Saturday, October 21, 2023

කොන්ස්තන්තිනෝපල් දිනපොත- තුර්කිෂ් තේ

ලංකාවේ  ගෙදරක වැඩිපුරම පාවිච්චි වෙන වචනය අම්මානම් දෙවැනි වචනය 'තේ' විය හැකිය. තුර්කියේනම් සමහරවිට  එය පළමු වචනයදෝ කියා හිතෙන තරමට මෙරට වැසියන් තේ බිමට ඇබ්බැහි වී තිබේ. ලෝකයේ වැඩිපුරම එක පුද්ගල තේ බීම  ඇත්තේ තුර්කියේ බව මම කියවා ඇත . එය වසරකට තේ කිලෝ තුනහමාරක් විතරය . සාමාන්‍ය පුද්ගලයෙක් තේ කෝප්ප හතරක්වත් බොන බව කියවුණත් මට හමු වූ පුද්ගලයන්නම් දවල් කාලයේ පමණක් තේ විදුරු දහයක්වත් බොති. පැයක  මිටීමක් ඇතුලත තුන්වරක් තේ බෙදාදෙන අතර සීනි ඇටයක්වත් නැති තේ එක ගිජුලෙස රස බලන මගේ සගයන්   දෙස මම පුදුමයෙන් බලා සිටිමි.  මැදපෙරදිගදීනම් සමහරවිට පැය බාගෙන් බාගෙට සිගරට් එකක් බිලා එන විවේකය හැමෝටම ලැබුනද මෙහිදී ඒ පුරුද්ද මම දැක්කේ නැත. ඒත්  සමහරුන් අත  කන්තෝරු කාමරෙන් පිට සිටින විට අනිවාර්යයෙන් දැල්වෙන දුම්වැටියක් තිබෙනු දුටු අතර කන්තෝරුව ඇතුලේ සිටිද්දීනම්  දුම් දමන තේ වීදුරුවක් තිබුනේය .

මේ රටටම ආවේනික තේ බොන විදුරු වර්ගයක්  තිබේ . නගරයේ වීථි  පුරා තැනින් තැන තිබෙන එළිමහන් අවන්හල්වල වාඩිවී මේ විදුරුවලට පුරවාගත් තේ  බොමින් අල්ලාප සල්ලාපයේ යෙදෙන  තරුණ හා වැඩිහිටි මහලු  ගැහැණුන්  හා  පිරිමින්  ප්‍රියමනාප දසුනකි  . සිනි කැට දැමූ  බඳුනක්ද සීනි  දියකරගැනීමට ලී හැන්දක්ද අහල පහලම තිබුනත්  කිසිවෙක් සීනි  මුසුකරගනන්වා මා දුටුවේ නැත . අපේ කන්තෝරුවෙත් ඉඳහිට හෝ සිනි කැටයක් 'ටකලන්'  සද්දයෙන් වීදුරුවට  දමා ගත්තේ මා පමණකි . එසේ දමා  ගනිද්දීත්  ළඟ සිටින හිතවතෙක් සිටියානම් මෙසේ  කියයි.  "සීනි  කියන්නේ වස". මා දන්නා මෙරට මිනිසුන් සිනි හා ලුණු භාවිතය අවම කරගෙන සිටින  අතර එහෙමට තෙල් කන පුරුද්දක්ද ඔවුන්ට  නැත .

මා කන්තෝරුවට ගිය මුල්ම  දවසේ පැයක්  දෙකක් යද්දී තේ එකක් බොන්නට ආසාවක් ඇතිවුනේ කන්තෝරුවේ බොහෝ මේස මත තේ කෝප්ප දුම් දමමින් තිබුන නිසාය . ඔවුන් වරන්වර අසල කාමරයකට ගොස් වීදුරුව පුරවාගෙන එති. මා සමග මුව පුරා හිනැහුණු  වැඩිහිටි ඉංජිනේරුවෙක් මා කැඳවාගෙන ගොස් තේ තිබෙන තැන පෙන්නුවේය.ඔයාට තේ එකක් ඕනි වුනාම මෙතනින් බොන්න . කොපි බොන්න ඕනි වුනාම පහළ  තට්ටුවේ විවේක කාමරයට යන්න . 

