හුරුපුරුදු ගම්පලාතේ මිනිහෙක් දුර ඈත නුපුරුදු ගෙන්දගම් පොළවට පය ගහපු අලුතම හම්බුනාම කාට වුනත් සතුටක් දැනෙන්නේය.
කොළඹට නුදුරු කුඩා නගරයකදී මට හමු වූ අපේ ගම් පලාතේ කරණවෑමියා නිසා මටද එවැනි හැඟීමක් දැනුණි .
ඒ මදිවාට මා ආසා කළ එළවලු වගාව, බෝංචි කෝටු කැපීම, තක්කාලි පෙට්ටි උස්සා ගෙන යෑම ආදිය ගම ගැන කියද්දී ඔහු නිරතුරු මතක් කළ නිසා මම ඔහුගේ සැලුනයට යන්නට එන්නට පටන් ගත්තේ මීට අවුරුදු පහළවකට පමණ පෙරය.
එම කඩ මණ්ඩියේ තිබූ බාබර් සාප්පු තුන අතරින් සෙනග අඩුවෙන්ම ගැවසුනේ ඔහුගේ සාප්පුවේය. වාහනය නවත්තන්න එතන ඉඩක්ද තිබුනෙන් පෝලිමේ ඉන්නත් ඕනෑ නැති නිසා මම කෙළින්ම ගියේ ඔහු ළඟටය. සති තුන හතරකට වරක් කොණ්ඩය වැවී තිබ්බත් නැතත් ඒ සැලුනයට ගොස් කොණ්ඩය හෝ රැවුල තරමක් ට්‍රිම් කරවාගෙන ගම රට තොරතුරු කතා කර එන්නට මම කැමැත්තෙන් සිටියෙමි. ඒ ගමේ කමටය.
ඒත් මේ මනුස්සයා මෙලෝ රහක් නැති කරණවෑමියෙක් බව මම හොඳින්ම දැනගෙන සිටියෙමි. ඔහුගේ උපකරණ නිසි පිළිවෙලට නඩත්තු කරන්නේ නැත. කරට දමන සාලුව බොහෝවිට අපිරිසිදුය. මට වුවමනා ගානට කොණ්ඩය කප්පවා ගන්නට සැමවිටම ඔහුට කියලා දෙන්නට ඕනෑය. ඇතැම් විට ඔහු වෙත යෑම මට නොරිසි වුනත් මට තිබුණු කාල වේලා අර්බුදයත් නිසා එතැනින්ම කොණ්ඩය කපා ගැනිම පහසු විය.
ඔහු පත්තර කිහිපයක් මිලදි ගත්තේය. රටේ දේශපාලනය ගැන ටක්කෙටම දැනගෙන සිටියේය. රට හදන හැටි ගැන කීවේය. ගම්දොර, රටතොට සිදුවන අපරාධ, මිනීමැරුම්, සොර මැරකම් මෙන්ම දේශපාලකයන්ගේ නොමනා ක්‍රියා ගැන ආවේගයෙන් කථා කළේය.
මෙවන් අවස්ථාවල මට මතක් වුනේ 1988 විතර නුවරදී මට හමු වූ බාබර් උන්නැහේය. කැම්පස් එකේ ස්ට්‍රයික් හා රට තොට විස්තර දැන සිටි ඒ බාබර් තරම් මේ බාබර් සන්සුන් මනසක් ඇත්තෙක් නොවීය.
මේ අතර අපේ කරණවෑමි තැන නිතරම ආර්ථික අපහසුකම් ගැන ආඩපාලි කීවේය. දවසක් හැන්දෑ වෙලාවක කොණ්ඩය කපද්දී බ්‍රවුන්පේපර් කවරයක් දැමූ එක්සයිස් පොතක් අතින් ගත් අයෙක් ඔහුගේ දොරකඩ සිටගෙන සිටියේය. කරණවෑමි තැන වහාම කොණ්ඩය කැපිල්ල නවතා ලාච්චුව ඇද රුපියල් දෙසියක් ඔහුට දුන්නේය. අමුත්තා එය පොතේ ලියාගෙන පිට වී ගියේය.
