Wednesday, September 14, 2016

'ඔබ ගැඹුරු නින්දක' සිටියද හැර යා නොහැකි 'ඉතා කෙටි කලබල සිහින' සහ 'තරු ඇස් රහස්' - බ්ලොග් පොත් දහයක්


 බ්ලොග් අවකාශයේ නිර්මාණ ඉදිරිපත්  කරන සෑහෙන  දෙනෙකුගේ පොත් ලබන සතියේදී  කොළඹ පොත් ප්‍රදර්ශනයට එක්කාසු වෙන බව සතුටින් දන්වමි .  කොළඹ පොත් ප්‍රදර්ශනයේ K 308 දරන 'සම' පොත් කුටියෙන්  මින් බොහොමයක් ගන්නට පුළුවන් වන අතර එම කුටිය  බ්ලොග් ලියන්නන් හමු වී කතාබහ කළ හැකි තැනක්ද වනු ඇත.ඊට අමතරව ගොඩගේ ඇතුළු  තවත් ප්‍රකාශන කුටිවලින්ද මේවා ගන්නට හැකි වේවි. මේ සටහන ඒවා අතරින් පොත් කීපයක් ගැනය ( පළවූ දින වකවානු අනුව ආපස්සට ලැයිස්තුගත කර ඇත)

1. ඔබ ගැඹුරු නින්දක - කල්පනා මාලතී ඇම්බ්‍රෝස් 
සැප්තැම්බර් 10 දොරට වැඩි අපේ වසීලිස්සාගේ බ්ලොගය මෙන්න 


කල්පනාගේ කවි පොත ගැන සයිබර් අවකාශයේ සිංහලෙන් ලියන්න කැමති සොඳුරු නිර්මාණකරුවෙක් වන රන්සිරිමල් ප්‍රනාන්දු හෙවත් ලොකු , ඔහුගේ බ්ලොගයේ ලියන්නේ මෙහෙමයි .

2. ඉතා කෙටි කලබල හීන -යශෝදා සම්මානී 

බස්සී නොහොත් යශෝදා සම්මානී බ්ලොග් ලියන අප කාටත් ආඩම්බර විය හැකි සුරු විරුකම් ඇති ලියන්නියක්. ගිය අවුරුද්දේ හොඳම  සිංහල බ්ලොග් අඩවියට හිමි සම්මානය දිනාගත් සම්මානී සිය කුළුඳුල් කෘතිය සඳහා ගොඩගේ සාහිත්‍ය උළෙලේ කුසලතා පුර්ණ කවි පොතට සම්මානය දිනාගත්තේ ඊයේ පෙරේදාය .
මේ පොතේ පළවන්නේ බස්සිගේ නවාතැනහා කවි ලොසින්ජර බ්ලොග්වලට ඈ වරින්වර ලියු පද්‍ය  රචනායි 




3. පොල් කට්ටෙන් එපිටට - කොළඹ ගමයා හෙවත් අජිත් ධර්ම 

 චූලානන්ද සමරනාකයකයන් පොල් කට්ටා ගැන ලියූ සටහනක් :

කොළඹ ගමයා යනු ලන්ඩනයේ වෙසෙන, ලෝකයේ ඇතිවන වෙනස්කම් පිළිබඳව ඉතා සවිඥාණක ව්‍යවහාරකයෙකි.  ඔහු විසින් කරනු ලබන රචනාවන් ලංකාවේ බොහෝ ලියන-ගමයන් විලිවද්දන තරම් හරවත්ය. ඔහුගේ ලේඛන ශෛලිය සරලය. පහසුවෙන් අවබෝධවන සුළුය. අවැසි තැන උපහාසයෙන්ද පොහොසත්ය. ඔහු ලන්ඩනයේ සිට, පැවති සෝවියට් දේශය, නව යුරෝපය, ධනවාදය, සමාජවාදය , ලිබරල්වාදය , මාක්ස්වාදය ආදී විවිධ ක්ෂේත්‍ර හරහා ලංකාවද පාදක කර ගනිමින් සිය ලිපි රචනා කරයි. ඔහු මතු කරන කරුණු විවාදාපන්න බවට සක නැත. එහෙත් වඩා වැදගත් වන්නේ ඔහු සිය අදහස් හරහා විවෘත කරනා සංවාදයයි. 




4. සමනලයා මියැද්දෙන් -දිනේෂ් උමගිලියගේ බ්ලොග් කතා එකතුව  
සයිබර් අවකාශයේ ලියන දක්ෂ කෙටි කතා කරුවෙක් වන දිනේෂ් උමගිලිය සිය කුළුඳුල් බ්ලොග් ලිපි එකතුව පසුගිය අප්‍රේල් මාසයේදී පළ කළේය. මෙවර ප්‍රදර්ශනයේදී මිලදී ගත හැකි ඔහුගේ කෙටිකතා  මුලින් ලියවුනේ මේ බ්ලොග් අඩවියෙයි.




5- ග්‍රීෂ්මර්තුවේ සුළඟ - සශිකා අමාලි මුණසිංහ 

මා  ඉතාමත් ආසාවෙන් කියවූ 'කඳු' ගේ බ්ලොග් අඩවියේ වැඩිපුරම ලියවුනේ සුන්දර පදවැල්ය . දැනට එම බ්ලොග් අඩවියේ පිවිසීම සීමා කර ඇතත් අගේ කවි පොතකට එකතු වී තිබීම සතුටට කරුණකි  . මෙය ගොඩගේ ප්‍රකාශනයකි 




6- තරු ඇස් රහස්- තරුරසී ප්‍රනාන්දු 

තමන්ට ඇති අපූරු නිර්මාණශීලී හැකියාව ගැන නොතකමින්  සිය හිතවතුන්ගේ නිර්මාණකාරියන්ට, පොත් එලි දැක්වීම්වලට , ඒවා හඳුන්වා දීමට නොමසුරුව කාලය  යොදන දයාබර සොයුරියකි තරුරසී .  මානව දයාවත් , නිර්මානශීලී රසයත් නොඅඩුව මුමුණන 'තරු ඇස්  රහස්' සම ප්‍රකාශනයකි .


