මා මේ පහතින් ලියා ඇති පෝස්ට් එක කිසිසේත් පෝස්ට් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න
දවස් ගණනාවක් තිස්සේ හිතේ හා ගතේ තිබ්බ කුසීත සොබාවය නිසා 'ගෝ' එකක් නැති ජීවිතේ ඔහේ පාවෙමින් තිබ්බා. ඉපැරණි ඉස්කයිප් තාක්ෂනය ඔස්සේ ගෙදර ඇත්තන් බැහැ දැකල පොඩ්ඩක් කතා බහ කලාට පස්සේ ආයෙමත් වැකියුම් එකක් මා ඉදිරියේ ඉතිරි වෙන්නට පටන් ගත්තත් එය කිසි සේත්ම යමක් කියවන්නට ලියන්නට හිතෙන විදිහේ එකක් වුනේ නෑ .
පොත ලිව්වත් හරි ඉන් මත්තේ හරි හමන් පොස්ට් එකක් ලියන්න බැරි වුනා නේදැයි කල්පනා කරමින් කුස්සියටත් සාලයටත් ඉනික්බිති කාමරයටත් යමින් එමින් තිබු ජීවිතේ අන්තිමට ෆ්‍රිජ් එකේ දොර ළඟ නතර වුනා. කූල් බියර් එකක් බීලා සින්දුවක් අහනවා ඇරෙන්න වෙන මොකක්වත් සිද්ද වුනේ නෑ . අදවත් ඊට වෙනස් හොඳ මිනිහෙක් වෙන්න ඕනිය කියල හිතල බ්ලොග් කියවගෙන කියවගෙන යනකොට ආයේ හැමදේම වෙනස් වෙන්න පටන් අර ගත්තා .
ඔන්න මන් පහුගිය ටිකේ ලියන්න පටන් අරන් බාගෙට අත ඇරලා දාපු පොස්ට් වල සමරියක්.
1. නන්දා මාලිනි දෝහා වලට ආවනේ පහුගිය මාසේ . අම්මාවරුනේ ප්‍රසංගය ඇහුව. පරණම සත්‍යයේ ගීතය මතක් වුනා . එදා රෑ මම චමත්කාරජනක හීනයක් දැක්ක . ඉස් ඉස්සෙල්ලම සත්‍යයේ ගීතය අහන්න ගිය කාලයේ හිතේ වැඩකරපු සුන්දර මතක හා සිද්දි තැවරිච්ච .. ඒකත් දිග කතාවක් . ඒත් හීනේනම් දවසක් තිස්සේ මාව ප්‍රමෝදයෙන් තිබ්බා. නන්දා මාලිනී එදා ගැයූ ගීතයක් තමයි ' මගේ දේශය මගේ ජාතිය මට ලබා දුන් චින්තනය නිවහල් .. . ඉතින් මේ 'නිවහල් චින්තනය' තියෙන්නේ ජනප්‍රවාදවලින් මතුවෙච්ච කල්පිත අතීතයක් උඩ දම දමා මෝහයෙන් විලම්බීත වෙන්ට නෙවෙයිය, හැමෝටම සැහැල්ලුවෙන් සමගියෙන් ජීවත් වෙන්න පුළුවන් සුපුෂ්පිත අනාගතයක් උදා කර ගන්නට නේදැයි හිතුනා. අපි ඒ කාලේ හිතුවෙත් එහෙමයි . ඒ ගැන සවිස්තරව ලියන්න ගියොත්.. එක්කෝ පස්සෙම ලියනවා (ඈනුමක් හරිමින් )
2. මම දෙවනියට ලියන්න ගියේ මේ දවස්වල තැනින් තැන මතු වෙන සරසවි සිසු අරගල හා ළඟදී අපේ චෙපාකි මිත්‍රයා මගේ පෝස්ට් එකකට දාපු කොමෙන්ටුවක් නිසා ඇවිස්සෙච්ච 1976 වීරසුරිය ඝාතනයටත් සම්බන්ධ කතාවක්. ඒත් මම වැඩිපුරම ලියන්න උත්සහ කලේ වීරසුරිය සිසුවා ගැන නෙවෙයි ඒ කාලේ හිටි මණ්ඩපාධිපති මහාචාර්ය පී ඩබ්ලිව් විතානගේ ගැනයි. අපි පේරාදෙණියට ගොඩවෙන්නේ වීරසුරිය මියගිහිල්ල අවුරුදු දහයකටත් පස්සේ. වීරසුරිය වෙනුවට අපිට හමුවෙන්නේ මහාචාර්ය විතානගේ.