මගේ කුහුල තේරුම් ගත් කරණවෑමි තැන මට ඒ සිද්ධිය පැහැදිලි කර දුන්නේය.
“මේකනෙ මහත්තයෝ මේ රටේ අපි වගේ පොඩි රස්සාවක් කරන කෙනෙකුට ඔලුව උස්සන්න බෑ. ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්ණ. ඔය එන්නේ පොලීකාරයා. දවස්පතා පොලිය ගෙවන පොරොන්දුවට මම සල්ලි අරන් තියෙනවා. ගිනි පොලී. මේ ටවුමෙ මං වගේ බර ගානක් ඉන්නවා දවස් පොලී ගෙවන.”
කෙසේ වතුදු කල් යාමේදී මගේ දුරබැහැර හා රටින් පිට රස්සා කිරීම නිසා ඔහු හමු වීම අඩු වී ගිය ද නිවාඩුවට ආ විටත් මම ඔහු දැක බලා එන්නට ගියෙමි.
එවන් එක්තරා දිනෙක මාගේ කොණ්ඩය කපමින් සිටියදී තවත් පාරිභෝගිකයකු පැමිණීම නිසා ඔහු ඕනිවට එපාවට කඩිමුඩියේ මගේ වැඩය නිම කරන්නට උත්සාහ කළේය. ඔහුට ඕනි වුනේ අනෙක් කස්ටමර් වෙන සැලුනයක් සොයා යෑම වලක්වා ගැනීමටය. මගේ මේ පැමිණීම ඔහුට වැදගත් වී නැති සැටියකි.
මේ සිද්ධියෙන් පසු මට එතැනට යන්නට පිරියක් නොවීය.
ඊළඟ වතාවේ මම කොණ්ඩය කපන්නට තෝරා ගත්තේ තරමක් ඈතින් පිහිටි හුරුබුහුටි කුඩා සැලුනයකි. එහි සිටියේද එකම එක කරණවෑමියෙකි. මා යද්දීත් වෙන කිසිවෙක් කොණ්ඩය කැපීමට සිටියේ නැති නිසා අසුන පිස දැමීමෙන් පසු මට වාඩිවෙන්නැයි ඇරයුම් කළ ඔහු වචනයක් දෙකක් මට කතා කළේය. කොණ්ඩය කපන්නට කැමති විදිහ විචාලේය. කතුර අල්ලන විලාසයෙන්ම ඔහුගේ කාරියට හුරුබුහුටි කමක් ඇතිවග මට තේරිණි. කොණ්ඩය කලබලයකින් තොරව හීන් සැරේ කපද්දී මේ ප්‍රියමනාප මිනිසා කතා කරන්නට පටං ගත්තේ ඒ වනවිට නගරයෙන් ඇසෙමින් තිබු ලවුඩ්ස්පීකර් නිවේදනයක් අරබයාය. ඒ මහා සංගීත සංදර්ශනයක් ගැනය.
“මේ මොන සංගීතද මහත්තයෝ අපේ පලාතෙනෙ ඉස්සර සංගීත සංදර්ශන තිබ්බෙ. මැණික් කාරයෝ ගෙන්වන්නේ හොඳම ගායකයෝ. ජෝතිපාල, එඩ්වර්ඩ්, ටී. ඇම් වගේ අය. ආයෙ නෑ ඒ කාලෙ අපි බයිසිකල් පැදගෙන කිලෝමීටර් පණහ හැට යනව සංගිත සංදර්ශන හොයාගෙන.”
“එතකොට ඔහේගෙත් ගම් පලාත මෙහෙ නෙවෙයිනෙ. මෙහෙට ආවෙ කොහොමද?”
මගේ ප්‍රශ්ණයට ඔහු සවිස්තර පිළිතුරක් ලබා දුන්නේය.
“මම සබරගමු පලාතේ. මුලින්ම මම සැලුන් එකක වැඩ කරා. ඊට පස්සේ මම කොණ්ඩේ කැපීම ගැන පුහුණුවකට ගියා. පස්සේ මමම සැලුන් එකක් දැම්මා පැල්මඩුල්ලේ. ඉතිං වැඩේ හොඳට ගියා.”
“ඉතිං?”
