මහපොළ ගැන කතා කරන්නට මට බොහො දේවල් තිබේ. ඇසුවේ දශකයේ මුල අවුරුද්දක මහපොළ සංවත්සරය අපේ ඉස්කෝල තියන්නට සුදානමක් තිබුනේය. මිහිදුම් මිටියාවතක පුංචි දුම්රියපළක් අසබඩ අතු පතර විහිදුවාගත් දේවදාර ගස් පේලියක් දෙපැත්තේ අපේ පාසල තිබුනේය. රෑට බලුප් එල්ලා සරසවන්නටත් තොරණ බන්දින්නටත් ඉඩ දී සැණකෙළි සිරිය විඳින්නට කැමතිදැයි ඇසු විට දේවදාර ගස් පේළිය හා කියමින් අතු වැනුවේය. පිනි බින්දු තැවරුණු හීන් ලා කොළ පාට අතු ඉති සලමින් උදැසන ඉර එලිය හා හිනැහෙමින් හා කිව්වේය.
ඉස්කෝලෙට හම්බ වෙන්න යන අලුත් ගොඩනැගිලි තාර දැමු පාර ගැන කතා බහ වෙද්දී මම මහපොළ ගැන තිබෙන ලිපි ලේඛන හොයා හොයා කියෙව්වෙමි . හැමදාම පවතින ආණ්ඩුවට විරුද්ධ පැත්තේ සිට තර්ක විතර්ක ඉදිරිපත් කැරෙන අපේ ගෙදරදීත් මහපොළ සංකල්පය ගැන නම් තිබ්බේ ප්‍රසාදය මුසු වූ අද උදහස්ය. ඒ වැඩිපුරම සරසවි සිසුන්ට දෙන්නට යන මහපොළ ශිෂ්‍යත්වය හා බැඳුනු මනාපයකි.
මේ ආදී අවබෝදයකින් සිටියදී අපේ පන්තියට අලුත් සිංහල ගුරුවරයෙක් ආවේය. ඔහු හා හා පුරා කියා දුන් පැවරුම මහපොළ ගැන රචනාවක් ලියා ගෙන එන්නටය. පහුවදා හැමෝගෙම රචනා පොත් එකතු කර ගෙන එකින් එක කියවන අලුත් සිංහල සර් මගේ පොත අතට අරගෙන කියවද්දී මම ඔහුගේ මුහුණ දෙස බලා සිටියෙමි. එහෙත් මා බලාපොරොත්තු වුණු අගය කිරීමේ ලකුණු ඔහුගේ මුහුණේ නොවීය. මම වයසට ගැලපෙන් නැති තරම් මේ වැඩේට මහන්සි වූ බවත් ගුණාගුණ විචාරමින් පෙලින් පෙළ පරිස්සමට ලියු බවත් මට සහතිකය.
ඔහු ඊළඟට පන්තියටම ඇහෙන්නට මෙසේ කිව්වේය. 'සමහර ළමයි ලස්සනට ලියල තියෙනවා සමහරු පත්තරවල තියෙන ඒවා එහෙම පිටින්ම මේකේ ලියාගෙන ඇවිල්ලා තියෙනවා '.
ආපසු නම් කතා කරමින් පොත් ටික බෙදා දෙද්දී අලුත් සිංහල සර් මා දෙස දෙවරක් බැලුවේය. ඔහු ලකුණු නොදී පොත ලඟ තබාගෙන මා ලඟට කැඳවා විස්තර ඇසුවේය. මහපොළ ගැන අපේ ගම් මණ්ඩිය හා ගෙදර ගැන තොරතුරු ඇසු ඔහු අපේ තාත්තාගේ රස්සාව මොකක්දැයි ඇසුවේය 'ඉස්කෝලේ උගන්වනවා' මම කිව්වෙමි. තාත්තගේ නම මොකක්ද? මම තාත්තාගේ නම කිව්වෙමි.
එක්වරම මුවට මදහසක් නනවාගත් ඔහු
' ආ එයාගේ පුතානම් ඉතින් අහන්න දෙයක් නෑ හොඳට ලියන්න පුළුවන් වෙන්න ඕනිනේ'
.මගේ පොත ආපසු අරගෙන රචනාවට ලකුණු දහයෙන් දහයක් දුන්නේය
'මම ඔයාගේ තාත්තා දන්නවා. හිතවත් කම හින්දා ලකුණු දුන්නා නොවෙයි. මම මෙච්චර වෙලා හිතාගෙන හිටියේ මේ මොකක් හරි පත්තරේකින් ගත්ත එකක් ඔය ළමයා ලියල තියෙන්නේ කියල. දැන්නම් එහෙම සැකයක් නෑ. .
ඒ සිද්දියෙන් පසු මහපොළ වෙළඳ සැණකෙළිය අපේ ඉස්කෝලේ පැවැත්වෙන ලක ලැහැස්තිය එන්න එන්නම වේගවත් විය, තව නොබෝ දිනකින් මහා වෙළඳ සැණකෙළිය පැවැත්වෙන නිසා අලුතින් තාප්ප හදන්නටත් විදුලි කණු හිටුවන්නටත් බඩු බාහිරාදිය ගෙනත් දමලාය. දවසක් කොළඹ ඉඳලා පැමිණි මහත්තැන් කිහිප දෙනෙක් විදුහල්පතිවරයා සමග ඉස්කෝලේ මිදුලේ බර කතා බහක්ය. ඔවුන් දෙවාදාර ගස් වැටිය අසලට ගොස් ආයිමත් කතාව පටන් ගත්තෝය. විදුහල්පති තුමාගේ මුහුණ ලේ රත් පැහැ ගෙන තිබේ, එය හොඳ විදිහේ කතා බහක් නොවන බව බලා සිටි උන්ට පෙනේ.
පසුවදා ආරංචි වුයේ අපේ ඉස්කෝලේ මහපොළ නොපැවැත්වෙන බවත් ඒ සඳහා වෙනත් ස්ථානයක් තෝරා ගත්තු බවත්ය. මේ විනම්බෑසියට හේතු වුයේ සැණකෙළියට ඉඩකඩ සපුරා ගන්නට පාසල් මිදුලේ විරාජමානව සිටි දේවදාර ගස් පේලිය කපා දමන්නැයි කළ යෝජනාවට විදුහල්පතිතුමා තදින් විරුද්ද වූ නිසා මහපොළ සහ ඒ සමග ලැබෙන ප්‍රතිලාබ සියල්ල අපේ ඉස්කෝලෙට අහිමි වූ බවය.
