Thursday, January 28, 2016

අකීකරු පොඩ්ඩාගේ ඩයරිය


නිතර ටී වී බලන, ෆේස් බුක්  එකේ  දවසින් වැඩි වෙලාවක් සරන මගේ මිත්‍රයෙකුට අකීකරු පුත්‍රයෙක් සිටියේය. පහළොස්‌ හැවිරිදි මේ පුත්‍රයා නිතර දෙවේලේ අසන ප්‍රශ්නවලින් සමහරක් ගැන හා ඔහුගේ කල්ක්‍රියාව ගැන මගේ මිත්‍රයා කණස්සලු වෙන බව මම දනිමි. මේ අකීකරු පුත්‍රයා දිනපොතක් ලියන බවද මට දන ගන්නට ලැබිණි .   ඔහුගේ ඩයරියේ මේ වගේ සටහන් තිබෙන්නට පුළුවන් බව මට සිතෙයි.

ජනවාරි 10 
අප්පච්චිලා හැමෝම කතා කරන්නේ සින්දුවක් ගැන . මීට කලින් කවදාවත් අහල නැති සිංදුවකට කට්ටිය ඇවිස්සිලා . ඒත් ඒක කියන ඇක්සන්ට් එකවත් කලින් සින්දුව හොඳද අලුත් සින්දුව හොඳද කියන එකවත් නෙමෙයි මට තියෙන ප්‍රශ්නේ . ඒකෙ කියන 'පව් කාරයෝ' කව්ද කියන එක. උතුරෙදියි දකුනේදියි මිනිස්සු මරුණලු. ඒකට වග කියන්න ඕනි පව් කාරයෝලූ . අප්පච්චිගෙන්  මේ ගැන ඇහුවම කෙලින් උත්තරයක් දුන්නේ නෑ ?  ඒ පව්කාරයෝ දන් මැරිලද අප්පච්චී ?

අප්පච්චී  කරබාගෙන ඉඳල මෙහෙම කිව්වා . 'ඔය ප්‍රශ්නෙට මැරිච්ච අයයි නැති අයයි සේරම බයයි . හැමෝම ටික ටික පව් කාරයෝ නිසා' .

අර ආන්ටි සින්දුව කියල 'තෙපි නෙවේද පව් කාරයෝ ' කියල ඇඟිල්ල දික්කරනකොටත්  ගොඩක් දෙනෙක් මූණ  හංගාගන්න බලනවා මම දැක්කා . අනික කවුරුත් ඔය සින්දුව එලියට ගන්නේ  නැතිව සෑහෙන කාලයක් හංගලා තිබ්බෙත් ඔය ප්‍රශ්නෙට  බය වෙලා හින්ද වෙන්න ඇති .
.
ජනවාරි 25 

ඔන්න අද දෙවැනි සින්දුවක් ගැන බර කතාවක් . යුගයේ සින්දුව හම්බ වෙලාලු . අප්පච්චිලා බියර් බිබී ඒ ගැන කතාව . අලුත් පරපුරේ හඬය කියන්නේ .අප්පච්චිලා ආයේ ආයේ දදා අහනකොට මම පරණ සින්දුවයි අලුත් එකයි දෙකම ඇහුවා . අනේ මමවත් අපේ පන්තියේ එවුන්වත් ඔය සින්දුවටවත් පරණ සින්දුවටවත් වැඩිය ආස නෑ . අර හෝ ගාන පොකුණ බලන්න ගියාම දැක්ක සින්දුයි  ඒ වගේ කතාවලටයි තමයි මම ආස . අනාගතේ අයිති අපිටයි කිව්වට අපේ  කාලෙට අයිති වෙන්න ඕනි මොනවද කියල අපෙන් අහන් නැතිව අප්පච්චිලා තීරණය කරන්නේ ඇයි කියල මම අම්මගෙන් ඇහුව . අම්ම කිව්වේ ඒක එහෙම තමයිලු වෙන්න ඕනී කියල.
මේක මාර කතාවක්නේ!

ජනවාරි 27 

මම අද අප්පච්චිගෙන් ඇහුව අර ආන්ටි වගේ කෙනෙක් තව අවුරුදු දහයකින් විතර අර 'සොයා දියාව් හේ' කියන  සින්දුව කියයිද අප්පච්චී කියල  . 'ආයේ කවදාවත්  එහෙම වෙන් නෑ මයේ පුතේ. උතුරෙවත් දකුණේවත් කොල්ලො කේල්ලෝ මරන්න අපි ඉඩ දේන්නේ නෑ ' කියල අප්පච්චී කිව්වා .

