බොම්බායි බෝඩිම කිව්වේ කිෂෝර්ගේ ගෙදරටය. එය පිහිටියේ බොම්බායේ නොවේ මැද පෙරදිග රටකය. මේ බෝඩිමේ ලෑන්ඩ් ලෝඩ් ඉන්දියාවේ බොම්බයි නුවර උපන් කිෂෝර් නම් හින්දු භක්තිකයෙකි. තරමක් විශාල පරණ පන්නයේ මහල් නිවසක් නවීකරණය කර ඔහුගේ බෝඩිමට හා පවුලේ උදවිය ජීවත්වන කුඩා නිවාස ඒකකයට ඉඩ හදාගෙන තිබිණි.
කුස්සිය හා විශාල විසිත්ත කාමරය ගෙදර මැද කොටසේ පිහිටියේය. ගෙට ඇතුල්වන තැනට වම්පස පැත්තෙ කාමර තුනක් පිටස්තරයින්ට කුලියට දී තිබිණි.
දකුණු පැත්තේ නැවතත් ඇතුළත සාලයක් , කාමර දෙකක් හා කුඩා පැන්ට්‍රියක් තිබුණි. ඒ කිෂෝර් සිය බිරිඳ හා දරු දෙදෙනා සමඟ ජීවත්වන කලාපයයි.
එය ඇත්ත වශයෙන්ම ප්‍රියමනාප නවාතැනකි. මා කුලියට ගත් කාමරය ඉඩපහසු ඇති ළඟදී තීන්ත ගා කාපට් එළා තිබූ එකකි .
කිෂෝර් යනු උදේට ගෙදර අණසක පතුරුවන තේජවන්ත ගෘහ මුලිකයා ය.ඔහුගේ කුඩා දරුවන් දෙදෙනා හා බිරිඳ මේ පෙරයමදී ඔහුට මහත් භක්තියක් හා බියක් දැක්වුහ. ඔහු ළමයින්ට අවවාද අනුශාසනා දුන්නේය. බෝඩිම්කාරයන් සමඟ කතාබහ කළේ ය. කෑම සකස් කරන්නට බිරිඳට උදව් කළේ ය. රස්සාවටද ගොස් කල් ඇතිව ගෙදර ආවේය. හැබැයි කළුවර වැටෙද්දී ඔහුගේ සිංහ ලීලාව සේදී බියගුළු හා පැටියෙක් බවට පත් වන්නේ උගුරෙන් පල්ලට බහින මධුවිත වඩි දෙක තුනකින් පසුවය .
එසේ කිශෝර්ගේ දයිනික රූපාන්තරණය සිද්ද වෙද්දී කිශෝර්ගේ බිරිය නිවසේ බලතල අතට ගන්නීය. මහ හඬින් සිය සුවච කීකරු සැමියාට අණ දෙන්නට පටන් ගන්නා අතර ඔහු වෙරි මතින් ඇඳට වැටෙන්නට පෙර දෙන්නට පුළුවන් හැම වදයක්ම දෙන්නීය .
ඔහුට එක තැනක වාඩි වි ඉන්නට ඉඩක් නැත. ඔහු කන්නට ඕනෑ ඇය කියන වෙලාවටය. බලන්නට ඕනෑ ඇය කියන ටී වී චැනලයය. ගෙදරට එන්නට ඕනෑ ඇය කැමති අමුත්තන්ය.
දිනක් මා මහා රාත්‍රියේ දුරකථන කාඩ් එකක් මිලදී ගන්නට ගෙදරින් එළියට යන්නට සුදානම් වුනෙමි. මා යා යුත්තේ පොදු විසිත්ත කාමරය හරහාය . සාලයට ගොඩවුණා පමණි මා දුටුවේ කිෂෝර්ගේ බිරිඳ කුඩා ස්ටුලයක් ඔසවාගෙන කිෂෝර්ට පහර දෙන්නට සැරසෙන අන්දමයි. මා දුටු සැනින් කලබල වු දෙදෙනාම වහා සන්සුන් වුහ.ලැජ්ජාවට පත් වුහ. මට ආපසු හැරී යන්නත් බැරිය. මම දොර ඇරගෙන ඒ සිද්දිය නොදැක්කා සේ පිට වි ගොස් ටෙලිපෝන් කාඩය රැගෙන ගෙදරට ආවෙමි. මා එන විට සාලයේ උස පුටු දෙකක වාඩි වී කිෂෝර් හා බිරිඳ අත්පටලවාගෙන කතා කරමින් සිටියහ. මම මද සිනහවකින් ඔවුන්ට හිතවත්කම පෙන්නා සාලය පසුකර බෝඩිමේ කාමරය වෙත ඇදුනෙමි.
