හෝඩි පන්තියේ අවුරුදු තුනක් සිටි මම හෝඩියේ සිටි
තුන් වැනි අවුරුද්දේදී පාසැල් ගමන නතර කර දැමුවෙමි. මගේ බලාපොරොත්තුව උනේ හීන්
බණ්ඩා මෙන් හරක් රංචුවක් බලා කියා ගෙන වෙල් දෙනි වල ඇවිදිමින් නිවී සැනසිල්ලේ
සිටීමටය. එහෙමත්
නැත්තම් දාස මෙන් ගොල්ෆ් පිට්ටනියේ බෝල ඇහිඳින අත් උදව් කාරයෙකු වන්නටය. එත් මගේ අනාගත සිහින බිඳ වැටුනේ අපේ අම්මා නිසාය. අනෙක් අතට මට හෝඩියේ
පන්තියේම අවුරුදු තුනක් ඉන්නට වුනෙත් අපේ අම්මා නිසාය.
මම ඉස්සෙල්ලම හෝඩියට ගියේ අවුරුදු හතරෙනි . හෝඩි පන්ති බාර ගුරුතුමිය අපේ අම්මාය. නම් ලැය්ස්තුව කතා කරන විට අම්මා මගේ නමද කියවය්. මම ආඩම්බරෙන් 'ඉන්නවා' යැය කියමි. අනෙක් සියලු දෙනාම තමන්ගේ නම කතා කරන විට 'ඉන්නවා' කිව්වේ ලජ්ජාවෙන් ඇඹරෙමින් මුත් දැඩි සන්තොශයකිනි. මම අනුකරණය කරමින් අපේ පන්තියේ ළමයින් සියලු දෙනාම අපේ අමමාට 'අම්මා' යැය් කීවෝය. එත් මගේ පළවෙනි බලාපොරොත්තුව කඩ වුනේ අනිත් සියලුම ළමයන් දෙකේ පන්තියට පාස් වෙද්දී මට හෝඩියේම ඉන්නැය් අම්මා ඉල්ලු දවසේදීය. අම්මාත් හෝඩියේම සිටින නිසාත් දෙකේ පන්තියට නියමිත පොත්ද මට ලැබුණු නිසාත් මම ඒ යෝජනාවට ටිකින් ටික අනුමැතිය දුන්නේම්.
තවත් අවසනාවන්ත දවසක් උදා වුනේ මම හෝඩියේ සිටි දෙවැනි අවුරුද්දෙදීය. අම්මා
අසනීප වූ දවසක මට තනියම ඉස්කෝලේ යන්නට සිදු විය. එදා පන්තියේ නම්
ලැය්ස්තුව ලකුණු කලේ වෙනත්
ගුරුවරියකි. ඇය ලැය්ස්තුව කියවා හමාර කළද මගේ නම කියවුනේ නැත. මම මහා හඬින් හැ ඩු වෙමි. තැති ගත් ගුරු තුමිය නැවත ලය්ස්තුව පීරා බැලුවාය. ' ඔයාගේ නම මේකේ නෑනේ' . මගේ පපුව හෝස් ගා පත්තු විය. මගේ බෙරිහන් දීම නතර කිරීමට බැරි වූ නිසා ලොකු පන්තියක ළමයන්
දෙදෙනෙක් සමග මාව ගෙදර අරලන්නට
සිදුවිය.
පසුව මා දැනගත් පරිදි ඉස්කෝලේ බාර දෙන වයසට කලින් අම්මා සමග මා පාසල් ගොස් තිබු අතර ඊළඟ අවුරුද්දේදී ළමුන් පාසල් භාර දෙන වයසද අවුරුදු පහ නොව හය ලෙස වෙනස් වී තිබිණි. ඒ නිසා අම්මාට අවුරුදු දෙකක් මාව නිකන් පාසැලට එක්කරගෙන එන්නට සිදු විය. අපේ අම්මා මගේ නම කියවා කර තිබුනේ අහිංසක බොරුවකි.ඊ ලඟ අවුරුද්දේ අම්මා මාව ඇත්තටම ඉස්කෝලයට භාර දුන්නාය. ඒ මගේ හෝඩියේ පන්තියේ සිටින තුන් වෙනි අවුරුද්දය්. අවුරුදු ගානක්ම පාසැල් ඇවිත් සිටි නිසා මම පුංචි 'පොරක්' වී සිටියෙමි.