ඒත් අප්පච්චී බැරි වෙලා හරි එහෙම උනොත් ඒ සින්දුවේ හැටියට පව්කාරයෝ වෙන්න ඕනි දැන් ඉන්න කවුරුහරි නේද කියල මං ඇහුවම අප්පච්චී තුෂ්නිම්භූත වෙලා මගේ දිහා බලාගෙන හිටියා . මං ආයේමත් ඇහුවා 'කවුද අප්පච්චී පව් කාරයෝ' ?

අප්පච්චී උත්තරයක් දෙන් නැති නිසා මම ඔහේ ටී වී නිව්ස් දිහා බලාගෙන  හිටියා . ගොඩක් මිනිස්සු ඒකෙ පෙන්නුවා

'ඔය පෙන්නන්නේ ඒ පව්කාරයෝ තමයි' කියල අප්පච්චි බිම බලාගෙනම කාමරේට ගියා

Photo : cathtatecards.com

49 comments:

  1. ජනවාරි 28

    තිලකසිත කියෙව්වා. කියවල ඉවර වුනාම කියන්න දෙයක් නැතුව ගොළු වුණා. හොඳ වෙලාවට ඉන්න තැන කණ්ණාඩියක් නැහැ. ඒ නිසා බය නැතුව කෙළින් බලන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. තාම අපි මුණ හන්ගාගන්න ඕනි නෑ ඉකෝන් . ගෝත්‍රවාද හා අන්තවාදවලට උඩගෙඩි දුන්නානම් හා තරුණ පරම්පරාවේ සිතුම් පැතුම් තේරුම් නොගත්තානම් තමයි අපි පව්කාරයෝ වෙන්නේ . තවත්නම් ඒ වගේ භීෂණ කාල අපේ රටට ඕනි නෑ දකුණේවත් උතුරේවත්

      Delete
  2. ෆේස්බුක් එකට ඇබ්බැහි උනොත් ඒකෙන් ගොඩ ගන්න එක තමයි අමාරු...

    ReplyDelete
    Replies
    1. ෆේස්බුක් එක ගැන මමනම් එච්චර නුහුරට හිතන් නෑ යාලු. අනිත් හැමදේම වගේ හොඳට නරකට දෙකටම පුළුවන්. හැබැයි මේ පෝස්ට් එකේ අරමුණ ඒ ගැන කතා කිරීමනම් නෙමෙයි

      Delete
  3. මගේ පුතා විය නොහැක. ඔහුගේ මේ වයසේ වුවද මම බියර් නොබොමි.

    ReplyDelete
    Replies
    1. බ්‍රැන්ඩිවලට සාපේක්ෂව බලනකල බියර්වල ඇත්තේ අඩු සීනි ප්‍රතිශතයක් බව මා අසා ඇත.

      Delete
    2. බ්‍රැන්ඩි ද නොබොමි....!!!

      Delete
    3. Calories in drinks

      Medium glass of white wine (175ml) =130
      Medium glass of red wine (175ml) =120
      5% Lager (pint) =240-50
      Stout (pint) =210
      Brandy (50ml) =110
      Whiskey (25ml) =55

      (source: http://www.indiatimes.com/health/tips-tricks/know-your-alcohol-good-and-bad-alcohol-choices-239016.html)

      Delete
    4. බියර් බීම අතුරු කතාවක් . කොහොම උනත් රෙඩ් වයින්වලටයි මගේ කැමැත්ත

      Delete
    5. කිතුල් රා හා පොල් රා වල මම හිතන්නේ බියර්වලට සමාන කැලරි ප්‍රමාණයක් ඇති කියල

      Delete
  4. තිලක සිත් කියවා සිත සනසා ගතිමි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාතේ. ඒත් රටතොට තොරතුරු බැලුවම හිත සනසාගන්න අමාරුයි නේද ?

      Delete
  5. පොඩි එකා කාලයත් එක්ක පොඩි අවුලක...

    ReplyDelete
    Replies
    1. ඔව් මේ අකීකරු අවුල් සහගත පොඩි එකෙක් මචන්

      Delete
  6. අපි තමා වගකිවයුතු...