කිෂෝර් බොහෝ විට මා සමඟ පවසන දෙයක්නම් ඔහු මේ රටේ පදිංචි බලගතු ස්වදේශිකයන් සෑහෙන ගණනක් අඳුනන බවත් කොයි වෙලේ හෝ ඔවුන්ගෙන් උදව්වක් වුවමනා වුවහොත් කර දෙන්නට පුළුවන් බවය.
කිෂෝර් බීලා දොඩවන කිසි දෙයක් වැඩි ගැම්මකට නොගත් මම තුන්මසක් ඇවෑමෙන් වෙනත් නිවසක් කුලියට ගෙන නගරයේ කෙළවරක පදිංචියට ගියෙමි.
ඊළඟට එළඹුණේ පාසල් නිවාඩු මාසයේ මා සමග ගත කරන්නට බිරිඳ හා දරු දෙදෙනා මේ රටට ගෙන්වා ගැනිමේ අවස්ථාවයි. ඊට අවශ්‍ය වීසා පිළයෙල කරගත් මම ගුවන් ටිකට්පත් සමඟ සියළු විස්තර ලියා යැව්වෙමි. සුන්දර නිවාඩුවක් ගෙවන්නට සිහින දකිමින් බිරිඳත් දරු දෙදෙනාත් සුමාන ගානක් තිස්සේ කෑම බීම, ඇඳුම් පැළඳුම් සුදානම් කරද්දි මම ඔවුන්ට මාසයක් නැවතී සිටිමට සුදුසු ප්‍රියමනාප කැදැල්ලක් බවට කෑලි දෙකේ කුලි නිවස පත්කර ගැනිමට වෙහෙසෙමින් සිටියෙමි.
ළමයින් කන්නට ආසා කැම, යන්නට ආසා කරන තැන්වල විස්තර, බලන්නට ආසා කරන වීඩියෝ එකතු කරමින් සිටි මම ඔවුන් මේ බිමට ළඟා වන දිනය තෙක් ඇඟිලි ගනිමින් බලා සිටියෙමි. අන්තිමේදී එදා දවස උදා උනේය .
එදා බ්‍රහස්පතින්දා දවසකි. දරු පවුල කටුනායක ගුවන් තොටුපල කරා පැමිණ සිටිති . පසුවදා සිකුරාදා මේ කලාපයේ නිවාඩු දවසයි.
හෙට දරුමල්ලන් තුරුළු කරගෙන නිවසේ ගතකරන සොඳුරු දවස ගැන සිතමින් මම කන්තෝරුව ඇරෙන තෙක් ඔරලෝසුව දෙස නිමේෂයෙන් නිමේෂය බල බලා සිටියෙමි. එක් වරම මට ලංකාවෙන් දුරකථන ඇමතුමක් බිරිඳගේ ජංගම දුරකථනයෙන්.
“ හරි වැඩේනේ ටිකට් කවුන්ටරෙන් බලනකොට මාත් දැක්කේ ,වීසා එකේ මගේ නමේ අකුරක් වැරදිලා“
දුරකථනය විසන්ධි විය.
මට දෙලෝ රත් වුයේ එවිටය. මම කල්පනා කරමි. වීසා ගනිද්දීත් ගුවන් ටිකට්පත් ගනිද්දීත් මට අවවාද ලැබුනේ වීසාවල නම හොඳින් පරීක්ෂා කර බලන ලෙසයි. යම් හෙයකින් එක අකුරක් හො වෙනසක් තිබේ නම් රටට ඇතුල් වෙනවා බොරු බව කීප දෙනෙක් කියා තිබිණි .
