Wednesday, April 19, 2017

රාහුල පුත්‍රයා


ගේ පැරණි මිතුරෙක් සිය දරු පැටවුන් සමග කලකට පසු මට  හමු වුයේ  බණ ගෙදරකදීය. මේ ගෙදර කතාබස් දොඩමලු වීම් අතරේ විදුලි ආලෝකය යහමින් තියෙන තැනකට විත් මගේ මිතුරාගේ පුත්‍රයා ලොකු පොතක් කියවමින් සිටියේය .

'අපේ පුතා කාලේ නාස්ති කර ගන්නේ නෑ . ඉඩක් ලැබෙන හැම වෙලාවේම පොතක් කියවනවා ' සි  පුත්‍රයා දෙස ආඩම්බරයෙන් බලමින් මිතුරා මට කිව්වේය.

'ඒක හරි හොඳ පුරුද්දක්' . මා කීවේ මුනිච්චාවටය

එක්ෂණයකින් මට මහත් කේන්තියක් ඇති වුනේය.  මහා ලොකුවට අපේ සංස්කෘතිය ගැන ආගම ගැන කතා කරනවා , ලියනවා. ඒ වුනාට තමන්ගේ දරුවට රටේ   මිනිස්සු කතාබහ කරන දේවල්වත් අහගෙන ඉන්න දෙන්නේ නෑ.

ඔහුගේ පුතාට බණ ගෙදරක වෙන දේවල්, මේ යන එන මිනිසුන් , ඔවුන් කතා කරන දේ, වතාවත් සිදුවන පිළිවෙල, හාමුදුරුවන්ගේ දේශනාවේ සාරාංශයක්  එහෙම  උකහා ගන්න  ඉඩ දෙන්න බැරි ඇයි?. මේ සිදුවෙන දේ  අතරේ  පොත් දෙක තුනකින්  ගන්නට බැරි දැනුමක් එන්නේ නැතිද? අනෙක් අතට ඔය අතේ තියෙන පොත ආපහු ගිහින් ගෙදරදී වුනත් කියවන්න පුළුවන්නේ . ඒ වගේද මේ සජීවී මිනිස් එකමුතුව?
 මේ ආදී දහසක් ප්‍රශ්න මගේ හිතේ සරද්දී අනෙක් අතට මට හිතුනේ ඒ දරුවාට අනුන්ගේ කටවල් දිහා බලා ඉන්නට  එපැයි කියන හොඳ අවවාදය තදින් ලැබී තිබෙන්නට ඇති බවය.

බණට හාමුදුරුවෝ වඩිනතුරු  තැන තැන එක්රැස් වී අමුත්තන් විසින්  කරන කතා බහට ඇහුම් කන් දුන්නෙමි .  වැඩි දෙනෙක් කතා කලේ රට පාලනයේ අඩුපාඩු, ක්‍රිකට් ටීම් එකේ දුර්වලකම් , නිළියන්ගේ පෙම්හබ , හා  ඒවා හරියට කරනවානම් කරන්ඩ තිබ්බේ මෙහෙමයි යනාදී කතායි. හාමුදුරුවන්ගේ  බණ දෙසුමද මෙලෝ රහක් හෝ ගුණයක් තිබ්බේ නැත . කාලීන දේශපාලන ඕපදූප , පවුල් ජීවිතවල අවුල් , ජාතිවාදී කතා හා විශ්වාස කිරීමට අපහසු මිත්‍යා කතා අතර පටලවුණු නිසා එය අසා සිටීමට අපහසු ඉදිරිපත් කිරීමක්  විය .

අන්තිමේ මට හිතුනේ මිතුරාගේ පුතා හිටි ස්ථාවරය නිවැරදි බවයි.

******************
පහුගිය කාලයේ රටේ ආන්දෝලනයට ලක් වූ සයිටම් විරෝධය, මහා බැංකු වංචාව හා කුණු කන්ද නාය යාම වැනි ප්‍රශ්න සියල්ල  දැක දැක බකන්නිලාගෙන  සිටීම නොහොබිනා කමක්යැයි සිතුනු නිසා රටේ කාලීන ප්‍රශ්න ගැන කතාබහ කරන විද්වත් හමුවකට සහබාගී වුනෙමි .

