මම දන්නා කුඩා පිරිමි ළමයෙක් හිටියා අම්මාගෙන් පන් වට්ටියක් ඉල්ලලා සන්නද්ධ අරගලයක් කරපු. ඒක වෙලා තියෙන්නේ ළමයා හෝඩියේ පන්තියේ අවුරුදු තුනක් ඉන්නා කාලේ .
ලොකු පන්තිවල ළමයින්ට ප්‍රාග් වෘත්තීය කියල සබ්ජෙක්ට් එකක් තිබ්බ ඔන්න ඔය කියන කාලේ. ගෑනු ළමයින් මැහුම් ගෙතුම් මදිවට පන්වලින් වට්ටි පෙට්ටි වියන එක පවා ඉගෙනගෙන තියෙනවා ඉස්කෝලෙදි . මේ වගේ අත්කම් වැඩ ආශාවෙන් උගන්වලා තියෙන්නේ මේ කියන ළමයාගේ අම්මා.ඒ හෝඩියේ පන්තියේ ටීචර් වෙලා ඉන්දැද්දීම.
මේ විධිහට ඉස්කෝලෙදි හැදෙන ලස්සන ලස්සන අත්කම් නිර්මාණ අතරින් ළමයාගේ හිත වැඩිපුරම පැහැරගෙන තියෙන්නේ පන්වලින් හදපු මල් වට්ටියක්. පොඩි එකා හවස ගිහින් අම්මාගෙන් අතොරක් නැතිව අහන්නේ පන් වට්ටි වියන අපුරුව ගැන. අම්මා තුන්හිරියා පන්, හැවන් , ගල්ලැහැ බට පතුරු ආදිය එකතු කරගෙන වට්ටි, පෙට්ටි විතරක් නෙවෙයි පැදුරු වියන හැටි පවා රසවත්ව විස්තර කළා.
ලස්සන පාට පාට මල් පිපුණු, හීන්බෝවීටියා සුවඳ එන ඔය දෑල දිගට තැනින් තැන හැවන් පඳුරු මණ්ඩි මණ්ඩි තියෙන බව අම්මා කිව්වා. කඳුවැටි අතරින් ලස්සනට ගලාගෙන යන සිරියාවන්ත ඔය. තමන්ගේම ඔය. ඔයේ සොඳුරු ලස්සන, සුවඳ විතරක් නෙවෙයි වට්ටි වියන්න පුළුවන් හැවන් වගේ ඒවත් නිසා ඔය මොන තරම් පෝසත්ද. පොඩි තැන ආඩම්බරෙන් නිදා ගත්තා.
ළමයාට රෑ හීනේමුත් පෙනුනේ පන් වට්ටියක්. උදේ පාන්දර නැගිට්ට ගමන් අම්මාට ඇවිටිලි කළා.
'අම්මේ මට අලුත් පොඩි වට්ටියක් වියලා දෙන්න අද ඉස්කෝලෙදි ලොකු අක්කලාට කියල'
පුංචි ජනේලයෙන් එපිට මීදුම ඈත් මෑත් කරගෙන ගෙට එබෙන අරුණාලෝකයත්, සමන් පිච්ච මල් සුවඳත් විඳ විඳ තුටු පහටු මුහුණින් කුස්සියේ තේ හද හදා හිටි අම්මගේ මුනේ ලස්සන හිනාවක් මැවුනා. පොඩි එකාගේ අහිංසක ඉල්ලීමට එකහෙලා හා කිව්වා.
ඔන්න දැන් ඉස්කෝලේ වැඩ අතරේ පොඩි එකා වරින් වර අම්මා ගාවට යනවා .
'අම්මේ අර වට්ටිය'
ඉස්කෝලෙදි හැම තිස්සෙම අම්මා ලඟට යන්න අවසර නැති වුනත් සැරින් සැරේ අම්මා ලඟට ගිහින් ආයෙමත් පොඩ්ඩක් මතක් කරනවා.
'ඉන්න පුතේ අම්මටත් අමතක නෑ! .
