Sunday, September 14, 2014

මහත කැෂියර්


ණ්ඩාරවෙල එත්විල් සිනමාහලට  1983 සැප්තැම්බර් මාසේ දඩයම චිත්‍රපටය ආවා , හවස පන්ති තිබ්බ දවසක දවල් කෑම ගැනීමට දුන් මුදලින් සහ තවත් යාළුවො දෙතුන් දෙනෙක්ගෙන් හිඟා ගෙන එකතු කරගත් රුපියල් හතෙන්, තුනයි පණහේ  සෙකන්ඩ් ක්ලාස් දෙකක් ගත්ත කමලුයි  මායි ඔන්න දැන් සිනිමා ශාලාවේ.

කලින් පොත්වලින් පත්තරවලින් කියවලා අහලා තිබ්බ  කුප්‍රකට  අඩිලින්  විතාරණ මිනී මරුම ඇසුරෙන් නිර්මාණය වෙච්ච හොඳ  චිත්‍රපටියක් . රවින්ද්‍ර  රන්දෙනිය හා  ස්වර්ණා මල්ලවආරච්චිගේ ප්‍රබල  රංගනය. සොමී රත්නායක හිටියා .

ගැබ්බර පෙම්වතියව  (ස්වර්ණා) අන්තිමේදී වාහනේට යටකරන්න එනකොට තඩි දර අත්තක්  අරන් රතු පාට කාර් එකේ වින්ඩ්ස්ක්‍රින්  එක කුඩු වෙලා යන්න ගහන ස්ලෝ මෝෂන් කෑල්ල ඒ කාලේ හැටියට අපිට ස්පිල්බර්ග් පන්නයේ සිරා වැඩක්.

වසන්ත ඔබේසේකර කොහොමත් සිනමාවේ තාක්ෂණික වැඩ කෑලි හොඳින් ඉදිරිපත් කළ කෙනෙක්. ඊට පස්සේ ආපු කැඩපතක චායා එකේ ඇසිඩ් ගහන සීන් එක, මාරුතය චිත්‍රපටියේ  අලුත් මන්ත්‍රී  නිවස වල්  බිහි වෙලා යන දර්ශන ගත්තු හැටි ඒ වගේ දේවල් සුවිශේෂයි.

චිත්‍රපටිය  බලදදී එහි ආශ්වාදනීය බවට වහවැටිලා හිටි නිසා බඩගින්න අමතක වෙලා තිබ්බත් සමහර කොටස් තිරයේ දිග ඇරෙද්දී බඩගින්න ඇවිස්සුනා . ඒකෙ බේකරියක දර්ශන  ගොඩක් තිබ්බ.

 දඩයම චිත්‍රපටයේ  සොමී රත්නායක බක්කරේ කෙනෙකුගේ චරිතය අපුරුවට රඟ පෑවා . ලොකු පිටි මෝලියක් බක්කර මේසය මත තබා දෑතින්ම එහාට මෙහාට රෝල් කරන ඔහු සිය දියණියගේ ප්‍රේම  සම්බන්ධය සීමාව ඉක්මවා ගිය බව දැන ගත් දවසේ කේන්තිය පිට කර ගන්නේද මේ පිටි මෝලියට තඩි බාමින් .

අපි සිනිමා  හලෙන්  නික්මී නගරය දෙසට එනවිට අලුත් පාන් හා බනිස් සුවඳක් ඇවිස්සී උදේ කෑමෙන් පසු මොකුත් නොලබුනාය යන වේදනාව වඩාත් තදින් දැනෙන්නට වුනා . අපි ඉන්නේ නගරයේ ජනප්‍රියම  බේකරිය හා හෝටලය වූ ලයන්ගිරිය අසලම. අපේ කකුල් දෙක එතැනින් එහාට ඇදෙන්නේ නැති ගානයි.
මොනවා කරන්නද?

