Sunday, June 9, 2013

බත් පිගන් තුන

වැලි කුණාටුව විසින් පාරවල් අවහිර  කරතිබුනු නිසා දවල් කෑම  ලැබීම සැහෙන්න  ප්‍රමාද විය. . හොඳ බඩගින්නක් දැනිණි. කොහොමටත් ටිකක් අඩුවෙන් කැම කන මට ලොකු බඩ ගින්නක් දැනුණු විට පමණක් මතකයට නැගෙන බත් පිඟන් තුනක් තිබේ. එක බත් පිගානක සිට අනිත් බත් පිගානට අවුරුදු දහයකට වැඩි කාල පරතරයක් තිබෙයි. පිගන් තුනේම පොදු ලක්ෂණ දෙකක් විය. පළමුවැන්න නම් ඒවා එකටම මාළු පිනි සියල්ල  බෙදා කොත ගසා තිබීමය. දෙවැන්න හැම එකකම බැදපු කරවල කෑලි කීපයක් තිබීමය.

ආසන්නම  බත් පිගාන මම කොටුවේ පිට්ටු බම්බු ගොඩනැගිල්ලේ  වැඩ කරමින් සිටි   කාලයේදී ලැබුණු එකකි   . සෙනසුරාදා වරුවක් වැඩ නිසා කෑම  ගෙනියන්නේ නැත , ගෙදර එන විට හවස දෙක තුන වෙය්. සැහෙන්න බඩ  ගින්නක් තිබේ. බිරිඳ  විසින් යන්තම් අවුරුද්ද පිරුණු ලොකු දුවද  බලා කියාගෙන තනිවම උයා  පිහා තබයි. 
 මේ කියන සෙනසුරාදා කෑම මේසයේ වැහුම්  අරින විට මා දුටුවේ  තදින් හිර කර බෙදා තිබු  බත්  පිඟානකි. එළවලු මාළු පිනි සියල්ල එකටම බෙදා තිබිණි. මෙය දුටු විගස මම රොස්  පරොස් ලෙස මෙලෙස කිව්වෙමි. 
'මෙහෙමත් කෑම බෙදනවද?මේක හරියට ගුණේ  උන්දැට බෙදපු බත් එක වගේනේ මෙච්චර ගොඩක්  කන්නේ කව්ද ?'
ඇය තවත් බඳුනක් ගෙනත් තැබුවාය. 'වැඩිනම් මේකට  අඩු කරන්න' 
බත් පතින් හතරෙන් තුනක්ම අඩු කර දැමු මම ඉතිරිය හෙමින් කන්නට පටන් ගතිමි. හ්ම්ම් එහි රසය කියා නිමක් නැත!.
විනාඩි කීපයක් ඇතුළත මම කන්නට බැරි යැයි  සිතා  අයින් කල බත් පංගුවෙන් අඩක්ම නැවත බෙදා ගත්තෙමි දරුවාගේ වැඩ අතරේම මා ලඟට පැමිණි ඇ 'ඉතින් කියන්නකෝ අර ගුණේ  උන්දැගේ කතාව. ඇයි  එයාට එච්චර ලොකු බත් එකක් බෙදන්නේ ?'
 ගූණේ  උන්දෑ  කියන්නේ ඉස්සර අපේ ගමේ ගෙදර හදද්දී අත්  උදව්වට ආපු මනුස්සයෙක්. උදේම බීඩි මිටියක් ඉල්ලනවා.පස් අදිනවානම් එක බීඩියක් බීල කූඩේ අතට ගන්නවා පස් ගොඩ ලඟට යනවා. ආයේ බීඩියක් බොනවා පස් ටික කූඩේට පුරවනවා , ආයේ බීඩියක් බොනවා. පස් කූඩේ ගෙනිහින් දානව. එක පස් කූඩේට බීඩි තුනක් බොනවා.
 වල්ට කැම එක විශාල පිඟානකට බෙදල කොත ගහල රසට දෙන්න ඕනි. රස නැති වුනොත් පහුවදා වැඩට එන්නේ නෑ. මේ වගේ අඩු පාඩු තිබ්බත් ගුණේ උන්දෑ  හිත හොඳ මනුස්සය නිසා එයාගෙන් වැඩ ගන්න කවුරුත් කැමතියි.
 මේ කතාව කියමින් මම බත් කමි. නින්ද ගොස් සිටි දෝනිය ඇඳෙන් තබා බිරින්දෑ නැවත පැමිණෙන විට මම බත් සියල්ල කා දමා පිගානට තට්ටු කරමින් සිටියෙමි. එය දුටු ඇය එක වරම මෙසේ කිව්වාය . ''ගුණේ  උන්දෑ  බත් ටික ඔක්කොම කාල වගේ'.