ලොකු පන්තිවල අක්කලාට අත්කම් වැඩ තියෙන්නේ අන්තිම පීරියඩ් දෙකේ . ඉතින් අම්මා ඒ පාඩමේදී අතුරු පලයක් හැටියෙන නිමවෙන පන්කොළ වට්ටිය පොඩි එකාට දෙන්නට තීරණය කරලා.
දැන් ළමයා අපුරු විසිතුරු ලෝකෙකට ගිහිල්ලා . හවස ගෙදර යනකොට පන් වට්ටිය ඔලුවේ උඩ තියාගෙන යන හැටි අනිත් හමොටම පෙන්වන හැටි , වට්ටිය රෑට පරෙස්සමට අරන් තියෙන එක . අම්මේ එහෙම සුන්දර කල්පනාවක්.
මෙහෙම හීන ලෝකෙක පොඩි තැන ඉන්දැද්දී බොහොමත්ම හෙමින් වට්ටිය වියෙනවා . කාලය ගෙවුනා . පලවෙනි පීරියඩ් එක ඉවර වුනා. දෙවැනි පීරියඩ් එකත් ඉවර වුනා . ඒත් එක්කම ඉස්කෝලේ ඉවර වෙන බෙල් එකත් වැදුනා, හැමෝම ඩෙස්ක් පුටු වලින් නැගිටලා අත් එක්කාසු කර ගත්තා.
දෙයියනේ! ළමයාට දෙලෝ රත් වුනා . දුවලා ගිහින් වට්ටිය වියන තැන බැලුවා.
බාගෙට වියපු වට්ටියේ පන් කොළ දිගට දිගේ විහිදුනා. ඒක තනි විකාරයක් වගේ. තොල කට වේලිච්ච පොඩි එකා අම්මා හොයන්න යන්න පිටත් වුනා .
එතකොටම ඉස්කෝලෙම එක හඬින් 'යෝ වද තං පව..' ගාථාව කියන්න පටන් ගත්තා.
යෝ වද තං පවරෝ මනු ජේසු...
ආයේ කීයටවත් තමන්ට වට්ටිය අද දවස තුළ නොලැබෙන බව සක් සුදක් සේ පැහැදිලි කරන ඔච්චම් ගීතයක් ලෙසයි ඔහුට එය ඇහුනේ.
පොඩි එකා තමන්ගේ තියෙන එකම ආයුධේ මල්ටි බැරල් රොකට් එකක් කරගෙන ඉස්කෝලේ මුළු ශාලාව ගිගුම් දෙන තරම් හඬකින් ක්‍රියාත්මක කළා. ඒ තමයි ළමයි එකසිය ගානකගේ හඬ පරදන සද්දෙන් බිරුසන් දීම.
දිගටි තනි ශාලාවක හෝඩියේ ඉඳන් හතේ පංතියට එනකන් පැවැත්වුණු කුඩා පාසැලම එක් වරම බිරාන්ත වුනා.
ගුරුවරු ලොකු ළමයි එක රොත්තට පොඩි එකා දෙසට හැරුනා .
ඇයි ඇයි මොකද මොකද ???.
අනිත් හැමෝටම වඩා අඩුවෙන් කලබල වුනු අම්මා සන්සුන් ගමනින් එතනට ඇවිත් මෙහෙම කිව්වා.
'හරි හරි ප්‍රශ්නයක් නෑ ඔය ළමයි සේරම දැන් ගෙදර යන්න'
ඒ අතරේම ඇය හතේ පන්තියේ ගැහැණු ළමයින් දෙන්නෙකුට කතා කරා.
'අමිලා, රේණු මයේ දුවේ අපි තුන් දෙනා විනාඩි දහයක් ඉඳල මේ වට්ටිය ඉවර කරලා යමුද. යනගමන් අපේ ගෙදරින් බත් කටකුත් කාලා යන් .
