තාත්තේ ඔයාගේ හොඳම යාළුවා කවූදැයි කියා දවසක් පොඩි දෝනි මගෙන් ඇසුවාය. ඒ වෙලාවේ මගේ හොඳම යාළුවාත් අපේ ගෙදර ඇවිල්ලා සිටියේය. මම ඔහු දෙස බලා පොඩි සිනාවක් පෑවෙමි ඔහුද කාරණය තේරුම් ගත්තාක් මෙන් මා දෙස බලා සිරියාවන්ත අහිංසක සිනාවක් පෑවේය. දෝනි මේ කිසිවක් දුටුවේ නැතිමුත් ඇය ආයෙමත් ඒ ප්‍රශ්නය අසන්නේ නැතිව චිත්‍රයක් අඳින්නට පටන් ගත්තාය.
මගේ පොත එලි දකින්නට දවස් දෙකකට කලින් මම ඔහු බලන්නට යන විට ඔහු ලොකු අකරතැබ්බයකට මුහුණ පා සිටියේ සති කීපයක් තිස්සේ තරමක් අසනීපයෙන් සිටිද්දී කොරේ පිටට මරේ කීවාක් මෙන් කෑම මේසයේ පුටුවෙන්ද බිමට ඇද වැටීම නිසාය. පිට පැත්ත බිම ඇනී හොඳටම අමාරු වී තිබිණි. මම යනවිට ඔහු හැරෙන්නටවත් නැගිටින්නටවත් බැරිව ඇඳේ දිගා වී සිටියේය. මා දුටු විගස ඔහු බොහොම අමාරුවෙන් කෙඳිරි ගාමින් කිව්වේ මම කොහොම හරි උත්සවේට එනවා කියලාය. ඒ වන විට ඇඳ වටා රොක් වී සිටි ඔහුගේ දියණියන්ගේ මුහුණුවල ලියවී තිබුනේ අපේ තාත්තාට අමාරුයිනේ එදාට එන්න පුළුවන් වෙයිද වගේ ප්‍රශ්නයකි.
ඒත් මම මගේ යාලුවා ගැන දන්නා නිසා ඔහු නොවැරදීම උත්සවයට එන බව මම දැනගෙන සිටියෙමි. කිව්වා වාගේම ඔහු අලුත් ඇඳුම් සුට් එකක් ඇඳගෙන ඇවිත් ඉස්සරහම පේලියේ වාඩි වී සිටියේය. එදා තරම් ඔහු සන්තෝෂයෙන් සිටි තවත් දවසක් මටනම් මතක නැත.
මීට වසර ගනනකටපෙර අපි කොහේදෝ ට්‍රිප් එකක් යද්දී හොඳම යාලුවාගේ පවුලේ සියලු දෙනාත් ගමන යන්නට ආවෝය. පාන්දර පිටත් වී ආපසු එන විට හැන්දෑ වන නිසා බල්ලාට කෑම දී එනකන් ඉන්නයි යාලුවා කිවේය. ඊළඟට කෑම බඳුන් දෙකක් අතින් හෙන බලු කුඩව දෙසට ගිය ඔහු ආපසු ආවේ බල්ලාට හොඳටම බැන වදිමිනි. මේ යකාට දවල්ට කන්න බත් එකයි උදේට කන බත් එකයි ලඟින් තිබබා. ඌට ඔච්චර කියලත් පැනපු ගමන් දවල් එක කෑවා ඊට පස්සේ උදේ එකත් කෑවා. එදා අපේ ගමන පටන් ගත්තේ මේ රස කතාවත් සමගය.