    ReplyDelete
    Replies
    1. අපි පව්කාරයින්ගේ ගොදුරුද නැත්නම් හවුල්කාරයින්ද කියලා තේරෙන් නෑ ඩ්රැකී . කොහොමත් තනිකර අපි නෙවෙයි වගකිවයුතු

      Delete
  7. තව ටිකක් වයස ගතවෙද්දී පොඩි එකා පව්කාරයන් ගැන තේරුම් ගනීවි.

    ReplyDelete
    Replies
    1. පොඩි එකා නෙවෙයි තාත්තගේ පරම්පරාවයි තේරුම් ගන්න ඕනි නේද මචං . නැත්නම් පොඩි එකාගේ කාලෙත් අපේ කාලේ වගේ වෙයි

      Delete
  8. ඇත්තටම පරපුරක් පිටින්ම වල්මත්වන ප්‍රස්නයක් පොඩි එකා අහන්නෙ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. පඩි එකා අහන ප්‍රශ්නේ බර දැනෙන්න ඕනි අපට

      Delete
    2. 'පඩි' එකා නෙවෙයි පොඩි එකා . ජය වේවා !!

      Delete
  9. //අර ආන්ටි සින්දුව කියල 'තෙපි නෙවේද පව් කාරයෝ ' කියල ඇඟිල්ල දික්කරනකොටත් ගොඩක් දෙනෙක් මූණ හංගාගන්න බලනවා මම දැක්කා .// ඒ අතර මාත් හිටියා දැක්කද දන්නේ නෑ පුතා :(

    ReplyDelete
    Replies
    1. ඉකොනොමැට්ටාට දුන්න උත්තරේ තමයි කමීටත් දෙන්න තියෙන්නේ . අපි මුණ හන්ගාගන්න ඕනි නෑ තාමත්

      Delete
  10. අපි තරම් පව් කාරයෝ තවත් ඇද්ද...???

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්න එපා බොලේ. පව්කාරයින්ගේ බලපෑම අවම කරමු.

      Delete
  11. පව්කාරයෝ නොවුණ කවුරුත් මේ ලෝකේ නෑ පුතේ.........

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත කුරුටු . ඒත් මට කතා කරන්න ඕනි වුනේ අපි කරන දෙකයි පණහේ පව් ගැන නෙවෙයි. රටේ නිදහසේ ජීවත් වෙන්න බැරි කරවන පව්ගැන

      Delete
  12. දැං පව් කරන්නෙ කවුද නොකරන්නෙ කවුද කියන එක තේරුං ගන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ආයෙත් කල්පනා කරලා බැලුවොත් අඳුන ගන්න පුළුවන්

      Delete
  13. අප්පච්චි පව්කාරයෙක් වෙච්චි සමාජයේ පුතා වරදකරුවෙක් නොවුනොත් හරි.

    ReplyDelete
    Replies
    1. අප්පච්චි පව්කාරයෙක් නෙවෙයි මනෝජ් . පව්කාරයෝ තෝරා ගන්නේ නැති කෙනෙක් . ඇත්ත ප්‍රශ්නේ මග අරින එකයි එයා කරන පව

      Delete
  14. පිස්සු පීකුදු කීවලු..
    ආයෙ කතා කරන්න දෙයක් නෑ.. ෆුල් හොල්මන් වුණා...
    ඇත්තටම කියන්න දෙයක් නෑ

    ReplyDelete
    Replies
    1. නෑ කියන්න දෙයක් තියේවී . තව ටිකක් කල්පනා කරලා කියන්න මහේෂ්

      Delete
  15. ජනවාරි 30

    තිලකේ අයියගේ සටහන බැළුවා. මේ දවස් වල බොහෝ දේවල් වෙන බැවින් පවුකාරයෝ පදුරක් පදුරක් ගානේ හොයා ගන්න පුළුවන් කියලා හිතුනා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් . ඒ ගැන ඇත්තේ අවංක කණගාටුවක් . ඒත් අනිත් පැත්තෙන් සතුටක් හිතෙනවා දුරදිග පේන තරුණ පරම්පරාවක් ඉන්නා දැනෙන නිසා

      Delete
  16. තෙපි කවුද පව් කාරයෝ කිව්වම , තනිවම සිටි අයෙක් වට පිට බැලුවාලු ...ඇත්ත ටම කවුරු ගැනද කිව්වේ කියා ඇසුවා ලු .