අතුරු පස වෙනුවට අපි දෙන්නා  පැය  බාගයක් පමණ හිනා වුනෙමු.
 ඊටත්   අවුරුදු දහයකට පමණ පෙර දවසක් බණ්ඩාරවෙලදී මට හමු වූ දයානන්ද නෙළුවේ පිහිටි ඔහුගේ ගෙදර යන්නට කතා කළේය. එදා දයානන්දගේ ගෙදර යනවිට අම්මා  දවල්ට උයමින් සිටියාය. මේ අවේලාවේ  අමුත්තෙක් පැමිණීම ගැන ඇය කලබල නොවුනාය. සුපුරුදු සෙනෙහසින් මාව පිළිගත් ඇය තවත් පැය බාගයකින් අපට කෑම කන්නට දුන්නාය.
අප දෙදෙනාට ලැබුනේ බොකු පිගන් දෙකකට හිර කර බෙදු බත් දෙකකි. පිගානේ හරි අඩක් වැහෙන්නට පුරවා තිබුනේ නැවුම් ගෝවා කොළ මැල්ලුමකි. අනෙක් අඩ  වසා තිබුනේ පරිප්පු මෙන් උයා තිබූ කොල්ලු පිටි වෑන්ජනයකිනි. පිගානේ කලවරක හිටවා තිබුනේ හොඳින් කර වෙන්නට බැද තිබු බල කරවල කැබැලි දෙක තුනකි. ඒ බත් පිගානේ රසය මේ දැනුත් මගේ දිවගට දැනෙනවා වැන්න.
 මා කුඩා කාලයේදී උඩ  ගෙදර ඉන්ද්‍රක්කා  බෙදා දුන් බත් පිඟාන මගේ ජීවිත මතක සටහනක් වන තුන් වන බත් පිගානය. අපේ පොඩි අක්කා උඩගෙදර ඉන්ද්‍රාට ණයට රුපියලක් දී තිබිණි. එය පොරොන්දු වූ දවසේ ආපසු නොලැබුණු  නිසා පොඩි  අක්කා මාවත් තනියට එකතු කරගෙන ඉන්ද්‍රාගේ ගෙදර ගියේ ණයට දුන් රුපියල ආපසු ඉල්ලා ගෙන එන්නටය. ඒ ගෙදරට ගොඩ වන විටම අපිට අසුනේ චරාස් ගාමින්  කොස් වැන්ජනයක්  තෙලට දමන ශබ්දයය්. ඒ සමගම හාත්පස පැතිරුණු සුදුලුනු හා අබ බැදෙන සුගන්දය නැහැ පුඩු  ඇවිස්සුවේය. අප දුටුමතින් සතුටු වූ ඉන්ද්‍රා ' අනේ මේ වෙලාවේ ආපු එක කොච්චර දෙයක්ද අද නම් බෑ  නොකියා අපේ ගෙදරින් බත් කටක් කාලා යන්නම  ඕනා.' 
 ඉන්ද්‍රාගේ පෙරැත්තයත් ඉවුම් පිහුම් වල සුවඳත් නිසා අපට බත් නොකා ඉන්නට බැරි විය. ඉන්ද්‍රා අක්කා   ඉතා සතුටින් කොස් වෑන්ජනයත්, කුර කොළ මැල්ලුමත් කරවල බැදුමත් අපට බෙදා දුන්නාය.  මේ දිවා බොජන සංග්‍රහය බුක්ති විඳීමෙන් අනතුරුව පවා  හතේ පන්තියේ සිටි දිරිමත් දැරියක වූ අපේ අක්කා  තම ගමනේ අරමුණ අමතක නොකලාය . හොඳින් කෑම කා අත සෝදා ගන්නා  ගමන් ඇය 'ඉන්ද්‍රක්කේ මම ආවේ අර රුපියල ඉල්ලා ගන්නය්' කියා කීවාය.
ඉන්ද්‍රා මෙය කිස්සේත් බලාපොරොත්තු නොවූ අතර, ආගන්තුක සත්කාරය කරන්නට ඉඩ ලැබුණු නිසා උදම්  වී සිටි ඇගේ මුහුණ සැනෙකින් ඇකිලී ගියාය.
'බතුත් කාල ඔහොම සල්ලි මතක් කරන එක හොඳ සිරිතක්ද?.  හිතා ගන්න ඔය දෙන්නට බත් දුන්නේ ඒ රුපියලට හරි යන්න කියල'
මුහුණ බිමට හරවාගෙන ගෙදර ආ පොඩි අක්කා  ඉන්පසු කිසි දිනක ඒ රුපියල ගැන  මතක් නොකලාය.