ඒ පාසැල පටන් ගත
ජනවාරි මාසයේ මුල් සතියය්.
අපේ පාසැල ඉදිරිපස පාර තද බැවුම් සහිත පටු එකක් විය. පාරේ ඉබි ගමනින් කන්ද නගින පරණ හමුදා බසයක් මගේ නෙත ගැටුනේ උදේ විවෙකයේදීය. තවත් තක්කඩි පැන්චන් පිරිසකට කතා කර ගත් මම බස් එක පස්සේ දිව්වෙමි. ටිකදුරක් එහි පිටිපස ඉනිමග දිගේ එල්ලී යන්නටද අපට පුළුවන් විය. වහා බස් එක නතර කළ හමුදා බටයන් අපිට සැහෙන තරවටු කර, අපව පාසලට ගෙන ගොස් බාර දුන්හ.එය ඉතා බර පතල වරදක් විය. අම්මා නඩුව ඇසුවාය ඉස්කෝලේ මිදුලේ පේලියට දන ගසා ගෙන සිටියා මදිවාටවේවැල් පහරවල් කීපයක් කන්නටද මට සිදු විය. මේ සිද්දිය මා කෙතරම් කම්පනයට පත් කළාද යත් ඒ මොහොතේම ගෙදර දුවගෙන ආවේ නැවත කිසි දාක පාසල් නොයන දැඩි තීරණයකිනි.
එදා සිට දවස් ගණනාවක්ම මාව සෝදා කවා අන්දවාගෙන පාසැල් හැරලන අම්මාගේ අත ලිහිල් වූ සැනින් මම ගෙදර දුවගෙන ආවෙමි. ආච්චිලගේ ගෙවල් පැත්තේ රවුමක් ගියෙමි. බත්කූරන් පස්සේ ගියෙමි. කොට්ටෝරුවන් හා ඇති කුකුලන්ගේ හඬ අනුකරණය කරමින් ඇවිද්දෙමි. ගඩා ගෙඩි කමින් මහා අනාර්ග කාලයක් ගෙව්වෙමි. මාසයක් ගත විය දෙකක් ගතවිය. පාසැල් ගමන ඇත හැර තිබූ දාසත් හීන් බණ්ඩාත් මා සමග මිතුරු වුයේ මේ කාලයේදීය.

දැන් අවුරුදු නිවාඩුවට කලින් සතියය්. අම්මා මට පෙනෙන්නට මහා උත්සවයකට සරසේන්නීය.ඒ වාර අවසාන විබාගයේ තෑගි බෙදා දීමේ උත්සවයටය්. තාත්තා සමග මට ඇහෙන්නට ඒ ගැන නිතර කියවය්. පන්තියේ පළ වැනියා වන්නට සිටින සුනිල්ගේ දස්කම් ගැනත් ඊට නොදෙවෙනි හපනෙකු වන ගාමිණී ගැනත් කියය් . බ්‍රිස්ටල් බෝඩ් ලස්සනට කපා පාට පැනින් සරසා සහතික පත්ද සාදා අවසානය. ඒවා මට පෙනෙන්න්නට මේසය මත තබා තිබේ. සහතික පත් වල නම් ලියන්නට ඉඩ ඉතිරි කරලාය .
හෝඩියේ වාර විබාගය දවසේ අම්මා ඉස්කෝලේ යන්නට සුදානම් වී බලන විට මමද හැඳ ගෙනය. මොකුත් නොකියාම තනියෙන් සිනාසෙමින් මාවත් අතින් අල්ලාගෙන අම්මා පාසැල් ගියාය.විබාගයට ආ චිත්‍රය පාට කිරීමටත්, අකුරු බලාගෙන ලිවීමටත් මට වැඩියෙන්ම ලකුණු තිබුණු අතර පැමිණීමට ලකුණු අඩු වූ නිසා පන්තියේ පළවැනියා වන්නට බැරි විය. එත් එදාය්න් පසු මට පැමිණීමටද පළවෙනි තැන ලැබුණි .