මම ඔහු බලා සිටිද්දීම තේ එකක් වීදුරුවට පුරවා ගත්තෙමි. දුම් දදා උතුරන වතුර භාජනයක් උඩ  කුඩා  තේ පෝච්චියක්  තබා තිබුණේය. තේ පෝච්චියෙන් තේ වීදුරුවට පුරවා ගනිද්දී මගේ සගයා කොක්හඬලා සිනාසෙමින් " ඔහොම නෙවෙයි තුර්කිෂ් සැමෝවාර්  එකෙන්  තේ බොන්නේ . ඔයා ලංකාවේ නිසා තේ බොන විදිහ හොඳට දන්නවා කියල මම හිතුවේ." මම ඔහුගේ උපදෙස් අනුව උතුරන වතුර බඳුනේ උඩ  තිබූ  තේ පොච්චියෙන් ස්වල්පයක් වීදුරුවට දමාගෙන පහලින් වූ උතුරන උණුවතුර බඳුනෙන් වීදුරුවේ ඉතිරිය පුරවා ගත්තෙමි. 

" එතකොට මේ සමෝවාර්  එකක්. අපේ නෝනා කලකට පෙර රුසියාවෙන් ගෙනා එලෙක්ට්‍රික් සැමෝවාර් එකක් අපේ ගෙදර තිබුනද  එය අරුමෝසම් භාණ්ඩ අතර  කැබිනෙට්ටුවක් මත තබා තිබුනේය. කාලයක් කසක්ස්තනෙත් සිටියා කියන්නේ කොහොමද සැමෝවාර් එකකින්  තේ හදාගෙන බිලා නෑ කිව්වම. ඒත්  කසක්ස්තනයේදීත් මැද පෙරදිගදිත් අපට තේ හදාගෙන බොන්නට වුවමනා වුනේ නැත්තේ අපට තේ කොපි මේසය ළඟටම ගෙනත් දෙන කාර්ය මණ්ඩලයක් හිටි  නිසාය . දැන් ලෝකය පුරා මේ පිරිස අඩු කර ඇත. 

කොහොම කොහොම හෝ ඉස්තාන්බුල් තේ සංස්කෘතියට  අනුගත වී මේස මත තිබෙන අඩු කහට වැඩි කහට තේ කෝප්ප වල ව්චිත්‍ර වර්ණ දෙස බලා සිට විනෝදවීම මගේ දිනචරියාවට එකතු වී තිබේ . සමහරුන් බොන්නේ තද කහටය . සමහරුන් බොන්නේ ලාම ලා කහටය. මේ වගේ ලා පාට තේ එකක් හදන පුංචි අම්මාට අපේ ආච්චි ඉස්සර සැර  කරනවා මම අසා ඇත .

" මොනාද බන් එළිජ්ජ වගේ තේ හදන්නේ යහමින් තේකොළ ටික දාහන්කො "

මෙහෙ ප්‍රොජෙක්ට් එකකදී හමුවූ ඉංග්‍රීසිකාර මිතුරෙක් මගේ මේසය ලඟට පැමිණ පොඩි පාර්සලයක් පෙන්නා වරෙන් පොඩ්ඩක් ආලින්දෙට කියා මාවත් ඇදගෙන උණුවතුර කෝප්ප දෙකක් ටීපෝව මත තබා පාර්සලය ලිස්සේය. "මෙන්න උඹලගේ රටේ තේ . මට මෙහෙ පොඩි කඩේක තිබිල හම්බුනා" . මම ඒ ලේබලය දකිද්දීම "මේ ලංකාවේ තේම නොවෙයි ඔය සමාගම ලෝකේ රටවල් ගානක පැතිරිච්ච එකක්. එක එක රටවල  තේ බ්ලෙන්ඩ් කරලා හදන්නේ" කියා කිව්වෙමි . ඊන්පසු අපි ලිප්ටන්ගේ උපන්ගම හා ලංකාගමනය ගැන කතා කළෙමු . මම ඔහුට මෙහෙම කතාවක් කිව්වෙමි.

