කවදාවත් බණ්ඩාරවෙල පැත්තට කෝච්චියේ ගිහිල්ලා නැති මිතුරු මිතුරියන් රැළක් සමග රාත්‍රී තැපැල් දුම්රියේ අපි වරක් ට්‍රිප් එකක් ගියා. ගියා නෙවෙයි අපේ ගම්පලාතටම ආවා .මටනම් ඒක ට්‍රිප් එකක් නෙවෙයි. මාසෙකට වතාවක් පේරාදෙණියෙන් නැගලා රෑ කෝච්චියේ පත්තරයක් එලාගෙන ගෙදර එන එක සුපුරුදු ගමනක් වෙලා තිබ්බේ ඒ කාලේ .
ඔහිය පහු කරලා ඉදල්ගස්හින්න පැත්තට එනකොට පාන්දර වෙලා . දියතලාව බොරලන්ද සානුව කඳු වළල්ලෙන් වටවෙලා ඒ මදිවාට තනි සුදු පාට මීදුමෙන් වැහිලා. හරියට රෙදි බේසමක හෝදන්න දාපු සුදු රෙදි ගොඩක් වගේ පෙනුනේ. අඩ නින්දේ බාගෙට ඇස් ඇරගෙන ආපු අපේ මිතුරියක් මේ දර්ශනේ දැක්ක ගමන් එක පාර මගෙන් අහපි මොකක්ද අර වැව කියලා .
' ඇයි අනේ ඒ අපේ සීයලා හදපු වැවනේ. අහවල් සමුද්‍රය කියන්නේ ඕකටනේ'. මම කිව්වා. මේ කොලොප්පම තේරිච්ච එව්වෝ හිනාව තද කරගෙන හිටියට මේකේ අගක් මුලක් නොතෙරිච්ච යහළු යෙහෙළියෝ ඇස්වල කබ කඩ කඩා සීතල දුම්රිය කවුළු ගාවට රොක් වෙලා බලා ඉන්න පටන් ගත්තා. තව ඩින්ගිත්තකින් මීදුම් සළු ටික ලිහී ලිහී දියතලාව අවට කඳු නිරුවත් වෙන්ට පටන් ගද්දි ඒ පැත්තට ළපටි ඉර එලිය වැටිලා අයස්කාන්ත දර්ශනයක් මැවෙන්ට පටන් ගත්තත් අපේ උන්ගෙන් මිතුරු ගුටි පුජාවකුත් මට හම්බුනා අතේ පැලවෙන බොරු කිව්වාට.
එහෙම නිරුවත් වෙච්ච කඳු අතර මට නමින් කියන්න පුළුවන් කඳු තුනක් තිබ්බ. එකක් නරියා කන්ද. අන්නාසි කන්ද හා ගොනා කන්ද අනිත් දෙක . අන්නාසි කන්ද පැත්ත පලාතකවත් අන්නාසි පඳුරක් නෑ . නරියා කන්දයි ගෝනා කන්දයි දෙකට ඒ නම් ලැබිලා තියෙන්නේ වන සත්තු හින්දා නෙවෙයි.
අපි ඉස්කෝලේ පුංචි පන්ති වල ඉන්නකොට ගොඩක් ඈතට පයින් ඇවිදින්න තහනම් උනත් ගෙවල් කිට්ටුවම තිබ්බ කොඩි කන්දටත් අන්නාසි කන්දටත් යාළුවො එක්ක ඇවිදින්න අවසර තිබ්බා.
මේ කොඩි කන්ද මුදුනේ සිමෙන්ති පාදමක ගැල්වනයිස් බටයක් හිටවලා තිබ්බා. හරියට කොඩි කණුවක් වගෙයි. මේ කන්දෙන් ඈත කඳුවලට සුද්දන්ගේ කාලේ පණිවිඩ ඇරිය කියලා ගමේ ජනප්‍රවාද තිබ්බා. පස්සේ කාලෙ දන ගත්තේ මේක මිනින්දෝරුවන් පිහිටවපු ත්‍රිකෝණමිතික ස්ථානයක් කියලා .
