මැති ඇමති ලියුමෙන් රස්සා දීම ගැන මේ දවස්වල රටේ උණුසුම් කතාබහක් යන නිසා මට පරණ කතා දෙකක් මතක් වුනා . කලකට එපිට අපේ ප්‍රොජෙක්ට් එකට සැලසුම් ශිල්පියෙක් ගන්න ඉන්ටවිවී එකක් තිබ්බ . අයදුම්කරුවන් අතර සිටි තරුණ ගැටයෙක් වැඩේට දක්ෂ වග තේරුනා . ඉන්ටවිව් එකේ අහපු ප්‍රශ්න සේරටම හොඳට උත්තර දුන්නා , කරන්න දුන්න ආදර්ශයත් හරියට කරා. ආයේ සහතික බලන්න දෙයක් නෑ කොල්ලා පාස් . ඒත් බොරුවට හරි සහතික බලන්න එපැයි , මම කොලුවා ගෙනැවිත් තිබු සහතික ගොනුව අරගෙන පෙරළමින් හිටියා. ඒ එක්කම ඔහු දිග ලියුම් කවරයකින් එලියට ගත් සුදු පාට කඩදාසියක් මගේ අතේ තිබ්බා . බැලින්නම් පළාතේ මන්ත්‍රී වෙච්ච උප ඇමතිනිය දුන්නු ලියුමක්.
‘මොහු මගේ ප්‍රභල ආධාරකරුවෙකුගේ පුත්‍රයෙක් බැවින් ඔහුට සුදුසු රැකියාවක් දෙන්න’
කොලුවත් තමන්ගේ ටෙක් කෝස් , පරිගණක කෝස් සේරගේම සහතික වලට වඩා විශ්වාසෙන් භක්තියෙන් දුන්නේ මේ ලියමන .
මම මෙහෙම කිව්වා .
‘මල්ලි උඹ පාස් වෙලා හිටියේ මේ දැන් වෙනකන්. ඒත් මේ ලියුමෙන් උඹ ෆේල් උනා’
කොලුවා මා දිහා පුදුමෙන් බලනවා. මේක උනේ අර ඇමතිතුමාගේ කෙනෙක් ඇවිල්ලා අපේ ලොක්කාගෙන් වැඩට එන් නැතිව පඩි ගන්න රස්සාවක් ඉල්ලපු අලුත . ඒ නිසා කොම්පැනිය පැත්තෙන් මට තවත් දිරියක් ලැබිලා තිබ්බා .
මම තරුණයාට පැහැදිලි කළා ඔහුට තියෙන සුදුසුකම හා ඔහුගේ ආකල්ප හැදෙන්න ඕනි විදිහ . ආයෙමත් දේශපාලකයන්ගේ පස්සේ යන්නේ නැතිව තමන්ගේ ශක්තිය පෙන්නලා රස්සාවක් හොයා ගන්න තරමේ මනසක් හදල මම ඔහුව පිටත් කරලා ඇරියා .
ඊට දවස් කීපයකට පස්සේ මම මේ තරුණයාට වැඩට එන්න කියල ලියුමක් ඇරියේ ඇත්තටම එදා හිටි පිරිස අතරින් සුදුස්සා ඔහු වුන නිසා . ඒත් ඔහු ආවේ නෑ . මට හොඳ විශ්වාශයක් තිබ්බ ඔහුට හොඳ ඉදිකිරීම් සමාගමක රස්සාවක් හිමිවෙන බවට .
අනෙක් සිද්දිය උනේ ඊටත් කලකට ඉස්සර මම අටේ පන්තියේ විතර ඉන්න කාලේ . පහේ පන්තියේදී දේශපාලනය ගැන උනන්දුව ඇතිවෙලා නැතිවෙලා ගිහින් අවුරුදු තුනකට විතර පස්සේ .
අලුත් ආණ්ඩුව මුලින් මුලින් පරණ පුරුදු පන්දම්වලට මන්ත්‍රී ලියුමට එහෙම පත්වීම් දිදී හිටියට අවුරුදු කීපයකින් ගුරුපත්වීම් දෙන්න තරග විබාගයක් පටන් ගත්තා . ගම්වල ඉංග්‍රීසි ගුරු හිඟය මග අරින්න සාපෙ ඉංග්‍රීසි වලට සම්මාන තියෙන හැමෝටම විබාගයට අයදුම් කරන්න අවසර ලැබුනා .