ඔන්න දැන් කිසි කිසි ගාලා වට්ටිය වියලා අහවර කළා. වැඩි කොළ කපල පන්ති කාමරේ සුද්ද බුද්ද කරලා හතර දෙනාම ගල් පඩි පෙළ බැහැගෙන ගෙදර යන්න එනවා හිනා වෙවී.
පොඩි එකා පොත් බෑග් එක අම්මට දීලා පඩි දිගේ දුවනවා. ආයේ අම්මලා ලඟට එනවා. වට්ටිය තොප්පියක් වගේ ඔලුවේ දා ගන්නවා . ආයේ ගලවනවා . කරකවනවා . ඉස්සරහා කිරි දත් වැටිච්ච කටෙන් හිනා වෙනවා .
ලොකු පන්තියේ අක්කලා මෙහෙම කියනවා
ඔයා දැන් උඩ පැන පැන හිනා වෙවී ගියාට ඉස්සෙල්ල බෙරිහන් දීලා ඇඬුවේ . චී චී වට්ටියක් ඉල්ලලා අඬනවද පිරිමි ළමයි. අපිටත් එක්ක ලැජ්ජයි.
පොඩි එකා කියනවා .
මම වැඩිපුරම ඇඬුවේ ඕගොල්ලෝ මට වට්ටිය හදලා දුන්නෙත් නැතිව මට එක එක ඒවා කිව්වනේ ගාථාවත් වෙනස් කරලා .
'කවුද වෙනස් කළේ ගාථාව'
ඇයි ඕගොල්ලෝ මෙහෙම කිව්වේ?
'කෝ අද වට්ටිය රෝමනු ජේසු '
චිත්‍රය : දෙව්‍නි

හරිම අපූරුයි. පොඩි කාලෙ ආසාවන් ඇති වුනාට ඒවා හැමෝටම හැම තිස්සෙම ලැබෙන්නෙ නෑ. මේ පොඩ්ඩා නම් හරිම වාසනාවන්තයි :)
ReplyDeleteමේ ලැබිච්ච දේවල් ගැන විතරයි කල්පනා ලියලා තියෙන්නේ. අඬලා අඬලා නොලැබිච්ච දේත් බොහොමයි. ගොඩක් ඒවා අමතක වෙලා ගිහින් .බොහොම ස්තුතියි
Deleteමේ 'දන්න පිරිමි ළමය' ගැන පොඩි ඉවක් දැනෙනවා දැනෙනවා වගේ
ReplyDeleteමේ වගේ ළමයෙක් පහු කරගෙන ඇවිල්ල තියෙනවා නේද අපි හැමෝම
Deleteමටත් මතකයි ඉස්සර අම්මා උගන්නද්දී ඒ පන්තියට දුවගෙන ගියපු හැටි
ReplyDeleteමොනා කිව්වත් අම්මා දකිද්දී ලඟට දුවන් නැතිව ඉන්න පුලුවන්ද පොඩි එකෙකුට ?
Deleteමාත් දන්න පිරිමි ලමයෙක් අවුරුදු තුනක්ම ඉස්කෝලෙ ගියා අම්මත් එක්ක හෝඩියෙ පන්තියට... මං හිතන්නෙ මේ ඒ ලමයම වෙන්න ඕනි..
ReplyDeleteපොඩි එකාට අර කවියෙ ඉතුරු ටික මතක නැති වෙලාද?
....................................
සඛ්‍යමුණී බාගෙට වියලාදෝ
පාර දිගේ යටි ගිරෙන් සමංගී
යං සුගතං දැන් නත්තමු පේමි..
//....................................
