Monday, October 19, 2015

ගාමිණී බොස්

කොළඹ රස්සාවට ආ මුල් කාලයේදී අමතර ආදායමක් හොයා ගැනීමට මම නිවාඩු
දවස්වල ඔටෝකැඩ්  ටියුෂන් දුන්නෙමි .

නුගේගොඩ රේල්වේ ඇවෙනිව්හි පිහිටි නවීන දෙමහල් මන්දිරයට මාස කීපයක් යනතුරු සෙනසුරාදා උදෙන්ම මා ගෙන්වා ගත්  ගාමිණී සිල්වා මගෙන් මහත් ඕනෑකමින්  ඔටෝකැඩ් ඉගෙන ගත්තේය. ඒ කාලේනම් අලුත් මැජික් එකක් වූ පරිගණක ඇසුරෙන් සැලසුම් අඳින මේ මෘදුකාංගයෙන් ඔහු ඉන් පසු හොඳින් ප්‍රයෝජන ගත්තේය.මට වඩා බොහෝ වැඩිමල් වරලත් ඉංජිනේරුවෙක් වූ ඔහු ඒ වනවිට හොඳින් ලාබ ලබමින් තීබු  ඉදිකිරීම්  සමාගමක හිමිකරුවා වීය .ඒ වුනත් ටියුෂන් ගන්නා කාලයේ ඔහු සිගරට් එකක් වුනත් බිව්වේ මට නොපෙනෙන පරිදිය.  බොහෝ ගරු සරු ඇතිව මට සැලකු ඔහු ඉන්පසු ජීවිත කාලය පුරාම මගේ හිතවතෙක් වුනේය. මගේ හැම වැදගත් කටයුත්තකදීම ඔහු මා සමග හිටියේය.

හැම විටම අලුත් දෙයක් ඉගෙන ගැනීමට උතුරා යන උනන්දුවක් තිබුණු ගාමිණී සිල්වා  වැඩබිමට පැමිණ පම්පෝරි ගසමින් වුනත් එසේ උගත් දේ  තම ගෝල  බාලයින්ටත් කියා දුන්නේය. පලංචි ගහන ක්‍රම, සැටලීම් ගහන ක්‍රම, බිල්ඩින් හදන්නට ඔනෑ අලුත් මාදිලියේ උපාංග ආදිය ගැන ඔහු නිරන්තරයෙන්  හොයා බැලුවේය. මා මුල්වරට ඩිජිටල් කැමරාවක් දැක්කේද ඔහු ළඟ  තිබියදීය.

සෙනසුරාදා නැතිව ඉරිදා උදේ පන්ති කරමුදැයි මා ඇසු විට ඔහු කිව්වේ 'මේකනේ වැඩේ අපි සෙනසුරාදා රෑ යාළුවො සෙට් වෙනවා, ඩාන්ස් කරනවා ඉතින් ඉරිදා  දවල් වෙනකන් බුදියාගන්නවා'.

මහන්සි වී වැඩ කරන අතරේම ඔහු විනෝද වෙන්නටද ස්ථිර කල සටහනක් වෙන් කරගෙන තිබුණේය.

ඔය කාලයේදීම අලුතින් ඉදිකරන්නට යන කර්මාන්තශාලා වැඩබිමකට ඉංජිනේරුවෙක් හොයා දෙන්නැයි ඔහු කිව්වේය. මට නිතැතින්ම මතක් වුනේ කරමින් සිටි රස්සාව එපා වී  ආඩපාලි කියමින් සිටි මගේ මිතුරු දිසාය.

ඒ අනුව දිසා බියගම අලුත් වැඩපලට මුල්ම ඉංජිනේරුවා ලෙස බැඳුනේය.සුවිසල් කර්මාන්ත ශාලාව, ගබඩා, පිරිපහදුව, පරිපාලන ගොඩනැගිල්ල  ආදිය ඉදිකෙරුණු මුළු කාලය තුලම නොයෙක් නොයෙක් දේ කරමින් මමත් ගාමිණී හා දිසා සමග බියගම වැඩපොළ හා සම්බන්ධ වී සිටියෙමි.