"වතාවක් මට කසක්ස්තානේදීත් ඔයවගේ සිලෝන් ටී  කියල ලේබලයක්  තියෙන තේ පැකට් වගයක් හම්බුනා . බැලින්නම් ඒවා ඉන්දියාවේ හදල පෙට්ටියේ කවුද ස්ටිකර් එකක් අලවලා සිලෝන් ටී  කියල"

මම ලංකාවෙන් ගෙනා කළුබෝවිටියන තේ පැකට් දෙකෙන්  එකක් ඔහුට දුන්නෙමි . අනෙක මම අපේ රියදුරාට දුන්නෙමි.

රියැදුරා  කිව්වේ "අපේ හාමිනේ තේ තියෙන පලාතක කෙනෙක්. එයා එක එක විදිහේ තේ වලට හරි කැමති. ලංකාවේ තේ පැකට් එක දැක්ක ගමන් හරි සතුටු වෙයි" කියලය . 

එතකොට ඔහේ සිලෝන්ටී  වලට කැමති නැතිද කියා මම ඇසුවිට ඔහු මෙහෙම කිව්වේය . 

" මම මේ තුර්කිෂ්  තේ වලට ඇබ්බැහි වෙලා ඉන්නේ. මේවා ඇර වෙන දෙයක් මට හරියන එකක් නෑ "

හීනි රෙසිනමය රසක්  දිවට දැනෙන ත්ර්කිෂ් තේ ඇබ්බැහි වෙන සුළුය. ඒවා දකිද්දී අර මකුණු රසක් ආ එහෙත් ඇබ්බැහිවෙනසුලු මුල්කාලයේ හැනපියර් බ්‍රැන්ඩි බෝතල් මතක් වෙයි.   කන්තොරුවේදී තේ කෝප්ප දහයක් විතර  බි ගෙදර යන මම කිසිදා මගේ අපාර්ට්මන්ට් එකේදි  තේ එකක් බි නැත. ගෙදර යද්දී අර කන්තෝරු තේ රහ කටේ රැඳී තිබෙන අතර සති අන්තයේ දවස් දෙකෙදිවත් එය මැකී යන්නේ නැත .

මගේ අලුත්  නවාතැන මට ලැබෙන විටදීත් එහි කුස්සියේ මේසය මත අලුත්ම අලුත් ලොකු තේ බෑග් පෙට්ටියක් තිබුනේය. මම එය තාමත් අතින් නෑල්ලුවේ ඒ නිසාය .

සටහන:

පුරාතන  සේද මාවතේ කේන්ද්‍රස්ථානයක් වූ කොන්ස්තන්තිනෝපලයට  චීනයෙන් තේ ලැබෙන්න ඇතැයි සැලකෙන්නේ සියවස් ගණනාවකට පෙර සිටයි. එහෙත් තුර්කියේ තේ වගාවේ හා තේ බිමේ නව ප්‍රවණතාව ඇරඹෙන්නේ විසිවන සියවසේ මුල පටන්ය. මා අන්තර්ජාලයෙන් සොයා බැලූ අන්දමට ලංකාවේ මෙන් හතර ගුණයක්  තුර්කියේ තේ නිපදවෙයි.  මේ ප්‍රමාණය  තුර්කියේ පාරිභෝජනය කරන ප්‍රමාණයට වඩා වැඩියි. එහෙත් ඔවුන් තේ පිටරටින් ගෙන්වයි.  අපනයනයද කරයි . මේ විවෘත ලෝක වෙළඳපලේ හැටිය . එපණක් නොවේ තුර්කිය වැඩියෙන්ම තේ ගෙන්වන්නේ ලංකාවෙන්ය. ශ්‍රී ලංකාව තේ වැඩියෙන්ම යවන රටවල් අතර මුල් කිහිපයේ තුර්කිය  තිබෙයි. 