25 comments:

  1. කතා ඔක්කොම කියෙව්වා. බොහොම රසවත් හා සංවේදී බව කැපී පෙනෙනවා.- ලාල්

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතිය් ලාල්.

      Delete
  2. ආදරණිය බහී (උබට වෙන නමකින් කතා කරන්න තාමත් හිත දෙන්නේ නෑ), එහෙට මෙහෙට දුවන e -mail, tele කතා, meeting අතර, උබේ කතා ටික එකදිගට කියෙව්වා...FB එකේ අතරින් පතර උබේ "වැඩ" දැක්කත් අද පොඩි බමුණාගේ mail එකෙන් තමය් උබේ blog එකට ආවේ......
    වැඩේ සුපිරිය්!!! උබේ අලුත් බ්ලොගේට ඉතිසිතින් සුභපැතුම්......
    දශක කීපයකට පෙර උබත්, මමත්, අපේ පරම්පරාවත් ජිවත්වුන ආදරණීය, අව්‍යජමත්, සුවද අතීතයේ සුන්දර මතක මගේ laptop screen එක හරහා අවදි කරන්නට දරන උබේ අවංක උත්සාහයට ශක්තිය හා ධෛර්යය පතනවා.....
    -චන්දන

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතිය් චන්දන

      Delete
  3. ‍තාත්‍‍තා ‍මි‍ය ‍ගි‍හින්‍ ‍පෙ‍රේ‍ද‍ට ‍අ‍වු‍රු‍දු‍ ‍වි‍සි ‍තු‍න‍යි. ‍උඹ ‍එ‍දා ‍ඉඳන්‍ ‍ම‍ට ‍තාත්‍‍තෙක්‍ ‍උ‍නා. ‍ඊ‍යෙ ‍උ‍දේ ‍කෑ‍ම ‍කා‍ල ‍ඉ‍ව‍ර ‍වෙ‍න ‍වෙ‍ලා‍වෙ ‍ම‍ම ‍ය‍වු‍‍ල ‍ග‍හේ ‍ක‍තා‍ව ‍මි‍ශෙල්‍‍ට ‍කි‍යන්‍‍න ‍ප‍ටන්‍ ‍ගත්‍‍තා. ‍ක‍තා‍වෙ ‍බා‍ග‍යක්‍ ‍ය‍න‍කො‍ට ‍‍ඈ ‍ම‍ගෙ ‍පු‍ටු‍ව ‍පි‍ටි‍පස්‍‍සෙ ‍හි‍ට‍ගෙ‍න ‍ම‍ගේ ‍උ‍ර‍හි‍ස‍ට ‍අත්‍ ‍දෙ‍ක ‍ති‍යා‍ගෙ‍න ‍නො‍තේ‍රෙ‍න ‍සිං‍‍හ‍ල ‍ව‍ච‍න ‍දි‍හා ‍බ‍ලා‍ගෙ‍න ‍ක‍තා‍ව ‍අ‍හ‍ගෙ‍න ‍ඉන්‍‍න‍වා. ‍ක‍තා‍වෙ ‍අන්‍‍ති‍ම ‍හ‍රි‍ය‍ට ‍එ‍න‍කො‍ට ‍ම‍ගේ ‍ව‍ච‍න ‍හි‍ර ‍වෙන්‍‍න ‍ප‍ටන්‍ ‍ගත්‍‍තා. ‍‍ම‍ගෙ ‍උ‍ර ‍හි‍ස ‍උ‍ඩ ‍ති‍බු‍නු