කමලයා  සාක්කුවකට අත දාල කරකවල කරකවල සත පණහක් එලියට ගත්තා . මගේ ගාව සතයක්වත් නෑ . ලයන්ගීරියෙන්  ස්ටාර් බටර්ස්කොච් ටොෆි දෙකක් ගත්තැකි. කමල් කිව්වා.අපි දෙන්නා  ටොෆි ගන්න කවුන්ටරේට ගියාම කමල් කිව්වා තේ එකක් බීලම යමු කියලා
කොහෙද සල්ලි ? මම කමල් ගේ මුණ දිහා බැලුවා . යන්කො . ගියා . ඉඳ ගත්තා. බනිස්. කෙසෙල් ගෙඩි. කිරි තේ . බිල හතරයි පනහයි.

මම දැන් ගැහෙනවා. කමල්  බිල අතට ගත්තා .  කවුන්ටරෙන් ගෙවල යන විදිහට එතැනට  ගියා.
බිල ගෙවනවා වෙනුවට මිනිහ අර සත පණහ  දීලා කලින් ගන්න සැලසුම් කරගෙන හිටි ස්ටාර් ටොෆි දෙක ගත්තා. එතැනදීම මට එකක් ලැබුනා . යමු . පිටත් උනා.

අපි කරපු දේ  කැෂියර්ට තේරුන් නෑ. මිනිහා ඇඟපත විශාල අමුතු පන්නයේ මිනිහෙක් . කිසි හැගීමක් දැනීමක් නැති ගොබ්බයෙක් විදිහටයි අපිට පෙනුනේ. ඔන්න කඩේ පහු වෙලා යාර සීයක් විතර යනකොට අර තිබ්බ කෝල බයමුසු ගතිය ගිහිල්ලා හිතට එනවා දැඩි ධීර වීර හැගීමක්.

කඩෙන් කාල මාරු වෙන අය්යලාගේ රස කතා  මතක් වුනා. අපිත් දැන් පොරවල් . මාර සන්තෝෂයක් ආවේ හිතට.

බස්ස්ටෑන්ඩ් එක ළඟ අපේ ගැන්සිය ඉන්නවා. හවස පංති ගිය හොඳ ළමයි. ආ කොහොමද ෆිල්ම් එක ?කට්ටිය අහනවා. ඒක නෙවෙයි වැඩේ. අපි ලයන්ගිරියෙන් කෑවා  බඩ  පැලෙන්න . බිල ගෙවන් නැතිව ආවා .

ඒ කොහොමද? දැන් අපි පැන පැන  විස්තරේ කියනවා. හයියෙන් සද්දෙන්. මාර වැඩේ තමයි. එච්චර වෙලා බිය ගුල්ල වගේ හිටපු මම දැන් අපි දෙන්නට  සමෝ සමෝ ක්‍රෙඩිට්  එක ගන්න පුලුවන් විදිහේ වීරකම් ගැන පුරසාරම් දොඩනවා.

කට්ටියට මාරම රස කතාවක් වෙලා. ඔහොම රසෝඝයේ වේලිලා මෙලෝ සිහියක් නැතිව කඩෙන්  කාපු විදිහ විස්තර කර කර ඉන්නකොට ලොකුම ලොකු බර අත් දෙකක් කොහෙන්දෝ පාත් වෙලා අපේ කමිස කොලර් දෙකෙන් අල්ල ගත්තා.

ඒ කව්ද දන්නවද? අර කඩේ හිටි තඩි මහත කැෂියර්.

ඊට පස්සේ වෙච්ච දේවල් ඉතින් කියන්න ඕනි නෑනේ.
දැන් ඒ සිද්දිය වෙලා අවුරුදු තිස් එකක් වෙනවා. හැම අවුරුද්දෙම සැප්තැම්බර් මාසේ නවවැනිදා කමල් මට නොවරදවාම කෝල්  එකක් දෙනවා අපේ මේ අකරතැබ්බේ ඇනිවසරියට සුබ පතලා.

Photo' flickr.com

49 comments:

  1. අනේ බොල උඹත් කරලා තියෙන දේවල්. මමත් දඩයම බැලුවේ අනුරාධපුරයෙ සිත්තම්පලම් සිනමා හලේ වගේ මට මතක. අපූරැ විස්තරයක් මචං!

