තට්ටු තිස් අටක් ඉහළට ගිය වෘත්තීය ජීවිතය ආයිමත් බිම් මට්ටමකට ගෙනල්ල තනියෙන් කොන්ත්‍රාත් කරන්න හිතන මිනිස්සු ඉන්නවා මේ මං වගේ. අබුද්දස්ස කාලේ ආවම මොනා කරනවද කියල කාටවත් කියන්න බෑ . පිට්ටු බම්බු ගොඩනැගිල්ලේ පිළිසකර වැඩ ඉවර වේගෙන යද්දී මට දිගටම ඒ වගේ රස්සාවක් කරන්න බෑ වගේ හිතුනා. තමන්ට ඕනි විදිහට වැඩ කරන්න තමන්ගේ වැඩක් පටන් ගන්න ඕනි කියල හිතුනා සුපුරුදු දෙවැනි වතාවට .
එත් මේක බිස්නස් මයින්ඩඩ් නැති මිනිහෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. රෝල ගෙනියන්න නොදන්නා කම හින්දා ගෙදර ගෑනිගේ රත්තරන් බඩුටික බැංකුවට සින්න වෙලා ඉල්ලන්න පුළුවන් හැම තැනින්ම ණය අරන් අලුත් කොන්ත්‍රාත් ව්යාපාරෙත් ඇණ ගත්තම කාගේ පිහිටද?
ආර්ථිකේ හොම්බෙන් යද්දී තමයි මම අයියා මග පෙන්නපු රස්සාවක් කරන්න සිංහලේ ගියේ. ඒ යනකොට ගෙදර පිච්චිය නෑ . ගෙදර උන්දැගේ රස්සාව නැතිවුනේ පොඩි එකා බලාගන්න ගෙදර හිටපු කාලේ නිවාඩු වැඩ්පුර අරගෙන. ඇය උපාධි හා ප්‍රශ්චාත් උපාධි සහතික සේරම පොඩි එකාගේ තොටිල්ලේ අතුරලා ගෙදරම ඉන්ට තීරණය කරපු කාලේ . බිරින්දෑ හා දරුවා නැන්දා මාම ළඟ තියල තමයි මම සිංහලේ ගියේ . ඒක තරමක් හොඳ පඩියක් ගෙවන රස්සාවක්.
පළවෙනි පඩිය ගත්තයි කියමුකෝ. ඉඩෝරයට පොද වැස්සක් සේ කාලෙකින් සල්ලි ටිකක් අතට ලැබුනා. තව දවස් හතරක නිවාඩුවකුත් හම්බුනා.බලන්ගොඩ ඉඳන් කඩුවෙලට වහනෙකින් ඇවිත් එතන ඉඳන් බස් එකේ. කිරිබත්ගොඩ යන බට්ට වෑන් එකක ඔලුව පාත් කරගෙන හිටගෙන ඉන්නවා.
කසාද බැන්දයින් පස්සේ ගෙදරින් දුරස්වෙලා සති කීපයක් ඉන්ට උන පලවෙනි වතාව තමයි තව ඩින්ගකින් නිමා වෙන්න තිබ්බේ.
ණය තුරුස් වලින් කාටසක් ගෙවලා රත්තරන් බඩු ටිකක් බේරාගෙන පොඩි එකාට අලුත් ඇඳුම් ටිකක් අරන් දෙන්න අපි දෙන්නා හෙට ෂොපින් යන හැටි මැවිලා පෙනෙනවා.
එහෙම හිතනකොට මගේ හිතට ආවේ කලිසන් සාක්කුවේ තියෙන බර ලියුම් කවරේ අතගාලා බලන්න ඕනි කියල පොඩි ආශාවක්.
අත සාක්කුව පුරා ගියා . ම්හු . කවරය අහු උන් නෑ. හිත හිරි වැටිලා ගියා . කහඹිලියා ගෑවිච්ච ගොබිලෙක් වගේ කමිස සාක්කු, කලිසම් සාක්කු ඔක්කොම අවුස්සා අවස්සා බලදී තෙරපිලා කුදුගහිලා හිටපු වැන්මේට්ලාට මල පැනලා. ඒත් මගේ සියොළඟ ගිනි අරං .
