ඊයේ පරණ අවුරුද්ද දවසේ යාබද නගරයේ කළ සාප්පු සවාරියේදී දුටු විෂ්මකුරු දසුනක් නිසා අවුරුදු කාලේ පළතුරු ගැන ලියන්නට සිත් වුනා . දනව්වේ හැම කෙහෙල් කඩයකම එකම ලා කොළ පාටින් ඉදුණු කෙසේල් කැන් සිය ගණනක් තිබීම. මුල් ඇවරියේ සිට එකිනෙක ඇවරිය ඉදෙන්නට ඕනෑ වුනත් , කෙසෙල් කැනේ උඩ ඉඳලා පහලටම එකම පාටින් ඉදෙන්නේ කොහොමද? ඇරත් කැන් සිය ගණනක් එකපාර ?. මේ බොහෝවිට ඇසිටලින් හෝ වෙනත් රසායනයක උදව්වෙන් කළ හාස්කමක් වෙන්නට පුළුවන් .
මේ විදිහට නෙවෙයි මොන විදිහට ඉදවලා තිබ්බත්, ගහෙන් කඩාගෙන ගෙනවිත් දුන්නත් දැන් ළමයි පලතුරු කනවා හොරයි. ගිය සතියේ හිතවතකු බලන්නට ගිය ගමනකදී ගෙඩි ඉදී පර වෙවී වැටෙන පිණි ජම්බු ගහක් දැක්කා. අහල පහල ගෙවල්වල ළමයි නතුවාවත්දෝ කියලා මට හිතුනේ එක පොලුපාරක්වත් මේ ගහ දෙසට එල්ල වූ වගක්ද පෙනෙන්ට නොතිබුන නිසා .
අලිපේර, අඹ,පැපොල් . හිඹුටු. පේර, ජමනාරන්, හින්නාරන්, අනෝදා, උගුරැස්ස ආදී නොයෙක් පළතුරෙන් සාර වූ අපේ ගමේ ගහක ඉදුණු පළතුරක් කවදාවත් දකින්ට ලැබුනේ නෑ , ඒ යන්තම් ඉදීගෙන එන විට කවුරුන් හෝ ඒවා කඩා ගන්නා නිසා .
ලේනන්, කපුටන්, කොල්ලන් හා ගස් නගින කෙල්ලන්ද ඒ කාලේ හිටියා. අපේ ගෙදරත් හිටියා. බාගෙට ඉදුණු කෙසෙල් කැනක් ගෙදරට ගෙන ආවාම ඒ ගෙඩි ඉදෙනේකන් ඉන්න ඕනි වුනේ නෑ. අතින් ඔබල ඔබල හත් අට දෙනෙක් ඉදිලද බලද්දී නිකම්ම කන්න පුළුවන් පදමට එනවා දවසකින් හමාරකින් .
මේ විස්තර සමග සුපුරුදු පලතුරු නොකෑමේ දෝෂාරෝපණ අපේ ළමයින් දෙන්නා ඉදිරියේ මලු දිගාරිමින් සිටිද්දී මට එකපාරම මතක් වුනා යසෝ ආච්චිලා පළතුරු වත්ත . අපේ ගමේ ආච්චිලා කීප දෙනෙක්ම බොහොම සිරියාවන්ත ගෙවල් හා සාරවත් ගෙවතු නඩත්තු කර ගනිමින් තනිවම ජීවත් වුනා . මේ බොහෝ දෙනෙක් වැන්දඹුවන්. සමහරුන් දරුමල්ලන්ගෙන් ඈත්ව තනිවම ජීවත් වුනා . යසෝ ආච්චි ගමෙන් ටිකක් ඉස්මත්තට වෙන්න ආණ්ඩුවේ පතනක් වටේ දඬු වැටක් ඉදි කරගෙන පලතුරු වත්තක් වැව්වා. මේ පළතුරු වත්තේ ඇඹුල් පෙර, ජෑම් පෙර, මදේ රතු පේර හා අනෝදා ගස් යහමින් තිබ්බා . හැබැයි මේ ආච්ච්ගේ වත්තෙන් හොරකම් කරනවා බොරු . අතේ පයේ හයියට වඩා උන්දැගේ කටේ සැර දන්නා ඕනිම ජගතෙක් ඒ පළතුරු හොරකම් කරන්න හිතුවේ නෑ .
