අපේ ගම් තුලානේ ඉපදෙන හැම කොලු පැට්ටාටම ගෙදරට වෙනම නමක් තිබුනේය. උක්කුන්, චුටි උක්කුන්, මහතුන්, රාජා, රාජු, නිලමේ, චුටියා හා චුටා ඒ වගේ කිහිපයකි. සමහර ගෙවල්වල ලොකු චුටාද , චුටි චුටාද කියා දෙන්නෙක් සිටියෝය.
ගැහැණු ළමයින් බොහෝ විට නෝනලාය. ලොකු නෝනා, මද්දුම නොනා, චුටි නෝනා . ගෙදරින් පිටතදී අර ගෙදර නෝනි මේ ගෙදර නෝනි වශයෙනි.
අපේ ලොකු අක්කා විතරක් මට කතා කරන්නේ උක්කුන් කියලාය. ඒ නමින් මා ඇමතුවේ ඇය පමණක්මය.ඒකත් හරි පුදුම වැඩක් ය. අනිත් අක්කලාද අයියාද පුංචි අම්මලාද මට කතා කලේ චුටි උක්කුන් කියලාය.
අයියාගේ යාලුවොද අක්කලාගේ යාලුවෝද කවුරුත් මට චුටි උක්කුන් කියදදී මට අමුතුම ගැම්මක් ඇති වුනේය. එය මටම හරි හුරතල් හිතෙන නමකි.
ඒත් මේ ආමන්ත්‍රණය මගේ නොසතුටට හේතු වුන වේලාවක්ද තිබුණි. ඒ අපේ පුංචි අම්මාගේ දුලා පුතාලා චුටි උක්කුන් අයියා කියා මට කතා කරද්දීය. අපේ නංගී පොඩි කාලයේ මට බබා බබා කියමින් හිට එක සැරේම චුටි උක්කුන් කියා කිරි දත් පාන්නට පටන් ගනිද්දී මම උපක්‍රමශීලීව ඇයට පොඩි අයියා කියන වචනය ඉගැන්වීමි. ඇති යන්තම් අපේ නංගීනම් මට චුටි උක්කුන් කියන්නට එන්නේ නැත.
මගේ හිතේ පැල පදියම් වී තිබු අදහස නම් මේ චුටි උක්කුන් කියන නම නිපදවා තියෙන්නේ ලොකු උන්ට මා ඇමතීමට මිස පොඩි උන්ට මා ඇමතීමට නොවේ කියලාය.
සාපෙ ලියලා ගෙදර ඉන්නා කාලේ පුංචි අම්මාගේ නංගී පාසලින් එක්කරගෙන පුංචි අම්මගේ කන්තෝරුවට ඇරලන දවස් කීපයක කොන්තරත්තුවක් මට පැවරී තිබිණි. පිටට නොපෙන්නුවාට මම මේ වැඩය බාර ගත්තේ හරි සන්තොශයකිනි. බාලිකා ඉස්කෝලයක් ඇරෙන වෙලාවට එතනට යන්නට හේතුවක් නිකම්ම ලැබී තිබෙයි.
හතරේ පන්තියේ සිටි පුංචි අම්මාගේ නංගී එක්කරගෙන යන්නට ඇවිත් ගේට්ටුව ළඟ ඉදිද්දී ඈතින් එන ළදරියන් අතරේ මා දකින නංගී දුවවිත් මගේ අතේ එල්ලෙයි.ඊළඟට ඇය පුංචි අම්මාගේ කන්තෝරුවට ගෙන ගොස් ඇරලන මම අපේ කොලු නඩය සමග එකතු වෙමි.
මේ වැඩේ මම හරි සන්තෝෂයකින් දවස් තුනක්ම කලෙමි . එත් හතර වෙනි දවසේ මට නංගී හොයා ගන්නට බැරි විය. බාලොලියන් අතරේ බටු ඇටයක් තරම් වන කටකාර දඟකාර පුංචි කෙල්ල කොහෙන්දෝ එක පාර මතු උනේ ' චුටි උක්කුන් අයියා මම මෙහෙ' කියාගෙනය.
ලොකු පන්තිවල කෙල්ලන් ගොඩක් මැද්දේ චුටි උක්කුන් අයියා කියා මට කතාකළ දාට පහුවදා සිට මම පුංචි අම්මාගේ නංගී ඇරලන කොන්ත්‍රාත් එකෙන් කර ඇරියෙමි..
