දෝනීගේ පන්තියේ දරුවන් හැමෝම පාහේ ළමා නාට්ය උළෙලක් සඳහා හවස පුහුණු වීම් වල නිරත වෙති. වෙනදා තිබුණු නෙට් බෝල් ප්‍රෑක්ටිස් අර සංගම් මේ සංගම් මදිවාට මේ හින්දාත් හැමදාම හවස් වෙනකන් ඉස්කෝලේ ළඟ ගාටන්නට බැරි නිසා මම කිව්වේ ඔය තරම් අතිරේක වැඩ නොකර නිදහසේ ඉන්නටත් පොතක් පතක් බලා ගන්නටත් කාලය ඉතිරි කර ගන්න යි කියලාය.
'දුවේ ඔය තරම් මහන්සි වෙන්නේ මොකටද? හැම දේම බදා ගෙන ඉඳලා අන්තිමේ මට වගේ වෙයි.' එහෙම කියලා කට ගන්නට කලින් 'ඇයි දැන් ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ ?'' කියා ළමයින්ගේ අම්මා මගේ ඇඟට ගොඩ වුවාය.
ඇත්ත නේන්නම් මට මොකුත් වෙලා නෑනේ.
ඒත් මගේ හිත එතැන නොරැඳවී දශක කිහිපයක් එහා අතීතයට ඉගිල්ලී ගියේ මටත් නොකියාමය
මා කුඩා කාලයේ නාට්‍යය කලේ පුංචි ඉස්කෝලේ සිමෙන්ති වේදිකාවේදීය. සති දෙකකට වරක් සාහිත්‍ය සමිතියට අපි නොවරදවාම නාට්‍යයක් කළෙමු. කිසිම ගුරුවරයෙකුගේ උපදෙස් නොලබා පන්තියේ යාළුවො එක්කාසු වී කළ මේ රංග ජවනිකා දෙක තුනක් මට මතක් වේ.
සුබ සහ යස නාට්‍යය කරද්දී යසලාලක තිස්ස රජ්ජුරුවෝ සුබ සේ වෙස් මාරු කර ගනිද්දී ඇඳුම් මාරු කර ගත්තේ සබාව මදදීමය. එහෙත් සබා තොමෝ කොක් හඬ ලන්නට පටන් ගත්තේ අපි ඇඳුම් මාරු කරන කොට නොව අපි මුහුණේ අලවාගෙන තිබු රැවුලත් ගලවා මාරු කරද්දීය.
තවත් දවසක සපතේරු කතාවක් රඟ පාද්දී අපට එක විදිහේ දිග කලිසම් වුවමනා විය. අම්මා පරණ පිජාමා සරොම් කිහිපයක් කපා පුංචි මිතුරන් තුන් දෙනාට වෙලාවේ හැටියට එක වගේ දිග කලිසම් තුනක් මසා දුන්නාය.
කතාවේ දෙබසක් කියමින් බිම වාඩි වෙන දර්ශනයකදී මගේ අලුත් කලිසම බරාස් ගා ඉරී විවර වූ විට සාහිත්‍ය සමිතියේ වැඩ මහා හිනා හඬ මැද්දේ නතර වී ගියේය.
ඊළඟට නාට්‍ය මතකය පේරාදෙනි වල ගාවට ගොස් මාර ගස් හෙවනේ පැල පදියම් වෙයි.
කලින් කිහිප වතාවක් නරඹා තිබුණු හුණු වටයේ කතාව නාට්යය පේරාදෙණි වලේ පෙන්නු දවසක අපි සරච්චන්ද්ර එළිමහන් රඟහලේ රූස්ස රොබරෝසියා ගහ පිහිටි පඩි පේලියේම වාඩි වී සිටියෙමු.
සයිමන් සශාවා ගෘෂාගෙන් බහ ඉල්ලන ජවනිකාව රඟ දැක්වෙයි. සොල්දාදුවාගේ ප්රශ්නාවලිය( මතක හැටියට)
ගෑණු දරුව කොයි පළාතේද කියල දැන දන ගන්න කැමතියි.
ගෑණු දරුවාගේ ඉවසීම කොහොමද? සීත කාලේ ඇපල් එහෙම ඉල්ලාවිද ගැණු දරුවා.