අපි 96 අවුරුද්දේ කසාද බැන්දාට පසු ටික දවසක ගල්කිස්සේ කුලී ගෙදරක සිට ආපහු මහගෙදරට පැමිණියේ කිට්ටුවෙන් කුලී ගෙයක් හොයා ගන්න ඕනෑ කියලාය. මහා ගෙවල්වල ඉඩ තිබ්බාට අපිටම කියා ජීවිතයක් ඕනිනේ. මේ කුලියට ගෙයක් හොයන හැම ගමනටම හොඳම යාළුවාත් ආවේය. හැම ගෙදරකම ඇද කුද කියූ ඔහු අපිට ගෙයක් ගන්නට දුන්නෙම නැත. මට හිතුනෙම මොහු මහා ඇණයක් වෙන්නට යන බවකි. එක ගෙදරක් තෝරාගෙන ඔහුට හොරෙන් එහි ගියේ ඒ ගෙදරට ඇඩ්වාන්ස් එකක් දීමටය. ඒත් කොහේදෝ සිට කඩා පාත් වූ හොඳම යාලුවා ඒ මුදල දෙන්නට නොදී මා ඇදගෙන ගොස් මට කිව්වේ කුලී ගෙව ගෙවා ඉන්න සල්ලි වලින් මෙන්න මෙතනින් ගෙයක් හදන්න පටන් ගන්නා ලෙසය.
දෙයියනේ අතේ රුපියල් දහදාහක් තියාගෙන ගෙයක් හදන්නේ කොහොමද ? ඒත් යාලුවාගේ පෙරත්තයත් වෙනම ගෙයක් ඕනෑම කියා හිතුනු නිසාත් දත කාගෙන කාමරයක් කුස්සි කෑල්ලක් හදා ගත් අපි මාස තුන හතරකින් එහි පදිංචියට ගියෙමු..
අපි මේ තරම් යාළුවන් වුනේ මොහුගේ ජීවිත කතාවේ හා පැවැත්මේ බොහෝ තැන් බෙහෙවින්ම මට අල්ලා ගිය නිසාය .මේ යාලුවාගේ කතා මහා ගොඩක් තිබුනත් ඔහු ගැන වෙනම පොතක් ලියන්නට අපේ ලොකු දෝණී පටන්ගෙන තියෙන නිසා වැඩි යමක් නොලියමි. ඒ කතාව යුගයක කතාවකි. දසක හතක වාමාංශික දේශපාලනයේ සිටි බොහෝ ප්‍රගතිශීලීන් මෙන්ම හොඳ කලාකරුවන් රැසක් සමග ගෙවුණු ඔහුගේ අතීත ජීවිත කතාවල වියපත් ඇස් ඒ වික්‍රමසිංහද , කුඩා රෝහණ විජේවීරද , එච් ආර් ජෝතිපාලද , එපමණක් නොව ඩීමන් ආනන්දද සිටිති.
ඔහු සරල සැහැල්ලු නිරහංකාර මිනිහෙකි. පොත කරේ ගසා නොගත් ප්‍රායෝගික සමාජවාදියෙකි. ගෙදරදීත් රස්සාව කරද්දීත් , ගමේ සමාජයේත් ඔහු සොඳුරු මග පෙන්වන්නෙක් වුනේය. මම ඔහුගේ කැමතිම තවත් ගුණයක්නම් අවුරුදු ඇසුවට කිට්ටු කරලා හිටියත් ආගමික හෝ ගෝත්‍රික අන්තවාදයක් නැතිකමය. තාමත් පන්සල් නොයන ඔහු පුළුවන් තරම් පන්සිල් රකින මිනිසෙකි.
පුදුමයකට මෙන් ඔහුගේ මේ සරල සුන්දර ගති පැවතුම් එලෙසින්ම වාගේ ඔහුගේ දියණියටද තිබුනේය.දසක දෙකකට පෙර මේ යාලුවා මට මුණ ගැසුනේද ඇයගේ මාර්ගයෙනි.
මීට හරියටම අවුරුදු දහ අටකට පෙර හොඳම යාලුවාගේ වැඩිමහල් දියණියගේ මගුල් ගෙදරට මමද ගියෙමි. මගේ බ්ලොග් එකේ ජනප්‍රියම පොස්ට් එක වී ඇත්තේ ඒ 'මගුල් ගෙදර' ගැන කී කතාවය. කාටවත් සොරාගන්නට බැරි ආදරයක් සමග සොඳුරු සිතැත්තියක් මට තෑගී දුන් ආදර මාමණ්ඩිය මට දැන් සිටින හොඳම යාළුවාය .
