Friday, November 10, 2017

රෝස් පාන් ඉරිදාව

ගිය ඉරිදා උදේ පත්තර කඩේට  ගොස් පයින්ම ගෙදර එදදී  සාක්කුවේ තිබු මොබයිලය සද්ද වුයෙන් මම ඊට ඇහුම්කන් දුන්නෙමි.


“ඔවිනි කියනවා අද උදේ රෝස් පාන් කමුලු. ලොකු දෝනිත් කැමතියි. එනකොට රෝස් පාන් ටිකක්  අරන් එන්න” .  ඒ අපේ පවුල් සංස්ථාවේ සබාපතිතුමියගේ ආදරබර  අණ කිරීමය .


මම බ්ලූබෙල්  බේකරියෙන්  ලොකු රෝස්පාන් එකක් හා පොඩි   රෝස්පාන් එකක්ද අරගෙන ගෙදර එද්දී සාලයේ සිටි  ඔවිනි  “ ඔය රෝස්පාන් දෙක අපි හතර දෙනාටම ඇති  වෙයිද තාත්තේ” කියා ඇසුවාය .
එවරනම් මටත් පොඩි සැකයක් ඇති වුනත් “නෑ අපි බෙදාගෙන කමුකෝ “කීවෙමි


උදේ කෑම මේසයට යනවිට එහි සිටියේ මාද ඇතුළුව  තුන් දෙනෙක් පමණකි .
“ කෝ ඔවිනි? .
“ඔය මොනවා හරි කරනවා ඇති කොච්චර කතා කලත් එන් නෑ”
මමද හඬ නගා ඔවිනි ඇමතුවත්”මං එන්නම් ඕගොල්ලෝ කන්න පටන් ගන්ඩෝ’  කියා ඇය දුර සිටම හඬ ගෑවා පමණකි .


ඉතාම රසට හදා තිබූ පරිප්පු තෙම්පරාදු හොද්දත් සමග කරුස් කුරුස් ගා සද්ද කරමින් ක්‍රිස්පිමය ගුණෙන් පමණක් යුක්ත වූ රෝස්පාන් කාගෙන යද්දී අපට ඔවිනිව සහමුලින්ම අමතක විය .


අන්තිමේදී වට්ටියේ කෙළවරක කුඩා රෝස් පාන් පාළුවක් විතරක්ම ඉතිරිව තිබියදී  මගේ මෙන්ම අනිත් දෙදෙනාගේත්  මුහුණුවලින්  දිස්වූයේ සංතෘප්ත නොවූ රෝස්පාන් ලෝලිත්වයක්මය. ඒ  නිසා  මම මෙසේ කිව්වෙමි .


‘ඔය රෝස්පාන් ටිකත් කමු. මම කාල ඉවර වෙලා  ටුක් ගාලා දුවලා ගිහින් බේකරියෙන් රෝස්පාන් එකක් ගේන්නම් ඔවිනිට”.


පරිප්පු තෙම්පරාදුවේ මිරිස් සැර නිසා සූස් සුස් ගාමින් වතුර ඩිංගක්ත් බොන්න වෙලා නොගෙන  මම හනික බේකරියට දිව ගියේ  කට වටේ තැවරී තිබු පාන් කුඩු පිහදා ගන්නා ලෙස බිරිඳගෙන් කෙරුණු  දැඩි අවවාදයද නොතකම්නි.


මා පාරේ සෑහෙන දුරක් ගියාටත් පසු  ගේට්ටුවෙන් එලියට බෙල්ල  දික්කළ  ළමයින්ගේ අම්මා මෙසේ හඬ ගෑවාය


' පොඩි රෝස්පාන් එකක් ගෙනාවම ඇති ඔවිනි විතරයි කන්න ඉන්නේ ඒ ඒ  "


ඒ මොහොතේ ස්කීම් එකේ සිටි සියලු දෙනා අපේ ගෙදර  උදේට කන්නේ රෝස්පාන් බවත් ගෙදර කට්ටියට කඩේ යන්නේ මා බවත්  තහවුරු කර  ගත්තෝය.


