පේරාදෙණි සරසවියේ අවුරුදු පතා මගුල් ගෙදරක් පැවැත්වේ . මේ වෙන මගුලක් නොව සරසවියම මගුල් සිරියෙන් ඇලළෙන මහා කළා උළෙලකි. වල සතියට පමණක් දෙවැනි වන ශිෂ්‍ය සාහිත්‍ය උළෙල 'මාගේ දේශය අවදි කරනු මැන' ඒ මංගල්‍යයයි.
ඒත් මේ අවුරුද්දේ මාගේ දේශය අවධි කිරීම සඳහා සුදුසු ස්ථානයක් ලබා නොදීමෙන් එහි වැඩ කටයුතු කඩා කප්පල් වී ඇති බව දැන ගන්නට තිබේ . මේ ගැන හරිම තොරතුරක් දන්නේ නැත
ඒත් සැබෑවක්නම් එය හරිම සෝචනීය කතාන්දරයකි. 1988-90 භීෂණ කාලයෙන් පසු වල් බිහි වී දිය සෙවෙල පිරී තිබු සරසවි ලතා මණ්ඩප පමණක් නොව එහි වැසියන්ගේ සිත්සතන්ද යලි පුබුදුවාලන්නට ශිෂ්‍ය සාහිත්‍ය උළෙළද යම් තරමකින් හෝ උදව් වූ බව නිසැකය . අනු එකේ අවුරුද්දේ මෙය ඇරඹුණු බව මගේ මතකය කියයි. මේ සාහිත්‍ය උළෙල ගැන අවුරුදු තුනක මතකයක් මට තිබේ . පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන්ගේ පද්‍ය නිර්මාණ, කෙටිකතා හා රචනා සඳහා සම්මාන පිරිනැමූ උළෙලේදී රටේම පිලිගත් කලා කරුවෙකුටද සුවිශේසී සම්මානයක්ද පිරිනැමින. මට මතක විදිහට මුල් අවුරුද්දේ සුගතපාලද සිල්වාත්, දෙවනුව ගුණදාස කපුගේත්, ඊළඟට ගාමිණි හත්තොට්ටුවෙගමත් මේ සම්මානය හිමි කර ගත්තෝය.
ජවිපෙට බර වූ මහා ශිෂ්‍ය සංගමයෙන් සංවිධානය කළා වුනාට සාහිත්‍ය උළෙලේ තිබ්බේ සාහිත්‍යයමය ප්‍රබෝදයක්මය. මුළු සරසවියෙම ගස් පුරා අලුතින් කහපාට, මදටිය පාට හා රතු පාට මල් පිපී තිබුනේ උළෙලට සුබ පතන්නටය.
එදා පුදුමාකාර උද්යෝගයක් හැම කොල්ලෙක්ගේම කෙල්ලෙක්ගේම මුහුණුවල දකින්නට තිබුණි. යලිත් වරක් සරච්චන්ද්‍රලා, මනෝරත්නලා හා දිද්දෙනියලා පරපුරක් බිහිවනු ඇති බවට ඉඟි බිඟි මතු වෙමින් තිබිණි.
අනුව දශකයේ මුල් අවුරුද්දක තිබුණු සාහිත්‍ය උළෙලේ අපුරු වැඩ සටහනක් තිබුනේය. උළෙල පටන් ගන්නට පෙර භූගෝල විද්‍යා පීඨයේ සිට අල්විස් පොන්ඩ් එක දෙසට ඇදෙන මාවතේ තැනින් තැන තුරු වදුලු යට පොඩි පොඩි සාහිත්‍ය මුළු සංවිධානය කර තිබිණි. වෙන වෙනම ලේඛකයෝ තැන තැන කතා බස්වලට ගොනු කර තිබුණි. සුගතපාලද සිලවා. දයාසේන ගුණසිංහයන්. පියසේන කහඳගමගේ වැනි ලේඛකයන් කවියන් කිහිප පෙළක්ම ආරාධනා ලැබ සිටියහ. දයාසේන ගුණසිංහගේ 'දොර මඩලාව ' එතැන මැවුනේ සුගතපාලද සිල්වාගේ 'ඇට මැස්සා' හිස වටා පියා සල්ද්දීය.
