Tuesday, April 22, 2014

දේශප්‍රේමය හා පපුවේ කැක්කුම 2- සාශ්ත්‍රී

මේ කියන දවස්වල මම හිටියේ  නව දිල්ලි නුවරට  වෙලා මද්යම ආසියාතික රටක  රාජකාරි ගමනක් යන්න වීසා ලැබෙනතුරු බලාගෙන. යන්ට හිටි රටේ තානාපති කාර්යාලයක් ලංකාවේ නොතිබිච්ච හින්ද තමයි මේ අතරමැද රස්තියාදුව. ඉතින් වැඩි හරියක් කෙරුවේ වීදි පුරා ඇවිදින එකයි කාමරේට වෙලා ටීවී එකේ රිමෝට් එක ඔබ ඔබා නොයෙක් චැනල් මාරු කරමින් ගත කරපු එකයි. ඔය අතරේ මගේ හිත ඇදිලා ගියා ලාල් බහදුරි සාශ්ත්‍රී පිළිබඳව කෙටි වාර්තා වැඩ සටහනකට. පුංචි කාලේ රසවාහිනි සඟරාවල මොහු ගැන කියවලා තිබ්බට රූපමය වැඩසටහනකින් දැක්කේ එදා . යන්තම්  අඩි  පහක් තරමේ  උස ඇති   මේ කෙසඟ පුද්ගලයා ඉන්දියාවේ ජනප්‍රියම හෝ සමහරු කියන විදිහට සාර්ථකම අගමැති උනේ කොහොමද කියලා මට එදා හිතා ගන්න බැරි උනා.  මම ඒ වෙලාවේ ඉඳන් ශාස්ත්‍රී ගැන හොයන්න පටන් ගත්තා.


මා ලඟින් වාඩි වී එයාර් අස්තානා ගුවන් යානේ අල්මටා නගරය බලා යමින් හිටි වැඩිහිටි ඉන්දියානුවා එක්කත් මම කතාකරමින් ගියේ සාශ්ත්‍රී ගැනමයි.
ගුවන් ගමන් මාර්ගය වැටී තිබුනේ උස්බෙකිස්තානයේ අගනුවර වන තශ්කෙන්ට් නගරය උඩින් .


ඇෆ්ගනිස්ථානයේ දුර්ග මිටියාවත් පහු කලාට පස්සේ ගුවන් යානය දිගටම ගමනේ යෙදුනත් මගේ හිත ඊළඟට හමු වූ තශ්කෙන්ට් නුවරට  ගොඩ බැස්සා. ඉස්සර බලාපු සෝවියට් දේශය සඟරාවක තශ්කෙන්ට් සරසවියේ හිටි ශ්‍රී ලාංකීය සිසුන් පිරිසක් ගැන ලිපියක් කියවද්දී කවදා හරි එහාට යන්න ඕනි කියලා මට හිතුනා. අනික් අතට තශ්කෙන්ට් නුවරදී තමයි  ලාල් බහදුර් ශාස්ත්‍රී පපුවේ කැක්කුමක් හැදී මිය ගියේ . ඒ සිද්දිය වෙලා තිබ්බේ මම ඉපදෙන්නටත් ඉස්සර උනත් ඔහු ගැන අලුතින් මතු වූ උනන්දුවෙන් මගේ හිත පිරී තිබුනා.


මේ ලියන්නේ මට ගැට ගහ ගන්න පුළුවන් වූ ඒ අපූරු මිනිසාගේ කතාව ඉතාම කෙටියෙන්  ;


බරණැස් නුවර ගංගා නදීය අසලට රෙදි සෝදා  නා ගැනීමට ගිය මවක් 1904 අවුරුද්දේ දවසක මහා පිරිස අතරේ විලාප නගමින් දුව ඇවිද්දා. 'අනේ මගේ දරු පැටියා කෝ' . කිය කියා. ඇයගේ කිරි දරුවා නිදිකරවා තිබු වේවැල් කූඩය මහා පිරිස් අතරේ එහෙමෙහෙ  වෙලා අතුරුදහන් වෙලා.