ඒ හමුවෙන් පසු සාදයක්ද තිබුණු අතර යහමින් සප්ප්පයම් වී  මැදියම් රැයේ මා ගෙදර ගොඩ වන විට අර  මිතුරාගේ පුත්‍රයා අපේ සාලයේ ලයිට් සියල්ල දමාගෙන පොතක් කියවමින් සිටියේය .

මට ඔහු හමු වුයේ අවුරුදු දෙක තුනකට පසුවය.

එදා බණ ගෙදරදී ආවාට වඩා කේන්තියක් මට ඇති වුනේය . මේ පාරනම් මට කට පියාගෙන ඉන්න බැරි විය .

' දැන් බලනවා ළමයෝ මේ රටේ වෙන්නේ මොකක්ද කියල ඔහෙලා දන්නේ නෑ ,  දේශපාලකයෝ හොරකම් කරනවා, හැම තැනම කුණු කඳු , මිනිස්සු යට වෙලා මැරෙනවා, ආර්ථිකේ කොට උඩ, කැම්පස් ළමයි මොකාක් හරි එහෙකට ඉස්ට්‍රයික් . ඒ අස්සේ ඔහෙලා මේ පොතක් හරි ටැබ් එකක් හරි බදාගෙන මේ ලෝකේ මිනිස්සු නෙවෙයි වගේ තමුන්ගේ වැඩක් බලාගෙන  . ඔහෙලා මෙහෙමද  ඉස්සරහට  මේ රට බාර ගන්න ඉන්නේ? '

එවර මගේ ගොරානාඩුව ඉලක්කයට වැදුනේය. පොඩි එකා වරදකාරී බැල්මක් මා වෙත හෙලමින් පොත වසා එකත්පස්ව හිට ගත්තේය .

'අන්කල් ගේ කේන්තිය සාධාරණයි ' ඔහු කිව්වේය .

'මේකනේ අන්කල්  දැන් අපට කරන්න  ඉතීරිවෙලා තියෙන්නේ එක දෙයයි . විප්ලවකාරී පක්ෂයක් හදා ගන්න එක . ඊට පස්සේ මේ ක්‍රමය පෙරලලාම් දාන එක '

'හෝව් හෝව් . ඒ වගේ දේවල් හිතන්න ඕනි නෑ පුතා . ඒ මොන මෝඩ වැඩක්ද ? එහෙම  කරන්න ගිහින් දෙපාරක්ම වැරද්ද ගත්තනේ . විප්ලව කරන්න හදිස්සි වෙන්න එපා '

''එහෙනම් අන්කල්ම කියන්න . ඔය රටේ වෙන හැම දේකටම උනුත් එකයි මුනුත් එකයි  , ගිය එවුමුත් හොරු  දැන් ඉන්න  එවුමුත් හොරු  ගගා ඉන්න එක  විතරද කරන්න තියෙන්නේ? . ඉතින් හිටපු උන් පත් කරෙත් අංකල්ලා , දැන් ඉන්න උන් පත් කරෙහ් අන්කල්ලා. මේ ප්‍රශ්න අංකල්ලා පොඩි කාලෙත් තිබ්බා . ඒවා  බලා ඉන්න බැරි තරම් අසාධාරණයි  කියල අංකල්ලා විප්ලව කරා. විප්ලව පක්ෂ පිස්සු කෙලිනන පටන් ගන්නකොට උන්ටත් අන්කල්ලා බනින්න පටන් ගත්තා. අදටත් ඒවාට ඔච්චම් කරන එක විතරනේ කරන්නේ   ''.

කොල්ලාගේ කටේ සැර වැඩි වේගෙන එද්දී මූ ටිකක් ඕනිවට වැඩි යයි මට සිතිනි. කොලුවා දිගටම කියවාගෙන ගියේය  .

'"මේ කිසි දෙයක් හරි යන්නෑ අන්කල් හරියට ජාතික ප්‍රතිපත්තියක් හදාගන්නේ නැතිව . ඔය දේශපාලකයෝ ආණ්ඩු මට්ටු කරන්න පුළුවන්නේ හැම දෙයක් ගැනම  හරි කෙලින් ප්‍රතිපත්තියක් සිස්ටම් එකක් හැදුවොත් විතරයි .  ක්‍රමේට උඩින් වැඩ කරන්න දේශපාලකයින්ට  බලය දීලා උන්ට ඕනිම  ජඩ වැඩක් කර ගන්න පුළුවන් විදිහේ ලේකම් වැඩයි , ලියකියවිලි වැඩ ඔක්කොම කරලා දෙන මහා ලොකු උගත්තු අංකල්ලා . මේ සේරම බලන්න ගියොත් අපිට වෙන්නේ මහා මුහුදට පනින්න. නැත්නම්  විප්ලව කරන්න "   කොල්ලා වෙවෙලමින් කිව්වේය .