32 comments:

  1. https://www.youtube.com/watch?v=oNuTmqpQV-Y&list=RDEMZo6YNRP0jdO1cfccicrC-Q&index=9

    ඔව් තේ කියනේ පුදුමාකාර බීමක් තමයි! සීතලටත් බොන්න පුළුවන් දාඩිය දාන වෙලාවටත් බොන්න පුළුවන් දෙයක්; මම හිතන්නේ මේ ගුනාංගය තියෙන්නේ වතුර වලටයි ගල් අරක්කු වලටයි විතරයි!
    ඔබ කතාව පටන් ගෙන තියෙන විදියටම තේ කියන එක අපේ ජීවිතවල බහුතරයක්ම කියන වචනයක් බව නම් ඇත්ත!

    කොහොම උනත් අපිට දැන් සෑම සෙන සුරාදාම රටක වග තුග අහලා බලා දකින්න ලැබෙන එකත් මරු!
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ආයේ ලියන්න පටන් ගත්තේ බ්ලොග් සංචාර ලැස්ති කරලා ශනිදා වාසනාව පෙන්නපු ඔයාලට ස්තුති වෙන්න තමයි

      Delete
  2. තේ පැන් නිතර බොන්නලු සමහරු කියතී
    මේ ගැන බොහෝ අය එක එක ලිපි ලියතී
    ඒ හින්දාම මම එහි රසයට කැමතී
    කෝ තිලකයියෙ අද මේසයෙ එය නොමැතී....

    ජයවේවා තිලකයියේ...

    ReplyDelete
    Replies
    1. තේ පැන් රසයි කවදත් කොහොමත් මල්ලි
      ජය වේවා !

      Delete
  3. තේ හැදීමත් බීමත් එක්තරා කලාවක් බලං යනකොට

    ReplyDelete
    Replies
    1. එහෙනම් එහෙනම් . අපි ඒ කලාවෙන් බොහොම පොඩ්ඩයි දන්නේ

      Delete
  4. ඉන්දියන් තේ වර්ගයක් තියෙනවා කාඩමම් (කරදමුංගු) මුසු. මාර රහයි.

    ReplyDelete
    Replies
    1. මම මේ ගැන ලිව්වා මුම්බායි බෝඩිම කතාවේ

      Delete
  5. අපේ තේ අපේ රටේ මුදුනටවත් හරියාකාරව යන්නෙ නෑ. මේ මාසෙ මුලදි යාපං යත්දි මං හිදැල්ලන තේ පැට්ටරියෙං කිලෝ 3 ක් ඇරං ගියා.

    ආපහු ගෙනාවෙ කවරෙ විතරයි

    ReplyDelete
    Replies
    1. අපේ රටේ හොඳ තේකොළවලින් රස තේ එකක් බිල නැතිව ඇති ජනගහනයෙන් සියේට පණහක්වත්. ඒත් තිස්සෙම තේ බොනවා

      Delete
  6. තේ පැන් දින දින වැඩි වැඩියේ
    බීමෙන් සිරුරට සැප වැඩිවේ
    පරසිඳු ගීයක තිබිණි එසේ
    රස තේ එකකිය ලිපිය ඔබේ!