3. මේ රටේ විද්‍යා හා තාක්ෂනය වෙනුවෙන් ආයෙමත් මොනවා හරි ලියන්ට ඕනි කියලාත් බ්ලොග් පෝස්ට් ටිකකින්ම පටන් ගන්දෝයි කියලත් හිතුනා. මීට අවුරුදු විසිපහකට කලින් 'මහා පාරේ කතාව ලියමින් 'ලංකාවට මාර්ග ප්‍රතිපත්තියක් සකස් විය යුතුයි කියල කතා බහක් ඇති කරමින් ... එක්කො ඒ ගැන පස්සේ කතා කරමු. ඒත් තිලක සිත පොත දොරට වඩින දවසේ මාධ්‍යවේදී අසෝක ඩයස් කිව්වේ 'ලංකාවේ මාර්ග ප්‍රතිපත්තිය' ගැන 1989 වෙනකොට ඒ මට්ටම්න් ජාතික මාද්දියක කතාබහ කරලා තිබ්බේ නෑ වගේ මතකයි කියල .නොදන්නා කාලේ ලිව්වාට ඔව්වා දැන් ලියන්න මට තියෙන සුදුසුකම මොකක්ද කියලත් හිතෙනවා වෙලාවකට.
4. පෑලියගොඩ ඉංජිනේරු සංස්ථාවේ හිටපු අපුරු මැසෙන්ජර් කෙනෙක් වෙච්ච තෝමස් ගැනත් ඔලියමුල්ලේ පෙට්ටිකඩේ හිටි බට්ටි ගැනත් පොස්ට් එකක් ලියන්න පටන් ගත්ත. ඒකත් මග නැවතුනා .අපේ කන්තෝරුවේ සිටි වයසක කොල්ලන් හවසට හවසට බට්ටිගේ කඩේට ගොස් තොලකට පිහිදාමින් උම්බලකඩ කෑල්ලක් හපමින් ආපසු එන වරුණ ගැනත් ලියන්න හිතුනා.
5. තව රසවත් කතාවක් තමයි මම මස් රොටියක් ඉල්ලලා පාර දිගේ හැතැම්ම දෙකක් අඬ අඬා ගිය එක . මේ සිද්දිය මතක් වුනේ නිශ්ශංක විජේමාන්නගේ 'තාරා මගේ දෙව් දුව' කියවද්දී හමු වෙච්ච බෝනික්කෙකු ඉල්ලා හඬන දැරියගේ කතාව නිසා .
6. වැඩබිම් කන්තෝරුවේදී මට හමු වූ ටිබෙට් ජාතික තරුණියකගේ දේශාටන සටහන් හා ඇයගේ පවුල් සංස්ථාවේ රස කතා හා දුක හිතෙන කතා ඇතුලත් බරපතල පෝස්ට් එකකුත් මම එහෙන් මෙහෙන් ලියන්න පටන් ගත්ත.
ඉතින් මේවා ටික ටික හෙමිහිට ලියන්නට ලබන මාසයේ හිතාගෙන ඉන්නවා .එතකොට ලබන මාසයට පෝස්ට් හයක්. හැබැයි මේ සටහනත් නොලීවානම් මේ මාසය ලැයිස්තු ගත වෙන්නේ එකම එක පොස්ටුවක් ලියු මාසය හැටියට.
බ්ලොග් එක පාලුවට යෑම වලක්වා ගැනීමට ලීවා මිස මෙයද පොස්ට් එකක් නොවන්නේ ඒ හින්දයි.
