ඉස්සෙල්ලාම මේක කුරුටු ගෑවුනේ මගේ හිතවතෙකු අම්මා ගැන කීව කතාවකින්. මැදිවියට ආසන්නමුත් තනිකඩව සිටින ඔහුගේ ගෙදරට සතියකට වතාවක් ගොඩවන සඳ මඩලක් හිටියා . ඒ තමයි නංගිලා ගෙදරට වෙලා ඉන්න අම්මා . නංගී රස්සාවකට යන නිසා පොඩි පැටවුන් බලාගෙන ඉන්න වෙන්නේ අම්මාට . අම්ම ළමයි බලා ගන්නවා .ඉවුම් පිහුම් කරනවා. උයද්දී අහක දාන සුන් සහල් ටික සීරුවට එකතු කරලා ඉරිදා උදෙන්ම කිරිබතක් උයාගෙන පුතා බලන්න යනවා.
ඔය කතාවෙන් පස්සේ කල්පනාවට වැටුණු මම මුලින්ම කුරුටු ගැව සටහන් මේ. මම ලියන හැම දේම වගේ මේකටත් තාලයක් විරිතක් නෑ .
ගී කියන කවි ලියන තනිකඩ මගේ දොරකඩ
උදෙන් පෑයු චන්ද්‍රයා විලස ඔබ
සුන්සාල් කිරිබතක් අතින් ගෙන
උයන්නට දෙයක් තිබ්බානම් අහලක
බුද්ද පුජාව සේ බැතියෙන් සකස්කර
ඔබට කවනවාමයි දවල් දානෙට
සන්තකේ තිබු රුපියල් සීය ගුලිකර
මල්ලක වී දෙකක් දමලා නුඹ පිටත් කෙරුවේ
බොහෝ දුර යන්න තියෙනා නිසා අම්මේ
පරෙස්සමින් පලයන් මගේ පණ
සාගින්දරේ හඬනවා ඇති නංගිගේ පැටවුන්
අම්මා ආසාම වෙල් මාළු හොද්දෙන් අනා
උයලා කැකුළෙන්ම බතක්
නුඹටත් කට කට කවන්නට
දවසක් ලැබෙනවානම් මට
ඊට වැඩි මොකවත් ඕනි නෑ ජීවිතෙන්
මේකම මම ටිකක් වෙනස් කරලා ලියපු එක :
විරහ ගී විසුල මගේ පැළට
සුන්සාල් කිරිබතක සුවඳ ගෙන
හැම ඉරිදාම පායනා සඳමඩල
ගෙබිම ගෙමිදුල සිතද අමදින
දමා මල්ලට වී දෙකක්
පිටත් කෙරුවේ මහා දවාලේම
දුර යන්න තියෙනා නිසා අම්මේ
මග බලන් ඇති නංගිගේ පැටවුන්
උයලා කැකුළෙන් රස බතක්
එක කටක් අම්මට කවන්නට
ඉඩක් ලැබුනොත් දිනෙක අම්මේ
තවත්නම් මට කුමකටද නිවනක්
එදා සරත් කිව්වේ මොකක්ද? මෙන්න මේක:
(මේ තමයි තිලක සිත පොත දොරට වඩින දා විශාරද සරත් පීරිස් සංගීතයද සපයා ගායනා කරපු අලුත් ගීතය . පොත දොරට වැඩිය දා පිලිබඳ සොඳුරු මතකය පස්සේ ලියන්නම්. මේ ගී නිර්මාණය එලි දක්වන්න වෙහෙසුණු සරත් පීරිස් හා ජයවීර බණ්ඩාර මිතුරන්ට නොමද ස්තුතිය)
ලස්සණ සින්දුව තිලක. ගීත රචකයෙක් විදියටත් එදාම දොරට වැඩියද? :)
ReplyDeleteබොහොම ස්තුතියි පොඩ්ඩි . එදා ගීත රචකයෙක් විදිහට දොරට වැඩියා නෙවෙයි සරත්ලා වගේ සොඳුරු මිත්‍රයෝ ටිකක් මාව බලෙන්ම වැඩ්ඩෙව්වා
Deleteතිලකයියේ මේ දෙවනියට කියපු සින්දුව නේද , සරතයාගේ පලවෙනි සින්දුවෙත් sound clip එකක් තියෙනවනම් දාන්න. පලවෙනි සින්දුව එදා ඇහුනෙම නෑ .