අපේ සිල්වා සර්ගේ ගෝලයෝ කීප දෙනෙක්ම මේ විබාගේ ලියල ගුරු පත්වීම් ගත්තා. මේ පිරිස අතර අපේ පොඩි අක්කාත් හිටියා .
මේ දවස්වලම වාගේ කොළඹ ඉඳන් ගමේ ආපු ආසනේ මන්ත්‍රී ගමේ පක්ෂ ශාකාව අමතන්න ආවා . අපේ නෑදෑ ගෙදරක තිබ්බ මේ රැස්වීම බලන්න යන කොල්ලෝ කුරුට්ටෝ එක්ක මමත් එකතු වුනා .
ටික වෙලාවකින් ගමේ පාක්ෂිකයෝ නෝක්කාඩු හඬ මුසු වාග් ප්‍රහාර තමන්ගේ මන්ත්‍රීතුමා වෙත එල්ල කරන්න පටන් ගත්තා .
‘දැන් ඔබතුමා පත් වෙලා අවුරුදු තුනකටත් වැඩියි. පක්ෂේ වෙනුවෙන් නැහිච්ච මේ ගමේ එකෙකුටවත් තාම පොඩි රස්සාවක්වත් දුන්නේ නෑ’
ඒ අතරේ භක්තිමත් පාක්ෂිකයෙක් වෙචච බන්දු මෙහෙම කිව්වා .
'”ඔබ තුමාට අපේ මිනිස්සුන්ට තමයි රස්සාව දෙන්න බැරි අර අනිත් පැත්තට වැඩ කරපු අහවල් ඉස්කෝලේ මහත්තයාගේ දුවට අන්න ඊයේ පෙරේදා ඉංග්‍රීසි ගුරු පත්වීමක් දුන්නා’
මෙවර තමාගේ මුඛරි කටහඬ ඝෝෂාව පරයා අවදි කල මන්ත්‍රී මෙහෙම කිව්වා
‘මෙන්න මේකයි. මගේ කිසිම කැමැත්තක් නෑ ඒ පත්වීම දුන්නට’
මේ වචන දෙක තුනෙන් සබාව සන්තෝෂයට පත් වුනා . ඝෝෂාව අඩු වුනා .
‘මෙන්න මේ කෙහෙම්මල් තරග විබාගයක් අඳුන්නල දීලනේ. ඒකෙන් පාස් වෙන උන්ට විතරක් ගුරු පත්වීම් දෙන්න කියල ඉහළම තැනකින් තමයි තීරණය කරලා තියෙන්නේ’
පාක්ෂිකයෝ අසරණව මන්ත්‍රීතුමා දිහා බලන් හිටියා
“හැබැයි මට එක දෙයක් කරන්න පුළුවන්”.
ඔහු හාත්පස බැලුවා. බාල මහලු වැඩිහිටි හැමෝම ඔහු දෙස බලාපොරෝත්තු සහගත විමසිල්ලෙන් බලා හිටියා .
ඔහු බන්දු දෙස බලාගෙනම මෙහෙම කිව්වා.
' මට හෙට ජනාධිපතිතුමා ගාවට ගිහින් අර විබාගෙයි . දීපු පත්වීමුයි අවලගු කරලා ආපහු විබාගෙ තියන්න කියල ඉල්ලන්න පුළුවන්’
සබාව නිස්සද්දයි .
‘ඔව් බන්දු දැන් එතකොට තමුසෙට පුළුවන්නම් ඒකට ලියල අහවලාගේ දුවට වඩා ලකුණු ගන්නවා. අන්න එතකොට මම ඒ පත්වීම කපල තමුසෙට අරන් දෙන්නම් '
පස්සෙන් පස්සට ගොස් සෙනග අතරේ වහන් වූ බන්දු යලි ගුරු පත්වීම් ගැන කතා කලේ නෑ .
ලංකාවේ දේශපාලනය හා රස්සා සම්බන්ධ කතා ඉතා අප්‍රසන්නමුත් ඉහත අවස්ථා දෙක මා ස්මරණය කරන්නේ අසතුටින් නෙවෙයි .
Image :123RF.com
වාරයට නම් දන්නා කියන කිහිපදෙනෙක් ලක්ෂ දෙක තුන දීල ගියා..