    ReplyDelete
    Replies
    1. ඉස්තුතියි පිළිතුරට ඔබේ

      Delete
  7. රුජිත් අන්නමලේOctober 21, 2023 at 7:04 PM

    සූර පප්පා කාටූන් එකෙත් අරිෂ්ටය කියලා බොන්නෙ තේ ම තමයි

    ReplyDelete
    Replies
    1. එහෙමද ? ඒ ගැන දැනන් හිටියේ නෑ

      Delete
  8. (එරන්දි නැවත ලිවීම අරඹා ඇත! එහෙත් සින්ඩි සහ බ්ලොග් රෝල් වල ඒ බව නොපෙනේ. මේ ලින්කුවෙන් ඊට ගොඩ වදින්න! https://buddhikaerandijayasinghe.blogspot.com/ )



    (ඉවාන් පවුලූෂා නැවත පැමිණ ඇත ! මෙතැනින් ගොස් හමුවී කතා බස් කරණ්න! එහෙත් සින්ඩි සහ බ්ලොග් රෝල් වල ඒ බව නොපෙනේ. මේ ලින්කුවෙන් ඊට ගොඩ වදින්න! https://iwanpaulooshaa.blogspot.com/2023/10/blog-post_22.html

    ReplyDelete
    Replies
    1. මේවා කොහොම හරි ගොඩ දාලා දෙන්න ඕනි බ්ලොග්.

      Delete
  9. මමත් තේ බොන්නෙ සීනී නැතිව, උතුරන වතුර එකට ටී බැග් එකක් දාලා ගත්තම හොදට තියෙනවා, කලින් ඇබ්බැහි වෙලා වගේ තමයි තිබ්බෙ, හැබැයි දත් වල පොඩි කහට ගතියක් එන්න ගත්ත නිසා පොඩ්ඩක් තේ බීම අඩු කලා.
    මං ඉන්න අයර්ලන්තයේ සිලෝන් ටී නෑ. අනෙත් එක මෙහේ තියෙන ටී බැග් වල අර නූලක් වගේ කෑල්ලත් නෑ, නිකංම ටි බෑග් එක විතරයි, හැවැයි ලංකාවේ ටී බෑග් එකට වඩා ලොකුයි, තේ හැන්දෙන් අරගෙන ටී බැග් එක විසික් කරලා දානවා, මම නම් සීනී දාන්නෙ නැති හින්දා ඌක ඇඟිලි වලින්ම අල්ලලා විසි කරනවා,

    ReplyDelete
    Replies
    1. //අනෙත් එක මෙහේ තියෙන ටී බැග් වල අර නූලක් වගේ කෑල්ලත් නෑ,//අර මේ කතාවේ ඉන්න ඉංග්‍රීසි යාළුවා මට ලංකාවේ තේ කියල ගෙනත් පෙන්නුවේ අන්න ඒ වගේ නුලක් නැති තේ බෑග් . මම හිතන්නේ තේ බෑග් වලට නූල දාන එක කරදරකාරී තාක්ෂණයක් කියල. ඊට වඩා හොඳයි හැන්ද සමග නූල නැති ටි බෑග් පාවිච්චි කරන එක

      Delete
  10. උඩින්ම කියල තියන අර ලංකාවේ ගෙදරක දෙවනියට කියවෙන වැඩිම වචනය තේ කියලා කියන එක හරි වෙන්න ඕනෑ. මොකද අපිට නිකන් වෙලාවකට තේක දිය නැත්තං සික් වගේ 😁😁😁😂. ඉඳලා හිටලා ෆිල්ඩ් එකේ යද්දි අනිවාර්යෙන් කොහොමහරි කරලා දවසට නං දෙපාරක්වත් අඩුම තේ නං බොනවාමයි. වැඩේ කියන්නෙ සමහර පැති වල තේ එකක් වත් බොන්න තැනක් නෑ. ඒ දවසට පිස්සු වගේ.

    ලංකාවේ තේ කලවම් කරනවා නේද. මට මතකයිිගෝඨා ජනාධිපති වුණාට පස්සේ හොඳ තේ කොළ වලට ජරාව මිශ්‍ර කරන්ඩ පොරම අනුමැතිය දුන්නා ද කොහෙද.