“පස්සේ මම කොළඹ ආ වෙලාවක අපේ නෝනා හම්බුනානේ. එයාගේ ගෙවල් මේ ළඟපාත. කාලයක් ආශ්‍රය කරලා පෙම් හබ විසඳිලා අපි කසාද බැන්දනෙ. මයෙ ගාව තිබ්බ සල්ලිවලින් පොඩි තැනක් කුලියට අරං සැලුන් එකක් දැම්මා.”
“ඉතිං මේකෙන් පවුලක් නඩත්තු කරන්න පුළුවන්ද?”
“අපෝ පුළුවන් මහත්තයෝ මම දවසකට තුන් හාරදහක් හම්බ කරනවා. හොඳට කාල බීල ඉන්නවා.”
මම ඔහුගේ සැලුනය හාත්පස බැලීමි. සරල පිරිසිදු තැනක් වූ එහි අමුත්තකට තිබුනේ පත්තර කිසිවක් නැතිවීමයි.
“මේ සැලුන් එකට පත්තර ගේන්නැද්ද?” මම ඇසුවෙමි.
“නෑ මහත්තයෝ”
එවිට මා දුටුවේ පොතක් අතින් ගත් පුද්ගලයෙක් ඔහුගේ දොරකඩ සිටගෙන සිටින අයුරුය.
අපේ අලුත් කරණයවෑමියාද ලාච්චුව ඇර රුපියල් දාහේ කොලයක් රැගෙන ගොස් අමුත්තාට දුන්නේය. අමුත්තා එය පොතේ ලියාගෙන තව කුවිතාන්සියක්ද නිකුත් කලේය. ඔය කිව්වාට මේ බාබරුත් පොලියට සල්ලි ඇරන් රන් එක දෙන කෙනෙක් කියා මම සිතුවෙමි.
කුහුල නිසාම මම ඔහුගෙන් ඒ කවුදැයි ඇසුවෙමි. ඒ අතරේ ඔහු ගෙනා රිසිට්පත මා ඉදිරියේ වූ ලාච්චුවට රුවද්දී එය ප්‍රසිද්ද පුද්ගලික බැංකුවක මුදල් තැන්පතු කොළයක් බව මට පැහැදිලිවම පෙණිනි.
“මේකනේ මහත්තයෝ මම දවසක් බැංකුවට ගිහින් කතා කරා මට දවස්පතා හම්බවෙන ගානින් කීයක් හරි ඉතිරි කරන්න පුළුවන් කියලා. ඉතිං එතකොට තමයි දැනගත්තේ බැංකුවෙන් කෙනෙක් කඩවලට ඇවිල්ලම ඒ වගේ තැන්පතු එකතු කරගෙන යන පිළිවෙලක් තියෙනවා කියලා. ඔය ඒ මහත්තයා. මම විතරක් නෙමෙයි මේ පේලියේ තව කීප දෙනෙක්ම දවස්පතා සල්ලි ඉතිරි කරනවා ඔය විදිහට.”
ඔහු කීවේ තෘප්තිමත් සිනහවක් වත දවටාගෙනය.
මේ බාබර්ලා දෙන්නාගේ ඉරණම් මේ ආකාරයන් වෙනස් වුයේ කෙසේදැයි හොයන්නට මම මේ දවස්වල ටියුෂන් යමින් සිටිමි.
inage: galarity.com

මමත් මේ දවස්වල හිතන්නෙ ඔය ගැන
ReplyDeleteඑහෙනං බාබර් කෙනෙක් වෙයං.
Deleteඊට පස්සෙ අපිට කමෙන්ට් කරන්න පුලුවං " මගේ යාළුවෙක් කොන්ඩෙ කපලා මලා" කියලා
සල්ලිනම් ඉතිරි කරේ නැතත් කමක් නෑ බ්ලොග් ලියන්න වෙලාවක් ඉතිරි කර ගන්නවනම්
Deleteඅපේ පැත්තේ හිටියා "ගල් " බාබර් කියලා කෙනෙක්. මිනිහාට ඒ නම ආවේ ඇයි කියලා හිතාගත හැකියි නේද?
ReplyDeleteෂුවර් එකටම මිනිහා සබ්ජෙක්ට් එකට බර ඇති!