ReplyDeleteඒ වගේ වැඩවලට නම් දරාපු තැන් තියෙනවා නේද ටිලාන්
Deleteප්‍රේමදාස ජනාධිපති කාලේ 88-89 කැරැල්ල ගැණ තරුණ අසහන ඛොමිසම කියා එකක් පත් කළා. ඒක කළේ ජී එල් පීරීස් සහ සී එල් වී ජයතිලක. ඒ කොමිසමේ නිර්දේශ අනුව සියළුම රජයේ රැකියා තරග විභාග මගින් දෙන්නත්, ඡන්ද අපේක්‍ෂක ලයිස්තුවල සියයට 30%ක් පමණ තරුණ නම් යොදන්නත් නියම කෙරුණා මට මතකයි!
ReplyDeleteඔව් . මේ තරග විබාග ක්‍රමය 80-82 වගේ කාලෙක පටන් ගත්තේ . ඒත් ඒක වෙනස්වුනා ටික කලකින්
Deleteලංකාවෙ පක්ෂවල පහල තලයේ ඉන්න හැම එකාම එන්නෙ රස්සා නිසයි. ශාඛා සමිති හැදෙන්නේ ඒ වෙනුවෙන්
ReplyDeleteඇත්තටම ගමේ ශාඛාවල අරමුණු දෙකක් තියෙනවා. එකක් රස්සා ගැනීම . දෙවැනි එක විරුද්ද පක්ෂයේ උන්ට රස්සා නොදීම
Deleteමට මතකයි අර මම ලියපු පොතේ දොරට වැඩීමේ උත්සවේදී අපේ තාත්තට ඕනේ වුණා ඒ පැත්තේ හිටපු මන්ත්‍රී හරි, සභාපති හරි කවුරු හරි දේශපාලකයෙකුට එකට ආරාධනා කරන්න. මම ඒකට එක හෙලාම විරුද්ධ වුණා. දේශපාලකයෝ නම් ගේන්න එපා කියල හෙහ් හෙහ්.. තාත්තා ඒ අදහස අත් ඇරලා දැම්ම හෙහ් ..
ReplyDeleteරස්සාවල් වලදී නම් තාම ඔහොම කේස් වලට මුහුණ දීලා නෑ.
පැතුම්ගේ ඒ පොතේ විස්තරේ කියෙව්වා මම . මේ කරදරවලට මුණ දෙන්න වෙන්නේ ආණ්ඩුවේ රස්සාවලට යනකොට තමයි
Delete1990 දශකයේ මැද භාගයේදී මා, යුද හමුදාවට ආධුනිකයන් බඳවාගන්නා සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයක සාමාජිකයකුව සිටියා. සම්මුඛ පරීක්ෂණයට පැමිණි එක් තරුණයකු, අවශ්‍ය අවම උස වූ අඩි 5 අඟල් 6 සම්පූර්ණ කර තිබුණේ නැහැ. නමුත් ඔහු ලොකුම ඇමති කෙනෙකුගෙන් ලිපියක් ගෙනවිත් තිබුණා, ඔබ කියා ඇති ආකාරයේ.
ReplyDeleteසම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයේ සභාපති වශයෙන් ක්‍රියාකළ නිලධාරියා, එම තරුණයාට කිව්වා, උස මනින ස්ථානයේ බිම එම ලිපිය තබා, ඒ මත සිටගන්නා ලෙස. ඔහු ලජ්ජාවෙන් එහෙම කළා. ඉන්පසු අර නිලධාරියා ඔහුට කිව්වා, 'පුතා, ඇමතිතුමාට ගිහින් කියන්න, මේ ලියුමෙන් ඔයාගේ උස වැඩිවුණේ නැහැ කියලා' යනුවෙන්.
ඒ කියන්නේ මිනිස්සුන්ට ඒත්තු ගන්නලා තියෙනවා මන්ත්‍රී ලියුම මහා බලගතු දෙයක් කියල. අර වගේ නිලධාරීන් ගැන ආඩම්බරයි
Deleteතරග විභාග දැම්මටත් වැඩක් නෑ කියලයි දැන්නම් කියන්නේ.. මොකද ගැසට් කළාට ඇතුලෙන් ඔක්කොම අරන් ඉවරයි... කොච්චර සුදුසුකම් තිබුනත් වැඩක් නෑ දේශපාලන පන්දමක් නැතුව කියන අදහස සමාජයට දුන්නේ මේ දේශපාලන ක්‍රියාවලියමයි... මේක හරිම කනගාටුදායක තත්ත්වයක්...