මුලින්ම කියවන කොට හිතුනේ තිලකතාත්තා ගැන තමා කියන්නේ කියලා.. හරිම අපුරුයි තිලකේ... නිවිහැනහිල්ලේ උදේම කියෙව්වේ මේක නිසා මට පුදුම වින්දනයක් ලැබුනා බං..
ReplyDeleteබල්ලට බැනපු සීන් එකට නං මට තාම හිනා..
අපි ඔබේ හොදම යාළුවාට දිරිඝායු පාර්ථනා කරන්නෙමු..
මේවට තමා රියල් කතන්දර කියන්නේ..
බොහොම ස්තුතියි දේශෝ . පහුගිය ටිකේ ලියන්න ගැම්මක් තිබ්බේ නෑ . මේක ආපහු මගේ සුපුරුදු රටාවට එන්න දරපු උත්සහයක්. සතුටුයි උඹ වින්දානම්
Deleteසාමාන්‍යයෙන් නැන්දම්මා ලේලිලා අතර මෙන් මාමණ්ඩිලා බෑනලා අතර කේස් නෑ නේද?
ReplyDeleteඔය වයසේදීවත් පන්සල් නොයනවා නම් අනිවා ඩෙෆා හොඳ අවංක පින්වත් මනුස්සයෙක්!
දිගායූ!
machan kaka ayye ayeth liyanna patan ganin ban ....
Deleteපුහ්, පාඨක ඉල්ලීම්!
Deleteඅපි ඉතිං ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලන්නෑ.. (නොලෙැබෙන බව දන්නවා නේ) හැක්
Deleteමමත් යෝජනා කරනවා කකා මොන විදිහකින් හරි ආයෙමත් ලියන්න එන්ටර් විය යුතුමයි කියලා
Deleteමෙහෙම හෘදයාංගම සටහනකට ප්‍රතිචාරයක් නොදක්වා ඉන්නේ කොහොමද? මගේ මාමණ්ඩියා නම් මේ තරම් මිත්‍රශීලි නැහැ.මමත් බලාගෙන ඉන්නේ ,,-කුලී ගෙව ගෙවා ඉන්න සල්ලි වලින් මෙන්න මෙතනින් ගෙයක් හදන්න පටන් ගන්නා ලෙස- අපේ මාමණ්ඩිත් කියයිද කියලයි.
ReplyDeleteබොහොම ස්තුතියි චින්තක . මේ පැත්තට ආදරෙන් පිලි ගන්නවා.මම හිතන්නේ ඔබේ මාමා ළඟදීම කියයි ගෙයක් හදන්න පටන් ගන්න කියලා
Deleteමාමන්ඩිලා කොහොමත් හොඳ මිනිස්සු. විශේෂයෙන් කන බොන කෙනෙක් උනාම. එ අස්සේ මගේ මාමන්ඩිට මනමාල කමත් හොඳටම තිබුනා. ඒ නිසා ඒ පැත්තත් කවර්.
ReplyDeleteලොකු දුවගේ පොත නැගලාම යයි මයෙ හිතේ..