කොහොම හරි අවුරුදු දවසක ගම වටේ කොලු රංචුවක් සමග ඇවිදිදදී අපට හොඳ ආරංචියක් ලැබුනා. ඒ යසෝ ආච්චිට පොඩි මුදලක් දී ඇඹුල් පේර ගෙඩි කඩා ගැනීමට අවසර ලබා ගත හැකි බව.
මේ අනුව මමත් සුනිමල් හා සරත්සිරි ඒ දෙසට ඇදුනා . යසෝ ආච්චී බොහොම පිරිසුදුවට ගේදොර හා පලතුරු වත්ත තියාගෙන හිටියා . සුපුරුදු ආගන්තුක සැලකිලි අතරේ අපේ රුපියල ඇයට දී පේර ගෙඩි ටිකක් කඩා ගන්න දැයි ඇසුවා .
'හොඳයි පුතේ පේර ඇති තරම් කාලා යන්න පුළුවන්න. හැබැයි අරගෙන යන්න නම් දෙන්නේ නෑ . ඒ පලතුරු බුෆේ එකක් . වත්තේ ඇතුලට ඇතුලට යද්දී අපි ඉදුනු පලතුරු ලෝකෙක අතරමන් වෙලා. කනවා කනවා . ගස් නගිනවා . අතු පහත කරනවා. කඩනවා . කනවා . ඇඹුල් පේර, ජෑම්පෙර, සුදු පේර, මදේ රතු පේර. දැන් ඇති කියලා හිතෙන්නෙම නෑ . රුපියලට හරියන්න කන්නත් ඕනි. ගෙනියන්න බැරි වාඩුව අල්ලන්න්නත් ඕනි . අන්තිමේ බඩ ගෙඩි පුහුල් ගෙඩි වෙනකන් කාලා තමයි ආපහු යන්න තීරණය කලේ. ඒත් යන්න කලින් ආයෙමත් හැරිලා ජෑම්පේර ගෙඩි අහුරක් කෑවා .
අපරාදේ කියන්න බෑ යසෝ ආච්චි අපිට සීමා දාන්න ආවේ නෑ . පළතුරු මතින් අපි වැනි වැනී ආච්චිගේ සවිමත් ලී ගේට්ටුව ගාවට ආවා. "ලොකු අම්මා අපි යනවා ' සුනිමල් කිවා. ඇය ගෙයි පිළිකන්නේ හාල් පොලන ගමන්ම .හා පුතේ දෙයියන්නේ පිහිටයි පලයල්ලා. කිව. මට කරකැවිල්ල වගේ ආවා . ආච්චිගේ ගේට්ටු කනුව බදාගෙනම නහයෙන් කටින් ඕක් ඕක් ගාමින් එන බාගෙට හැපූ පලතුරු සලාදය බිමට හැලුනා. බඩ පපුව දැවිල්ල දිදී අම්ල මුසු ඇඹුල් දියරය ආපසු ආවා. සුනිමල් කබරයා ඇද්දේ ඊලඟටයි.
මටනම් ජීවිතේටම පළතුරු අප්‍රිය වී සිටි කාලයක් තිබුනානම් මේ සිද්දියෙන් පසු ගත වූ සති දෙක තුන විතරමයි. ඒකට දැන් හැදෙන ළමයි .
චිත්‍රය -දෙව්නි හා ඔවිනි

ළමයිගේ වරදක් ද පළතුරු වල වරදක් ද ?
ReplyDeleteසෙන්නා මෙයි දුටු වහාම ඊමේල් හො දුරකතන ඇමතුමක් දෙන්න.