මහපොළට වඩා දේවදාර සුවඳට අප හැමෝම ආදරය කල නිසා අපේ ප්‍රින්සිපල් ගත් තීරණයට කවුරුවත් ආයේ වචනයක් කියන්නට ආවේ නැත. දේවදාර අතු පෙරටද වඩා සිනා සෙමින් අපේ සුදු කමිස වලට පිනි කැට අත අරිමින් කෙළි කවට කම් කිරීම දිගටම කරගෙන ගියේය..
කාලයත් සමග මහපොළ බොහොමයක් සරසවි දරුවන්ට උදවු උපකාර කළා උනාට වෙලේ නියරේ ඉඳන් පොත් පාඩම් කළ අපේ ගෙදර තුන් දෙනෙක් එකම කාලයක සරසවියේ ඉගෙන ගත්තා උනත් එකෙකුටවත් මහපොළ හම්බුනේ නැත. රජයේ සේවකයින්ගේ ළමයින් වූ අප දිහා මහපොළ බැලුවේ ඒ විදිහටය.
ඒ කාලේ මහපොළ දීමනාව එක ළමයෙකුට මාසෙකට රුපියල් පන්සීයකි.. එය එකෙකුට මාසේ පිරිමසා ගන්නට සෑහුනේය .
මට මහපොළ නොලැබීම ගැන මටත් වඩා විස්සෝපෙන් සිටි මගේ මිත්‍රයෙක් සිටියේය. ඔහු මහපොළ මුදල් ලැබිච්ච හැටියේම මා සොයාගෙන එයි. ඉන්පසු වුස් කැන්ටිමට මාව ඇදගෙන ගොස් කිඹුලා බනිස් ,කෙසෙල් ගෙඩි සමග තේ පැන් සංග්‍රහයක් ලබා දෙන අතරේ හැම මාසෙම මේ වගේ දවසට අහන ප්‍රශ්නය අහයි.
'උඹට ලෝන් එකක් එහෙම ඕනිද?
ඒ අහනකොටත් ඔහුගේ අත සාක්කුවට ගිහිල්ලාය. සමහර විට කලින් මාසේ ඉල්ලා ගත්තු මුදල මම දීලා හමාර වී නැත. මට සල්ලි තිබ්බත් නැතත් අමුණුවාගෙන් රුපියල් පණනහක් සීයක් අරගෙන ගෙදරින් සල්ලි එවූ හැටියේ ගෙවා දැමීම මට පුරුද්දක් වුනේය.
මේ මා සරසවි ජීවිතය පුරාම නොකඩවා අත් විඳි සුන්දර සෙනෙහෙබර මාසික හමුවකි.
වුස් කැන්ටිමෙන් කෑ කිඹුලාට අමතරව සරසවි ගමන පටන් ගනිද්දීම හමු වූ තවත් කිඹුලෙක් මගේ මතකයට එන්නේය. ඒ මට හමු වූ පළමු පගා මරුවාය.
මම උසස්පෙළ ගොඩ යද්දී අපේ ගෙදර තව දෙන්නෙක් සරසවියේ සිටියෝය. එතකොට ගෙදර ආර්ථිකය හොඳටෝම වැටී තිබුණි.. මහපොළ හෝ වෙනත් කිසිම සහයක් නොලබා සරසවියේ සිටින දරුවන් දෙන්නෙකුට උගන්වමින් ගෙදරට විය හියදම් කරද්දී තිබෙන අමාරුව ඇත්තෙන්ම බරපතලය. ඒ මදිවාට තවත් එකෙක් එහෙ යන්නට ලැස්ති වී සිටියි.
ඒත් අපි මේ සටනටද හවුලේ මුහුණ දුන්නෙමු. අග හිඟ කම් මැද්දේ වුවද සතුටින් සටන් කළෙමු.
මට පේරාදෙනි යන්නට බැගයක් ඇඳුම් සුට් එකක් අලුත් කන්නාඩි කුට්ටමක් අරන් දෙන්නට අම්මා ළඟ විසඳුමක් තිබ්බේය. ඒ ඇයට ඉල්ලන්නට ඉතිරි වී තිබු එකම ණය මුදලය. කුළුඳුලේ පේරාදෙනි යන්නට දවස් තුනක් තියෙද්දී අම්මාත් සමග මම අදාළ කන්තෝරුවට ගියේ අම්මාගේ පඩියෙන් ටික ටික කපා ගන්නා පොරන්දුවට ලැබෙන මාස තුනක වැටුප් අත්තිකාරම රැගෙන එන්නටය. එය රුපියල් දෙදහස් ගණනකි.
උදේම චෙක් එක ලැබෙතැයි සිතුනද එය සැහෙන්න පරක්කු වෙන සෙයක් තිබුණි. අප මෙන්ම නොයෙකුත් රාජකාරි කර ගැනීමට ආ පිරිස දිග බංකුවල වාඩි වී කාසේ රෝගෙට බෙහෙත් ගන්නට දොස්තර මහත්තයා එනතුරු සිටින රෝගීන් මෙන් ඔහේ බලා සිටියෝය. මේ ඉන්දැද්දී එකා දෙන්නා තමන්ගේ කාරිය කරගෙන පිටව යනු දක්නට ලැබිණි.
මේ පිරිස අතරට වරින්වර පැමිණෙන ජැන්ඩියට හැඳගත් මැදි වියේ මහත්තයෙක් මොන මොනවා හෝ විස්තර අසාගෙන යයි. ඔහු පෙන්වන්නේ උනන්දුවෙන් වැඩේ කරන්නේ ඔහු බවය. කවුරුන් හෝ ණය මුදලක් ලබාගෙන එලියට යන්නේ නම් ඔහුත් ඔවුන් පස්සේ එලියට ගොස් ආපසු එයි. ඒ එද්දී හීනියට ස්පිරිතු සුවඳක්ද හමා එයි. ඔහු වරින් වර ඉන්ගිරිසියෙන්ද කතා කරයි. කවුදෝ කිව්වේ ඔහු අහවල් අංශයේ ලොක්කෙකු බවයි.