    ReplyDelete
    Replies
    1. ඒකනේ මචං දැන් ටික ටික මා ගැන නොකියාපු දේවලුත් කියන්ටයි යන්නේ

      Delete
  2. ඔය වැඩේ කිහිප විටක් කර ඇති බැවින් පසු කලෙකත් රහීමා හෝටලයට යද්දී සිතේ චකිතයක් හට ගත්තේය

    ReplyDelete
    Replies
    1. "රහිමා"
      මා පෙම්කල ජනපද කල්‍යාණිට හිමියනි මට කළ නොහැක නිගා...

      Delete
    2. තාමත් ඒ වගේ චකිතයක් එන්න නම් සෑහෙන හොඳ රෙකෝඩ් එකක් ඇති ' රහිමා' එකේ නේද?

      Delete
  3. මොකක් හරි හේතුවක් නිසා, මම කඩේකින් කවදාවක් හොරාට කාලා නෑ. මට වෙලා තියනවා මීට ප්‍රතිවිරුද්ධ සිද්ධියක්. ඉස්කෝලෙන් ට්‍රිප් එකක් යන අතරේ බස් එක තේ බොන්න නවත්තපුවහම, මම මාලු පාන් එකකුයි රෝල් එකකුයි කාලා කිරි පැකට් එකක් බිව්වා. මම ගෙවන්න ගිහින් මුදලාලිට කාපුවා කිව්වහම, එතන හිටපු වේටර් කොලුවා කෑ ගහලා කිව්වා "ඔයා වඩේ එකකුත් කෑවා" කියලා... මම නෑ කිව්වා. ඒත් වේටරයා කියනවා මම කනවා එයා දැක්කලු. සාමාන්‍යයෙන් හොරෙන් කන්න ප්‍රසිද්ධියක් උසුලන ඉස්කොලෙ යන කොල්ලෙක් කියන දෙයක් කවුරුත් විස්වාස කරන්නේ නෑනේ. අපිත් එක්ක ගිය සර් කෙනෙක් මට සැර කලා, "කෑවා නම් ඒකට ගෙවලා ගිහින් බස් එකට නගිනවා" කියලා. වඩයක් රුපියලද කොහෙද.. ට්‍රිප් එක යනකොට ගෙදරින් අතට ගානක් දීලා තිබ්බ නිසා මට ප්‍රශ්නේ උණේ රුපියල නෙමෙයි. මම පරාජිතයෙක් වගේ වැඩිපුර රුපියල ගෙවලා ගිහින් බස් එකේ ඉඳගත්තේ අනිත් කොල්ලන්නේ උසුලු විසුලු මැද.

    මට නොකල වරදකට "ගෙවන්න" සිද්ධවුණු පළවෙනි හෝ අවසාන වතාව ඒක නෙමෙයි... ඊට අවුරුදු ගණනාවකට පස්සේ මෙහෙමත් වුණා...

    ReplyDelete
    Replies
    1. මම ඒ කතාවත් කියෙව්වා. මටත් දවසක් වුනා ඔය වගේ වැඩක් . අතේ තිබ්බ අන්තිම රුපියල් දහය ප්‍රයිවෙට් බට්ටා වෑන් එකේ කොන්දොස්තරට දුන්නා. ටිකට් නෑ . ඉතිරි සල්ලි පස්සේ දෙන්නම් කිව්වා. මමයි අන්තිමට බැස්සේ. ඉතිරි සල්ලි ඉල්ලනකොට මනුස්සයා කිව්වා ඔයා සල්ලි දුන් නෑනේ, සල්ලි දෙන්න කියල. මම මොන තරම් වාද කරත් වැඩක් නෑ රියදුරත් ඇවිල්ලා මට සත්තම දැම්මා . එදා පුදුම සටනක් කරන්න වුනා සල්ලි දුන්න කියන්න. බලන් ඉන්න හැමෝම හිතුවේ මම හොරාට බස් එකේ ඇවිත් කියල.
      එක නෙවෙයි මට තියෙන ප්‍රශ්නේ අර තරම් ලස්සනට ලියාගෙන ආපු ' රඟ හල' දිගටම ලියන් නැත්තේ ඇයි?.

