පරිප්පු වර්ග -සේයාරුව India Today |
නිසි ගරු සැලකිල්ල නොලැබෙන නාම පද කීපයක්ම අපට තිබේ . යමෙකුට පහත්කොට කතා කිරීමට හෝ අපහාසාත්මකව ඇමතීමට යොදාගන්නේ ' බල්ලා, කුකුලා, ගොනා, හරකා, බුරුවා වැනි අපට ඉතාම හිතවත්, අහිංසක, ප්‍රයෝජනවත් සතුන්ගේ නම් ටිකකි . ඒ වුනාට සිංහයා , ව්‍යාඝ්‍රයා, රාජාලියා වගේ මෙලෝ හිතවත්කමක් හෝ කුළුපග කමක් නැති සතුන්ගේ නම් එක්ක ගෑවී ඇත්තේ වීරත්වයයි, ගරු ගාම්භීරත්වයයි. සමහරවිට මේ පුරුද්ද අපේ රටේ සමාජ මානසිකත්වයට අදාළ වෙන්නත් පුළුවන්.
ඔය වගේම මාර අසාධාරණයක් වී ඇති රසමසවුලක නමකි 'පරිප්පු' . පරිප්පු ඉස්කෝල,පරිප්පු නිවාස , පරිප්පු බස් හා පරිප්පු චරිත ඕනෑතරම් තිබේ . ‘මාර පරිප්පුවක් වුනේ’ , ‘නිකං පරිප්පු කෑම’ වැනි පද කිසිසේත් රසවත් දේවලට යොදන්නේ නැති උනත් පරිප්පු නැති හෝටලයකට දවල් කෑමට යන්නේ එහෙමත් කෙනෙකි .
ලෙන්ටිල් (Lens culinaris)යන ඉංග්‍රීසි නම හැදී ඇත්තේ ලෙන්ස් එකක් නැත්නම් කාචයක් වැනි පෙනුමක් පරිප්පු ඇටේට ලැබී තිබෙන නිසාය.රතු පරිප්පු අප අඳුනන්නේ මයිසුර් පරිප්පු නමිනි. ඒ උනත් ‘මයිසුර්’ යන වචනය ලබා දෙන්නේ තනිකර වැරදි තේරුමකි . එය 'මසූර්' පරිප්පු කියා වෙනස් විය යුතුය. ඉන්දීයාවේ තිබෙන මුන් . කඩල , චානා වැනි නොයෙක් රනිල බීජ පියලි වලින් තැනූ සියලු පරිප්පු වර්ගවලට වඩා රත් හෝ තැඹිලි පැහැයක් ගන්නා මසූර් ඩාල් ලෝකයේ ජනප්‍රියම පරිප්පු වර්ගයයි.
අපට උගන්වා තිබ්බේ ඉන්දියාවේ මයිසුර් පලාතේ වගාකොට ආනයනය කරන පරිප්පුව 'මයිසූර් පරිප්පු ' බවය. ඒත් දෙමළෙන් පරුප්පු කියාත් සංස්කෘත බසින් ගෙන හින්දියෙන් හා ඉංග්‍රීසියෙන් ඩාල් කියන්නේත් ඕනෑම රනිල බීජයක පොතු ඉවත් කර සකසාගත් පියලිවලටය. මසුර් පරිප්පු ඒවා අතරින් එක් වර්ගයක් පමණකි.
ලෝකයේ වැඩියෙන්ම පරිප්පු වවන්නේ කැනඩාවේ බව අසන්නට ලැබීමෙන් මම අන්ද මන්ද වීමි. ඉන්දියාවට ලැබෙන්නේ දෙවැනි තැනයි . ඒත් ඉන්දියාවේ වවන පරිප්පු ඉන්දියාවෙන් පිටට යවන්න නොදී ඉන් වැඩි කොටස ඉන්දියානුවෝ තුන් වේල තිස්සේ කා දමති.
රජීව් ගාන්ධිගෙ අණින් ඉන්දියාවේ සිට ගෙනත් ලංකාවට ගුවනින් දැම්මෙත් සමහරවිට කැනඩාවෙන් ගෙනා පරිප්පු වෙන්න්නට බැරි කමක් නැත. අනිත් අතට පරිප්පු වැඩිපුරම වවන්නේ ඉන්දියාවේ නොව කැනඩාවේ කියා දන්නවානම් අපේ බොහෝ දෙනා පරිප්පු මේ තරම් පහත් කොට නොසලකනු ඇත ..