දියේ ඉන්න මාලුවෙක් වගේ ගෑනු දරුවා නිරෝගිද කියල දැන ගන්න කැමතියි.
මේ ප්‍රශ්ණ සියල්ලටම හුරුබුහුටි රසවත් බසින් පිළිවදන් දෙන ගෘෂා අවසාන ප්‍රශ්නය අසන තෙක් රැඳෙන්නට කල් වේලා නැතියෙන් මෙසේ කියන්නීය.
ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ :ඔවු මම කැමතියි !
මේ වචන පෙළ ඇසෙනවාත් සමගම වලේ අඳුරු මුල්ලක සිටි එකෙක් අවට කඳු වළලු සිසාරා යන හඬකින් මෙසේ කීවේය.
අන්න කෙල්ලෝ '
මෙය මොන තරම් නාට්යමය ස්වරයෙන් කියවුනාද යත් සමහරුන්ට අසුනේ මේ නළුවේම කොටසක් ලෙසයි. එම කට හඬේ තිබු දුක්බර එහෙත් හාස්‍ය මතු කරවන ස්වරය නිසා එවදන් ඔහුගේ හද පත්ලෙන්ම නැගුනු ඒවා බවකි හැඟුනේ.
හිත ගත් මියුලැසියන්ගෙන් යාලු වෙන්නට ඇසීම පළමු විමසීමෙන්ම බෑ කීම. මනෝ ගැසීම . ආයිමත් ඇසීම.එවර හා කීම හෝ බෑම කීම හෙවත් ඇණ ගැනීම සරසවි දිවියේ සුලබ මනෝ බාවයකට මුල් හේතුවයි.
ඒ නිසාම අඳුරේ ඇසුණු හඬ ගෑමත් සමගම එළිමහන් රඟ හලම සිනා හඬින් ගිගුම් දෙද්දී වේදිකාවේ සිටි සයිමන් සෂාවාගේද මුවේ මන්දහාසය උතුරා ගියේය. ගෘෂාගේ මනාපය ලැබීමේ සතුටු මුහුණින් යුතුවම ඔහු එළිමහනේ රළ නගන රස සාගරයටද එක්කාසු වුනේය.
අවුරුදු පතා සරසවි පීඨ දිනයන්ට තොවිලයක්ද ඇතුළු මතක හිටිනා නාට්‍ය දෙක තුනක් අපේ කට්ටිය විසින් එකතු කලා වුනත් මට තාමත් සුනිල් ශාන්තයන්ගේ මිහි කත නලවාලා ගීතය කොහේ හෝ ඇසෙද්දී අපේ අවසන් නාට්‍යයේ පළමු ගීතමය ජවනිකාවට අනුව රඟන්නට සිතෙයි.
අවූරුදු ගණන් වැහි වැහී ඇරි ඇරී කල් ඇදුණු සරසවි ජීවිතයේ අවසන් අවුරුද්දේදී පිටව යන්නට තිබ්බේද අග මුල නොමැති නුහුරු විපරිත සමාජයකටය. අහිංසක පම්පෝරි ගසමින් බලාපොරොත්තු ගොන්නක් සමග කැම්පස් ආ ගමේත් නගරයේත් කොල්ලන් හා කෙල්ලන් ඒ වන විට අරමුණකින් තොර හිස් බවකින් පෙළෙමින් සිටියෝය. ළමයින් දෙතුන් දෙනෙකුට ඉගැන්නු සමහර දෙමවු පියන්ගේ ගේදොර උකස් වී තිබුනේ ගත්තු බැංකු ණය ගෙවා ගන්නට පරක්කු වූ නිසාය. කොල්ලන් ඉක්මනට සරසවියෙන් පිටවී හොඳ රස්සාවකට ගිය පසු හදා ඉවර කරන්නට බලාපොරොත්තුව සිටි ගෙවල් බාගෙට වැඩ නිම වී දිය සෙවෙල් බැඳෙමින් එහෙම්මම තිබිණි. කෙල්ලන්ගේ බර අහවර වූ පසු යන්නට සිටි වන්දනා ගමන් විනෝද ගමන් තවත් අම්මලාට කවදාවත් යන්නට නොහැකි විය.