මේ කොඩි කන්දට අල්ලාපු කඳු ගැටයේ විශාල පදාසයක තැන තැන තිරුවානා ගල් විසිරිලා තිබ්බා. අපි කිව්වේ කිරවනා ගල් කියලා . ඒ කන්දේ නමත් කිරවනා ගල්පිස්ස. මේ ගල් උඩින් පැන පැන කොච්චර ඇවිද්දා උනත් සෑහෙන කාලෙකට පස්සේ තමයි දන ගත්තේ මේ කන්දේ තියෙන කිරවනාගල් ඉතා මහන්සියෙන් රටාවකට හදලා තියෙන චිත්‍රයක් කියලා. අක්කර ගානක් විශාල අන්නාසි ගෙඩියක් ඒ. මම අහලා තියෙන විදිහට යුද හමුදා සේනාංකයක ලාංචනයක් තමයි ඒ නිර්මාණය කරලා තිබ්බේ .ඒ දවස්වල දියතලාව බණ්ඩාරවෙල කෝච්චි පාරට මේ අන්නාසි ගෙඩිය හොඳින් පෙනුනත් අද වෙනකොට මේ කන්ද පයිනස් වගාවෙන් වැහිලා තියෙන්නේ.
ඉතින් තවත් ටිකක් ලොකු මහත් වුනාම තමයි මට අන්නාසි කන්දෙන් ඔබ්බට ගිහිල්ලා නරියා කන්ද හා ගෝනා කන්දට යන්න පුළුවන් වුනේ. ඒකත් මී හරක් කතාවක් හින්දා.
අපේ කුඹුරු යාය හාන්නේ කතා කර ගත්තු එකම දවස් කීපයක. මී හරක් අයිති කාරයා මුතු බණ්ඩා . එයාගේ මල්ලි පොඩි අප්පු තමයි මී හරක් පට්ටියේ කළමනාකරු. අපි කිව්වේ මී ගොන් මුත්තා කියලා. මුතු බණ්ඩාගේ පුතා ටිකිර අපෙ වයස්වලම තමයි හිටියේ. කුඹුරු වැඩ නැති කාලෙට මී හරක් සේරම නරියා කන්ද පැත්තට ගිහින් දානවා. කුඹුරු හී වාරය හරි මඩුවම් වාරය හරි පටන් ගත්තම පොඩි අප්පුයි ටිකිරයි ගිහින් මී හරක් විස්සක් තිහක් දක්කාගෙන ගමට ගේනවා. මේ දෙන්නත් එක්ක තව කොලු කුරුට්ටෝ ටිකකුත් යනවා. මේ මී හරක් ගෙන්න නරියා කන්දේ යන ගමනකට මට සහබාගී වෙන්න වාසනාව ලැබුනා එක දවසක් අහම්බෙන් වගේ. මේ ගමනට අපේ මාමගේ පුතත් ගිය නිසා මට ගෙදරින් අවසර ලැබුනා.
ඉසේල්ලාම කොඩි කන්ද මැදින් අන්නාසි කන්දේ තිරුවානා ගල් මැද්දෙන් අපි ඇවිදගෙන ඇවිදගෙන හැතැප්ම දෙක තුනක් ගියා. අපි පැයක් විතර යනකොට විශාල නිස්කලංක කඳු මන්ඩියකට සේන්දු උනා. ඒ දවස් වල නරියා කන්ද අවට කලාපය තනිකර ජන ශුන්‍යයි. තාමත් ගොඩක් දුරට ඒ වගේ. තැන තැන පුංචි දිය පාරවල්, වතුර වලවල් තිබ්බ. මීවන පඳුරු , හීන් බෝවිටියා ගාලවල් විතරක් නෙවෙයි ඕකිඩ් මල් පවා පුංචි දිය සීරා ළඟ පිපිලා තිබ්බා. තැන තැන මී හරක් නිදැල්ලේ වමාරා කකා හිටියා . උන්ට තිබ්බේ පුදුම නිදහසක් .
මේ ගමනේදී තමයි මම අර ගෝන කන්ද වගේම කිරවනා ගල් වලින් හදපු විශාල නරියෙක් ඉන්න නරියා කන්ද දැක්කේ. එකේ යටින් තියෙන HMS Fox 1913 කියන අකුරු තුන මොකක්ද කියන්නේ?
බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයිති වෙලා තිබ්බ HMS Fox කියන යූද නැව 1913 කොළඹ වරායට ඇවිල්ලා තියෙනවා. මේ නැව දියඹට දාලා තියෙන්නේ 1893 දී . 1914 පටන් ගත්ත පලවෙනි ලෝක යුද්දෙදිත් හටන් වලට සහබාගී වෙච්ච මේ නැව 1920දී පරණ යකඩ වලට වීකිණුවා ලු.
නැව කොළඹ වරායේ නැංගුරම් දාලා තිබ්බ 1913 අවුරුද්දේ නැවේ කැප්ටන් සහ අනිත් පිරිස නිවාඩුවකට දියතලාවේ ආපු ගමන් තමයි ඔය පින්තුරේ තියෙන නරියා කිරවනා ගලෙන් පාලු කඳු ගැටයක නිර්මාණය කරලා ගිහින් තියෙන්නේ.
ඊට නුදුරින් තියෙන තවත් කන්දක කිරවනාගල් අතුරා ඇඳලා තියෙනවා ගෝන හිසක් . ඒ ශ්‍රී ලංකා ශිෂ්‍ය බට බලකායේ ලාංචනය .
නරියා කන්ද හතර දිබාගයේ හැම අස්සක් මුල්ලක් නෑර දැනගෙන හිටි අපේ ගමේ පොඩි අප්පු මුත්තා සේම එක වතාවක් විතරක් මේ පැත්ත පළාතේ ආපු HMS Fox නැවේ කැප්ටනුත් හරි පුදුම මිනිස්සු දෙන්නෙක් කියලා මට හිතෙනවා.
තමන්ගේ මී හරක් ටික මාස හය හතක් අතුරු ආන්තරාවක් නැතිව නිදැල්ලේ පරිස්සම් කරන්න හොඳම තැන හැටියට පොඩි අප්පු මුත්තා දැක්කේ නරියා කන්දයි.
අනිත් අතට තමන්ගේ නැවේ සංකේතය අවුරුදු සීයක් යනකන් නොවෙනස්ව තියෙන්න ඇඳලා එන්න පුලවන් තැන හැටියට Fox නැවේ කැප්ටන් තෝරා ගත්තෙත් ඒ කන්දමයි. ඒ දැනට අවුරුදු එකසිය එකකට කලින් .
(Photo SLMA)
ලෝකේ පුරා නම ගහගත්තු තවත් නරියෙක් තමයි Fire Fox හෙවත් ගිනි නරියා.
ReplyDeleteගිනි නරියා තරම්ම නැතත් නැව් නරියාත් හරි ප්‍රසිද්දයි. ඒ නමම තියෙන නැව් බර ගානක් තිබිලා තියෙනවා ඉතිහාසේ
Deleteබේසමක හෝදන්ට දාපු සුදු රෙදි ගොඩක් වගේ, නිරුවත් කන්ද...ඔයා පරිසරය වර්ණනා කරලා තියෙන හැටි හරිම අපූරුයි. කියවගෙන යන්ට ආසා හිතෙනවා...
ReplyDeleteඔන්න, ඔය විදියට හැම තැන දුව ඇවිදපු පුංචි කාලේ ගැන චූටි ඊරිසියාවකුත් එනවා ....:)
මගේ පරිසර වර්ණනාව ගැන පොඩ්ඩිගේ වර්ණනාවට ස්තුතියි, ඒත් මේ සටහන තව ටිකක් හැඩට ලියන්න තිබ්බානම් හොඳයි කියලා හිතෙනවා
Deleteඔව් ඇත්ත තිලකේ. ක්වික් ශොට් එකකට ගිය ගතියක් මේකේ දැණුනා.
Deleteමේක මං දැකල නෑ.. නරිය කන්දට තුන් පාරක් ගියා...
ReplyDeleteනරියා කන්දට ගියාම මේක පේන් නෑ තමයි. උඹ ටිකක් ඈත ඉඳන් බලපන්
Deleteහැක් හැක්.. ඒකනේ අපි රේස් පදින්න ගියානේ..