      Delete
  4. ඔය වගේම කේස් එකක් මගෙත් තියෙනවා. එදා මාව ආරක්ෂා කොලේ, කවදත් ආන්ඩුව ආරක්ෂා කරන ලේක් හවුස් එක.. වෙලාවක ලියන්නම්..

    ReplyDelete
    Replies
    1. ඉක්මනට ලියන්න . ඒ කතාවත් මේ රල්ලටම කියවන්න තිබ්බනම් හොඳයි

      Delete
  5. හෙහ් හෙහ් මම නම් හොරෙන් කාලා නෑ ... දැන් නම් ඉතින් ඒ වගේ ඇඩ්වෙන්චර් කරන්න හිත හදා ගන්න බෑ ... 9-9 කියන්නේ මගේ උපන්දිනේ හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. මටත් පළමු ප්‍රයත්නයෙන්ම හොට බිම ඇණ ගන්න වුනානේ. එදා මෙදා තුර ආයෙනම් ට්‍රයි කරලා නෑ

      Delete
  6. හිහික්... මංතුන්පාරක් හරි හතර පාරක් හරි කරල .තියෙනව...
    වැඩියත්ම ආතල් එකට වැඩිය කුප්පකමට... අතේ සල්ලි තිබ්බත් නොදී ගිය පාරක් හරි දෙපාරක් හරිඇති...
    එහෙම කලේ කුප්ප කමට වුණාට අපිට කලිං දවසක මොකක් හරි ජල්ලියක් ඇද්ද තරහට කියල කියන්නත් පුලුවං

    ReplyDelete
    Replies
    1. ඉස්සර අපේ ඉස්කෝලේ ගාව කඩයක් තිබ්බා . ඒකේ එල්ලාපු කෙහෙල් කැනේ ගෙඩි එර්දි වෙන තාලේ මුදලාලිටත් මැජික් එකක් වගේ

      Delete
  7. 32 සන්වත්සරයට 4.50 නය වෑල් පොලිත් එක්කම ගෙවෙන්න කියලා හිතාගෙන යාලුවාගෙ පවුලෙ අයත් එක්කම " සමන්පාය" හොලිඩෙ බන්ග්ලො එකට ගියානම් හරි... ඒක දෑන් සින්හගිරිය අයිති ප්‍රබොදගෙ... ඌත් එ දවස්වල ඔනි තරම් ඔය වගේ වෑඩ කරපු පොරක් නිසා ඔය කතාවත් කියල ඌට වෙච්ච අකරතෑබ්බ ටිකකුත් අහගෙනම එන්න පුලුවන්...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම 32 වැනි සංවත්සරේනම් ඒ හොටලේදීම සමරන්නයි ඉන්නේ. කෝකටත් සුදානම් ශරීරෙන් තමයි.

      Delete
  8. ඇනුවසරියට සුභ පැතුම්!!!!! අපිට ඔහොම ඇනුවසරි සැමරුවොත් හැමදාම ඇනුවසිරි. ඇත්තටම ඉස්සර තෝසෙ කඩවල් ඔයවගේ ගරිල්ල ආක්‍රමණ වලට දරුණු ලෙස ගොදුරු වෙනව.
    මේ දවස් ටිකේම අතීතෙ ඇවිස්සෙන පෝස්ට්. නියමයි.

    ReplyDelete
    Replies
    1. අම්මෝ දැන්නම් අහිංසක තොසේ කඩ මුදලාලිලා පව් කියල හිතෙනවා.

      Delete
  9. වීරකම කියවන්න ගිහිං වෙච්ච වැඩේ මදැයි.කැෂියර් බෙල්ලෙන් අල්ලගත්තම හුජ්ජ බර හැදෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. මොනා කියනවද හැලපේ. අපි අහල තිබ්බේ ඔය වගේ වැඩ කරලා අහු වුනාම කුස්සියේ වලං හෝදන්න දානවා නැත්තනම් වරුවක් විතර දර පලන්න දෙනවා කියල. අපිටනම් අවවාද කරලා නිදහස් කළා

