කාලිඩ් මගේ කන්තොරුවේම වැඩ කල විනෝදකාමී කිව් එස් කෙනෙකි. හයිදරාබාද් නගරයේ සිට පැමිණි ඔහු මට මුණ ගැසී සෑහෙන කලක් යනතුරුත් ඒ හැටි කුළුපග කමක් අප අතර ඇති වුයේ නැත . අපි කතා බහ කලෙත් අඩුවෙනි.ඒ අපි දෙන්නාටම පොදු මාතෘකාවක් නොමැති නිසා වන්නට පුළුවන .
ඒත් කාලයත් යනවිට අපි එකම වාහනයේ වැඩබිම් බලන්නට යාමත් හවසට ඇවිදින්නට යද්දී මුණ ගැසීමත් නිසා ටිකෙන් ටික අපිට කතා බහ කරන්නට දේවල් එක්කාසු වුනේය.
දවසක් අහම්බෙන් මෙන් ඔහු තාත්තා ගැන කිව්වේය. ඒ අපි හවස ඇවිදිමින් සිටිද්දීය.
'අපේ තාත්තා 1996දී තමයි මලේ . එතකොට එයාට අවුරුදු අසු හයයි . අවුරුදු අසූ ගනන්වලදිත් තාත්තා හොඳට විනෝදෙන් හිටියා, හවසට ඇවිද්දා, ඩිප්ස් ගැහුවා. ව්‍යායාම කළා.
උඹ විශ්වාස කරපන් මම ඉපදෙනකොට අපේ තාත්තට පණහත් පැනලා. මම පවුලේ දොළොස්වැනියා. මට තේරෙන වයසේදී මට හිතුනේ තාත්තා අපිට ගොඩක් ඈතින් ඉන්න කෙනෙක් කියලා, ඒත් තාත්තා ගොඩක් වයසට ගියාට පස්සේ එයාට හිටිය හොඳම යාලුවා වුනේ මම. ඒ කාලේ තමයි තාත්තගේ අතීත කතා මුල හිටන් මාත් එක්ක කිව්වේ. අපේ ගෙදර වෙන කාත් එක්කවත් කියලා නැතිව ඇති ඒවා .
අපේ තාත්තා අපිව තුරුලට ගත්තා කියලවත් මට මතක නෑ. තාත්තා වැඩ ඇරිලා ගෙදර එනකොට වටින් ගොඩින් කළුවර වෙලා . ඒ වෙලාවේ පවුලේ හැමෝම හිටියේ විශාල කෑම කාමරයේ. කෑම කන්න විතරක් නෙවෙයි අපි පැදුරු එලාන පොත් කියෙව්වේ කාර්ඩ් සෙල්ලම් කලේ රණ්ඩු වුනේ ඒ ශාලාවේ ඉඳන්. ඇරත් අඳුර වැටුනට පස්සේ එලි පහලියේ ඇවිදින්නත් බෑනේ. තාත්තගේ කාමරේට යන්න ඕනි මේ කාමරේ මැදින්. තාත්තා අපිත් එක්ක එකතු වුනේ නෑ . කෑම කෑවෙත් තනියම එයාගේ කාමරේ ඉඳන්. අම්මා එයාට කෑම අරන් ගියා.සත්කාර කරා.
ළමයි ඉගෙන ගන්නේ කොහොමද කන්නේ බොන්නේ කොහොමද කියලා තාත්තා වද වුනේ නෑ. අම්මා අහස පොලව ගැට ගගහා ගෙදර ප්‍රශ්න කල්පනා කරෙත් නෑ . මටවත් හිතා ගන්න බෑ මේවා හැම දෙයක්ම මෙච්චර ලස්සනට උනේ කොහොමද කියලා. මට හිතෙනවා තාත්තගේ හිතේ තිබ්බ සැලසුමකට තමයි මේවා ඔක්කොම උනේ කියලා. අපි දොළොස් දෙනාම හොඳට ඉගෙන ගත්තා. ඒ විතරක් නෙවෙයි ළමයින්ගේ ළමයිනුත් හොඳට ඉගෙන ගත්තා .
ඉතින් ඒ පළාතේ හැම පවුලක්ම එහෙමද? මම ඇහුවා
මොන? අපේ පැත්තේ ඉස්කෝලේවත් ගියේ නැති ළමයි කොච්චර හිටියද ?
ඒකයැ වැඩේ අපේ තාත්තත් තව පොඩ්ඩෙන් ඉස්කෝලේ නොයවා ඉන්නයි තාත්තගේ සීයා හදලා තියෙන්නේ'. ඔහු සැහැල්ලුවෙන් කිව්වේය.