Deleteඔහොම කතන්දරයක් ඔය අස්සේ තියනවා කියල දන්නේ අදනේ
ReplyDeleteමේ කතාවටත් අස්සේ තවත් අතුරු කතා රසා කතා හෙම තියෙන්නත් පුළුවන් , මේ ඉතිහාසේ හොයන්න ආසයි
Deleteමේ නරියා කන්දේ කතාව ලිව්වාට ස්තූතියි.. මේ සැරේ ගෙදර ගිහින් එනකොට අපි මඟ නැවතිලා නරියා කන්ද දිහා බලා හිටියා.. ඒත් අපි කවුරුවත් ඒ කතාව දැනගෙන හිටියෙ නැහැ..
ReplyDelete"දියතලාව බොරලන්ද සානුව කඳු වළල්ලෙන් වටවෙලා ඒ මදිවාට තනි සුදු පාට මීදුමෙන් වැහිලා. හරියට රෙදි බේසමක හෝදන්න දාපු සුදු රෙදි ගොඩක් වගේ පෙනුනේ." මොන තරං සුන්දරද? අපූර්වද?
හැමදාම වැඩට යනව එනව වෙනුවට මීදුම් කඳු යායක කරක්ගහල හවසට ගෙදර එන්න ඇත්නම්...
ස්තුතියි කඳු . මීදුම දකිනකොට සතුටක් එක්ක මගේ හිතට හීනි දුකකුත් එනවා. ඒ නිසා ඉඳ හිටලා විතරක් මීදුම දකින්න යන්න කැමතියි.
Deleteහම්මේ පරණ නෑදෑයෙක් දැක්කා වගේ සංතෝෂයි... දියතලාවේ ට්‍රේනින් කාලේ දැක්කට පස්සේ නරියව දැක්කේ අවුරුදු පහලොවකට විතර පස්සේ...
ReplyDeleteහැබැයි ඉතිං දැන් ඕකව දැක්කට සතුටු හිතුනට ඒ කාලෙනං ඕකා පේනවා කියන්නේ භයානක හිනයක් වගේ දෙයක්.. මොකද ඔතනට නගින්න කොහොමටත් ලේසි නැති එකේ තව එකෙක්ව කරේ තියාගෙන නගින්න වෙන ආතල් එක හින්දා... එයින් පස්සේ ඔතන ඉඳන් පහලට එන ගමනෙත් වැඩි හරියක් ෆෝවඩ් රෝල් එකෙන්... බ්රේක් නැතිව... සාමානයයෙන් හවස තුනත් පහත් අතර කෙරෙන දෙයක් උනත් උදේට කාපුවත් එළියට එන කේස් එකක් ඒක..
කොහොම උනත් දැන්නං දැක්කමත් සංතෝසයි...
ඡන්දෙ ඉවරවෙලා එළියට බැහැල තියෙන්නෙ.
Deleteඈ බන් මාරයෝ උඹට එහෙම අත් දකීමකුත් තියෙනවද. අර පොලෝ එක ළඟ white gate එකට දුවන දිවිල්ල නම් ඉස්සර පාරේ යනකොට උදේ හවා අපි දකිනවා. සමහරවිට උඹවත් දකින්නැති. සන්තෝසයි
Deleteහැලපේ මාරයාට විතරක් නෙවෙයි මටත් පහුගිය ටිකේ එලියට බහින්න බැරි උනා . ඒ පැත්තේ එන්නයි ඉන්නේ ඉඩක් ලැබුනම. ඇනිවසරි පාටියටත් එක්ක
Deleteහය මාසයක් එයාර්ෆෝස් ට්‍රේනින් හිටියනේ 98 අවුරුද්ද අග සිට 99 අවුරුද්ද මැද වෙනකල්..හය මාසයක්.. ඒ කාලේ තමා.. වයිට් ගේට් දිවිල්ලත් අනිවාර්යයි.. එහෙමන් අර කිව්වත් වගේ දැකලා ඇති තමා... :D
Delete@හැලපයියේ...
මේ ටිකේ බුකියේ පදිංචිය... ඒකයි පේන්න නැත්තේ... මේවෑ වලි වගේයෑ අප්පා බුකියේ වලි.. :D
ඇහින් නොදැක්කත් මුලු පරිසරයම ඇහින් දැක්ක වගේම රස වින්දා...