Deleteසමහර විට අපේ වරද වෙන්නැති
Deleteදැන් කඩවල් වල තියෙන පලතුරුනං නොකා ඉන්න තරමට හොඳයි. හැබැයි ගෙවල්වල හැදෙන පලතුරුවත් කන්නෑ කියන්නෙ ඉතිං අපරාදයක් තමයි.
ReplyDeleteඒකනේ. ආයේ පොඩි ළමයෙක් වෙලා සේරම පලතුරු කාගෙන කාගෙන යන්න හිතෙනවා වෙලාවකට
Deleteකතාවක් නෑ එදා අපහට කන්න ලැබුණොත් පළතුරක්
ReplyDeleteඔතාගෙන ගෙනියන්නෙ ගෙදරට කෑමකින් පසු ඉතිරියක්
සිතා ගනු බෑ ළමුන් අදනම් කන්න ඒවට රුචිබවක්
පතා යමි මම අලුත් වසරේ වේවා ඔබහට සුභසෙතක්....
ජයවේවා!!!
ජය වේවා !! දුමීටත් සුබ නව වසරක් වේවා . අලුත් කවි පොකුරු පිපේවා !!
Deleteඊට පස්සෙ වම්නෙ දැම්මෙ ..
ReplyDeleteඑක්කො ඕන නෑ හැක්
ඊට පස්සේ අවුරුදුවල කතා ටිකත් යන්නද ? එහෙම උනොත් අර හාවට වෙච්ච දේ වෙයි
Deleteපලතුරු කාලත් වමනේ දැම්මා .පුදුමයි. එහෙනම් මට වමනේ ගංගාවක් යන්න ඕනෑ , ඒකාලේ වල ගෙඩියක් අපි දෙන්නෙකුට යන්තම් ඇති, කොහොම උනත් රසවත් කතාවක්, ආප්පහු අතීතයට ගියා, සුභ නව වසරක් වේවා .
ReplyDeleteඔව් ඇඹුල් පේර හා ජෑම් පේර වැඩිපුර කෑවම වමනේ යනවා ඇසිඩ් ගතිය නිසා. අනික අවුරුදු දවස්වල නොයෙක් ජාතිවලින් බඩවල් පිරිලානේ තියෙන්නේ . ස්තුතියි ඔබටත් සුබ බව වසරක් වේවා !
DeleteThank u uncle.. godak kalekin me paththe awith tyenne..!
ReplyDeleteSubama suba aluth awruddak wewa uncle.. unclegei auntygei nangalagei blaporottu hama dykm e wdhtm ishta wewa! Sathutin inna awruddk wei..
Palathuru prashne nm ape gedarat ehemmama tama. :)
Thank u uncle....
දුවටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !මේ අවුරුද්දේ වැඩිපුර කතා ටිකක් ලියන්න හිතාගෙන ඉන්නවා
DeleteEka nm aluth awurudde subha aranchiyak thamai!
Deleteකවද හරි පලතුරු වත්තක් වවන්න හිතුනා. ඉස්සර මම අපේ ගෙදර තිබුණු පේර ගහේ අත්තක කකුල් දෙකින් එල්ලිලා (දණහිස ගාවින් නවාගෙන) පෙර කන්නේ.. ඊට පස්සේ ගහේ තියෙන පෙර ගෙඩිය අතින් අල්ලන්නේ නැතිව නැට්ට ඉතිරි වෙන්න කන්න ට්‍රයි කරන එක වගේ වැඩ එහෙමත් කරලා තියෙනවා.. හෙහ් හෙහ්.. හරි ජොලි කාලයක්..
ReplyDeleteඔව් පැතුම් ගහ උඩ ඉඳගෙනම අඹ, පේර කද්දී මාර ගතියක් තියෙනවා .
Deleteදැන් කාලේ ළමයි කනවා.. හැබැයි ඇපල්... ඔරෙන්ජස් වගේ පොෂ් පලතුරු :D
ReplyDeleteඅපිට ඒ කාලේ පොෂ් පළතුරු වුනේ පැණි වරකා, රඹුටන් , මන්ගුස්ටීන් වගේ ඒවා
Deleteඉඩම් ගන්න ගිය මිනිහා ගේ කතාව සිහිවුණා.