Deleteසඛ්‍යමුණී බාගෙට වියලාදෝ
පාර දිගේ යටි ගිරෙන් සමංගී
යං සුගතං දැන් නත්තමු පේමි..//
+++
+++++++සුපර්බ් කළා හිත
Deleteඅපොයි තිලකේ
ReplyDeleteඅපොයි තමයි .හැබැයි මන් නෙවෙයි . ඒ කොලුවා
Deleteවිටකදි අම්මට කරනවා කිට්ටු
ReplyDeleteතාත්තා එනවිට දානවා වෙට්ටු
අම්මානම් හැම දේටම ඔට්ටු
ඒකනෙ කවුරුත් අම්මට කිට්ටු
තිලකෙගෙ පොඩිකල කාටත් කිට්ටු
ඉදහිට පෙරලයි ගේබඩු මුට්ටු
තාත්තා විටකදි කරනවා මට්ටු
ඒකයි තිලකේ තාමත් කෙට්ටු
god knows the "Anonymous"
god save the "Anonymous" :)
Deleteඅනේ මෙහෙමත් දෙවියෙක්!........බලනකොට හැම තැනම දෙවිවරුනෙ...කමක් නෑ තිස්තුන්කෝටි දෙවෙනි දෙවියා ලෙසින් ඔබව හදුනාගැනීමට ලැබීම සතුටක්
Deleteමන් දන්නවා වගේ මේ ඇනෝ . දෙපොලකම කවි ලියල නේද ? හෙහ් හේ තැන්කිව්
Deleteතිලෙකට පොඩිකල බාගෙට පිස්සු
Deleteඒ වග කිය කිය හිනහෙයි රට්ටු
දෙයියොත් ඉදහිට නටන්නෙ පිස්සු
කෙරුවනෙ ඇනාව අතේ මාට්ටු
ප්‍රසිද්ධ ස්ථානයක සිට සමාජ වෙබ් අඩවියකට ඇතුළු වීමේ ඵල උදේ පාන්දරම බඩකට පුරා විදගෙන දවල්වෙලා නිවාඩු පාඩුවේ බ්ලොග් එකට ආවෙ අර ගාථාවෙ තව ටිකක් තියෙනවා කියලා හිතාගෙන ඒකත් රසවිදින්න. එහෙම එකක් නැති තැනයි ඇනාට දෙපොලකම කවි ලියන්න සිද්ධ උනේ.
ගාථාවේ ඉතිරි ටික අර 'කලා හිත' ලියල තියෙන්නේ අපුරුවට. ඒක නෙවෙයි නොරිකෝ සං එහෙම හම්බුනොත් මතක් කළා කියන්න
Deleteකියන්නම් කියන්නම්. ඒත් කවුරු මතක් කලා කියලද කියන්න ඕනි?.. පන් වට්ටියක් ඉල්ලලා ඉස්කෝලයක් දෙවනත් කරපු පෝරිසාදයා කියලද?.. තාත්තා වේවැල්පාර දෙනකොට සරම හලලා දුවපු ඇට්ටර කොලුවා විදිහටද?.. එහෙමත් නැතිනම් ඊයෙ පෙරේදා අළුත් දෙවි කෙනෙක් හොයාගත්තු උත්තමයෙක් වෙච්චි " චුටි උක්කුන් සන්" විදිහටද?..
Deleteපොඩි කාලේදී ඇතිවෙන ආසාවල් පුදුමයි. සමහර වෙලාවට දැන් හිතෙනවා ඒ අපිමද කියල
ReplyDeleteදැන් කාලේ සෙල්ලම් බඩු චොකලට් ජාති එහෙම ප්‍රොමෝට් කරන TV තිබ්බේ නැති නිසා ඔය වගේ අහිංසක දේවල් තමයි ළමයි ඉල්ලුවේ. අපිත්. මේ පැත්තට සාදරෙන් පිලිගන්නවා ජීවන්
Deleteඔය ගාථාවේ එක තැනක තියෙනවා නේද මප්පටි කුලා වගේ වචනයක් .. මට මතක් වෙන්නේ නෑ ... ඉස්සර මට ඕක ඇහෙන්නෙම මප්පටි කුකුළා වගේ ... හෙහ් හෙහ්
ReplyDeleteඅපේ ගෙදර තිබ්බේ ඉස්කෝලේ පේන මානේ. ඉස්ස්සර චුටි කාලේ අපේ නංගිට ඔය ගාථාව ඇහිච්ච ගමන් පුදුම සතුටක් එනවා. ඉස්කෝලේ ඇරලා අම්ම එන නිසා . 'මප්පති මප්පති තුලාන්' කිය කියා උඩ පනිනවා .