ReplyDeleteබොහොම ස්තුතියි සොන්යා. ඔබ මෙහි ආ එක ගැන සතුටුයි
Deleteඒ කියන්නේ ටයිටැනික් ගිලුනට පස්සෙ අවුරුද්දේ.
ReplyDeleteමට හිතාගන්න බැරි, කන්දක තිරුවාන අතුරලා මවන චිත්‍රයක් ඔච්චර කාලයක් වෙනස් නොවී තියෙන්නේ කොහොමද කියලා. ඇයි මචං අවුවට වැස්සට තෙමිලා, පිටාර පාරවල් වලට අහුවෙලා,හරකුන්ට මිනිස්සුන්ට පෑගිලා, ඒත් කොහොමද ඔහොම ඉතුරු වුනේ?
චායාරූපය දිහා බැලුවම හොඳින් සුද්ද පවිත්‍ර කරලා (සංරක්ෂණය වන විදිහට), හොඳින් නඩත්තු කරන බවක් නේද පේන්න තියෙන්නේ.
Deleteඔව් මචන් නඩත්තු නොකර ඔච්චර කාලයක් තියෙන්නේ නෑ . මම හිතන්නේ ඕක හමුදාවේ උදවිය අවුරුදු පතා පිළිවෙලකට තියා ගන්න මොනා හරි කරන පාටයි
Deleteමගෙත් යාළුවෙක් හිටිය කහගොල්ලෙ. අක්ක නගෝ දෙන්නෙක්. අර ට්‍රයිස්ටාර් ෆැක්ටරි එක ගාවින් පහල. වෙල අද්දරම පුන්චි එගෙයක්. ඔය කියන විදියට තිලකෙගෙ ගෙවල් පාරෙන් අනික් පැත්තෙ වෙන්නැති! තිලකෙ දන්නවද නීළමනී ගීගනගේ කියල දියතලාවෙ හිටපු ඩොක්ටව. දැන් ඉන්නෙ බන්ඩාරවෙළ වෝකර් එක ගාව උඩ. ඒ මගේම නොවෙන මගෙ සහෝදරියක්. 94 ඉඳන් 97 වෙනකල් නිතර ආගිය තැනක්. ඇටම්පිටියෙ, ගලේදන්ඩ, දියතලාවෙ, බන්ඩාරවෙල පුරාම කරක් ගැහුව. ආයි පොඩි උන් ලොකු උනාම ඒවගෙ ඇවිදින්න යන්න හිතේ ආසාවක් තීනව.
ReplyDeleteඔය කියන පුද්ගලයන් හා ස්ථාන මට හුරු පුරුදුයි ඉන්දික . ඉතින් ඔබ මාව බලන්න ආපු එක කොච්චර දෙයක්ද. හරිම සතුටුයි
Deleteඅද ටිකක් වෙනස් කතාවක් ලියලා.. තිලකගේ ගොඩක් කතා වල තියෙන්නේ ඇහැට කඳුලක් උනන සංවේදී රිද්මයක්.. දයාබර මාරේ, පොකට් ගහන්න බැරි ආදරය, ඉංග්‍රීසි ගුරුතුමාගෙ, පොඩි මාමගේ කතන්දර.. ඒ හැම එකකම ඒ සංවේදී මනුෂ්‍යත්වය ගැබ් වෙලා තිබුණා.. එතකොට මීට කලින් ලියපු පහුවෙලා හමුවූ තාත්තා කතාවත් ඒ වගෙයි... මට හිතෙනවා මම ඔබේ බ්ලොග් එකෙන් බලාපොරොත්තු වෙන්නේ එවන් රිද්මයක් කියා.. මෙය මගේ අදහස් දැක්වීමක් පමණයි.. මා මෙසේ කියුවාට ලිවීම කළ යුත්තේ ඔබට රිසි ආකාරයකටයි... :) :)
ReplyDeleteබලල් හාමිනේ ඔබ ඔය කියනා කතාව මගේ යාළුවො ගොඩ දෙනෙක්ගේ අදහස බව මට හැඟුණා . මෙහෙම විවෘතව කතා කරපු එක ගොඩක් වටිනවා. ඇත්තටම නිර්මාණශීලී යමක් ලියන්න කල් වේලා හා මුඩ් එක නැති දවස් මට තියෙනවා. අනිත් අතට මට බයක් තිබුනා මම ලියන දේවල් ඒකාකාරී වෙනවා වගේ කියලා . ඒ නිසා ඉඳ හිට මේ වගේ සරල වාර්තාමය ගමන් විස්තර වගේ ඒවත් ලියන්න ඕනි කියලා මම හිතුවා. දිගටම එන්න. මම වඩා හොඳ දෙයක් ලියන්න උපරිම උත්සහ කරනවා .