මම හැල්මේ බේකරිය දෙසට ඇවිද ගියේ උදේ  අට නමය වෙද්දීම වාගේ බේකරියේ පළමු බැච් එකෙන්  බාන රෝස්පාන් , පාන් බනිස් සියල්ල අවසන් වෙන බව දන සිටි නිසාය. මෙහෙම ඇවිදගෙන යද්දී පොඩි කාලේ කඩේ යද්දී මෙන් පීප් පීප් කියමින් අබිනයෙන් සුක්කානමක් කරකවමින්  බේකරිය දෙසට දිව යන්නට  පවා සිතුනත් මේ තලත්තෑනි  වයසේ ඔය නොගැලපෙන දේවල් නොකර සිටිනා එක හොඳ බව මම මටම අවවාද කර ගත්තෙමි.


හති හළමින්  මා බේකරිය වෙත ලඟා වන විට  එහි සිටියේ එකකම එක කස්ටමර් කෙනෙක් පමණි. ඔහුත් තාත්තා පෙණුමැති මැදිවියේ නිරෝගී පුද්ගලයෙකි . ඔහු තෘප්තිමත් මුහුණින්  පාන් බනිස් පිරවූ මල්ලක්  අතේ එල්ලාගෙන කැෂියර්ට මුදල් පියවමින්  සිටියේය.


මගේ වාසනාව!  රෝස්පාන් දමන වීදුරු කුඩුවේ එකම එක රෝස්පාන් ගෙඩියක් ඉතිරිව  ඇත. චූන් පාන් මල්ලිලාද නොගැවසෙන මේ කලාපයේ රෝස් පාන් ගෙඩියක් ගන්නවානම් තිබෙන එකෝමෙක බේකරිය මේකය. එහිද එකෝමෙක රෝස් පාන් ගෙඩියක්ඉතිරිව තිබීම වාසනාවන්ත අහඹු සිද්දියකි . නොඑසේනම් අද අපේ දියණියගේ මුහුණ කරවූ රෝස් පාන් ගෙඩියක් මෙන් ඇකිලී යනු ඇත. මුළු ගෙදරම වසා දැමු බේකරියක් මෙන් මළානික වනු ඇත.


ඒ  එකම රෝස්පාන් ගෙඩිය දෙසම ගිජු නෙත් දල්වා නොඉවසිල්ලෙන් සිටියේ මා ඉදිරියේ ඉතිරි සල්ලි ගනිමින් ආපසු යන්නට හැරී සිටිනා මහත්මා ඉදිරියේ මාද ජෙන්ටල් විදිහට සිටිය යුතු නිසාය.


සතියේ මහත් අභාග්‍ය සම්පන්න සිද්දිය වුනේ මෙන්න මේ අවස්ථාවේය.


ආපසු යන්ට හැරුණු අර මහතා අනපේක්ෂිත අයුරින් ඉතිරි  සල්ලි අතරින් රුපියල් විස්සේ කොලයක්  බේරාගෙන ‘ අන්න  අර රෝස්පාන් ගෙඩියත් මට දෙන්නැයි  කීවේය.


අයියෝ ඒ මිනිසා  අපේ ඉරිදා දවස කාලා දැම්මේය.


මහත්සේ ඩිසැපොයින්ට් වූ මුහුණින් ගෙදර ආ මම අපේ ගෙදර අහුමුළු සියල්ල පිරී යන හඬින් මෙසේ කිව්වෙමි.

"මේ රටේ ඉඳලා වැඩක් නෑ ළමයිනේ උඹලාවත් ඉගෙනගෙන මේකෙන් එලියට පලයල්ලා. හැමතැනම මහා කුහක මිනිස්සු ඉන්නේ "

( මෙය සරල උපහාසාත්මක රචනයක් බවත් විශේෂයෙන්ම අවසන් වැකිය විනෝදය සඳහා ලියූවක් බවත් කරුණාවෙන් සලකන්න )

52 comments:

  1. වෙච්ච සිද්ධිය නොසඟවා කියා ඒ මනුස්සයාගෙන් රෝස් පාන් ගෙඩිය ඉල්ලා ගන්න තිබුනනේ. පාන් මල්ලක්ම අරගෙන තිබුණු මිනිහට රෝස් පාන් ගෙඩියත් කජ්ජක්ද?

    ReplyDelete
    Replies
    1. මාත් හිතුවෙ ඒක තමයි. එහෙම කරල බලලම ඕන්නං කුහක මිනිහෙක් කියන නිගමනයට එන්ඩ තිබුණ

      Delete
    2. ඇත්තටම බොරු මහත්මා කම හෝ ආඩම්බරය නැතිව සුහදව කතා කරලා රෝස් පාන් ගෙඩිය ඉල්ලා ගන්න තිබ්බා. ඒත් මෙය සරල උපහාසාත්මක රචනයක් විදිහටයි මම ලිව්වේ .
      විශේෂයෙන්ම අන්තිම වැකිය විනෝදය සඳහා අතින් දමා ලියූවක් .