කන්තෝරුව වහන්නට ඔන්න මෙන්න කියලා තියෙද්දී අපටද චෙක් එක ලැබුනේය. අම්මා චෙක් කොලය කියවා බලා මා දෙස බැලුවේ සතුටු සිනාවක් නන්වාගෙනය.
ඉන්පසු අපි දෙන්නා අත් අල්ලාගෙන කන්තෝරුවෙන් එලියට ආවේ සොම්නස් මුනුණිනි . දැන් හෙට මේක මාරු කරලා ඕනි සේරම ජාති ටික ගනිමු. බෑග් එකක් සපත්තු දෙකක් . තව පුතාට යනකොට ගෙනියන්නත් කීයක් හරි ඕනිනේ.
එළියේ පොද වැස්සක් ඇද හැලෙමින් තිබුනේය. කන්තෝරු නිම වී ගෙදර යන එන්නන්ගෙන් හා වැහි හිරිකඩෙන් පාර කළබල වී තිබුනේය.
අපට කන්තෝරුවෙන් එලියට බැස අඩි දහයක් යන්නට හම්බුනේ නැත. අර කලින් කී ජැන්ඩි මහත්තයා අප පස්සේය. රැල් බුරුල් ඇර කතා කළ ඔහු මෙසේ කිව්වේය.
'ඉස්කෝලේ හාමිනේ මම ඔය ණය පාස් කරලා දෙන්න සෑහෙන්න මහන්සි උනා. මගේ ගෝලයිනුත් මහන්සි උනා. එහෙම නොවුනානම් මෙහෙ පෝලිමේ තියෙන වැඩ කන්දරාව හැටියට තව සුමාන දෙකක් වත් යනවා ඕක ගන්න .'
අම්මා ඔහුට මුව නොසෑහෙන සේ ස්තුති කළාය . 'අනේ පින් සිද්ද වෙනවා '.
ටීචර් එහෙම කියලා බෑ මම තව හතර දෙනෙකුට කීය කීය හරි දෙන්න පොරොන්දු වෙලා ඔය වැඩේ ඉක්මන් කලේ. කොටින්ම මට ඒ මිනිස්සුන්ට රෑට කෑම බීම ටීක අරන් දෙන්නත් රුපියල් දෙසීයක් විතර වියදම් කරන්න වෙනවා.
අපි දෙදෙනා ඔහු දෙස පුදුමයෙන් බලා සිටියෙමු. මනාව ඔප දමන ලද ඔහුගේ සපත්තු දෙකට එහෙන් මෙහෙන් මඩ වතුර ඉසී තිබුනේය.අපරාදේ අලුත් සපත්තු කුට්ටම .
ඒ අතරේ ඔහු නොනවත්වා හෑල්ලක් කියවාගෙන ගියේය. මේ ඔහු ඉල්ලන්නේ රුපියල් දෙසීයක පගාවක් බව ඒ වන විට අපට වැටහී තිබුණි. ඒ කාලෙත් සියයට දහයක්
අම්මාගේ මුහුණ පුදුමයත් කේන්තියත් ශෝකයත් විසින් විපිළිසර වෙද්දී මම අම්මාගේ අතින් ඇදගෙන එතනින් යන්නට පිටත් වුනෙමි. පාර දෙගේ ගලා යන වැහි වතුර තීරු මග හරිමින් සෙනග බේරමින් අපි ඉදිරියට ඇදෙද්දී බේබදු මහත්තයාද අප පසු පස්සේමය.
අපෙන් ප්‍රතිචාරයක් නොලැබු තැන ඔහුගේ කන්දොස්කිරියාව තීව්ර වුනේය.
'මිනිස්සුන්ට උදවු කරනවට අපිට හොඳ පාඩම්. අඩු ගානේ රුපියල් සීයක්වත් තිබ්බනම් මගේ ගෝලයෝ දෙන්නට මොනා හරි කන්න බොන්න අරන් දෙන්න තිබ්බා' කියමින් ඔහු අප දෙදෙනා ඉස්සරහ ආයිමත් සිට ගත්තේය.
මගේ සිත කෝපයෙන් නලියයි. කවුරුන් හෝ අල්ලසක් ඉල්ලා සිටිනවා මා දුටු පළමු වතාවය.
අම්මාත් හොඳටෝම හිත කලබල වී නැවත බෑග් එකට අත දමා මොනවාදෝ සොයයි, ඇය ඔහු ඉල්ලන මුදල දෙන්නට යන්නේ නැති බව මට ස්ථිරය. අපි දෙන්නාම ළඟම ආපසු යන බස් ගාස්තුවට අමතරව රුපියල් විස්සකට වඩා නොතිබුණු බව අපි දෙන්නාම දැන සිටියෙමු.
අම්මා පෙරටත් වඩා කලබලයට පත් වෙලාය. හෑන්ඩ් බෑග් එක අවුස්සා අවුස්සා බලයි.
'ඇයි අම්මේ' මම ඇසුවෙමි. අම්මා බෑගය අදිද්දී බලාපොරොත්තු සහගතව ඒ දෙස බලා සිටි බේබදු නිලධාරියාද අම්මාගේ නොසන්සුන් මුහුණ දෙස බය බිරාන්තව බලා සිටියේය.
'අර චෙක් එක නැති වෙලානේ පුතේ '
ඇයගේ බිඳුණු හඬේ තිබු දෝමනස්ස බාවය නිසා පගා මහත්තයා පවා බෙහෙව්න් තැති ගත්තේය. මම ඔහු දෙස රවාගෙන බලා සිටියෙමි. මේ මිනිහාගේ මළ කරදරේ නිසා අමමාට චෙක් කොළය පරිස්සමට බෑගයට දා ගන්නට බැරි වෙන්නට ඇත.
මොහොතකට පෙර අම්මාත් මාත් පිවිසුණු සොඳුරු සිහින ලෝකය කඩා වැටී ඇත.