මේ බය නිසාම පිරික්සා බැලු නමුත් මේ අඩුපාඩුව හසු නොවුයේ ඇයි?
මගේ පැනික් සිතිවිලි ලෝකයට බාධා කරමින් බි රිඳගෙන් නැවත ඇමතුමකි.
“ හරි ටිකට් කවුන්ටරෙන් කිව්වා සුළු අඩුපාඩුවක් හින්දා කමක් නෑ යන්න කියලා. ලොකු වෙනසක්නම් යන්න දෙන්නෙත් නෑල්ලු ,ආපහු එවන්න වුනොත් ගුවන් සමාගමට දඩයකුත් ගහනවලු. කොහොම වුනත් එයාර් ලයින් එකෙන් කිව්වෙ ඔය රටේ ඉමිග්‍රේෂන් එකට මේක දන්වලා අකුරේ අඩුපාඩුව හදන්න කියලා. ඔයා ඒ නිසා දැම්ම ගිහිල්ලා ඒක හදා ගන්න. අපි චෙකින් වෙනවා.“
“හරි මම දැන්ම ගිහින් හදන්නම්“
සැනසුම් සුසුමක් හෙළුෑ මම සැනෙකින් ඉගිලුනේ ළඟම පිහිටි ආගමන විගමන කාර්යාලයටයි. ඉලෙක්ට්‍රොනික නොම්මරයක් ඇරගෙන පෝලිමේ සිටි මම නිලධාරියෙක් හමු වී සිදු වී ඇති දෙය පැහැදිලි කලෙමි.
“ අයියෝ ඕක සුළු දෙයක්නෙ මෙන්න මේ ෆෝම් එක පුරවලා දෙන්න මම හදන්න දාන්නම් “.
මම එයද නිමවා නැවත කන්තෝරුවට ආවෙමි. මට වීසා එකේ අඩුපාඩුව හදා ඇද්දැයි ඔන්ලයින් බලන්නට පුළුවන. අදාළ වෙබ් අඩවියට පිවිස මම වීසා අංකය ටයිප් කර වීසා එකේ තත්ත්වය සොයා බැලුවෙමි. තිරයේ දුටු දෙයින් මගේ ඉස්මොළ රත් වී ගියේය .
හත්දෙවලාමේ! ඉස්සසෙල්ලා ‘අනුමතයි‘ කියලා තිබ්බ වීසා ස්ටේටස් එක දැන් මෙහෙම තියෙනවා. එතකොට එයාට ගුවන් තොටුපලෙන් මෙහාට එන්න දෙයිද , වීසා එක අසම්පුර්ණ නිසා?. මගේ කලබලය දැක මා වටා එකතු වු මිතුරන්ගෙන් ලද උපදෙස් අනුව මම යළිත් වරක් ඉමිග්‍රේෂන් කන්තෝරුවට දිව ගියෙමි. මගේ තනියට මිතුරෙක්ද ආවේය.
අපි අඬා දොඬා එතන සිටි ඉහළ නිලධාරියෙක් හමු වුනෙමු.
“මේක ඉතින් දැන්ම හැදෙන්නෙ නෑ වීසා එක හදන්න දාලා තියෙන්නේ . වෙබ් එකේ ස්ටේටස් එක නිවැරදි වෙන්නෙ ඉරිදා “
“ මොනවා අපේ ගෙදර අය දැන් ප්ලේන් එකේ නැඟලා. දැන් අහසේ. තව ටිකකින් එයාර්පෝට් එකට එනවා. අනේ එතකොට ඇතුලට එන්න බැරි වෙයිද“?
ඔහු අත්දෙක දෙපසට විහිදුවා කරන්නට දෙයක් නැතැයි කීවේය. තව කීප දෙනෙක් හමු වන්නට උත්සහ කළත් භාෂාවේ අවුලත් මා හිටි අවුල් මානසික තත්වයත් නිසා වැඩේ සාර්ථක වුනේ නැත.