හත්තැව දශකයේ මැද අප කුඩාවුන් කාලයේ පරිප්පු ඇතුළු බොහෝ කෑම බීමවල හිඟයක් තිබුණු අතර රතු පරිප්පු තිබුනේ සමුපකාරයේ පමණි. කලුකඩේ තිබ්බත් ඒවා ගිනි ගණන්ය . පවුලකට ලැබුණු කුපන් පොතේ සහන මිලට පරිප්පු ගන්නට කුඩා මුද්දර කොටු තිබුණු අතර මේ කාඩ් දුප්පත් මිනිස්සු කාට හරි විකුණා අනෙකුත් අත්‍යාවශ්‍ය දෙයක් සල්ලි වලට ගත්තෝය.
මේ ළඟදී සමවයස් මිතුරු සාදයකදී ඒ කාලේ කඩේ යෑම ගැන කතා කරද්දී කරදාසි ගොටු ගැනත් කියවුනේය. පරිප්පු, සීනි , තේකොල මේ සේරම කඩෙන් කිරා දුන්නේ කරදාසි ගොටුවලටය. ගෙදරට ආ අමුත්තෙක් බැරි වෙලාවත් දවල් කෑමටද ඉන්නා වගක් පෙනුනොත් පිටිපස්සේ දොරෙන් පොඩි එකෙක් කඩේට යවා පරිප්පු රාත්තල් බාගයක් හා සැමන් ටින් එකක් ගෙන්නා ගැනීම අමුතු දෙයක් නොවීය. මේ පරිප්පු ලැබුනේද කරදාසි ගොට්ටකටය.
මගේ සුමිතුරු සමන් හා මම පැරණි සෝවියට් දේශයට අයත්ව තිබු රටක තෙල් බිමක සේවයට ගිය මුල් දවස්වලදී අප දෙදෙනාටම කෑම පිලිබඳ ලොකු අවුලක් තිබුනේය. අඩු තරමේ පරිප්පු ටිකක්වත් හොයා ගන්නට තැනක් නැද්දයි අප කඩා නගරයේ හැම තැනකම සොයා බැලුවෙමු. මිතුරු, නොමිතුරු හැමෝගෙන්ම අසා බැලුවෙමු. පරිප්පු යන වචනය තබා, ඩාල් හෝ ලෙන්ටිල් කියන වචනවත් කවුරුවත් අසා තිබුනේ නැත .
ඔය අතරේ අප සහබාගී වූ පුහුණු වැඩ සටහනකදී දකුණු ආසියානු රටක තරුණයෙක් මුණ ගැසිණි. ඔහු දුටු හැටියේම අප දෙදෙනාගේ ‘පරිප්පු' බලාපොරෝත්තු දැල්වුනේය . එහෙන් මෙහෙන් ආගිය තොරතුරු කතා කරාට පසු අප ඔහුගෙන් ඇසුවේ පරිප්පු හොයා ගන්නට තැනක් තියෙනවාද කියලාය. ඒ ප්‍රශ්නය අසද්දී ඔහු කම්පාවට පත් වුණේය
“අයියෝ උඹල දෙන්න දැක්ක ගමන්ම මමත් හිතුවේ පරිප්පු ගැන ආරංචියක් අහ ගන්න පුළුවන් වෙයි කියල . මම ආපු දවසේ ඉඳන් පරිප්පු හොයනවා’ .
ඒත් ටික දවසකට පසු එදා හමු වූ අපේ ඉන්දියානු මිතුරාගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි.
“මාර වැඩේනේ. පරිප්පු මේ රටේ තියෙනවා . ඒත් ඒවට මෙහෙ කියන්නේ මක්මජ් වගේ වෙන බහුබූත නමක්. මෙහෙ උන් කවදාවත් පරිප්පු හරියට උයන්නේ නෑ. පිටි වෙන්න අඹරලා තක්කාලි , සෝස් , ලෙමන් එහෙම දාල සුප් එකක් හදනවා. උඹලා කුස්සියට ගිහිල්ල මක්මජ් සුප් හදන්නේ මොනායින්ද කියල අහපන්”.