මි‍ශෙල්‍‍‍ගෙ ‍දෑත්‍ ‍‍ත‍දින්‍ ‍මා‍ව ‍අල්‍‍ල ‍ගත්‍‍තා. ‍ම‍ම ‍හැ‍රි‍ල ‍බැ‍ලු‍වා. ‍ඇ‍ගේ ‍ඇස්‍ ‍ව‍ල ‍පි‍රු‍නු ‍ක‍ඳුළු‍ ‍කම්‍‍මුල්‍ ‍දි‍ගේ ‍දො‍ල ‍පා‍ර ‍දෙ‍කක්‍ ‍ව‍ගෙ ‍ග‍ලා ‍බ‍හි‍න‍වා. ‍‍උ‍ඩු‍ව ‍ග‍මේ ‍පා‍ය‍න ‍කා‍ලෙ ‍කෝ‍පි ‍ගස්‍ ‍පු‍වක්‍ ‍ගස්‍ ‍ය‍ට ‍හැං‍‍ගි‍ලා ‍ග‍ලා ‍බැ‍හැ‍පු ‍පුං‍‍චි ‍දො‍ල ‍පා‍ර ‍දෙ‍කක්‍ ‍ව‍ගේ. උඹ ‍ගැ‍න ‍‍ම‍තක්‍ ‍වෙ‍ලා ‍රත්‍ ‍වු‍න ‍හි‍තින්‍ ‍‍‍ම‍ම ‍පු‍ටු‍වෙන්‍ ‍න‍ගිට්‍‍ටෙ ‍කු‍නු ‍හ‍රු‍ප‍යක්‍ ‍කි‍යා‍ගෙ‍න "‍මූ ****** **** ‍‍ලිව්‍‍වොත්‍ ‍ඔ‍හො‍ම‍යි - ‍ප‍පු‍වෙන්‍ ‍කෑල්‍‍ලක්‍ ‍ය‍න‍ව ‍කි‍ය‍වන්‍‍න ‍ගි‍යොත්‍...". මි‍ශෙල්‍‍ ‍ක‍ඳුළු‍ ‍පි‍හි ‍ද‍ම‍න ‍ග‍මන්‍ ‍හි‍නා ‍උ‍නා. "What did you just say? I want to know". ‍‍ම‍ටත්‍ ‍හි‍නා ‍ගි‍යා. ම‍ම ‍ඇ‍ය‍ට ‍කිව්‍‍වා: "I just cursed him...". "why? I thought you liked him!". "Yes - its more... I love him..." ‍ම‍ම ‍කිව්‍‍වා.

    ReplyDelete
  4. මම ලියපු හැම සටනහනකටම වඩා මට ඇඟට දැනුනා උඹේ අකුරු ටික . ඔය සටහන රසවත් වගේම මට රටක් වටිනවා . මගේ දුප්පත් බ්ලොග් මුහුණ එලිය කරන තෝඩු අරුංගල් තමයි මේ උඹ කොමෙන්ට් විදිහට එකතු කරන්නේ.

    ReplyDelete
  5. මේක කියවද්දී ඔයාගේ රසවින්දනය කරවීමේ හැකියාව කොච්චරද කිව්වොත් මට කෙල ගිළුනා.
    අර රුපියලට කාපු කෑම පිඟාන නම් ගොඩක් රහට තියෙන්න ඇති නේද ? මරු රස. ගැමිකම පිරිලා ඒ කෑම වල. සමහර තැන් වල කටුක ජීවිතයත් පිරිලා. වැදගත් නිර්මාණයක්.. රස නහර පිනා ගියා.. ඔබේ අතැඟිලි වලට ශක්තිය ලැබේවා.. දිගටම ලියන්න..

    Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි . ආයිමත් එන්න බත් කටක් කාල යන්න

      Delete
  6. ගැමි රසය විඳගතිමි නොමඳ ව.. ස්තූතියි

    ReplyDelete
  7. අටමාගෙ රෙකමදාරුව හරහ ආවෙ.. බොරු කියන්නෙ මොකටද අර නැවුම් ගෝව කොල මැල්ලුම මගෙ ජනප්‍රිය ආහාරයක්. කෝ ඉතිං මේ රටෙ එහෙම එකක් .. අපි පුංචි කාලෙ අපේ වත්තෙ අපි ගෝව ගස් හිටවල තිබ්බා. ඒ කාලෙ අම්ම හදපු ගෝවා මැල්ලුම් වල සුවඳ තමයි මට දැණුනේ..

    ReplyDelete
  8. ම යන්න පස්සෙන් මම ආවේ.... මේක සිරා.....

    ReplyDelete
  9. කාලෙකින් බ්ලොග් එහෙක ලිපියක් ආසාවෙන් කියෙව්වා... අනිත් ටිකත් ඉඩ තියෙන හැටියට බලන්න ඕන... උපරිමයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ආයිමත් එන්න

      Delete
  10. සීතල දිය පිරි සුනිල විලකි තිලක සිත!

    ReplyDelete
    Replies
    1. මට ලැබුණු සම්මානයක් ලෙස සලකමි. බොහොම ස්තුතියි

      Delete
  11. කිසිම දෙයක් කියවන්න හිතෙන්නේ නැති මට ඔයාගේ බත් පිගන් තුනේ කථාව ආසාවෙන් නොනවත්වා කියවගෙන ගියා thanks lot........

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි . ආයිමත් එන්න

      Delete
  12. ඉස්සර අපෙ ගමෙ ගියාම අයියල එක්ක සෙට් වෙලා තැන ්තැන් වල යනවා.. ඕනි ගෙදරකින් කෑම කත හැකි.. කන්න දෙනවා ඕන ගෙදරකින්.. පෙරැත්තය නිසා නොකා එන්නත් බැහැ..
    මහ ලොකුවට බැදුං ඩෙවල නැති වුනාට ඒ ගමේ කෑම මතක් වෙනකොටත් කටට කෙල උනනවා..

    ReplyDelete
  13. හොද පෝස්ටුවකි.. මටද ගමෙ ්කෑම මතක් වියි..

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි . ආයිමත් එන්න

      Delete
  14. අක්බාර් එකෙන් කාල නෑ වගේ?

    ReplyDelete
  15. මට මතක් වෙන්නෙ මොන්ටිසෝරි කාලෙ අපේ ඥාති ආච්චි කෙනෙක්ගෙ පොල්ලතු ගෙයි පුංචි බංකුවක වාඩි වෙලා කෑව බත් එක.... කජු මාලුවයි... කලවම් පලා මැල්ලුමයි...

    තාත්තා මාව එක්කරගෙන යන්න එනකල් උන්දැ මාව එයාගෙ ගෙදර එක්කරගෙන යනවා.... ඒ පුංචි ගේ තිබුණෙ මොනටිසෝරිය ළඟමයි.... මැටි ගහල, පොල්ලතු හෙවිල්ලපු පුංචිම පුංචි ගෙයක්... කුස්සියට, සාලෙට, කාමරේට ඔක්කොටම තිබුණෙ එකම කොටසයි... ඒ ආච්චි කොයි තරම් ආදරේකින්ද මගේ අතට බත් එක දීලා බලන් උන්නෙ... ඒ වෙද්දි මට අවුරුදු හතරක් නැතුව ඇති... ඒත් මතකය හිතේ කෙටිලා..

    කවදාවත් අමතක නොවෙන බත් එකක්...

    ReplyDelete