එදා හවස සාහිත්‍ය උත්සවය පටන් ගන්නට කලින් සුන්දර කලාබර හැන්දෑවක් ලැස්ති කර තිබුණු හැටි ඒ විදිහය. එදා මටද පොඩී කඩේ යෑමක් පැවරී තිබිණි. ඒ කතා බහ අවසන කලාශිල්පීන් දෙපළක් වුස් කැන්ටිමට කැඳවා ගෙන ගොස් එතන ලැස්ති කර තිබු වඩේ, පැටිස් හා කෙසෙල්ගෙඩි සමග කැම්පස් ප්ලේන්ටි සංග්‍රහයෙන් ඔවුන්ව සන්තර්පන කරවීමය.
මම හෙමින් හෙමින් මට භාර දී තිබු කළා කරුවන් දෙපළ අසලට ගොස් දැන් තේ බොන්න යමු නේදැයි ඇසුවෙමි.. සුගතපාලද සිල්වා ඉතා අහිංසක ලෙස කිව්වේ 'ඔව් මට ප්ලේන්ටියක් බීලා බුලත් විටක් කන්න වුවමනා වෙලා තිබ්බේ' කියලාය. වුස් කැන්ටිමේදී ශිෂ්‍ය ක්‍රියාකාරිකයෝ ලැස්ති කර තිබු තේ මේසයක් වෙත සුගතපාලද සිල්වාත් දයාසේන ගුණසිංහත් ඇරලවා මම වෙනත් තැනකට යන්නට හදන විට දයාසේන ගුණසිංහයන් මගේ අතින් ඇද මෙසේ කිව්වේය.
'දැන් ඔය ළමයත් අව්වේ ඉඳලනෙ ආවේ මෙන්න මෙහෙන් වාඩි වෙලා අපිත් එක්කම තේ බොමු'.
එක් පසෙකින් සුගතපාලද සිල්වාත් අනෙක්පසින් දයාසේන ගුණසින්හත් ඉන්නා තැනක වුස් කැන්ටිමෙන් මම වඩේ කා ප්ලේන්ටි බිව්වෙමි.
මා එදා විඳි අහිංසක සතුටේ වටිනාකම රාජ රාජ මහා මැතිඳුනට කඩේ යාමෙන් ලබන්නට පුළුවන් සතුට මෙන් සිය දහස් ගුණයක් වටිනා බව මම මැරෙනතුරු විශ්වාස කරමි.
දහසක් මල් පිපෙන්නට ඕනිය. මොන පක්ෂයකින් , මොන සංවිධානයකින් ලෑස්ති කළා වුනත් සාහිත්‍ය උළෙලකින් ඇගයෙන්නේ නිර්මාණ කරුවන්ය. දිරි ගැන්වෙන්නේ තව තවත් ලියන්නට හා ගයන්නටය.
ලියන්නට හා ගයන්නට නොදී මල් පොහොට්ටු අතින් තද කරගෙන සිටියොත් පොඩි වූ මල්වලින් හමන්නට ඉඩ ඇත්තේ මල් සුවඳ නොව අර අමිහිරි වෙඩි බෙහෙත් ගඳමය.

Photo; dailynews.lk
එදා ඔහේ එලෙස කඩේ ගියා.
ReplyDeleteඅද වයිස් චාන්සලර් කඩේ යනවා දැක්කා රූපවාහිනී විවාදයක ප්‍රේක්‍ෂකයෙක් විදියට. මං හිතන්නේ ඒකයි මේ අවුලට හේතුව.
ඔව් කඩේ යෑම් වල ආකාර අතර ගැටුමක් හෙවත් අවුලක්
Deleteඑදා තිලකෙලත් එක්ක වඩේ කාපු ලේඛකයන් අද රජා එක්ක කෝපි බොනව.
Deleteඅනේ අර අහිංසක උ.කු ගැන මට දුකත් හිතෙනවා අප්පා. කාගෙ උනත් දරුවෙක්නෙ මේ හැටි මේ කතා අහන්නෙ... කවුරුත් නොහිතුවට ඒ පාලකයත් එක පැත්තකින් පිපෙන්න වෙර දරන මල් කැකුළක්...ඔය පිපෙන්න අර අදින්නෙ වෙන කොහෙවත් නෙවෙයි "විශ්ව විදායාල කොමිෂන් සභාවෙ" ඊලග සභාපති හෝ ඒ ආසන්න පුටුවක් උඩ...