දැන් මොකද කරන්නේ !මගේ හඬ පිටවෙන්නෙත් නෑ .
'බස් එක නවත්තන්ඩෝ මගේ පඩි පැකට් එකට ගහලෝ! .
බට්ටා වෑන් එක ඉද්ද ගැහුවා සේ නතර වුනා.
බලන්න බලන්න හැමතැනම බලන්න. කවුද සැක ?
කවුරු සැක කරන්නද මට පෙන්නේ මගේ වගේම අසරණ උණු මුණු ගොඩක්.
පස්සේ බැරිම තැන . අතේ බෑග් එකත් එල්ලගෙන මම පරාජිත මුහුණින් වෑන් කට්ටෙන් බැහැලා කඩුවෙල පාලමෙන් එගොඩ වුනා . මම වාහනෙන් බැස්ස තැන. දුට රසකැවිලි ගත්තු තැන හැම තැනම හෙව්වා. ලියුම් කවරේ වටිලාවත් තියෙනවද කියලා.
පිස්සුවෙන් වගේ එහෙ මෙහෙ ගියා . මට දැන් මැවිලා පෙන්නේ පොඩි එකීගේ හා බිරිඳගේ මුණු.
අනේ කොච්චර ආශාවෙන් බලාගෙන ඉන්නවා ඇත්ද මං එකනකන්. අතේ සල්ලි ටිකක් තියාගෙන ඉතිරිය බ්‍රිෆ් කෙස් එකට දාගන්න හිතුන් නැත්තේ ඇයි ? නරක වෙලාව.
ගෙදර යන්නත් බැරි නොගිහිනුත් බැරිව උකටලීව පැයක් විතර කඩුවෙල ටව්මේ වාත වෙච්ච මම කළුවර වෙනකොට තවත් බට්ටා වැන් එකක නැගලා නයා මැරිච්ච අහිගුන්ටිකයා වගේ ගෙදරට ගෑටුවා .
මම යනකොටත් පොඩි එකියි අම්මයි ගේට්ටුව බදාගෙන . මම හිනා වෙන්න මහන්සි උනා. කෙලි පැටික්කිව වඩා ගත්තා. බිරිඳගේ අතට ගමන් මල්ල දුන්නා .
මොකද අසනීපෙන්ද ඇය මා දිහා ආදරෙන් බලන ගමන් ඇහැව්වා . මම මොකුත් නොකියා හිටියා.
තේ එක හම්බුනා . ඇඟ හෝදගන්න සාලුව කරට වැටුනා. අලුත් රස්සාවේ විස්තරේ මොකුත් අහන්නෙම නැතිව ටික වෙලාවක් ගෙවුනා. මම ටිකක් වගේ විඩා නිවා ගත්තට පස්සේ ඇය ඇහුවා.
' ඇත්ත කියන්න මොකක්ද වෙච්ච කරදරේ. ඒ රස්සාවත් දාලා ආවද ?
නෑ මොකුත් නෑ . දුරක් ආ නිසා මහන්සියි . මම බොරුවක් කියමින් ඈව මග ඇරියා . මාමණ්ඩි හොයාගෙන ගිහින් රට තොටයි දේශපාලනෙයි කතා කරා. මම හිටියේ රොබෝවෙක් වගේ.
තව තවත් කළුවර උනා . පොඩි එකී නිදා ගත්තා .
දැන්නම් මට ඇත්ත කියන්න ඇය ඇවිටිලි කළා
'ඔය මුනේ ඇස්වල වෙනස මට හංගන්න පුළුවන් කියලා හිතෙනවද?'
බැරිම තැන මම කට ඇරියා
'පඩි පැකට් එක කඩුවෙලදී පොකට් ගහලා' .