මේ මහා ජනතාවක් අතරේ නැති වෙච්ච අත දරුවෙක් හොයනවා කියන්නේ ලේසි වැඩක්ද?. ඒත් අම්මා වැඩේ අත අරින්න සුදානම් උනේ නෑ . පොලිසි ගානේ දුවමින් හඬා වැලපෙමින් ඇය සිය දරුවා සෙව්වා . අන්තිමේදී ගොපලු නිවසක හදා වඩා ගනිමින් සිටි දරුවා ඇයට හමු වුනා. එසේ හමු නොවුනානම් කවුරුත් නොදන්නා ගොපල්ලෙක් වෙන්නට සිටි මේ දරුවා මහා දේශයක රාජ්‍ය නායකයා වෙලයි නතර උනේ.  මේ පදවිය   දක්වා ආපු අති  දුෂ්කර ගමනේදී ආපු ඊළඟ මරුපහර තමයි යන්තම් අවුරුදු එක හමාරක් වෙද්දී ඔහුගේ පියා මිය යෑම.


දේශපාලනයට ආගම ගාවා ගත යුතු නැතැයි අදහාපු  ශාස්ත්‍රී  උපන්නේ බුදු හාමුදුරුවන්ගේ ධර්ම දේශනාවලින් ආකාස තලය ගිගුම් දුන් බරණැස් නුවරදී . කැපවීම, සරල බව හා අධිස්ටානය වගේ ගති ගුණ ඔහු බුද්ධ චරිතයෙන් උකහා ගත් බවට කිහිප දෙනෙක් ලියා තිබුනා.


අවුරුදු නමයක්ම වරින් වර හිරබත් කාපු සාශ්ත්‍රී එක පාරක්වත් වංචා දුෂණ වගේ වැරදි වලට අහු වෙලා නෙවෙයි හිරේට ගියේ. රටේ නිදහස වෙනුවෙන් සුදු පාලකයන් එක්ක අවිහිංසාවාදී අරගල කරපු හින්දයි. මහත්මා ගාන්ධිගේ හොඳම අනුගාමිකයෙක් වෙච්ච ඔහු ජාතික සටනට අනගි සහයක් දුන්නා.


ඔහු හිරේ ඉන්න ගමන් මාරි කියුරි මැතිනිය ගේ ස්ව චරිතාපදානය හින්දි බසට  පරිවර්තනය කළා. ඔහු  ඉන්දියාවේ ස්වදේශ කටයුතු  ඇමති වෙලා හිටියට ඔහුට කියල හරි හමන් ගෙයක් තිබ්බේ නැ. ඔහුට කිව්වේ . homeless  home  minister කියලා .


ලෝකයේ විශාලතම දුම්රිය මාර්ග ජාලයක් තියෙන ඉන්දියානු දුම්රිය සේවය ඔහු නවීකරණය කලේ ඉන්දියාවේ දුම්රිය ඇමති වෙලා ඉද්දි. ඔහු දුම්රිය ප්‍රවාහනය සම්බන්ද ඉහලටම ඉගෙනගෙන තිබුනා. ඒත් ඒ කාලේ වෙච්ච දුම්රිය අනතුරකින් පස්සේ  සිය ඉල්ලා අස්වීම  අගමැති නේරුට බාර දුන්නා. මුලින්ම නේරු ඒ ලිපිය පිළිගත්තේ නෑ . ඔය අතර වාරයේ දෙවැනි දුම්රිය අනතුරත් සිද්ද උනා . ඒ පාරනම් ඔහුගේ ඉල්ලා අස්වීම නේරු බාර ගත්තේ මෙය අන් යටත් ආදර්ශයක් ගතහැකි හැසිරීමක් බව පවසමින්. ආයේ පාරක් චන්දෙකින්ම දිනලා පාර්ලිමේන්තුවට එනකන් ශාස්ත්‍රී  කිසිම ඇමති කමක් බාර ගත්තේ නෑ .