ReplyDeleteසරත්අයියා ඉස්සර ඉස්කෝලේ සින්දු කියනකොටත් අපි පොරකනවා අහන්න. සරතයියගේ තාත්තාගේ අඩිපාරේ යන සරල සුන්දර නිර්ලෝභී මිනිහෙක් සරත්.
ස්තුතියි
සරත් මටත් මුණගැහිලා තියනවා. හැබැයි අපි සරත්ව දැනගත්තේ තබ්ලා වාදකයෙක් විදිහට. තමන් සංගීතවත් කරපු ගීත කීපයක් ගැන සරත් කතා කලත්, ඒ වෙලාවේ ඒක දිගට ගියේ නෑ.
Deleteඉවාන් සරත් පිරිස් කියන්නේ වේයන්ගොඩ බණ්ඩාරනයකේ සංගීත ගුරුවරයාද ??
Deleteඉවාන් මේ සිංදුවේ voice කරලා නෑ..... Track එක recording කරන වෙලාවේ සරත් මුමුණපු එක විතරයි ඔය. අන්තිම පද පේලිය නොකියන්නෙත් ඒකයි. මම හිතන්නෙ ළඟදිම කරයි. මම සරත්ව දන්නවා අවුරුදු 20ක් විතර, කාවවත් කොපි කරනවා නොවේ, සරත්ට ආවේනික හඬක් තියෙනවා. ඒ වගේම හරිම සුන්දර තනු කරල තියෙනවා. පේරා ඉන්න කාලේ 2nd year එකේදි කරපු ලස්සන සින්දු දෙකක් සෙනේට් එකෙන් අරගෙන Peradeniya University Anthem එකයි Science Faculty Song එකයි විදිහට නිර්දේශ කරගෙන පාවිච්චි කරනවා, ඒක සරත් දැනගත්තෙ ඊටත් අවුරුදු 13කට පස්සෙ. ඒ දවස්වල කරපු ඒවගේ නිර්මාණ කීපයක් මෙතන තියෙනවා.
Deletehttp://www.viramaya.blogspot.com/search/label/ගේය%20පද
ඔව් ඉවාන් එතැන සින්දුව කියද්දී මියුසික් ට්‍රැක් එකේ හඬ ගන්න පුළුවන් පහසුකම් අඩුවක් තිබ්බා. ඒත් මම මේ වගේ උත්සහ කරන්නේ සරත්ටත් සින්දුවටත් සාධාරණයක් කරන්න. කළා වැවේ කියන සින්දුව එදා කියපු පලවෙනි සුන්දුව. ඒක හරිම ලස්සනයි. මට අද ලැබුනා එකේ හඬ පටියක් ඒකත් දාන්නම් ඊළඟ පොස්ට් එකකින්
Deleteඔව් තිසර ළඟදී සනත් නන්දසිරි හා මල්කාන්ති නන්දසිරි යුවල සමග සරත් උතුරු කුරු දිවයිනේ සංරයක් කලානේ. අමරසිරි පීරිස්ටත් නෙලූ අධිකාරිටත් , සරත් ලස්සන තනු දෙකක් නිර්මාණය කරලා තිබ්බා ළඟදී
Deleteසින්දු ඇනෝ මේ පැත්තට ආදරෙන් පිලි ගන්නවා . නෑ ඒ ම සරත් නෙවෙයි .මේ කියන සරත් පීරිස් වැඩ කරන්නේ හාලි ඇල විද්‍යා විදුහලේ physics මාස්ටර් හැටියට
Deleteඅරිට්ටකී මාගේ අඩවියට ආදරෙන් පිලි ගන්නවා. ඔබේ සටහනට ස්තුතියි. ඔව් මේ ට්‍රැක් එක හදනකොට මුමුනාපු සින්දුව තමයි. අන්තිම පදේ සරත්ට හරියට කියවගන්න බැරි වෙලා. කිව්වා වගේම මේ සින්දුව ළඟදීම නියම ගීතයක් විදිහට එලියට ඒවි .
Deleteඅඩේ...
ReplyDeleteපට්ට සිංදුවක්නෙව..
පට්ටකියන්නෙ උපරිමයි..
සිංදුව වගේම මියුසික් එකත් බොක්කටම වදිනව...