මේ මානසික පරිසරයේදී වුවද අපේ අවසන් නාට්‍යය සඳහා හොඳ උද්යෝගයක් තිබිණි. ගෙවල්වලින් ගෙනා පරණ මැන්ඩලින් හා වයලින් හොයා ගත් සංගීත කණ්ඩායමක් බැචාලා හා බැචිලා අතරින් මතු විය. මේ පිරිස මීට කලින් ගාන්ධර්ව සබාවලදී හෝ අනෙකුත් ආර්ටිස්ට් පන්නයේ වැඩ වලදී එළි පහලියට ආවුන් නොවීය.
නළුව ඇරඹුණේ කෝලම් ඇඳුමින් සැරසුණු ගැටයන් තුන් දෙනෙකු අපුරු රංගනයක යෙදෙමින් වෙදීකාවට ගොඩ වීමත් සමගය. 'මිහිකත නලවාලා ' ගීයේ තාලය හා අනුවාදනය සහිතව මේ ගීතයයි ගැයුනේ
ගේ දොර විකුනාලා..........
ගමකට නයි ඇදලා........
සර-සවියට යන මේ........
පිටිසර හෙළ කොලු රැ ළ රැ ව ටේ . ....
මේ පද පෙළ ඉවර වේද්දීම ප්‍රේක්ෂකාගාරය මොන තරම් මුසපත් වුනාද කියනවා නම් ඊළඟ විනාඩි හත අටේ ගැයූ දෙඩූ කිසිවක් කාටවත් අසුනේ නැත්තේ නොනැවතී නැගුණූ ඔල්වරසන් හඬ නිසාය.
(සේයාරුව දෙව්නිගේය)

"ගේ දොර විකුනාලා..........
ReplyDeleteගමකට නයි ඇදලා........
සර-සවියට යන මේ........
පිටිසර හෙළ කොලු රැ ළ රැ ව ටේ . ...."
ඉතුරු ටික හිතා ගත්ත හැකි. +++++++++++++++++++
ස්තුතියි , ඉතිරි ටික හිතෙන විදිහත් පොඩ්ඩක් ලියන්නකෝ..
DeleteFemale Version :
Deleteචීත්ත ගවුම් ඇඳලා
මල් මල් යැයි හිතලා
සරසවියට යන මේ
පිටිසර කෙලි කොලු හට රැවටේ..... :)
මල් ගවුමක් ඇඳලා...
Deleteමල් මල් යැයි හිතලා
සරසවියට යන මේ
පිටිසර කෙලි කොලු හ ට රැවටේ..... :)
මේ හැඟීම අනාදිමත් කලෙක සිට සෑම සරසවි සිසුවෙකුටම දැනීම ඉතාමත් අභාග්‍යක්.
ReplyDeleteඑහි වරද කිසිවෙකු බාර නොගැනීම ඊටත් වඩා ලොකු අභාග්‍යක්.
එවන් අසුන්දර දෙයක් මෙතරම් සුන්දරව ඉදිරිපත් කල ඔබගේ ප්‍රයත්නය අති සාර්තකයි. හැඟීම්බරයි. මගේ සුභපැතුම් ඔබට.....
බොහොම ස්තුතියි . ඇත්ත තමයි කාගේවත් අවධානය හරියට යොමු වුන් නැති ප්‍රශ්නයක් පරම්රාවෙන් පරම්පරාවට ඉතිරි වෙනවා
Deleteමමත් උඹලත් එක්ක කැම්පස් ගියාවගේ. "අන්න කෙල්ලො" කියන එක මොනතරම් හැඟීම් බරව කියන්න ඇත්ද, නේද?
ReplyDeleteමේ ටික හදාපං.
'weයි දැන් ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ?'' කියා ළමයින්ගේ අම්මා මගේ ඇඟට ගොඩ වුවdය.
තැන්ක්යූ මචන්. ඔන්න මන් හැදුවා
Deleteසොඳුරු අතීතයක මතක යලි අවදිකලාට තුති..
ReplyDeleteමගේ සතුට
Deleteඉතා අපූරු අතීතාවර්ජනයක්. මාත් එක් මොහොතකට මගේ අතීතයට ගියා.
ReplyDeleteබොහොම ස්තුතියි නිලුක
Deleteඉතා අපූරු සටහනක්..