//ඕක පරෙස්සම් කරගෙන එන්න බැරිද ? අනේ දෙයියනේ අපි දැන් ණය ටික ගෙවන්නේ කොහොමද ? ඔයානම් පුදුම මනුස්සයෙක් තමයි. මටනම් තවත් මෙහෙම ඉවසන්න බෑ // ඇය එහෙම කියාවි කියලා මට හිතුනා. ඒ මුහුණ දිහා දුක්මුසු විදිහට මම බලා ගෙනහිටියා. ඇය කඳුළු සැලුවානම් මම අඬන්න ඉඩ තිබුනා.
ඒත් ඇය එහෙම කිසිම දෙයක් කිව්වේ නෑ . හඬා වැටුනෙත් නෑ .
'අයියෝ ඕක කියන්න බැරුවද මෙච්චර තෙපර බබා හිටියේ. මම හිතුවේ මොකක් හරි ලොකු දෙයක් වෙලා කියලා' එහෙම කියපු ඇය හිනාවෙලා මගේ ලඟට ආවා.
ඒ හිනාවේ ලියවෙලා තිබ්බේ පොකට් කාරයාට ගන්නට බැරි වූ ආදරයේ කතාවයි.
-----------------------------------------------------
( චිත්‍රය paintdance.blogspot එකෙන් )

අනේ දෙයියනේ.. මට කවදාහරි ඒ වගේ බිරිඳක් වෙන්න ලැබේවිද?!!!!!
ReplyDeleteමගේ පන්තියේ යාළුවෙකුගේ තාත්තා මාසගානක පඩි එකට අරන් එනකොට ඒක මඟදි හොරකම් කරල, සිය දිවි නසා ගත්තා.. අපි පුංචි කාලෙ සුදු ඇඳුම් ඇඳ ගෙන පේළියට මළ ගෙදර ගියා.. මොන තරං වේදනාවක්ද?
ඔබේ පැතුම ඉටු වේවා !!!
Deleteඅර යාළුවගේ තාත්තගේ කතාව ඇහුවමනම් හරිම දුකක් දැනෙනවා
මේ දවස් වල මාත් එහෙම බිරින්දෑ කෙනෙක් හොයනවා.... (මටත් වඩා අම්මා හොයනවා.)
Deleteමේ විදිහම කතාවක් ලගකදී කවුරු හරි ලියල තිබ්බා. එකේදී නම් පඩි පැකට් එක නැති වුන මනුස්සයට හොම්බ පොඩි කරනවා චන්ඩියෙක්.
මිනිස්සු, ජීවත් වෙන්න කොච්චර දේවල් කරනවද කියල මට හිතුනා..
ReplyDeleteඅද හවස පට්ට බඩගින්නෙ මම ගෙදර එද්දි ත්‍රීවීල් එකක චූන් පාන් විකුනන කෙනෙක් හවසට කන්න බනිස්, පාන් අරගෙන අතුරු පාරකින් දැම්මා. මම කාර් එකේ මහලොකුවට දවල්ටත් නොකා මර බඩගින්නෙ එද්දි, අර මනුස්සය රෑ කෑමත් විකුණන්න පටන් අරන්.
මිනිස්සු පිටතින් ජීවත් වෙන රටා වෙනස් වුනාට, ඇතුලතින් එකම ජාතියෙ කියල මට හිතුන. බඩගින්න, හැම එකාටම එකයි. ජීවත් වෙන්න කරන හැම දේම ඒ බඩගින්නට යටයි.
මඟතොට දකින් ගොඩක් දේවල් මට වැඩිපුර හිතන්න පුරුදු කරනවා. :))
මිනිස්සු බාහිරෙන් මොන විදිහට පෙනී හිටියත් ඇතුලතින් එකම මිනිස් සිත් සතන් තමයි තියෙන්නේ සැම් . ඒත් තමන්ට දැනෙන දේ අනුන්ටත් දැනෙනවා කියලා හිතන්නේ සුළු පිරිසක් විතරයි
Deleteහ්ම්!