Deleteපොර කවුද කියලා හිතා ගන්න නම් අමාරු නෑ.
ReplyDeleteඅපි ඕක කිව්වේ
යෝ වද තම් පව රෝ මනු ජේසු
(කාගෙද) අම්මට බාගෙට පිස්සූ
කියලා.
ඩූඩ්........අපිත් ඕක ඔහොම තමයි කිව්වේ.....
Delete..... අම්මට බාගෙට පිස්සු කියලා අපි කතෝලික ළමයි ඉස්සරහ පිට කියනවා. උනුත් හිනාවෙනවා. රණ්ඩුවට ආවේ නැහැ. පොඩි එවුන් කුහක නැහැනේ වැඩිහිටි අපි වගේ.
ඩූඩ් & අරූ අයියා: අපිත් කිව්වේ ඔය වර්ෂන් එක තමයි..අරූ අයියා කිව්වා වගේ කවුරුවත් රණ්ඩුවට නම් ආවේ නෑ..:D
Deleteඔව් මුළු රටේම ඉස්කෝලවල ඔය පද වෙනස් කිරිල්ල කරගෙන තියෙනවා. ඔය ගාථාවට තමයි වැඩිපුරම වර්ශන්ස් තියෙන්න ඇත්තේ
Deleteපොඩි කොල්ලා දැන් සෑහෙන ලොකුයි නේද?
ReplyDeleteඒ පොඩි කොල්ල එහෙමම ආවා දැන් ඉන්න කොල්ලත් එක්ක
Deleteපඩත්තල කොල්ලෝ ගාථා ටික කියලා ඉවරවෙලා ආයෙත් අන්තීම කෑල්ල රිපීට් කරනවා. සමහර දවසට අහුවෙලා ගුටිත් කනවා.. මම ගමේ ඉස්කෝලෙට ගියේ තුනේ පන්තියේදි.. එදා මම උඩ ගියා මොකක්ද යකෝ මේ කියලා. මොකෝ කලින් ගියේ කේරී කොලේජ් එකට නිසා. හැබයි දවස් දෙකෙන් ගාථා ටික කට පාඩම්. අපේ පන්තිවලත් හිටියා චීචර්ලගෙ ළමයි. අප්පේ උන්ට තියෙන සැලකිලි. ඒ කාලෙම තමයි සම හරක් ගොටු අල්ලන්න ඉගෙන ගන්නේ..
ReplyDeleteඇත්තටම ඔය ගාථාව තාමත් ඉස්කෝලවල කියනවද? ඕක කියන්න පටන් ගත්තේ මොන කාලේද කියල මම දන්නේ නෑ
Delete1967ත් කිව්වා.
Deleteනිවාඩු දවසට සුන්දර කතාවක්!! හරිම මිහිරි මතක!!
ReplyDeleteපෝදා රසාංග . ස්තුතියි කඳු
Deleteකතාවයි චිත්‍රයයි දෙකෙන් වැඩි ලකුණු දෙන්නෙ පොඩි එකීටයි.හ්ම්ම්..
ReplyDelete+++++++++++++
Delete+++++මමනම් හැමදාම චිත්‍රයට තමයි වැඩිපුර ලකුනු දුන්නේ
Deleteලස්සන කතාවක්............ මං මෑතක් වෙනකල් ඕකේ පදටික වැරදියට තමයි හිතාගෙන උන්නේ... වැඩේ කියන්නේ ඒ කාලේ දහම් පාසලේ දවල්ට ඔය ගාථාව කියද්දි මයික් එකෙන් ඉස්සරහටම ගිහිල්ලා කිවුවෙත් මමම තමයි..... ඉතින් පොඩි එකා ගැන මොන කතාද???
ReplyDeleteඈ දහම් පාසැලේදීත් වැරදියටද කිව්වේ ?