කාලිඩ් එකම මාතෘකාව ගැන දිගට දිගට කතා කරන්නට අකමැතිය. මමද වැඩි කතාකාරයෙක් නොවන නිසා ඔහු මා සමග කතා බහ කරන්නට කැමතිය.
ඊටත් සෑහෙන දවසකට පසූ අපි කන්තෝරුවේ කලබල නැති හෝරාවක චිර ප්‍රසිද්ද කොහිනුර් දියමන්තියත් ,හයිදරාබාද් වල සිටි අන්තිම නිෂාම් රජතුමා ගැනත් ඔහුගේ නමින් ඉදිවූ ඔස්මානියා සරසවිය ගැනත් කතා කරමින් සිටියෙමු. ඔස්මානියා සරසවිය උසස් පිළිගැනීමක් ඇති සරසවියකි.
'මගේ තාත්තාත් ඔකේ තමයි වැඩ කරලා තියෙන්නේ'. යමක් මතක් වූ කලෙක මෙන් කාලිඩ් කිව්වේය.
තාත්තා ඒකේ මොකක්ද කළ රස්සාව?. ' සීනියර් ලෙක්චරර්! '
ආ ඉස්කෝලේවත් නොයවා ඉන්න හදපු මනුස්සයා ඒ තරම් ඉහළට ඉගෙන ගත්තේ කොහොමද? මම ඇසුවෙමි.
කලිඩ් කවදාවත් නැති තරම් වගකීම් සහගත මුහුණක් ආරෝපණය කරගෙන කතාව පටන් ගත්තේය.
'අපේ තාත්තා පුදුම දහිරියක් තිබ්බ මනුස්සයෙක්. ඒ ජවය තමයි අපේ ළමයින්ටත් තියෙන්නේ. තාත්තා අපිව වඩාගෙන හුරතල් නොකරාට පරම්පරාවම ඉස්සරහට තල්ලු කරා .
තාත්තාගේ පවුලේ කිසිම නෑදෑයෙක් අපි කවුරුවත් දැකලා නෑ . එයාට සහෝදර සහෝදරියෝ නෑ.
තාත්තට අවුරුදු පහ වෙද්දී අපේ සීයා ඒ කියන්නේ තාත්තගේ තාත්තා මලා . අවුරුදු හය වෙනකොට තාත්තගේ අම්මත් මලා. ඒත් ඇය ලෙඩ ඇඳේ ඉද්දි තාත්තාගේ අනාගතේ හරිගස්සලා තියෙනවා . මෙහෙම කිය කියා ;
' පුතේ මෙහාට වරෙන්. අම්මා කියන මේ කතාව හොඳට හිතට ගනින් . උඹ මොන විදිහකින් හරි ඉස්කෝලේ යන්න ඕනි. හොඳට ඉගෙන ගන්න ඕනි. අම්මයි තාත්තයි දෙන්නම නැතිව උනත් උඹට එතකොට හොඳ කලක් යාවි. පුතාට මතකද අපි දෙන්නා දවසක් අර විශාල නගරේ හයිදරාබාද්වල මසුඩ් මාමලාගේ ගෙදර ගියා. මමත් මළොත් උඹ මෙන්න මේ පොත අරගෙන එහෙ පලයන්.මේකේ ලියල තියෙන්නේ . ඒ ගෙදරට යන පාර. ඇඩ්රස් එක. උඹ අකුරු දන්නා කෙනෙකුට පෙන්නලා මේක කියවා ගනින්'
මේ කිසි දෙයක බරක් පතලක් කාලිඩ්ගේ පුංචි තාත්තාට ඔලුවට වැටුනේ නැති ගානය. ඒත් අම්මා කී කතා මැදින් ඔහුට රසවත් මතක කීපයක් හිතට ආවේය. ඒ තමන්ගේ දුර නෑයෙක් වන මසුඩ් මාමාගේ ගෙදර ගිය ගමන හා බැඳී ඒවාය. ඔහු සිය පවුලත් සමග සුවපහසු ලෙස සිටින හැටි, ලොකු ළමයින් ඉස්කෝලේ ගිය උජාරුව ඔහුට මතක් විය. ජනෙල් කුරු අතරේ එල්ලී කිරිදත් පා හිනැහුණු දැරිය ඔහුට මැවී පෙනිණි . තාත්තා මියගිය අලුත අම්මාත් සමග මසුඩ් මාමලා ගෙදර ගොස් සිටි දවස් කීපය ඔහු ජීවිතයේ සතුටින්ම සිටි කාලයයි.