7.8- අනිත් කොන හා මනුපුර සක්මන - බෝධිනී සමරතුංග 
අනිත් කොනේ ජීවිතය සංවේදී සටහන් ඔස්සේ රටටම කියාපාන දයාබර දොස්තර නෝනා  ' බෝධිනී සමරතුංග ' 2014 වසරේදී අනිත් කොන නමින් වූ බ්ලොග් ලිපි එකතුවත් මනුපුර සක්මන කවි පොතත් නිකුත් කළාය .





9- සොඳුරු බාලේ ගෙවුණු තාලේ - රන්දිකා රණවීර 

ඇලෙක්සැන්ඩර් රාස්කින්ගේ ජනප්‍රිය ළමා කතා පොතක  රසවත් අනුවර්තනයක් වන මේ කතා  මුලින්ම පළවුයේ නිදහස් සිතුවිලි  වෙබ් අඩවියේය. 2014 වසරේදී පළවූ රන්දිකාගේ 'සොඳුරු බාලේ ගෙවුණු තාලේ' ලොකු කුඩා කාටත් රස විඳිය හැකි පොතකි.




10 - තිලකසිත 



තිලකසිත බ්ලොග් අඩවියේ 2013 හා 2014 වසරවල පළවූ ජීවන කතන්දර හා කෙටි කතා හතලිහක එකතුවක් මෙහි අඩංගුය







21 comments:

  1. ස්තුතී මේ ලයිස්තුවට... මින් කිහිපයක්ම තියනවා...

    ReplyDelete
  2. නියමයි.. සැමටම සුභ පැතුම් !!!

    ReplyDelete
  3. ස්තූතියි බ්ලොග් ලේඛකයින්ගේ පොත් ගැන මඟ පෙන්වූවාට. ජය !

    ReplyDelete
  4. තිලක සිතයි , සොඳුරු බාලේ ගෙවුණු තාලේ විතරයි බලල තියෙන්නේ.. පොත් ප්‍රදර්ශනේ නම් මේ සැරෙත් මිස් වෙනවා. ගෙදර අයට හරි කියල ගේන්න ගන්න ඕනේ.. මේ මතක් කිරීමට ගොඩක් ස්තුතියි තිලක් අයියා..

    ReplyDelete
  5. ආ. ඔය නෝනා මහත්වරු ගැන සොයා බලන අයට මේකෙත් මක්ක හරි නෑතෑ.. ඕං

    බ්ලුක්ස් සහ නෝනා මහත්වරු

    ReplyDelete
  6. මරු මරු
    හැබැයි ඔන්න මම නම් ගන්නෙ නැ... hikzz

    සුබපැතුම්

    ReplyDelete
  7. ස්තූතියි.
    ජයවේවා..!!

    ReplyDelete
  8. කල්පනා ගේ පොත තාම ගන්න බැරි උනා.. කඳු ගේ පොත ගැන දැනගත්තේ අද.. කඳු බ්ලොග් එක ලියවෙනේ නැති එක අපරාධයක්.. අනිත් පොත් ඔක්කොම ලඟ තියෙනවා :)

    ReplyDelete
    Replies
    1. අිැඩ්‍රස් එක කියහං ඒ ඇති.. යතුරු බතුරු ඕන නෑ.. හැක්

      Delete
  9. තව දෙකයි ගන්න තියෙන්නේ

    ReplyDelete
  10. Thank u uncle...

    Et man bookfair yaid danna.. 😞

    ReplyDelete
  11. ස්තුතියි ඔක්කොම පොත් එක තැනකට පෙළ ගැස්සුවාට අපිව දැනුවත් කරන්න.

    ReplyDelete
  12. ස්තූතියි තිලකසිත. තමන්ගේ පොත ගැන අන්තිමට ලියල පෙන්වපු නිහතමානී කමටත් හිස නමනවා.

    ReplyDelete
  13. ස්තුතියි තිලක අයියේ!!
    සම පොත් කුටියේදී හමුවෙමු!

    ReplyDelete
  14. බුක් ෆෙයාර් ගියෙ එක පාරයි. දා පාලොස් දාක පොත් ගත්තට ගොන්නක් එකට ගත්තම කියවන්න අපහසුයි. එදා ඉදන් කලේ කොහෙන් හරි පොතක් අරන් කියවලා, තව එකක් අරන් කියවනවා.

    මේ සැට් එකත් ඒ තියරියෙන් අර ගන්නෝනි :)

    ReplyDelete
  15. කිහිපයක් තමයි ගන්න තියෙන්නේ.තිලකේ අයියා "සම"පැත්තේ එන්නේ කොයි දවස්වල වගේද ?

    ReplyDelete
  16. අනේ මම අදයි මේක දැක්කෙ... හයියෝ...

    ReplyDelete
  17. ස්තූතියි තිලක.

    ReplyDelete
  18. ස්තුතියි තිලක..අද තිලක නිසා බස්සිගෙ නවාතැනට ගොඩවෙන්න පුලුවන් උනා..

    ReplyDelete
  19. Masa 2 kata passe mepatthe awe punchi samanali ekka kale gewenakota blog mathkune ne."silikan wellata mokada une?

    ReplyDelete