ReplyDeleteඔව් ඔව් මතක් කලාට ස්තුතියි
Deleteඑකෝමත් එක රටක මිනිහෙකුට ආරංචි වුණාලු අල්ලපු ප්‍රාන්තයේ ඉන්න ස්වදේශික ජන කොටස් තමන් ගේ ඉඩම් කුණු කොල්ලෙට විකුණනවාය කියලා. ඉතිං මේ මනුස්සයා කහවනුත් අරගෙන ගිහින් තියෙනවා ඉඩම් ගන්න.
ReplyDeleteගෝත්‍ර්‍රික නායකයා ලඟට ගිහින් ගණං හිලව් ඇහැව්වාම කිව්වලු, කහවනු සීයක් දීලා තමන්ට අවශ්‍ය ප්‍රාමණයක් වෙන්කරගන්න කියලා. ඒ කියන්නේ එක තැනක ඉඳලා පටන් අරගෙන ඇවිදගෙන ගිහිල්ලා ඉර බහින්න කලින් ආපහු එතැනටම ආවාම, ඒ ගමන් මාර්ගයෙන් වටවුණු මුළු ඉඩමම කහවනු සීයට ගන්න පුළුවනි!
ඉතිං මේ මනුස්සයත් ඔන්න කහවනු සීය දීලා තමන් ගේ ඉඩමේ මායිම් ලකුණු කරන ගමන පටන් ගත්තා. හැකි තරම් ලොකු ඉඩමක් අල්ලා ගන්න ඕනෑ හින්දා ඈතට ඇතට ගියා.
කොච්චර මහන්සි දැනුණත් විඩාව නිවා ගන්න හෝ වතුර ටිකක් හොයාගෙන බොන්න හෝ කෑම කන්න හෝ නතර වුණේ නෑ. ඉඩම තව තවත් ලොකු කර ගන්න එක තමයි මූලික අරමුණ. ඉර අවරට යන කොට ලොකු ප්‍රමාණයක් මැදි කරගෙන ආපහු ඇවිදගෙන එන්න පටන් ගත්තා. දැන් හොඳටම බඩගිනියි, තිබහයි, මහන්සියි. ඒත් නතර වෙන්න බෑ. කොහොම හරි ඉර බහින්න කලින් පටන් ගත්තු තැනට යන්න ඕනෑ.
අන්තිමේදී වෙලා තියෙන්නේ ඉඩමේ මායිම සම්පුරණ කරන තැන පෙනි පෙනී මේ මනුස්සයා මැරී වැටීමයි.
මේක දැකපු ගෝත්‍රික නායකයා මෙහෙම කිව්වලු.
"අන්න, ඔහු ඔහුට අයත් හතර රියනක බිම් ප්‍රමාණය මායිම් කළා. දැන් ඔහුව එතැන වලක් හාරා වල දමන්න!"
අපේ රුපියලටත් අන්තිමේ ඕකමයි උනේ
Deleteපලතුරු නොකෑමේ වරදට අපිත් බැනුම් අහනවා... ඊයෙ අපේ ගෙදරටආව කට්ටියකුත් ජම්බු පේර දැකලා ඇහුවෙ ඇයි දැන් ළමයි මේ පලතුරුකන්නෙ නැත්තෙ කියලා..
ReplyDeleteමට නම් තනියම ඉන්නකොට කන්න බෑ..හැබැයි යාලුවෝ කට්ටියක් එක්ක එක්ක එකතුඋනාම ඕන තරම් කන්න පුලුවන්...
තිලකසිත අය්ය ඇතුලු පවුලෙ සැමටසුභ නව වසරක් වේවා...