ජයවේවා
බොහොම ස්තුතියි මහේෂ් . ඔබ රසවත් වුනානම් සතුටුයි
Deleteපස්සේ තමා අහන්න වෙන්නේ..
ReplyDeleteඑහෙනම් අහලාම අදහස කියාපන් දේශෝ
Deleteතිලක සිතේ මම තියෙන පළමුවැනි සටහන.මේ තරම් ලස්සන ලියවිල්ලක් තියෙන බ්ලොග් එකක් මට මේ තරම් කාලයක් මග හැරී තිබුණානේ.
ReplyDeleteතනිකඩයාගේ මවගේ හිතේ නිවනක් නැතුව ඇති පුතු තනිකඩව සිටීමත්.
ආදරෙන් පිලි ගන්නවා මනෝජ් . තනිකඩයෝ නොවුනට අපේ අම්මලත් තාමත් අපි ගැන වද වෙනවා
Deleteඔව් පොත දොරට වැඩුම ගැන සහෘදයෝ ලියපු සටහන් කියෙව්වා. ඒක උඹේ පැත්තෙන් අහන්න බලාගෙන ඉන්නවා.
ReplyDeleteමමත්...
Deleteඔව් මචන් ලියන්න ඕනි. ඒත් මේ ළඟ ළඟ මේ ගැන ගොඩක් ලියවිච්ච නිසා සතියකින් දෙකකින් ලියන්නම්.
Deleteලස්සන පද පෙළක්.. සිංදුව පස්සේ තමයි අහන්න වෙන්නේ.. මමත් මේ අම්ම බලන්න යන්න ඇඟිලි ගැන ගැන ඉන්න ගමන්... හිතට දැනුනා..
ReplyDeleteබොහොම ස්තුතියි පැතුම් . ඔබේ අම්මාට නිරෝගී සුව පතනවා
Deleteඅපූරු සංකල්පනාවක්
ReplyDeleteබොහොම ස්තුතියි බස්සි
Deleteහරිම ආඩම්බරයි තිලකේ...මට එදා එන්න බැරි වෙච්ච එක ගැන හරිම දුකයි. තිලකගේ අකුරින්ම එදා ගැන ලියනකං බලන් ඉන්නේ.
ReplyDeleteගීතයේ අන්තිම පේලි තුන වෙනස් කරලා හතරවන පේලිය තාම හිතනවද? ඒකත් අමුතුදෙයක් නේන්නම්...!
ස්තුතියි මචන්. එදා බැරි වුනාට නුදුරේම හම්බ වෙමු. හෙහ් හේ ඔව් මේ අන්තිම පද ටික එහෙට මෙහෙට කරකවා කරකවා රෑක් කතා කර කර හිටියා .මතට තිත වැඩේ වවාගෙන කෑවා . අපේ වත්තේ ජෑම් ගහ දන්නවා විස්තරේ
Deleteඅපේ ෆ්ලැට් එක ඉස්සරහ කාක බෝ ගහත් දන්නව මයෙ හිතේ :) . ආඩම්බරයි. මං තමයි මේ ගීතයේ පළවෙනි රසිකයා... (නිර්මාණයට හවුල් උන අය හැර) අහ්! සමාවෙන්න අතර මැද්දෙන් කඩාගෙන පැන්නට. නොලියා ඉන්න බැරි උනා.
Deleteආ ඔය කියන දෙවන දවසේ රසවත් හමුවක් තියෙන්න ඇති. කල්‍යාණ මිත්‍රයෝ තුන් දෙනෙක්නේ
Deleteසින්දුව ලස්සනයි...
ReplyDeleteබොහොම ස්තුතියි
Deleteසංශෝධනය නොකල එකට මම නං වැඩිය කැමතියි තිලකෙ.
ReplyDeleteඔව් රාජ් පළමු කවිය මම අත පය දිග ඇරලා බොහොම නිදහසේ ලියපු එකක්නේ. ඒත් ඒ වගේ එකක් සින්දුවක් කරන්න බැරි නිසා දෙවැනි එක තමයි ගත්තේ. මාස කීපයකට කලින් අතරමැදි වර්ෂන් එකකුත් මම මුණු පොතට දැම්මා . ඒක එච්චර නැගලා ගියේ නෑ
DeleteAa sinduwa hodai paw lu sha kiwa wage kalin eka ehun nd
ReplyDeleteඔව් අමිල එදා පොඩි අඩු පාඩුවක් වුනා . ඒ සින්දුවත් මම දාන්නම්
Deleteහුනු සහල් කිරි බත් අම්මට කියල හදවගෙන කන්න ඕනෙ. තිලක සිත පොත තමයි මේ නිවාඩුවෙ කියවන්න ඉන්නෙ. ආයෙ ආව දවසට මගෙ පොතට අත්සනක් දාල දෙන්න.