ඔව් මචන් හොඳට ෆිට් වෙන මාමා කෙනෙක් ලැබුනම ජීවිතේ ජොලි මූඩ් එකේ තියාගන්න පුළුවන් . දුව කම්මැලි නොවී ලිව්වොත් ලියන්න ගොඩක් දේවල් තියෙනවා අපේ මාමා ගැන
Deleteවාසනාවන්ත බෑණෙක්
ReplyDeleteස්තුතියි ප්‍රා ජේ . මට හිතෙන්නේ මාමාත් ටිකක් වාසනාවන්තයි කියල D
Deleteආයමත් දවසක අපි සෙට් වෙමු කියා නැගිට්ටා
ReplyDeleteඔිකේ මචං මම කියන්නම් දවසක් කිව්වට
උඔත් කිව්වේ නෑ දවසක් මට ඔහේ එන්නට
මටත් තිබුනේ නෑ දවසක් උඔට කියන්නට
එදා සිට හයවසක් ඇදං ගියා අපේ ඡිවිතය
අපේ පයටමයි පැගුනේ ඒ සාද හැන්දාව
එල එලා දුන්නාට දිග් දිගට හතර අතට අධිවෙගි
උඔ තියා මට මාවවත් හමුවුනේ නෑ මිතුර
රස්සාව කෙරැවා ඔිටිත් කෙරැවා තව බ්‍රෝකර් වැඩත්
ගෙයක් හැදුවා තාප්ප බැන්දා ගත්තා කිරි කිරි මරැතියක්
පොඩ්ඩෝ ඉස්කෝලේ දැම්මා පන්ති ඇරියා
පස්ස හැරිලා බලනකොට කෙස්ස සුදුයි අඩමානයි ඇහැත්
කැකුලු මල් කපනසේ කපන ණය වාරිකේ දුක කියන්නට
මහගෙදර තනියෙන්ම මල තාත්තා ගැන කිය කියා අඩන්නට
ආත්මයේ ශ්‍රැතිය සුසර වෙනකොට කපුගේ ගියක් ගයන්නට
උඔත් කිව්වේනෑ දවසක් ඔහේ එන්නට
මටත් තිබුනේ නෑ දවසක් උඔට එන්න කියන්නට
බොසාට කුද ගහගන්න කියලා බලෙන්ම නිවාඩුවකුත් අරන්
නෝනාට සත්තමක් දාලා අන්තිම දෙදහත් අරන් අල්මාරියෙන්
මරැතියට ෆුල් ටැන්ක් ගහලා කූකුලත් අතින් අරන්
ඔන්න මම ආවා, මොටද බං අද දවසේත් නැති යඵකං
මුනත් කළු ගැහි ඔයහැටි කේඩැරි වි අතපයත්
මට වගේමයි උඔටත් හුගක් මහන්සියි නේද දැන්
ඔහොම නිදියං ඉන්න එපා නැගිටපං බං අනේ නැගිටපං
බදාගෙන අඩමු අපි අපිට කොහෙ හරි වැරදුනා බං.
මෙන්ඩො මේක ගත්ත තැන දැම්මෙ නැත්නම් උඹ අනෝවෙක්ගෙන් පොලුපාරක් කනව ෂුවර්.
Deleteකවුරු ලීවත් , මගේ හදවතට වැදුනු පද පේලි ටිකක්.
ස්තුතියි කම්මලේ..මම මේක දැක්කේ රිවිර පත්තරෙන් මගෙත් බෝක්කට වැදුන නිසා ලියාගත්ත.
Deleteමෙන්න මේක තමයි යාලුකම වැරද්ද දුටුතැන ආවවාදයක් දිලා හාදාගන්න එක තව කෙනෙක්ගෙන් බැනුම් අහන්න ඉස්සර. උඔට ආයමත් පාරක් ස්තුතියි කම්මලේ.
තිලක සිතේ මිතුරැකමට උපාහාර පිනිස කවිටික අකුරැකරේ.
සංජීව ලස්සන පද පෙළක්. ස්තුතියි. මේකේ මුල් රචකයාගේ නමත් මෙතෙන්ට එකතු කර ගන්නම ඕනි. හම්බුනොත් දානවද
Deleteදැන් ටික කාලයක් නිසා මතක නෑ අයියන්ඩි.
Deleteමේක ලිවුවේ රෝහණ පොතුලියැද්ද.