      Delete
  2. මදැයි වෙලා තියෙන දෙයක්. රෝස් පාන් ගෙඩියකට මුලු දවසක්ම කණපිට පෙල්ලන්න පුලුවන් ඒ කියන්නෙ.

    //ඒ මොහොතේ ස්කීම් එකේ සිටි සියලු දෙනා අපේ ගෙදර උදේට කන්නේ රෝස්පාන් බවත් ගෙදර කට්ටියට කඩේ යන්නේ මා බවත් තහවුරු කර ගත්තෝය.// හැක්..

    ReplyDelete
    Replies
    1. මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න .

      Delete
  3. අප්පේ බ ලාගෙන ඉන්නකොට ෂෝකේස් එකේ අන්තිම රෝස් පාංගෙඩිය උස්සං යනව වගේ දුක්ඛිත සීං අපිටත් නැතුවාම නොවේ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ සෑම් මං කිව්වේ මේක මහා කූර රටක්ය කියලා D

      Delete
  4. තාත්තව මෙහේ දාලනේ යන්නෙ... ඒනිසා ළමයින්ට ඇතිවෙන්න රෝස්පාන් කතෑකි...:) :)

    ReplyDelete
    Replies
    1. ළමයි ටික ගියාම අපටත් රෝස් පාන් මදි වෙන එකක් නෑ හෙහ් හෙහ්

      Delete
  5. සැහ්.. මටත් ඔය සීන් එක වෙලා තියෙනවා. පාං දෙකක් ගන්න ගියපු වෙලේ එතන පාං දහයක් ඉතර තිබ්බා. මට ඉස්සරහින් හිටිය එකා සේරම ගත්ත නෙව. ඇඩුනා ම⁣ට.. හැක්

    ReplyDelete
    Replies
    1. හරිම ශෝචනීයයි තමයි . මේ අපි ලබා උපන් හැටි කියලා හිත හදා ගමු මචන්

      Delete
  6. අනේ........ පවු ඔවිනි. ඔය රෝස් පාන්නේ මේක ඊට වැඩිය රසවත් එක්තරා අවුරු සමයක මමත් අපේ පවුලේ සියලු දෙනාත් ඇඳුම් සාප්පුවට ගියේ අවුරුද්දට ඇඳුම් ගන්නටය. සියලුම් ඇඳුම් අරගෙන් බිල දැමීමට මුදල් කවුන්ටරයට යනවිට අම්ම ඇසුවේ ඔයාලා කරාඹු මාල ගන්නවද කියලා. ඉතින් මමයි නංගියි ඒ පර ඒවා තෝරන්න ගියා . සෑහෙන පෝලිමක් තිබුන හින්දා මගේ පිය කිවුවා ඔයාලා ගන්න දෙයක් අරන් ඉක්මනට එන්න මම පෝලිමට එකතුවෙනවා කියල . දැන් ඔන්න අපේ අනගි ලස්සන චුටි ගෝල්ඩ් කලර් මාලයක් තේරුවා ඒක තිබුනේ රඳවනයේ කෙලවරේ දැන් එයා මත එක්ක එකතුවෙලා පරිස්සමින් ඒක මතුක්කරගන්න උත්සාහ කරනකොට කොහේදෝ ඉඳලා අපු ගෑනු කෙනෙක් මතුවෙච්ච අර මාලයටම අත තියාපි. අර මනුස්සයා පොඩ්ඩක්වත් හිතුවේ නෑ අපි මොකද කරන්නේ කියලා. පස්සේ අපි කීවා අපි මේ ඕක ගන්න තමයි හදන්නේ කියලා ඊට පස්සේ තමයි එයා තේරුම් ගත්තේ තව ඩින්ගෙන් රෝස් පාන් සිද්ධිය තමයි අපට වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒ කතාව රසවත් තමයි. හැබැයි අර නෝනා මාලේ අරන් ගියානම් කතාව දුක්බර සහ කේන්තියෙන් මතක් කරන්න වෙන එකක් බවට පෙරලෙන්න තිබුනා . ජය !