ReplyDeleteඔව් ඔව් සුණු සහල් කිරි බත රසයි. අපි කිව්වේ හූසල් කිරිබත් කියලා . පොත පිරෙන්න අත්සන් ගහන්න බැරියෑ අපි හම්බ උනාම . ස්තුතියි කම්මල
Deleteඑදා පළමු සින්දුව සවුන්ඩ් කාරයෝ කාල දැම්මනේ...
ReplyDeleteඑකනේ මචන් . පොදු ජන ආයතනනේ . සම්පත් සීමිතයි
Deleteකලකින් සිත නිවන සින්දුවක් ඇහුවා....
ReplyDeleteපද රචනය පට්ට (ඒ කියන්නේ උපරිම.)
සමාවෙයන් මිතුරාන
මුණ ගැසීමට නොහැකි වූවාට..
බොහොම ස්තුතියි මචන්. අපි ඊළඟ පාර නිවාඩුවට ආවාම මුණ ගැහෙමු නෙවෙයි කට්ටිය සෙට් වෙමු
Deleteඑදා එන්න බැරිවුව්න එකට තාම දුකයි අයියෙ,
ReplyDeleteලස්සනම සින්දුවක්.නියමයි.උබ එපැත්තෙනුත් මරු
ඒකනෙ බන් එදා ආවනම් හොඳයි. ඒත් කමක් නෑ ගාලු ආවාම එන්නම් ඒ පැත්තේ
Deleteසිංදුව ඇත්තටම ලස්සනයි අයියේ.. තව ලියන්න..
ReplyDeleteබොහොම ස්තුතියි මල්ලි . තව ලියන්න හිතුනා
Deleteතනිකඩ කමින් අත්මිදිලා කාලයක් ගියත් අම්මට අපි තනිකඩ අය.අපි ගැන වද වීමේ කෙළවරක් නෑ.මේ ගැන පෝස්ට් එකක්ම ලියන්න පුළුවනි තිලකේ.
ReplyDeleteගීතයට මා හරිම සංවේදී උනා.ස්තූතියි.
උඹට හැඟෙන දේ මට දැනෙනවා මචන් . බොහොම ස්තුතියි
Deleteමට හිතෙන්‍නෙ ඕනැම මනුස්‍සයෙකුගෙ හදවත නමැති පනිට්‍ටුව පතුලට බේරිලා තියෙන මනුස්‍සකම නමැති රොන් මඩ ඩිංග කලත්‍තගන්‍න පුලුවන් ලොකු හයියක් ලලිත කලාවට තියෙන බවයි. සංවේදී මිනිහ හිතන්‍න බලනවා. කැමතිවා හෝ නොකැමැතිවා, ලාංකිකයාට සමීපතම ලලිත කලාව ගීතයයි (සමහරු දැං කියයි "මොන පිස්‍සුද? ලාංකිකයාට වඩාත් සමීප ටෙලි නාටක" කියල. ටෙලි නාටක ලලිත කලාවක්‍ද "බලිත කලාවක්"ද කියන එක වෙනම කාරණාවක්). ලාංකික සම්‍භාව්‍ය ගීතය මට හිතෙන විදිහට සෙසු ජගත් ගීත සම්‍පුදායට වඩා බොහොම වෙනස්, ලාංකික සම්‍භාව්‍ය ගීතය සතු උල සෙසු ගීතයට වඩා තියුනුයි -අර කියාපු රොඩු බොඩු පිරිච්‍ච පනිට්‍ටුව පතුලටම කිඳා බහින්‍න සමත්. මේ නිසා ලාංකිකයා සංවේදී කිරීමේ දිගු කාලීන සහ කවදාවත් කෙළවරක් නොවෙන project එකට ලාංකික සම්‍භාව්‍ය ගීතය යොදාගත යුතුමයි. "ඇයි දැන් ඉස්‍සර වගේ කණ හරහා වදින සිංදු හැදෙන්‍නෙ නැත්‍තෙ" කියන පුශ්‍නෙට එක්‍තරා පිළිතුරක් තමයි, "කණ හරහා වදින ගීත රචනා