Deletehttp://boondi.lk/article.php?ArtID=4016
මමත් මුලින්ම හිතුවේ තාත්තා ගැන තමයි තිලකේ ලියන්නේ කියලා, මොකෝ තිලකේගේ රටාව දැන් හොඳට හුරුපුරුදු නිසා...මමත් දැන් මාමන්ඩියෙක් වෙන්න ඔන්න මෙන්න ඉන්න නිසාද කොහෙද මගක් කියවගෙන යනකොට හිතුනා මං ගැනත් කවදා හරි මෙහෙම හිතෙන විදියට ජීවත් වෙන්න ඕනය කියලා...තිලකේගේ කථා වලින් අපිට එහෙම වෙන එකම ඇති තිලකේට තවතවත් මේ වගේ කථා ලියන්නත් අපිට කියවන්නත් වාසනාව ලැබෙන්න...තාමත් දුකයි එදා එන්න බැරි වෙච්ච එක ගැන...දෝනිඇන්දා ගේ පොතටත් ජයෙන්ම ජය....
ReplyDeleteමට හිතෙන්නේ මචන් උඹට ලැබෙන බෑනා හැබෑ වාසනාවන්තයෙක්. ඒකෙ දෙකක් නෑ . බොහොම ස්තුතියි
Deleteතිලකේගෙ හොඳම යාළුවාට නිදුක් නිරෝගී දීර්ඝායු පතනවා... බොහෝ ඇසූපිරූතැන් ඇත්තෙක් වගෙයි....
ReplyDeleteබොහොම ස්තුතියි තිසර . ඔහු වෘතීය සමිති වැඩ නිසා බොහෝ දෙනෙක් ඇසුරු කරලා තියෙනවා
Deleteහොඳම යාලුවාට දීර්ඝායුෂ පතනවා , ඊළඟට එන්නේ තිලකයියට කාගේ හරි හොඳම යාලුවා වෙන වාරේ,මං හිතන්නේ මාමයි බෑනයි දෙන්නම වාසනාවන්තයි
ReplyDeleteබොහොම ස්තුතියි ඉවාන්. හේ එකන මම අපේ ප්‍රා ජේ ටත් කිව්වේ
Deleteඅවුරුදු දහ අටක්! මාමටයි බෑණටයි නෝනටයි අදට යෙදෙනෙ දහ අටේ සංවත්සරේටයි සේරටම එක පාරම ඔන්න සුභ පතනව බොක්කෙම්ම.
ReplyDeleteඔන්න මම වහෙන් ඔරෝ කිව්ව සංවත්සරේ ගැන ඉන්දික තමයි ඉස්සෙල්ලාම සුබ පැතුවේ. බොහොම ස්තුතියි
Deleteහරිම ගති..... හොඳම යාලුවාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කළ බව කියන්න අයියෙ.. පොත එළිදැක්වීමේ උළෙල නිමාවෙදි මේ හොඳම යාලුවා එක්ක ටිකක් කතා කරන්නත් ලැබුණා..
ReplyDeleteලොකු දෝණි ලියන පොතටත් අපි සුබ පතන බව කියන්න....
එදා ඔහුට කතා කරන්න ලැබුනාද . සතුටුයි, ඔබේ පොත ලියන වැඩේත් ඉක්මනින් කරන්න. අපි බලා ඉන්නවා. බොහොම ස්තුතියි
Deleteහරිම රසවත් ..... චුලනී ලගත් තිබෙන්නේ ඒ් ගති ගුණමයි.... මගේ හොදම යාළු චූලනී මට මුණගැහුනේ 1998... ඒදත් අදත් අැය ඒකසේමයි... හරිම නිරහංකාරයි.... අය්යේ ඔබ හරිම වාසනාවන්තයි අැයගේ පියා ඔබගේ හොදම යාළුවා ඔවුනුත් හරිම වාසනාවන්තයි ඔබ වගේ බෑනෙකු ලබන්නට..... ඉදිරි සියලු කටයුතු සාර්ථක වේවා.....
ReplyDeleteනූතන නිබ්බුත පද?
Deleteබොහොම ස්තුතියි නංගී මේ ගුණ වැනුමට හා සුබ පැතුමට . ඔව් කකා නුතන නිබ්බුත පද වගේ තමයි.
Deleteමාමෙක්, ඉස්සල්ලාම කියවන්න යද්දි හිතුනෙ තාත්ත ගැන කියල, තාත්තලත් හොද යාලුවො වෙනවනෙ හරියට මගේ තාත්ත වගේ.