මේ ආදී පරමාදර්ශී ජීවිතයක් ගත කළා වුනාට ඔහු ඉතා ප්‍රායෝගික නායකයෙක් කියල ඔප්පු කළා . සමහර දේවල් වලින් ඔහු බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය අරන් දෙන්න ඔහුගෙන් පස්සේ වගකීම ගත්තු පිරිස සමත් වුනාද කියන එක ගැටළුවක්. ඒ වුනාට ඔහු තීරණ ගත්තා . ප්‍රශ්න ඇදී ඇදී  තියෙන්න දුන්නේ නෑ.
ඔහු ක්‍රිකට් ලෝලියෙක්. අගමැති වෙන්න ඉස්සර ඔහු ක්‍රිකට් තරගයක් නරඹන්න ගිය වෙලාවක නරඹන්නන් හා පොලිසිය අතර ගැටුමක් ඇති උනා. ඔහු මැද්දට පැනලා කෝලාහලය නැවැත්තුවා. සිරුරෙන් ඉතා කුඩා සරල මනුස්සයෙක් උනත් ඔහු වටා ගොඩ නැගී තිබ්බ ජනාදරය හින්දා තමයි එහෙම කරන්න පුළුවන් වුනේ.


1964 දී ඉන්දියාවේ අගමැති නේරු මිය ගිය විට ඊළඟ නායකයා වශයෙන් ඔහුව තේරෙන්නේ  අහම්බෙන්ම නෙවෙයි. ඒ සඳහා සියලුදෙනාගේ ප්‍රසාදය හා පසුබිම් සුදුසුකම් ඔහු විසින් සපුරා තිබුනා.  රටේ නායක කමට එන අරමුණින් ඔහු කවදාවත් උපායමාර්ගික ගමනක් ඇවිල්ලා තිබ්බේ නෑ .


1964 ජුනි ඉඳන් 1966 ජනවාරි වෙනකන් විතරක් රට පාලනය කරපු මේ පුද්ගලයාගේ පාලන කාලය ඉතාමත් අර්බුදකාරී එමෙන්ම ක්‍රියාශීලී කාලයක්. රජ ගෙදරින් පටන් ගත් අඩු වියදම් සරල ජීවිතය ගාන්ධිගේ දර්ශනය අනුවම ඔහු ඉදිරියට පවත්වාගෙන ගියා. ගොවිතැන හා කිරි කර්මාන්තය දියුණු කරන්න විදේශ ණය අඩු කරගන්න ඔහු රටේ හැමෝම සහබාගී  කර ගත්තා. ටික කාලයක් යනකන් මුළු රටම කන් කෙඳිරි ගානේ නැතිවම සතියකට එක වේලක් කෑම වර්ජනය කරලා ඔහුට වියදම් ඉතිරි කරලා දුන්නා .


ලංකාවට නිදහස ලබා ගන්ටත් කලින් ඉඳන් ඉන්දියානු දෙමල වතු කම්කරුවන්ගේ පුරවැසි ප්‍රශ්නය කේවල් කරමින් තිබුනා. මේක මොනතරම් ගැටළු සහගත ප්‍රශ්නයක් වුනත් ඒ  පිලිබඳ එකඟතාවයකට එන්න ඔහු ඉදිරිපත් වෙනවා. සිරිමා සාශ්ත්‍රී ගිවිසුම බිහිවෙන්නේ මේ විදිහට. වතු කම්කරුවන් ලක්ෂ පහකට මදක් වැඩි පිරිසක් ආපසු ඉන්දියාවට ගෙන්නා ගන්නටත් ලක්ෂ තුනකට අපේ රටේම  පුරවැසි බව ලබා දෙන්නටත් තමයි මේ ගිවිසුමෙන් එකඟ වුනේ. ඒත් මේ විසඳුම පිලිබඳ නම් නොයෙකුත් විවේචන හා අසාර්ථකවීම් තිබුනා. ඒකට ඔහුගේ හදිසි මරණයත් බලපාන්න ඇති.