Deleteපහේ පන්තියෙන් ඉහලට ගිය අය හා එතනින් නතර වු අය ලබාදෙන පොරොන්දු අතර වෙනසක් නැතැයි සිතමින් සිටියදී ඒ වැරදි සිතුවිල්ලට තිත තැබීමට උදව්වීම ගැන මුලින්ම ස්තූති කල යුතුමය.
ReplyDeleteදවස කෙතරම් අවිවේකි වුවත් මේ පෝස්ට් එක ගැන වචනයක් හෝ නොලියා යාමද හිතට මදිය. 2000 වසරේ සරසවියට තැබු පය වාසනාවට හෝ අවාසනාවට තවමත් ඉන් පිටතට ගත නොහැකි වු මගේ මතකයේ හැටියට ඔය කියන වසර දාහතරටම අපේ සරසවියේ තිබුනේ කලා උළෙලවල් දෙකකි. එයද අප සරසවි සිසුන්ව සිටි සමයේදීය.අප පළමු වසර සිසුන්ව සිටි යුගයේ පැවති ඉන් පලමුවැන්න අදටත් මගේ සිතේ සොඳුරු සිතුවමක්ව ඇදී පවතී."බාත් රෑම්" ගායක ගායිකාවන් බොහොමයක් කලාකරුවන් ලෙසින් කල එලි බසින ඒ දින කිහිපය සැබවින්ම සුන්දරයි.
ඔය කියන කලා උළෙලක අවසානයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වු මත ගැටුමක් නිරාකරණය කිරීමට අප සියල්ලන්ම විදයාපීඨ ශ්‍රවණාගාරයට කැදවු එක්තරා ආචාර්යවරයෙකු කියූ යමක් ඔබේ වදන් වැල කියවා අවසන් වන විටම මගේ මතකයට නැගුනි.
දෙපාර්ශවයේම පැමිණිලිවලට ඇහුම්කන් දුන් ඔහු වේදිකාව ඉදිරියේ බිම සිටගෙන වේදිකාව දෙපව බිත්තියේ අලවා තිබු කුඩා පුන්කලස් දෙකින් එකක් දෙසට අත දිගුකර බොහොඉ නිවුන හඩකින් මෙසේ ඇසීය. "අර තියෙන්නෙ මොකක්ද?" ළමුන් සියල්ලන්ම හිතින් හෝ මුවින් එය "පුන් කලසක්" බව කියන්නට මැලි නොවුහ. සාවදානව අපට ඇහුම්කන්දුන් ඔහු අවසානයේ මෙසේ කීවේය. "ඔය ළමයි හැමෝටම පෙනුනෙ මේ පුන්චි පුන් කලස විතරයි..ඒකට පිටිපස්සෙන් තියෙන මෙච්චර ලොකු බිත්තිය කාටවත් පෙනුනෙ නෑනෙ"
ඉතින් මට හිතෙන හැටියට අපේ රටේ බොහොමයක් පාලකයින්ගේ ඇස ගැටෙන්නේද පුන් කලස මිස ඉන් ඔබ්බෙන් ඇති බිත්තිය නොවේ.
එල ද බ්‍රා කමෙන්ටුව
Deleteලේක්චරර්ගේ කතාවේ හොඳ ගැම්මක් තියෙනවා. සමහර වෙලාවට ඔය දෙකම දැකක්ත් කරන්න වෙන්නේ පුන්කලස පෙරලගෙන ගිහින් බිත්තියේ ඔලුව ගහ ගන්න තමයි. ආයේ කෙටි කතාවක් එහෙම ලිව්වේ නැද්ද ඇනෝ ?
Deleteකෙටි කතා වලින් වැඩක් නෑ.....හැබැයි අර පොරොන්දු කතා හය ලියලා ඉවර කරන්න නම් තව දවස් 10ක් ම තියෙනවා මං හිතන්නෙ...
Deleteඅද විකල්ප කළාකාරයෝ, නිදහස් කළාකාරයෝ නෑ නේ තිලකේ... අද ඉන්නේ ප්‍රශස්ති ගී ගායනා කරන නළාකාරයෝ..