ReplyDeleteබොහොම ස්තුතියි කරූ
Deleteලිපිය කියවන අතරතුරත් මටත් නොදැනීම (අද ඊයේ සිදුවූ විලසින්) මැවෙන්නට වුනේ දැනට දසක කිහිපයකට පෙර අත් විදපු ඒ සුන්දර මතකය.:) අනේ ආය කෙදිනක අත්විදින්නද...:(
ReplyDelete{වලේ නාට්‍ය... කැම්පස් වැහෙමින්/ඇරෙමින් තිබුණු කාලේ (කඩුව මුවහත් කල අපේ ඉහළ බාලාංශ සමයේ) “ඊ.ඕ.ඊ. පරෙය්යා” එකේ කරපු අපේම කඩු නාටක..... “ඒ.ටී.” එකේ ෆ්ල්ම්ස් හා “සොක”..... ග්‍රවුන්ඩ් එකේ ගහපු “ටොඩි මැච්”..... "නැව ගිලුනත්" ඔන්න ඔහේ කියලා කට්ටියත් එක්ක ජයතිලකේ/අක්බාර්/නෙල්/හිල්ඩා පැත්තේ සෙට්වෙලා සම්මාදම් කරලා ගත්ත ආතල්...කවදාකවත්ම නොගිය සුන්දර “ලවර්ස් ලේන්”...... etc///}
ඉතින් ඔබට බෙහෙවින්ම ස්තුතියි ඒ ලස්සන මතකය යලි අවදි කලාට. ඉදිරියේදීත් ඔබේ සුන්දර පේරා මතකය, මෙලෙස අපත් සමඟ බෙදා ගන්නට අමතක නොකරනමෙන් ඉල්ලා සිටිමි.
ගමේ හිතවතා පේරා හිතවතා ආයෙම එන්න මේ පැත්තේ. ෆිල්ම් සොක ගැනත් මගේ මතකය බොහොමයි මොකද අපි අවුරුද්දක් එකත් ඇද්දා. එම්බසි ගානේ ගිහින් චිත්‍රපටි රෝල් ඉල්ලගෙන බස් එකේ ආපු හැටි මතකයි.
Deleteහුණුවටේ අපිට අල්ලලම ගිය කොටස මේක
ReplyDelete" යුද්දෙට මං ගියා...
මගෙ ගෑනි ගෙදර තියා..
මගේ යාළුවො මං එනතුරු ..
ඈවබලාගයි නිරතුරු.."
හූ....හූ...
බ්‍රෙස්ට්වත් හිතන්න නැතුව ඇති තමන් ලියපු නාට්‍යක් වෙන කොදෙව්වක මේ තරම් රහට පරිවර්තනය කරගෙන රස විඳියි කියල
Deleteඑතන හිටියා වගේ දැනුනා..
ReplyDeleteජය !
බොහොම ස්තුතියි මාත් එක්ක එහෙ යන්න ආවට
Deleteමේ නාට්‍යයේම තව පදයක් යාලුවෙක් මතක් කරලා email එකක් එවල තිබ්බ. සරසවිය ලොකු උත්සවයක් තියල ස්වර්ණ ජයන්තිය සැමරුවා. ඒ විස්තරය කියන්න විරිදුව පටන් ගත්තේ මෙහෙම
ReplyDelete' සරසවි මෑණිට පනහයි
අපට වඩා පොඩි වෙනසයි.'
කියන්න ගොඩක් දේ හිතට දැනෙනවා අංකල් ඒත් වචන ගොණු කරගන්න බැහැ..
ReplyDeleteසමහරවිට ඔයාගේ දුවගේ වයසේම වෙන්න ඇති මමත්. ඔයාගේ දුව වාසනාවන්තයි.
අපිට සාහිත්‍ය කියන දේ බලෙන් අපි මොලයට දා ගන්නේ. අපි ඔබ උක්ත කියූ කලාවට ආසයි.. ඒත් රඟන්න හැක්කේ ඒ විෂයට පමණක් මුසු වූවන්ට පමණයි. ඒක තමයි අධ්‍යාපනයේ හැටි. තරඟකාරීත්වයක් ආරූඩ වෙද්දී මම වගේ ගොඩක් දෙනෙක් අසරණ වෙන්න ඇති. අසරණ වෙනවා ඇති.
අර සංගම් මේ සංගම් ගැන කියද්දී මතක් උනේ අපේ ගමේ යෞවන සමාජය ඒ දේ විතරයි ජීවිතේ අත්දැකීම් වලට එකතු වෙන්නේ.