'බලන්න බලන්න' පගා මහත්තයා කියයි, ඔහුගේ මුහුණ හුළං ගිය බැලුමක් සේ හැකිලී ගිහිල්ලාය.
'අපි යන් කන්තෝරුවට ගිහින් කියමු. මේ මහත්තයාගේ කරච්චලේ නිසා ඒක නැති උනා කියලා'.
මහත්තයා බැගෑපත් වෙයි. 'අනේ එහෙම කොම්ප්ලේන් කරන්න එපා මම ගත්තේ නෑ . හරි හරි මට සල්ලි එපා. අපි හොයමුකෝ චෙක් එක' .
අප දෙදෙනා ඔහු මග හැර කඩිනම් ගමනින් ආපසු කන්තෝරුව දෙසට ඇවිද ගෙන ගියේ පාරේ තෙතබරියන්ව ඇති කොළ බොල රොඩු බොඩු අතරේ පවා චෙක්පත වැටී තිබෙනවාදැයි විමසිල්ලෙන් බලමිනි. අප පසු පසින් ටික දුරක් ඇවිද ආ පගා මහත්තයා කන්තෝරුව ආසන්නයේදී ගලක් උඩ යමක් කළ බළලෙකු මෙන් තාප්පයකට මුවා වී අප දෙස බලා සිටිනු යන්තමින් මට පෙනිණි.
කන්තෝරුවේ අංශ ප්‍රදානියා සොයාගෙන හැල්මේ ඔහුගේ කාමරය සොයා අපි ඇදුනෙමු. ඔහු ලොකු පයිල් බැග් එකක්ද අතින් අරගෙන ඉස්සරහ දොරින් ගෙදර යන්නට එලියට අඩිය තිබ්බා හාම මම ඔහු ලඟට දුව ගොස් සිද්ද වූ හරිය මුල හිටන් කිව්වෙමි. අම්මාට ඕනෑ වුනේ චෙක් එක නැති වූ කතාව විතරක් කියන්නටය.
'බලන්න මේ කාලකන්නි හින්ද මේ කන්තෝරුවේ වැඩ කරන අනිත් මිනිස්සුන්ටත් එක්ක නව නින්දාව. මම මේකටනම් ඇක්ෂන් එකක් ගන්නවාමයි.
චෙක් එක ඔය කලබලේ හින්දා වැටෙන්න ඇති. ටීචර්රුයි පුතයි බය වෙන්න එපා. මම ඒක කැන්සල් කරන්නම් හෙට උදේම්. ඊට පස්සේ බැංකුවෙන් ලියුමක් ලැබුණහම අලුත් චෙක් එකක් ලියලා දෙන්නම්. දවස් හතරක් පහක් යාවි. අනේ කණගාටුයි වෙච්ච වැඩේට.
එදා ආපසු යද්දී මම ගමට යන බස් එකට ඉස්සෙලාම ගොඩ වී අම්මාටත් මටත් සීට් එකක් අල්ලා ගත්තෙමි. ඒ මට අන් කවරදාටත් වඩා අම්මාගේ ඇඟේ දැවටෙමින් ලඟින් වාඩි වී සිටින්නට ඕනෑ වූ නිසාවෙනි.
මා ලඟින් වාඩි වූ ඇය නොවක් වෙහෙස හා ශෝකය සඟවා මා දෙස බලා සිනා සෙන්නට උත්සහා කළාය.
එදා දවස ගැන කලකිරීමෙන්දෝ සැන්දෑ සුරියා රහංගල කන්දට මුවා වී හොරෙන්ම පල්ලම් බහිමින් සිටියේය. ඉන් බේරී ආ කිරණ කදම්බයකින් මම අම්මාගේ ඇහි පිල්ලම් යට දිදුලන පුංචි කඳුළු බින්දුව හොඳින්ම දුටුවෙමි.
වැඩුණු තටු විදහා ඉස් ඉස්සෙල්ලම මා ගෙදරින් එලියට පියමනිද්දී හමු වන ලෝකය හිතනා තරම් සුන්දර නොවන බවට ජීවිතාවබෝදය ලබමින් මා දෙවන වරට උපත ලැබුවේ ඒ කඳුළු බින්දුවෙනි.
Image;ivf.insight

මචං වෙනදා වගේම ඉතාම සංවේදී කථාවක් අපට හිතන්න හුඟක් දේවල් ඉතුරැ කරලා උඹ ලියලා තියන ආකාරය විශිෂ්ඨයි. අපේ අම්මත් ගුරැවරියක් නිසා මමත් දන්නවා අධ්‍යාපන කන්තෝරැවල තරම. අම්මාගේ පැන්සොම හඳා ගන්න අම්මාව බයිසිකලේ නංවගෙන කොච්චරනම් පැදලා ඇත්ද? හැම තැනම කාක්කෝ හිටියේ. දැන් තත්වය ඊටත් වඩා දරැණු ඇති.....
ReplyDeleteහැබැයි මේ කාක්කෝ බීලා බීලා පිරිහිලා මැරිලා යනවා මිසක් ඉසුරක් ලබපු වගක් නම් මම දැකලා නැහැ මචන්.
Deleteහුඟක් රජයේ කන්තෝරු තව ම මේ විදිහයි.. පොලිසිය, උසාවිය, ඉඩම් කන්තෝරු.. හැම තැන ම..යුක්තිය ලියන්න පුළුවන් අද බෝතලයකට..