ReplyDeleteමට තාම තේරුම් ගන්න බෑ නළා කාරයෝ 'සතුට' කියන දේ තේරුම් අරන් තියෙන්නේ කොහොමද කියල
Deleteඋන්ට සතුට සමානවෙන්නේ මුදලට.
Deleteමේවට සිසුන් පවා වග කිව යුතුයි..
ReplyDeleteසිසුන් විතරක් නෙමෙයි බහුතර ජහමනයා
Deleteඒත් මේවා නැති වීම කාගේ වරදින් වුනත් මහා අපරාධයක්
Deleteඒකත් එහෙමු වුණා එහෙනම්....
ReplyDeleteඅනේ මංද අප්ප මක්ක වෙන්න/ කොරගන්න යනවදකියල
ඒක නේන්නම් මහේෂ්
Deleteතිලකේගේ කතාවේ සුපුරුදු රස. ඒත් මේ ප්‍රතිචාරය හිතන්න යමක් එක් කලා.
ReplyDeleteපුන්චි පුන් කලස් නොව
මගුල් පෝරුව දෙපස
සබඳ අපි බිත්ති වෙමු
වහල බර හිස දරන
හිතන්න තවත් දෙයක් එකතු උනා ඔන්න ඒ පාර
Delete//එක් පසෙකින් සුගතපාලද සිල්වාත් අනෙක්පසින් දයාසේන ගුණසින්හත් ඉන්නා තැනක වුස් කැන්ටිමෙන් මා වඩේ කා ප්ලේන්ටි බිව්වෙමි.
ReplyDeleteමා එදා විඳි අහිංසක සතුටේ වටිනාකම රාජ රාජ මහා මැතිඳුනට කඩේ යාමෙන් ලබන්නට පුළුවන් සතුට මෙන් සිය දහස් ගුණයක් වටිනා බව මම මැරෙනතුරු විශ්වාස කරමි.//
ඒ කතාව අැත්ත තිලක.............. මොකද ඒ මිනිස්සු ඒ තරම්ම නිර්ව්‍යාජයි.. දේශපාලකයන් මෙන් අවස්ථාවාදීන් නොව..... කලාකරුවා තුළ සැබෑ මිනිසා අැත................. සැබෑ කලාකරුවා වනාහී ඒ මිනිසත්කම චිත්‍රනය කරන්නාය................. ඒනම් කලාකරුවා කරන්නේ තමන්ගේ ජීවිතය නැතිනම් තම අාත්මය නිර්මාණකරනයට ලක්කිරීමක් කිව්වොත් හරිනේද??????
ඔව් මං දන්නා තරමින් කිසිම විටක තමන්ගේ ප්‍රතිපත්ති පාවා නොදුන් කලාකරුවෝ දෙන්නෙක් තමයි ඔය . ඉතාම දුර්ලභ මිනිස්සු
Deleteඅා................ කියන්න අමතක වුණා.... මගේ සිනාරියෝ ඒක තුළ ඒ කලාඋළෙලේ නම බිහිදොර අභියස..... පූදින්න වෙර දරන මල් කැකුළු විකසිත කරන්නට (අපි ඒකට කියන්නේ පූදින්න වෙර දරන මල්කැකුළු පුප්පන්නට කියලා.................... හැක්)
ReplyDeleteඔව් මම නුවර පාරේ යනකොට ඔය උළෙල ගැන බෝඩ් එක දකිනවා අවුරුද්දකට වතාවක් .
Deleteපේරාදෙණියේ "මාගේ දේශය අවදි කරනු මැන.."
ReplyDeleteරජරට "වෑදිය නිල්ල"
කැලණිය "බිහිදොර අභියස"
ඔක්කොටම වෙලා තියෙන්නේ ඔය සෙතේ තමයි. පාලකයන් වගේම ළමයින් වග කියන්නත් ඕනේ. ශිෂ්‍ය සංගම් තමන් කළ යුතු කාර්යය කරනවාද කියන එක ප්‍රශ්නයක්. අද ඉතිං කවුරු නොකිව්වත් අන්තරේ දේශපාලන හස්තයකට මැදි වෙලා ඉන්නේ. හැබැයි ඉස්සර තිබ්බ එක නෙවෙයි. ඒකෙන් කැඩිච්චි බංකොලොත් සෙට් එකකට!