      Delete
  7. ///ඒ එකම රෝස්පාන් ගෙඩිය දෙසම ගිජු නෙත් දල්වා නොඉවසිල්ලෙන් සිටියේ මා ඉදිරියේ ඉතිරි සල්ලි ගනිමින් ආපසු යන්නට හැරී සිටිනා මහත්මා ඉදිරියේ මාද ජෙන්ටල් විදිහට සිටිය යුතු නිසාය. ///

    වැරැද්ද ඔබගේ, ඔහු සල්ලි ගැන ගැන ඉන්න අතරේ මඩේ මුදලාලිට එක පාර කියන්න ඕනේ "මට අර රෝස් පාන් ගෙඩිය දෙන්න" කියලා...
    මොකද අවසාන අවස්තාව දැන් ඇත්තටම උනා වගේ කෙස් ගහෙන් මිස් වෙන්න ඉඩක්වත් තියන්න හොඳ නැති නිසා...

    ///අයියෝ ඒ අසත්පුරුෂ මිනිසා අපේ ඉරිදා දවස කාලා දැම්මේය.

    මහත්සේ ඩිසැපොයින්ට් වූ මුහුණින් ගෙදර ආ මම අපේ ගෙදර අහුමුළු සියල්ල පිරී යන හඬින් මෙසේ කිව්වෙමි.

    මේ රටේ ඉඳලා වැඩක් නෑ ළමයිනේ උඹලාවත් ඉගෙනගෙන මේකෙන් එලියට පලයල්ලා. හැමතැනම මහා ජරා මිනිස්සු ඉන්නේ ‘///

    මේ වගේ වැදගත් පුස්නයක් නිසා ලංකාව දාල යන එක අනුමත කරන්න පුළුවන්...
    මාත් එකඟයි ඒකට...

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ මේ වගේ වැදගත් ප්‍රශ්නයක් ආවම රට දාලා යන්නම වෙනවා . ඔන්න මම අර උපුටා ගෙන තියෙන කොටස්වල පොඩි සංස්කරණයක් කළා

      Delete
    2. MAMATH PAN WAGE DEYAK GANNA GIYAAMA NAM MULINMA MUDHALAALITA KIYANAWA KOCHCHARA SENAGA HITIYATH.DENA WELAAWAKA DENNA BADUTHIYENNA EPAYI.
      DAMITH

      Delete
    3. සංස්කරණය කරපු එක හොඳයි තිලක. මා දුටුවේ අන්තිම වාක්‍යය නිසා එම රසවත් කතාවේ යතාර්ථය තරමක් දුර්වල වූවා වගෙයි. ස්තුතියි.

      Delete
    4. ස්තුතියි දයා මහත්මයා . ඔව් මේ සරල සිද්දියක් උනත් ලිවීමේදී පරෙස්සම් වෙන්න ඕනි කියලා හිතුනා

      Delete
  8. /' පොඩි රෝස්පාන් එකක් ගෙනාවම ඇති ඔවිනි විතරයි කන්න ඉන්නේ ඒ ඒ "/

    /ඒ මොහොතේ ස්කීම් එකේ සිටි සියලු දෙනා අපේ ගෙදර උදේට කන්නේ රෝස්පාන් බවත් ගෙදර කට්ටියට කඩේ යන්නේ මා බවත් තහවුරු කර ගත්තෝය./

    ඇයි බොල ඊට අමතරව ඔවිනි තවම උදේට කාලා නැතිබවත් ඒ එක්කම ඔවිනිට ගෙනාපු රෝස් පාං ගෙඩියටත් පවුලේ අවසේස උදවිය බැස්ටිය දුන්නු බවත් දැනගන්නව...

    ඔවිනිටත් හොඳ වැඩේ වෙලාවට කන්න එන්නෙ නැතුවට...:)

    පලි - සිකුරාදා උදේ බොහොමයක් වෙලාවට අපි මෙහෙ කන්නෙ රෝස්පාන් සහ කිරට උයපු පරිප්පු...රෝස් පාන් නිෂ්පාදනය වයිට් ඕෂනික් බේකරි කරුවෝ සහ ආහාරපාන සපයන්නෝ...