ලොකු කන්තෝරුවල රැස්වීම් මැද ඒකාකාරී දවස් ගෙවෙද්දී දාස හා හීන් බණ්ඩාගේ ලෝකයේම ඉන්නට තිබුනානම් හොඳ යය් මට හිතෙන වෙලාවල්ද තිබේ. එත් හෝඩියේ පන්තියේ ගුරුතුමියගේ ආදරබර සම්යක්ප්‍රයෝග මතක් වෙද්දී පළවෙනියාම නොවී පලා යන්නට මගේ සිත ඉඩ නොදේ .
(චිත්‍රය ඇන්දේ ඔවිනි )
මගෙ තාත්ත උගන්නපු ඉස්කෝලෙම මමත් හෝඩියෙ අවුරුදු දෙකක් හිටිය.. ඒ මාව අවුරුදු තුනේදි හෝඩියට ඔය විදිහටම ගෙනිහින් වාඩිකරල තිබ්බ නිසා. තාත්ත නං ඉගැන්නුවෙ ලොකු පන්තිවලටයි අපිට හිටි ටීචර් අම්මගෙ හොඳ යාළුවෙක්.. ඔය විදිහට මට කිසිම දෙයක් ගෙදරට හොරෙන් කරලා ගැලවෙන්නට බැරි උනානෙ..
ReplyDelete"ලොකු කන්තෝරුවල රැස්වීම් මැද ඒකාකාරී දවස් ගෙවෙද්දී දාස හා හීන් බණ්ඩාගේ ලෝකයේම ඉන්නට තිබුනානම් හොඳ යය් මට හිතෙන වෙලාවල්ද තිබේ."
ReplyDeleteමට එය නිතර සිතේ.
මගේ හිත මෙ තරම් රසවත් කළ වෙනත් බ්ලොගයක් නැති බව ද මට සිතේ.
අපේ රබර් කට්ටි කැපු, කිරි කපන නැන්දා ගෙදර පසු කරගෙන යන්ව දකින බොහොමයක් උදෑසනක, අපෙ තාත්තා මා අමතා,
ReplyDelete"ඔන්න ඉතින් ඉගෙන ගත්තේ නැත්තන් සුදු පුතාටත් වෙන්නේ කිරි කපන්න තමයි, පේනවනේ අමාරුව"
සරල කතාවක් උනත් 4 රේ 5 හේ හිටපු මට මෙක පට්ට මෝටිවේශන් පාරක් උනා මතකයි.
කොම්පනියේ නිරස සකච්චා, ප්‍රොජෙක්ට් මීටින්,ප්‍රෙශන්ටේශන් මැද වරින් වර හිත කෑගහනවා.
අනේ තාත්ති, කිරි කැපුවානම්, මොනවා නැතත් ඔයාගෙයි අම්මිගෙයි මුන බලන්ඩ් සැතපුම් දස් ගනන් ගෙවගෙන එන්ඩ් ඔනෙ නෑනේ.අනිත් එක "පේනවනේ මෙවයෙත් අමාරුව".
බලාගෙන ගියාම අපි හැමෝගෙම කතාව එක වගේ ඇනෝ. ඔබේ දෙමවුපියන්ටත් ඔබටත් නිදුක් නිරෝගී සුව පතනවා.
DeleteI was said to my father same thing but different way. He was asked from me who will care about them and other properties when they were not able to do more by themselves. My answer was “if you did not educate me properly I would be at home from the beginning”. I don’t know how rood my answer, but truth is that.
ReplyDeleteහෝඩියේ පන්තිය මතක් වුණා.. ලියන්න කොයි තරම් ලස්සන මතකයන් තියෙනවද?
ReplyDelete