සති දෙකේ අවුරුදු නිවාඩුව අහස් කුරක් වගේ වේගෙන් පිපිලා පරවෙලා ගියා. අවුරුදු පාර්සල් ගොඩක් උස්සගෙන අලුත් අවුරුද්ද දවසෙම මහා රාත්තිරියේ මම ගුවන් තොටුපලට ආවා .
ගෙදර හැමෝම සතුටු මුහුණින් නිවාඩුවේ ලං වෙලා ගොනු වෙලා හිටි සමාගම කඩා විසුරුවලා පාලොස්වෙනිදා වැඩට ඉන්න හිතාගෙන ආයිමත් රටින් පිට වෙන්න වෙලා .
යාලුවන්ගේ නම් ටික මගෙන් අහගෙන අපේ ගෙදර ඇත්තෝ දුන්නු තෑගි පාර්සල් අතරින් එකක් උනේ මිස්ටර් රවිට කියල ලේබලයක් අලවාපු කැවුම් මුලක් . මේක දැකපු මට අමුත්තක් දැනුනා . රවී කියන්නේ අපේ වැඩ බිමේ හිටි රියදුරෙක්. ඔහුට කැවුම් මුල ලැබුනාම මුනේමුයි ඇස් දෙකෙමුයි හිනා වෙන්න පටන් ගත්තා . මගේ කාමරය ලඟින් අද දවස පුරා එහාට මෙහාට ගියා ඕනෑවටත් වඩා වාර ගණනක්. කාමරය දිහාට ඔලුව දික්කරගෙන ස්තුති පුර්වකව ආචාර කරගෙන. රවිට පපුවේ මහන්සිය තියෙනවා. මට කියලා ලංකාවෙන් එනකොට සිංහල බෙහෙත් වගයක් ගෙන්නා ගත්තා.
රවීගේ සීයලා තලවාකැලේ පැත්තේ හිටි වතු කම්කරුවන් . 1964 දී සිරිමා ශාස්ත්‍රී ගිවිසුම නිසා ලංකාවේ හිටි දෙමල කම්කරු පවුල් මහා ගොඩක් ආපහු ඉන්දියාවට ගියා . මේ ආපසු ගමන, එහෙ ගිහින් පදිංචි වීම, අලුත් ජීවන අරගලය වගේ සිද්දීන් මහා දුක්බර කතා ගොඩක්. සීයලා රට දාලා ගියාට රවිගේ තාත්තලා ලංකාවේම රැඳුනා .
රවී ඉපදුනේ ලංකාවේ උනාට පවුල් පන්සල් වෙලා ආයෙමත් තමිල්නාඩුවට ගියා සීයලා ලඟට . බාගෙට ලංකාවේ බාගෙට ඉන්දියාවේ. ලංකාවයි ඉන්දියාවයි අතරේ ක්‍රිකට් තරගයක් තියෙනකොට තමයි රවී අවුල් වෙන්නේ. කාට සපෝර්ට් කරනවද කියලා. ලංකාව වෙන රටක් එක්ක ගහනකොට රවී ලංකාව පැත්තේ. ඉන්දියාවයි වෙන රටකුයි ගහනකොට රවී ඉන්දියාව පැත්තේ .
රවී බණ්ඩාරවෙල ඉඳන් හපුතලේ දුවපු ප්‍රයිවෙට් බස් එකකුත් එළවලා තියෙනවා. මම හිතන්නේ රවිය අපේ වේළු අඳුරන්නේ නැතිව ඇති.
වේලු , සෙල්ලම්මා යුවල තමන්ගේ මන්ද පෝෂණයෙන් පෙලෙන දරුවන් හතර දෙනාත් එක්ක හිටියේ අපේ ගෙවල් ළඟ තේ වත්තේ තනි ලැයිම් කාමරේ. වෙලුගේ ගෙදරට අපි සිංහල අවුරුද්දට කැවිලි පිගානක් යැව්වා ඒ දවස්වල. මේ කියන්නේ හැත්තෑව දශකයේ මැද. මහා සාගතේ දවස්වල . වේළුට පපුවේ කැක්කුමක් තිබ්බා . සෙල්ලම්මා අඬාගෙන ඇවිල්ලා වේලු අසනීපෙන් ඉන්නා බව කියපු දවසක අපි ගියා වේලු බලන්න . ගොම මැටි ගාපු ලයින් කාමරේ බිම එලාපු ගෝනි පඩන්ගුවවක වේලු කෙඳිරි ගගා හිටියා . බඩ මහත කෝටු අතපය තියෙන වේළුගේ දරු පැටවුන් හතර දෙනා මේ ගැන තේරුමක් නැතිව සෙල්ලම් කරමින් හිටියා .