    ReplyDelete
    Replies
    1. //සිකුරාදා උදේ බොහොමයක් වෙලාවට අපි මෙහෙ කන්නෙ රෝස්පාන් සහ කිරට උයපු පරිප්පු...රෝස් පාන් නිෂ්පාදනය වයිට් ඕෂනික් බේකරි කරුවෝ සහ ආහාරපාන සපයන්නෝ.// මට කටාර්වලින් දාලා එන්න අමාරුම වෙච්ච දෙයක් තමයි ඔය වයිට් ඕෂනික් පාතරාසය

      Delete
  9. ඔහොම උනහම කාපුවා වමාරන්ඩ හිතෙනවා ..... ආයේ ඉතිං රජබොජුං ගිහින් දුන්නත් බිම වැටිච්ච ඇල්මේනියං වලද වාගේ ඇදවෙනවනේ කට ..... කොල්ලොනං එහෙම නැ .... බොලාට පාං මට කේක් කියල ඉන්නවා ...... ඒකට කෙල්ලො

    ReplyDelete
    Replies
    1. හරයට හරි. ඒ වැඩේ ගැන තාමත් ඉඳ ඊට ආඩපාලි කියනවා .

      Delete
  10. පාන් පරිප්පුත් සමගින් රස බැවිනී
    පාන් කන්න ආසාවක් ඇති බැවිනී
    පාන් ගෙනත් හැමෝම කෑවේ තුටිනී
    පාන් නොකෑ පව් අසරණ දූ ඔවිනී....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. පාන් වෙච්ච ඉරිදා උදයෙම දියණී
      පාන් රෝස් කමු නේදැයි කී බැවිනී
      පාන් සොයා හිස් අතින්ම ආ බැවිනී
      පාන් නැතිව පරිප්පු කන්නට ලැබිණී

      ජය වේවා දුමින්ද !

      Delete
  11. අපායට ගියත් ඉස්සෙල්ලා යන්න ඕනී...

    මහත්හොරු ඇති රටේ මහත්වරු වෙන්න යෑමෙන් කෙලවෙන්නේ මහත්වරුන්ටය

    ReplyDelete
    Replies
    1. අපායට නම් පරක්කු උනත් කමක් නෑ . බේකරියට යනකොට ඉස්සෙල්ලා යන්න ඕනි .

      Delete
  12. මට පොඩිකාලෙ ඉඳං මේ වෙන තුරුත් තියෙන ප්‍රශ්නයක් තමා, ඇයි මෙච්චර බඩ පිරෙන්න කන්න පුළුවං මෘදු ලොකු පාන් තියෙද්දි, මිනිස්සු රෝස් පාං කන්නෙ කියල...

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ අර කර කර සද්දෙටයි පොල්තෙල් රහටයි ඇති කැමැත්ත වෙන්නැති drakee

      Delete
  13. කරන්න දෙයක් නෑ ඉතින්. මොනව නැතත් මේක කියෙව්වයින් පස්සෙ මටත් රෝස් පාන් කන්න ආසාවක් ආවා කියහංකො

    ReplyDelete
    Replies
    1. රිසි පරිදි කන්නට රෝස් පාන් ලැබේවා . ජය !

      Delete
  14. බැලුවහම රෝස් පාන් එකකට වුනත් කුහකකම් කරන මිනිස්සු ඉන්නවා මේ ලෝකේ ...

    ReplyDelete
    Replies
    1. මොනාද කියන්නේ කවිඳු. මේක විහිළුවක්නේ

      Delete
  15. තෙම්පරාදු කරපු පරිප්පු එක්ක රෝස්පාන් හරිම රසයි. කිරි තේ එකක පොගවපුවාමත් රහයි

    ReplyDelete
    Replies
    1. ඔයි දෙවිදිහටම කන්න මමත් බොහොම මනාපයි

      Delete
  16. මොකද ඔච්චර සකසුරුවම?
    මුලින් ගෙනැත් තියෙන්නේත් අඩුවෙන්. පස්සේ ගෙන්න අණ ලැබී ඇත්තේත් එකම එක පොඩි රෝස් පාං එකක් පමණයි!

    ReplyDelete
    Replies
    1. අර බන්දුල මැතිතුමා වරක් කිව්වා වගේ අපි හතර දෙනාම මාසෙකට දෙදාස් පන්සීයෙන් කාලා ඉන්නේ ඔය සකසුරුවම නිසා තමයි :D

      Delete
  17. පාන් කාලා විඳවන එකනේ අමාරුම වැඩේ!