වැඩ පටන් ගැනීමට කලින් මේ වැඩබිමට වෙන්කර තිබු මුඩු  ඉඩමට අරක්ගෙන සිටි ගණන්කාරයින් දෙන්නෙක් ගැන අසන්නට ලැබුනේය.  තමන්ට රිසිසේ අණසක පතුරුවන්ට තිබෙන ඉඩම එලි පෙහෙළි වෙනවාට ඔවුන් කැමති වුනේ නැත. මේ මිනිස්සු මෙහෙම කරන්නේ හොඳ ආදායම් මාර්ගයක් නැති නිසා බව පැවසූ ගාමිණී සිල්වා ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකුට වැඩබිමට පස් සපයන කොන්ත්‍රාත්තුව දුන්නේය. අනිකාට කෑම සප්ලයි කරන්නට අවසර දුන්නේය. ඒ දෙදෙනාගේම ජීවන රටාව ක්‍රමයෙන් ඉතා යහපත් අතට හැරුණි .

අලුතින් පත පොත හොයාගෙන නිර්මාණශීලීව  ඉදිකිරීම් කරගෙන ගිය  ගාමිණී ඇතුළු පිරිස හොඳ ලාබයක් ලබමින් අන්තිමේදී බියගම වැඩේ අවසන් කලෝය.

ඉන් ටික දවසකට පසු දිසා අවනඩුවක් කිව්වේය.

'මචන් බලපන්කො  මේ වැඩේ ඉවර කරන්න මම තරම් මහන්සි වෙච්ච මිනිහෙක් ඉන්නවද. දවල්ට කන්න වෙලාවක් නෑ . ගෙදර යනකොට රෑ  දහයයි එකොළහයි ඔහොම අවුරුදු දෙකක් මහන්සි වෙලා වැඩේ ගොඩ දාල දුන්නා .
ඉතින් ?

'ගාමිණී බොස් හැමෝටම බෝනස් දුන්නා. පනස්දහ, හැටදහ හිටන් . මට එක ශත පහක් දුන් නෑ . වෙන එකක් තියා කලින් අස් වෙලා ගිය මිනිස්සුන්ගේ පොත්වලටත් සල්ලි දාලා . උන් දන්නෙත්  නෑ' .

ගාමිණී සිල්වා ගැන මගේ හිතේ තිබ්බ පැහැදීම මදක් සසල වුනත් මම ඒ ගැන වැඩිදුර හිතන එක කල් දැම්මෙමි .

ඊළඟ පඩි දවසේ මා ඇමතූ දිසා මෙසේ කිව්වේය,

'මචන් බොස් මාර වැඩේ තමයි  කරලා තියෙන්නේ.
මොකක්ද ?
මට ගේ හදන්න ලක්ෂ තුනක ලෝන් එකක් දීල තිබ්බනේ කොම්පැනියෙන්.
තව ලක්ෂ දෙකක් විතර ගෙවන්න  තිබ්බා.
ඉතින් ?
බලපන්කො බොස් එකවුන්ටන්ට කියල මගේ ණය ගෙවල ඉවරයි ඒ නිසා ක්ලෝස් කරලා දාන්න කියල. මේ සැරේ පඩියෙන් වාරිකේ  කැපිල නැති නිසා අහනකොටයි දැන ගත්තේ . එහෙම බලනකොට මට තමයි ලොකුම බෝනස් එක දීලා තියෙන්නේ.

**********
බියගම මහා කම්මල් කොන්ත්‍රාත්තුව අවසන තව කුඩා ඉදිකිරීම් කීපයක්  කරාට පසු ගාමිණී සිල්වා කොම්පැනිය වසා දැම්මේය .

කොම්පැනිය වසා දමා  අවුරුදු දහඅටක් යනතුරු හරියටම කියනවානම් පසුගිය එකොලොස් වැනිදා වනතුරු ඔහු කිසිම ව්‍යාපාර කටයුත්තක් කලේ නැත. . ඔහු එක්  රැස් කර තිබු මිලමුදල් වතු පිටි සියල්ල ටික ටික කාට හෝ බෙදා දී හිත සැහැල්ලු  කර ගත්තේය. මේ නිදහස් මනස නිසාදෝ ඔහු වයසට යන බවක් පෙනෙන්ට නොතිබිණි.

පහුගිය මාසයේ ඔහු හමු වීමට ගිය දිසාට කියා තිබුනේ ඔහු දැන් සියලු බැඳීම් අත් හැර දමා  ඇති බවය . ඒ වුනත් එදත් ඔහු දිසාට අලුත් බිස්නස් එකක් හොයා ගන්නට උපදෙසක් දී තිබුනේය.