    ඔහෙ ඉඳලා ආපහු ලංකාවට එන දවසක තිලක අයියා ත් හොඳ තේ රසිකයෙක් වෙලා ඉදි වගේ 😁😁

    ReplyDelete
    Replies
    1. මම තේ වතු පැක්ටරි පේන මානේ මල්ලි ඉපදුනේ හා පුංචි කාලේ ජිවත් වුනේ. ඒ කාලේ ඉඳන්ම හොඳ තේ රසිකයෙක් .

      Delete
  11. තූර්කි ගිහින් නෑ. ටර්කිශ් ටී බීලත් නෑ. ඒත් සයිප්‍රස්වලදි ටර්කිශ් කොෆී බිව්වා අර "strong enough to stand a spoon in" කතාව මතක් වුනා ඒක බොනකොට.
    මං හිතන්නෙ ටර්කිශ් කොෆී කියන්නෙ නෑ ඒවට සයිප්‍රස්වලදි. උන් තරහ නිසා ටර්කිශ් ඩිලයිට්වලටත් සයිප්‍රස් ඩිලයිට් කියනවනෙ

    ReplyDelete
    Replies
    1. ඒ පොඩි ටර්කිෂ් කොෆි එක මරු. ඒක හදන අර පොඩි ගැජට් එක තිලකේ යනකොට අරන් යන්න.

      Delete
    2. මැද පෙරදිගදී ටර්කිෂ් කොෆී එක හරි ජනප්‍රියයි. මෙහෙදී වැඩිපුර බෙන්නේ තේ. අර කොෆී එකත් පේන මානේ තියෙනවා.

      Delete
  12. අපේ පැත්තේ ඉන්නවා කියන්නේ ඉතින් පොඩි තුර්කියේ ඉන්නවා වගේ තමයි. මෙහෙ කඩවල තුර්කි තේ වලට අමතරව වැඩියෙන්ම විකුනන්නේ සිලෝන් ටි කියල ගහපු ලොකු දළු තියෙන තේ එකක්. මේ තේ වල රහ අපි සෝවියට් දේශයේ කොච්චි වල යනකොට දුන්න තේ වල රස. ඒ කියන්නේ ජෝර්ජියාවේ තේ. තුර්කි තේත් ටිකක් ඒ වගේ. චුලනි ගෙන් අහන්න ඒවල අමුතු රහ.

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර තේ රහ ගැන සෑහෙන කරදර වෙන දෙන්නෙක් ඉන්නේ. බත් නම් ඔය මොනා හරි එක්ක ගිලිනවා. ඒත් තේ එක හොඳම තේ කොළවලින් ඕනි. දියතලාවේ හා රුසියාවේ පුරුදු

      Delete
  13. මමත් තේ රුසියෙක්. කලු තේ, කොල තේ, ඉන්ගිරිසි උදා තේ, අර්ල් ගෙ තේ, මචා තේ, ඌලොන් තේ, ඔක්කොම සැරින් සැරේ බොනවා. කැමොමයිල් , රෝස සහ අනෙක් තේ නොවන තේ වර්ග පහ හයක් ඊට ඇතුලත්. කෝපි බිව්වත් ඒකත් බොහොම වෙලාවට චායි ලාටේ. හැබැයි තුර්කි තේ බීලා නැහැ. බොන්නට කෑදර කමක් ආවා. අය්යේ, අටටුක් ගැනත් කතන්දරයක් කියන්න.

    ReplyDelete
    Replies
    1. මට තායිවාන් තේ පැකට් එකක් තෑගී ලැබුනා ගිය සතියේ බිලා බලන්න. අටර්ටර්ක් ගැන ලියනන ගත්තා ඉවර කළේ නෑ . මේ ඉරිදා විශේෂ දවසක්නේ. එන පෝස්ට් එකෙන් මතක් කරනවා

      Delete
  14. අපි කොණ්ඩෙ කපන්නෙ නං තුර්කියොන්ගෙන්

    ReplyDelete
    Replies
    1. ඊට වඩා හොඳ නැද්ද කොණ්ඩේ බැන්දනම්

      Delete