( මේ අස්සෙම පොත් ආරංචි දෙකක්ද කියන්න තියෙනවා . සරල බ්ලොග් ලිවීම ඉක්මවා ගොස් කාලීන සමාජ මෙහෙවරක් කරන සහෝදර බ්ලොග් ලියන්නියක් වන බෝධිනී සමරතුංගගේ 'අනිත් කොන' පොත ගැන කතා බහක් මේ 31 වැනිදා පැවැත්වෙනවා . ඊට අමතරව 'අනිත් කොන පොත' සහ 'තිලක සිත' යන පොත් දෙකම www.easyhome.lk ඔස්සේ ලංකාවේ ඇතුලත ඕනිම තැනක සිට ඔන්ලයින් මිලදී ගැනීමේ පහසුව සලසා තියෙනවා. ඉදිරියේදී සහෝදර බ්ලොග් මිතුරු මිතුරියන්ගේ පොත් සාමුහික වැඩ පිළිවෙලක් යටතේ අලෙවි කර ගන්නත් අපි කතා බහ කරමින් යනවා. )
චිත්‍රය : ඔවිනි
ජය වේවා තිලකේ. අල්ලලා දාපං බං. හැමෝටම ඔවැනි කාල වකවානු එනවා. ඔය ක්‍රීඩකයොත් අවුට් ඔෆ් ෆෝම් වෙලත් දිගටම ගේමේ ඉන්නේ.
ReplyDeleteමට හිතෙන්නේ උඹ පොත ලියලා ඉවරවුණාම උඹේ යටි හිත අපි අර විභාගයකට නැහිලා නැහිලි විභාගේ ඉවරවුනාම තියෙන මානසික මට්ටමට උඹ ගෙනිහින් කියලා.
අර ලියන්න පටං ගත්තු කතා එකක් නෑර කියවන්න බලාගෙන ඉන්නවා.
අරෑ උඹව මතක් කළා. ජය!!
බොහොම ස්තුතියි මචන්. උඹ කියන කාරණාවත් හේතුවක් වෙන්නැති. ඒත් එක්කම ලියනා දේ වෙනත් දිශානතියකට අරන් යන්න ඕනි, පෙරට වඩා හොඳ වෙන්න ඕනි වගේ දේවල් හිතිච්ච නිසා අර නිදහසේ ලියන රටාව නැති වුනා. ඒත් එක්ක සුපිරිදි කම්මැලිකම ආයෙමත් ඔලුව ඉස්සුවා . කොහොමත් මේ වස්සානෙනේ
Deleteමේ වගේ එකක් දාන එක එක අතකින් හොඳයි. මොකද ලියන්නම වෙනවනේ දැන්... ඒක නෙමෙයි සුළු නිවැරදි කිරීමක්.. අනිත් කොණ පොත ලිව්වේ බෝධිනී සමරතුංග..
ReplyDeleteඔව් මේ self commitment එකක් ගන්න කරපු වැඩක්. බොහොම ස්තුතියි තිසර. ඔන්න මම අර 'සුළු වැරැද්දත්' හැදුවා
Deleteමේකට තමයි රයිටර්ස් බ්ලොග් කියන්නේ!
ReplyDeleteඒකෙන් ගැලවෙන මුල් පියවර තමයි මෙහෙම හරි ලිපියක් ලියන එක. ඔය ක්‍රින කතන්දර ලිව්වාම මේ ලිපියට ලින්ක් කරන්න!
සිංහලෙන්නම් ඕකට කියන්නේ රයිටර්ස් බ්ලොක් (Writer's Block) කියලා....සමහර විට රසිකලොජිස්ට්ගේ අලුත් වචනයක්ද දන්නේත් නෑ රයිටර්ස් බ්ලොග් කියන්නේ....?
Deleteහැබැයි තිලකේගේ බ්ලොගට රයිටර්ස් බ්ලොග් කියන එකත් ගැලපෙන්නේ නැතුව නෙමෙයි...!!
චෙෆාකි, ඔබ හරි! රයිටර්ස් බ්ලොක් ගැන කකා ලිව්ව 2011දි. මෙන්න ලින්ක් එක.
Deletehttp://kathandara.blogspot.com/2011/01/writers-block.html
ඊයේ රසිකලොජිය ඇවිල්ල තියෙනවා දැක්කම ලියන්න තවත් උත්තේජනයක් ලැබුනා. පෙර ගමන් සගයෝ ඉන්නකොට හිතට සතුටුයි. මට හැදිලා තියෙන්නේනම් රය්ටර්ස් බ්ලොක් එකක් නෙවෙයි කුසීත කම. අනික රස්සාවේ වැඩ කටයුතු අධික කම නිසා මනසට විවේකය ඕනි වෙන්ටැති . බොහොම ස්තුතියි රසික, චෙපාකි සහ ඉන්දික දිරි වඩන වචන වලට
Deleteමේක කියවගෙන ගිහින් ඉවරවෙනකොටම මට මතක් උනේ මාතර පැත්තෙ අපේ යාළුවෝ කියන වචනයක්. සමහරවිට අහලත් ඇති "උජුව වඩනවා". ඕක මුලින්ම අහපු වෙලාවෙ බඩ අල්ලන් හිනා උනාට මොකද මටත් ඒක පාවිච්චි කරන්න උනානෙ.