දැන් මා අසරණ අනාතයෙකි .
ඊලඟට අප කඩිමුඩියේ ගියේ ගුවන් සමාගම් කාර්යාලයටය. ඔවුන්ද කීවේ වීසා එක තාම ප්‍රොසෙස් වෙනවානම් ගුවන්තොටුපොලෙන් ඇතුලට ඒමට නොලැබෙන බවයි.
“එතකොට මොකද වෙන්නෙ“?
“හෙටයි අනිද්දයි නිවාඩු . වීසා හැදෙන්නේ ඉරිදනේ . සමහර විට එතකන් ඉන්න දෙන එකක් නෑ එයාර්පෝට් එකේ . එහෙම උනොත් හෙට රෑ ප්ලේන් එකක ආපහු ලංකාවට යවනවා“.
“එච්චර වෙලාවක් මේගොල්ලෝ ඉන්නෙ කොහෙද“?
“ ඇතුලෙ වාඩිවෙලා ඉන්න පුළුවන් නිදා ගන්න ඇඳුම් මාරු කරගන්න නම් තැනක් නෑ“.
මහත් දොම්නසකි . මා දකින්නට මාස ගණනකට පසු එන අහිංසකයන් අනේ අසරණව ගුවන්තොටුපළ කාමරයක රැඳී බලාපොරොත්තු සුන්ව ආපසු යන හැටි දරා ගන්නේ කොහොමද? ඔවුන් මුණගැසී මොහොතකට සිප වැළඳගෙන එන්නටවත් ඇතුලට යන්න පුළුවන් කමක් නැත.
මම රියදුරා හා මිතුරා සමඟ රථයට ගොඩවුණෙමි. ඒ ගුවන් යානය ගොඩබසින්නට ඇත්තෙ තවත් පැයක් පමණි. බලාපොරොත්තු මුළුමනින්ම සුන්වු සිතින් සිටි මාවත් දරාගත් රිය නගරය මැදින් ඔහේ ඇදෙද්දී මට එක්වරම කිෂෝර් සිහිපත් විය. බලගතු දේශීය ජාතිකයන් අඳුනන වග බීමතින් ඔහු කී හැටි මට මතක් වුයේ මා සිතේ විදිලි කොටමින් තිබූ මොහොතකය.
“ හරවන්න මේ පාරට“
මම රියදුරුට මඟ පෙන්වීමි. කිෂෝර්ලා සිටි තට්ටු නිවාසය ළඟ කැබ්රිය නතර කරවූ මම විදුලි සෝපානය එනතෙක් බලන්නෙත් නැතිව වේගයෙන් පඩිපෙළ දිගේ දිවගොස් සිව්වන මහලේ පිහිටි කිෂෝර්ගේ ගෙදර දොරට තට්ටු කළෙමි.
අකමැත්තෙන් මෙන් ඇරුන දොරින් කිෂෝර්ගේ බිරිඳ හිස එලියට දැම්මාය.
මා හඳුනාගත් ඇය තැතිගැන්මක් සඟවාගත් සිනහවකින් මට දොර ඇර දුන්නාය.
ඊලඟට දුටු දසුනින් මගේ අවසාන බලාපොරොත්තුවද සිඳී ගියේය.
පෙරලුණු පුටුවකට හේත්තු වී බීමතින් නිදන කිෂෝර්ගේ ශරීර කූඩුව සාලයේ කෙළවරක දිස්විය.
මේ ගෑණි කිෂෝර්ට පුටුවෙන් ගැහුවාවත්දැයි සිතී මම ඔහුගේ බිරිඳ දෙස රුදු බැල්මක් හෙලීමි. ඇය අසරණ අහිංසක ලෙස මා දෙස බැලුවාය.
මතු සම්බන්ධයි
***********
04 Sept 2016
මීළඟ කොටස මෙතැනින් කියවන්න
Photo : foodviva.com

“ Under processing“

හුට්ට පටස්... නවත්තන තැන තමා අප්සට්.. ප්ලේන් එක බාන්න පැයයි තියෙන්නෙ... ඉක්මනටෝ....