තවත් කාලයක් යද්දී අපේ අක්කලාට ළමයින් එකා දෙන්නා ලබෙද්දී මා චුටික්කුන් මාමා බවට පත් විය. අක්කලා මට චුටික්කුන් කියා අමතද්දී හිතේ පිරෙන සන්තෝෂය පොඩි උන් චුටික්කුන් මාමා කියා කියද්දී තිබුනේ නැති බව ඇත්තය. ඒත් එව්වා එහෙම්මම සිදු විය. කොහේ හෝ ඉඳන් ගමට ආ වෙලාවක ලෙමන් පෆ් පැකට්ටුවක්ද අරගෙන අක්කලා ගෙදර යද්දී පොඩි උන් දෙන්නා ' චුටික්කුන් මාමා එනෝ; චුටි උක්කුන් මාමා එනෝ ' කියා ගම දෙවනත් කරමින් ගල් පඩි පෙළ දිගේ පෙරලි පෙරලී ආවා මතකය.
කාලයත් සමග මම ඔය වචනයට පුරුදු වුනෙමි. නිකම්ම උක්කුන්ද, චුටික්කුන්ද , චුටික්කුන් අයියාද චුටික්කුන් මාමාද වුනු මම ඔය කොයි ආමන්ත්‍රණයට වුනත් නොසැලී සිටියෙමි.
එත් මේවා මෙතැනින් කෙලවර වෙන පාටක් නැත. දැන් දවස් දෙක තුනකට කලින් අම්මාට කතා කරද්දී අසන්නට ලැබුණු පණිවිඩයකින් කියවුනේ කාලයකට ඉස්සර 'චුටික්කුන් මාමා එනෝ' කියාගෙන ගල් පඩි පෙලේ දුව ආ අක්කාගේ දුව මවක් වෙන්නට යන සුබාරන්චියයි.
අම්මා සමග සන්තෝෂය පල කරමින් කතා කරා උනාට මගේ හිත ආයිමත් පත්තු වෙන්නට පටන් ගෙන තිබේ. ඒ තව මාස කීපයකින් මා චුටික්කුන් සීයා වෙන හැටි මතක් වීම නිසාය.
(සේයාරුව දෙව්නිගෙන්)

ඔව්වා ගනං ගන්නවද බං '' බේබී ආච්චිල'' ඉන්න රටේ
ReplyDeleteඒක ඇහුවනම් හිත හදා ගන්න පුළුවන් අටං
Deleteනියමයි මචං! උඹගේ නිර්මාණ ශක්තිය හරි ඉහලයි. මටත් මතක් වෙනවා අපේ තාත්තා මම සුදු නොවුනත් මාව ඇමතුවේ සුද්දා කියලා. උඹට ජය!!!
ReplyDeleteඋඹට සුද්ද කියනවා කියල දන්නවනම් සුද්දෝ ඔය රට දාලා යයි මචන් D ; ස්තුතියි මචන්
Deleteඅපේ අම්මට ආච්චි අම්ම කියන්නෙ මැණිකෙ.. තාත්තට තාත්තගෙ නංගි කියන්නෙ අම්බිල්ලා, ඒ නැන්දට පවුලෙ අනික් අය කියන්නෙ උක්කු .. මම පුන්චිට කියන්නෙ චෝචෙ.. තව නැන්දෙක් ඉන්නව එයාට කියන්නෙ බිම්බි.. එයා නැති උනා.. මහප්පට කියන්නෙ බාපි මහප්පා..
ReplyDeleteමම දෙතුන් වතාවක් බැලුවා කෝ සමීට කියන්නේ මොකක්ද කියලා නෑ නේ
Deleteමෙය නම් චූටි උක්‍කුන් කතු තුමා ලියූ අතිම අති රහ කතාවකි. පඩි පෙල දිගේ පෙරලි පෙරලි ආ පුංචි එවුන් ගැන කියවනකොට මට මතක් උනේ පොඩි කාලෙ කියවාපු ළමා පොතක තිබුනු කියුමකි. ඊනිඩ් බ්‍ලයිටන් (ෆේමස් ෆයිව් පොතේද කොහෙද... දැන් මතක නැහැ ) මේ හුරතල් රෝල්‍වීම ලියුවේ "bumpity bumpity bump"ලෙසය. චූටි උක්‍කුන් කතු තුමාගේ යෙදුම වඩාත් ලස්‍සන බවයි මට හිතුනේ.
