Saturday, May 12, 2018

මගේ සෙනිත් කැමරා වස්තුව


ට මගේම වන කැමරාවක් ලැබුනේ සරසවියේ පළමු වසරේ සිටිද්දීය. රුසියාවේ නිෂ්පාදිත සෙනිත් වර්ගයේ කැමරාවක් වූ එය බරින් ඉතා ඉහල එකක් විය . රුපියල් තුන්දහසකට මිලදී ගත්තේ අයියාගෙන් ලැබුණු රුපියල් දෙදහකුත් නංගී ඒවා තිබූ රුපියල් දහාකුත් මා ළඟ තිබුන නිසාය. එය පේරාදෙණිය පුරා හරි ප්‍රසිද්ද  කැමරාවක් වුයේය. පොඩි පොඩි උත්සව, බැච් පාටි, හිච් පාටි  , කඳු නැගීම් ආදියේ ෆොටෝ මහා ගොඩක් ගත් ජනප්‍රිය කැමරාවක් වූයේය . තිස්සත් සමග විද්‍යා පත්තරේට  ලියන්නට පටන් ගත්තාට පසු මගේ කැමරාවෙන් ගත් ෆොටෝ වරින්වර පත්තරේද පලවිය.  පයිනස් වගාවෙන් වන විනාශය ගැන මහාචාර්ය අලවත්තාගොඩ ප්‍රේමදාස ලියා තිබු සවිස්තර ලිපියක ෆොටෝ ගත්තේ මමත් මගේ සෙනිත් කමරාවත්ය.

මේ කැමරාවෙන් මුලින්ම ගත්තේ අපේ අක්කාගේ තුන් හැවිරිදි  දූ ජංගි කොටයක් ගහගෙන බේබි රෝස පඳුරක් අසල හිනා වෙමින් ඉන්නා ෆොටෝවකි  . එය අදටත් මා ආදරය කරන සේයාරුවක් උනත් ස්ටුඩියෝ එකේ ෆුල් කිට් ගහගෙන පවුලේ පොටෝ පමණක් අරන් තිබු බැවින් අපේ ලොකු අක්කා ඒ   ෆොටෝ එක දැක සතුටු වුනේ නැත . මේ පරණ ඇඳුම් කැල්ලක් අන්දලා දරුවාගේ ෆොටෝ එක කාටවත් පෙන්නන්නේ කොහොමද  කියා ඈ ඇසුවාය.

 මීදුම පිරුන පසුබිමක  කොළහැලී ගිය ටූනා ගසක වසා සිටි මයින ජෝඩුවක ෆොටෝවක් මම ගතිමි. මේ දුටු  අපේ අම්මාගේ ස්ටාෆ් එකේ ගුරුවරියක් එය මගෙන් සල්ලිවලට ගන්නට  උත්සහ කළාය. මේ සිද්දියෙන් පසුව සල්ලිවලට ෆොටෝ ගහන ආශාවක්  මට ඇති වූනේය. අනේ අපේ තාත්තා මට කිව්වේ උඹට ඕනි සල්ලි මං දෙන්නම්. සල්ලි හොයන්ඩ හිතාගෙන   ෆොටෝ ගහන්ඩ එපා කියලාය.

තාත්තා පැන්ෂන් යන දවසේ ඉස්කෝලේ කන්දේ සිට පහලින් පෙනෙන අපේ ගමත් මහ ගෙදරත් දෙස බලා සිටින ෆොටෝවක් මම පේරාදෙනි ඉංජිනේරු පීඨ කළා කවයේ කවියක්ද සමග පළ කලේ දෙවන වසරේ සිටියදීය.

අපේ මිතුරෙක්ගේ ආච්චීගේ මළ ගදර ෆොටෝ ගන්නට මා මැණික් හින්නට   එක්කරගෙන ගියේ ඔය කාලයේය. ඒ මළ ගෙදරදී මට ප්‍රභුවරයෙකුගේ සැලකිලි ලැබුනේය. කැමරාව ගැන විස්තර අහන්නට සමහරු මා සමග හිතවත් වුහ. සියලු සැලකිලි ලබා මළගෙදර ෆොටෝ ගෙන ආපහු අක්බාර් හොස්ටල් එකට ආවෙමු. ෆොටෝ සුද්ද කරන්නට ස්ටුඩියෝ එකට ගිය පසුවයි  දැන ගානට ලැබුනේ රීලය අරිහැටි දැවටී නැති නිසා එකම එක ෆොටෝ එකක්වත් වැදී නැති විත්තිය .