ඔක්තෝබර් එකොලොස් වැනිදාත්  සුපුරුදු හිනා මුණින් අවදි වූ ගාමිණී සිල්වා සැහැල්ලු සිතින්ම ජීවිත ගමන නිම කලේ  හදිසි හර්දයාබාදයකට පසුබාමිනුයි.

අත් හැරීම හෝ සැහැල්ලුවෙන් ජීවත් වීම පටන් ගත යුත්තේ මිනිස් දහිර්යයේ මහිමය පෙන්වමින් පුළුවන් තරම් ජයග්‍රහණ අත්පත් කර ගත්තාට පසුව බව ඔහුගේ දහම වුණේය .  ඔහු විජිතයක් ගොඩ නගා  දරුවන් දෙදෙනාට ඉහළම උසස් අධ්‍යාපනය ලබා දුන්නේය . ඇසුරු කළ හැමෝම ගොඩ දමන්නට මහන්සි ගත්තේය. මේ අපූරු ගති ගුණ නිසා පවුලේ අයත් හිතවතුනුත් ඔහු කෙරේ වැඩි වැඩියෙන් බැඳෙද්දී ඔහු උත්සහ කළේ  බැඳීම් අඩු කර ගන්නටය.

ඉතා දක්ෂ ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් වූ ගාමිණී  සිල්වා තමන්ට ලැබුණු හැම ව්‍යාපෘතියක්ම  සාර්ථකව නිමා කළේය. ඔහුගේ නායකත්වය හා සාර්ථකත්වය ගැන ඉන් පසුවද කතා බහ කෙරුනේ ඒ නිසාය .

ඔහුගේ ජීවිතය ගැන කියන්නට ඇත්තේද එයමයි. ඔහු ඒ ප්‍රොජෙක්ට් එකත් අති සාර්ථකව අවසන් කොට ඇත .

(මට හමු වූ සුවිශේෂ ඉංජිනේරුවන් කීප දෙනෙක් ගැන වරින්වර සටහන් පෙළක් ලියන්නට හිතුනේ සිමෙන්ති. ගල්වැලි හා සැලසුම් කඩදාසි සමග දිවි ගෙවන මේ මිනිසුන්ගේ  සැබෑ ජීවිතය බොහෝ දෙනාට මග ඇරෙන බැවිනි . මේ ඒ ආකාරයේ සටහන්වල  පළමුවැන්නයි.)
*****************



60 comments:

  1. ජිවිතේ බැලන්ස් කරගෙන අරගෙන යන මිනිස්සු හරි අඩුයි..

    ReplyDelete
    Replies
    1. එහෙම මිනිස්සු බොහෝ විට නිහඬයි

      Delete
    2. තිලකසිරි ඔබගේ මෙම සටහනින් ඔගේ ඇස් වලට කදුලු ආවා.මගේ මතකය 97-98 බියගම වැඩ බිමට ඇදී ගියා.ගාමිනි මහතා ඇත්තෙන්ම නියම මහත්මයෙකි.ගැමුනු,හේමන්ත,වනිගෙ,සිරිසේන(threewheel) ඒ සොඳුරු හාම්පුතාගේ රුවත් සමග අද වගේ තාමත් මතකයි.

      Delete
    3. අනේ රොහාන්, අවුරුදු 18කට පස්සේ මෙහෙම හමු වෙන්න ලැබුණ එක කොච්චර සතුටක්ද ? මම ගැමුණුටත් කිව්වා. මට email එකක් එවන්න

      Delete
  2. නිසි කල​ට අත් හැරීම හෝ සැහැල්ලුවෙන් ජීවත් වීම කල හැක්කේ මනසින් උසස් මිනිසුන්ට පමණයි

    ReplyDelete
    Replies
    1. ඔව් මනුස්සයෝ අතර වුනත් මනසින් උසස් අය විරලයිනේ

      Delete
  3. ඔන්න බොස්ලා.... ඔයවගේ මිනිස්සු ඉන්න තැන් වල වැඩකරන්න ලැබෙන එකත් වාසනාවක්.

    ReplyDelete
    Replies
    1. වාසනාව බෙදා හදා ගන්න මිනිස්සු

      Delete
  4. Lived like a man died like a man

    ReplyDelete
  5. බියගම ෆැක්ටරිය මොකක්ද දන්නෑ...

    අන්න බොස් ලා. කලින් කීයක් නොදුන්න කියල චෝදනා කරපු මිත්‍රයාට, ලෝන් එක සෙට්ල් කියල දැනගත්තම අවුල් යන්න ඇති නේ.