ReplyDeleteඅනේ මචන් මේ නම රෙජිස්ටර් කරනවා එහෙම නවෙයි. තැන්කිව් කිව්වා පැද්දීල්ලට
Deleteඅපේ චූටික්කුන් බ්ලොග්කාරයා. ඒකත් අවුලක්ම නෑ නේද?
ReplyDeleteඅප්පා මටත් අසූහාරදාහක් නම් තියෙනවා. ගෙදර මිනිස්සු නෙමෙයි. ගමේ මිනිස්සුන් ඉඳන් එහෙම කියනකොට අමුතු හැඟීමක් එන්නේ. එක අතකින් ගමේ කමත් එක්ක එන සතුට අනිත් පැත්තට වයසට ගියත් මම චූටි බබා, චූටි කුමාරි, චූටි මැනිකේ, කුමාරි, පොඩි කුමාරි, කුමාරි නෝනා, සුදු මැණිකේ වගේ ඒවා. පොඩි කාලේ නම් අපේ නෑයෝ මට උක්කුන් බබා කියලත් කීවා. ඒ කාලේ ස්ට්‍රයික් කරලා තමයි ඒක නතර කරගත්තේ.
අවුලක් නැත්තේ මොකෝ . දැන් මටත් ස්ට්‍රයික් කරන්න හිතෙනවා. D
Deleteමං නං ඔය නම්වලින් උපක්‍රමශීලීව ගැලවුණා.
ReplyDeleteමෙහෙම දෙයක් වෙන වග දැනන් උන්නානම් මමත් ඒ කාලේ මීට වඩා උපක්‍රමශීලී වෙනවා
Deleteඅපේ ගෙදරත් සියළුදෙනාටම අන්වර්ථනාම තිබුනා. කොච්චර හොඳද සීයා වෙන එක ? හැබැයි චූටි උක්කුං සීයා වෙන එක නම් හිනාවට කාරණයක්ම තමයි..
ReplyDeleteසීයා වෙන එක හොඳයි තමයි. ඒත් අපේ තාම කොලු හිතනේ තියෙන්නේ සරත්. ඒකයි චුට්ටක් හිත රිදෙන්නේ
Delete////අපේ නංගී පොඩි කාලයේ මට බබා බබා කියමින් හිට එක සැරේම චුටි උක්කුන් කියා කිරි දත් පාන්නට පටන් ගනිද්දී මම උපක්‍රමශීලීව ඇයට පොඩි අයියා කියන වචනය ඉගැන්වීමි. ඇති යන්තම් අපේ නංගීනම් මට චුටි උක්කුන් කියන්නට එන්නේ නැත.\\\\
ReplyDeleteමටත් ඔය සමාන සිද්ධියක් වෙලා තියෙනවා.ගෙදරට මම සුදු මහත්තයා..ලේසියට ගෙදර අය සුද්දා කියලා කතා කරනවා
අපේ අක්කලාගේ ගෙදර ඉන්නකොට අක්ක උදේට කතා කරනවා සුද්දෝ තේ බොන්න එන්න කියලා
අපේ අක්කගේ පොඩි එකී(යන්තම් බහ තෝරන වයසේ ) ටික දවසක් මේක අහගෙන හිටිය
දවසක් උදේ පාන්දරම මෙන්න මේකී එනවා ජුද්දෝ...ජුද්දෝ... කියාගෙන :D :D
පස්සේ බොහොම අමාරුවෙන් සුද්දා මාම කියන්න පුරුදු කරා
දැන්නම් ඉතිං ජුද්ද මාම තමයි..
පොඩි එකී බහ තෝරන වයසේදී උනත් කාලාන්තරයක් පවතින නමක් දාලා තියෙනවා මාමන්ඩියාට
DeleteNiyama awyaja ath dakeemak, post karata godak sthuthi..
ReplyDeleteගොඩක් ස්තුතියි මල්ලි . ඔයාට මොකක්ද ගෙදරට කිව්වේ ?