Deleteමිනිහ ගල් අරක්කු බොනවා ඇති හැමදාම
Deleteඔය පළමු බාබර් වගේ අය හැමතැනම මේ දවස් වල වෙන එකක් තියා බ්ලොග් වලත් වැහි වැහැලා.. නියම පොස්ට් එක තිලකේ අය්යා..
ReplyDeleteThis comment has been removed by the author.
Deleteතමන්ට පුහුණුවක් , කැපවීමක් , පිළිවෙලක් නැත්නම් මොන රස්සාව උනත් කරන්න වෙන්නේ ආඩපාලි කියමින්
Deleteඅර බැංකුවෙන් ඇවිත් සල්ලි එකතු කරන් යන වැඩේ මරු නේ.. මම අදයි එහෙම කතාවක් ඇහුවේ.. එකම රස්සාවෙන් දෙන්නෙක් ජිවත් වෙන හැටි.. මරු කතාවක් තිලක් අයියේ.. :)
ReplyDeleteඑහෙම වැඩපිළිවෙලක් බැංකුවල තියෙනවා කියල මමත් දැනගත්තේ එදා. හොඳ සේවයක්
Deleteමේක පටන් අරන් දැන් අවුරුදු හත-අටක් වෙනවා. පාම් ටොප් බෑන්කින් කියලා කියන්නේ. පොළවල් වලට තමයි වැඩියෙන් යන්නේ.
DeleteLassanai..!!
ReplyDeleteKalekinne uncle me paththata awe..
Thank u uncle..
Chuti kathawaka loku kathawak...
බොහොම ස්තුතියි දුව. මේ මම නිවාඩුවෙන් පස්සේ ලියපු පළවෙනි කතාව.
DeleteLassana kathawak..
ReplyDeleteබොහොම ස්තුතියි අනුර
Deleteදැන්නම්, බෝවෙන රෝග ගැන හිතලා, බාබර් සාප්පුවකට යන්නේ සෞඛ්‍යාරක්‍ෂාව අතින් ඉහල තැනකට විතරයි. ඉස්සර හිටිය බාබර්ලා හිත හොඳ මිනිස්සු.
ReplyDeleteමේ වගේ ස්වයං රැකියා කරන බොහොමයක් දෙනාගේ කළමනාකරණය නම් බොහොම දුර්වලයි. ඒ නිසා ඔවුන්ගෙන් බහුතරයක් හැමදාම එකතැන තමයි.
//ස්වයං රැකියා කරන බොහොමයක් දෙනාගේ කළමනාකරණය නම් බොහොම දුර්වලයි//ගොඩක් දෙනෙක් තමන්ගේ දුර්වලතාවය තේරුම් ගන් නෑ .
Deleteමං හිතන්නේ ඔය ස්වයං රැකියාව කියනව වචනේ ම තමයි වැරැද්ද තියෙන්නේ.
Deleteමේක ව්‍යාපාරයක්. Sole trader. එහෙම හිතලා කටයුතු කළා නම් තමයි වඩා හොඳ ප්‍රතිඵල එන්නේ!
තව බාබර් කෙනෙක් හිටියා ; මිනිහට කිව්වේ හේතුවාදියා කියලා. . මිනිහා කොල්ලන්ට හේත්තුව දානවා කොන්ඩය කපන කොට
ReplyDeleteහෙතුවාදියා නෙවෙයි එහෙනම් හේත්තුවාදියා වෙන්න ඕනි නේද ?
Deleteමගෙ යාලුවෙක් ඉන්නව. තාත්ත බාබර් (තාත්ත විතරයි මූට බාබර් කියන්න බෑ) කෙනෙක් මුත් ඒකම තොර ගත්ත අපි 2010 A/L class යද්දි , පොර පටන් ගත්ත තාත්ත එක්ක වැඩ කරන්න. මමත් මූ පුරුදු වෙන කාලෙ ඉදන්ම එතනින් තමයි කොන්ඩෙ කැපුවෙ. පට්ට චාටර් ප්ලේස් එක.