අම්මා අනුමාන කළා වාගේම ඇය තවත් සති කීපයකින් මිය ගියාය.
පවුලේ තාත්තාගේ පැත්තේ නෑදෑයින් පැමිණ අවමගුල කළාට පසු කාලිඩ්ගේ තාත්තාට සිදුවුනේ මසුඩ් මාමලා ගෙදර යන එක කෙසේ වෙතත් සීයාගේ අණට කීකරු වී ඔහුගේ ගෙදර යන්ටය. රෙදි උරයක දමාගත් පරණ නුල් රෝද, රබර් කෑලි කීපයක් වූ ඔහුගේ මුළු සේසතට අම්මා දුන් අර ඇක්සයිස් පොතද කොහොමින් හෝ එකතු වී තිබුණි .
සීයලා ගෙදර අලුත් ජීවිතයත් සමග කාලිඩ්ගේ තාත්තාට මා පිය සෙනෙහසේ අඩුව අමතකව ගියේය.ඔහු බඩවැටිවල දුවමින්, නාවර පෙරාගත් කොල්ලන් හා කෙල්ලන් සමග රැලේ වැටෙමින් හත් වැනි වියට එළඹියේය.
දවසක් පුංචි අම්මා කෙනෙක් පැමිණ සීයාට මතක් කලේ ' කොල්ලාට අවුරුදු හතයි දැන් ඉස්කෝලෙකට බාර දුන්නොත් හොඳයි නේද' .කියලාය
පුංචි තාත්තා මෙය අසා සිටියේය. ඔහුගේ හිත සතුටුන් පිරී ගොස් ඇත . අම්මාගේ වචන ඔහුට මතක් වුනේය.
'කොහොම හරි ඉස්කෝලේ පලයන් මයේ පුතේ !.
ඔහුගේ සිතුවිලි සතුටු මාලිගාව සීයාගේ එක රළු නිගමනයකින් සුන්නද්දුලි වී ගියේය.
' මුට මොන ඉස්කොලද? නෑ නෑ ඌ ඉස්කෝලේ යන්ට ඕනි නෑ !
එහෙත් හත් හැවිරිදි කොලුවාගේ ඉස්කෝලේ යන ආශාව ලෙඩ ඇඳේ සිටි අම්මාගේ මතකයත් සමග ඇවිස්සී මොනතරම් ප්‍රචණ්ඩ ජවයක් ලබා දුන්නේද යත් ' ඉස්කෝලේ යනවාමයි' කියා ඔහු හිතා ගත්තේය.
මිදුලේ පරණ අත්තිවාරමක් උඩට වී කළුවර වෙනතුරු අඳුරු මුහුණින් එල්ලයක් නැතිව බලා සිටි ඔහුට හදිසියේ යමක් මතක් විය.පරණ ලට්ට ලොට්ට පීර පීරා සෙවූ ඔහුට එය හමු විය. ඒ තමයි පරම්පරාවක ඉරණම වෙනස් කළ මසුඩ් මාමලාගේ ගෙදර යන පාර. ඒ අරුම පුදුම ඇඩ්රස් එක.
හංගාගෙන සිටි පුංචි කාසි කීපයක් සහ කොළ ගැලවී එල්ලා වැටෙන අත්අකුරු හා පින්තුර සටහන තිබු පොතත් අරගෙන,පහුවදා උදේ පාන්දරින්ම ඔහු කාටත් හොරා පාරට පැනගත්තේය.
කඩපිල්වල හා හරක් මඩුවල ලගිමින් , ගොන් කරත්තවල එල්ලී යමින්, බැනුම් අසමින්, කාසියක් දී ගත් පුරියක් පමණක් කකා ඔහු පපුතුරේ ගසාගෙන පරිස්සම් කරගෙන යමින් සිටි. දාඩිය කිලුටට අවර්ණව ගිය සටහන් පොත පෙන්න පෙන්නා පාර හොයා හොයා මසුඩ් මාමල ගෙදර යන ගමනේ අත් නෑර යෙදුනේය.
දින දහයක් දොළහක් රස්තියාදු වී දැලිකුණු පෙරාගත් කොලුවා අන්තිමේ තමා උපන් ගෙදර සිට කිලෝ මීටර් දෙසීයක් ඈත පිහිටි, ජනාකීර්ණ හයිද්‍රාබාද් පුරයේ හරි තැනට පැමිණ සිටියේය.