    එහෙම නිහතමානි මිනිස්සු ජීවිතේ ප්‍රොෙජක්ට් එක හරියට, “ඉක්මනට“ ඉවර කරලා ජිවිතෙන් සමුගන්න එකයි දුක.

    ReplyDelete
    Replies
    1. මිත්‍රයා ගාමිණී බොස්ට සැලකුවේ තාත්තා කෙනෙක් වගේ .
      සෑම් මම ගොඩක් වෙලාවට කතානායකයාගේ නම ඇර අනිත් නම් ගම් තරමක් වෙනස් කරලයි ලියන්නේ

      Delete
  6. තිලක, මේ සොඳුරු මිනිසා අප හඳුනා ගත්තේ මහමෙවුනාවෙනි. කිසිදාක ඇසුරක් නොතිබුනත් සැමදා සිනාමුසු මුහුණින් ඔහු අපට සංග්‍රහ කලේ අප සැමදා හඳුනන බව හඟවමින්. ඔහු මහමෙවුනාවට පියෙක් බඳුවිය. ජීවිතේ නිස්සාර බව පසක් කරමින් ඔහු අප හැර ගියේ සැවම සෝ සයුරේ ගිල්වමිනි. මේ සොඳුරු මිනිසා ගැන වදනක් තැබුවාට ඔබට බොහෝ පින්.

    ReplyDelete
    Replies
    1. ඔබට ඔහු මුණ ගැසී තිබෙනවාද? ඇත්තටම ඔහු සොඳුරු මිනිසෙක්

      Delete
    2. සැබැවින්ම ඔව්. ඔහු හා මගේ මහත්තයා මාලබේ අසපුවෙන් සංවිධානය කල ඔක්තෝම්බර් 2003 දඹදිව වන්දනා චාරිකාවට සහභාගි වූ පසුවයි හඳුනාගත්තේ. සටහනට තුති.

      Delete
  7. මාධ්‍ය වාර්ථා කළ යුත්තේ මෙවන් මිනිසුන් ගැනය. තරුණයන් අනුගමනය කළ යුත්තේ මෙවැනි අයයි. මෙවැනි මහත්වරුන් ඇසුරු කිරීමට හැමෝටම වාසනාව ලැබේවා.

    ReplyDelete
    Replies
    1. අවාසනාවකට මෙවැනි මිනිසුන් ගැන ලියවෙනවා අඩුයි .බොහෝ විට නෙගටිව් ආකල්ප වැඩි වෙන පුවත්තමයි මාධ්‍යවල වැඩිපුර මාර්කට් වෙන්නේ

      Delete
  8. බොහෝ විට සිමෙන්ති කළු ගල් යකඩ එක්ක ජීවිතය ගෙවන මිනිස්සු දිහා අනෙක් මිනිස්සු බලන්නෙම වපරේට . එත් ඒ තුල සැඟවුණු මනුස්සකම් අතින් බොහොම පොහොසත් මිනිස්සු අනන්තවත් අපිට මුණ ගැහෙනවා . ගාමිණි බොස්ට නිවන් සුව පතමු

    ReplyDelete
    Replies
    1. සිමෙන්ත් කළුගල් බදාම යකඩ ප්ලියිවුඩ් සීට්, හැල්මට් බූට් අස්සේ වැඩකට නැති එකෙක් ඉන්නවා මං දැකල තියෙනවා. හැක්..

      Delete
    2. අනේ පලයං දේසෝ යන්ඩ , මූත් ඔය කියන මහත්තයගේ ජාතියෙම කොල්ලෙක් තමා

      Delete
    3. ඉවාන් හොඳ මහත්තයෙක් තමයි.

      Delete
  9. කළුගල් සිමෙන්ති වැලි පස් එක්ක හැප්පෙන මනුස්සයොත් මටසිලිටි හිත් තියෙන අය කියල හිතන්න තරං ලිපි වැඩසටහන් කවදාවත් කොහෙවත් නැ.. ඉතිං මනුස්සයො ඒ වගේ අය ගැන හිතන්නෙ දකින්නෙ පටු සාම්ප්‍රදායික විදියට. ඒත් ඇත්තටම අර වගේ අය අතරෙ ගලායන ගගක පෙරලෙන ගල් වගේ අපූරු මනුස්සයොත් ඉන්නව නේහ්...
    දිසා කියන කෙනෙට හිතුණ දේ කීවෙ නැද්ද හෙහ්
    පොළව පලාන යන්න හිතෙන්නඅ ැති නේහ්... හිහි
    ඔහුට නිවන් සුව ලැබේවා

    ReplyDelete
    Replies
    1. හැම වෘත්තියකම කළු සුදු හා අළු චරිත ඉන්නවා මහේෂ්. ඒත් සමහර අංශවල මිනිස්සු ගැන සමාජයේ පූර්ව නිගමන තියෙනවා. ඒවයි වෙනස් වෙන්න ඕනි

      Delete
  10. හොඳ මිනිස්සු ඉක්මනට මැරෙනවා කියල අහල තියෙනවා.

