියේ අයිෆල් කුලුන, රෝමයේ කොලෝසියම, ඉස්තාන්බුල්හි බොස්ෆරස් පාලම් අපව ආකර්ෂණය කරයි.
එහෙත් ඇන්ටාක්ටිකාවට යන මිනිසා යන්නේ මිනිසා තවමත් සම්පූර්ණයෙන් අත්පත් කර නොගත් ලෝකයක් බලන්නටය.
එය කිසිදා මිනිසා විසින් අත්පත් කරගත යුතු ලෝකයක්ද නොවේ. එය මානව සංහතියටම අයත් ආරක්ෂා කළ යුතු ලෝකයකි. මා දන්නා තරමින්බලගතු භූ දේශපාලන හිතුවක්කාරයන් පවා මේ මිල කළ නොහැකි භුමිය අත්පත් කරන්නට ඉව අල්ලන්නේ නැත .
මේ කලපනාවන් මද යලිත් වරක් මෙල්බර්න් සිට සිතියම දෙස බලන විට මගේ කුතුහලයට චමත්කාරයක් එක් වී තිබේ .
බටහිරට ගියොත් පර්ත්ය.
දකුණට ගියොත් තස්මේනියාවය.
තස්මේනියාවෙන් එහා අනන්ත දකුණු සාගරයයි.
ඒ සාගරයෙන් එහා මගේ සංචාරක සිතියමේ තවමත් නොපිරුණු විශාල සුදු පැහැති තැනක් තිබේ.
ඇන්ටාක්ටිකාව.
කවදා හෝ දිනක ආර්ජන්ටිනාවේ “ලෝකාන්තයෙන්” නැවකට නැඟී, දකුණු ඇමෙරිකාව විසින් දිගු කළ අත සහ ඇන්ටාක්ටිකාව දිගු කළ අත අතර ඇති ඩ්‍රේක් සමුද්‍ර සන්ධිය පසුකර, ඒ සුදු මහද්වීපයට ලඟා වී එහි ගොඩ නොබැසම චමත්කාරය විඳිනවාද නොඑසේනම් මෙල්බර්න් නගරයෙන් විශේෂ සංචාරක ගුවන් යානයක නැගී ඇන්ටාක්ටිකාව අහසේ සිට නරඹා ආපසු එනවාද කියා මට තෝරා ගැනීමට සිදුව තිබේ.

No comments:
Post a Comment