ReplyDeleteතාමත් කොන්ඩෙ කපන්නෙ පොරගෙන් හැබැයි අර ගද ගහන තැනින් නෙමෙයි. hair studio එකෙන්. ඒ මාගේ hometown එකේ හොදම ප්ලෙස් එකේ තියෙන්නෙ. *.*plaza complex අවුරුදු 5යි ගියේ තාත්ත ජීවිත කාලෙටම බැරි උන දේ. අවූ 5යි ගියේ. හැබැයි තාම මුල මතකයි. මගෙන් තාමත් ගන්නෙ අවු 6කට කලින් ගත්තු ගානමයි.
ඔව් පිළිවෙලකට කරනවානම් ඒක හොඳ රස්සාවක්
Deleteමගේ කොන්ඩේ ට්‍රිම් කරන්නේ චීන ජාතික පිරිමි ලමයෙක්. හරිම දක්ෂයි. හැබැයි බොරු කිය, කියා ගාන වැඩි කරගන්නත් ඒ වගේම දක්ෂයි.
ReplyDeleteඅද තිලක සිතටත්, ඉකොනමැට්ටාටත් බාබර්ලා මතක් වුනේ ඇයි දන්නේ නෑ. :D
//අද තිලක සිතටත්, ඉකොනමැට්ටාටත් බාබර්ලා මතක් වුනේ ඇයි දන්නේ නෑ. ://
Deleteආයි මොනාද සර්ප ඩෝටර්.. ඔය ඉකොනොමැට්ටා හොර කොප්ප කාරයාම තමා.. හැක් හැක්.. වචනයක් ඉස්මිස් වෙන්ඩ බෑ ගහනවා කොප්ප.. හැක්
ඒකනේ මෙඩුෂා මාත් බැලුවේ අද ජාත්‍යන්තර කරණවෑමි දවසද කියල
Deleteහුඟක් ඉස්සර කාලෙ බටහිර රටවල බාබර්ලා සර්ජන් වැඩෙත් කලා. ඒ ට්‍රැඩිශන් එක නිසා සර්ජන්ලාට ඩොක්ටර් කියනවාට ෆිසීෂියන් ඩොක්ටර්ලා විරුද්ධ වුනා. දැන් සර්ජන්ලා ඩොක්ටර්ලාට වඩා උසස් වුනාම ඒක තම අනන්‍යතාවට එක් කරගෙන ඉන්නවා. ඉන්ගලන්තෙ සර්ජන්ලා තමන්ව හඳුවාගන්නෙ මිස්ටර් කියලා. ලංකාවෙත් පරණ (ඉන්ග්‍රීසි කාලෙ ) සර්ජන්ලා කැමතිවුනේ නෑ තමන්ට ඩොක්ටර් කියනවට
ReplyDeleteබාබර්ලා සර්ජන් වැඩෙත් කළා ? ඒ අපුරු විස්තරෙත් කලින් අහලා තිබ්බේ නෑ . තැන්කිව් ප්‍රා
DeleteEka atta. Mama hitanne tama Edinburgh wala doc la use karanne Mr kiyala ......
Deleteඇත්තම කිව්වොත් අද නං බං මැට්ටට පස්සෙයි උඹව බලන්ඩ ආවේ තිලකේ. හැක්
ReplyDeleteහා එහෙම කොහොමද ? මීට පස්සේ කොහේ ගියත් ඉස්සෙල්ල මෙහෙට ඇවිත් යන්ටෝනි හැක්
Deleteපන පිහුටුවලා බොරු කියන උන් ඉන්නවා නේහ්?
ReplyDeleteමෙහේ අපේ බාබර් මල්ලි කෙනෙක් ඉන්නවා වැඩ නම් නියමයි හරිම ස්ලෝව් ..
හදිසියකට ගියොත් බඩුම තමා
මටත් ඔය සැලුන්වල වැඩි වෙලාවක් ගත කරන එක ලෝකේ තියෙන අමාරුම වැඩක්
Deleteඅර බැංකු කතාව අඇහුවෙ අදමයි.... ඒ දෙවෙනි බාබර්ගේ වැඩ පිළිවල නම් හරිම හොඳයි...
ReplyDeleteනියම පෝස්ටුව...