ඉතින් මක් කරන්නද ? . මිතුරා දෙස් දෙවෙල් තියද්දී  මම ඔහුගෙන් සමාව යදිමින් කිව්වේ ආච්චිගේ මළගෙදර ගන්න  බැරි වුනාට කවදාහරි උඹලා සීයාගේ මළ ගෙදර ෆොටෝ ටික හොඳ කැමරාවකින්  අරගෙන දෙන බවය.
මේ සිද්දියත් සමග ' අරූ මළගෙදර ෆොටෝ ගත්තා වගේ ' වැනි කියමන් ව්‍යාප්ත වන්නට  වුයෙන් මගේ කැමරා ශිල්පී ගමනට කණකොකා සෙට් වුනේය.

සෙනිත් කැමරාවේ නොයෙක් සීමාවන් තිබුනද ඉන් ගත් පිටත පරිසරයේ සේයා රූ හරි තියුණු ලස්සනකින් යුක්ත විය. ඒත් මම ආශා කලේ යශිකා වර්ගයේ හොඳ කැමරාවක් ගන්නටය. සෙනිත් කැමරාවක් රුපියල් තුන්දාහක් වූ කාලයේ මා කැමති  වූ යශිකා කැමරාවක් රුපියල් විසිදහසක් විතර විය. අවසානයේ මගේ සිහිනය සැබෑ කර ගන්නට මට පුළුවන් වුනේ සින්ගප්පුරුවේ සවරියකදීය. ඒ ගමනේදීම මම canaon photoshop ඩිගිටල් කැමරාවක්ද මිලදී ගත්තෙමි.  ඒ දවස්වල දුර බැහැර මාර්ග ව්‍යාපෘතියක වැඩ කළ මට රටේ ලෝකේ ඉස්මතුවෙන අලුත් තාක්ෂනයන් ගැන වැඩිපුර හොයන්නට වෙලාවක් තිබ්බේ නැත. ඒ වනවිට සියලු දේ ඩිගිටල් වලට මාරු වෙමින් තිබුන කාලයයි. ෆොටෝ රීල් සුද්ද කරන වර්ණ  රසායනාගාර කෙමෙන් වැසී යමින් තිබුණු කාලයයි .

එනම් මගේ දීර්ඝකාලීන සිහිනය වූ හොඳ වර්ගයේ යශිකා SLR කැමරාව ගනිද්දී ඒ හා සම්බන්ධ තාක්ෂනය තුරන් වී ඩිගිටල් කැමරා වෙළඳපල අරක්ගෙන තිබුනේය .  ඒත් මට මගේ සිහින කැමරාව ගන්නටම ඕනා විය . එදා  මිලදීගත් යශිකා කැමරාවත් මගේ පරණ කැමරාවත් සිංගප්පුරුවේ සිට ලංකාවට ආ විගස අල්මාරියේ එක ලඟින් අසුරුවෙමි. ඒ දෙකින් එකකින්වත් එදා සිට අදවනතුරු  ෆොටෝ ගත්තේ නැත. කාලයක් යනතුරු මම ආගිය  හැම තැනදීම ෆොටෝ ගත්තේ අර ඩිජිටල් කමරාවෙනි. දැන්නම් ගන්නේ  මොබයිල් ෆෝන් එකෙනි.

ඉහත සේයාරුවෙන් පෙනේනේ ළඟදී විල්පත්තු සවාරියකදී අපේ දෝණියන් දෙන්නා DSLR කැමරා දෙකකින් වන අසිරිය අසුකර ගන්නට හදද්දී  ඒ සිදිය  මගේ ජංගම දුරකතනයේ සටහන් වූ අන්දමයි.  1990 අවුර්ද්දේ ඉරිදාවන්හිදී පේරාදෙණියේ ඉඳන් කොළඹ මහාබෝධි ඉස්කෝලේට චායාරුප ශිල්පය ඉගෙනගන්නට ආ මට දැන් අපේ දුලාට වගේ හොඳ කැමරාවක් ගන්නට ආසාවක් ඇති වී තිබේ.
ඔව් මමත් ලොකු වුනාම ඒ වගේ එකක් ගන්නෙමි.