    වැඩියෙන්ම සිත් ගත්තේ එයා අර ගණන්කාරයින් ගේ ප්‍රශ්නේ විසඳපු විදිය. ඔහොම දේවල් දකින්නේ ටෙලි ඩ්‍රාම/ෆිල්ම් වල විතරයි නේ.

    ReplyDelete
    Replies
    1. ඒ threat එකක් opportunity එකක් බවට හරවා ගත අවස්තාවක් .

      Delete
  11. සුවිශේෂී චරිතයක් තමා... මගේ ජීවිතයේදීත් හම්බුණ සුන්දර ම සුන්දර චරිතය මතක් වුණා මේක කියවද්දි.... මේ දැන් කවියක් ලියනවා ඒ වෙනුවෙන්.....

    ReplyDelete
    Replies
    1. ලිව්වා................. තාම පෝස්ට් කරේ නැහැ..... ගැලපෙන රූපයක් ඒවන්න කියලා යාලුවෙකුට කිව්වා.... අාපු ගමන් දාන්නම්...... තවත් විශේෂත්වයක් තියෙනවා.. ඒ නමෙත් මුල් කෑල්ල ගාමිණී තමා......

      Delete
    2. මම ඔබේ පද වැලත් කියෙව්වා. තවත් අපූරු මිනිහෙක්

      Delete
  12. අපුරු මිිනිසෙක්.. ඒ වගේ ක්ෂේත්‍රවල ඉන්න යහපත් මිනිස්සු මගහැරෙනවා. ඒක ඇත්ත.. බ්ලොග් සහ පොත්වලට පින්සිද්දවෙන්න අපි හමුවුණාට.

    අයියා ලියන්න. අපි ඉන්නවනෙ කියවන්න.

    ReplyDelete
    Replies
    1. තරූලා කියවන්න එන බව දන්නා නිසාමයි කොච්චර වැඩ තිබ්බත් පෝස්ට් එකක් ලියන්නේ .

      Delete
  13. හුගක් අය දෙන්නයි,. අතහරින්නයි තමා බයම.. ඒ අතිං සිල්වා බුද්ධිමත්...මේවා සැබෑ පොදු චරිත. හැබැයි කුහක ලෝකයක පුදුමාකාර පොරක් වෙනවා නිකම්ම. ඒ වෙන මොකවත් නිසා නෙමෙයි අතහැරීම, දීම කනකට අහලවත් නැති මිනිස්සු නිසා..

    ReplyDelete
    Replies
    1. ඒ වාගේම තමා . මං හොදට දැකල තියනව . එහොම මිනිස්සුන්ගේ උනත් අහස පොලව නොඅදහන වැරදි කියන මිනිස්සු ඉන්නව

      Delete
    2. සමහරු තනතුරු අත ඇරලා යන්නත් කොච්චර අදිමදි කරනවද ?

      Delete
  14. අපූරු මිනිසෙක්. එතුමාට නිවන් සුව ලැබේවා.

    ReplyDelete
  15. තිලකෙගෙ ආරෙ අපූරු සටහනක්. ගාමිනී බොස්‍ට සුභ ගමන්!

    (දෙවැනි සටහන බලාපොරොත්තුවෙන්......)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රාජ් . මම මේ කල්පනා කරේ එක දිගට වැඩබිම් ගැනයි ඉංජිනේරුවෝ ගැනයි ලිව්වම කියවන්න බෝරින් වෙයිද කියල

      Delete
  16. ඒ කන්දෙයි මේ කන්දෙයි හැප්පි හැප්පි වැඩ කරන ලාචෝරුවො තිත්තම වෙලා ඉන්න මම ප්‍රාර්ථනා කරන්නෙම ගාමිණී බොස් වගේ අයත් එක්ක වැඩ කරන්න ලැබේවා කියලයි.