මිනිස්සු හරි වෙනස්.. නැහැ වෙනස් වෙලා.. අපි අතර ඉන්න අයත් එහෙමයි.. නගර ශාලාවට නාට්‍යක් බලන්න යමුයි කීවොත් කොක් හඬලා මූනිච්චාවට හිනා වෙන්න බොහෝ දෙනා ඉන්නවා. :D
ලිපියට ස්තුතියි...
මම - Bora Diyaka Induwara
ඇත්තෙන්ම අපේ ඉස්කෝලවල තිබ්බ සාහිත්‍ය සමිතිය නිසා ඕනෑම ළමයෙකුට නිර්මාණශීලී යමක් ඉදිරිපත් කිරීමට අවස්තාවක් ලැබුනා. පහු කලෙක එය නැති වී ගිය එක අපරාධයක්.
Deleteකොහොම උනත් බ්ලොගය තුලින් හෝ ඔබේ නිර්මාණ හැකියාව එලි දක්වන්න. සුබ පතමි.
මඟුල් විස්‍තරේ බොහොම රසවත්. ඒ දවසෙදි මට උඹ ලඟ ඉන්‍න තිබුනා නම් කොච්‍චර අපූරුද? නුමුත් ඒ දවස් වෙනකොට මම රටේ හිටියෙ නැහැ. පහු වෙලා හරි මේ විස්‍තර මම කියවන්‍නෙ මඟුල් මේසයක රස විඳිමින්.
ReplyDeleteමගුල් කෑම ගැන කතාවෙන් මට මොන හේතුවක් නිසා හරි ලංකාවෙ බත් පාර්‍සල් මතක් උනා. ප්‍ලාස්‍ටික් කොලේ ඔතාපු මෙලෝ කමකට නැති කොළඹ බත් පාර්‍සල් මට තිත්‍ත උනේ අසූ ගණන් වල අග හරියෙ. මහනුවර ඉඳවා ගැනීම කොල්‍ලා නැති වීමට පුරනිතය බව දැනුන හැටියෙ මට අණ ලැබුනා පණ යතත් කොළඹින් පිට නොයන හැටියට. නිකම්‍ම නිකං කොළඹ ඉඳීමත් අඩමාන වේගන එනකොට මම කොල්‍ලුපිටියෙ කොම්‍පැනියක වැඩට ගියා. කට්‍ට හීතලේ වෙවුල වෙවුල ලෙජර් දිහා බලාගෙන ඉඳලා දවල් කෑම පැයේ එලියට එනකොටම දකින්‍නෙ අර අතක් නැති හීන්‍දෑරි කොලුවා හතර අතට විරවුණු සන්‍ලයිට් පෙට්‍ටියෙ තියාගෙන හොරෙන් හොරෙන් වට පිට බලමින් විකුණාගන්‍න හදන බත් පාර්‍සල් කීපය. වරක් දෙවරක් උගෙන් බත් අරගෙන මම ඉස්‍ටයිල් එකට ඇනගත්‍තා. ලූනු පොතු, මාලු කටු, පොල් කෙඳි, ගල් කැට හැරුණු කොට ඒකෙ ඇත්‍තේ මොනවාද නැත්‍තේ මොනවාදැයි දැනගැනීම ස්‍පෙක්‍ට්‍රම් ඇනලයිසරයකට මිසක මනුස්‍සයෙකුට කළ නොහැකි දෙයකි. පළමු දා ගත් බත් පාර්‍සලය හැඩ දමා කන්‍ට පටන් ගෙන කාගන්‍ට බැරි වුණු කළ මාත් සමග මේසය බෙදාගත් ෆ්‍රෙඩ්‍රිකා මේසය බදාගෙන හිකි හිකි ගා හිනා වුනාය. ගෙදරින් ගෙනා සැන්‍ඩ්‍විචයෙන් බාගයක් මට දුන් ඇය, දවල්‍ට බත් කන්‍න ඕනෑ නම් සමන් සහ ඔහුගේ නඩය සමග යන ලෙස උපදෙස් දුන්‍නාය. ඊලඟ දවසේ මම අනිත් උන් සමග රේල් පාර දිගේ ගොස් වෙරල අයිනේ තිබුනු මඩුවෙන් බත් කෑවෙමි. එතන තිබුනු දේත් කිසිදා කා