58 comments:

  1. මටත් ඔය කැමරා පිස්සුව එදත් තිබුන හැට පැනලත් අදත් තියෙනව. සෙනිත් කැමරාවක් මටත් තිබුනා. පස්සෙ මමියා කැමරාවකට මාරු උනා. දැන්නම් තියෙන්නෙ සෝනි ඩිජිටල් කැමරා එකක්. ඒකත් මදිවෙල වෙන එක කට මාරුවෙන්න ක්‍රමයක් නැතුව ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. මමියා කැමරා වැඩිපුර ජනප්‍රිය නෑ නේද අපේ රටේ. සමහරවිට මාර්කටින් අඩුපාඩුවක් වෙන්නැති .

      අලුත් DSLR එකක්ම ගන්න ලැබේවා !

      Delete
  2. සොඳුරු මිනිසෙක් හැදෙන්නට අයියා නංගී අක්කා තාත්තා අම්මායන කවුරුත් ඕනෑ බව හිතේ. මේ කථාව කැමරා ගැන නොවේය. පරම්පරා දෙක තුනක වග තිලක සිතක් දුටු හැටිය. ඒ සිත මේ ලියවෙන අකුරු වලටත් වඩා බෙහෙවින් සහෘදය.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තිස්ස . නොදැනුවත්ව උනත් පරම්පරා තුනක කතාවක් ලියැවිලා තියෙනවා නේන්නම්

      Delete
  3. තාත්තා වගේම දූල දෙන්නත් කැමරා ශිල්පයට දක්ෂ බව, ආදරේ බව දන්නවා එයාල ගන්න ෆොටෝ නිසාම. මට මගේම කියල කැමරාවක් තිබුණා කාලෙක. තාමත් තියෙනවා. හැබැයි ඒකෙන් පොටෝ අරගෙන නෑ සෑහෙන දවසකින්... ෆෝන් එකම තමයි මානන්නෙ...

    අතීත කැමරා විස්තර නම් රසවත් අයියෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තරූ. දුලා දෙන්නට ෆොටෝ ගැන උනන්දුව ඇති වුනේ ඉස්කෝලේ තිබ්බ හරිම ක්‍රියාශීලී චායාරූප සංගමේ නිසා

      Delete
  4. මං කැමරාගැන ඉගෙනගත්තේ අවුරුදු දාසයේ දී. සාමාන්‍ය පෙළ ලියලා ප්‍රතිඵල එනකං ඉන්න කාලෙදි වැඩකරපු පොටෝ සාප්පුවෙ ඩිජිටල් කැමරා ඇර අනික් හැම ජාතියකම කැමරා තිබුණා. කපල් රේන්ජ් කැමරාව කියන අරුම පුදුම කැමරා ජාතියත් දැක්කෙ ඒ කාලෙදි. මගෙ මුල්ම කැමරාව රුපියල් තුන්දාහෙ ඔටෝෆෝකස් එකක්. ඒක තමයි මගෙ අවසාන කැමරාවත්. දැං තියෙන්නෙ ටෙලිපෝන් එකේ කැමරාව. ඒකෙං බොහෝවෙලාවට කෙරෙන්නෙ කියවගන්න වෙලාව මදි ලිපි ලේඛන පොටෝ ගහන එක විතරයි. මාත් ලොකුවුනහම ගන්න ඕන කැමරාවක්.

    ReplyDelete
    Replies
    1. තාම හොටෝ ස්ටුඩියෝ එකේ රස්සාව ගැන පෝස්ට් එකක් ලිව්වේ නැත්ද ? අර කපල් රේන්ජ් කැමරාව ගැන අහලා නෑනේ

      Delete
  5. මට මුලින්ම තිබුනේ බොක්ස් කැමරාවක්. අර පුංචි පෙට්ටියක් වගේ එක. රුසියාවේදී ගත්ත හොඳ සෙනිත් එකක්. ඒක පස්සේ අර කැමරා කාච ඔක්කොම එක්ක රුපියල් තුන්දාහකට වගේ වික්ක ලංකාවේදී . දැන්නම් අපරාදේ කියල හිතනව වික්කේ . ඊට පස්සේ ගත්ත ඊස්ට් ජර්මන් ප්‍රක්ටිකා එකක්. තවම තියනවා ගෙදර.

    ReplyDelete
    Replies
    1. අජිත් තුන්දාහකට වික්ක සෙනිත් කමරාවද දන්නේ නෑ මම ගත්තේ ? D බොක්ස් කැමරාවලින් ගත්ත කලුසුදු ෆොටෝ තමයි තාමත් අපට කලින් පරම්පරාවේ මතක සටහන් හැටියට තියෙන්නේ .