රාජ්‍ය බැංකුත් එහෙම කරනවලු. ඔය ප්‍රසා කියන්නේ. ඒ දෙවැනි බාබර් තමන්ගේ රස්සාව හොඳින් කරනවා වගේම සතුටින් ඉන්නවා
Deleteඔය බාබර්ලා ඉන්නවා නේද කවදාවත් අපි කියන විදියට නෙමේ එයා කොණ්ඩ,රැවුල කපන්නේ එයලාට ඕන විදියට තමයි.
ReplyDeleteඅපේ ඔලුව කියන්නේ බාබර්ගේ යටත් විජිතයක්
Deleteමටත් තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඇයි බාබර්ල සල්ලි පොලියට ගන්නෙ කියන එක. මම කොණ්ඩෙ කපන්න යන සැලුන් එකෙත් ඔය විදියට පොලී ගෙවනව. උෟ එකෙක්ගෙන් කොණ්ඩෙ කපන්න 150 ක් ගන්නව. දවසකට 20 ක කැපුවත් 3000 ක්. ලයිට් වතුර වතුර සහ අනිකුත් දේවල් වලට මහ ලොකු ගාණක් වියදං වෙන්නෙ නෑනෙ.
ReplyDeleteඅනික ඔය පොලී කාරයින්ට කියන්නෙ 'කඩවසං' කියල. උංගෙන් ගත්තොත් කවදාවත් ගොඩ යාමක් නෑ.
ඔය තියෙන්නේ . මේ බාබර්ලා 150-200 ක් ගන්නවා. මටත් හිතෙන්නේ රුපියල් 3000ට වඩා හොයන්න පුළුවන් දවසකට . දැන් සැලුන් අඩුයි ටවුන්වල ඒ නිසා යන්තම් හරි පිළිවෙලට තියෙන තැන්වල සෙනග පෝලිමේ
Deleteඔය බැංකු කේස් එක ප්‍රයිවෙට් කොහොම වෙතත් ආණ්ඩුවෙ බැංකුනං හැම එකක්ම වගේ කරනව. මහජන, NSB, ප්‍රාදේශීය සංවර්ධන වගේ බැංකු ඔන්ලයින් POS එකකින් ඒ වෙලාවෙම එකවුන්ට් එක අප්ඩේට් කරනව.
ReplyDeleteමාත් NSB එකේ ඔය විදියට සල්ලි දාල තමයි මාසෙ ලයිට්, වතුර, ටෙලිෆෝන් බිල් ටික ගෙදර ඉඳලම ඔන්ලයින් ගෙවල දාන්නෙ.
ඒ ගැන අහන්නත් සතුටුයි ප්‍රසා. ඒ කියන්නේ තොරතුරු සන්නිවේදන තාක්ෂනය පොදු ජනයා අතරට යනවා ඵලදායී විදිහට
Deleteතිලක සිත, අපි අවුරුදු බර ගානක ඉදලා තාම මේ ගිරා පැටව් දෙන්නගේ කතාව කිය කියා හේතු හොය හොයා ඉන්නවා නෙද... හි හී
ReplyDeleteඒකනම් ඇත්ත නිම්නය. ඒත් මේ ගිරවු දෙන්න එකම පරිසරේක හදිලානේ වෙනස් විදිහක ඉරණම් විඳින්නේ . ඒකයි ගැටලුව. ගිරවු හදන්න බැරි උනත් මේ වගේ මිනිස්සු නම් හදන්න බැරි වෙන එකක් නෑ කරුණු පහදලා දුන්නොත්
Deleteහදන්න නෙමේ තිලක සිත, හැදෙන්න පරිසරයක් හදන්න උත්සහ කලා නම් අපිට මේ කතාවට නැවතිමේ තිත පුලුවන් මම හිතන්නේ..
Deleteකොණ්ඩෙ නොකප ඉන්න මට ඔය බාබර් එක්ස්පීරියන්ස් නෑ හිටං
ReplyDeleteකොණ්ඩේ කපන් නැති මගෙත් යාලුවෙක් ඉන්නවා. මිනිහගේනම් ඔලුවේ කෙස් නෑ .