ReplyDeleteජයවේවා..!!
මේ එනෝ .
Deleteජය වේවා !!
අයියෝ, මග හිටියනේ!
ReplyDeleteටිකක් ඉවසලා ඉන්ටකෝ .
Deleteකරන දෙයක් ඉක්මනට තිලක මහත්තයෝ!!!
ReplyDeleteමම මේ දුවන ගමන් එයාර්පෝර්ට් පැත්තට
Delete/.ඔහුට එක තැනක වාඩි වි ඉන්නට ඉඩක් නැත. ඔහු කන්නට ඕනෑ ඇය කියන වෙලාවටය. බලන්නට ඕනෑ ඇය කියන ටී වී චැනලයය. ගෙදරට එන්නට ඕනෑ ඇය කියන අමුත්තන්ය. / "යුනිවර්සල්" සත්‍යය.. සුදු කළු ,ඉන්දියන්, ශ්‍රී ලංකා භේදයක් නැති..
ReplyDeleteඒකනම් එහෙම තමයි කවිඳු . මේක ඉස්පෙෂල් කේස් එකක්
Deleteඔය අකුරු වරදින්නේ සිංහල නම් ලියන්න වෙන්නේ සිංග්ලිෂ් වලින් නිසායි!
ReplyDeleteකාලයක් ලංකාවේ නැව්නගින/ගොඩ බසින පත්‍රිකාව සිංහල/දෙමළ භාෂාවලිනුත් පුරවන්න ඉඩ තිබුණා. දැන් කියා තියෙන්නේ ඉංග්ලිෂ්වලින් පුරවන්න කියායි.
ඔව් මගෙ නම උනත් කීප විදිහකට තියෙනවා ලියකියවිලිවල
Deleteහෆොයි...
ReplyDeleteමාත් වීසා කචල් එකක් නිසා මුම්බායි වල දවස් දෙකක ඉතර කට්ටක් කෑවා..
ඒ මුම්බායි කට්ට ගැන ලියමුකො මාතේ
Deleteඅයියෝ ඇයි මෙතනින් නතර කලේ... එහෙනම් ඉතින් ඊලඟ කොටස ඉක්මනින් ලියන්නකෝ... හිතාගන්න බෑ මොකකින් මොකක් වෙයි ද කියලා...
ReplyDeleteමම හිතුවා නිර්මාණිගෙන් බැනුම් අහගන්න වෙයි කියල. පොඩ්ඩක් ඉවසන්න
Deleteහයියෝ. දැන් මොකද කරන්නෙ.
ReplyDeleteඒක තමයි කසුන්. මගෙත් ඔලුව ගිණිඅරන්
Deleteප්ලේන් එක බාන්නනං පැයයි තියෙන්නෙ. ඒත් මේකෙ ඉතුරු කෑල්ල කියවන්න අපිට පැය කීයක් ඉන්න වෙයිද?
ReplyDeleteමම ප්ලේන් එක කොහොම හරි දවස් දෙක තුනක් උඩ තියාගන්න බලන්නම් ප්‍රසා හෙහ් හේ
Deleteකිෂෝර්ගේ ඔලුවේ දෙහි බැයක් උලලා ගන්න ඉක්මනට.
ReplyDeleteදෙහි බෑයක් නෙවෙයි දෙහි ගෝනියක් උනත් උලන්න පුළුවන් ප්‍රශ්නේ විසඳලා දෙනවනම්
Deleteදෙහි ගෙඩි පහක් හයක් ගෙනත් කිෂෝර්ගේ ඔලුවේ යටිපතුලේ උලලා උලලා වෙරි බස්සෝලා අරන් ගියාද?
ReplyDeleteඅනිත් කෑල්ල ඉක්මනට දාන්ටෝ
පැයක් ඇතුලත කරන්න පුළුවන් දේ කරමු
Deleteහපොයි.. වෙරිමර ගාතේ හරි කිෂෝර්ව එක්කගෙන ගියා නම් හරි. යනකොට වෙරි බහියිනේ...