    ReplyDelete
    Replies
    1. මොන වින්දවිල්ලක්ද? පාන් කාලා වැඩි සීනි ප්ලේන්ටියක් බීලා පත්තරේ කියවන්න තියෙන්නේ

      Delete
  18. මේවගේ රටකට යන්න කියන්න. http://www.delish.com/cooking/recipe-ideas/recipes/a258/french-peasant-flat-bread-recipes/

    පරිප්පු හොද්දට ඉන්ග්‍රීඩියන්ට්ස් හොයා ගන්න ගොඩක් අමාරුවෙන එකකුත් නෑ

    ReplyDelete
    Replies
    1. ඒරෝප්පෙට ගියොත් හොඳ පාන් කන්න ලැබෙයි කියල ළමයින්ට කිව්වා

      Delete
  19. ලගදි ගමේ කොල්ලො ටිකත් එක්ක හවසට එකපාරටම සෙට් වෙලා පොලොසුයි,සම්බෝලයි, රෝස්පානුයි කෑවා පාන් ගෙනාවෙ ගමේ බේකරියෙන්ම. රස්නෙට ආයෙ මරුවටම තිබ්බා හුස්ම ගන්න බැරි වෙනකම් ඇබරුවා ඇඹරිල්ලක් ලෙලි යන්නම

    ReplyDelete
    Replies
    1. මම තාම හිතින් අඹරන්වා පානුයි පොලොසුයි පොල් සම්බෝලයි හප්පේ ..

      Delete
  20. මොකක් හරි එෆ්.එම්. එහෙක නිව්ස් ඇලර්ට් දැන්වීමක් යනවා.. නිවාඩුවක් ඉල්ලා ගන්න ගිහින් එක සේවකයෙක් තමන්ගේ රාජකාරි විස්තර ඔක්කොම කතා කරලා නිවාඩුව ඉල්ලන්න තටම තටම ඉද්දි ඔහුගේ අනුප්‍රප්තිකය මැද්දෙන් පැනල එක වචනෙන් නිවාඩුව අනුමත කර ගන්නවා.. :) මට ඒ ඇඩ් එක මතක් උනා.. අල වූ රෝස්පාන් ඉරිදාව ගැන ඔවිනි ට මාගේ කණගාටුව!

    ReplyDelete
    Replies
    1. //අල වූ රෝස්පාන් ඉරිදාව ගැන ඔවිනි ට මාගේ කණගාටුව!// බොහොම ස්තුතියි කමි . හෙට මම බේකරියට ගිහින් ඕනි උනොත් පෝලිම පනින්නයි හිතාගෙන ඉන්නේ

      Delete
  21. තිලකේ අයියේ ක්‍රිස්පී රහට රෝස් පාන් පරිප්පු තෙම්පාරදුව එක්ක කාපු ගමන් ඉඟුරු දාපු පෙල්න්ටි එකක් උණුවෙන්ම බිව්වා නම් තමයි උදේ පාතරාසය හරියටම කම්පිලිට් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ විදිහට තමයි එදා ප්ලෑන් කරලා තිබ්බේ . වැඩේ අවුල් වුනානේ

      Delete
  22. අනේ පව් ඔවිනි... මමත් හිතන්නෙ ටිකක් සුහදව කතා කරලා විස්තරේ කිව්වා නම් රෝස් පාන් එක ඉල්ල ගන්න තිබුනා කියලා .. :)

    ReplyDelete
    Replies
    1. මේවා තමයි තුෂානි උගත් පාඩම් . පාන් ගන්න කඩේට යන කාටත් ප්‍රයෝජනවත්

      Delete
  23. අද නැතත් කමක් නෑ හෙටත් රස රෝස් පාන් එයිනේ කියලා හිත හදා ගන්න උත්සාහ කරන්න තියෙන්නේ අප්පා . .

    හෙටත් නැති උනොත් කමක් හෙටත් ඒකම හිතන්න . .

    ඔහොම යද්දී හෙටක් කියලා එකක් එන්නේ නෑ කියලා හිතන දවස එනකොට හිතන එක අමතක වෙන තරමට බඩු බනිස් වෙලා . . !

    ReplyDelete
  24. රෝස් පාන් තිබුණේ දෙකක් බව ඔවිනි දැක්ක නිසා මුලදී මේසෙට නොආවේ අන් අය වෙනුවෙන් කැප කිරීමක් කිරීමට කියා මට හිතෙනවා.

    ReplyDelete
  25. ඔය වගේ වැඩ මටත් දෙතුන් වතාවක් වෙලා තියෙනවා. ඒ වගේම අනික් අය එහෙම මුහුණ දුන් අවස්ථා වල පරිත්‍යාගශීලී වෙලත් තියෙනවා.

    ReplyDelete
  26. ඉස්සර බණ්ඩාරවෙල බුහාරියෙන් හවසට එළුකටු සුප් එකත් එක්ක කාපු රෝස්පාන් මතක්වුනා ...

    ReplyDelete