අපේ වැඩබිම් මුළුතැන්ගෙයිම තිබී පරිප්පු හමු වුනේ ඒ හෝඩුවාව නිසාය . එදා සිට අපට ඒ රටේ ජීවිතය වඩා සුවපහසු විය.
කලකට පෙර දකුණු කොරියාවේ රැකියාවක් සඳහා ගිය මගේ මිතුරෙක් වන සිසිර ඒ රටේ සිට මා අමතා කිව්වේ අයියෝ සල්ලි හම්බුනාට වැඩක් නෑ, මට රස්සාව දමල ගහලා ආපහු එන්න හිතෙනවා කියලාය .
“මෙහෙ අපට අල්ලන කෑම මොකුත් නෑ . ගොඩක් දවස්වල පළතුරක් කාලා බාගෙට බඩගින්නේ ඉන්නේ” .
තවත් සතියකට පමණ පසු සිසිර දුරකථන ඇමතුමක් දුන්නේය. ‘ මෙහෙ ඉන්න යාලුවෙක් මට මාකට් එකක් හොයල දුන්නා පරිප්පු තියෙන. දැන් අවුලක් නෑ . මොනා හරි හදාගෙන කාල ඉන්නවා” .
බාගෙදා කොරියාවේ රස්සා කරන්නට ලංකාවේ උදවිය හෝ ගාලා යන්නට පටන් ගත්තේ සිසිරගේ මේ ‘පරිප්පු’ හොයා ගැනීමෙන් පසුව වෙන්නට ඇත.
තව දවසක් මා රැකියාව කළ රටේ තරු පහේ හෝටලයක පැවති විශේෂ උත්සවයක් අවසන මිතුරෙකුත් සමග මදුසාදයෙන්ද මදක් රසවත් වී රෑ කෑමට බුෆේ එකට ගියෙමු.
මේ රස සුවඳ උතුරන බෝජුන්හළේ යුරෝපීය හා මැදපෙරදිග වට්ටෝරු අතරේ තිබු පිට්සා රොටි පළුවක් පිඟානට බෙදාගෙන කෑම බඳුන් එකිනෙකට එබී බල බලා සුන් වූ බලාපොරෝත්තුවෙන් ඇවිද යන ඔහුගෙන් මම මෙසේ ඇසුවෙමි .
‘මොනාද හොයන්නේ? ‘
මිතුරා හිනා වුණේය .
“නෑ මචං මම මේ අමතක වෙලා හෙව්වේ පරිප්පු හොද්දක් වගේ එකක් තියෙනවද කියල” . ****
සටහන :
ඇමරිකාවේ පරිප්පු සැමරුම ගැනත් ලෝක පරිප්පු අවුරුද්ද ගැනත් ඉකොනොමට්ටා වැදගත් තොරතුරු ලියා තිබේ . ස්තුතියි
අම්මා ගෙදර පරිප්පු උයනදාට 'අදත් පරිප්පුද' කියලා අහන අපිම පරිප්පු උයන්නේ නැති දාට 'අම්මෙ අද පරිප්පු නැද්ද' කියලා අහනවා. අනේ මන්දා මෙහෙමත් පරීප්පු කෑමක්.
ReplyDeleteජයවේවා!!!
දෙයියෝ සාක්කි අපිත් පරිප්පු කෑවේ ඔය විදිහටමයි
Delete[අම්මා ගෙදර පරිප්පු උයනදාට 'අදත් පරිප්පුද' කියලා අහන අපිම පරිප්පු උයන්නේ නැති දාට 'අම්මෙ අද පරිප්පු නැද්ද' කියලා අහනවා] හෙහ් හෙහ් හරියටම හරි..
Deleteමමනං කවදාවත් 'අදත් පරිප්පුද' කියල අසා නොමැති බව සහතිකව කිව හැකිය.
Deleteඅදත් පරිප්පුද කියල කවදාවත් අහල නෑ අම්මගෙන්. අද පරිප්පු නැද්ද කියල තමයි ඇහුවොත් අහන්නේ .
Deleteජයවේවා !!!