'අපි දන්නවා අංකල් ඔය මොන  කෙහෙම්මලක්වත් හරි යන්නේ නා, ඔයාලගේ පරම්පරාව මේ සීන් එකෙන් අයින් වෙනකම්. එතකන්  මේ රට හදන්න බෑ  . ඒ වෙනකන්  අපිටත් තියෙන්නේ පොතක් බලාගෙන කොම්පියුටර් ගේමක් ගහගෙන ඉන්න .

කොලුවාගේ කනෙන් ඇදගෙන ගොස් මගේ පුස්තකාල කාමරේ අගුළු දැමූ මම , අපේ වැලි සැපයුම්කරුවකු සිංහල අවුරුද්දට දුන් හැම්පරයක් පීරා බොන්නට සැර  යමක් ඇද්දැයි සෙවීමි.

Image : dreamstime.com

37 comments:

  1. රාහුල පුත්තරයත් වැලි අහුරක් උඩ දාල අවවාද අනුශාසනා බලාපොරොත්තු වුණාලු..මේ නම් දේව පුත්‍රයෙක් තිලකසිරි මහත්තයෝ...හැබැයි කියන්ට බෑ වැඩිකල් යන්න කලියෙන් ඔය කියන දේ සිද්ද නූනොත්...මහා විප්ලවයක්...මහා විප්ලවයක්

    ReplyDelete
    Replies
    1. වැඩි කල් යන්ට කලින් ඔය දේ සිද්ද වෙයි අපි හරියට කල්පනා කරලා වැඩ නොකලොත් . ඒ මට දැනෙන දේ

      Delete
  2. //'අපි දන්නවා අංකල් ඔය මොන කෙහෙම්මලක්වත් හරි යන්නේ නා, ඔයාලගේ පරම්පරාව මේ සීන් එකෙන් අයින් වෙනකම්. එතකන් මේ රට හදන්න බෑ / ඔහොම කියන කොල්ලෝ සෙට් එකක් ඇත්තටම අපේ ගම පැත්තේ ඉන්නවා. ගතානුගතික ද්විපාක්ෂික නැන්දලා මාමලාගේ ගැටුම් ගැන ඔය වගේම බලාගෙන ඉන්න

    ReplyDelete
    Replies
    1. ගතානුගතික ද්විපාක්ෂික නැන්දලා මාමලාගේ ගැටුම් වගේම අලුත් විදිහට හිතනවා කියන අයගේ මෝඩකම් හා හදිසි වීම් ආදී සියල්ල නිසා අපි විඳවනවා

      Delete
  3. //ඔය මොන කෙහෙම්මලක්වත් හරි යන්නේ නෑ.. ඔයාලගේ පරම්පරාව මේ සීන් එකෙන් අයින් වෙනකම්. එතකන් මේ රට හදන්න බෑ .//
    කතාව නං පංකාදුයි. එහෙමවත් හරි යයිද බලමු.

    ReplyDelete
    Replies
    1. එහෙමවත් හරි යයිද බලමු. ස්තුතියි

      Delete
  4. හෙහ් හෙහ් හේ ... අංකල්.... ඔබට සතුටුයිද දැන් ......

    අපි හිතනවට වඩා සමහර දේ ගැන මිනිස්සු සංවේදියි , එත් මේ ක්‍රමයටම අනුගත් වෙලා ඉන්න මහජනයා කියන හරක් රැලත් එක්ක උඩුගං බලා පීනන්න බැරි බව උන් දන්නවා

    ReplyDelete
    Replies
    1. ඉවාන් මීට සමාන කතා දැන් අපේ පොඩි උන් අහනවා. අර කිව්වා වගේ උන් අපට වඩා සංවේදීයි

      Delete
  5. දැන් ඉන්න හොරු සෙට් එක උන්ගෙ දුවල පුතාලට එන්න පාර නියමෙට සෙට් කරල තියෙන්නෙ, බලන්න දැනටමත් පලාත් සභා වල ඉන්නෙ කවුද කියල, උන් නොමිනේෂන් දෙන්නෙත් උන්ගෙ පවුල් වල ඊලඟ පරම්පරාවට විතරයි
    උන් ඇවිල්ල මේ රට හදයිද? කවදාවත් නෑ..
    උන් මීටත් වඩා මහා පරිමාණෙන් හොරකම් කරයි..