අම්මාගේ බලාපොරොත්තුව හරියටම හරි ගියේය කොලු පැටියා සෝදා නාවා කන්නට දී තමන්ගේ ගෙදර නවත්තාගනීමට අලුත් නෑදැයෝ කැමති වුහ. ඔහුට අලුත් දෙමව්පියන් ලැබිණි . ඉස්කෝලේ යන්නට ලැබිණි. හෙවනැල්ල සේ පිටිපස්සේ සිටින අලුත් යාළුවන් හා සහෝදර සහෝදරියන් ලැබිණි.
හොඳින්ම ඉගෙන ගත් කාලිඩ්ගේ තාත්තා උෂ්මානියා විශ්ව විද්‍යාලයේ උපාදිය ලබා එහිම රස්සාවට බැඳුනේය. ඔහුගේ අත ගත් මනාලිය වුයේ පුංචි කාලේ අර ජනෙල් කම්බි කුරු අතරින් එබිකම් කල දැරිය හෙවත් මසුඩ් මාමාගේ දියණියයි. ඈ තමා අපේ කාලිඩ්ගේ අම්මා.
අපේ තාත්තා විශ්ව විද්‍යාලයේ හොඳට ඉගැන්වීම් කළා කියලා ඉන්දියාවේ හිටපු සුදු ආණ්ඩුකාරයත් සහතිකයක් හිටන් දීලා තියෙනවා. මගේ මිත්‍රයා කිව්වේය.
ඉන් පසු කන්තෝරුවේ තේ හදන නේපාල ජාතික ළමයාට ' දොර් සුලේයිමානි ' කියා කියමින් පුටුවට වාරු වී සොම්නස් හඬින් සිනාසුනේය.
ටිකකින් අපට ප්ලේන්ටි දෙකක් ලැබිණි.
ඔහු තේ එක තොල ගාමින් කල්පනා කරන්නට පටන් ගත්තේය.
තාත්තා තමන් කවදාවත් තුරුලට නොගත්තායි ඔහු කී නෝක්කාඩු පිළිගන්නට මම මැලි වීමි. මේ දැනුත් තම පියාගේ ඇකයේ නැලවෙමින් සිටින්නාක් මෙන් ඔහුගේ මුහුණ සොම්නසින් බරව තිබේ.
(සේයාරුව දෙව්නිගෙන් )
තිලකේ.......තවත් හිතට වැදුනු පෝස්ට් එකක්. බලපන් කොහෙන් නවතින්න තිබුනු ජීවිතයක්ද කියලා කාලිඩ්ගේ තාත්තාගේ ජීවිතය....මේ හැම කතාවක්ම තුල මිනිසුන් ජීවත් කරවීමට ඔක්සිජන් තියෙනවා. මේ වගේ විවෘතව කතා කියන මිනිස්සු ඉන්න එකම කොච්චර ලොකු දෙයක්ද? ඒ නිහතමානීත්වය අපේ අයගෙන් ඈත්වෙමින් තියෙනවා. ඒ සමාජ පරිහානියේ ලකුණු.
ReplyDelete////තාත්තා තමන් කවදාවත් තුරුලට නොගත්තායි ඔහු කී නෝක්කාඩු පිළිගන්නට මම මැලි වීමි. මේ දැනුත් තම පියාගේ ඇකයේ නැලවෙමින් සිටින්නාක් මෙන් ඔහුගේ මුහුණ සොම්නසින් බරව තිබේ////.
මේ කොටස මගේ හිත තදින් බැඳගත්තා.
මගෙත්
Deleteමේ වගේ කතන්දර හංගාගෙන ඇවිදින මිනිස්සු අපිට හම්බවෙලා ඇති අනන්තවත් . සමහරවිට ඒ මිනිස්සුවත් දන්නේ නෑ තමන්ගේ කතන්දරේ තියෙන පොදු වැදගත්කම. ඉඳ හිට එකෙක් දෙන්නෙක් හරි නිර්ව්‍යාජව මේ වගේ අතීත කතාවක් එලි කරන එක හරිම වටිනවා මචන්
Deleteසාමාන්‍ය කතන්දරයකට වඩා එහාට ගිය එකක්. ස්තූතියි
Deleteවෙල්කම් බස්සෝ .කිව්වත් වගේ මේ කතාවේ පරාසය වැඩියි
Deleteතුරුලට නොගත්තේ ඔහුට තුරුලේ හිඳ පුරුද්දක් නැති නිසයි. පරම්පරා දෙකකට විර කලින් ලංකාවේ වුනත් තුරුල් කෙරිලි, උම්මා දීම් තිබුණේ නෑ අතදරු කාලෙන් පස්සේ.