    වචන හපලා , ර යන්න රඹුටන් ඇටයක් වගේ එලියට විසික්කා කරන සිංදුව ඇහුවහම හපලා මට නම් මතක් උනේ එක පාරටම , චේ ගේ මුණ ගහලා විකුණන ටී ෂර්ට් . ධනවාදී විරෝධී විප්ලවය, විකිනෙන අයුරු ධනවාදය තුළම, අපේ ජීවිත කාලය තුළම දැකිය හැකි විය . සප්ලයි එක ඉතින් ඩිමාන්ඩ් එකට සරිලන ලෙස මැ යැ .

    ReplyDelete
    Replies
    1. //චේ ගේ මුණ ගහලා විකුණන ටී ෂර්ට්. ධනවාදී විරෝධී විප්ලවය, විකිනෙන අයුරු ධනවාදය තුළම //මෙන්න මේක මරු උපමාව

      Delete
  17. හිත බර වෙන කතාවක්

    ReplyDelete
    Replies
    1. ඉඳහිට මෙහෙම දේවලුත් ලියනන වෙනවා . ස්තුතියි

      Delete
  18. "දයාබර මාරේ" වර්ශන් 02.හිත උඩට කළුගලක් අතෑරපු තව කතාවක්.
    ඔය පරම්පරාවේ එක කොටසක් තමයි අපි.80 දශකයේ අපි ඉපදුනේ ලේ දැක දැක.දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ ලේ ගොඩේ අපිත් ඉපදුනා.වාසනාවකට ලේ ගඟ හිදුනත් ආපහු ලේ දකින්න ආසකරන කට්ටියකුත් එක්ක ආපහු අතරමංවෙලා.
    ජයවේවා.....

    ReplyDelete
    Replies
    1. //ආපහු ලේ දකින්න ආසකරන කට්ටියකුත් එක්ක ආපහු අතරමංවෙලා.//ඔන්න ඕක තමයි මම දැකපු අසුබ හීනේ . එවැනි කාලයක් යලි උදා නොවේවා !

      Delete
  19. ම්ම්ම්.. මෙහෙමයි තිලක අයියා.... ඔය හැම දේකටම හේතුවක් තියනවා... අහින්සකයෝ මියැදුනා සත්තයි.. හැබයි පව්කාරයොත් මියැදුනා... උනුත් පව්කාරයෝ ඉතුරු වෙච්ච එවුනුත් පව්කාරයො...

    ReplyDelete
    Replies
    1. එකඟයි සජ්ජා . ඒකනේ මම ලිව්වේ අර පව්කාරයෝ කව්ද කියල අහන ප්‍රශ්නෙට ඉන්න අයත් මැරිච්ච අයත් දෙගොල්ලොම බය වුනා කියල

      Delete
  20. ඒකයි මේකයි දෙකම තේරුම් ගන්න මම තාම පොඩි වැඩිද ....
    නැත්නම් කතාව බර වැඩිද ......
    අනේ මන්ද කියල හිතුන......

    ReplyDelete
    Replies
    1. තේරුම් ගන්න බැරි විදිහට ලියවුනානම් ඒක මගේ දුර්වලකමක් . මේ අඩුපාඩු හදාගන්නම්. මම මේ කොමෙන්ට් වලට උත්තර දෙද්දී මට කියන්න ඕනි දේ පැහැදිලි කරා ශාලිත

      Delete
  21. කොහෙද ඔය අනිත් සින්දුව තියෙන්නේ ? තිලක සිත් කියන්නේ බීම පාපයක් වගේ "දෙයක්ද"?

    ReplyDelete
    Replies
    1. අපෝ බීම කියන එක පාපයක් කිව්වේ නෑ මේකෙන් . ඉහත කොමෙන්ට්වල්ට මගේ පිළිතුරු බලන්න .
      අර දෙවැනි සින්දුව තමයි ලඟදි සුපර් ස්ටාර් එකක අලුත් විදිහකට කියපු නන්දා මාලිනීගේ ' හන්තාන අඩවියේ ' සින්දුව. ඒක ගැන කිව්වේ ෆ්ලැට් example එකක් හැටියට. එච්චර ගැඹුරට යන්න එපා අජිත්

      Delete
  22. එක පැත්තක පවු කාරයෝ තවත් පැත්තක ඉන්න පවු කාරයින්ට ඇඟිල්ල දික්කරනාවා ආන් පවුකාරයෝ කියලා.. තට්ටු මාරුවට කට්ටිය පවු කාරයෝ වෙනවා.. පුතාලගේ අප්පච්චිලා එන එන හැටියට පවුකාරයෝ ගැන මාරුවෙන් මාරුවට හිතනවා වත්ද මන්දා??

    ReplyDelete