ReplyDelete(එච්චරයි හිතුනේ!)
හ්ම්! ඒත් ඒක ලොකුවට දැනෙන කොමෙන්ට් එකක්
Deleteපික් පොකට් කාරයෝ කන්නේ අනුන්ගේ ගින්දර නේද?
ReplyDeleteපික් පොකට් කාරයෝ ගින්දර කන්නේ නෑ . අනුන්ගේ හදවත් පුළුස්සනවා ඉවාන්
Deleteඉවාන්,
Deleteපික්-පොකට් කාරයව අමතක කරන්න...! මෙතන චරිතය 'ඇය'...!
මේකනම් ඇත්ත තිලකේ ඒ වදන් කිහිපයෙන් උඹේ හිත කොච්චර සැනසෙන්න ඇද්ද කියලා මට හිතා ගත්තෑකි. පිරිමියෙකුගේ ඇතිවීම හා නැතිවීමට හේතුව ගැහැණිය තමයි. ඒ අතින් අපි වාසනාවන්නයි කියලා සැනසෙන්න පුළුවන්. උඹේ ආදරණීය ඇඹේණියට සුභම සුභ උපන් දිනයක් පැතුවායි කියාපං.. උඹට ජය!!
ReplyDeleteගොඩක් ස්තුතියි මචන්.
Deleteඔනෑම සාමාන්‍ය මිනිහෙක් ගැහැණියෙක් ළඟ අසාමාන්‍ය ගති ගුණ තියෙනවා. ඒ වගේ දැක්ක ඒවා තමයි මම මේ වරින් වර ලියන්නේ. දශක හතරක මතක එක ළඟ ළඟ ලියනකොට හිතෙන්න ඉඩ තියෙනවා මේ අභව්‍ය දේවල් කියලා
ආදරය....
ReplyDeleteසීමා රහිත ආදරය . ස්තුතියි තිලකසිතට ගොඩ වුනාට
Deleteසැබෑ ආදරය යනු එකිනෙකාව තේරුම් ගැනීමයි....ඔහොම නේ කියන්නේ......
Deleteකලින් ගොඩවැදී ඇත්තෙමි... :)
මේ වාගෙම සිද්දියක් තියනව 'අඹ යහලුවෝ' කථාවේ
ReplyDeleteවාසනාවන් මචෝ!
අනේ ස්තුතියි මචන්. අඹ යාළුවෝ කතාවේ සුනිල්ගේ තාත්තට රස්සාව නැතිවෙන කොටසක් තියෙනවා වගේ මතකයි ?
Deleteආදරය කියන්නේ හරි අපුරු දෙයක්ය කියන එක ඔබ ආයෙම ඔප්පු කලා.. අපූරුයි..
ReplyDeleteස්තුතියි .ආලය ලොව හැම තැනම ඇතී ...........
Deleteඔයා වාසනාවන්තයි! ඒ වගේම එයත් වාසනාවන්තයි!
ReplyDeleteඑහෙම හිතන ගෑනියෙක් ඉන්න එක තමා ලොකුම වාසනාව කියලයි ගොඩාක් මිනිස්සු හිතන්නේ.
එත් තමන්ට ඉන්නේ එහෙම හිතන ගෑනියෙක් කියලා නොදන්න මිනිස්සුත් ගොඩාක් ඉන්නවා.
//තමන්ට ඉන්නේ එහෙම හිතන ගෑනියෙක් කියලා නොදන්න මිනිස්සුත් ගොඩාක් ඉන්නවා.//ඇත්ත . මටත් වෙලාවකට අමතක වෙන නිසා තමයි ලියලා තිබ්බේ. ස්තුතියි.
Deleteමේ වගේ කෙටි කතාවක් මම කියෙව්වද කොහෙද...
ReplyDeleteඒ කියන්නේ ගොඩක් දෙනෙකුට වෙන්ට පුලුවන් දෙයක්නේ.