ReplyDeleteකමක් නෑ ලබන මාසෙ ලබන්න තව දවස් තුනයි ගෙවෙන්න තිස් තුනයිනෙ.......ඔය ටික දවසට පෝස්ට් හයක්නෙ...
Waiting is a part of life....So its OK & eagerly waiting to read them all
උජුව වඩනවා කියන්නේ මොකක්ද සඳමාලි . ඉස්සරහට කරන්න යන වැඩක් ගැන කල් ඇතිව පුරසාරම් දොඩන එකටද ? දැන් ඉතින් මට දොස් අහන්ටත් වෙයි වගේ ලබන මාසේ අන්තිමට
Deleteදුම්රිය වේදිකාවට පැමිණි දුම්රිය දුම්රියක් නොවේ.
ReplyDeleteහෙහ් හේ මටත් ඒක මතක් වෙලා තමයි අර පළවැනි වැකිය ලියවුනේ
Deleteඒ උනාට මේ පෝස්ට් එක රහයි.. අර ඉස්සර ෆිල්ම් බලන කොට පෙන්වන "කමින් සෝ" මතක් උනා.. සම හරක් නම් ඕකට කියන්නේ නෙක්ස්ට් ඇට්‍රෑක්සොන්ද මොක්කද දිව උලුක්කු වෙන නමක්..
ReplyDeleteඔව් ඔව් අර ඇඩම්ස් ඔන්ලි සෝ වල කමින් සෝ පෙන්නන්නේ , තව එන්ට තියෙන ඒවගේ 'කමින් පින්තුර' අලවලා තියෙනවා හෝල් එකේ බෝඩ් දෙක තුනක
Deleteමමත මේ බැලුවේ පොත ලිව්වට පස්සේ බ්ලොග් එක නවත්තලාම දැම්මද කියලා, තිලක සිත කියන්නේ සිත පහන් කරන බ්ලොග් එකක් නිසා එක දකින්න නැති වෙනකොට අඩුවක් වගේ දැනෙනවා .
ReplyDeleteදැන් මේ බ්ලොග් ලිවිල්ල නවත්තලද කියලා හොයාගෙන ගිහින් හොඳවයින් දෙකක් කියන්න හිටියේ ,එක්කෝ මෙතනම කියන්නං ඒකත්.
" අයියේ ලියපං"
මේ (ඉහතින්)පහතින් ලියා ඇති (කමෙන්ට්)පෝස්ට් එක කිසිසේත් (කමෙන්ට්)පෝස්ට් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න
මෙහි කමෙන්ට් එකක් නැති නිසා ඒ ගැන මොකුත් ලියන්ටත් බෑ . ඒත් උඹෙන් ඕක අහගන්ට වෙයි කියල මම හිතුව . තැන්කිව්
Delete'පෝස්ට්' එකක් නොවෙන දේකට 'කමෙන්ට්' දාන එක හරිද මන්ද.....!
ReplyDeleteතිලක් මේක කාටත් සාධාරන තත්ත්වයක්...! බොහෝ දෙනෙක්ට මේ කඩඉම පැන ගැනීමේ නොහැකියාව තමා තියෙන්නේ, මමත් ඇතුළුව. වාසනාවට පෝස්ට් එකක් නොවෛන පෝස්ට් එකක් හරි ලියල ඒ කඩඉම පැන ගන්න තිලක්ට හැකි වෙලා තියෙනවා. අර කූල් බියර් එකේද ඒ ගැම්ම තියෙන්නේ? අත්හදා ලබන්නවත්....!
ඔව් බන්ධුල මම හිතන්නේ මේ පාරනම් පැන ගත්තා වගේ දැනෙනවා. ඉස්සරහටත් එයා පොකට් තියෙන්න පුළුවන්. ඔහොම වටෙන් පිටෙන් අත හිත ලැබෙනකොට ඉස්සරහට යැවෙනවා . ස්තුතියි
Deleteකම්මැලි කාල එනවා අපි හැමෝටම.. පෝස්ට් හයම දාමු ලබන මාසේතත
ReplyDeleteජ ය වේ වා !!!