රුහුණෙ "ඉඩෝර බිම නිවාලන කඳුරැල්ල"....රතුපාට තඩි බෝල අකුරින් ඒ කාලෙ හැඩවෙන සරසවියේ සඳළුතලයයි ප්‍රධාන බස් නැවතුම්පල ඉදිරිපස තියෙන ටෙලිකොම් තාප්පෙයි තිබුන උජාරුව මට මැවිලා පේනවා...ඒත් දැන් ළමයි ඔක්කොම කරන්නෙ ඩිජිටල් තාක්ෂණයෙන් නිසා කැම්පස් එකේ අහලකවත් ලස්සන පෝස්ටරයක් නෑ..
Deleteමෑත කාලයේ කැම්පස් බල තුළනය ගැන අදහසක් නෑ . ඒත් කලා උළෙලවල් වගේ දේවල් අල කර ගන් නැතිව කරන්නට හැමෝම උදව් වුනා ඒ කාලෙනම් මොන දේශපාලන මතේ දැරුවත්
Deleteඑවැනි උත්තම මිනිසුන්ට කඩේ යන්න ලැබෙන එකත් වාසනාවක්...
ReplyDeleteඅපිට තිබුණෙ ‘‘බිහිදොර අබියස“ කලා උළෙලනෙ... ඒ ගැන අත්දැකීමක් තියෙනවා ලියන්නත් හිතුණා. ඒත් කම්මැලියි අප්පා.
ඔවුන් ඇත්තෙන්ම සොඳුරු එඩිතර කලාකරුවන් ඒ කතාවත් ලියන්න තරූ
Delete//ලියන්නට හා ගයන්නට නොදී මල් පොහොට්ටු අතින් තද කරගෙන සිටියොත් පොඩි වූ මල්වලින් හමන්නට ඉඩ ඇත්තේ මල් සුවඳ නොව අර අමිහිරි වෙඩි බෙහෙත් ගඳමය.//
ReplyDeleteමුලු ලිපියෙන්ම තදින්ම හිතට වැදුන කතාව! ඒත් එදා සරසවි ශිෂ්‍යයාට වඩා අද ඔය ශිෂ්‍ය සංගම් වල ක්‍රියාකාරීන් වෙලා ඉන්න උදවිය හාත්පසින්ම වෙනස්. ඒ නිසාම මේකට ඔවුනුත් වගකිව යුතුයි.
ඒ අදහස කීප දෙනෙක්ම මතු කරලා තිබ්බා බස්සි. හරි දුකයි මේ තත්ත්වය ගැන
Deleteඅද වෙනකොට මෙහෙ තියෙන්නෙ 'මාගේ වාරය අළුත් කරනු මැන' වර්ගයේ ප්‍රසංග පමණයි.. අනිත් ඒවට 'ඉඩක්' දෙන්නෙ නෑ. හ්ම්ම්ම්....
ReplyDeleteහ්ම්ම්ම්....
Deleteසරසවි ජිවිතය ගැන අත්දැකීම් නම් නෑ ... හැබැයි පිට ඉඳන් බලන අපිට නම් ශිෂ්‍ය සංගම් ගැන ඔලුවේ තියෙන්නේ හොඳ අදහසක් නෙවෙයි ...
ReplyDeleteකළා උළෙලකදී හරි සුගත පාල ද සිල්වා එක්ක තේ එකක් බොන්න ලැබිච්ච එකත් ලොකු දෙයක් නේ ..
පිට ඉඳන් බලන අය නෙවෙයි ඇතුලේ හිටි අයත් දැන් දැන් එහෙම කියනවා පැතුම්. මේ ගැන සිසුන්ගේ පත්තෙමුත් විය යුතු දෙයක් තියෙන බව පේනවා
Deleteවිශ්ව විද්‍යලයට පිං නැති වුන අප සමග ඒ සොදුරැ මතකයන් බෙදාගන්නා ඔබට ස්තුතියි.