නැත. කල්‍දේරම් පුරා බෙදාගෙන කන්‍නට තබා තිබුනේ තිබුනේ බාගෙට වේලුනු කරවල හොද්‍දකුත්, දාරත් සමග රොඩු බොඩු දමා තැම්‍බූ වැටකොලුවකුත් තවත් මොන මොනවාද නමකින් හැඳිනිය නොහැකි ජහර කරි කීපයකුත්‍ය. කෙසේ මුත් ලුනු මිරිස් සහිත නිසාත් කටක් ගානේ බොරලු නොහැපුනු නිසාත් පසුවදාත් එතනටම යන්‍නට මම හිතාගත්‍තෙමි. පහුවදා ලෙජරය බැලන්‍ස් නොවීම නිසා මට කෑම පැය පමා විය. එකහමාරට පමණ එලි බට මට අත නැති කොලුවා බත් පාර්‍සලයක් දික් කලේය. ඊයේ වුනු නියාදුව මතක් වුනු මට එක් වරම හිතුනේ උගේ හොම්‍බට දමා ඇනීමටය. සන්‍ලයිට් පෙට්‍ටිය තවමත් බත් පාර්‍සල් වලින් පිරී ඇති බව දුටු මගේ හිත උණු විය. බත් පාර්‍සලයක් ගත් මම හෝටලයකට ගොඩවී ඉදියප්‍පන් ඕඩර් කලේ බත් පාර්‍සලය කෑමට හොහැකි බව ඉඳුරා දත් හෙයිනි. ඉන්‍දියප්‍පන් එනතුරු මේසය දෙස බලා හිටි මට පෙනුනේ බත් පාර්‍සලය ඔතා තිබුනු පත්‍තර පිටුවේ තිබුනු "විශ්‍වාසය" ගැන වැකි කීපයකි. අත නැති කොලුවා කරන්‍නේ බොරුවක් නම් ඌ හැමදාමත් එකම තැන ඉඳගෙන බත් විකුනයිද? පාන්‍දර හිට කරුවල කුස්‍සියක කෑම උයා පාර්‍සල් ඔතන උගේ මහලු ලෙඩ අම්‍මාට වූ වැරදීමකින් බතට කුණු රොඩු එකතු වුනා වෙන්‍ට බැරිද? මම බත් පාරිසලය දෙහිතින් දිග ඇරියෙමි. ඉන් වහනය වුණු ඉවසාගත නොහෙන තරම් සුවඳ මගේ වෙලාව පහුවුනු බඩගින්‍න දහයේ බලයෙන් පිම්‍බුවේය. නහයෙන් පිඹ දත් විලිස්‍සා මකර කටක් මෙන් ඇර එතුලට ලාගත් බත් කට හපන්‍නටත් පෙර ඉහි වූ රස මගේ සරුවාංගය ඉහ වහා යයි... ගිරි නහර පුම්‍බා කෙල පෙරමින් එය හපන්‍නට ගත් මොහොතේ මගේ හක්‍ක දෙදරා ඉහ මොල හිරිවැටී ගියේය. දතේ එනැමලයත් කඩාගෙන එතුලට වැදුනු තිරුවානා ගල උගුලා ඉවත් කර දත පිරවීමට දත් දොස්‍තරට වරුවක් ගත විය.
මේක මචෝ වට්ටක්ක කතාවට අදාල කොමෙන්ටුවක්. ඒත් මටත් බත් පාර්සල් පිලිබඳ මතකනම් ගොඩයි.
Deleteබහිතෝ, අලුත් කතාවටත් අටුවාවක් නොලියාම බැහැ. උඹ ඔය කියූ නාඩගම E.O.E එකේ වේදිකා පත්‍තට එන වෙලාවෙ මම හිටියෙ වේදිකාව පිටිපස්‍සෙ මගේ නාඩගං රෑනත් එක්‍ක. එදා උඹලා කරපු යමරයෙන් පස්‍සෙන් පහු දවසක ඕක විඩියෝ ගත කරපු බව මට මතකයි. ඒක දැං කාගාවද? එදා පිටිපස්‍සෙන් බලාපු නාටකය ආයෙත් ඉදිරියෙන් හරිහැටි බලන්‍න තියෙනවානම් අපූරුයි.