Deleteමගේ ම අත්දැකීම් හරි හුඟයි.. අපේ ගමේ තියෙන ගෙයක් එතැන නෑ කියලා මිනින්දෝරුවයි, රෙජිස්තාරුයි එකතු වෙලා උසාවියට පෙන්නා දුන්නා.. මගේ සේවාදායකයෙක් නොවුණත් ඒ වෙලාවේ මම ආවේගයෙන් කෑ ගැහුවා.. මේ ගෙදර මම ඇස් දෙකට දකිනවා කියලා.. ඒත් ඒ අහිංසක මිනිස්සුන්ගේ පෙරකදෝරු නෝනාවත් ඒ ගැන කතා කළේ නෑ අඩු තරමේ.. මගේ කීමට ගොස් බලා වාර්තාවක් නිකුත්කරන්න ගරු විනිසුරුතුමී නියෝග කළත්.. ඒක හැමෝම එකතු වෙලා යට ගැහුවා.. අන්තිමට වසර 50කටත් අධික කාලයක් එතැන තිබුණු සහ තියෙන ගෙදර එතැන නෑ කියලා ඔප්පු වෙන්න ඇති.. මගෙත් උසාවිය මාරු වුණා.. රස්සාව මාරු වුණා.. ආරංචි වුණා කම්කරු පවුලක් වුණු ඔවුන්ට තමන්ගේ ගෙදර නැති වුණා කියලා.. නඩුකාරයෙකුට වුණත් කරන්න දෙයක් නෑ.. මෙහෙ තියෙන්නේ එදිරිවාදී ක්‍රමයක් මිස විමර්ශනවාදී නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රම නොවෙයිනේ.. තමන්ට අවබෝධයක් නැති වුණොත් තමන්ගේ දේපල විතරක් නෙවෙයි තමන්ගේ ජීවිතය වුණත් අද කාලේ පගාවෙන් පෑගිල යනවා දන්නෙම නැතුව. ගෑණු පිරිමි භේදයක් නැතුව ම අද මේ දේ සිද්ධ වෙනවා
ඒත් ජීවිතයේ සැබෑ සතුට දකින්න ඒ මිනිස්සුන්ට පුළුවන්ද කියන එක මටත් හිතෙනවා නිතර ම..
ඇත්තටම කොහොමද චෙක් එක නැති වුණේ?
ReplyDeleteවිශ්වාස කරනවද ඒක හම්බුනා. අම්මගේ බැග් එකේ තිබ්බ පුංචි දිනපොතක කවරේ ඇතුල් පැත්තේ හැංගිලා තිබිලා. එදා ගෙදර ගිහින් අක්කා ඇවිත් බෑග් එකයි ඒකේ තිබ්බ අනිත් ඒවයි අනිත් පැත්ත ගහල හොයනකොට. පහුවදා උදෙන්ම ආපහු ගිහින් කන්තෝරුවට කිව්වා. අවලංගුව අවලංගු කරගෙන මාරු කර ගත්තා
Deleteඒත් ඒක එහෙම වුණු එක හොඳයි කියල මට හිතුණා.
Deleteමටත් එහෙම හිතෙනවා කඳු. චෙක් එක ටික වෙලාවකට හරි නැති වෙච්ච නිසා තමයි මේ මතකය මේ තරම් බර උනේ
Deleteඔයාගේ ලිවිල්ල ගැන නං මම මොනවා කියන්ඩද ,
ReplyDeleteකතාව හරිම සංවේදියි
ලියවිල්ල ගැනත් මොනා හරි කියපන්
Deleteමේ වගේ සිදුවීම අදටත් අනන්තවත් සිදුවෙනවා තිලක. ආණ්ඩුවේ කන්තෝරු විතරක් නෙමෙයි පෞද්ගලික ආයතන වල කියලා වෙනසක් නෑ. වෙලාවකට හිනහත් එක්ක. එහෙම හිඟාකන්න කොන්දක් තියාගෙන කොහොම කරනවද කියලා. උදව් ඉල්ලන්නෙත් මේ එසේ මෙසේ ඒවා නෙමෙයි. අපේ යාළුවෝ මට හිනාවෙන්නේ දැන් උඹට කීදෙනෙක්ව රට ගෙනියන්න වෙනවද කියලා ඔය විදියට බැලුවම කියලා. හික්ස්...
ReplyDeleteඑක තමයි. මටත් හිතා ගන්න බෑ කොන්දක් හා ආත්මයක් නැති මේ වගේ මිනිස්සු තමන්ගේ දරු මල්ලෝ ඉස්සරහ හැසිරෙන්නේ කොහොමද කියලා .
Delete"මනාව ඔප දමන ලද ඔහුගේ සපත්තු දෙකට එහෙන් මෙහෙන් මඩ වතුර ඉසී තිබුනේය.අපරාදේ අලුත් සපත්තු කුට්ටම" මෙතෙක් මාදුටු හොඳම උපහාසත්මක යෙදුම.....විශිෂ්ටයි තිලකේ ..
ReplyDeleteමුන්ට හෙන ගහපං කියන එක තමයි කියන්ට තියෙන්නේ ..අපිත් ගොඩයෝ නිසා.
ඒක ලියවුනේ මචන් ආවේගය උපහාසෙන් හංගා ගන්න ගිය හින්දයි. ස්තුතියි බන්
Deleteඋඹ එදා පිටස්තරයාගේ කොලම ලියලා අපට දුන්නු රහ අදටත් දැනෙනවා වගේ.
ReplyDeleteඋඹ මේ පැත්තේ ආ එක ලොකු දෙයක් මචන් . මම විඩෙන් විඩේ බැලුවා මොකද නැත්තේ කියලා. පිටස්තරයා කොලම ලියවුනේ මීට අවුරුදු විස්සකටත් කලින්නේ. කාලේ ගිය හැටි හිතා ගන්නත් බෑ
Deleteමම තාම නං කාටවත් පගා දීලා නෑ... මම හිතන්නෙ නෑ අපේ අම්මයි තාත්තයිත් ඒ වැඩේ කරලා ඇති කියල... හැබැයි එහෙම තත්වයක් ඇති නොවුනෙ රජයේ කන්තෝරුවලින් වැඩ කරගන්නෙ නැති හින්දද මන්ද... එහෙමත් නැත්තං කොච්චර හොර පාරවල් තිබ්බත්, ඒවා හොයන්න යන්නෙ නැතුව කාලෙ වැඩිපුර ගියත් හරි පාරෙන්ම වැඩේ කරගන්න තියෙන පුරුද්ද හින්දද මන්ද... ( හැබැයි හරි පාරෙන් ගිහිල්ලත්, වැඩේ වණ කරන්න හදන කාක්කන්ට කන් දෙකේ ඇඟිලි ගහගහන්න කියල දීලා නං තියෙනව.. හි හි)
ReplyDeleteඅපි පගා දෙන්නෙ නැත්තං ඕවා ඉල්ලන්න පුළුවන් කමකුත් නෑ.. දෙන අයගෙයි ඉල්ලන අයගෙයි දෙගොල්ලන්ගෙම වැරැද්ද තියෙනව.. ඒකයි මේ රටේ මේවා ඉවරයක් වෙන්නෙ නැත්තෙ... ළමයෙක් ඉස්කෝලෙ දාගන්න ගියාම කීයක් ජාති ඉල්ලනවද.. මහ විකාරයක් මේවා...