ReplyDeleteඑහෙම ගෙනිච්චනම් මට පොලිසිත් යන්න වෙනවා තුෂානි
Delete/ හැබැයි කළුවර වැටෙද්දී ඔහුගේ සිංහ ලීලාව සේදී බියගුළු හා පැටියෙක් බවට පත් වන්නේ උගුරෙන් පල්ලට බහින මධුවිත වඩි දෙක තුනකින් පසුවය /
ReplyDeleteමේකෙ සම්පූර්ණ අනික් පැත්ත නේද තිලක් බොහෝවිට වෙන්නෙ? මන්දා...මගේ නම් අත්දැකීම එහෙමයි. Definitely would be the exception rather than the rule...:)
අම්මපා රවි අයියෙ ආහතික ඇත්ත..මට බයේ ඉන්නවද බීපපු එකා එක්ක කතා කොළාට වැඩක් නැති හින්ද ඉන්නවද කියන්න දෙයියො තමා දන්නෙ. හැක හැක
Deleteරවී අපේ තාත්තා ඉස්සර බිව්වට පස්සෙ ටිකක් මුදු වෙනවා. ට්‍රිප් යන්න එහෙම ෂේප් එකේ අවසර ගන්නෙ ඒ වෙලාවට තමයි. :)
Deleteආනේ මං වාගේ මනුස්සයෙක් , අපේ පවුල කාටදෝ කියනව අහගන අපේ එක්කෙනා නං බිව්වහම පොඩි එකා වාගේ කියනවා
Deleteඅයියෝ රවියෝ බොට බීපු වෙලාවේ ඉඳන් අඬන චරිත හම්බ වෙලා නැද්ද? . අපේ යාලුවෙක් හිටියා බීපු ගමන් පැත්තකට ගිහින් තනියම සින්දු කියන්න පටන් ගන්නවා . සරීරෙන් කොටහක් ගලවන් ගියත් කේන්ති ගන්නේ නෑ . මල් මතෙන් වගේ ඉන්නේ. සියේට අනුවක් බීවම කලහකාරී වෙනවා තමයි ඒත් මෙහෙම exceptional කීප දෙනෙක් මට හම්බ වෙලා තියෙනවා
Deleteදැං ඉතින් මේකෙ මොකද්ද උනේ කියල හිත හිත ඉන්න එපැයි. ඉක්මනට ඉතුරු ටික දාන්නෝ!
ReplyDeleteඒකනේ බලන්නකො වෙච්ච වැඩේ .
Deleteබලන්න ඉතිං පෝස්ට්එක නවත්තන්න හිතුන වෙලාව!
ReplyDeleteකියල වැඩක් නෑ.. ඉතිරි ටිකත් ලියලම දැම්ම නම් අතින් පයින් වියදමක් යනවා කියල ද මම අහන්නේ.. හෙහ් හෙහ්..
Deleteහෙහ් හේ මේ තමයි මම වැඩියෙන්ම බැනුම් අහපු පෝස්ට් එක
Deleteමොනවා...........අඩ්ඩක් ගැහුවට පස්සෙත් නෝනට බය මහත්තයෙක්? මාරයි නේ.
ReplyDeleteමේ කතාව ඉන්දියන් සිනමාවක් වගේ.
අඩ්ඩ ගහන්න කලින් වීරයා වගේ ඉන්න මනුස්සයට මෙහෙම වෙන එකනේ වැඩේ
DeleteAne uncle.... ai baget kiyala nawaththuwe..?? Ikmanatama et passe mkdda une kiyanna..!! Ikmnata..!
ReplyDeletePayak yanna kalin mkkm hri krn.. echchrat bln in ba wge..
Baget unt lassanai.. man asam wdhe kthawak.. thankuu uncle..!
Karanna wdkut nati eke nangila bahinakm blan inm.. :)
ඉක්මනට ලියනවා දුව. මුළු කතාව ලිව්වනම් දිග වැඩි වෙනවා . ඊළඟ කොටස ඉරිදාට දානවා.
Deleteහොඳා
ReplyDeleteබලපං ඉතිං කපපු තැන. මෙහෙම කපන්න කොහෙන් ඉගෙනගත්තද මංදා.
