Sunday, July 14, 2013

කැස්පියන් හඳ (පළවෙනි කොටස)


යිසුලු කියන්නේ කසාක් භාෂාවෙන් හඳ වගේ ලස්සනයි කියන එක.
හඳ වටකුරුවට කලා පුරෝලා තිබ්බට හවසට හවසට ඇබින්ද ඇබින්ද කැස්පියන් මුහුදට වැටෙනවා . හඳ දියවෙලා දියවෙලා කැස්පියන් මුහුදට වැටුනත්, රුසියාවේ ඈත ගම දනවු ,ජනපද, බර්ච් ගස් වැටි, ස්ටේපි තණ  බිමේ පොප්ලර් ගස් හෙවන් පහු කර ගෙන එන යුරල් ගංගාවයි වොල්ගා  ගංගාවයි  කොච්චරවාත් වතුර ගෙනත් පිරරෙවුව්වත්කැස්පියන් මුහුද එහෙමම්මයි. ගොඩබිමින් වට වෙලා තිබ්බ මුහුදේ වතුර පිරිලා ඉතිරිලා යන්  නැත්තේ ඇයි?

කසාක් නමක් තිබ්බට අයිසුලු උපන්නේ උස්බිකිස්ථානෙ. කුඩා ගොවිපලක් හිමි අයිසුලුගේ තාත්තා හරිම ආදරණීය තාත්තා කෙනෙක්. ඔහුගේ ගොවිපලේ බැටළුවෝඑළුවෝකුකුල්ලු ගොඩක් හිටියා , ස්ට්‍රෝබෙරි  හා පොපි මල් වගා කළා.
දවසක් අයිසුලුට  හිතුනා තාත්තා  බැටළු ලොම් කපන විදිහට බටලුවෙක්ගේ ලොම් කපන්න. ඇය ලොම් කපන කතුර ගත්තා කුඩා බැටළු පැටවෙක් එක අතකින් අල්ලාගෙන අනිත් අතින් බැටළු ලොම් කපන්න පටන් ගත්තා .බැටළුවා මර හඬ දෙමින් දඟලද්දී ඇය අතින් උගේ පිටේ  කීප පොළක්ම තුවාල උනා. මේ සද්දෙට එතනට ආ තාත්තා හය හැවිරිදි දියණියට  තදින් තරවටු කරනවා .ඇය ගොවිපල අද්දර පාරට ගිහින් අඬදදී එතනින් යනවා ජර්මාන් කාරයෝ පිරිසක්. 'තාත්තට වඩා මේ මිනිස්සු නම් කරුණාවන්ත පාටයි'.
එදා රෑ කෑම මෙසේදී  අයිසුලු කියනවා මම නම් කවදා හරි බඳින්නේ ජර්මන් කාරයෙක් කියලා. කවුරුත් හිනා වෙන අතරේ දවල් සිද්දිය අමතක කර සිටී  තාත්තා අයිසුලුගේ හිස සිප ගත්තා. 
කාලය ගත වුනා. දියණියන් දෙදෙනෙකුගේ උසස් අද්යාපනයට ගොවිපලෙන් ලැබුණු ආදායම නොසැහෙන  බව කල්පනා කල අයිසුලුගේ පියා බිලෝල්   තීරණයක් ගන්නවා . තමන් උගත්විදුලි කාර්මික ශිල්පයෙන් රස්සාවක් හොයා ගන්න. ඒකට ඔහුට උපකාර ලැබෙන්නේ ඔහුගේ කල්‍යාන මිත්‍රයෙක්ගෙන්. ජීවිතේ පලමු වරට තම බිරිඳ හා දරු දෙදෙනා හැර පියා ඔහු ඈත වැඩ  බිමකට යනවා.
ඉස්සෙල්ලම තශ්කෙන්ට් නගරෙට එතැනින් කසකස්ථානෙ වාණිජ අගනුවර අල්මති නගරයට කෝච්චියෙන්.
අල්මති ඉඳන් දවස් දෙක හමාරක දුම්රියේ ගමන හරිම වෙහෙසකරයි. තෙරක් නොපෙනෙන ස්ටෙපි තණබිම තැනින් තැන පිහිටි විල්ලු,පොප්ලර් ගස් මණ්ඩි  පසු කරගෙන ගල් අඟුරු දුම්රිය ඇදෙනවා. කවුළුවෙන්  එලිය  බලා ගෙන ඉඳල ආයේ පැය දෙකකින් විතර බැලුවොත් පෙනෙන්නේ එකම දර්ශනේ. පහුවදා  උදේ බැලුවත් එකමයි. එහෙම ගිහින් බටහිර කසකස්ථානෙ කැස්පියන් මුහුද අද්දර වැඩ බිමකට බිලෝල් යනවා . ඒ පළාතට කිව්වේ ටැන්ගීස්.
කැස්පියන් මුහුද අද්දර යුරෝපෙත් ආසියාවත් මායිම් වෙන සීතල වෙරල තීරේ මේ  කියන තෙල් හා ගෑස්   කම්හල තිබ්බ. විශාල කර්මාන්ත ශාලා සංකීර්ණයට අවශ්‍ය යටිතල පහසුකම් පාරවල්නල මාර්ගගබඩා හා නඩත්තු වැඩපොළ යනාදිය හැදුවේ බිලොල් ගිහින් හා වෙච්ච සමාගමෙන්.බිලෝල්  ටැන්ගිස් ගිහින් මාසයක් විතර යනකොට ලංකාවේ ඉඳන් උක්කුන්  ටැන්ගිස් යන්න පිටත් වෙනවා. ඔහුත් දියණියන් දෙදෙනෙකුගේ පියෙක්. අලුත් දේශයක් බලන්න තියෙන උණ  නිසාම ඔහු එහෙ ගියත් ඔහුට කලින් ටැන්ගිස් ගිය උක්කුන්ගේ අතිජාත මිත්‍රයෙක් වන මහතුන් තමයි ඔහුට රස්සාව ලැහැස්ති කරලා සියලු මග හසර එලි කරලා දෙන්නේ.
ඉස්සෙල්ලම නවදිල්ලියට එතනින් එයාර් අස්ථානා ගුවන් යානාවකින් අල්මති නගරෙට.

උක්කුන්, මහතුන්, බිලෝල් , අයිසුලු හා තවත් බොහෝ දෙනා පිලිබඳ කැස්පියන් මුහුද අද්දර වැඩ බිමේ කතාව ටිකක් දිග එකක් . ඒක  නිසා කොටස් දෙක තුනකින් කියන්න හිතුව . දෙවැනි කොටස ලබන බදාදා ලියන්නම් 
දෙවන කොටස 

2 comments:

  1. අයිසුලු... හඳ වාගෙ ලස්සන කතාවක් වගේ..

    ReplyDelete