      Delete
    2. වෙන්න බැහැ. මම සෝවියට් දේශයේ හිටියේ අසූ ගණන්වල. එතකොට ඕක වික්කේ 1987-1991 අතර කාලයේ. ඒකෙන් මම 1987 පිටකොටුවේ ඉන්දියන් ගිවිසුමට විරුද්ධව තිබ්බ උද්ඝෝෂණයේ පින්තුර ගත්ත

      Delete
  6. මම මුලින්ම කැමරා පාවිච්චි කලේ ඒ ලෙවල කරන කාලෙ. ඉස්කෝලෙ ගිහිල්ල හිටු කියල ෆොටෝ ගැහුව. ඔය ලොකු ලොකු කැමරානං තාම පාවිච්චි කරල නෑ. මගෙත් ආසාවක් තියෙනව DSLR එකකට. ලොකු උනාම ගන්න බැරියැ. හැක්..

    ReplyDelete
    Replies
    1. ලොකු උනාම අපි දෙන්නම ගිහින් කැමරා දෙකක් ඇන්න එමු

      Delete
  7. මට ඉස්සෙල්ලම කැමරාවක් හම්බුනේ අවුරුදු 10 දි.අමාරුවෙන් සල්ලි එකතු කරල ගත්තෙ .ඒකෙ රීල් නෑ වතුර දාල විදින්න පුලුවන්. රුපියල් විස්සක් ද කොහෙද.ටෙනිසක් ගන්නවද කැමරාවක් ගන්නවද කියල හිතල හිතල ගත්ටෙ කැමරාව.කොල පාටයි ඔටෝෆෝකස්.

    ReplyDelete
    Replies
    1. මල්ලිගේ තේරීම හරියටම හරි .ඔටෝ ෆෝකස් වතුරෙන් විදින කැමරාව ටෙනිස් බෝලෙකට වඩා වටිනවා .

      Delete
  8. මට කැමරාවක් තිබිලම නැ ...... ලොකු උනහම ගන්ඩ වෙන්නෙත් නැ ......... මොකද මං ලොකුවෙන එක නැවැත්තුවා ... මෙහෙම පොඩියටම ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඔහොම බෑ බෑ කියා කියා හිටපු උනුත් ලොකුවෙලා කැමරා අරන් තියෙනවා

      Delete
  9. මතක එහෙමය. මා දහය වසරේ ඉගනුම ලබද්දි මාද මිලදිගත්තේ සෙනිත් කැමරාවකි. රුපියල් දෙදහස් පන්සියයකට. පට්ට බරකි. සෙලවෙන්නේ නැත. මහා ලොකු වැඩ කෑලිද නැත. වසරක ඇවැමෙන් යෂිකා එෆ් එක්ස් 3 කැමරාවක්ද ඉන් මාස හය හතකට පසුව පෙන්ටෙක්ස් කැමරාවක්ද මම මගේ මුල් කාලයේ දි මිලදී ගතිමි. එහෙත් අද කිසිදු කැමරාවක් නැත ෆෝන් කටුවත් අතිශය ලාභ දායි ගෝප්‍රෝ වර්ගයට අනුව සැකසු පුංචි ගිනිපෙට්ටියක්ද හැරෙන්නට. අද ගන්න සියලු සේයාරු විඩියෝ ඔය දෙකිනි.
    විඩියෝ තාක්ෂණයෙන් අනුන කැමරාවක් ගැන්මට දැන් හිත ගොස් ඇත. එයිට කලින් 4K වීඩියෝ සංස්කරණය කරගත හැකි පරිඝණකයක් අවැසිව ඇත.
    මේ සටහන අපුරුම මතකයකි.

    ReplyDelete
    Replies
    1. හොඳ කැමරාවක් නැතිවත් ලස්සන ෆොටෝ අරන් බෙදා ගන්න පුරුද්ද නලින්ට තියෙනවා . අපට වඩා ගමන් බිමන් යන නිසා ඒවායේ විස්තර එකතු කරන්නත් එක්ක කැමරාවක් ගමුකො

      Delete
  10. කැමරාවක් කියන්නෙ ඉස්සර මාරම වස්තුවක් ට්‍රිප් එකක් එහෙම යද්දි කැමරාවක් ඉල්ල ගන්න සමහර ඈයොන්ට වැඳපු හැටි අදටත් මතකයි.