Deleteඑල ද බ්‍රා
ReplyDeleteආ ඔය ඇවිත් ඉන්නේ . මම හිතුව 'එලද බ්‍රා' එකත් අරන් පන්සල් පැත්තේ ගිගින් කියල
Deleteපොඩි කාලේ හිත්.. ලස්සන මතකයක්..
ReplyDeleteපොඩි කාලේ ගැන හැම මතකයක්ම ලස්සනයි. සමහරවිට අමිහිරි මතක හිතින් ගැලවිලා යනවා ඇති
Deleteමමනං ඔය ගාථාව කවදාවත් හරියට කියල නැද්ද කොහෙද..
ReplyDeleteඉස්කෝලෙදි ඇරුණම ආයේ හරියට ඉගෙනගෙන කියන්න තැනකුත් නෑ නේද ?
Deleteලොකු තිලකේ තාමත් අඬනවද......
ReplyDeleteදැන් නම් ඔය වගේ පොඩි දේවල් ඉල්ලලා අඬන් නෑ . ලැම්බෝගිනියක් වගේ එකකට මිසක්
Deleteතිලකේ අයියා..මට සිද්ධිය මැවිලා පේනවා..පුංචි කාලේ කොච්චර රසවත්ද කියලා තේරෙන්නේ කාලයක් ගියාම නේ..:) :)
ReplyDeleteඒ රසේ තියෙන්නේ ළමා කාලේ පිරිලා තිබ්බ සරල සැහැල්ලු බව නිසා නේද තනි තරුව?
Deleteඊයා ලැජ්ජාවේ බෑ. වට්ටි ඉල්ලලා ඇඬුවානේ...:P
ReplyDeleteඔව් ඒකනේ බලන්න පොඩ්ඩි මටත් එක්ක ලැජ්ජයි..
Deleteඉතින් තිලකයියා වට්ටිය ලබුනයින් පස්සේ වට්ටිය ඔළුවේ තියන් වට්ටි අම්මා කෙනෙක් වගේ යන්න එපැයි කෑ ගගහා.ලාභයි,ලාභයි කිය කියා...:D
ReplyDeleteඉස්සර අපි ඉල්ලලා අඬපු දේවල් ගැන මතක් කරලා පස්සේ කාලෙක හිනා වෙන්නත් පුළුවන් නේද තිලකයියේ
එහෙමත් ගියා මල්ලි. මේ වට්ටිය තොප්පියක් වගේ ඔලුවේ දා ගන්න පුළුවන් පුංචි එකක්. අපේ ළමයි දැන් මොනා හරි ඉල්ලලා කරදර කරන කොට මේ වගේ පරණ කතා මතක් වෙනවා
Deleteකෝ බං මම දාපු එක..
ReplyDeleteඔය තියෙන්නේ බන් .
Deleteයෝ වද කියන එක කෝ අද කියල ඇහෙන්න පුලුවන්. ඒක ගැන ගැටලුවක් නැහැ. ඒ වුනාට තංපව කියන එක වට්ටිය වගෙ ඇහෙන්නෙ කොහොමද? මම කියන්නෙ පොඩි ළමයෙකුට වුනත්...?හරිම අභව්‍යයි නේද?
ReplyDeleteඔය පදේ ඇත්තටම කොලුවට ඇහිච්ච විදිහද නැත්නම් ඌ එදා ලජ්ජාවෙන් බේරෙන්න හදල කියපු එකක්ද එහෙමත් නැත්නම් මේ පෝස්ට් එක ලියපු හාදයා නිතර කරනවා වගේ අතින් දාලා ලිව්වද දන්නේ නෑ .
Deleteමේ සමහර ළමයි කරන කියන දේවල්, හිතන විදිහ එහෙම හරි අභව්‍යයි තමයි. මන් දන්න තව පැංචියක් එයා ලෙස්සලා වැටිච්ච වෙලාවක ගෙදර බලු පැටියා ඔච්චමට හිනා වුනා කියල බල්ලත් එක්ක තරහ වෙලා හිටියා දවස් ගානක්.