Deleteඉකොන් පැහැදිලි කරන දේ ළමයින් වෙනුවෙන් ඉතිරි කරන අයට තේරුම් ගන්න ගොඩක් වටින දෙයක්. ගොඩක් අය ළමයෙක් ඉපදුනාම ළමා ඉතිරිකිරීමේ ගිණුමක් ඇරල මුදල් දාන්න පටන් ගන්නවා. මේ ගිණුම් වලින් අවුරුදු 18 ක් වෙනකම් මුදල් ගන්න බැහැ. මේලඟක් වෙනකම් මේ ගිණුම් වලට දුන්නේ 5% වගේ පොලියක්. දැන් 9% ක් විතර. ලංකාව වගේ උද්ධමනය වැඩි රටක මේවගේ ඉතිරි කරන එක අපරාධයක්. උදාහරණයකට උද්ධමනය 15% විතර වුණොත් අද රුපියල් 100 කට ගන්න පුළුවන් දේම තව අවුරුද්දකින් රු 115 ක් වෙනවා. එතකොට පොලිය එක්ක ගිණුමේ තියෙන්නේ 109 යි. රත්ත්‍රන් අරන් තියාගන්න එකත් මේවගේම පාඩුයි. ගන්න හැකියාවක් තියෙන කෙනෙකුට ණයක් අරගෙන ටිකක් ඈතක හරි ඉඩම් කෑල්ලක් අරන් දාන්න පුළුවන් නම් අවුරුදු 18 දී ඉඩමේ වටිනාකමේ වෙනස් වීම ගිය මුදල වගේ 8-10 ගුණයක් වෙන්න පුළුවන්.
ReplyDeleteවැදගත් යෝජනාවක් ඉයන්. ඒ වගේම ළමයින්ට විෂය ක්ෂේත්‍ර කිහිපයක හොඳ හුරුබුහුටිකම් උගන්වන්වානම් ඕනි තැනක ජීවත් වෙන්න පුළුවන්. සල්ලි හම්බ කරන්නත් පුළුවන්.
Deleteමම නම් හිතන්නේ ඉයන් දෙමාපියන් දරුවන්ගේ අනාගතයට ඉතුරු කරනවට වඩා හොඳයි දරුවනට පැති කීපයකින් ස්වාධින වෙන්න ඉඩ හදලා දිලා නිදහස් කරලා තමන්ගේ අනාගතය ගැන හිතුවා නම් හොඳයි කාටවත් බරක් නොවි ඉන්න.
Deleteදැන් පදිංචිවෙච්ච ගෙදරට ආටව පස්සෙ මාත් අවුරුදු කිහිපයක් බාබර් කෙනෙක් ලඟට ගියා. අවුලක් නැතිව වැඩේ කරගත්ත. ඊට පස්සෙ පුතා ලැබිල එයාගෙ කොන්ඩෙ කපන්න ඕනවෙලා පුරුදු තැනට ගියා. පොඩි දරුව දැක්ක විතරයි බාබර් පරළ වුනා.
ReplyDelete"බබා අඬයිද දන්නෑ නේ?" "පොඩි කට්ටියගෙ කපන්න අමාරුයි" ඔයවගේ බැරිවාදං කියද්දි මම එතනින් ආව. තව තැනකට ගියා උගේ කතාවත් එහෙමයි. අන්තිමට හතරවෙනි තැනට ගියාම කොල්ල අඬද්දිම යන්තං දෙපැත්ත මැෂිමෙන් අල්ලල දුන්න. වැඩේට ගියේ විනාඩියකටත් අඩුවෙන්. සල්ලි දුන්නම ගත්තෙත් නෑ.
මමයි පුතයි දැං කොන්ඩෙ කපන්නෙ ඒ තැනින්....
ඇත්තටම අපි ඇදිලා යන්නේ මේ වගේ මනුස්සකමක් තියෙන තැන්වලටනේ . ඒ මිනිස්සු නොහිතා කළත් හොඳ මාර්කටින් වැඩක්
Deleteසැලුන් එකක් දාගෙන එහා පැත්තෙ සැලුන් එකේ අයිතිකාරයට පොලියට සල්ලි දෙන්න ඕන.