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනෙක් කැමරාව තව කෙනෙකුට ණයට දෙන්න අකමැතියි. එහෙම හිතන එක සාධාරණයි කියල අත්දැකීමෙන් දන්නවා

      Delete
  11. මට කැමරාවකට කොච්චර ආසාව තිබුණත් ලබාගන්නට හැකියාවක් තිබුණේ නැත. ආසාව මුදුන්පත් වුණේ අපේ මල්ලි මැද පෙරදිග සිට එනවිට ගෙනා පෙන්ටෙක්ස් K 1000 කැමරාව නිසාය. ඒත් නිකම් නොවේ අන්තිම සතේටම මුදල් ගෙවාය. ඊට පසු
    කුඩා ඩිජිටල් හා DSLR කැමරා ඇතිතරම් ගන්නට ලැබුණත් දැන් නම් පාවිච්චි කරන්නේ පොඩි CASIO ඩිජිටල් එකකි. ලොකු වුණාම හොඳ කැමරාවක් ගන්නට මගේ හිතෙත් හීනයක් ඇත.

    ReplyDelete
    Replies
    1. හැලැපේ ලොකු වුනාම නමත් මාරු කරන්න වෙනවා . කමක් නෑ ලොකු වෙලා කැමරාවක් ගත්තම අපි ට්‍රිප් එකක් යමු

      Delete
  12. මට පොඩි කාලේ ඉඳලම පුදුම ආසාවක් තිබුනට මගේම කියල කැමරාවක් ගන්න ලැබුනේ කසාදත් බැන්දට පස්සේ. ඒ වෙනකම් අපේ මාමගේ යශිකා කැමරාව පාවිච්චි කළා ඔය ට්‍රිප් එහෙම යද්දී. DSLR එකක් ගත්ත හින්ද ලොකු වුනාම හොඳ කැමරාවක් තියෙන Drone එකක් ගන්න තමා මම දැන් බලං ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි. Drone ක්මරා පාවිච්චි කරන්න ඔය රටෙත් කලින් අවසර ගන්න ඕනිද ? මෙහෙනම් එහෙමයි

      Delete
  13. මං මුලින්ම පොටෝ අල්ලපු එක රිකෝ එකකි. පස්සේ යශිකා SLR එකකි. ඒකනම් පට්ටය! දැන් දැන් ඩිජිටල් එව්වත් එක්ක කැමරා වලට ඇති ආසාව ටිකක් නැති වෙලාද මන්දා ය.

    ReplyDelete
    Replies
    1. මේ ඩිජිටල් කෙලියක් නිසා හැමෝටම කැමරා එපා වෙලානේ ,අපරාදේ! ඉස්සර තිබ්බ කැමරා රිකෝ වගේ වර්ග කීපයක්ම දැන් වෙළඳපොලේ නෑ නේද ?

      Delete
  14. මුල්ම කැමරාව 2ඇම් පී ය. නොකියා පෝං එකක් කැම් එකක්ය.
    පස්සෙ DSLR එකක් අරන් තේනු සර්ගෙ ක්ලාස් ගියේ ෆොටෝ ගහන මේනියාවටය. වැඩේ මඟ ඇරුණේ OPPO පෝං කඩිත්තුව ගත්තට පස්සේය.

    දුක්ඛිතය !!

    ReplyDelete
    Replies
    1. ෆොටෝ වැඩේ මගහැර ගන්න එපා සෑම් . ඔය ඔප්පෝ එක විසි කරලා ආයේ පටන් ගන්න