ඒ වගේ බිරිඳක් ලැබෙන්ට ඇත්තටම පින් කරලා තියෙන්ට ඕනි තිලක්. ඔයා ගොඩාක් වාසනාවන්තයි. මම නම් ඉතින් කෑගහයි කියලා හිතෙනවා සල්ලි තියාගන්ට දන්නේ නෑ කියලා...:D
නිබ්බුතා නූන සෝ පුරිසා!
Deleteස්තුතියි පොඩ්ඩි. මම කලිනුත් ලිව්වා වගේ මේ ලියලා තියෙන්නේ ගොඩක් සාමාන්‍ය මිනිස්සුන්ට විඳින්ට ලැබෙන පොදු අත්දැකීම් . ඒවායින් අපුරුයි කියල හිතෙන කොටස් මැග්නිෆයි කරන එක විතරයි අලුතින් කරලා තියෙන්නේ
Deleteඅපුරු කතාවක් තිලකේ...
ReplyDeleteස්තුතියි මචන්
Deleteඔබ වාසනාවන්තයෙක් වගේම, ඇය වාසනාවන්තියක්. හැමදාම වගේ දැනෙන ලියල තියෙනවා.
ReplyDeleteබොහොම ස්තුතියි වාසනාව අවාසනාව තීරණය වෙන්නේ අපි එකිනෙකාට පිහිටට ඉන්න ප්‍රමාණය අනුව නේද ?
Deleteඅඹු සැමි ප්‍රේමය හරි අපුරු දෙයක් තිලකෙ,ඇයට මුදල්වලටවත් වෙන තෑගිවලටවත් වඩා වටින්නේ උඹ කියල පේනව නේද.බිරිඳට සුබ උපන්දිනයක් කිව්වා කියල කියන්න.මතක ඇතුව අර ඔවිනිගේ චිත්‍රෙ දාන්න.
ReplyDeleteබොහොම ස්තුතියි හැලපේ . ඔවිනි ඇඳපු චිත්‍රය හරි කියලා මදි කියලා එයාම delete කරලා . මම කිව්වා නිවාඩු පාඩුවේ එකක් අඳින්නයි කියලා
Deleteඔබේ කතාව, හද තරදියේ තැටියට දාපු 500 පඩිය පැත්තටම කඳු 1kg තැටියක් අත ඇරලා.
ReplyDelete100% වාසනාවන්ත ජීවිත කියා දෙයක් නොමැති බවත් ඇත්තේ ජිවීතයේ මතුවෙන වාසනාවන්ත මොහොතවල් බවත් මට බොහො විට සිතේ
හරියට හරි JP. වාසනාවන්ත ජීවිත ගැන නෙවෙයි මම මේ ලියලා තියෙන්නේ ,ඉඳ හිට හමුවන වාසනාවන්ත සිදුවීම් ගැනයි
Deleteතිලක සිත හිමි තිලකාවියට සුභ උපන්දිනයක් වේවා!!!
ReplyDeleteකලින් පෝස්ට් එකක තිබ්බ මේ කොටසත් මට මතක් වුණා..
//අනේ ඉක්මනට ගෙදර එන්නකෝ තාත්තේ. රෝස පැලත් එපා , චෝකලටුත් එපා. කේකුත් එපා. ඔයා ආවම ඇති.//
බොහොම ස්තුතියි තිසර . ඇත්තටම අපි හැමෝම ගෙදර ඉන්නකොට උපන්දින ගණනකට ගන්නේ නෑ . ඒත් ගෙදරින් පිට ඉන්නකොට ටිකක් දැනෙනවා
Delete//දැන් මොකද කරන්නේ !මගේ හඬ පිටවෙන්නෙත් නෑ .//
ReplyDeleteඅපි බය උනාම ඕක තමා වෙන්නේ.. මං ඒක අත්දැකල තියෙන නිසා සමීපයි..