ReplyDeleteජීවිත විශ්ව විද්‍යාලේ ඔය ඔක්කොටම වඩා දේ තියෙනවා මෙන්ඩි
Deleteමුලින් ම පේරාදෙණියට පය තිබ්බ දවස අද වගේ මතක ය. ඒ ඉස්කෝලෙ යන ශිෂ්‍යාවක විදිහට කවි ලියා ලැබුණු සහතිකයක් ගන්නට ය. තාත්තා සහ මල්ලීත් මා එක්ක ගිය අතර ඒ වැහි බර හීතල හැන්දෑවේ ජිම් එකේ ඉඳගත් මොහොතේ සිට මා තුළ දැනවුණු ප්‍රමෝදය කිසිදාක අමතක නැත. කොහේදෝ දුර සිට ආ අපට කන්න බොන්න දී හොස්ටල්වල නවාතැන් දීමට තරම් තරම් සංවිධාන ශක්තියක් ඒ ශිෂ්‍ය සංවිධායක මණ්ඩලයට තිබුණි. පිට තැනක් කියා නොදැනෙන තරමේ තමන්ගේ කමක් අප තුළ දනවන්නට හැකි ප්‍රබල සහෝදරත්වයක් ඒ සහෝදර සහෝදරියන් තුළ තිබුණි. පසු කලෙක කොළඹින් නතර වන්නට තිබූ මගේ ජීවිතය සදහට ම වෙනස් කළේ එදා ඒ ගමන යි. ඒ මගේ පළමු ‘මාගේ දේශය අවදි කරනු මැන‘ අත්දැකීම යි.
ReplyDeleteසාහිත්‍ය සම්මාන උළෙලවල් යනු අපිරිසිදු ජරාජීර්ණ සංසිද්ධීන් බවට පත්ව ඇති මේ දූපතේ තවමත් නො කෙලසී ඇති සාහිත්‍ය උළෙලවල් යනු විශ්වවිද්‍යාලයීය සාහිත්‍ය උළෙලවල් බව මම විශ්වාස කරමි. ඒ ඒවා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සංවිධානය කරන නිසා ය.ශිෂ්‍ය දේශපාලනයේ කලු සුදු අළු පැහැයන් දැක ඇති අපට ‘මාගේ දේශය‘ යනු පේරාදෙණි බිමට පෑයූ දේදුන්න යි. ‘මාගේ දේශය‘ සහ අනෙකුත් සියලු විශ්වවිද්‍යාලවල ඒ වැනි උදාර කාර්යයන්ට ඉඩක් නො දීම යනු තිලක කියන්නාක් මෙන් ම දහසක් මල් පිපෙන්නට ඉඩ නො දී තලා දැමීමක් වනු ඇත්තේ ය.
ඇත්තය..දහසක් මල් පිපෙන්නට ඕනෑ ය.
ඒ සාහිත්‍ය උළෙලින් පිපුන මලක් විසින්ම මෙසේ සුන්දර විස්තරයක් එකතු කිරීම කොච්චර දෙයක්ද? මේ හන්දාම පාලකයිනුත් සිසුනුත් මේ උළෙල රැක ගන්ට මීට වඩා වෙහෙසෙන්න ඕනි නේද ? ස්තුතියි වසීලිස්සා
Deleteතිලකේ මා දන්නා තරමින් මේ ව්‍යසනයට පාලකයන් මතු නොවැ සිසුන්ද යම් තරමකට හෝ වගකිව යුතුයි කියා මට නිකමට මෙන් සිතේ.
ReplyDeleteඑහෙම වෙන්ට පුළුවන් හැලපේ, දෙපිරිසම ගත්තම වැඩිහිටි පාලකයින් වඩා වගකීම්සහගත වෙන්ට ඕනි කියා හිතෙනවා.
Deleteදහසක් මල් පිපෙන්නට ඕනෑමය,ඒ සඳහා ඇවසි පරිසරය සැදිය යුත්තේද අපමය.ඒ සඳහා පාලකයින් කිසිත් නොකරයි.පිපෙන්නට වෙර දරන පොහොට්ටු අතින් තද කරන් සිටීමෙන් පලක් නැත.රබර් බෝලයක් අතිත් තද කරන සිටින තාක් ජලයේ යට තබා ගත හැකි මුත් අත නිදහස් වූ සැනින් බෝලය දිය මතු පිට එන්නක් මෙන් පොහොට්ටුවද මලක් වෙනු ඇත සුවඳ කර ලෝකයම.
ReplyDeleteස්තුතියි මනෝජ් .මල් පිපිය යුතු නිසාම ඒවා පිපෙන්නට දිය යුතුයි
Deleteඅනේ මන්ද අපේ රටේ අධ්‍යාපනයටත් දැන් හෙන ගහගෙන එනවද කොහෙද..