ReplyDeleteමටත් හිතුනේ තනියම හැදිච්ච කෙනෙක් නිසා පවුල් ජීවිතෙත් මේ විදිහට දුරස්ථ පුද්ගලයෙක් විදිහට ඉන්න ඇති. අපේ පරම්පරාවේත් තාත්තලා දරුවන් සිප වැළඳ ගත්තේ ළදරු අවදියේදී විතරයි
Deleteඉන්දියාව කියන්නේ කියවලා ඉවර කරන්ට බැරි නවකතාවක් වගේම ඔයාගේ කතාව මට පේන්නේ සම්පූර්ණ නවකතාවක් වගේ. නිකං හිතන්ට ඔයාගේ යාලුවාගේ ගමේ විස්තර, පාසැල් විතර, අර පුංචි කාලේ ඉඳලා තිබුණු ප්‍රේම කතාව. ලීවොත්, සම්මානයක් ගත්තු හැකි කතාවක් වෙයි. :)
ReplyDeleteමට සමහර මිනිස්සු දැක්කාම හිතනවා එයාලා ඇවිදින රසවත් පොත් වගේ කියලා. කොච්චර කතා කලත් එපා වෙන්නෙ නෑ. ඒ වගේම දැනුම බෙදලා දෙනවා...
ලංකාව ගත්තත් ගම්බද පැතිවල ලමුන් තුරුල් කරගෙන හුරතල් කරනවා දකින්ට අමාරුයිනේ. මම කියන්නේ ලොකු උණාට පස්සේ.
පොඩ්ඩි කිව්වට පස්සේ මටත් ආසාවක් ඇති වුනා හයිදරාබාද් පැත්තේ මාස දෙක තුනක් ඇවිදලා අපේ යාලුවාගේ තාත්තගේ කතාවේ අලගිය මුලගිය අතුරු කතා හොයන්න . ඇත්තටම රසවත් පොත් වගේ සමහර මිනිස්සු මටත් හම්බවෙලා තියෙනවා
Deleteපුදුම සනීපයක් දැනුනා කතාව කියවලා ඉවර වෙනකොට ,මට මතක් වුනේ ඉස්සර බලපු මල්ගුඩි දවස කතා....ඇත්තටම මිනිස්සුන්ගේ ජීවිත ඇතුලේ මොනතරම් සුන්දර ,අසුන්දර ,විශ්මයජනක කතාන්දර හංගලා තියෙනවද .......? අතිවිශිෂ්ටයි සර් ...
ReplyDeleteතැන්කිව් ඉවාන් මලයෝ. මම අහල තියෙන සමහර කතා ලියන්නේ නැතිව ඉන්නේ ඒවා මේ ලෝකේ ඇත්තටම වෙන දේවල්ද කියල මටම හිතෙන නිසා.
Deleteනිකං චිත්‍රපටියක් වගේ තිලකෙ.
ReplyDeleteමටත් මේ කතාව මුලින් ඇහුවාම හිතුනේ එහෙමයි මචන්. සමහර පුංචි පුංචි කොටස් මම අනුමාන කරලා එකතු කරා කතාවේ සාරයට හානියක් නොවෙන්න. නැත්නම් මේකේ මුල අග පුරුද්දන්න බෑ
Deleteබොහොම ලස්සන කතාවක්.මීට වසර 20 එහා මියගිය මගේ පියා සිහිවුනා.
ReplyDeleteආසියානු කලාපයේ තාත්තලාගේ පොදු චරිත ලක්ෂණ සැහෙන්න තියෙනවා නේද යාලු
DeleteHariyata Malgudiye kathawak wage!!!
ReplyDeleteමල්ගුඩියේ කතා මටත් මතක් වුනා මේක අහද්දී
DeleteThe photo totally captures the essence of this story.
ReplyDeleteHabai Thilakasiri sir, Kahalid ge Tom Pachayak wennath bari naa.
Thanks Silibiris. මේක උගේ ටොම් පචයක් නම් මම අහපු සුන්දරම පචය මේක තමයි
Deleteතිලකේ ඇස් බොඳවුනා බං! අති සාර්ථකයි උඹේ ලියමන. චිත්‍ර පටයක් වගේ ගලා ගියා. උත්සහයත් ඕනෑකමත් තියෙනවා නම් කරන්න බැරි වැඩක් නෑ කියන එකට කඳිම නිදසුනක්. උඹේ රසවත් වචන හරබයෙන් තවත් ලස්සනව සංවේදීව
ReplyDeleteඅපට කියවන්න ලැබීම අපේ වාසනාවක්. උඹට ජයම වේවා!!