    ReplyDelete
    Replies
    1. යහපත් බොස්ලා ලැබෙන් නැත්නම් උත්සහ කරන්න යහපත් බොස් කෙනෙක් වෙන්න

      Delete
  17. ලියන්න ඕනේ මේ වගේ චරිත ගැන තමයි... කෙනෙකුගේ ජිවිතේ වෙනස් වෙන්න මේ වගේ මනුස්සයෙක් එක්ක ටික වෙලාවක් කතා කලත් ඇති.. මිනිස්සු හොඳ වෙන්නේ නරක ගැන අහල බය වෙලා නෙවෙයි.. හොඳ ගැන අහල ඒ හොඳට ආස වෙලා .... :)

    ReplyDelete
    Replies
    1. //මිනිස්සු හොඳ වෙන්නේ නරක ගැන අහල බය වෙලා නෙවෙයි.. හොඳ ගැන අහල ඒ හොඳට ආස වෙලා// +++++

      Delete
  18. Only the good die young.
    - Billy Joel

    Be bad to stay alive.
    - Henryblogwalker the Dude

    ReplyDelete
  19. හිතවතා ගැන අපූරු සටහනක් තිලකේ.දුර්ලභ පුද්ගලයින් හමුවන්නේ ඉඳහිටයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හැලපේ . ඔබේ කතාවලත් මෙවැනි මිනිස්සු හමු වෙනවා

      Delete
  20. Dear Thilak

    Thank you for another heart warming piece of writing. This type of people are hard to come by in any society . They are the true liberals . Our children should be given the chance to know about these personalities. Why don't you write a book targeting adolescents. You have the necessary writing style .
    Keep up the good work

    Thusitha

    ReplyDelete
    Replies
    1. You're most welcome Thusitha. Many thanks for your appreciation and suggestion about a book targeting adolescents. Yes, I will think about it.

      Delete
  21. ගාමිණී බොස්ගේ පින්තුරේ දැක්ක හැටියේ හිතුනා වියෝවූ මිනිසෙක් ගැන සටහනක් දෝ කියා.
    ඕනම දෙයක් ඕනෑවට වඩා බදා ගන්නේ නැති අපුරු මනුස්සයෙක්.

    ReplyDelete
    Replies
    1. වැදගත්ම දේ ඔහු සතුටින් ජීවත් වුනා . ඔහු ගැන මතකය වුනත් සතුටක්

      Delete
  22. එක පාර යමක් ගැන තීරණයකට නොඑළඹිය යුතුයි කියන පාඩම මේ මඟින් තහවුරු වුනා. කෙසේ වෙතත් ගාමිණී බොස්ලා වගේ බොස්ලා අදත් ඇත. එහෙත් විරලය.

    ReplyDelete
    Replies
    1. අපේ පූර්ව නිගමන නිසාම සමහරවිට අපිට හොඳ මිනිසුන් මග හැරෙනවා

      Delete
  23. ඔය වගේම ගාමිණී බොස් කෙනෙක් මටත් හිටියා. වෙලාවක එතුමා ගැනත් ලියන්න ඉන්නෙ...අපූරු මතක සැමරුමක්..තිලක්...

    They were giants who walked the Earth like colossus. We were indeed privileged just to be able to learn from them.

    ReplyDelete
    Replies
    1. ඔහු ගැනත් ලියන්න රවී අපටත් කියවන්න

      Delete
  24. මහා මෙරක් වන් ඔබේ අත්දැකීම් සමුදාය, හරවත් සහ හිතට දැනෙන විදියට
    මගේම කතාවක් කර දෙන ඔබට පින්...
    ඔබට ජය..... !!!!!!

    ReplyDelete
  25. මිනිස්සුන්ගෙ නරක ගැන අඩුපාඩු ගැන කියන්න දහසක් හිටියත් ඔවුන්ගෙ හොද ගැන කියන්න ඔවුන් අගය කරන්න ඉන්නෙ කීයෙන් කීදෙනෙක්ද.....තිලක් ඔබත් එ් අතර එක්කෙනෙක් . වඩාත් යහපත් දේශයක් උදෙසා එ් පුද්ගල චරිතත් නැකැත් තරුසේ පෙර මග එළි දල්වාවි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මංජුල මේ දිරිගැන්නුමට . මටනම් ලිවීමෙන් සතුටක් ලබන්න පුළුවන් වෙන්නේ මට හමු වූ හොඳ මිනිසුන් ගැන ලිවීමෙන් තමයි

      Delete