Deleteමම හිතාගෙන හිටියේ ඔය නරියා මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ නිර්මාණයක් කියලානේ..
ReplyDeleteමචං තර්ඩ් ඉයර් එකේදිද කොහෙද. අපි කට්ටියම ලෝකාන්තයේ ගිහින් කෝච්චියේ බිම පත්තර එලන් වාඩිවෙලා බණ්ඩාරවෙල ගිය හැටි මතක් වුණා. (එදා කලු මල්ලී බැචියන්ට පෙන්නා පෙන්නා ගියේ උබලගේ සීයා හදපු වැව වද්දෝ මන්දා..:D)
ඔය ට්‍රිප් එකේදිම වෙන්ට ඕනි මචන් මේක වුනේ. කළු මල්ලි ඉතින් කවදත් බොරු කියන්න කාඩ් ගහන්න මට උපරිම උදව් කරපු හිත හොඳ එකානේ
Deleteනරි කන්ද ගැන දැණුවත් කිරීමට බොහෝම ස්තූතියි.. මේ කතා අමතක වෙලා තිබුනේ.. කෝච්චියේ යන කොට පැහැදිලිව පේනවා..
ReplyDeleteවෙල්කම් මාතලන්. දැන්නම් නරියාකන්ද ප්‍රසිද්ධ අර අවුරුදුපතා තියෙන මෝටර් සය්කල් රේස් නිසා.
Deleteගවයින්ව අර විදිහට කාලෙකට කඳු වලට නිදහස් කරන එක කඳුකරයේ කෙරෙන දෙයක්. ඒවට යන අය ලඟ ලස්සන කතා තියනවා.
ReplyDeleteනරියා කන්දෙ ඉතිහාසය දන්නෙ අදයි. මේ වතාවෙත් රේස් එක බලන්න නම් යන්න බලාපොරොත්තුවක් තියනව.
ඉන්දික ඔබ ආ එක ගැන සතුටුයි. අර වගේ මී හරක් රංචු කිහිපයක්ම නරිය කන්ද වටේ සැරි සැරුවා. මට ඒ දවස්වල පුදුමයි මේ අයිතිකාරයෝ තමන්ගේ හරක් හරියට හඳුනා ගන්නේ කොහොමද කියලා. මී හරක් දෙන්නෙක් ගත්තොත් එක වගේනේ. අනික උන්ගේ පිටේ හංවඩු ගහන්නෙත් නෑනේ.
Deleteහරිම සොඳුරැ විස්තරයක් තිලකේ. මම මනසින් උඹ කිව් ඉසව් හැමතැනම හක්කලං කළා. වටිනා
ReplyDeleteවිස්තරයකුත් දැන ගත්තා. යන්න වටිනා තැන් මචං අපේ රටේම තියෙන.
ස්තුතියි මචං ඊළඟ පාර ආවම වරෙන් අපේ ගමේ රව්මක් යන්න
Deleteඉස්සර ඉතින් නරියා කන්දේ රේස් බලන්ට යන එක මේ කාලෙට අනිවා නේ.... මේ විස්තරය මීට වඩා වර්ණනා කරලා ලියන්න නම් කෙනෙක් නැතිවෙයි මට හිතෙන්නේ ... (Y)
ReplyDeleteළඟදී රේස් තියෙනවා.මේ පාර යන්නේ නැද්ද? ඉස්සර ඔතැන අවුරුද්දකට සැරයක් තිබ්බා මහජනයාට විවෘත යුද හරඹ සංදර්ශනයක්. ස්තුතියි ඉවාන්
Deleteගමේ අගේ තේරෙන්නේ ගමෙන් පිට ඉන්නකොට .......බණ්ඩාරවෙල , කහගොල්ල, දියතලාව , මතක් වෙනකොට ......