බොහොම ස්තුතියි මචන් . ඉගෙන ගනින් කියන පණිවිඩේ පොඩි එකෙක්ගේ ඔලුවට මේ තරම් තදින් වැදුන එක මටත් පුදුමයි. ඇරත් මීට අවුරුදු බර ගානකට ඉස්සර
Deleteඋබ මෙක ලියන විදියෙන් තමයි බන් අපිට මාර විදියට දැනෙන්නෙ.නියමයි.හැබැවටම සුන්දරයි
ReplyDeleteබොහොම ස්තුතියි මචං . සුන්දර කතා මට හොයන්න ආසා හිතෙන්නේ උඹලාගේ තියෙන මේ උනන්දුව හින්දයි.
Deleteලොකු කතන්දරයක් කෙටියෙන් අකුරු කරල තියෙන අපූරුව. හැබැයි මම ඔය ඉන්දියන් කාරයන්‍ට ආස නෑ. මහ පන්ඩිතයො.
ReplyDeleteස්තුතියි වීරේ. මටත් ඔහොම හිතිච්ච වෙලාවල් අනන්තයි. ඒත් ඒක මුළු රටකටම ජෙනරලයිස් කරන්න බෑ කියන අදහසේ තමයි මම ඉන්නේ
Deleteමට අපේ තාත්තා මතක් වුනා.. අපිව තුරුල් කරන් සිපගත්තේ පුංචිම පුංචි කාලේ විතරයි. ඒත් තාත්තගේ ආදරය ඔහු මිය යනතුරුම වෑහුනා. ඒ ආදරේ අඳුන ගන්න ලැබුනෙත් තාත්ත මිය ගියාට පස්සේ...ඔය ගැන කිත්සිරි අයියත් දන්නවා ..අහල බලන්නකෝ.. හරිම රසවත් කතාවක් අයියේ.. සුබ පැතුම්..
ReplyDeleteඔව් ලක්සිරි මල්ලි . අපි මේ ගැන කතා කරලා තියෙනවා. අපි හමොටෝම තාත්තලා කවුද කියලා හරියට තේරෙන්නේ ගොඩක් පරක්කු වෙලා .
Deleteතිලකෙගේ රසම රස කතා අන්තිමට කියවන්න තියාගන්න නිසා කමෙන්ට් ප්‍රමාද වෙනවා,අදත් හරිම සුන්දර වගේම විශ්වාස කරන්නත් අමාරු කතාවක්,නමුත් සත්‍යය ප්‍රබන්ධයට වඩා විශ්මයජනකයි කියල තියෙනව නේද මේ කතාවත් ඒ වගේ වෙන්න ඇති.කියවගෙන යද්දී මට හයිදරාබාදයේ ඇවිද්ද ආකාරය නිතැතින්ම සිහියට නැගුණා.
ReplyDeleteබොහොම ස්තුතියි හැලපේ. මේ කතාවේ සාක්කිකරු මා ලඟින්ම ඉන්න නිසා ඔහු වටපිටාවේ සෑහෙන තොරතුරු දන්නා නිසා මට පිළිගන්න වෙනවා සත්‍යය ප්‍රබන්ධයට වඩා විශ්මයජනකයි කියලා. මමත් ආශාවෙන් ඉන්නවා හයිදරාබාද් නගරේ හා අවට ගම්වල ඇවිදින්න.
Deleteමට හිතෙනවා බොහෝ විට පිරිමි ළමයින්ට තමන්ගේ තාත්තාව පහුවෙලා නැවත මුණ ගැහෙන බව...
ReplyDeleteඒක නෙමෙයි, තිලකගේ පොත සහ ලෝක සවාරිය ගැන අලුත්ම තත්වය මොකද්ද?
ඔව් තිසර. තාත්තා පහු වෙලා හම්බ වෙච්ච සිද්දියක් ගැන තවත් මේ වගේම කතාවක් අපේ රටේ මිත්‍රයෙක් කිව්වා .පස්සේ ලියන්නම් .
Deleteපොතේ වැඩේ පටන් අරන් තියෙන්නේ. ශෝදුපත් බලන්න දුන්නා. අප්‍රේල් අන්තිමට ප්‍රින්ට් කරන්න දෙන්නයි හිතන් ඉන්නේ තිසර.