මිනිස්සු කීයක් හරි දීලා වැඩක් කර ගන්න පුරුදු වෙච්ච එක වැරදියි තමයි හිරු . ඒත් තමන්ගේ ලඟට වැඩක් කරගන්න අන්තිම අසරණ වෙලා එන මිනිස්සුන්ගෙන් පගා ඉල්ලේම තරම් නිහීන දෙයක් මටත් හිතා ගන්න බෑ . පළමු අත්දැකීමෙන් පස්සේ ඔය වගේ උන්ට මගේ ප්‍රතිචාරයත් එදාට වඩා ගොඩක් රළු පරළු උනා
Deleteදශම ගණනකටත් පසු ව
ReplyDeleteඒ පාසල ඒ විදිහට ම
දැල් කවුළුවෙන් එපිටට
මිටියාවත් හාවුණු
දේවදාර වැට මං වැඩිය ආස කළ තැන
ඈතට ඇවිදගෙන යන කෝච්චිත් ලස්සනට පෙනුණ
පුස්තකාලය තිබුණේ ඊට ටිකක් පල්ලෙහා
එතැන හරි දිස්නෙ දියමන්ති තිබුණා
සමහරු දියමන්ති මාල පැළඳගෙන හිටියා
අලුත් අලුත් වචන ඉගෙනගත්තු ශබ්දාගාරයේදී මං
biodiversity ඉගෙනගත්තා
මේ දැන්ම
Deleteඔව් මේ දැන්ම
එහෙ යන්න ඇත්නම්
දැල් කවුළුවෙන්
ඈත මහකන්ද දිහා
මෑත දාස්පෙතියා පාත්තිය දිහා
බල බලා
දේවදාර සුවඳේ
එක මොහොතක් රැඳෙන්න
කවිත් ලියන්න ඉඳ හිට හෝ :)
Deleteඅපි එක අතකින් සතුටු උනා, ආන්ඩුවේ උන්ගේ පවර් බැහලා, ඇමතිගේ ලියුමට වැඩ කර ගන්න පුළුව උනාම. ඒත් දැන් නම් උනුත් එකයි මුනුත් එකයි.. මහපොළ අද නම් කීයටවත් සෑහෙන්නේ නෑ. ඒත් ඒවා ගැන නොහිතා, ඉගෙන ගන්න එකා දිණුම්..
ReplyDeleteළඟකදී මහපොළ ගැන කවුරුවත් කියනවා මට ඇහුනේ නැ මචන්. කවුරු පටන් ගත්තත් ඒක මම හැමදාම අගය කරනවා
Deleteකළු හෝ සුදු නොව සැබෑ ජීවිතයේදී අත්දකින අළු පාට මේ ලිපිය පුරාම තිබේ. සිංහල ගුරුවරයාගේ පළමු ප්‍රතිචාරය සහ ඔහු කරුණු වටහාගැනීම, මහපොළ සැණකෙළිය ලැබීමට යාම, සහ දේවදාර ගස් නිසා නොලැබීම. පගා මහත්තයාත් අන්තිමේ චෙක් එක සෙවීමට උත්සුක වීම.
ReplyDeleteWhat a comment!
Deleteනොහිතාම ලියවුනු මතක සටහන් අළු පාට බව ඔබ දුටු අපුරුව. මටම පුදුමයි
Deleteලියවිල්ල සුපුරුදු ලෙසම සුපිරියි මචෝ.
ReplyDeleteඅර මහපොල පස්සේ තිබ්බේ බණ්ඩාරවෙල මහ විද්යාලයේද එහෙම නැත්නම් බිදුනු වැවද කොහේද නේද. මොකද මමත් ඒක බලන්න ගියා අම්මාගේ බාලම මල්ලි වන මගේ අතිජාත මිත්‍ර "මචං මාමත්" එක්ක. අපි දෙන්නගේ අහිංසක බලාපොරොත්තුවක් වුනේ මහපොල ලොතරැයියට තිබුණු මෝටර් සයිකලේ අපි දෙන්නගෙන් කාට හරි ඇදෙයි කියලා..:D. ලොතැරැයිය ඇදලා ඉවර වෙනකම්ම අපි දෙන්න හීන මව මවා හිටියේ; දෙන්නත් එක්ක ඔය බයික් එකේ නැගලා බණ්ඩාරවෙල ඉදලා ගමේ යන විදිහ....:)
තැන්කිව් මචන් . අපිත් ස්වීප් ඇදෙනකල් බලා හිටියා ඒ මහපොලේදී. මට මතක විදිහට ඒක තිබ්බේ දෙසැම්බර් ජනවාරි වගේ සීතල මාසෙක
Deleteමෑත කාලීන දේශපාලන ඉතිහාසයේ ඇතිවූ හොඳ සංකල්පයක් තමයි මහපොළ. ඇතුලත්මුදලි මයා හිටියානම් මෙයට තවත් වටිනාකම් එකතුවෙන්න තිබුනා.මා විවි සිසුවෙක් නොවූවත් මෙයින් ප්‍රයෝජන ලැබූ අය බොහොමයි.
ReplyDeleteඔය විදිහටම පෝස්ට් ඔෆිස් එකෙන් ගත්ත ආච්චිගේ විශ්‍රාම වැටුප ගැටගහගත්ත ලේන්සුව පිටින් අම්මා අතින් නැතිඋනා. අම්මාගේ මුහුණ බලන්න බැරි තරමට වෙනස් වෙලා. මේ අපේ පවුලේ මාසික වියදම. අම්මාට කොතරම් අපහසුතාවයට පත්වූවාදැයි කිවහොත් ඇයට වැසිකිලි යාමට උවමනා උනා. මම ඇයවත් ආච්චීවත් මග තබා ආපසු මුදල් හොයන්නට එනකොට රේල් පාරේ ගේට්ටුව වැසී දුම් රිය ගියා. මම හිතුවා දැන් වැඩක් නැහැ ,ඒ ප්‍රමාදයට කවුරුන් හෝ අහුලාගෙන ඇත කියා. දුම් රිය පසුවු වහාම මගේ නෙත ගැටුනේ පාර අද්දරම සිල්පර කොටන් දෙකක් මැද තිබූ අම්මා මුදල් සමග ගැට ගැසූ ලේන්සුවයි. ඒ මොහොතේ දුම් රියක් නොගියා නම් මෙය නොලැබෙන්නට තිබුනා.