ඔව් විදානේ . කම්මැලි හිතුනම මේ වගේ කතා කර කර ඉම්මු . ඊට පස්සේ ආයේ ලියමු .ස්තුතියි
Deleteඔය ගතිය තමයි මටත් තියෙන්නේ ... පබ්ලිෂ් කරපු ඒවාට වැඩිය ලියන්න පටන් අරන් නතර කරපු පෝස්ට් ගාන වැඩියි .. හෙහ් හෙහ් .. ඔන්න ඔහේ හිතෙන වෙලාවට ලියල දාන්න ..
ReplyDeleteදැන් ඉතින් ඔය කම්මැලි කම් ඇත ඇරලා ලියමු පැතුම්. කඩේ අරියානම් තේ කහට ටිකක් හරි තියෙන්ට ඕනිනේ ගොඩ වෙන කෙනෙකුට බීලා යන්ට
Deleteපෝස්ට් නොවන පෝස්ට් අස්සේ පොස්ටු සෙවීම...
ReplyDeleteඔහැක්... එහෙනං ලබන මාසේ කතන්දර පිරිච්ච මසයක් වේවා...
ජයවේවා
ඔව් ඔව් ලියන්ටත් කියවන්ටත් ආයේ පටන් ගත්තා . ස්තුතියි මහේෂ්
Deleteපෝස්ට් එකක් නෙවෙන පෝස්ට් එකක් ලියන්න උනත් මොනාම හරි උත්තේජනයක් තියෙන්න ඕනි...
ReplyDeleteමම මම නම් එච්චරම කැමති නැහැ පොත පළකරපු නිසා රයිටර්ස් බ්ලොක් එක ආවාය කියන උපකල්පනයට, මොකද ඒක කම්ප්ලිමන්ට් එකක් වෙන්නේ නැති නිසාත්, තිලකේ ඊට වඩා උඩින් ඉන්න රචකයෙක්ය යන මාගේ හැඟීමත් නිසා...
සමහර විට තිලකේට පාලු නැතුව ඇති...
කෙසේ වෙතත්...දැන් ඇඩ්වර්ටයිස් කරලා ඉවරයිනේ අලුත් පෝස්ට් 6ක්ම...
දැන් ඉතින් ඒ 6 ටික ටික ඉවර කරලා ප්බ්ලිෂ් බොත්තම ඔබාපන් මලේ...
ජය.....!!!
පොත නිසා රයිටර්ස් බ්ලොක් ආවේ නෑ මචෝ. ඒත් අපි 'කම්මැලි කම' කියන එකට මොනා හරි වෙන නමක් කියන්ට කැමතිනේ. ඔව් දැන් හයම ලියන්ට වෙනවා බොත්තම ඔබන්ට කලින් . බොහොම ස්තුතියි
Deleteඅයියන්ඩි ලියපං කියලා පාට් එක දාන්න බෑ..අපි ඉතින් කමෙන්ට් කරැවෝනේ ඒ වුනාට ඔයාලා ලියන ඒවාගෙන් අපි දැනුමක් ලබනවා..
ReplyDeleteතැන්කිව් මල්ලි .කොමෙන්ට් කරුවෝ වන උඹලා නිසා නේන්නම් මේ බ්ලොග්වලට ජීවයක් තියෙන්නේ. අපි පාළුවක් නැතිව ලියන්නේ
Deleteහරි මචං. එහෙනම් මේක කමෙන්ට් එකක්ද නොවේ කියලා හිතා ගනිංකෝ.
ReplyDeleteඋඹේ කොමෙන්ට් එකක් නැති වුනාම මට ලියන කිසි දෙයක් පෝස්ට් එකක් වෙන්නේ නෑ මචං
Deleteගමනක් යද්දී හැම තිස්සෙම ටොප් ජියර්ස් වල යන්න බැහැනේ, ඒ වගේම බ්රේක් ගහන්නට් වෙනවා, කෙටි නැවතීම් ආවත් අපි ගමන යනවනේ කොහොම හරි, ඒ නිසා බ්රේක් පාරවල් ගැන ගණන් නොගෙන ගමන යමු අයියේ. ඒවත් ගමනට අනිවාර්යයෙන්ම ඔනානෙ.