ලෝක සවාරිය ගැන සැලසුම වෙනස් වෙලා නෑ . හිතන් ඉන්නේ එක දිගට නෙවෙයි කොටස් කිහිපයකින් යන්නයි . ලබන අවුරුද්දෙනේ.තව උපදෙස් ටිකක් ගන්න ඕනි
හරිම සංවේදී කතාවක්.රචනා ශෛලීය අපූරුයි.අපූගේ ලෝකය පොතේ රචනා ශෛලිය වගේ.........තාත්තා කියන චරිතය අපි තේරුම් ගන්නේ ප්‍රමාද වෙලා.මේ කතාවෙ තාත්තා ගැන කියවද්දි මට මගේ තාත්තා මතක් වුණා
ReplyDeleteකාංචනා
බොහොම ස්තුතියි කාංචනා. අපු සංසාර් ඇතුළු පොත් තුන කියවන්න කලින් මම රායිගේ චිත්‍රපටි තුන බලලා තිබ්බා. ඒ වින්දනය ඒ කම්පනය තාම දැනෙනවා.ඒ කම්පනයේ අංශු මාත්‍රයක හැඩයක් මගේ ලිපි වලින් මතුවෙනවානම් මම හරිම සතුටුයි
Deleteඕනෙම සිද්ධියක් අමුතුම ආකාරයකට කියන්න උඹේ තියෙන මේ හැකියාවෙන් උඹ බ්ලොග් ලේකෙට එන්න කලින් වැඩක් අරන් තියෙනවද තිලකේ?
ReplyDeleteමේ කතාවම ඉතාම නීරසව කියන්න හැකි විදි මිලියනයකට වඩා තියෙනවා.
තැන්කිව් මචන්.
Deleteමම ලියන්නෙක් තමයි මචන්. ඒත් ප්‍රගති වාර්තා ශක්‍යතා වාර්තා අරක මේක මහා එපා කරපු ටෙක්නිකල් ස්ටෆ් .මම සිංහලෙන් ලියන්න තියෙන ආසාව නිසා මහා අමුතු අමුතු උත්සාහයන් දාලා තියෙනවා මීට අවුරුදු විස්සකට විතර ඉස්සර . ඒ ගැන පස්සේ ලියන්නම්කො
කතාව කියවද්දී මට මතක්උනා අපේ තාත්ත කියපු කතාවක්. තාත්තගේ තාත්ත, අපේ සීය වෙදමහත්තයෙක්. සීය නැතිවෙලා තියෙන්නේ තාත්තට අවුරුදු 14 දිලූ. සීයා නැතිඋනාට පස්සේ ගෙදර වියදම් වලට සල්ලි හොයාගෙන තියෙන්නේ කුඹුරු වලිනුයි, තව රබර් කෑල්ලකිනුයි.
ReplyDeleteඅපේ තාත්ත තමයි පවුලේ වැඩිමලා. ඉතින් සීය නැතිඋනාට පස්සේ තාත්ත උදේ පාන්දර 4.30 ට විතර නැගිටලා රබර් කපල එහෙමලු ඉස්කෝලේ යන්නේ. පාඩම් කරන්නේ හවස ඉදන් රෑ වෙනකන්ලු , කුප්පිලම්පුවක් එහෙම පත්තුකරගෙන. මේ කියන්න යන කතාව සීය නැතිඋන අලුතම වෙලා තියෙන්නේ...
දවසක් ඔහොම රෑ පාඩම් කරද්දී තාත්තට ඇහිල අමුතු සද්දයක්. කවුද හෙමීට ජනේලෙට තට්ටුකරනවා වගේ. තාත්ත අහගෙන හිටියලු... ආපහු ඒසද්දේම ඇහෙනවලු.තාත්තට බයහිතිල දුවලගිහින් නිදාගත්තලු.
පහුවෙනිද පාඩම් කරන්න ඉදගත්තේම ටිකක් බයෙන්ලු. කළුවර වැටිලා, ගෙදර අනිත්අය නිදාගන්න ගියාම හිතේ චකිතය තවත් වැඩිඋනාලු. ටිකක් පොත් කියවද්දී තාත්තට බය අඩුඋනාලු. හිත තදකරගෙන අදනම් පාඩම් කරනවමයි කියල හිතාගත්තලු. පුංචි යකඩ කූරක් එහෙමත් ගත්තලු ලඟට. හීනෙන් බයවෙන අයගෙ කොට්ටේ යටට යකඩයක් තියනවලුනේ..
හොදටම කළුවර වෙලා, වටේපිටේ සද්දබද්ද නැතිවෙලා... තාත්තට ඇහෙනවලු ආපහු අර අමුතු සද්දෙ. ජනේලෙට හෙමින් තට්ටුකරන සද්දේ.. ඒපාර කවුද ඇවිදිනවාත් වගේලු.. තාත්ත හිතුවලු මේ ඇවිදින්නේ සීය වෙන්න බැහැ කියල. මේ දේවල් කරන්නේ මනුස්සයෙක් නම් අනිවාර්යෙන් ගෙදරඅය බය වෙනවද කියල බලනවා ඇති කියල මේ කරන සද්ද වලට. තාත්ත ගිහිල්ලා දොරේ යතුරුහිලට ඇන්නලු අර යකඩ කූරෙන්. එතකොටම කවුද අම්මෝ කියාගෙන දිව්වලු.