තිලකේ ඔය වගේ දෙයක් උනාම තේරුම් ගන්න අය හරිම අඩුයි. මගේ ගෑනි උනත් විස්වාස කරන එකක් නෑ අනිවා..මට ඒම දෙයක් උනා නං
නෑ නෑ උඹේ බිරිඳ උනත් ඒ අවස්ථාවට මුණ දුන්නානම් උඹ හිතනවාට වඩා මොලේ පාවිච්චි කරාවි. මේගොල්ලෝ පවුල් ජීවුතේ කළමණාකරණය කරන්න emotional intelligence පාවිච්චි කරනවා. මම වතාවක් පොඩි දේශනෙකදී මේ කතාව උදාහරණෙකට ගත්තා
Deleteඔව් බං ජීවත් වෙලා එපායැ ඔක්කොම කරන්න. පොකට් ගැහුවාම ලෝකෙම විනාශ වුනා වගේ තේරෙනවා තමයි. ඒ මොකද ඕකෙන් ආපහු ගොඩ එන්න අවුරුදු විසි පහක්වත් යනවා.
ReplyDeleteඑක පාරක් අපි දෙන්නම (බබා ලැබුනට පස්සෙ) no pay ගිහින් මුලු පඩියම කපලා තිබ්බා දෙන්නගෙම. නීතිය ඒක නෙවෙයි වුනාට එහෙම කලා. අම්මෝ අපි කාපු කට්ටක්.
ඔවු මචං ඒ සිද්දිය කොයි තරම් බරට දනුනාද කියනවානම් අපේ කොම්පැනියේ හැමෝගෙම පඩිය අතට නොදී බැංකුවට දාන්න කියලා මම අරගල කරා . ඒ කාලේ එහෙම කරපු ආයතන තිබ්බේ ටිකයි.
Deleteතිලක්,
ReplyDeleteමට හිතෙන්නේ හැ බිරිඳක්ම මේ වගේ කියල....!
කවුරු හරි ගෑනියක් එහෙම වෙලා නැත්නම් එයා තවම 'බිරිඳක්' වෙලා නෑ.
ආයෙමත් ....
'ඇය' තවමත් 'බිරිඳක්' වෙලා නැත්නම් ...
පොඩ්ඩක් හිතල බලන්න වෙනවා 'ඔහු' 'ස්වාමියෙක්ද' කියල....
බන්දුලගෙ කියපු දෙ ඇතුලෙ ලොකු කතාවක් තියෙනව
Deleteඔවු බන්දුල මම කලින් කිව්වා වගේ මේක අසාමාන්‍ය කතාවක් නෙවෙයි. බොහෝ බිරින්දැවරු මේ වගේ කටයුතු කරන වෙලාවල් තියෙනවා.
Deleteඔයාගේ අනිත් කොටස ගැන මගේ මතය වෙනස්. පවුල් ජීවිතය කියන්නෙත් teamwork එකක්නේ . දෙන්නා වෙන වෙනම හොඳ මිනිස්සු උනත් මේ team එක හදද්දී එකිනෙකාගේ චරිත ලක්ෂණවල වෙනස්කම් නිසා teamwork එක පවතින් නැති වෙන්න පුළුවන්. එහෙම කොටසක් ඉන්නවා. සමහරවිට වෙන්වෙනවා . කාගේවත් දුර්වලකමක් නෙවෙයි. වෙනස්කමක්
මමත් අදහස් කළේ 'ටීම් වර්ක්' ගැන තමා....! මම අදහස් කරපු 'බිරිඳ' හා 'ස්වාමියා' කියන්නේ තනි චරිත නෙමේ. එකම කොන්දේසියයි අවශ්‍ය, 'ටීම්' එක පවත්වාගෙන යන්න. අනෙකාට පූර්ණව ගරු කිරීම පමණයි...!