ReplyDeleteජය වේවා අයියේ. පුළුවන් විදියට ලියන්න.
ඔව් මලේ එන්ජිම හොර වෙන්න කලින් බ්රේක් ගගහ හරි හෙමිහිට යන්නයි හිතන් ඉන්නේ. ස්තුතියි
Deleteතිලක් අඩුගානෙ ටික ටික හරි ලියලා. මං අමු කම්මැලියා. හිතේ ලියපු එව්ව හිතේම මැරෙනවා. අපේ කඩමළු වගෙ නෙවෙයි තිලක්ගෙ කතා. නොලියා එහෙම ඉන්නවා නෙවෙයි ඕං..
ReplyDeleteමේ සොඳුරු තග දැමිල්ලටනම් මම බයයි. ඒ නිසා ලිවිල්ල නවත්තන් නෑ . හැබැයි සරත්ගේ අපුරු ජීවන අත්දැකීම් කඩමාළු නම් නෙවෙයි. මටනම් බොහොම බරසාරයි. ඉතින් කම්මැලි වෙන්ටෙපා. ලියන්න
Deleteඔය කතා ටික එකින් එක ලියන්න... අපි හැමෝම කැමතියිනෙ ඔයාගෙ කතා කියවන්න.
ReplyDelete
Deleteඒ බව දන්නා නිසා ටික ටික ලියනවා දැන් . ස්තුතියි තරූ
මටත් ඔය හරිය ඔය කියාපු විදියටම වෙලා තියෙන්නෙ තිලකේ.කවද ලියවේවිද දන්නෙ නෑ.
ReplyDeleteඔන්න මෙයත් කමෙන්ටුවක් නෙවෙයි හරිද.
Deleteමේ කෝඩ කාලේ ඉක්මනින් ගෙවිලා යාවි මචන්. ඉඳහිට ලිව්වත් ලිවීම හා මෙහෙම කතා බහ කිරීම දැන් අපේ ජීවිතේ කොටසක් වෙලා.
කම්මැලි ලෙඩේ නම් මටත් තියනවා අයියේ... බලමු බලමු කොයි කොයි විදිහට මේ රස කතා එලොයට එයිද කියලා
ReplyDeleteඔයාලා වගේ ඉලන්දාරි කම්මැලි වෙලා බෑ . ටිකක් වැඩිපුර ලියන්න. අපිත් ලියනවා දිගටම
Deleteමටත් තදටම ඔය ලෙඩේ තියනව. හැබැයි මට නං මේ වෙද්දි ලියන්න දෙයක් අැත්තෙම නෑ. බ්ලොග් එක වහල දාල යන්නත් හිතෙනව. කකාගෙ අලුත් බ්ලොග ගැන ලියල අද නං බේරුනා. (ඔය රයිටර්ස් බ්ලොක් කියන එක ඉස්සෙල්ලම දැනගත්තෙත් කකාගෙන් නෙව)
ReplyDeleteකොහොමත් වේලාසන ප්ලෑන් කරල ලියන්න ගන්න එකක්වත් ලියවෙන්නෙ නෑ මට නං. එවලෙම ලියල දාන ඒව තමයි වැටෙන්නෙ.
වහන්න.....!!!!! හපොයි ඔය රාජ් ගැවසෙන වටපිටාවෙ ඇතිනෙ ඕන තරම් දේවල් ලියන්න. කැන්ටින් එකේ ප්ලේන්ටියෙන් වුනත්..!!
Delete
Deleteපිස්සුද රාජ් එහෙම නවත්වන්න හිතන්න එපා. ඔය ඔලුවට තමයි මැජික් වගේ ටොපික් එන්නේ.නැද්ද චන්දන ?
අර හයවෙනි කාරණාවෙ සඳහන් කරල තියන එකට නම් මං ටිකක් වැඩියෙන් කැමති වෙයි..
ReplyDeleteලිවීමේ කම්මැලිකම ආවාම මං නම් කරන්නෙ වැඩිය නොහිතා ඔය මොකක් හරි දෙයක් ලියල දාන එක. ඔබ වගේ අය, වෙලාව තියනව නම් කොහොම හරි ලියන්නයි ඕන. ඕන කෙනෙකුට කියවන්න පුළුවන් ඔබේ ලියවිලි.