1965 දී ඉන්දියාවේ  දැවැන්ත ආහාර හිඟයක් ඇති  වෙනවා.ඒ මදිවාට පකිස්තානු දේශ සීමා දෙසින් යුද ගිනි දැල් ඇවිලෙනවා.
ඔහු මුලින්ම කරන්නේ සටනකට නොයා කෙලින්ම පකිස්තානය එක්කත් වටේ පිටේ රටවල් එක්කත් සකච්චා කර කර ගොඩින් බේරා ගන්න හදන එක . එකේ ප්‍රතිඵලයක් හැටියට ටික කලකට සටන් නිවී යනවා. පාකිස්තානේ නිහඬ වෙනවා .එත් මාස කීපයකට පස්සේ මෙන්න පාකිස්තානේ පැත්තෙන් ආයේ දේශ සීමාව ආක්‍රමණය කරනවා. මේ වෙලාවේ ශාස්ත්‍රී හමුදාවට පුර්ණ නිදහස දෙනවා දේශ සීමා ආරක්ෂා කර ගැනීමේ සටනට .


දැන් යුද්ද කරන්නත් ඕනි රටේ මිනිස්සුන්ගේ බඩවල් පුරවන්නත් ඕනි. ඔහු මේක කරන්නේ රටේම මිනිස්සුන්ගේ විශ්වාශය දිනමින් ඔවුන්ගේ  සිතුම්පැතුම් එක අරමුණකට යොමු කරවමින්.  


ලොව මෙතෙක් නිර්මාණය වූ ප්‍රභලම දේශපාලන ස්ලෝගන් එකක් වෙච්ච ජායි ජවාන් ජායි කිසාන් හෙවත් සෙබලා දිනේවා ගොවියා දිනේවා කියන වචන පෙළ  සමස්ත  ඉන්දියාවේම ජනයා ජාති ආගම්,කුල, ගෝත්‍ර බේදයකින් තොරව රැව් නංවන්නේ ඔහුගේ ඉල්ලීම නිසා .


ඔහු සටන මෙහෙයවනවා. ඉතා සාර්ථක විදිහට පාක්ස්ථානය පරාජය කරනවා. හමුදාව  සමග ඉන්දියාවම ජයග්‍රහණය සමරනවා. තෝරා බේරා නොගත් දේශ සීමාසීමාවේ බලය දැන් ,ඉන්දියාව අතේ. පකිස්තානය පසු බැස්සත් අවසාන විසඳුමක් ලැබී නෑ. කලාපයේ ලොකු අයියා,රුසියාව ප්‍රශ්නෙට මැදිහත් වෙනවා . මේ ප්‍රශ්නේ ආයේ ආයේ ඉස්මතු  නොවෙන්න  භුමිය සම්න්ධ එකඟතාවකට  එන්න දෙරටේම ලොක්කන්ට  බල කෙරෙනවා.


අන්තිමේදී සෝවියට් රුසියාවට අයත්ව  තිබ්බ උස්බිකිස්තානේ අගනුවර තශ්කෙන්ට් නුවරට ඉන්දීය හා පාකිස්තාන් රාජ්‍ය නායකයන් රැස් වෙනවා. සාශ්ත්‍රී පකිස්තාන් ජනාධිපති අයුබ් ඛාන් එක්ක එකඟතා ගිවිසුමක් අත්සන් කරනවා.


මේ තීන්දුව ගන්න එක වෙහෙසකරයි  මේ දවස් ටික වෙහෙසකරයි. ශාරීරීක මානසික වෙහෙසින් හෙම්බත් වෙලා හිටි රාජ්‍ය තාන්ත්‍රිකයා, සාශ්ත්‍රී එදාම රෑ පපුවේ කැක්‌කුම උත්සන්න වෙලා මිය යන්නේ, ජයග්‍රහනයක උද්දාමයෙන් පස්සේ  සාමයේ සොම්නස් හැඟුමෙන් සැනසෙන්ට හදාපු භාරත දේශයම අකම්පාල කරමින්.


සාශ්ත්‍රීගේ අරුම පුදුම නික්ම යෑම  කොයි කාටත් අදහා ගන්න බැරි වෙනවා. නොයෙක් මතවාද අවිශ්වාශ කිරීම් මැද මරණය වුනේ ඇත්තටම හර්දයාබාදයකින්ද නැත්නම් ඔහුව වස දී මරා දැම්මාද කියන එක ගැන සැක සංකා දිගින් දිගටම මතු උනා.