Deleteඔව් බන්දුල ඒක ඇත්ත . මේ ටීම්වර්ක් එක හොඳටම පේන්නේ ප්‍රශ්ණ ඉස්සරහා සටන් කරනකොට.එතකොට දෙන්නෙක් නෙවෙයි ඉන්නේ තනි ඒකකයක්
Deleteනියමයි.සතුටුයි.උබ වාසනාවන්තයි මcඔ.
ReplyDelete(ආඩම්බරෙන් කියන්නෙ මමත්)
බොහොම ස්තුතියි මචං
Deleteකියන්න දෙයක් හිතා ගන්න බෑ ඕන්
ReplyDeleteමොකුත් කිව්වේ නැතිවාට හිතුවිලි තේරෙනවා . ස්තුතියි
Deleteඅවංකවම කියනවනම් මෙහෙම භාර්යාවන් ලැබෙන්න පින් කොරන්න ඕනෙ..
ReplyDeleteඒකනම් හැබැයි.
DeleteAaa Thilakaisri Master,
ReplyDeleteThis grasshopper learnt to blog. Thankyou Thankyou.
Goodma thing you went only Kaduwela shide. If you come Kolonnawe Pelihouse shide you no jes lose your wallet you will lose your kalisma too. Them Pocket Picking kaakko.
Good good siribiris you start blogging. welcome welcome.
Deleteතිලකේ......උඹ ලියන බොහෝදේ මට හරිම සමීප කතා. මගේ බිරින්දෑ ඒවගේ ගැහැණියෙක් බං. මගෙන් කවුරුවත් ගත්තේ නැති, මමම විහින් නැති කරගත්ත දේවල් සහ අවස්ථාවලදීත් ඇය බොහෝවිට හැසිරෙන්නේ මෙහෙමයි. ගියදේ ගියා දැන් ඒ ගැන හිතන්න එපා, බයනොවී හිනාවෙන්න කියලා තමයි කියන්නේ. ඒ එයාගේ අම්මාගේ ගතිගුණ. මට මේවා කියනකොට මෙහෙම නොලිය ඉන්න එක එයාට කරන අසාධාරනයක් කියලා හිතෙනවා.
ReplyDeleteඔව් මචං සමාන්තර අත්දැකීම් ගොඩක් තියෙන නිසානේ අපි දෙන්නටම දිගට දිගට ලියන්න හිතිලා තියෙන්නේ.
Delete//මගෙන් කවුරුවත් ගත්තේ නැති, මමම විහින් නැති කරගත්ත දේවල් සහ අවස්ථාවලදීත් ඇය බොහෝවිට හැසිරෙන්නේ මෙහෙමයි//ඇයනම් අගනා බිරිඳක් ආදරෙන් බලා ගනින්. දෙන්නාටම සුබ පැතුම්.
පිනටයි ඔහොම බිරිඳක් ලැබෙන්නෙ.හරිම සංවේදී කතාවක්..........
ReplyDeleteබොහොම ස්තුතියි ගී පවුර, කුරුටු ගෑ කොමෙන්ටුවට. මමත් ඔබේ කවි රස විඳිනවා
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅපි දැනගෙන හිටියෙ නෑ ඔහොම සිද්දියක් දන්නවානම් අනිවාර්යෙන්ම සපෝර්ට් එකක් දෙනවා You know Mr. K....
ReplyDeleteඇය පුඡනියයි
ReplyDeleteම්ම්ම්ම්....මම මොනාද මේ ගැන කියන්නේ? මට හිතාගන්න බෑ නෑ නෑ හිතෙනවා ගොඩාක් දේවල් ඒත් ඒවා කියා ගන්න තේරෙන්නේ නෑ?මොනා වුනත් එකක් කියන්නම් ඔබ වාසනාවන්තයි! ගොඩක් වෙලාවට ඔබේ බිරිඳ වගේ මට හිතෙනවා මටත් වෙන්න බැරිි වෙයි කියලා? ඔවි ඇත්තටම ඇය පූඡනීයයී! ඇයනම් අගනා බිරිඳක් ඇත්තටම. සූභ පතනවා දෙන්නටම
ReplyDelete