    ReplyDelete
    Replies
    1. ඒ හොරු සෙට් එකේ ප්‍රාර්ථනා ඉදිරියට අරන් යන උන්ගේ දරුවන් ගැන නෙවෙයි මේ කියන්නේ . අලුත් විදිහකට හිතන්න හදන ඒ හින්දාම වැඩිහිටි පරම්පරාව එක්ක ගැටෙන්න යන පොඩි උන් ගැන

      Delete
  6. කොල්ලා විතරක් නොවෙයි අපිත් හිතන්නේ ඒ අයුරින් තමයි.

    ReplyDelete
    Replies
    1. ඒ අපි ඇතුලේ තාම අකීකරු කොල්ලෙක් ඉන්න නිසා

      Delete
  7. නව පරපුරේ අදහස් ගැන සිතනු වටී
    තව ඉදිරියට ඒ අයගේ සහය වටී
    ඉවසා ඔවුන් රට ගැන සිතුවොතින් වටී
    නැවතුනු රටක විසුමත් අප හට නොවටී.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ජයවේවා !! කවි කොමෙන්ටුවට ස්තුතියි දුමී

      Delete
  8. මොනව කියන්නද මන්දා:|D

    ReplyDelete
    Replies
    1. වැඩිය හිතන්න එපා නිර්මානී . අපිට තාමත් කරන්න දෙයක් තියෙනවා කියලයි මට හිතන්නේ . අඩු ගානේ පොඩි උන් මෙහෙම හිතන්න කලින් ක්‍රියාත්මක වෙන එක

      Delete
  9. අපි තල වපුරා ඇත. ලැබෙනුයේ තලම මිස උඳු නොවේ. තල ගසෙන් උඳු ඉල්ලා බැන්නාට වැඩක් නැත.

    ReplyDelete
    Replies
    1. අනික කුරහන් හේනේ ඉඳන් තල වපුරන කතා කියන එකත් හරි නෑනේ D

      Delete
  10. හැම පරම්පරා දෙකක් අතරම ඔය අංකල්ලා පුතාලා ගේ ගැප් එක තිබුණා!

    ReplyDelete
    Replies
    1. මේ ගැප් එක තුනී වෙන්න ඕනි. අපි පොඩි උන් වෙන්න ඕනිද නැත්නම් උන් අන්කල්ලා වෙන්න ඕනිද කියල හිතාගන්න බෑ

      Delete
  11. එහෙම පොත් කියවන පුරුද්ද මටත් තිබුනා/තියනවා/තියෙයි

    ReplyDelete
  12. පුතා ගේ කතාවත් හරි අංකල්.මම හිතන්නේ මේ සිස්ටම් එකේ වෙනසක් නැතුව වැඩක් වෙන්නේ නැහැ.තට්ටු මාරු ක්‍රමයට මොකා ආවත් එකයි.පාට,පක්ෂ වෙනස් උනාට උන් හැමඑකාටම තියෙන්නේ එකම න්‍යායක්.ඒ රටට හෙණ ගහලා ගියත් අපි ගොඩ යමු කියන එක.

    ReplyDelete
    Replies
    1. මේ සිස්ටම් එකට ප්‍රජාතන්ත්‍රවාදය කියන්න පුළුවන් චන්දෙ දවසේ විතරයි . ඉන් පස්සේ උන් කැමති දේ කරනවා . දිගටම අපි කැමති දේ කරවගන්න එකයි හරි සිස්ටම් එක වෙන්න ඕනි .

      Delete
  13. අන්කල්ගේ කේන්තිය සාධාරණයි නම් තමයි..
    මමත් ඔය කරන්න වෙන වැඩ ඇත්තේම නැත්නම්:) ඕවා ගැන තමයි කල්පනා කරන්නේ! ඒත් කවදාවත් අවසන් නිගමනයක් නම් නෑ.
    හෑබැයි ඒ මල්ලියා කරපු වැඩේ නම් මමත් අනුමත කරන්නේ නැහැ 📖

    මොනවා වුනත් කතාවට තැන්ක් යූ අන්කල්!