Deleteඅම්මෝ.. මේක කියවද්දි ඇඟත් හිරි වැටුන... මට කට්ටිය කියන නම් වල හැටියට ඒක නැන්නා, ආත්ති වෙච්ච දවසට මට දෙයියන්ගෙ පිහිටයි.. හි හි ( හොඳ වෙලාවට දැං ඉන්න එකම එකා ලොකු නැන්නා කියලා පුරුදු වෙලා තියෙන්නෙ... ඒත් අපේ පවුලෙ උන් ටිකගෙ ළමයි නං ඔය නමට ඉස්සරහින් කෑල්ලක් දාගන්නව.. ඒක ෂුවර්... )
ReplyDeleteඅපේ අම්මගේ පොඩි මල්ලිගේ පොඩි කාලෙ නම මනී.. ( මල්ලි කියන එක කොට කරලා) එයා අපිට මනී මාමා, මනී බාප්පා... තාම නං ඒවා අවුලක් නෑ.. ඒත් මනී සීයා වෙච්ච දවසට ස්ට්‍රයික් කරයිද දන් නෑ... හි හි
දවසම ජොලි මූඩ් කරවන පෝස්ට් එකක්.. බොහොම ස්තූතියි...
ජොලි මූඩ් හදන කොමෙන්ටුවක්නේ හිරු කොටලා තියෙන්නේ .ස්තූතියි
Deleteමචං, මම හිතන්නේ ඔය ආදරේට නම් දැමිල්ල අපේ සංකෘතියේම අංගයක් කියලා. මෙහෙ හිටපු අපේ රටේ professor කෙනෙක් මට කතාකලේ "බාබුවා" කියලා. අපේ චුටි නංගීට මම එයා පොඩි කාලේ ආදරේට කිව්වා "බේබි" කියලා. පස්සේ කාලේ එයා "බේබි අක්කා", "බේබි නැන්දා" වුණා. උබ කිවුවා වාගේ තව ටික කාලෙකින් එයා "බේබි කිරිඅම්මා" හරි "බේබි ආච්චී" හරි වෙවී.
ReplyDeleteනංගිලා දෙන්නගේ පොඩි එව්වෝ මට කියන්නේ "සුදු මාමා" කියලා ... උබ දන්නවනේ මගේ පාට... අපි අක්බර් නිව්වින් ඉන්න කාලේ උබ මට පටබැන්ද කවිය තාම මට මතකය්. ...... "මුගලත් සුදුය් විටකදි මූ ළඟ ඉන්න"... ඒ තමා අවසාන පදය..
(PS: කෝ බන් ඒ කවි සෙට් එක? හුදීජන පහන් සංවේගය තකා, ඕනනම් නම් ගම් කපලා කොටලා publish කොලාට batchala උබට නඩු දාන එකක් නෑ)
-චන්දන
Deleteඔය කවි ලිවිල්ල හින්දා කවුරු ගහන කැලෑ පත්තරයක් උනත් මගේ එකවුන්ට් එකටනේ බන් ඒ කාලේ වැටුනේ. ඔය කවි ටික මටත් ළඟදී මතක් උනා. ඉස්සරහට ලියන්නම්
මට පොඩිකාලෙ කිඋව්වෙ මචන් බබා කියල.මම මෙ කතාව කලිනුත් කිවුව.දවක් නැන්දගෙ දුව,මගෙ අක්ක කෙනෙක් බස් ස්ටැන්ඩ් එකෙක් මම එනකන් ඉදල අපෙ ගමෙ එකෙක්ගෙන් අහල "මල්ලි බබ හම්බ උනාද කියල" හයියො එතන ඉදල ඉතින් කියල වැඩක් නැ.
ReplyDeleteඉතිරි ටික හිතා ගන්න පුළුවන් මචන් . අවුරුදු ගානක් බයිට් කරන්න ඇති ඕක මතක් කර කර
Deleteමිනිස්සු හිනස්සන අමාරු සාස්තරේ චූටික්කුන් සීයා නම් ඉතා හොඳට දන්න පාටයි...
ReplyDeleteමගේ බෝඩිමක සහෝදරියක් හිටියා.. එයාට හැමෝම කිව්වේ 'ජපානි' කියලා.. ඉතිං දවසක් අඹේවෙල ගිහිල්ලා බස් එකේ පිටිපස්සේ හිටිය එයාට ඉස්සරහ හිටිය මම 'ජපානි ජපානි' කියල කෑ ගහල කතා කරල, බස් එක ම එකරාමෙට හිනාවුණා.. :))
ඔහොම කතා කරනකොට මටනම් අඬන්න හිතෙනවා කඳු D :
Deleteමටනං ඔයවගේ පටබැඳි නම් තිබ්බේ නෑ තිලකේ හැබැයි පුංචි කාලෙ මාත් එක්ක සෙල්ලං කරපු යාළුවො දෙන්න නං මහතුන් සහ උක්කුං මහත්තය.