ReplyDeleteඋඹත් එහෙමනේ
Deleteඇත්තටම අපේ හැලපෙගෙන් තමයි ආදර්ශය ගත්තේ
DeleteHurry up hurry up
ReplyDeleteComing soon
Deleteඅනේ අද ෆ්ලයිට් එක ඩිලේ වෙයං .. පැය නං මදි.ඕ යේස්
ReplyDeleteඔව් ඔව් පැයට වඩා ඩිලේ වෙන්න ඕනි
Deleteබොහොම අසාධාරණ තැනකින් නවත්වල තියෙන්නේ. හැබැයි කිශෝරය හදල දෙන්න ඇති ඒ කියන්නේ.
ReplyDeleteකිෂෝර් කාරයා බාගේටවත් බීලා හිටියනම් මොනවා හරි කරලා දෙන්න තිබ්බ . බලමුකෝ නේද අජිත්
Deleteඉක්මනට කරන දෙයක් කරන්න , තව ටික වෙලාවයි ෆ්ලයිට් එක එන්න .
ReplyDeleteකරන්න පුළුවන් හැම දේම කරනවා
DeleteMonada uncle...ai methanin nawattuwe! Ikmnta monahari karanna...nathn aunty tai nangilatai bahinna bariweiii,,!
ReplyDeleteUncle, attatm mn ada tmai mn mulinm comment kre.. mokada mn uvini..!!
බොහොම සතුටුයි දුව. හැමදාම බ්ලොග් එක කියවන බව දැනගෙන හිටියා . ඉතින් ඔයාලත් හොඳ නිර්මානශීලී දරුවොනේ . මේ නිවාඩුවේ මොනවා හරි ලියන්න . මම සිංහලෙන් ටයිප් කරන්න පුළුං ලින්ක් එකක් එවන්නම් .
Deleteවීසා ප්‍රශ්නයක් නොවූවත් මෙයට තරමක් සමාන දෙයක් වරත් මටත් සිදු විය. ඇමරිකාවේ සිට (තවත් රටවල් හා) සිංගප්පූරුව හරහා ලංකාවට යද්දී සිංගප්පුරුවේදී දැනගත්තේ අපේ විද්‍යුත් ප්‍රවේශපතේ තොරතුරු ශ්‍රී ලන්කන් තොරතුරු පද්ධතියේ යාවත්කාලීන වී නැති බවයි. එහෙත් ඒ වන විට මේ තොරතුරු ඩෙල්ටා වෙබ් අඩවියේ පැහැදිලිවම තිබුණේය. උදේ හතට ගුවන්යානය පිටත් වීමට නියමිතව තිබුණු අතර සිංගප්පුරු ගුවන් තොටුපලේ ඩෙල්ටා කවුළුව විවෘත කිරීමට නියමිත තිබුණේ උදේ නවයටය. ඒ නිසා ඔවුන්ගේ උදවුවක් ගැනීමේ හැකියාවක්ද නොතිබුණේය. අන්තිමේදී කුඩා දරුවකුද සමඟ අපි ගුවන් තොටුපළෙන් බැහැරව ආපසු ගියෙමු. හොඳ වෙලාවට සිංගප්පූරුව වීසා අවශ්‍ය නැති, මිතුරන් රැසක්ම ජීවත් වූ සහ කිහිපවරක්ම ගොස් හුරුපුරුදු තැනක් වූ නිසා තරමක් සහනයක් තිබුණත් අන්තිමට ගමන සිදු නොවූයේ මගේ වැරැද්දෙන් නොවන බව අමාරුවෙන් පැහැදිලි කර ඩෙල්ටා ප්‍රවේශපත්‍රය පසුදිනට වෙනස් කරගෙන එය ශ්‍රී ලන්කන්හි යාවත්කාලීන වී ඇති බව තහවුරු කරගෙන ලංකාවට ආපසු යන්නට මුළු දවසක්ම පුදුම කට්ටක් කන්නට සිදු විය.
