Sunday, February 18, 2024

ඉස්තාම්බුල් ට්‍රෑම්කාර් හා පාපන්දු

 

මේ දවස්වල තරමක් අවිවෙකී වී සිටින නිසා  යන එනගමන් ෆෝන් එකෙන් ලියන ෆේස්බුක් සටහන් කිහිපයක් මෙහි පළ  කරමි 

2024 පෙබරවාරි 18

ඉස්තාම්බුල් නගරයේ ට්රෑම් කාර් සේවාව ඇරඹෙන්නේ 1890දී ය. මුල්ම රථ දිව්වේ අශ්වබලයෙනි. 1912දී විදුලි බලයෙන් දුවන ට්රෑම් කාර් සේවා ජාලයක් කරළියට ආ අතර අතු ඉතිලා වැඩුණු මේ ජාලය පණහේ දශකය වෙද්දී මල්වර වී මාර්ග පණහක් දිගේ ට්රෑම් කාර් දෙසිය පණහකින් දුවන ප්රවාහණ බල ඇණියක් වුනේය. ඒ කාලය වෙනකොට ලෝකය පුරා ප්රවාහණ සේවාවල වෙනස් ප්රවණතා ඇති වෙන්නට පටන් ගත් නිසා ලංකාව මෙන්ම තුර්කියද සිය ට්රෑම් කාර් සේවාව හෙමින් හෙමින් හකුළා ගන්නට පටන් ගත්තේය.

1900වසරේ අර තරම් විශාල ජාලයක් නොවූවද කොළඹ නගරයට ප්රවාහණ සේවය මනාව සැපයූ විදුලි ට්රෑම් සේවය පටන්ගෙන 1960 පමණ වනතුරු දිව්වේය. ඉස්තාම්බුල් නගරයේ ආසියානූ හා යුරෝපීය කොටසේ අරසා විශාලෙට ව්යාප්තව තිබූ ට්රෑම් කාර් සේවාව 1966 වනවිට මුලුමනින්ම හකුළා ගනු ලැබිණි . ඉන්පසු ප්රවාහණයේ අරක්ගත් ලොකු කුඩා මෝටර් රථ මාර්ග තදබදය මවමින් වායු දූශනය කරමින් වාතයක් වෙද්දී ඉස්තාම්බුල් නගර සභාව 1990 පමණ පටන් ආයෙමත් ට්රෑම් කාර් ගැන පෙම් සිතුවිලි පාන්නට වූ අතර නගර සභාවේ සිටි තරුණ උපදේශක ඉන්ජිනේරුවෙක් ප්රවාහණ කටුගේක තිබූ පරණ , කලාත්මක ට්රෑම් කාර් කීපයක් රෙපෙයාර් කරවා සංචාරකයන් වෙනුවෙන් දුවවමුදැයි ගෙන ආ යෝජනාව නගර සභාව ඒකමතිකව පිළිගත් නිසා තක්ශින් නගරයේ හා ආසියානු කොටසේ පැරණි මාර්ග කොටස් දෙකක ඔය පින්තූරයේ පෙනෙන විදිහේ නොස්ටැල්ජික් ට්රෑම් කාර් දුවවන්නට පටන් ගත්තේය. ඒවා දෙස් විදෙස් සංචාරකයන් අද්දන කාන්දම් වුනේය.

1992 එලෙසින් ඇරඹුණු ඉස්තාම්බුල් දෙවන ට්රෑම් කාර් යුගය මේ වනවිට නවීන රථ, මාර්ග හා මෙහෙයුම් පද්ධතිවලින් පොහොසත් වෙමින් තිබෙයි. නගරයේ සමහර මෙට්රෝ මර්ග හා ට්රෑම් සේවා ඉදිකරන්නේ හා පවත්වාගෙන යන්නේ නගර සභාවෙනි. නගර සභාවකට ඔච්චර දෙයක් කරන්නට පුලුවන්දැයි මට මුලින් හිතුනත් එම සැකය දුරු වුනේ කොළඹ ට්රෑම් රථ සේවය 1929 සිට එහි අවසානය දක්වා පවත්වාගෙන ගියේ කොළඹ නගර සභාවෙන් බව කියවූ විටය. නගර සභාවට හා ප්රාදේශීය සභාවලට කරන්න පුලුවන් බොහෝ දේවල් තිබෙන අතර අනේ ඒකට සල්ලි මහ ගොඩක් ඕනිනෙ කියන කතා හා ලංකාවේ ඔය කියන සභා දුප්පත්ය කියා මම පිලිගන්නේ නැත.

අර ඉස්තාම්බුල් නගර සභාවට ට්රෑම්කාර් යළි පටං ගැනීමට උපදෙස් දුන් ඉන්ජිනේරුවා සමග මේ දවස්වල එකම කන්තෝරුවේ වැඩ කරන බවත් සතුටින් ලියා තබමි.