      Delete
  10. ජයවර්දනේ(ඒ කාලෙ විද්යෝදෙ) පිටිපස්සෙ තිබ්බ මක්කලි ගෝසාලගෙ තේ කඩෙත් ඔය වගෙ. ලෝබ කමට මුදලාලියමයි තේ හැදුවෙත් වේටර් වැඩේ කලෙත් කොල්ලෝ කන ඒවා මිනිහාදකින්නෙ නෑ. කඩේ බංකොලොත් උනා. කැන්ටිම් කාරයා බංකොලොත් උනේ අඩුව බෙදන්න ගිහින්. එකෙක් බත් එකක් අරන් පිඟාන අතින් අත යවලා අඩුව ගත්තා. පව්.. ඒ යකා කුජීතු උනා. ඒ කාලෙ එව්ව මහ ලොකු වැඩ කියලා හිතුවත් දැන් හිතෙනවා කොච්චර පව්ද කියලා.

    ReplyDelete
    Replies
    1. කඩයක් උනාම 'කොල්ලන්ගෙ ඔයවගේ කෑම වෙනුවෙන්' පාඩුවක් ගන්නම වෙනව. මොකද අපිට දැන් මේව නරක උනාට ඒ කාලෙ නරක නෑනෙව.

      Delete
  11. මාත් ඉතාම හදිස්සියෙ කාල තියනව ඔය කෑම. වෙලාවට අහුවුනේ නං නෑ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ හැමෝගෙම ඒවා ඔය අහු වෙන්නේ

      Delete
  12. හිහිහි.... කෙල්ලෙක් වෙලත් ඕ ලෙවල් සෙමිනා එකක් දවසක යාලුවො දෙන්නෙක් එක්ක කඩේකින් ෆලූඩා බීල හොරෙන් පැන්නා කිවුවම සැජ්ජයි නේ. එදායින් පස්සෙනම් එහෙම හොර වැඩ කලේ නෑ. ඒත් මේ කතාව කියෙව්වම අපේ ෆලූඩ කඩේ තඩි ඇන්ටිට වැඩේ මාට්ටු උනා නම් එදා මොන නව නිංගිරාවක් වෙන්න තිබුනද කියල මොලේ අකුණක් ගහලා අතපයත් සීතල වෙලා ගියා කියන්නකෝ. ඇත්තටම මේ පෝස්ට් එක කියවනකම් මම "කඩේ ඇන්ටිට අහු උනානම්" කියන සිනාරියෝ එක ගැන හිතල තිබුනෙම නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකත් මාරු කතාව. කරපු මගඩි ගැන අවංක තොරතුරු . ඒ කාලේ අරක මේක සිනාරියෝ ගැන ඔය හැටි හිතුවනම් බස්සියෝ අද වෙනකොට පෝස්ට් එකක්වත් ලියන්න දෙයක් නැති වෙනවා අම්මපා

      Delete
  13. ඉස්සර රත්නපුරේ වේල් බලන්න ගියාම තෝසේ කඩෙන් කාලා ඔය සිස්ටම් එකටම බිල ගෙවන එක යුතුකමක් හැටියටයි අපිනම් සැලකුවේ....එකම එක දවසක් අපේ මාමාගේ පුතා (පියල් ) අහු උනා දුවාගන්න බැරුව...පිඟන් නෑනේ තෝසේ කඩේ හෝදන්න..ඉතින් ඌට අලි කල්දේරම් දුන්නාලු හෝදන්න...අපි ඌ එනකම් මහ රෑ වෙනකම් සීවලි පිට්ටනියට වෙලා හිටියා ගෙදර යන්න බයේ....

    ReplyDelete
    Replies
    1. පව් අප්පා පියල් කොලුවා තනියම වලං හොදන්ට වුනා . ගිහින් සපෝට් එකක් දෙන්න කියලයැ නේද ?

      Delete
  14. ඉස්සර මම කරන වැඩෙ තමයි බිත්තර පාන් එක ඇතුලට රොල් එක දාල කාල බිත්තර පාන් එකට විතරක් ගෙවන එක.දැන්නම් පවු කියල හිතෙනව.