ReplyDeleteඔව් ඒ වගේ වෙලාවට දරුමල්ලො කරදර වෙන හින්ද තමයි ස්ට්‍රෙස් එක වැඩි . ඒත් ඉකොන් ළඟ හිටියනේ .හැමෝම එකට හිටිය එක හරි හයියක්. මගේ වැඩේ ඒ ගොල්ලෝ වෙනම. මම මෙහෙ අසරණ වෙලා. හිතාගන්න බැරි තරම් පීඩනයක් ඒක
DeleteThanks Pra
ReplyDeleteමේ වගේ දෙයක් වුනාම ඇතිවෙන මානසික පීඩනය සහ අසරණ කම හිතා ගන්න පුළුවනි...
ReplyDeleteහොඳම තැනට ගෙනත් කථාව නවත්වල නිසා කියවන අපිටත් ඒ වගේම පීඩනයක් දැනෙනවා කිව්වොත් නිවැරදියි... :)
ඔව් පොකුරු වැහි එදා දැනිච්ච පීඩනයෙන් බොහෝම පොඩ්ඩයි බෙදාගන්න පුළුවන් මොනවා ලිව්වත් . අනිත් එක දුක සැප දෙකම හොඳ යාලුවොත් එක්ක බෙදා ගන්නත් එපැයි
Deleteඇයි මෙතනින් නතර කලේ.. ඊට පස්සේ මොකද උනේ...මට හිතෙන්නේ එන්න දෙන්න ඇති කියලා
ReplyDeleteමමත් හිතාගෙන හිටියේ එන්න දෙයි කියල තමයි . ඒත් වෙච්ච කතන්දරේ ඉරිදාම කියන්නම්
Deleteදම්සො පුතාටත් ඔය වගේ කේස් එකක් වුනා. චීනේ ඉන්න කාලේ දරු පවුල ගෙන්න ගන්න ගිහින් කට්ටියට හොන්කොන් වලින් හැරිලා යන්න වුනා. බලන කොට විසා එක චීන භාෂාවෙන් තිබුන නිසා දම්සො දෝනිගෙ පාස්පොර්ට් එකේ විසා එකේ එක දුවෙකුගෙ නම විතරයි තිබිලා තියෙන්නේ. එම්බසියෙ වැරැද්ද. එකේ විස්තර ලියන්න බලමු.
ReplyDeleteතිලක සිත මහත්තයා දම්සො පුතාට හම්බ වෙලා තියෙනවා. මාස්ටර්ස් එකේ අයිස් බ්‍රේකින් සෙෂන් එක කලේ ඔබ තුමා.
දම්සෝ පුතා ආදරෙන් පිලිගන්නවා තිලක සිතට . සමාන ඉරණම කාරයෝ වෙච්ච අපි මීට කලින් හමු වෙලා ඇති කියල මටත් හිතෙනවා . හැබැයි ඔය කියන සිද්දීයනම් මට නිච්චියක් නෑ .
Delete( අනික මහත්තයා , ඔබතුමා වගේ ඒවා නැතිව මට නිකම්ම නම කියනවානම් හරිම සතුටුයි )
එහෙනම් මට වැරදිලා. මම හිතුවේ ස්ලීඩා එකේ තිලකසිරි මහත්තය කියලා. කොහොම නමුත් ඔබතුමාගේ බ්ලොග් එක ටොප්. වීසා ගැටලු නම් එමටයි. 2010 එන්ගලන්තෙත් තුන් පාරක් රිජෙක්ට් කරා. 2009 ඉවර කරපු ගේමෙ හිටිය නිසා කියලයි විදේශ කටයුතු අමාත්‍යාන්ශේ කියුවෙ.
Deleteබලාගෙන ඉන්න බෑ.. ප්ලේන් එක බාන්න තව පැයයි තියෙන්නේ.. ඉක්මනට ඉතුරු ටික ලියන්න.. :)
ReplyDeleteතව දවසක් දෙකක් ඉවසන්න වෙනවා ක.මි.
Deleteඔබ ලියා ඇති ආකාරය හරිම සිත්ගන්නා සුළුයි..
ReplyDeleteබොහොම ස්තුතියි ලලිත්
Delete