ReplyDeleteවිබාග ගැනත් විශ්වාසයක් තියන්න බැරි වෙන එකනම් හරිම අවාසනාවන්ත තත්වයක් නිර්මාණි
Deleteලංකාවෙ කරුමයක්! තමන් ගැන තමන්ගෙ හැකියාව ගැන විශ්වාසයක් තිබුණත්,අවශ්‍ය සහතික තිබුණත් දේශපාලු පන්දමක් නැතුව ජොබ් එකක් ගන්න අමාරුයි කියල ඔලුවට වැටෙනව සම්මුඛ පරික්ෂණ ගාණකට බඩගාන්න වුනාම.
ReplyDeleteඑකම විසඳුම පුද්ගලික අංශයේ හොඳ ආයතන වැඩිපුර බිහිවෙන එක. ( ඔබේ නම මේ තරම් අමුතු එකක් වුනේ කොහොමද ?)
Deleteපයිවෙට් ජොබ් කොරන අපි නම් ඕව ගැන දන්නෙ නෑ
ReplyDeleteමාත් වැඩිපුර කරලා තියෙන්නේ ප්රිවට් අන්ශේ ජොබ් තමයි. ඒ ගැන සතුටුයි
Deleteරස්සාවලට ලියුම් ඉල්ලගෙන එන අය පන්නලා දැම්මා නම් වැඩේ ඉවරයි.
ReplyDeleteමේකනේ මෙඩුසා , ඔයි ඉන්ටවිව් බෝඩ්වල ඉන්න මිනිස්සුත් බොහෝවිට ලියුම්වලින් ආපු අයනේ.
Deleteදැන් තමන්ගේ පාක්ෂිකයෙක් කියලා මැති ඇමතිවරු ඔහොම රස්සාවල් දෙන්නේ තමන්ගේ පුද්ගලික ව්‍යාපාරවල,තමන්ගේ පොල් වත්තේ.උළු මොලේ නම් කමක් නැහැ.උන් දෙන්නේ රජයේ රස්සා.රජ්‍ය සේවය අක්ර්යක්ෂම වෙන්න ඔය වගේ පත් වීම් සැහෙන්න බලපනවා.එකේ හානිය මුලු රටටම.
ReplyDeleteඔව් මේ තත්වය හරිම කනගාටුදායකයි. තාමත් නොදියුණු රටවල තමයි මේ ක්‍රමය තියෙන්නේ
Deleteඅප්පිරිය සහගත සිදුවීම් තමයි ඔය මන්ත්‍රි චිට් අස්සේ තියෙන්නේ.
ReplyDeleteමතකද අරූ ඉස්සර චිට් මන්ත්‍රීලා කියලා ජාතියක් හිටියා
Deleteමොනවා උනත් ඔය චිට් සිද්ධිය නම් වැරදියි! කාලේ කාගෙන දේශපාලු කරන එකද රස්සාවට තියෙන සුදුසුකම!
ReplyDeleteමේක අනිවාර්යයෙන්ම නැති වෙන්න ඕනි ක්‍රමයක්. මගේ කතාවේදී ලියුම අරන් ආපු තරුණයා නැවත ආපු නිසා මම ආපු නිගමනය තමයි මිනිහ හොඳ තැනකින් ජොබ් එකක් හොයා ගන්න ඇති කියල. එහෙම නැත්නම් චිට් එක පෙන්නලා ආණ්ඩුවේ තැනකට රිංග ගත්තද දන්නෙත් නෑ
DeleteAtta ktawak uncle.. eth dan nm ahanna dakinna tiyena ewa hatiyata, sudusukam witharak madi uncle godak than walata.. oya wge thallu tiyana aya athulata giyama sudusu ayta wenne certificates tikai digree ekai tiyan gedara inna.. apitat mona weida danna issrahata..
ReplyDeleteThanku uncle.. kathawak dunnata..!
මෙහෙමයි දුව හොඳින් ඉගෙන ගත්තම, හරියාකාර වෘත්තීය පුහුණුවක් ලැබුවම ඔය කාටවත් නැමෙන්න ඕනි නෑ . පුද්ගලික අංශේ ඔනිතරම් රස්සා තියෙනවා .
Deleteඅර මන්ත්‍රීගෙ කතාව හරියටම මාක් ඇන්ටනිගෙ කතාව වගෙනෙ බං. He go them where he wanted. Dude didn't know what hit him.