පහුවෙනිදා ගමේ ඉන්නවලු එකෙක් නළලේ තුවාලයක් තියෙන. ඊටපස්සේ කවදාවත් අර 'හොල්මන්' ආවේනැහැලු තාත්ත බයකරන්න. :)
අපූරු මතක සටහනක්නේ.තනුශ්කාගේ දිරිමත් තාත්තා ගැන ලොකු ගව්රවයක් ඇති වෙනවා මේක කියෙව්වම.
Deleteඅපේ මහින්දටත්(පුරණී) ඔය හා සමාන හොල්මන් කතාවක් සිද්ද වෙලා තියෙනවා තාත්තා මියගොස් ටික දවසකට පස්සේ. ලොකු පොල්ලක් අරගෙන කකුල කඩනවා කිව්වම හොල්මන අතුරුදහන් වුනාලු.
ලස්සන කතාවක අවසානය ගොඩක් ලස්සනයි..
ReplyDeleteබොහොම ස්තුතියි උමේෂ් . මේ අවසානය නොවේ D
Deleteපරක්කු වෙලා හරි ආව එක ගැන මට සතුටුයි.
ReplyDeleteඔබේ යාළුවාගේ කතාව වගේ කතාවක් මේ ළඟදි මම ෆිල්ම් එකක බැලුවා. ආයේ හොයාගෙන බලන්න ඕනේ. කතාව චෙක් වෙන්න ඕනේ.
අපූරු සටහන් ලියනවට ඔබට බොහොම ස්තුතියි.
පරක්කු වෙලා හරි මේ කොමෙන්ට් එක දැක්ක එක ගැන මටත් සතුටුයි. අර film එකේ ලින්ක් එකක් හම්බුනොත් එවන්ට
Deleteඉස්සර උඹ ආර්ට් සර්කල් එකට ලියපු කටු සටහන හරි කවියක් හරි අහුලගන්න අඹයක් වැටෙනකන් ඇස දල්වාගෙන ඉන්න පොඩි එකෙක් වගේ බලාන උන්නු අවදිය මතක වෙනවා. අදටත් තිලක සිතේ මොකක් හරි වැටෙනකම් බලන ඉන්නේ ඒ ආසාවෙන්මයි. කාලය ගොඩක් දේවල් වෙනස් කරලා. ඒත් උඹේ අකුරු පේලි අස්සේ රැඳුනු රහ එදා වගේමයි.
ReplyDeleteජනක විජයකුලසුරිය
බොහොම ස්තුතියි මචන් .හිත අවුරුදු විස්සක් අතීතයට ගියා. උඹත් ඒ කාලේ මොන තරම් නිර්මාණ කලාද . උඹේ ජාලා නාට්‍යය එහෙම තාම මතකයි
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඉතාම රසවත් . අපිත් සමහර විට ඔයවගේ කතා අහනවා නමුත් ඒවා ඉතා ඉක්මනට අපේ මතකයෙන් ඈත් වෙනවා එහෙමත් නැත්නම් අපේ මේ කාර්‍ය බහුල කම නිසා අපේ හිතෙන් ගිලිහිලා යනවා මම හිතන්නෙ මේකෙ තියන වඩාත්ම වැදගත් දේ තමයි ඒවා අපිට රසවත් ලෙස ඔබට කියන්නට ඇති හැකියාව !
ReplyDeleteබොහොම ස්තුතියි ලාල්, මුණගැහිච්ච දවසේ ඉඳන් මන් ගැන හොයා බලමින් ඒ මදිවාට ලියන ඒවාත් කියවමින් , අගයමින් නොවෙනස්ව ඉඳීම ගැන.
DeleteAbout few weeks ago I suddenly stumbled upon to a blog named "Cyber Yaya" and then only I got to know it was a part of a wide spread social of Sinhala Blog. Gradually it became a routine of daily life to read few blogs here and there and today I happened to visit yours. Your story telling ability is amazing as always it blends with true life experiences. This story reminds me both my parents as they have similar childhood like your friend. They both met at Peradeniya uni and got married. My father passed away 4 years ago and still I wonder how he shaped his life with such obstacles in childhood.
ReplyDeleteI like the way you express your experiences and wish you will keep it up
Prasanna MMMBS
Maxaaa
ReplyDelete