2024 පෙබරවාරි 07 



තුර්කියේ ක්රීඩාලෝලීන්ට ඇත්තේ අමුතුම තාලේ පාපන්දු උනන්දුවකි. මෙරට ජනප්රියම ක්රීඩාව වන පාපන්දු සඳහා වෙන් වූ ක්රීඩාගාර රාශියක් තිබෙන අතර 2002 දී ඉදි කෙරුණු අටාටුක් ස්ටේඩියම් එක ප්රේක්ෂකයන් හැත්තෑ හතර දහසකට අසුන් පැනවිය හැකි ලෝකයේ තිබෙන විශාලම ඒවායෙන් එකකි. නවීන පාපන්දු ක්රීඩාව ජනප්රිය වීම ඇරඹි 19වන සියවසේම අග හරිය වනවිට ඔටෝමාන් පාලනයේ තිබු තුර්කිය පාපන්දු ක්රීඩාව තදින් බදා වැළඳ ගත්තේය. එතැන් පටන් ලෝ පතල ක්රීඩකයන් හා ක්රීඩා සමාජ රාශියක් මේ රටෙන් බිහි වී තිබේ .

මම නිතර යන එන පාර අද්දර පින්තූරේ පෙනෙන්නට තිබෙන රම්ස්පාර්ක් පාපන්දු ක්රීඩාගාරයේ ප්රේක්ෂකයන් 52,000කට ආසන පහසුකම් ඇත. එය ඉදිකර ඇත්තේ 2011 දිය . එහි හිමිකාරිත්වය දරන්නේ සුප්රසිද්ද පාපන්දු සමාජයක් වන ගලටේසාරේ කණ්ඩායමටය. එංගලන්ත ජාතික මා මිතුරා කිව්වේ මීට අවුරුදු පණහකට පෙරත් එම ක්රීඩා සමාජය යුරෝපය පුරා ප්රසිද්ධව තිබූ බවය.

1908 දී එනම් මිට අවුරුදු එකසිය පහළොවකට පෙරත් ප්රේක්ෂකයන් පණස් දහසකට වාඩි විය හැකි පාපන්දු ක්රීඩාගාරයක් ඉස්තාන්බුල් නුවර ඉදි වී තිබේ.
2002 වුරුද්දේ දකුණු කොරියාවේ පැවති ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ තුන්වන තැන හිමි කර ගැනීමත් සමග තුර්කියේ පාපන්දු කිරීඩාව වඩාත් ජනප්රිය විය.

ක්රීඩා සමාජ අතර තරග පැවැත්වෙන දිනවල රම්ස්පාක් පැත්තේ පාරවල ට්රැෆික් වැඩිවෙන නිසා බොහෝ දෙනා හවස්වන්නට පෙර කන්තෝරුවලින් පිටවෙති .
ඒ වගේ දවසක කොණ්ඩේ කපන්න ගිය මට හරි අකරතැබ්බයක් වුනේ අපේ බාබර්වරයා ෆෝන් එකෙන් මැච් එක බලමින් අති උද්යෝගයෙන් ප්රතිචාර දක්වද්දීය.කොණ්ඩය කපන අතරතුර ඔහු මගේ ඔලුව ෆුට් බෝලයක් කියා පයින් ගසාවි යැයි අනියත බියකින් වෙලී ගියෙමි .


13 comments:

  1. ට්‍රෑම් කාර් හොඳටම තිබුනේ සෝවියට් දේශයේ. මොස්කව් වල අපේ නවාතැන ඉදිරිපිටත් තිබ්බ. ලන්ඩනයේ ක්‍රොයිඩන් පැත්තේ ආයේ පටන් ගත්ත. මටනම් ට්‍රෑම් කියන්නේ හොඳ රථ සේවාවක්. ට්‍රෑම් යන්නේ නැති වෙලාවට අනිත් වාහන වලට වුනත් යන්න පුළුවන් විධිහට හදන්න පුළුවන්. නැත්නම් පැරලල්

    ReplyDelete
    Replies
    1. Croydon tram accident was fatal noh

      Delete
    2. ඔව් ට්‍රෑම් කියන්නේ කරදර අඩු හොඳ ප්‍රවාහන සේවයක් . විශ්ෂයෙන් නගරබදට

      Delete
  2. නෑ නෑ වැඩක් දන්නෙම නැහැ වගෙයි ඔහේ
    ඉගෙන ගන්න කියමුද හැටි බලල මෙහේ
    කොමිස් ගහන්නට හැකි නම් කොහේ කොහේ
    වුව හදනවා පිට්ටනි- සෙල්ලමට පහේ

    ReplyDelete
    Replies
    1. ලෝකෙන් ගන්න හොඳ දේවල් තව බොහොමයි
      මොනවා වුනත් කොමිසක් නැතිනම් නොකෙරෙයි

      Delete