      Delete
  15. මගේ මුල්ම කැමරාව Canon Prima Zoom වර්ගයේ එකකි. ඒකත් සමග ඇග්ෆා 35 ෆිල්ම් රෝල් දාහතක්ම ලැබුණේය. දාහතම ඉවරවෙන තුරු මං කලේ පන්සල්වල බිතුසිතුවම් ෆොටෝ ගහන එකය. අන්තිමේ කැමරාවත්, පින්තූර ටිකත් නෙගටිව් ටිකත් සියල්ල සුනාමියට බිලිවිය. ඊට සෑහෙන කාලෙකට පසු මම Mitech වර්ගයේ චීන ඩිජිටල් කැම්කෝඩරයක් ගත්තෙමි. ඒ බ්‍රෑන්ඩ් එක ඊට පසු මං කොහේවත් දැක්කේ නැත. ඊට පසුව නුවර චම්පා ස්ටෝස් එකෙන් Nikon Coolpix P60 කැමරාවක් ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්නට ගත්තෙමි. මගේ බ්ලොග් එකේ මුල්කාලීන පින්තූර සියල්ල ගත්තේ ඒකෙනි. එය ලෙල්ලට ගෙවෙන කං පාවිච්චි කර කැඩුණු විට ටික කලක් පාවිච්චි කළ Canon SX10 is වර්ගයේ බ්‍රිජ් කැමරාවක් විසිදාහකට ගත්තෙමි. (PSMPA එකෙං ණයකුත් අරං) ඒක ඉතාම මෑතක් වෙනතුරු පාවිච්චි කළ අතර තාමත් හොඳටම වැඩය. කැලෑවල් වල කඳුවැටි අස්සේ ගල් පල්ලේ එය සෑහෙන්න දුක් වින්දේය. මගේ පළවෙනි DSLR එක අරං තාම මාස දෙකක්වත් නැත. එය Nikon D3400 වර්ගයේ එන්ට්‍රි ලෙවල් එකකි. නමුත් මට ඉහටත් උඩින්ය... සෑහෙන මතකයන් ඇවිස්සුණා මේ පෝස්ට් එකත් එක්ක

    ReplyDelete
    Replies
    1. ඒ දවස්වල තිබ්බ ෆිල්ම් රෝල් වර්ග කොනිකා, කොඩක්, ෆුජි, ඇග්ෆා සේරම මතක් වුනා . ඒවාට මොනා උනාද මන්ද . NIKON D3400 සමග දිග ගමනක් යන්න ලැබේවා !

      Delete
  16. මගේ ගාවත් කැමරාවක් තිබ්බා හොම්බ දිග එකක් නෙමේ නිකම් ඩිජිටල් එකක්.
    දැන්නම් ෆොටෝ ගහන ආසාවක් නැති නිසා කැමරා ගැන ලොකු උනන්දුවක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ෆොටෝ ගහන ආසාව පහුවෙලා ආයේ ඇති වෙයි . ඒක ගොඩක් දෙනෙකුට වෙලා තියෙනවා

      Delete
  17. මම සිරස්ව සහ තිරස්ව කොච්චර ලොකු උනත් මට මගේ කියා කැමරාවක් තිබුනේ නැත. මේ මෑතකදී DSLR කැමරාවක් ගතයුතුයයි තීරණය කර අපේ බ්ලොග් හිතවත් ඇනෝපිලිස් ගෙන් තොරතුරු විමසන විට කටුසු හදවත කටුස්සා රට යන විට ඇනෝපිලිසා ලග පරිස්සමට තබා ගිය කැමරාව නිර්ලෝබීව මට දෙන ලදී. ඉට අමතරව චායාරූප කලාව පිලිබද වටිනා පොත් ද ලබාදී මඩු වලිගෙන් තලන්ඩ තැත් කරමින් මට ෂටර් ස්පීඩ් පාඩමද නිම කරන ලදී.
    මම දැන් තෝමස් විජයන් කොටින්ගේ ෆොටෝ ගන්නා සේ තාප්පය උඩ යන අල්ලපු ගෙදර බලලුන්ගේ ෆොටෝ ගනිමින් සිටිමි.

    ReplyDelete
    Replies
    1. එතකොට කටුස්සා රට ගියාද ? එහෙ ගිහින් ෆොටෝ ගන්නේ මොකෙන්ද? අල්ලපු ගෙදර බළල්ලු තාප්පේ දිගේම යන්නේ ඇයි ?ඊට කටුස්සාගේ සම්බන්ධයක් තිබේද ? මේ මට වැඩිම පස්න ගොඩක් ඉතිරි කරපු කොමෙන්ටුවකි. හෙහ් හෙහ්

      Delete
  18. මමත් ගත්ත 1992විතර සෙනිත් කැමරාවක් එක්තරා පරිණාමීය යුගයක් උනා එ් කාලෙ

    ReplyDelete
    Replies
    1. මම ගත්තේ 1990දී .1995 විතර වෙනකන් ෆොටෝ ගත්තා

      Delete
  19. මාත් පොඩි කාලේ ඉඳන් ඔය කැමරා කියන වස්තුවට බොහොම මනාප ය. මා මුලින්ම කැමරාවක් භාවිතා කලේ අපේ ලොකු අයියාගේ කැමරාවය. මගේ මතකයේ හැටියට එය යශිකා එකකි. එය තවමත් ඔහුලඟ ඇතත් දැන් ඉන් ෆොටෝ ගැනීමට නොහැකි ය. දැන් ඔහු කැමරා පිස්සුව හොඳ කරගෙන ඇතත් මට තවම හොඳවී නැත. ලොකු උනහම හොඳ DSLR එකක් ගන්නට හිතාගෙන දැනට හිත හදාගෙන ඉන්නෙමි.