ReplyDeleteකැම්‍පස් ආපු කෙලි රැල ගැන ලියාපු ඉතුරු පදය අනර්‍ගයි!!! සර්‍ව සාධාරණ නොවූ මුත් එදා වුනු පොදු පිළිගැනීම නම්, ඉංජිනේරු පීඨයෙන් "ටොයියෙකු" හොයාගැනීම මොන විදිහකින් වත් කළ නොහැකි වැඩක් හැටියටයි. එදා කැම්‍පස් ආපු කෙලි රැල මෙන්‍න මේ ආකාරයට වර්‍ගීකරණය කරනු ලැබුවා.
1. කිරි කිරි ටොයියා
2. කිරි ටොයියා
3. සෙමි ටොයියා
4. ටොයියා
5. සෙමි යකා
6. යකා
7. හම්‍බ යකා
දවසක් දා හොඳටම බඩගිනි වුනු අපේ කතු තුමා කැන්‍ටිමට ගොඩ වෙලා තමුන්‍නෙ බැචි රැල පහු කරගෙන කවුන්‍ටරය වෙත ගියේ ගියේ මෙන්‍න මෙහෙම කියාගෙන... "හප්‍පා... බැචියෙක් කන්‍න බඩගිනියි!!!"
නාට්‍යයේ වීඩියෝව නම් තාම මම හොයනවා. ආරංචියක් නෑ .
Deleteකාලයක් තිස්සේ දුක සැප බෙදා ගෙන එකට කට්ට කැ බැචීලා සහෝදරියන්ම වුනු නිසා ඔය ආදී තේරුමක් නැති කොලොප්පන් වලට ඔවුන් සැලුනේවත් තරහ වුණේවත් නෑ .
බොලේ මගේ කියුම් කෙරුම් වල හැම තැනම උඹ හිටියා ඒ කාලේ. තැන්ක්යූ මචන් මේවා මතක් කරනවට. ඊටත් වැඩිය හෙමින් බ්ලොග් එකක් ලියන්න පටන් ගන්න කාලේ හරි වගේ.
Deleteඅනේ බන් තිලකේ මමනම් හරිම ආසයි උඹගේ මේ නිවිච්ච ලියමන් රටාවට. දිගින් දිගටම ලියපන්.ඔය කාලේ හුණුවටයේ හිටපු කට්ටිය මතකද? නිමල් ජයසිංහ මහත්තයා නම් අපිත් එක්ක එකට හිටියා කාලයක්ම.
ReplyDeleteඔහොම කියනකොට ලියන්න හරි ආස හිතෙනවා බං
Deleteආන්න කෙල්ලො වචන දෙකෙන් කොච්චර දෙවල් කියලද
ReplyDeleteඒ වචන දෙක හින්දානේ මෙච්චර දේ ලියවෙන්නේ නේද?
Deleteමේකේ කතාවත් හරි කමෙන්ට් ටිකත් හරි... පහුවෙලා ආපු එක ගැන කිසිම දුකක් නෑ.. හි හි
ReplyDeleteඒකනේ හිරු පරක්කු වෙන එකෙනුත් කවද හරි වාසියක් වෙනවා . දැන් ඔය කොට්ටපොර තරගවලින් උනත් දිනන්නේ වැටෙන්න පරක්කු වෙන කෙනා නොවැ
Deleteම්ගේ සිතට අතීත කතා ගොන්නක් ගලා ආවා. වලේ බැලූ නාට්‍ය, EOE එකේ පළමු වසර සහ තෙවන වසර පීඨ දිනවල පොඩි නාටක ලියා නිපදවා රඟ පෑ හැටි, මගේ බොඳවුනු සරසවි නාට්‍ය සිහින...
ReplyDeleteස්තුතියි තිලක.
පොඩි පැණයක්.
ReplyDeleteඒ කාලේ senior junior අය අතර අයියා මල්ලී ඇමතුම බෝවී තිබුනාද?
ඔය අයියා මල්ලි කතා බහ පටන් ගත්තේ අපිට අවුරුදු දෙක තුනකට පස්සෙයි. අපිනම් ඕනෑම වැඩිහිටි සිසුවෙකුට සිසුවියකට කතා කලේ නම කියලයි ( නෑදෑ කමක් නැති විට )
Delete