    ReplyDelete
    Replies
    1. අඩේ අප්පා මම ඉස්සර කියවලා තියෙනවා ගලපිටමඩ කරෝලිස් අප්පු කඩේකින් මසල වඩේ හොරකං කළ කතාවක්. ඔය වගේ

      Delete
  15. හෙහ් හෙහ්.. නරක දේ උනාට කොළු කාලෙ ඔහොම අත්දැකීම් නැත්තං වැඩක් නෑ. ගල්කිස්සෙ වසන්ත බෙක් හවුස් එක, පුංචිබොරැල්ලෙ නීලගිරියෙ බොරැල්ලෙ උපවංසෙ ඔහොම කාල මාරු වෙච්චි තැන් තමා ඒ කාලෙ. මමත් ඔය බන්ඩාරවෙල ටවුම මැදම තීන ලයන් බේක් හවුස් ( හෝ ලයන් හවුස් ) එකෙන් කීප සැරයක්ම කාල තීනව. මට මතක විදියට අනූ හතරෙ හරි අනූ පහේ හරි තමා ඕක ලොකු සිරා රෙස්ටෝරන්ට් එකක් විදියට කල එලි බැස්සෙ!

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ ඔය තියෙන්නේ නම් ගම් එක්කම. අපේ ප්‍රියතම තැන වුනේ බණ්ඩාරවෙල බුහාරි හෝටලේ උඩ තට්ටුව.

      Delete
  16. බලාගෙන යනකොට ඒ කැෂියර් ගොබ්බ නෑනේ. හැබෑට ඇයි මේ කොල්ලන්ට ඔහොම කරන්ට හිතෙන්නේ...කෙල්ලෝ නම් ඔහොම නෑලු...:P

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි අක්කා මගෙ කමෙන්ට් එක දැක්කෙ නැතෙයි? ;)

      Delete
    2. හේ හේ එකනේ බස්සි . මේ කැෂියර් ගොබ්බ නෑ ඉතාම සුක්ෂම කෙනෙක් . අපි මිනිස්සු දැක්ක හැටියේම එළඹෙන පුර්ව නිගමන බොහෝ විට වරදිනවා පොඩ්ඩි

      Delete
  17. කැඩපතක චායා එකේ ඉන්නේ විජය කුමාරතුංගයි,ස්වර්ණා මල්වආරච්චියි නේද?
    එක නම් ලස්සන චිත්‍රපටියක්.කිව්වාම මොකෝ කොලු කමටවත් මේ දක්වා කඩයකින් හොරෙන්නම් කලා නැහැ.

    ReplyDelete
    Replies
    1. කැඩපතක චායා එකේ ඉන්නේ ස්වර්නයි, සනතුයි විජයයි. සුනේත්‍රා සරච්චන්ද්‍රත් ප්‍රධාන චරිතයක් රඟ පෑවා .

      Delete
  18. අම්මෝ එක දවසක් ඔහොම කඩේකින් හොරෙන් කාල මාරු වෙලා හුරේ රන් එකක් තියලා දිව්වා. අන්තිමට අපේ ගැන්සියේ ඉඳපු දුවන්න බැරි එකෙක් අහු උනා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ දුර්වලයා හැම තැනදීම අනුන්ගේ පරිප්පුත් කනවා

      Delete
  19. දෙන්නටම දෙන්න ඇති කන කිං ගාන්න.
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. අනේ බොරු කියනවා නෙවෙයි එහෙම හිරිහැරයක් වුනේ නෑ . කඩේට ආපහු එක්කරගෙන ගිය ලජ්ජාවම ඇති

      Delete
  20. කඩේකින් හොරෙන් කෑවා ????? නෑ????? අම්මේ?????? අපිනම් ඕවා කරලාම නෑ ...ඇත්තමයි :p
    ලිව්වොත් පොතක් ගහන්න වෙනවා අම්මපා .