ReplyDeleteඑහෙනම් ඉවාන්ගේ සැලුන් එකට අල්ලපු කඩේ මම සැලුන් එකක් දානවා. අඩු පොලියට සල්ලි ලැබෙනවා. ආයේ නොගේව්වත් ප්‍රශ්නයක් නැති වෙයි
Deleteමේ වගේ සල්ලි නාස්ති වෙන ක්‍රම තුනක් ගැන විතරයි අපි දන්නේ. ඒ ස්ත්‍රිය, සුරාව, සූදුව. මේ කතාව මම කිව්වම යාලුවෙක් කිව්වා අසනීප කියලා. බලාගෙන යනකොට ඒකත් ඇත්ත. සමහරවිට එහෙම දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි මේ කියන විදියට මුල තුණෙන් එකක්. බාබර්ලා විවිධයි. මොන දේ කලත් මූළික අධ්‍යාපනය මේවට බලපානවා.
ReplyDeleteඔව් සුදීක මුලික අධ්‍යාපනය වගේම පුද්ගලික ආකල්පත් මේ වෙනසට හේතු වෙනවා
Deleteමං නං මීට අවුරුදු පහළොවකට විතර කලින් කොණ්ඩේ කපන්න පටන් ගත්තා කෙලින්ම සයිස් 1 හෝ 2 කට් එක ඔළුව පුරා එක ගානට. එතකොට අවුරුද්දකට බාබර් සාප්පුවකට යන්න වෙන්නේ දෙතුන් පාරයි.
ReplyDeleteඅවුරුදු දහයකට විතර කලින් කෙලි්ම සයිස් සීරෝ දාලා තට්ටෙම ගාන්න ගත්තා. ඊළඟට ඩෙලාර් විසි පහක් දීලා මැෂිමක් අරං මංම කපා ගන්න ගත්තා.
එනිසා ඔය තිලකසිරිලා, ඉකොනොමැට්ටලා ලිව්වාට මට නං ලියන්න අලුත් බාබර් කතා නෑ!
//තිලකසිරිලා, ඉකොනොමැට්ටලා ලිව්වාට මට නං ලියන්න අලුත් බාබර් කතා නෑ!// හ්හේ හේ මමත් මේ පුළුවන් කාලේ ලියා ගන්නයි යන්නේ. ඉස්සරහට බාබර්ලාගේ සේවය අවශ්‍ය වෙන් නැති ලකුණු තියෙනවා මටත්
DeleteReply
කතාව අවසානයේ මං හිතුවේ බෑඩ්-බෑන් බාබර් දවසකට රැපියල් දෙසීයක් ඉතුරු කරන එක හංගලා පොලිය ගෙවනවා කියලා ගමේ මනුස්සයාට බොරුවක් කීවාය කියායි.
ReplyDeleteකොහොමටත් සබරගමුවේ බාබර් ආර්ථික විද්‍යාවට දක්‍ෂයා නේ. වෙන එකක් තියා පොරට බාබර් සැලූන් එකක් නොවෙයි දෙකක් ම තියෙනවා. එකක් පොඩියට කරං යන්නේ ඒකේ ගාස්තුව ශත පහයි!
/කොහොමටත් සබරගමුවේ බාබර් ආර්ථික විද්‍යාවට දක්‍ෂයා නේ/++++++
Deleteඔතන බාබර් ලා දෙන්නගේ අටිටියුඩ් එකේ වෙනසක් තියනවා නේ. එක්කෙනෙක් පිරිසිදුව හොන්දට් තමන් වැඩ කරගෙන යනවා. අනික් එක්කෙනෙ ලෝකෙට බැන බැන ඉන්නවා.
ReplyDeleteමේ ඇටිටියුඩ් වෙනස නිසාත් සමාජයේ බොහෝ උස්පහත්කම් නිර්මාණය වෙනවා නේද අජිත්
Deleteඅපේ සමාජයෙ බොහෝ මිනිසුන් මේ වගේ ඉන්නව.
ReplyDeleteඔව් දිනිති . ඒ හැමෝටම මේ බාබර්ලා දෙන්නා ගැන තරමක් කල්පනා කරන්න පුලුවන්නම් හොඳයි
Delete