මේ මොනවා උනත් ඉන්දීය ජනතාව ඔහුගේ සීතල වෙච්ච හදවතේ තිබ්බ බලාපොරෝත්තු හඳුනා ගන්න උත්සහ කළා. ඒවාට ආදරය කළා. ඔහුගේ අර මුල් ස්ලෝගන් එකට පස්සේ කාලෙක එකතු වෙච්ච ඤාණය දිනේවා කියන අලුත් කොටස ඒ ආදරයේ ප්‍රතිඵලයක්.

(Photo: slbsrsv.ac.in )

38 comments:

  1. නියමයි තිලකෙ,ඉතුරු ටිකත් ඉක්මනටම දාන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන් . මේකේ ඊළඟ කොටස ටිකක් කල් ගිහින් දාන්ටයි ඉන්නේ. මම සාශ්ත්‍රී ජි ගැන කතාව කෙටියෙන් ඉවර කරානේ. අසම්පුර්ණයි වගේ පෙනෙනවද මචන්?

      Delete
  2. නියමයි තිලකේ............................

    මං නොදැන හිටිය ගොඩක් දේවල් දැනගත්තා ශාස්ත්‍රී ගැන. වැදගත් කතාවක්. ඉතුරු ටිකක් ඉක්මනට ම දාමු නේද????

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගී පවුර. මෙතුමා ගැනපොතක් උනත් ලියන්න දේ තියෙනවා

      Delete
  3. හරිම අපූරු මනුස්සයෙක්...මම කියවලා ඉස්සල්ලාම කලේ ලිපිය ලීවේ කවුද කියලා නැවත බැලීම...:)

    ReplyDelete
    Replies
    1. අපුරු මිනිස්සු ගැන තමයි මම හොයාගෙන ඇවිල්ල ලියන්නේ පොඩ්ඩි. අයි ලිව්වේ කව්ද කියල ආයේ බැලුවේ, ලියාපු ඉස්ටයිල් එක අවුල්ද ?

      Delete
  4. හොදම පොතක චරිතාපදානයක් කියෙව්වා වගේ සිරාවට..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දේශා. මෙයාගේ කතාව යුගයක කතාවක්

      Delete
  5. ජායි ජවාන් ජායි කිසාන්...

    ReplyDelete
    Replies
    1. ජායි විද්වන්!! ජායි ජවාන් ජායි කිසාන් නමින් චිත්‍රපටියක් ආවා ගිය අවුරුද්දේ

      Delete
  6. තිලකේ......ශාස්ත්‍රී මතකය නැවත අවදිකරවීම ගැන උඹට ස්තූතියි. නේපාලයේ වත්මන් අගමැති සුශිල් කොයිරාලගේ සරළ ජීවන රටාව මතක් වුනා ශාස්ත්‍රි තුමාගේ homeless home minister කතාව නිසා. අපේ උන්දැලා මතක්වෙලා ඔක්කාරයට ආවා.

    ReplyDelete
    Replies
    1. අද කාලේ ගැනනම් කියලා වැඩක් නෑ මචං . අපිට තියෙන්නේ මේ වගේ මිනිහෙක් ගැන කියවලා සැනසෙන්න විතරයි

      Delete
  7. අපූරු ලිපියක්. නොදත් බොහෝ දේ දැනගත්තා.මේකෙ මගෙ සිත් ගත් කොටස තමයි සෝවියට් බලපෑම.ඒ කාලෙ සෝවියට් දේශය ඉතා ප්‍රබලව ඉදල බව මේකෙන් පේනව. අදනම් සෝවියට් භූමියටම නේටෝව ඇවිත්නෙ.