    ReplyDelete
    Replies
    1. මම ලොකු උනාම DSLR කැමරා දෙකක්ම ගන්නවා . එකක් කසුන්ට අනික මට

      Delete
  20. විල්පත්තුවෙ වීර කැලේ

    ReplyDelete
    Replies
    1. වීර කැළේ පසුකර හොර කැලේට ගොස් පලු කැලෙන් එලියට ආවෙමු

      Delete
  21. මම රට ‍රැකියාවට ආයුබෝං කියලා එද්දී Olympus කැමරාවක් අරගෙන ආවා.. මේ ළඟදි ඉඳන් ඒකෙ චාර්ජ් කරන කෝඩ් එක නැති වෙලා පැත්තකට දාලා තියනවා.. අපරාදේ... ගන්න තියෙයිද කොහෙන් හරි?

    ReplyDelete
    Replies
    1. නැතත් එකක් හදාගන්න හරි පුළුවන් වෙයි. කැමරාවට ගන්න වෝල්ට් ගානයි තොටුවයි විතරයි බලන්න තියෙන්නෙ.

      Delete
    2. ඒකගන්න පුළුවන් වෙයි. වර්ගය කිව්වොත් හොයා බලුවහැකි . සමහර එව්වා eBay කඩේට කොලුවෙක් යවලා ගෙන්නා ගන්න පුලවන්

      Delete
  22. කැමරා වලට මගේ ජිවිතේ ලොකු කොටහක් වෙන්වෙලා තිබ්බ කාලයක් තිබ්බා...

    1996 ඕ ලෙවල් කරලා ගෙදර ඉන්න කාලේ දවසේ පඩියට ලොකු මස්සිනාගේ කඩේ මගුල් ෆොටෝ, ළමයින්ගේ ෆොටෝ ගහන එකත් ගෙදර ඇවිත් ඩාක් රූම් එකේ ඉඳගෙන, එකේ ඉඳල විස්සටද කොහෙද ගැනල නෙගටිව් සුද්ධ කරන කාලේ ඉඳලම ඔය මගුල් එක්ක මම ගොඩක් ගැටුනා...
    ඊටත් පොඩි කාලේ කෑල්ලකට රු.20 ගානේ ෆොටෝ ෆ්‍රේම් කරලත් දුන්නා...

    පස්සේ කැලෑ උන හැදුනට පස්සේ මිනිහගේ ගාව තිබ්බ පාවිච්චි කරපු ෆුජි කැමරාවක් අරගෙන ගිහින් දෙපාරක් ඒකෙ සෙන්සරේ පිච්චිලා කටු කෑවා...
    මට ඕනේ වෙලාවට ෆොටෝ වදින්නේ නැති ඒ හුචක්කුව මට එපා උනා...

    ඊට පස්සේ මගේ මාසේ පඩිය වගේ හත් අට ගුණයක් දීල මුලින්ම Canon 400D එකක් ගත්තා 70-300mm lens එකක් එක්ක. පොඩි ලෝ ප්‍රෝ බෑග් එකකුත් ගත්තා...

    ඊළඟට Cano 40D + 100-400mm IS Lens එක සහ ලොකු Lowpro බෑග් එක...
    ඒ අස්සේ ටික කලකට 170-500 Sigma ලෙන්ස් එකක්ද අතපත ගෑවෙමි...

    ඊටත් පස්සේ Canon 50 D එක සහ කලින් ලෙන්ස් සෙට් එකම...

    ඔය අතරේ යාලුවන්ගේ Canon 400mm 2.8, 500mm 4.0, Sigma 180mm මැක්‍රෝ ලෙන්ස් අතපත ගාන්නත් වාසනාව ලැබුනා...

    ඊටත් පස්සේ Canon 7D Mark i + 300mm IS Lens + 1.4 TC + 100mm Macro + 580 ෆ්ලෑෂ් එක + Extension Tube සහ අලුත්ම Lowpro බෑග් එකක්...