විරල වීම" කියන එක. සංවේදී ලාංකික ගීතයේ මුදුන් මුල පද රචනාවයි. මේ නිසා තමයි, ලෝකයේ සෙසු ගායකයො තමංගෙම "සිංදු" ලියාගනිද්‍දි ලාංකික ගීත රචනාවට අති සම්‍භාව්‍ය (සේකර වගේ) මහා පුරුෂයො උවමනා උනේ. සෙසු ලෝකය "ටියුන් එක"ට හරියන වචන අතට අහුවෙන තැනකින් අරන් පූට්‍ටු කරල "සිංදු" හදද්‍දී, ලාංකික "ගීතය" බිහි උනේ අර මහා පුරුෂ, මහා චින්‍තනය අරටුවට තියාගෙනයි (මේකෙන් අදහස් වෙන්‍නෙ නැහැ "පිරිමින් විසින් රචිත" කියන එක). එක්‍තරා සංගීත රචකයෙක් (සංගීත රචකයා කියන්‍නෙ ගීත රචකයා නෙවෙයි) කියාපු හැටියට, හරිහමං (of epic proportions) තනුවක් ලියන්‍න නං ගීත රචනාව තනු නිර්‍මාපකයාව කම්‍පනයට පත් කරන්‍න සමත් විය යුතුයි. ඒ තනුවට හරිහමං සංගීතයක් රචනා වෙන්‍න නම් ගීත රචනාවේත් තනුවේත් සංකලනය සංගීත රචකයාව කම්‍පනයට පත් කල යුතුයි. මම මේ වැල්‍වටාරම පැය ගානක් තිස්‍සෙ හිත හිතා ලිව්‍වෙ ගීත රචනාවට අපේ උක්‍ත කතු තුමාගේ අවධානය සහ උත්‍සාහය යොමු කරවන්‍නයි. එදා අහනකොට ඇඟේ හිරිගඩු පිපිලා රේඩියෝ එක පොලොවෙ ගහන්‍න හිතුනු "සිංදු" මේ ඊයෙ පෙරේදා ආයෙත් ඇහෙනකොට මට හිතුනා "අඩේ මේවත් නරකම නෑ" කියල. එතකොට මට මතක් උනා ඒ කාලෙ වරක පලුවෙ මදුලු ඉවර උනාම "මහත ඉරි" හොය හොයා කාල ඒකත් ඉවර උනාම රිලවෙක් වත් නොකන "ඉරි"ත් කාපු හැටි. එදා හිටපු පුබ්‍බරු ගායකයො අද මහා සංගීතඥයො වෙලා. සම්‍මන්‍ත්‍රන වැඩ මුළු තියාගෙන සමහරු මිනී වලවල් වලින් සමාව ඉල්‍ලා හිටිනවා "සම්‍මාන දුන්‍නෙ නෑ, සීරියස් ගත්‍තෙ නෑ, සොරි අනේ..... " කියල. ඒක නෙවෙයි... අද උදේ පාන්‍දර නැගිටපු ගමන් හීලට කෑවෙ මොනවද දන්‍නවද? වරක මදුලක්...
ReplyDeleteලංකාවේ ගීත කලාව ගැන බරපතල සාකච්චාවක් කරන්න පුළුවන් මාතෘකාවක් . ඒත් මේ කමෙන්ටුව මුලින් මග අරුනා. හොඳ ගීත රචනාවත් ගායකයින්වත් බිහි කරනවාට වඩා මාකටින් හා ගරිල්ලා මාකටින් වැඩ ඔස්සේ ගීත ඉස්මතු කරන රැල්ලකුත් තියෙනවා
ReplyDeleteබොහොම සොඳුරු පද රචනාවක් සහ හැඟුම්බර ගීතයක්....
ReplyDeleteඔබ ඊට කලින් නිසඳැස් ආරයට ලියූ පද පෙළ තමයි වැඩියෙන්ම හිතට දැනුනේ...නමුත් ගීයක් කරද්දී වෙනස් කම් කරන්න වෙනවා...ඒක වලක්වන්න අමාරුයි...