කොච්චියාට නම් 365 දවසෙම උනත් තුන් වේලටම පරිප්පු කන්න පුලුවන්
ReplyDeleteකොච්චිත් දානවද පරිප්පු උයද්දී ?
Deleteපරිප්පුයි බතුයි හරි කාල ඉමු කියන්නේ ඒකනේ මෙහෙට වෙලා...
ReplyDeleteදැන්නම් එහෙම තීරණේකට ඇවිල්ල ඉන්නේ නාඩි
Deleteයුද්දෙදි පරිප්පු කෑවා සටන් බිමේදී. ඒ වගේම සටන් කරද්දී බඩගින්නට පරිප්පු කෑවා.
ReplyDeleteහෙහ් හේ . පරිප්පු නැතිව යුද්ද කරන්නත් බෑ නේන්නම්
Deleteඔන්න බලහල්ලකො ඒකෙත් වැඩේ. වැඩියෙන්ම පරිප්පු වවන්නෙ කැනඩාව. අර ඉකොනමැට්ටා කියල තියෙන්නෙ, පරිප්පු වලට වාර්ෂික උත්සවයක් තියනවා කියල ඇමරිකාවෙ. පරිප්පුයි, වේලිච්ච හාල්මැස්සොයි නැත්නම් අපි අනාතයි.
ReplyDeleteපරිප්පු තෙම්පරාදුවක් වගේ රසවත් ලිපියක්
ඒකනේ ඉකොනොගේ පෝස්ට්වලින් වැඩි විස්තර දැන ගත්තා . තැන්කිව් බසු
Deleteපරිප්පු තරම් ආසම කෑමක් මට නැහැ.
ReplyDeleteතව තවත් රසට පරිප්පු ලැබේවා
Deleteපරිප්පු ගැන නොදත් බොහොම දෙද්වල් දැනගත්තෝ
ReplyDeleteබොහොම සතුටුයි ගුණසිංහ මහත්තයා
Deleteමටත් හැම වේලටම කන්න හැඛි කෑමක්!
ReplyDeleteඋයන ක්‍රම දෙක තුනකුත් දන්නවා.
මේ රෙසිපි ගැන පෝස්ට් එකක් ලියමු
Deleteඔසී රටත් පරිප්පු නිපදවීමෙන් ප්‍රධානම තැනක් ගන්නවා.
ReplyDeletehttp://www.mapsofworld.com/world-top-ten/lentil-producing-countries.html
පරිප්පු සත්ව ආහාරයක් ලෙසත් භාවිතා වෙනවා. මං හිතන්නේ අස්සයින්ට!
ඔසී රට තුන්වැනියා එතකොට
Deleteකැනඩාවේ පරිප්පු වැඩියෙන්ම වවනවා කියල දැන ගත්තේ අද...
ReplyDeleteඉස්සර පරිප්පුයි පානුයි කන හැමවෙලේම අපේ තාත්තා කියන සිංදුවක් තියෙනවා
පානුත් පරිප්පුත් දවසක බුදු වේවා.
මාළුත් අලත් සැරියුත් මුගලන් වේවා
කියල හෙහ් හෙහ්
පානුයි පරිප්පුයි ගැන කයි කතන්දර කොච්චර තියෙනවද හෙහ් හේ
Deleteපරිප්පුයි පපඩමුයි තියේනවා නම් කෑම වේලේ තියෙන ගොඩාක් අඩුපාඩු මගහරවන්න පුළුවන්.ඒවා නැත්නම් කිසි ගතියකුත් නෑ.
ReplyDeleteඅපේ අම්මාගේ ප්‍රියතම ආගන්තුක සත්කාරයට පරිප්පුයි පපඩමුයි අනීවා අඩංගුයි
Deleteතුහ් විතරක් හිඟන පරිප්පුව, දවස ගානේ බත් එකට හම්බ වෙන හෙණ ගැහිච්ච පරිප්පු හොද්ද නිසා මට නම් පරිප්පු අප්පිරියාවේ බැහැ...
ReplyDeleteඉස්සර 80 ගණන් වල 90 ගණන් වල ආපු පරිප්පු වල රහ දැන් ඒවායේ නැහැ...