තිලකේ.....අම්මායි මමයි සතුටට පාර මැද බදාගෙන ඇඬුවා. ඒ මුහුණ මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.
උඹේ කතාව ඔක්කොටොම වඩා සංවේදියි අරූ . මාර විදිහට වැදුනා
Deleteහරි ම සංවේදියි..
DeleteMaha pola tibune Bindunuwewe guru widyalaye.. Api issellama TV ekak dekke ekedi.. pasukalayaka awasanawantha leewegireemak wuneth ethanamyi ( randawiyan pirisak mara demeema). Mama danne nee sinhala akuru gannna eekayi mehema liwwe
ReplyDeleteඔව් ඔව් ඒ ලංකාවට TV ආපු කාලේ තමයි.ඒ කාලේ තිබ්බේ ඉතින් ITN එක විතරයි
Deleteනියම කතාව. අම්මා අපේ දිව්නුවේ අත්තිවාරම. හරිම සංවේදී කතාව.
ReplyDeleteඔව් රසීන් අපි හැමෝගෙම අම්මලා අපිව හදන්න වඩන්න වගේම ඉස්සරහට ගෙනියන්නත් දුක් වින්දා
Deleteඑදාටත් වඩා අද පගා මරුවෝ පිරුලා රාජ්ජ සේවෙ. ඊට විරුද්ධ මිනිස්සු හැමතැනකදිම කැපෙනවා. තියෙන එකාගෙන් ගැනීම එකක් ..යන්තම් දවස පිරිමහගන්න කෙනෙක්ගෙන් අර විදිහට ගන්න එකා උපදින්නේ මොන අපායෙද ? නොදෝමකින් පෙරේතයෝ
ReplyDeleteමෙහෙම බැලුවාම අපේ ගමන ආපස්සටනේ
Deleteටිකක් පරක්කු වුනා තිලකේ,කතාව කියෙව්වේ තෙත්වෙච්චි ඇස් දෙකකින්,ඔබේ ආදරණීය මව්තුමිය ගැන මට හරිම දුකක් ඇතිවුනා,කොල්ලෙක් හැටියට මවට කිසිම උදව්වක් උපකාරයක් කරන්නට බැරිව අසරණ වෙච්චි යව්වනයෙක් වුනු ඔබ ගැන මට ඊටත් වඩා දුකක් ඇතිවුනා,
ReplyDeleteහරිම සංවේදී පෝස්ටුවක්.
හැබැයි මචන් ඔය වෙලාවේ හරි ඊට පස්සේ මේ ගැන මතක් වෙච්ච වෙලාවට හරි මටනම් කිසිම ආත්මානුකම්පාව සම්බන්ද සංවේදනාවක් ආවේ නෑ . ඊට වඩා සෑහෙන ඉස්සරහට ගිය අම්මා ගැන සෙනෙහසක් හා අධිෂ්ඨානයක් වගේ දෙයක් .
Deleteමෙවර කතාව කියවූ මෙගේ හිත දෙදරා ගියේය. හිතා මතාම, යාන් හෑලි බඳු ටීකා ලිවීමෙන් වැලකී ඉන්‍න උත්‍සාහ කරන මුත් මෙවර මේ කතාව කීමට මට හිතෙයි. පගා හිඟන්‍නන් ගැන කිව හැකි කතා කොතෙකුත් ඇති මුත් ඉන් සිහිවන වතාවක් පාසා කෝපය සහ කළකිරීම වාන් දමන එක් කතාවක් මගේ මතකයේ ඇත. නමසිය අනූවේ තාත්‍තාගේ මරණයෙන් පසු අපි හිතා හිටියේ ඔහුගේ විශ්‍රාම වැටුප සහ ගෙවීම් පිලිබඳ ලිපියක් තැපෑලෙන් ගෙදරට "යථා කාලයේදී" එන බවකි. "යථා කාලය" අවුරුද්‍දක් යන තුරුත් ආවේ නැත. මේ ගැන විමසූ තාත්‍තාගේ මිතුරු ගුණරත්‍න මහතා මේ ගැන අසා මට කීවේ තවත් බලා නොඉඳ මහනුවර මහ ලේකම් කාර්‍යාලයට ගොස් මේ ගැන සොයා බැලිය යුතු බවය. පළමු වර එහි ගිය මට එතන හිටි අයෙක් දැන්‍වූයේ එම ලිපිගොනුව අස්‍ථානගත වී ඇති බව සහ එය සොයා ගැනීමට කල් ගතවන බවකි. ඒ කතාව විශ්‍වාස කරමින් මම ආපසු තාත්‍තාගේ ඔපීසියට විත් එම ලිපිගොනුව නැවත සකස් කොට මහ ලේකම් කාර්‍යාලයට යැවීමට සිදුවන බව කීවෙමි. මට කිසිත් නොකී ඔහුගේ හිතෛශීන් දිනක් තුල එය නැවත සකස් කොට තැපෑලට යොමු කලෝය. දෙවන වර මහ ලේකම් කාර්‍යාලය මට කිව්‍වේ "තාම ආවේ නැහැ" කියාය. තරමක කෝපයෙන් මා දොරෙන් පිටවනු දුටු උකුස්‍සෙක් මා වෙත පියාඹා අවුත් මෙසේ කීය. "ඒගොල්‍ලන්‍ට කීයක්‍වත් නොදී ඔහොම වැඩක් කරගන්‍න අමාරුයි... අපිටත් එක්‍ක සවුත්‍තුව..." මෙවරත් මම රැවටුනෙමි. මා හිතුවේ ඌ මාල ගිරවෙක් කියාය. "කවුද ඒ ගොල්‍ල කියන්‍නෙ?" " පැය