    ReplyDelete
    Replies
    1. දුව මේ කතාවේ දෙවැනි කොටස නිර්මාණයක් විතරයි. ඇත්තටම ඒ මල්ලී එහෙම කිව්වේ නෑ. පහුගිය ටිකේ චැනල් කීපයක ටීවී නිව්ස් බලද්දී මට හිතුන එකක්

      Delete
  14. අන්න කතාව අංකල්

    ReplyDelete
    Replies
    1. අංකල් කිව්වේ මට නෙවෙයි නේද ? D

      Delete
  15. පොඩි එකාගේ කතාව නම් මසුරන්...පළමු දේ වටේ පිටේ කතා කරන දේ අහන් ඉඳල ඉගන ගන්න තරම් බුද්ධිමය සංවාදයක් ඇහෙන්නේ කලාතුරකින්...

    දෙවැනි කතාව ... පාලකයින් පත් කරන්නේ කවුද, අන්න එයාලට තමයි මඩු වලිගයෙන් තලන්න ඕනේ...මිනිස්සු ආණ්ඩු පත් කරලා චෝදනා කරන්නේ හරියට තමන් පත් කරපු අයගේ පැටිකිරිය මුල ඉඳන්ම නොදැන උන්නා වගේනේ...මිනිස්සුන්ගේ වෙනස් වෙන්න ඕනේ හිතන පතන විදිය, කෙටියෙන් කිව්වොත් ආකල්ප...

    ReplyDelete
    Replies
    1. වැරදි පාලකයන් පත් කරනවා විතරක් නෙවෙයි උන්ගේ වැරදි වැඩ සඳහා අවශ්‍ය පසුබිමත් හදලා දෙන්නේ අපිමයි

      Delete
  16. රියල් පොඩි එකා...මටත් තැනකට ගිහාම පොතක් ගෙනිච්චනං කියල හිතෙනව කතාකරන මනස්ගාත ඇහුවම..ලඟ ඉන්න එවුන්ගෙ ඇර ලෝකෙම උන්ගෙ ඇදකුද කතා කරන්නෙ.මාත් ඉතිං හූමිටි තිය තිය ඉන්නව...
    උගෙ කතාව ඇත්ත..ඒත් ඌත් අපේ වයසට එද්දි ඕන දෙයක් වෙච්චාවෙ කියල අහක බලං ඉඳීද මන්ද

    ReplyDelete
    Replies
    1. //උගෙ කතාව ඇත්ත..ඒත් ඌත් අපේ වයසට එද්දි ඕන දෙයක් වෙච්චාවෙ කියල අහක බලං ඉඳීද මන්ද// අපිටත් රිදෙන කතාවක්

      Delete
  17. ඔය බණ ගෙවල් වල සාද වල යනකොට ටැබ් එකක් හරි පොතක් හරි අරගෙන යන පුරුද්ද මගේ දුවල දෙන්නටත් තිබ්බ. බැනල බැනල නැවැත්තුව. උන් කිව්වෙම ඕගොල්ලෝ ඕපාදුප කතා කරනවා අපි අහන්නේ මොකටද කියල? අපි කිව්වා ඇයි ඔය අනිත් ළමයි එක්ක කතා කරන්නේ නැත්තේ මොකද කියල? එක දවසක් දුව පෙන්නුවා අනිත් ළමයි කරන දේ? කට්ටියක් ඒ ගෙදර තියෙන X-box එකේ ප්ලේ කරනවා. තව එවූන් ටිකක් නින්ටෙන්ඩෝ ගේම් එකක. අනිත් එවුන් මොබයිල් වල එල්ලිලා. මම කට වහ ගත්ත.
    - කතාවේ දෙවෙනි කොටස - හ්ම් විප්ලවේ ට කලින් එකතු වෙන්න එපැයි

    ReplyDelete
  18. අපි හැමෝම වැරදි දේ දකිනවා, විවේචනය කරනවා, නමුත් සමහර විට ඒ වැරදි වලට විසඳුම් නැහැ, තිබ්බත් කවුද? කොතනද ? කොහොමද ක්‍රියාත්මක කරන්නේ ?

    ඉතින් ඒ නිසා හැම දේකින්ම කලකිරිලා ඈත් වෙලා ඉන්නා උදවිය වැඩියි !

    ReplyDelete