ගෙදර නෙමේ කොහේ හැදුවත් මටනම් දැන් පරිප්පු කනවා කියන්නේ ඇත්තටම පරිප්පුවක් කනවා කියන එකට සමානයි...
පෝස්ට් එක කියවල ඉවර කරන්නෙත් නැතුව කමෙන්ට් කලේ පරිප්පු එක්ක තියෙන තරහටමයි...
ඇඩෝ... පරිප්පු වලට ඒව මේව කියල නිකං පරිප්පුවක් සෙට් කරගන්න එපා.
Deleteතොපිටත් කන්න දෙන්න ඕනේ අපේ ගෙරි කුකා හදන හපාචි පරිප්පු හොද්ද, ආයේ ජීවිතේට පරිප්පු කන්න හිතෙන්නේ නැහැ...
Deleteමේ ලොකු පුතා පරිප්පුවට බනිනවා වගේ වහෙන් ඔරෝ බනින්නේ කුකාටනේ
Deleteපාන් සහ පරිප්පු කියන්නේ ලංකාවේ ප්‍රධාන ආහරය..
ReplyDeleteතිලක සිත දන්නවද දන්නේ නෑ.. ලංකාවේ හාල් වලට වඩා පරිප්පු කන එක වැඩියි කියලා..
70-77 මයිසූර් තිබුනේ නෑ නේද... වෙන කහ පාට ටිකක් ලොකු පරිප්පුවක් තිබුනේ.. ඒක මයිසූර් එක තරම් රහ නෑ..
පරිප්පු බුදු වේවා..
පාන් හා රෝස්පාන් අගසව් වේවා...
ලංකාවේ හාල්වලට වඩා පරිප්පු කනවා කියල අදමයි ඇහැව්වේ
Deleteකොච්චර කෑවත් පරිප්පු නම් එපා වෙන්න නෑ.. හි.. හි..
ReplyDeleteඒකනේ පුදුම වැඩේ කියන්නේ තුෂානි
Deleteමද්දාගේ ජාතික ආහාරය ගැන පලකල පෝස්ටුවට මාගේ බලවත් මෙව්ව එක පල කරමි.
ReplyDeleteමගෙත් මෙව්වා එක
Deleteමාත් හිතාගෙන හිටියෙ පරිප්පු වැඩිපුර වවන්නෙ ඉන්දියාවෙ කියලයි.
ReplyDeleteපරිප්පු නැති රටත් රටක් ද. හැක්...
අනිවාර්යෙන් දවසට එක වේලක් හරි අපේ ගෙදර පරිප්පු උයනව.
ඉකොනොමැට්ටත් අරෙහෙ පරිප්පුවක් දාල තියෙන්නෙ.
ඔව් ඔව් ඉකොනොමට්ට කියන්නේ ඉන්දියාවට පිට රටිමුත් පරිප්පු ගෙන්වනව කියල හිටං
Deleteපරිප්පු නැති හෝටලයක්ද, පෙරේරා නැති පොලිසියක්ද ලංකාවේ සොයාගත නොහැකිය.
ReplyDeleteඑහෙම ඒවා තිබ්බත් කිසි ගතියක්ද නැත
Deleteපරිප්පු නැති හෝටලේ වගේ කියලා කවුදෝ කියලත් තියනවානේ... ඒක මතක්උනා...
ReplyDeleteඅපුඍු සටහන...
පරිප්පු තමයි අපේ ජාතික අහාරය
Deleteසකුරා සුවඳ ලියන සදමාලි අක්කා දවසක් ජපනුන්ගේ අමු මාලු කෑම ගැන ලියලා තිබුනා.. අපිට පරිප්පු වගේලු ජපනුන්ට මාලු... ඒකෙත් මේ වගේ කතා තිබුනා...
ReplyDeleteසඳමාලිගේ ජපන් විස්තර රසවත්ව ලියල තිබ්බා
Deleteපරිප්පු එක එක ගෙවල් වල තියෙන්නෙ ඊට ආවේනික වෙනම රස වර්ග.ලොකු අම්ම කෙනෙක් නියම පරිප්පුවක් ඉව්ව ඉස්සර.මේ ලඟදි ගස්ලබ්බි හැදුවා පරිප්පු හොද්දක් ඉඳිආප්ප කන්න.. අන්න රස නහර පිනා ගියා.ඒ වගේම හරිම සුරක්ශිත හැඟීමකුත් ආවා.. හෙහ් හෙහ්
ReplyDeleteජයවේවා..!!