නිර්මාණිටත් පවුලේ සැමටත් සුබම සුබ අවුරුද්දක් වේවා ! පළතුරු හොඳින් කාලා අපටත් කියවන්න තව කතා ටිකක් ලියන්න
Deleteඔබ කියනවා වගේ පොඩි ළමයින්ට පලතුරු කවන්ඩ තියෙන අමාරුවක්.
ReplyDeleteළමයින් නොයෙක් අලුත් රසවල්වලට පුරුදු වෙලා, ක්ෂණික නුඩ්ල්ස් ,බැදපු චිකන් වර්ග වගේ. ඒවාට ඇබ්බැහි වෙන ගතියකුත් පේනවා
Deleteඇත්තම කියනවනං පොඩි කාල අනුංගෙ වතුවලට හොරෙං පැනලත්ජ ම්බු අඹ එහෙම බාගෙට ඉදිලත් කාල තියනව.දැං ගෙයි ඉස්සරහ ඉදිල වැටෙනජම්බු ගෙඩිය කන්න වෙලාවක් නෑ.නැත්තං උවමනාවක් නෑ..
ReplyDeleteකාලය මැවු වෙනසක අරුමේ
දැන් එහෙම කාපු එක අතීත කතාවක් විතරයි. ඉදිරියට ජම්බුත් රටෙන් ගේන්න වෙනවා .
Deleteහෙහ් අපි නං තාම ඔය ගඩා ගෙඩි කනව
ReplyDeleteදැං ඉන්න ළමය් සෙනික ආහාර වලට නෙව කැමති
පේන්නෙ නැද්ද සමහ ළමයි (තරහකට කියනව නෙවී අපේ ආච්චි කිව්ව විදියට කියනව නං ) පුස්
ඉතුරු වචනෙ දන්නව නේ
හෙහ්
සුබ අලුත් අවුරුද්දක් වේවා තිලක අයියා
ජයවේවා
වැඩි වැඩියෙන් ගඩාගෙඩි ලැබෙන සුබ අලුත් අවුරුද්දක් වේවා මහේෂ්!!
Deleteමේ චිත්‍රය ඒ ගැනයි. පළතුරු ගැන කතාව ඛේදවාචකයක් තමයි. දැන් ඉන්න දෙමාපියොත් ඇතැම් විට දැන් ළමයි වගේ. උදේට ඔය පළතුරු හොඳ නෑ ගෑස් හැදෙයි, මේ වෙලාවේ ඕවා කන්න එපා බත් කන්න බැරි වෙයි. වගේ දේවල් කියනවා මම දැකලා තියෙනවා. අපිට පළතුරු කන්න නියමිත වෙලාවක් තිබුනේ නෑ වගේම මොන වෙලාවේ කෑවත් පළතුරු නිසා ලෙඩ වුනු ළමයෙක් ගැන අහලා තිබුනේ නෑ. මීට අවුරුදුගණනකට කලින් අපේ ටවුමේ වස විස නැති පළතුරු කඩයක් දැම්මා. ඒක නිසා ළමයින්ට පළතුරු කරන්න ලැබුනත් අපි ලැබුව අද්දැකීම ලබන්න එයාලට බෑ. පලතුරු වල වටිනාකම කට්ටිය දැනගත් නිසාදෝ දැන්නම් ඒ පලතුරු කඩේ බඩුත් දැන් ගිනි ගණන්!
ReplyDeleteපළතුරු කාලා ලෙඩ වෙච්ච ළමයෙක් ඉන්නවා. අද ඒ ළමයා ඒ පළතුර දිහා ඇහැක් ඇරලා බලන්නෑ..
Deleteස්තුතියි බුද්ධි. ඒ වගේම අද ඔබේ කට අහන්ඩ ලැබීමත් සතුටක් . සෙන්නා කවුද අප්පේ ඒ ළමයා ?
Deleteවෙන කව්ද ඉතිං මම ළමයා තමා. පෙරේත කමට ජම්බු කාලා නහයෙන් කටෙන් පනුවෝ පිට වුනා...දැන් ජම්බු දකිනකොටත් බයයි...