    ෆ්ලෑෂ් එක, Tube එක තාම ළඟ, ඩ්‍රයි කැබිනට් එක අස්සේ, ඉතුරු වෙලා තියෙන්නේ ඒ දෙක තුන සහ Lowpro බෑග් එක විතරයි...
    ඔය අව් අස්සේ ට්‍රයිපොඩ්, මොනො පොඩ් එහෙමත් කීපයක් තිබුනා වගේම ඒවත් කාලෙන් කාලෙට විකිණුනා...

    මේ වෙනවිට ඔක්කොම වගේ විකුණල දාල ෆොටෝ ගැසීමේ රසයද වළ දමා ඒ මත ගසක්ද පැළකර හමාරය...

    ඉහත උපකරණ භාවිතා කරමින් ෆොටෝ ගැසූ ඒ යුගයේ යම් යම් සහතික සහ මුදල් තෑගී ලැබුණු අවස්ථාද තිබුනු අතර මා විසින් ජායාරුප ගත කර ඇති සියලු පිංතුර අතරින් අද වනතුරුද මා නොබැලු ඒවාද ඇත. මට දැන් ඒවා බැලීමටද කම්මැලිය...

    ජීවිතය එලෙසය...

    ReplyDelete
    Replies
    1. ලෝ ප්‍රෝ එකයි ෆ්ලෑශ් එකයි මට විකුණපන්

      Delete
    2. ඔක්කොමත් හරි මේ කථාවත් හරි :-(

      Delete
    3. අහෝ ඛේදයකි !

      Delete
    4. /// ලෝ ප්‍රෝ එකයි ෆ්ලෑශ් එකයි මට විකුණපන් ///
      මක් කරන්නත් කෝල් එකක් දියන්කෝ වෙලාවක...

      Delete
    5. ලොකු පුතේ බොට රික්කුවක් දැම්මා එෆ්බී එකේ ගනිං මාව

      Delete
    6. හදිස්සි වෙන්න එපා ලොකු පුතා . මම දන්නා උද්යෝගිමත්ම , දක්ෂම කැමරා ශිල්පියෝ ඉන්නේ හැට පැනපු උදවිය. අපට තව කල් තියෙනවා. විශ්‍රාම දිවියට හොඳම විනෝද මගක් තමයි ෆොටෝ ගහන එක. ටිකක් වියදම් දරන්න වුනත් ඒක මුලින් හදාරලා , දැනුමක් ඇල්මක් තියෙන කෙනෙකුට වටිනා ප්‍රති ජීවන ක්‍රමයක්

      Delete
    7. තිලක් අයියේ, මගේ පොයින්ට් එක ඒක නෙමෙයි. තාක්ෂනය අලුත් වෙනවා. මේවා පාවිච්චි නොකර ළඟ තියාගෙන ඉඳල වැඩක් නැහැ...
      ආයේ උවමනා උනොත් අලුත් තාක්ෂනය සහිත නවීන උපකරණ මිලට ගන්න එක තමයි සුදුසුම දේ...
      මොකද DSLR කැමරා වල හැසිරීම වසර ගණනාවක් උනන්දුවෙන් බලාගෙන හිටපු මට ඒ වෙනස ගැන තියෙන්නේ ඒ වගේ සුභවාදී ආකල්පයක්...

      Delete
    8. /// ලොකු පුතේ බොට රික්කුවක් දැම්මා එෆ්බී එකේ ගනිං මාව ///
      මට බැහැ...
      මම උඹව දන්නෙත් නැහැ, දැකලත් නැහැ, උඹ මගේ යාලුවෙකුත් නෙමෙයි...

      Delete
    9. ඔව් ලොකු . ඒ කතාව එක්ක එකඟයි. අනික තාක්ෂණයේ වේගවත් වෙනස් වීම දිහා සුබවාදීව බලනවා නම් ඒ ගැන සතුටුයි .

      Delete
  23. මමත් පෙරැම් පුරලා හරි හමන් කැමරාවක් ගත්තේ පඩියක් අතට ආවට පස්සේ.

    අවුරැදු හතරකට විතර ඉස්සර ගත්තා TLR එකක්. දැන් ඒ දෙන්නා ඉන්නවා ඩිජිටල් කැමරාවත් එක්ක .හැබැයි මම නම් පින්තූර ගන්නවා. ;)

    තිලකේ ඔය කැමරාව අල්මාරියේ තියන එකනම් එච්චර හොඳනෑ.

    ReplyDelete