    හොරෙන් කනවට වඩා ආතල් සීන් එකක් වුනා දවසක් , රේල්වේ ඇවනියු එකට හැරෙන තැන ස්නැක් බාර් එකක් තියෙනවා . දවසක් මායි යාළුවෙකුයි ඕකෙන් කාලා බිල ගෙවන්න යනකොට තමයි දැක්කේ උගේ ගාව තිබ්බ සල්ලි වැටිලා . ඌ සල්ලි තියෙනවා කියපු නිසයි කෑවේ. කරන්න දෙයක් නෑ .හොයලා හොයලා නැති පාර පොත් ටික ගත්තා පාරට පැනලා දිව්වා .. ආයේ රේල්වේ එකේ ක්ලාස් ගියේ නෑ . අපේ වෙලාවට කඩේ හිටියේ එකෙක් නිසා ඌ පස්සෙන් ආවෙත් නෑ .. හම්මේ ,මතක් වෙනකොට හිනා යනවා දැන් නම් , ඒ දවස් වල බෝඩිම ලනග වාහනයක් නවත්ත්නකොටත් ඇඳ යට රින්ගන්න් හිතෙනවා පොලිසියෙන් ඇවිත් කියලා හිතිලා. ඒ තරම් බයෙන් හිට්යා සෑහෙන කාලයක් .

    ReplyDelete
    Replies
    1. //ඒ දවස් වල බෝඩිම ලනග වාහනයක් නවත්ත්නකොටත් ඇඳ යට රින්ගන්න් හිතෙනවා පොලිසියෙන් ඇවිත් කියලා හිතිලා. ඒ තරම් බයෙන් හිට්යා සෑහෙන කාලයක් .// හෙහ් හේ

      Delete
  21. අපේ අම්මා දඩයම බලලා තියෙන්නේ මාව හම්බවෙන්ඩ ඉන්දෙද්දී... :D

    ReplyDelete
    Replies
    1. ඔව් නීරෝ ඒක ආපු කාලේ ගොඩක් දෙනෙක් බැලුවා . 83 -84 අවුරුදු වල හරියට ජනප්‍රිය වුනා

      Delete
  22. අපි හොරෙන් කන්නෑ.. ඒ කාලේ මළ ගෙයක් නං දහයක් විතර පාන්දර තුනට විතර බේකරියට ගිහිල්ලා බනිස් දහයයි ප්ලේන්ටි පහයි ගෝලිප් පහයි ගන්නේ.. අපි එහෙමයි...

    ඒත් මගට ඇවිත් කියන ගණං හිලව් නං පරස්පරයි..

    බනිස් 25
    මාළු පාං 12 යි
    බිත්තර පාං 10 යි
    කිඹුලා බනිස් 20 යි.
    රොස් පාං 6 යි
    පාං ගෙඩි 3 යි.

    ආහ්.. සාක්කු වලත් අඩුම ගානේ තව එක බනිසක්වත් ඇති හැම එකාගෙම.. හැක්..

    ReplyDelete
  23. ඔය දඩයම ‍ෆිල්ම් එක ආපු කාලේ මම ඒක බලන්න එච්චර උනන්දු උනේ නැති වුනත්, කාර් එක ෆෝඩ් කැප්‍රි එකක් කියලා මතකයි. අනික ඇත්තම කාරෙකක් බිල් බෝඩ් එක් බිඳගෙන එන විදියට රීගල් එක ගාවා අටවලා තිබුනා ඒක නම් මාරයි. හැබැයි පස්සෙ කාලෙකදි ඕක ටීවී එකේ බලපු මතකක් තියෙනවා.

    ඊට පස්සේ වෙච්ච දේවල් ඉතින් කියන්න ඕනි නෑනේ කියලා මග අරින්න එපා මචං. උඹට වගේ පරිකල්පන ශක්තිය නැති අපි වගේ එවුන්ට තේරෙන්න ඊට පස්සෙ මොකද වුනේ කියලා කිව්ව නම්.

    ReplyDelete
  24. හෙඩිම මාරු කරායින් පස්සේ කතාවේ අගය වැඩි උනා.. ඇත්තටම මං ඒ හෙඩිමට වැඩිය කැමැත්තක් තිබ්බෙ නෑ. :)

    ReplyDelete
  25. අපි දෙන්නා යාළුවෙලා ඉන්න කාලේ බලපු පලවෙනි ෆිල්ම් එක දඩයම. මහරගම නැෂනල් එකේ. දඩයමම තමයි.

    හොරෙන් කාපුවා නම් හරියට තියෙනවා. කනවා විතරක් නෙමේ අනිත් එවුන්ටත් සපෝට් එක දෙනවා. නරක වැඩ.

    ReplyDelete