හයවැනි කාරනාව නවකතාවක් ලියන්න තරම් දිගයි. හැබැයි පරිසර වර්ණනා , චාරිකා සටහන් තමයි වැඩිපුර තියෙන්නේ
Deleteකූල් බීර බීපුවාම කම්මැලි දෙයිය ඔලුවට වඩිනව. ගහන්න අයිය ගල් කාලක් ලියවෙයි සට සට ගාල.
ReplyDeleteමේක කොමෙන්ටුවක් නොවන බව කරුනාවෙන් සලකන්න.
හෙහ් හේ එහෙම ලියන්ට පුළුවන් එතකොට ඇත්තම ලියවෙයි කියලා බයයි . දැන්නම් ඇල්වතුරත් නිවලනේ බොන්නේ (ලියද්දිත් එහෙමයි )
Deleteතිලක සිත පොත කියවලා තමයි බ්ලොග් කියවන්නත් බ්ලොග් එකක් ලියන්නත් පටන් ගත්තේ.. ඉස්සරහට එහෙම එන්න ඉන්න උන්ගේ ඒ අයිතිය නැති කරන්න ඔබට බැහැ නේද? ලබන මාසේ කියවන අපටත් කලබල මාසයක් වේවි.. ජය ශ්‍රී!
ReplyDeleteමාර සතුටු දනවන කොමෙන්ටුවක් කමි, මම කළා හිතත් බැලුවා , නියමයි!! . ඔහොම යං ඔහොම යං
Deleteමෙය පෝස්ට් එකක් නෙමෙයි.. පෝස්ට් සීයකින් ලියලා ඉවර කරන්න බැරි දේවල් ගොඩක් ...........
ReplyDeleteමේ කියන්ට යන කතා අස්සෙත් ශාකා ප්‍රශාකා තියෙනවා. බොහොම ස්තුතියි ගී පවුර
Deleteමමත් කියන්නේ උඩ තියෙන කතා එකින් එක ලියන්ට. නැත්නම් ඔක්කොම ලියලා පැත්තකින් තියලා එක එක පබ්ලිෂ් කරන්ට. :)
ReplyDeleteඔන්න ඔය දෙකෙන් කෝක කරනවද කියල තමයි දැන් දවස් ගානක් තිස්සේ කල්පනා කරන්නේ පොඩ්ඩියේ D
Deleteඑහෙනම් ඉතින් වස් කාලේත් ඉවර වීගෙන එන එකේ ආයෙමත් ලියන්ට..:)
ReplyDeleteතිලකේ වස් වසල හිටිය කියල මම දැනගෙන හිටියෙ නෑනෙ මනෝජ්.
Delete
Deleteහෙහ් හේ , වස් පින්කමුත් කරන්ට වෙයි නේද ?
ලයිට් ගහගෙන සයිරන් ගහගෙන මහ වැස්සේ,, කට්ට අව්වේ ඇඹරි ඇඹරි වේගෙන් යන ඇම්බුයුලන්ස් එකක් දැක්ක ගමන් මට නිකම්ම උඹේ ත්‍රිවීල් මල්ලි මතක් වෙලා පපුව හිරවෙන්න ගන්නවා.. උඹ මෙහෙම අපේ පපුව හිර කරල නිකං බලං ඉන්න එපා.. ලියහං..
ReplyDeleteසරල බ්ලොග් ලිවීම ඉක්මවා ගොස් කාලීන සමාජ මෙහෙවරක් කරන සහෝදර බ්ලොග් ලියන්නියක් වන බෝධිනී සමරතුංගගේ 'අනිත් කොන' පොත ගැන කතා බහක් මේ 31 වැනිදා පැවැත්වෙනවා
ReplyDeleteදැන් ඔයාත් පොතක් කියලා එකක් ලිව්ව නිසා වැදගත් සමාජ මෙහෙවරක් කරා කියලද හිතන්නේ
අතට ගත් පෑන යලිත් වරක් බිම තබන්නට නොසිතෙන,ලියන්නට කියන්නට කම්මැලි නොසිතෙන, ගූගල් ඇතුළු දෙවි දේවතාවුන්ගේ පිහිට ආශිර්වාදය ලැබෙන, සියළු යහපත් සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා!....
ReplyDelete