ReplyDelete
Deleteඔය කිව්වට විස්වාස කරන්න අමාරුයි මචන්. මහතුන්ගෙන් හරි උක්කුන්ගෙන් හරි ඇහුවොත්නම් ඒ කාලේ හැල්ප්ස්ට කියපු නම අහ ගන්න පුළුවන් වෙයි මයේ හිතේ
චූටි උක්කුවෝ......උඹ මේ ලියන විදිහ නම් හරිම රසයි. හිත ඒ තැන්වලටම යනවා. චූටි උක්කුන් සීයා වෙන එකනම් හරිම රසවත් වෙයි. මගේ වයිෆ්ගේ අක්කාගේ දුවට දුවෙක් ඉන්නවා..මට අත්තා කියලා කතාකරන්නේ. වයිෆ්ගේ තාත්තාට කතා කරේ මුත්තා කියලා.
ReplyDeleteමුත්තා මාමා හා අත්තා බෑනා - එකත් මරුනේ බන්. ස්තුතියි අරු
Deleteහික්...!
ReplyDelete(ඉතුරු ටික මුණගැහැණු වෙලාවක කියන්නම්)
ඉතිරි ටික අහගන්න ළඟදීම එන්නම්
Deleteආ චූටි උක්කුං අයියා....හැමදාම වගේ රහ හොඳට තියෙන කතාවක්. අපෙත් ලොකු අම්මගේ පුතාට අපි කිව්වේ උක්කුං අයියා කියලා
ReplyDeleteතැන්කිව් ඉවාන් . ලොකු අම්මාගේ පුතා නම් එයාට කියන්න තිබ්බේ ලොකු උක්කුන් කියලා
Deleteඅපේ නැන්දලා ගෙන් එක්කෙන්නෙ මාලම්මා.. අනිකා රත්තියම්මා තව මහප්පෙක් බන්නවා බූවා මහප්පා. එහෙමතමා ඕවා සැලෙන්න දේවල් නෙවී
ReplyDeleteස්තුතියි හිත හැදෙන කතාවට
Deleteමටත් පොඩි කාලෙ කිව්වෙ උක්කුං කියල.
ReplyDeleteමමත් උක්කුන් අයිය, මල්ලි, ඉන් පස්සෙ උක්කුන් බාප්ප, උක්කුන් මාම වගේ වෙලා ළඟදි උක්කුන් සීය බවට පත් උනා. ඒත් ඒ වෙනකොට මම රටේ නැති නිසා දැන් උන් කියන්න ## සීය කියල.
(## කියන්නෙ මම ඉන රටේ නම
ඒකත් රස කතාවක් . ස්තුතියි අපි එක්ක එකතු උනාට
Deleteඅපේ පොඩි මාමාත් උක්කුං මාාමා වෙලා හිටියේය. නමුත් දවසක්, ඒ කියන්නේ මීට අවුරුදු 15 18කට උඩදී දවසක්, උක්කුං මාමේ උක්කුං මාමේ කියද්දි නෑසුනා සේ ගල් බිල්ලා සේ සිට එක් වනම මට කියා හිටියේ මීට පස්සේ මට උක්කුං මාමා කියන්න එපා ! කියලාය. එහෙනං මොකද්ද කියන්නේ කියලා ඇසූ කල, පොඩි මාමා කියන්න! යැයි පැවසුවේය. අපේ අම්මාට එය පැවසූ කල............. (එක්කෝ ඕනැන්නේ නැහැ ඒ කථා) :D
ReplyDeleteමන් රන්දිල්ගේ බ්ලොග් වලට හිටන් ගිහිල්ල බැලුවා අම්මා කිව්වේ මොකක්ද කියල හොයා ගන්න. ඔහේ නෑ විස්තරයක්. පස්සේ ඒ ගැන ලියන්න
DeleteHarima lassanae kiyawanna asae ayeth liyanna me wage dewal....wish you great future..