ReplyDeleteඔව් ඒ මන්ත්‍රී මාක් ඇන්ටනි විතරක් නෙවෙයි ගොබෙල්ස් , මැකියාවෙලි ඔක්කොම අඳුරන ලෝකෝත්තරයෙක්
DeleteCorrection: He got them where he wanted them.
Deleteසුදුසුකම් තියෙනවනම් මොකටද උන්ගෙ ලියුං
ReplyDeleteමිනිස්සු සමහරවිට තමන්ගේ වටිනාකම දන්නේ නෑ
Deleteඅපේ හැකියාවෙන් රස්සාවක් කරන අපිටනං ඔය කාගෙවත් ලියුං ඕන නෑ.
ReplyDeleteමනෝජ් කියල තියෙනව වගේ තමංගෙ ව්‍යාපාර වල තමන්ට ඕන හැටියට රස්සා දීගත්තට කමක් නෑ. ඒත් මහජන බදු මුදලින් නඩත්තුවෙන රජයේ ආයතන වලට ඔහොම දාන එකනං හෙන ගහන අපරාධයක්.
//අපේ හැකියාවෙන් රස්සාවක් කරන අපිටනං ඔය කාගෙවත් ලියුං ඕන නෑ.// උඹලා ගැන සතුටුයි .
Deleteලංකාවෙ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්න අමාරුයි අයියා. සුදුස්සට සුදුසු තැන කවදා ලැබේද කියන එක සිහිනයක් තරමට ගිහින්.
ReplyDeleteමේක හින්දනේ දිනිති අපිට රට දාලා ගිහිල්ල් මේ රස්සා කරන්න වෙලා තියෙන්නේ
Deleteකවදත් ඉතින් උනේ ඕකමනේ. පුද්ගලයා වෙනස් උනාට සිස්ටම් එක වෙනස් වෙන්නේ නෑ. ඉස්සරහටත් ඔහොමම තමයි ඉතින්.
ReplyDeleteසිස්ටම් එක අපට විතරයි වැරදි දිනේෂ් .බලයට එන අයට ඒක සිතූ පැතු දේ දෙන කප්රුකක්
Deleteසතිපතා පත්තරේකට කොලමක් ලියන එක යකා බැඳගත්ත වගේ වැඩක් තමයි. අන්තිමේ වුනේ සිලිකන් වැල්ල එතැනත් නැහැ, මෙතැනත් නැහැ. මේ පෝස්ට් අතරේ මාසෙකට එකක්වත් 'සිලිකන් වැල්ල' ලියුවොත් නරකද?
ReplyDeleteඇත්තටම සතියකට සැරයක් කොලමක් ලියන එක අබියෝගයක් තමයි. ඒත් කාලයක් මම කාලය කළමනාකරණය ගත්තා. අඩුම තරමින් සතියකට වතාවක් බ්ලොග් පෝස්ට් එකක් හෝ ලිව්වා . 2013 හා 2014 ලියපු දේවල් ගැන මම තෘප්තිමත් දැන් මා අතින් ලියවෙන පෝස්ට්වලට වඩා. ඒ කාලේ මම දැනටත් වැඩිය කාර්ය බහුලයි රස්සාව පැත්තෙන්. දැන් තරමක් කම්මැලි වෙලා කියල හිතෙනවා . මේක හදා ගන්නම් කෝම හරි . සිලිකන් වැල්ල වෙනම බ්ලොග් එකක් විදිහට හදලා තියනවා. අද හෙටම පබ්ලිෂ් කරනවා . බොහොම ස්තුතියි ප්‍රබාත්
Deleteගොඩක් වෙලාවට රාජ්‍ය සේවයේ ඉහළම සහ පහළම රස්සා ඔය විදිහට දෙන්න පුලුවං. ඒත් මැද තියෙන කොටස එහෙම දෙන්න අමාරුයි. කළමනාකරණ සහකාර, තාක්ෂණික නිලධාරී වගේ තනතුරු වලට අදාළ සුදුසුකම් නැත්තං වැඩ නොකර නිකංම ඉන්න තමයි වෙන්නෙ.
ReplyDeleteරජයේ රැකියා සඳහා දේශපාලන බලපෑම් සිදුවීම කිසිදාක නොනවතින දෙයක්...මේ නිසා බොහෝ දෙනා රටින් පිට වෙනවා තමන්ගේ පාඩුවේ හොඳින් රැකියාව කරගන්න වුවමනා නම්...
ReplyDeleteනියම කතා දෙකක්.
ReplyDelete