ReplyDeleteමාමණ්ඩිල හැමතිස්සෙම බෑනලට යාළුවො වෙනව නේද? මටත් දැන්නම් කියන්න වෙන්නෙ මාමන්ඩි තමයි හොදම යාළුව නැති උනාම ,ඉන්න හොද්ම යාළුව කියල.
මාමණ්ඩිට දීර්ඝායුශ ප්‍රාර්ථ්නා කරනව වගේම, දෝණි ගේ ලියවිල්ලටත් සුභ පැතුම්.
This comment has been removed by the author.
Deleteඔව් තාත්තලා එක කාලයක් ආදරණීය රැකවරණයක් සලසනවා . සමහරවිට යාළුවො වගේ හැසිරෙන්නේ පොඩි කාලෙදියි ටිකක් වයසට ගියාමයි . මාමලා බොහෝ වෙලාවට යාලුවන් කරගන්න ලේසියි.
Deleteමාමණ්ඩි ට දීර්ඝායුශ ප්‍රාර්ථ්නා කරමී.
ReplyDeleteබොහොම ස්තුතියි . හොඳ නිවාඩුවක් ගෙව්වා නේද?
Deleteමුලින්ම කියවගෙන එද්දී හිතුවෙ තාත්ත ගැනයි කියන්නෙ කියල.තිලකෙ මට මාමණ්ඩියෙක් හිටියෙම නැති නිසා මට කවදාවත් ඔහොම කතාවක් ලියාගන්න වෙන්නෙ නෑ.
ReplyDeleteමචන් තාත්තා ගැන ලියනවා කියල තමයි හැමෝම මුලින් හිතල තියෙන්නේ. උඹේ මාමාගේ කතාව උඹට ලියන්න බැරිවීම ගැන දුකයි
Deleteඋබනම් මාර වාසනාවන්තයි අයියෙ.උඹගෙ ඇනිවසරියට සුභ පැතුම්.මම හිතන්නෙ උබෙ මගුලෙ පොස්ට් එකතමයි මම මුලින්ම කියෙවුවෙ.අටම පාර කියල.යාලුවට කියහන් නිදුක් නිරෝගී සුව පැතුව කියල.
ReplyDeleteබොහොම ස්තුතියි බන්. ඇනිවසරියේ පෝස්ට් එකෙන් තමයි උඹලා ගොඩ දෙනෙක් හමු වුනේ. මුලින්ම අපේ අටමා පාර පෙන්නපු උදවිය .
Deleteඋඹ නම් හැබෑම වාසනාවන්තයෙක්. මම දන්න හුඟක් මාමලයි බෑණලයි අතරේ තියෙන්නේ ෆ්‍රික්ෂන් එකක්.
ReplyDeleteබලු කතාව නම් මරු බං. මාමගේ මූණ හොඳට දැකලා පුරුදුයි.
මාමාට දීර්ඝායුෂ පතනවා.
මචන් මේ වාසනාව තියෙන්නේ බොහොම පුංචි පුංචි දේවල. හරියට බැලුවොත් අපි හැමෝගෙම ජීවිතවල තියෙනවා. බොහොම ස්තුතියි බන්
Deleteපපුවටම වැදුන තිලකෙ මගෙ මාමණ්ඩියත් ඔය වගේම සොඳුරු චරිතයක් නිසාවෙන්. මේ පහුගිය සති අන්තයෙ තිබ්බෙ උන්දැගෙ තුන්මාසෙ දානෙ. මළ ගෙදරටවත් මට යන්ට බැරිඋනා. එව්ව එහෙම තමයි ..ලබා උපන් හැටි!!!
ReplyDeleteඋඹේ මාමා ගැන මගේ ශෝකය. අපේ නැන්දම්මා නැති වෙච්ච වෙලාවෙත් මම හිටියේ මේ කාන්තාරේ තමයි. ඒකට යන්නත් මට සෑහෙන අමාරු වුනා. ඔහොම තමයි බන් ජීවිතේ
Deleteඅපිට නෑනේ අෆ්ෆා මෙහෙම මාමණ්ඩියෙක් හම්බුනේ.. හරිම අපූරු චරිතයක්..