ReplyDeleteබොහොම ස්තුතියි රස වින්දාට හා අගය කෙරුවාට. ආයිමත් එන්න
Deleteඅපිට ඉන්නවා බම්බු මාමා... ඉස්සර උණ බම්බු බිස්නස් එකක් කරපු නිසා එහෙම කියන්නේ... තව ඉන්නව ලොකු චූටි... පොඩි චූටි...
ReplyDeleteපවුලක ගෑණු ලමයි තුන් දෙනෙක් ඉන්නවා... කියන නම්, සිඟිති, පොඩී, පුංචා.. කවුද බාලම දුව?
පොඩිම දුව සිඟිතිද ?
Deleteමගේ ගම කොළඹ... ඉපදුණේ කොළඹ... කොළඹ 10... මුස්ලිම්, දෙමළ ගෙවල් 100 ගානකට මැදිවුණු එකම සිංහල පවුල තමයි අපේ ආච්චිලගේ ගෙදර... එහෙ තමයි මං හැදුණේ වැඩුණේ...
ReplyDeleteඒ කාලේ මට අපේ Lane එකේ අය කිව්වේ ගොරබොචොප් කියලා... හේතුව විදියට දන්නේ මේ ගොරබොචොප් ගේ බෙල්ල පේන්නේ නෑලු මිනිහගේ මහතට...
පස්සේ ඕක ජෝන් වුණා... ඒ හේතුව නම් දන්නේ නෑ... අපේ අම්මා විතරයි කථා කරන්නේ “ජෝනෝ“ කියලා... ඒකත් සමහර වෙලාවට... අම්මා තාත්තගේ ඉඳන් නෑදැයෝ ඔක්කොම කථා කරන්නේ නමින්...
(මගේ කියලා කවුරුත් මට පුතේ කියලා කථා කරලා නෑ.. හිහ් හිහ්... )
අන්‍ජන, ඔබගේ කොමෙන්‍ටුව බොහොම රසවත්. ඉහි රසවත් බවට මූලික හේතුව ඔබගේ ලියවිල්‍ලේ ඇති අව්‍යාජ (මේ මගුලෙ යන්‍සෙ හොයාගන්‍න බැහැ...) බව යන්‍නයි මගේ හැඟීම. තවත් ලියන්‍න. ඔබගේ කොමෙන්‍ටුත් අපි ආසාවෙන් කියවනවා.
Deleteඔහ්... ස්තූතියි... :)
Deleteඅනේ අංජන පුතේ මටත් මේකට උත්තරයක් ලියන්න මග අරුනා උනත් මගේ මිත්‍රයාට එක මතක් වෙච්ච එක ලොකු දෙයක්. කොමෙන්ටුව කිව්වා වාගේම රහයි. ආයේ එන්න මේ පැත්තේ
Deleteමං හිතන්නේ කොයි කාටත් ඔය ටික වෙනවා තිලක්.
ReplyDeleteමටත් ඔය ටිකම වෙලා අපගේ පවුල්වල වැඩි මහලුම පිරිමි දරුවා මම. (බාප්පලා නැන්දලා හතර දෙනෙක් සිටියා). මේ නිසා මුලදී අපේ ආතලා සීයලා මා ඇමතුවේ ලොකු පුතා කියා. ඒ පවුල්වල සහෝදර සහෝදරියෝ කාටත් මා ලොකු අයියා උනා. ඊට අවුරුදු කිහිපයකට පස්සේ ඒ හැමෝගෙම දරුවෝ මට ලොකු මහප්පා හෝ ලොකු මාමා කියා ඇමතුවා.මෙහෙම කියන කොට මට ටිකක් ගාම්භීර කමකුත් දැනුනා. හව ටික කලක් යනකොට ඉපදුන පළමුවෙනි මිණිපිරී මට ලොකු සීයා කියන්නට පටන්ගත්තා. ඒකට නම් තරමක අකමැත්තකුත් තිබුණා. ඒ වෙන කොට මට වයස පනහකට වඩා නැහැ. ඊට පස්සේ අවුරුදු දහයක් පහළොවක් යනකොට මුණුපුරු මිණිපිරියෝ රොත්තකටම මම ලොකු සීයා. මේ ලඟකදී ඉඳලා විදේශ ගත උනාට පස්සේ, ඒකට තවත් විශේෂණ පදයක් දාගෙන දැන් කියන්නේ 'රට මහප්පා' හෝ 'රට ලොකු සීයා කියලා'. ඔන්න වයසට යනකොට කාටත් අත්වෙන ඉරණම !