    ReplyDelete
    Replies
    1. සෝවියට් දේශය කඩා දැමීමෙන් තමා ඇමරිකානු එකාදිපති වියරුව ආරම්බ උනේ. සෝවියට් දේශයෙන් ලෝකට දුන්න හොඳ දේ බොහොමයි. සතුටට කරුණ අද පුටින් ඉන්නා තැනයි

      Delete
    2. ඒ කාලේ ලෝකේ බල කඳවුරු දෙකක් තිබ්බා. ඔය දෙකටම ගැති නොවෙන්ට කියලා නොබැඳි ජාතීන්ගේ සංවිධානය බිහි උනාට ලෝකේ හැම රටක්ම මොන ක්‍රමයකින් හරි එක පැත්තකට බර වෙලා හිටියා

      Delete
  8. Ela kiri saha jalaya!!!!

    ReplyDelete
  9. වටිනා ලිපියක්. නියමෙට ලියලා තියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිශාන්ත මගේ වැල් වටාරම් කියවන්ට ආවට .වෙල්කම් කිව්වා

      Delete
  10. ඉන්දියාවෙ තියන හොදම දේ තමයි රාජ්ය පාලනය සහ රාජ්යය සම්පූර්ණයෙන්ම secular විය යුතුයි කියන ප්‍රතිපත්තිය මේතාක් දුරට ඉතා සාර්තකව ක්‍රියාත්මක කිරීම

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒ තරම් ජාති ආගම් කන්දරාවක් අදහන මිනිස්සු ගොඩක් එකට තියාගෙන හෙමින් හෙමින් ලෝක බලවතෙකුත් වෙමින් ඉන්නේ

      Delete
  11. බොහොම ස්තූතියි මේ ලිපියට. ඒ වගේම ඉතාම ආදර්ශමත් චරිතයක් ගැන නොදත් තොරතුරු බොහොමයක් ( මොකුත්ම දැනගෙන හිටියේ නෑ කියන්න පුළුවන් :( ) දැනගත්තා.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් කස්සප. අදමනේ මේ පැත්තේ ආවේ නේද ?. සතුටුයි හමු වීම ගැන . දිගටම එන්න

      Delete
    2. විකිපීඩියා එකට ගියා නම් මීට වඩා හොඳයි කියලා හිතුනා

      Delete
    3. හෙහ් හේ . ස්තුතියි මොරාජි දේශායි , මේකත් කියවන්න http://www.preservearticles.com/201104306166/lal-bahadur-shastri.html

      Delete
  12. හරිම අපූරු මනුස්සයෙක්නේ.. ඉතුරු ටිකත් දානකන් බලාගෙන ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ඔවු දිනේෂ් . අදටත් මේ පුද්ගලයාට හැමෝම ආදරය කරනවා ආපේ අල්ලාපු රටේ

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. හපොයි නෑ. ලිවිල්ලා වෙනදා වගේම අපූරුයි. වෙනත් දෙයක් ගැන ලියලා තිබ්බ හන්දා බැලුවේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි

      Delete
  15. එවන් නායකයෙක් කවදා අපට හමුවේවිද ?

    ReplyDelete
    Replies
    1. අපේ මිනිස්සුත් මේ වගේ නායකයෙක් ආවොත් චන්දෙ දෙන එකක් නෑ නේද සරත්

      Delete
  16. thanks and when I saw this thought you might like to see it too
    https://www.facebook.com/generalvksingh/photos/a.306061759523670.1073741825.293491824113997/385911678205344/?type=1&theater

    ReplyDelete
  17. මෙහෙම දේශපාලන නායකයොත් ඉන්න බව අද තමා දැනගත්තෙ. නොදන්න බොහෝදේ දැණගත්තා. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඉන්න අය නෙවෙයි බස්සෝ හිටපු අය . පරම්පරා ගානකට හොඳ නම විතරක් තියලා හිස් අතින් යන්න ගියා මේ මිනිස්සු

      Delete
  18. අදමනෙ ආවෙ...
    දෙකම කියෙව්ව....
    අපේ අය ට කියන්න තියෙන එකම ස්ලෝගන් එක තමා
    බලේ තියන කොට මොලේ නෑ මොලේ තියනකොට බලේ නෑ
    වෙන කියන්න දෙයක් නං නෑ

    ReplyDelete
    Replies
    1. ආදරෙන් පිලි ගන්නවා මහේෂ් . සතුටුයි ඔබ ආ එක ගැන

      Delete