Delete@ඉවාන් (ඉස්සර ඉතින් නරියා කන්දේ රේස් බලන්ට යන එක මේ කාලෙට අනිවා )
ඉතින් මේ පාරත් සෙට් වෙමුකෝ .....
මම දියතලාවේ, කහගොල්ලේ හිටියා පොඩි කාලයක් තරුන කාලේ. ඔය කියන තැන් ගැන මතකය අළුත්වුනා. දියතලාවෙ ටවුමේ ආමි නේවි ෂොප් එක පල්ලෙහා වල බහින තැනක් තිබුනා. හෝල් එක ඉස්සරහ තිබුන පොඩි තේ කඩෙත් අමතක කරන්න බැහැ.
ReplyDeleteඅඩේ අප්පා දියතලාවේ ජීවිතය ගැන මරු පෝස්ට් එකක් එහෙනං ඇරුගේ අඩවියෙත් ලියවේවි. ඔය Army & Navy කඩේ තමයි.ඒ කාලේ තිබ්බ හොඳම සුපිරි වෙළඳ සැල .
Deleteහරිම ලස්සනට ලියල තියනව. පරිසරය වැනිල්ලත් ඉස්තරම්. මේක තමයි හරි ක්‍රමය, ඉඳල හිටලා විවිධත්වයට මේ වගේ කතාත් ලියවෙන එක
ReplyDeleteස්තුතියි බස්සෝ . මේවා ලියනකොට මගේ හිතටනම් විවිධත්වයක් දැනෙනවා . මම කාන්තාරේ ඉන්දන්නේ මීදුම ගැන ලියන්නේ.
Deleteලියන ඕනෑම දෙයක එහි අන්තර්ගතයටත්..ඊටත් වඩා එහා ගිහින් පරිසරයටත් කිමිදිලා ලියන අය අඩුයි. උඹ එවැන්නෙක්. සමහරක් වෙලාවට උඹේ නිර්මාණ චිත්‍රයක් වගේ රසාස්වාදයක් ගේනවා. උඹෙන් මා ඇතුළු බ්ලොග් කරුවන්ට ඉගෙණගත යුතුදේ බොහෝයි. සහතිකෙන්ම.
Deleteකතු තුමා මීට දශක දෙකකට පමණ කලින් නෑඹුල් ලියන්‍නන්‍ට කී දෙයක් මතක් වුනා. "උඹලට ආලයයි, දුප්‍පත් කමයි, ගනිකාවයි ගැන ඇරෙන්‍න ලියන්‍න වෙන මොකවත්‍ම නැද්‍ද?" හොඳ ලියවිල්‍ලක් යනු අනිවාර්‍යයෙන් "කඳුලු පෙරාගෙනම" කියවිය යුත්‍තක් බව මම හිතන්‍නෙ නැහැ.
ReplyDeleteහෙහ් හේ ..එහෙමත් අතීතයක් තිබ්බනේ බොලේ. ටිකක් ඉන්ටකො ඔය හැම විදිහෙම ඒවා ටිකක් ලියන්ටයි හදන්නේ
Deleteදියතලාව, බන්ඩාරවෙල පැත්තෙ නම් මම වැඩිය ඇවිදලා කරලා නම් නෑ. ඒත් මේක කියවනකොට නමුනුකුල කන්ද පාමුල ගෙවපු මාසයක විතර කාලේ මතක් උනා. හැමදාම උදේට කදු පන්ති දිගේ එක එක ගම් වලට යද්දි දැක්ක දර්ශන වල ලස්ස්න. කරුමෙකට වගේ ඒ කාලේ මගේ අතේ කැමරාව්ද්ක් තිබුනෙ නෑ. දැන් එහෙම ඒ වගේ ඔය පලාතේ ඇවිදින්න නිදහස තිබ්බ් නම් කියල හිතෙනවා
ReplyDeleteදැන් වුනත් ඒ පළාතේ ගියොත් වැඩි වෙනසක් වෙලා නෑ වීරේ. ඒ නිසා කැමරාවත් අරන් වෙලාවක යමු
Delete