ReplyDeleteමේ නිදහස් කලාවට වෙච්ච අකරතැබ්බයක් උමේෂ්
Delete//ලියන්නට හා ගයන්නට නොදී මල් පොහොට්ටු අතින් තද කරගෙන සිටියොත් පොඩි වූ මල්වලින් හමන්නට ඉඩ ඇත්තේ මල් සුවඳ නොව අර අමිහිරි වෙඩි බෙහෙත් ගඳමය//
ReplyDeleteසහතික ඇත්ත!
හරිම කණගාටුදායක තත්වයක් තමයි හැම අතින්ම ඇහෙන්නේ. මේ නොකියා කරන්නේ අනතුරුදායක අනාගතයකට අතවනන එකයි. දේශය අවදිකරන්න ඉස්සෙල්ලා, මේ පාලකයින්ව අවදිකරන්න තමයි අවශ්‍ය.
ReplyDeleteතිලකේ...සුගතපාල ද සිල්වා වගේ නිරහංකාර අව්‍යාජ මනුස්ස පරාණයක් මම ජීවිතේට දැකලා නැහැ. මට ඔහුව අමරෙ අයියා එක්ක කිහිපවරක් හමුවුනා. අද අපිට නැත්තේ ඒ වගේ මිනිසුන්. මනෝලා නැතිවුන කාලෙක තවත් පාඩුව දැනෙයි.
අනිත් කාරණය නම් තිලක සිතලා එදත් අදත් අයිති රජා එක්ක කෝපි බීපු නඩේට
ReplyDeleteමේ පෝස්ටුව අදයි ඇහැගැහුනෙ,
ReplyDeleteමගේ කාලේ මමත් ඔය වැඩේට නොවරදවාම උදව් කළා. ඒ 2000-2003 කාලෙත් සාහිත්‍ය උළෙල පැවැත්වුනේ පරිපාලනේ කැණහිළිකම් මැද.
සාහිත්‍යය උළෙල අවසානයේ පැවැත්වුන ප්‍රසංගය අතරතුර ජයග්‍රාහී නිර්මාණ ඇතුළත් "අස්වැන්න" නමින් සමරු සඟරාවක්ද ලබා දෙනවා. ඒකෙ පිට කවරෙට දාන්න සාහිත්‍ය අනුකමිටුවේ බලවත් ඉල්ලීම පිට ලියලා දීපු සටහනක් පරණ සමරු සඟරා අතර තිබිල ආපහු කියවල බැලුවෙ තිලකසිත පොස්ට් එකට පස්සෙ.
ලාභ ගැති පඬුරට
තාම නොවිකිණුන බිම්කඩ
බෝම වෙහෙසව බිඳ
සදා පෙරළා සාර කෙතකට
කලට වැහි නැතිකල
ශාප නොමකොට අහසට
වියරු හෙන හඬ නොව
හද ගැස්මෙන්ම වැසි කොට
පීදෙන ගොයම මැද
නියවන දුෂ්ඨ වල පැල
උගුලා දමා ගොයමින
සදා අයිතිය මෙබිම පොහොරට
බඩ දරු කෙත නසන
අමන කීඩෑ දුදනට
නොදී නෙතු පොවනට
දිවා රෑ නිදි වරා රැක සිට
සැනසුම් සුසුම් මැද
ඔකඳ රන්වන් කරල් නැලවෙන
ගයා රස සී පද
විඳිමු ඇල්වී සුවඳ පැතිරෙන ...
.... තව එකක්, මට මගේ ජීවන සහකාරිය මුණ ගැහුනෙත් මාගේ දේශය අවදි කරපු කෙටි නාට්‍ය තරඟෙට ගිහින්........;-)
"මාගේ දේශය අවදි කරනු මැන" සාහිත්‍ය උළෙලට තේමා ගීතය ලියා දෙමින්, නිර්මාණ විනිශ්චය සම්බන්ධීකරණය ඇතුළු කටයුතු වලදී පසුබිමේ සිට හැකි අයුරින් උදව් කළ හැටි සිහිපත් වුණා. මූලිකත්වය ගත් මහේෂ් වැනි වෛද්‍ය සිසුන් අද ලොකු දොස්තරලා වෙන්න ඇති නේද..
ReplyDelete