සුරක්ෂිත හැඟිමක් එන්න හෙනරාජ තෛලෙන් වෙන්ටෑ තෙම්පරාදු කොලේ හිටන්...
Deleteකේරළ හා තමිල්නාඩුවන් සියේට අනුනමයක්ම පරිප්පු තෙම්පරාදු කරනවා. අපේ ගෙවල්වල තුනපහ අඩුවට කිරට හදන්නේ
Deleteපරිප්පු කියන්නේ ජාත්‍යන්තර කෑමක් එහෙනම්.මේ විදියේ ජාත්‍යන්තර ෆොස් කැමකට අපි දීලා තිබ්බ තැන.
ReplyDeleteඅපි පරිප්පුවට නිසි තැන දෙමු !
DeleteParippu tharamtama rasai..
ReplyDeleteThanku uncle...!
Dwas ganan plan krana loku loku kama functions wala wagem thappara deka thunen hadan kamatath parippu wadagat kenek.. 😃
Uncle next week enw kyl aranchiyak awa.. ethakota kanna puluwnne antyge rasa parippu hmdm..!!
Unclege potha dan enna ready athi ne..?
බොහොම ස්තුතියි දුව .මගේ ගමරට ඒම සතියකින් විතර පමා වෙනවා දුව. අනේ ඒ වගේම පොතේ වැඩෙත් මාසයක් දෙකක් විතර පරක්කු වෙනවා . මෙහෙ වැඩ වගයක් බාර දෙන්න ප්‍රමාද වුනා
Deleteපරිප්පු නැත්තං මේ ලෝකේ බාගෙට බාගයක් මිනිස්සු මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා නේද?????
ReplyDeleteඑහෙනම් එහෙනම් . එහෙනම් ඉන්දියාව කිඅල රටක් හොයාගන්න වෙන්නෙත් නෑ කුරුටු
Delete/මේ සාගත කාලයේ සමුපකාරයේ පරිප්පු රාත්තලක් සත හැත්තෑ දෙකකි/
ReplyDeleteසත හැත්තෑදෙකට තිබ්බෙ සීනි රාත්තල තිලක්...:)
ඔය මොකක් හරි අකරතැබ්බක් කරදරයක් උනාම පරිප්පු කනවා කියන ව්‍යාවහාරය හැදිල තියෙන්නෙ හිර ගෙදර තුං වේලටම ඒ කාලෙ ( මම මේ කියන්නෙ සුද්දගෙ කාලෙ ) පරිප්පු හොද්දක් දුන්න නිසාලු.
උදේට පානුයි පරිප්පුයි, දවල්ට බතුයි පරිප්පුයි රෑට ආයෙම පානුයි පරිප්පුයි.
වනාහී කියල තීරු ලිපියක් ඒ කාලෙ නවයුගයට ලිව්වා රාජා ටී. බස්නායක කියල ලේඛකයෙක්. පරිප්පු වනාහී, මැල්ලුම් වනාහී, පොළොස් වානහී අන්න ඒ වගෙ. බොහොම රසවත් ලිපි පෙලක්. මට අන්න ඒ ලිපි මතක් වුනා තිලකෙගෙ මේ සටහන කියෙව්වම.
විශිෂ්ඨයි සෑර්...:)
තැන්කිව් රවී. ඔච්චර කියලත් සීනි රාත්තලේ ගාන පරිප්පුවට දාපු එක හදන්න පරක්කු උනානේ . මම ඒ කෑල්ල මකල දානවා ඔන්න
Delete//ඒ වුනාට සිංහයා , ව්‍යාඝ්‍රයා, රාජාලියා වගේ මෙලෝ හිතවත්කමක් හෝ කුළුපග කමක් නැති සතුන්ගේ නම් එක්ක ගෑවී ඇත්තේ වීරත්වයයි, ගරු ගාම්භීරත්වයයි.//
ReplyDeleteසිංහයා හා ව්‍යාඝ්‍රයා අයිතිහාසික කාලයේ ලංකාවේ සිට නැත. (සිටියේ ප්‍රාග් අයිතිහාසික යුගයේය )
එහෙත් සිංහලයින් සිංහයාද, LTTE එක ව්‍යාඝ්‍රයාද තම ලකුණු ලෙස ගත්තේ දකින්නට ඉන්න සත්තු ගාම්භීර මදි නිසා විය යුතුය
නිකං ළඟ ඉන්න කොල්ලොයි බල්ලොයි වගේද රටෙත් නැති වන මුරුගයෝ කියල හිතන්න ඇති අපේ උදවිය.