Deleteඔය ළමය නේද මකනය අතුරුදන් කරන ඇස්බැන්දුම කරලා ළමා වාට්ටුවට තාවකාලික පත්තීමක් ළබාගත්තෙත්.....:D
Deleteඅර අන්තිමට කාපු ඇඹුල්පේර අහුර හෙවත් පෙරේත සොට් එක තමයි හෙනේට,හිටියේ.. :)))
ReplyDeleteරස ගුණ ඇති පළතුරු පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!
අන්න වචනේ 'පෙරේත ෂොට් එක ' !
Deleteකමීටත් රසවත් ගුණවත් ආරක්ෂාකාරී සුබ බව වසරක් වේවා !!
++++++++++++++++++
ReplyDelete+++++++++++++++++
Deleteබ්ලොග් ලියන්න ලංකාවෙදිත් වෙලාව හොයගෙත්ත හෙනං ඈ...
ReplyDeleteඔව් මේක ලිව්වේ අවුරුදු නොනගතේ වෙලාවේ . නැත්නම් ලියන්න ඉස්පාසුවක් ලැබෙන්නේ නෑ
Deleteවාහනේට ඩයිබර් කෙනෙක් ඉන්නවා නම් එන යන ගමනේ ලිව්වැකි..... පැය වලින් ගත්තත් ප්ලේන් එකේ ඩුබායි යන වෙලාව වගේනේ....
Deleteමේ පාර ලනක්වට ඇවිත් ජම්බු පෙර ඇතුළු පලතුරු ගොඩක් කෑව. අනොදත් ලැබුන. ඔය පේර ජාති ගොඩක් කනකොට ඇසිඩ් ගතියක් එනවා නේද? වමනේ යන්නේ එක නිසා වෙන්න ඇති ?
ReplyDeleteඅපේ පැත්තේ කඳුකර පතන්වල ඉබේ වැදෙනවා ඇඹුල් පේර හා සුදු පේර. ඒවයේ හොඳට ගෙඩි හැදෙනවා. හැබැයි අන්තිම ඇඹුල් . වැඩිපුර කෑවම ඔය විනාම්බෑසිය තමයි වෙන්නේ
Deleteදැන් ඔය කඩවල එහෙම විකුනන්න තියෙන සමහර පළතුරු (ගස්ලබු වගේ ) හරි ලස්සනේ බැහැ.කෑමට ප්‍රිය උපදවන පෙනීමක් තියෙන්නේ.එත් කනකොට මෙලෝ රසක් නැහැ.නිකම් වතුර වගේ.දැන් අඹ වාරේ නිසා ගස් වල ගෙඩි පිරිලා යනවා,මේ ලගදි නෑගෙදරකින් දීපු අඹ වගයක් මම විතරයි කෑවේ.අනිත් අය කෑවේ නැහැ කැස්ස ඇවිස්සේවි කියලා.
ReplyDeleteහොඳ කොලිටියේ පළතුරක් කඩෙන් ගන්න අමාරුයි . ඒත් ගෙවතුවල හැදෙන ඒවා තාම රහයි . කන්නෝ අඩුයි
Deleteකන්න පුළුවන් පළතුරක් හොයා ගන්න එක අපට නං දැං හරිම අමාරුයි. මම හැමදාම උදේම ඉරිදා පොළේ ගිහිං ඔය ආච්චිලා ගාව තියන පළතුරු ටිකක් අරං එනවා.
ReplyDeleteආච්චිලා පොළට ගේන පළතුරු අතරේ බොහෝ විට තියෙන්නේ ගහේම පැසුණු, ඉදුණු පලතුරු. ඒවා රහයි
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteඉඳහිට මේ පැත්තේ එන්න පුළුවන් වුනාම තිබුණු අලුත් පලතුරු කතාවට හිත පිරුනා!
Thank you uncle!
සුබ අලුත් අවුරුද්දක් වේවා!
Deleteමේ පැත්තේ නෑවිත් ඉන්න එපා දැන් දිගටම ලියනවා