ReplyDeleteමාමණ්ඩි මේ වගේ කර ගන්න පුළුවන් දිනේෂ්. ඒ වෙනුවෙන් අපේ පැත්තෙමුත් පොඩි කැප කිරීමක් සහ තේරුම් ගැනීමක් කරන්න ඕනි
Deleteමාමණ්ඩි කියලා අන්තිම වෙන කල් තේරුණේ නෑනේ. මාමණ්ඩිලා ලේලිලාටත් ගොඩක් ආදරෙයිනේ....:)
ReplyDeleteමාමන්ඩිලා තමන්ගේ දුවට නැත්නම් පුතාට තියෙන ආදරේ තරම තමයි මේ විදිහට පෙන්නන්නේ පොඩ්ඩි
Deleteඅපූරු මිත්‍රත්වයක් ...
ReplyDeleteවගෙම පට්ට චරිතයක් ඇ....
ඒ වගේ අය ඇත්තටම අඩුයි අද සමාජෙ... තමන් ගැන විතරක් හිතන අය අතර අනුන් ගැන හිතන ඒ වගේ නිරහංකාර මිනිස්සු
හරියට බොරළු අස්සෙ මැණික් වගේ...
ජයවේවා
බොහොම ස්තුතියි මහේෂ්
Deleteඅපූරු හෘදයාංගම සටහනක්.
ReplyDeleteබොහොම ස්තුතියි බස්සි
Deleteමම හිතුවෙත් මුලින්ම මේ කියන්නේ තාත්තා ගැන කියලා.
ReplyDeleteඒ අස්සේ විවාහ සංවත්සරයක් ගැනත් කියවෙනවානේ.එක අල්ලා ගත්තේ ඉන්දික ගේ කමෙන්ට් එකෙන්.යාළු කමට විවාහ සංවත්සරය දෙකටම සුබ පැතුම්..!!
යාළුවාට දීර්ඝායු පතනවා.
බොහොම ස්තුතියි මනෝජ්
Deleteබෑනගේ අනාගතය සෑහෙන්න උවමනාවෙන් සැලසුම් කරලා. තාත්තලා එහෙම තමා දූලාට.
ReplyDeleteදුව වෙනුවෙන් තියෙන ආදරේ තමයි ඒ . විසිටර්ගේ පළමු විසිට් එක නේද ?වෙල්කම් කිව්වා
Deleteපොත එළි දක්වන දවසෙ හොඳ ම යාළුවා එක්ක හොඳම කතා බහක යෙදෙන්න ඉඩක් ලැබුණා මටයි තරුරසී ටයි . මම හිතුවෙම තාත්තා කියලනෙ. යාළුවා අපිව නිවැරදි නොකළෙ මොකද කියල දැනුයි තේරුණේ.
ReplyDeleteයාළුවාට ඉක්මන් සුවය පතමි.
බොහොම ස්තුතියි කල්පනා . එදා ඔය ටික වෙලාවට කතාකරන්න ඕනි හැමෝටම කතා කරලා නේද දෙනත්තෙක්ක
Deleteඒ අපූරු සොඳුරු මිනිසාට, තිලක අයියාගේ හොඳම යාළුවාට අපේ ආදරය, ආචාරය...
ReplyDeleteප්‍රමාදයි මං ! ඔහු වැනි ඇසූ පිරූ තැන් ඇත්තවුන් ටිකෙන් ටික අඩුවෙනවා.ඔබලා හා ශෝකය බෙදාගනිමි .
ReplyDeleteප්‍රමාද වීම ගැන කණගාටුයි.
ReplyDeleteතමන්ගේ පාඩුවේ කාටත් ආදර්ශයක් ලෙස ජීවත් වන ඔවැනි සොඳුරු මිනිසුන් ඇසුරු කිරීමට ලැබීමත් වාසනාවක්.