Deleteකහපාටට උයන පරිප්පුව, බත් එක්ක කනවට වඩා සුප් එකක් වගේ බොන්න මම හරි කැමතියි.. අද උදෙත් බත් කාලා ඉවර වෙලා, පරිප්පු විතරක් වෙනම බෙදාගෙන ආයෙ කෑවා...
ReplyDeleteඉකොනොමැට්ටා ලෝකයේ වැඩියෙන්ම පරිප්පු ව්වන රට කැනඩාව කියුවම මම පුදුම උනා.. ඒවගේම අරක මසූර් පරිප්පු මිසක් මයිසූර් නෙමේ කියලා දැනගෙන මේ ටිකකට කලින් ආයෙත් පුදුම වුනා... මමත හිතාගෙනම හිටියේ අපිට වැඩියෙන්ම පරිප්පු කවන්නේ ඉන්දියාවේ මයිසූර් ගොවියෝ කියලා.. බලන ගියාම, නිතර කන පරිප්පුව පිලිබඳ අපේ දැනීම අච්චාරුවක් නේද ?
අර සට්තු ගැන කියපු කතාව මල් මසුරං... මම කවදාවත් ඒ ගැන ඔය කෝණයෙන් බලලා තිබුනේ නෑ....ඕක මම හිතන්නෙ නිතර දකින, පහසුවෙන් ලැබෙන දේවලට අපි දක්වන සැළකිල්ල පිළිබඳ පුරස්නයක්.. හරියට නිකන් පරිප්පු වලට වගේම....
95% වවන්නෙ සැස්කචවාන් කියන ප්‍රාන්තයෙ. 1970 පස්සෙ තමා වවන්න පටන් අරන් තියෙන්නෙ. හොඳ කොලිටි රතු පරිප්පු, මිල සාධාරණයි.
Deleteමේ කතාව අහලා තියෙනවද....උපුටාගත්තේ ඩේලි බාස්කර් ඩොට් කොම් එකෙන්.//////A lot of Hindu beliefs are associated with food. According to the scriptures, there are certain items that we should avoid. The yogis should consume only 'satvik bhojan'. It is believed that satvik bhojan helps them get focussed and meditate better.
DeleteEven common man should take 'satvik bhojan; instead of 'tamsik bhojan'. 'Satvik' food is simple and is easily digestible. It is basic and is cooked using minimal heat. It does not involve extensive processing, and is hence usually closest to the way the food item exists in its natural form. 'Satvik' food is usually eaten fresh and immediately after it is prepared.
Unnatural, overcooked, stale, and processed food makes for a 'Tamasik' diet. Thus refined food - be it cereals, oils or hydrogenated butter, stimulants and beverages like tea, coffee and soft drinks, fast and ready-to-cook (precooked and warmed) food items like burgers, pizzas, pastries, and chocolates, as well as intoxicants like tobacco and alcohol are 'tamasik'.
Masoor dal is considered 'tamsik bhojan' like onions and garlic. It is only offered only to Goddess Kali. It is believed that masoor dal ins associated with kamdhenu's blood. According to Hindu mythology, she is a miraculous cow who provides her owner whatever he desires.
Accordiong to a story, Kamdhenu was with Rishi Jamadagni. Once, Sahastrarjun tried to steal Kamdhenu and attacked her with arrows. It is believed that mansoor plant grew wherever Kamdhenu's blood fell.
Hence, according to Hindu scriptures, consuming masoor dal is considered bad./////////////////
සෙන්නා , බස්සා හා රවී ස්තුතියි මේ අදහස්වලට/ තොරතුරුවලට
DeleteDaya Weerasekara Melbourne 20th Nov.