දෙකකින් විතර එන්‍නකො... මම එයාව මුණගස්‍සන්‍නං..." එවර කාර්‍යාලය තුලට ගිය මම කතාව මැදදී මෙසේ ඇසුවෙමි "පගාවක්‍ද ඕනෙ? කීයක්‍ද?" මම හිතුවාට වඩා සද්‍දෙන් කී දෙය ඇසූනු ප්‍රධානියෙකු යැයි සිතිය හැකි කෙනෙක් පලු දොරකින් මතු විය. "කවුද පගා ඉල්‍ලන්‍නෙ?" මම උකුස්‍සා දෙසත් "එයා" දෙසත් බැලුවෙමි. "මේ වැඩේ කරල දෙනවා දැන්‍මම" කී ඔහු මදෙස බලා කරුනාවෙන් මෙසේ කීවේය: "නොකෙරුනොත් ඇවිල්‍ල මට කියන්‍න". මම තෙවැනි වරටත් රැවටුනු බව තේරුනේ නඩුව කිමට ඔහුගේ කාමරයට ගිය වෙලාවේය. එතනින් පිටවන මම දුටුවේ ගේට්‍ටුව ලඟ ගිනි අවුවේ තැම්‍බෙමින් ඇතුලට කර පොවන්‍නට උත්‍සාහ කරන මැදිවිය ඉක්‍මවූ පිරිසකි. ඔවුන්‍ගේ විඩාපත් මුහුණු මට කීවේ කළ ගුණ නොදත් අමන ක්‍රමයක දුක්‍බර කතාවකි. එක්‍වරම හිත පැලීයන තරම් වේදනා බර වූ කෑ ගැසීමක් පැතිර ගියේය. ජාතික ඇඳුමකින් සිටි මේරූ කෙසඟ තලත්‍තෑනියෙක් "අනේ මගේ පොකට් එකට ගහලා" කියමින් ඒ මේ අත හැරෙමින් දුවන්‍නට බලන්‍නට විය. එවර තමා ලඟම හිටි කෙනාගේ සාක්‍කුව පිරික්‍සූ ඔහු ඉන් පසු දුබලව හීන් කෙඳිරියක් නගමින් බිම හිඳ ගත්‍තේය. එතන හිටි තවත් කෙනෙක් ඔහුගේ වේදනාව දැක සිනාසුනේය. අහක බැලූ තවෙකෙක් මෙසේ කීවේය: "පව්" "ඔය ඉස්‍කෝලෙ මහත්‍තයා හැමදාම එනවා එයාගෙ පැන්‍ශන් එක හදා ගන්‍න." ඔහුට කතා කොට සනසාලීමට හෝ කළ යුතු වූ අන් යමක් කිරීමට තරම් මේරූ මනසක් මට එකල නොවීය. මේ කතා සියල්‍ල ඇසූ ගුණරත්‍න මහතා මෙසේ ඇසීය. "ඇයි සිංහලෙන් කතා කරේ?" "එතන ඉංගිරියෙන් කතා කරන්‍නෙ කොහොමද?" මට තරමක් හිනා ගියේය. "නෑ නෑ පුතා! ඉංගිරිසිම වෙන්‍න ඔන නැහැ... පාලි සංස්‍කෘතත් වැඩ කරනවා!". තෙවැනි වර අසිංහලයෙන් මගේ වැඩය කරගත් නමුත් එදා මා අතින් තාත්‍තාට ඉටු නොවූ යුතුකම මට අදත් රිදවයි.
ReplyDeleteඋඹේ කොමෙන්ටුව කියවා පැය බාගයක් ඉතර තෝන්තුවෙන් හිටියා. මට මතක් වුනේ ඉහත පොස්ටුව කියවා අපේ පොඩි එකී ඉදිරිපත් කළ විචාරය . ඒකිගේ වචනවලින්ම මෙහෙමයි.
Delete' තාත්තේ මේ සැරේ පොස්ට් එක ටිකක් පණ්ඩිත වැඩියි වගේ. අනේ දේශපාලනේ ගැන නම් ලියන්න පටන් ගන්න එපා. පත්තරවලයි අනිත් හැම එකකම කියවන්න තියෙනේ මිනිස්සු කරන වැරදි අසාධාරණ, මිනි මැරුම්, හොරකම් වගේ ඒවානේ. එත් මට හිතුනේ තාත්තගේ බ්ලොග් එකේ ලියන්නේ ගොඩාක් නරක මිනිස්සු අතර ඉන්න හොඳ මිනිස්සු ගැන කතා විතරයි කියල.;
දෝනි එහෙම කිව්වා උනත් මගේ හිතට දහසක් දේ එනවා මේ කතාව ඉස්සරහට යද්දී. නුගත් දේශපාලකයන් හා උගත් මුලාදැනීනන් එක ලෙසටම,,, ශ් ශ් ... ඇති ලීවා අපේ පොඩි එකී එනවද කොහෙද?
මටත් මුලින්ම කැම්පස් එකට යද්දී ගෙදරින් ආව විදිය මතක් උණා. මීට අවුරුදු 4 කට විතර කලින්. හෙට අනිද්දා උස්සාගෙන ආපු ටිකත් අකුලාගෙන ආපහු යන්න වෙනවනේ
ReplyDeleteඔබ වාසනාවන්තයි. අපිට අවුරුදු හතර වෙනුවට හය හමාරක් ඉන්න උනා. ඉදිරි දිවියට සුබ පතනවා .
Deleteඔබේ කථා රැසක්ම කියෙව්වා . ඒ වගේම කැනඩාවේ සවන අන්තර්ජාල ගුවන් විදුලියේ දින නැති දිනපොත තුලින් මේ සෙනසුරාදා (2018 ජුලි 14 වැනිදා ) ඔබේ කථා 3 ක් ප්‍රචාරය වෙනවා . ඔබේ කතා අපුරුයි . අවසන් වෙනකම්ම එක හුස්මට කියවාගෙන යන්නට පුළුවන්. දිගටම ලියන්න ඔබට ජය .
ReplyDelete