ReplyDeleteපරිප්පු ගන තිබුණු වැරදි අවබෝධ කිහිපයක්ම මේ සාර ගර්භ ලිපියෙන් හෙළිදරව් වෙනවා.පරිප්පු නිෂ්පාදනය කරන ප්‍රධාන රට කැනඩාව බවත්, මයිසුර් පරිප්පු පිලිබඳ වැරදි අදහසත් එයින් ප්‍රධානයි.ඕස්ට්‍රේලියාවෙත් අප ඇතුළු ආසියානුන් අතර පරිප්පු හරිම ජනප්‍රියයි. මම තවත් යෝජනාවක් කරන්න කැමතයි. පරිප්පු හොද්ද, පරිප්පු තෙම්පරාදුව වගේ දේ වලට අමතරව පරිප්පු වලින් සකස් කර ගත හැකි වෙනත් ව්‍යංජන ගැන හිතුවොත් නරකද? 1970 දශකයේ අග කාලයේ මම රත්නපුරේ අධ්‍යාපන අධ්‍යක්ෂක ලෙස සේවය කරද්දී 'ටීම් ඉන්ස්පෙක්ෂණ' එකකට ගිය දවසක රක්වානේ ගැමි ගෙදරකින් අපට දවල් කාම දුන්නා. එදා මස කාරී එකක් හදලා තිබුනා. අප අටහ්ර සිට මස් නොකන කෙනෙක් එය බදා ගත්තේ නැහැ. ගෙදර ගෘහණිය අප ලඟට පැමිණ ඒ මස් නොවන බවත් තනිකරම පරිප්පු බවත් කියා අප පුදුමයට පත්කළා. අප ඒ 'පරිප්පු මස්' ව්‍යංජනය රසකරකර කෑවා. හදපු හැටි කීවත් මට එය දන හරියට මතක නැහැ. දන්නා කෙනෙක් කියාදෙන්න.
ඔබේ අදහස්වලට බොහොම ස්තුතියි දයා මහත්මයා. ඒ මස් වගේ පරිප්පු උයපු වට්ටෝරුවනම් හොයාගෙන යන්න වටිනවා. මේ ගැන තව තොරතුරු ටිකක් හොයලා ලියන්නම්
Deleteඉන්දියන් කඩේකට ගියාම තමයි තේරෙන්නේ මේ යක්කු කොච්චර පරිප්පු ජාති කනවද කියලා. ඒ හැම පරිප්පුවක්ම රසයි.
ReplyDeleteමගේ වෙජිටේරියන් යාලුවෙක් ඉන්නවා තුන්වේලටම පරිප්පු කන. ඩොක්ටර් කිව්වලු පරිප්පු කන එක අඩු කරන්න කියලා.
පරිප්පු අගුනයි කියල දොස්තර කෙනෙක් කියපු කතාවක් ඇහුවේ අද තමයි අරූ . මෙහෙ ඉන්න ඉන්දියානුවෝ සමහරදාට පරිප්පු බතටත් දානවා . කිචලි රයිස් කියල කහපාටට ගෙනල්ල ඒකට පරිප්පු කරියත් තව දාගෙන කනවා
Deleteපරිප්පු නැත්නම් හෝටලෙත් වැඩක් නෑ කියන්ඩ තරම් අපේ කෑම වේලට පරිප්පු වැදගත් නේද? ස්තූතියි තොරතුරු වලට.
ReplyDeleteමම ඉන්දියාවේ ගියපු වෙලාවේ කිලෝමීටර 2000කට වඩා වැඩි ලොකු රවුමක් ගැහුවා..ඒ හැම තැනම තිබුන පොදු කෑමක් පරිප්පු.. පරිප්පු හරි රසට උයනවා හැබැයි එහේ.. ලංකාවේ හෝටල වල පරිප්පු නම් මෙලෝම රහක් නෑ..මට පොල් කෑල්ලක් ගාලා කිරිටිකක් දාල හොදට උයාගන්න පුලුවන් ඒත් කම්මැලියි නේ.. ඉවීම කම්මැලි වැඩක්..ඒත් යාලුවා උයපු එක ඌ නැති දවසට බුදින එකනම් අනිවාර්යෙන් කරනවා..
ReplyDelete