මේ සිද්දියෙන් පස්සේ සිංහල අවුරුදු කිට්ටු දවසක අපේ ගමේ වී මෝල ළඟ වී ගෝනි තියාගෙන පෝලිමේ හිටි පිරිස අතරේ වේළුත් හිටියා . වේලු කාගේදෝ වී ගෝනියක් අඹරාගෙන යන්නට ඇවිත්. ඔහු මහන්සියට වගේ වී ගෝනිය උඩ වාඩි උනා . එක පාරටම කව්දෝ වැඩිහිටියෙක් ඉස්සරහට පැනලා වේළුට අතුල් පාරක් ගැහුවා මෙහෙම කියන ගමන් .
' යකෝ නැගිටපන්. මේ බුද්ද බෝගේ උඩ තොගේ පස්සා පැත්ත තියන්න එපා පරයා '
වේලු ඇස්වල කඳුළු පුරෝගෙන නැගිට්ටා. පැත්තකට වෙලා අහක බලාගෙන හිටියා . එදා මගේ පපුවේ හීන් කැක්‌කුමක් දැනුනා. කෙඳිරි ගගා ගෝනි පඩන්ගුවේ නිදාගෙන හිටි වේලු . අර දරු පැටවුන්ගේ තාත්තා, කණ හරහා වැදුන පාරින් අසරණ වුන හැටි මට බලා ඉන්න බැරි උනා .
අසු තුනේ කළු ජූලිය කාලේ වේලු සිය දරු පවුලත් සමග කොහේදෝ වත්තකට ගියා. පස්සේ කාලෙක ඔහු පපුවේ අමාරුවෙන්ම මිය ගිය බව ආරංචි උනා.
මම වේළු ගැන කල්පනා කරමින් ඉද්දී ආයිමත් වතාවක් රවීගේ මුහුණ කාමරයට එබිකම් කරලා යන හැටි පෙනුනා .
(නිදහස් ඉන්දියාවේ දෙවන අගමැති ලාල් බහදුර් සාශ්ත්‍රී අපේ රටේ වේළුලාගේ රවීලාගේ ප්‍රශ්නෙට මැදහත් වෙලා දුක බෙදා ගත්තා. ඔහු හරි පුදුම දේශපාලකයෙක්. මේ කතාව තමයි ඊළඟ කොටසින් මම ලියන්න හිතාගෙන ඉන්නේ.)
*****
සටහන; මේ ලියා ඇත්තේ සත්‍ය සිදුවීම්වල මතක සේයා අනුසාරයෙන් නිර්මාණය කරන ලද කෙටි කතාවකි. පුද්ගල නාම හා ස්ථාන නාම සත්‍ය ඒවා නොවිය හැක
ගෙදර හැමෝම සතුටු මුහුණින් නිවාඩුවේ ලං වෙලා ගොනු වෙලා හිටි සමාගම කඩා විසුරුවලා පාලොස්වෙනිදා වැඩට ඉන්න හිතාගෙන ආයිමත් රටින් පිට වෙන්න වෙලා .
යාලුවන්ගේ නම් ටික මගෙන් අහගෙන අපේ ගෙදර ඇත්තෝ දුන්නු තෑගි පාර්සල් අතරින් එකක් උනේ මිස්ටර් රවිට කියල ලේබලයක් අලවාපු කැවුම් මුලක් . මේක දැකපු මට අමුත්තක් දැනුනා . රවී කියන්නේ අපේ වැඩ බිමේ හිටි රියදුරෙක්. ඔහුට කැවුම් මුල ලැබුනාම මුනේමුයි ඇස් දෙකෙමුයි හිනා වෙන්න පටන් ගත්තා . මගේ කාමරය ලඟින් අද දවස පුරා එහාට මෙහාට ගියා ඕනෑවටත් වඩා වාර ගණනක්. කාමරය දිහාට ඔලුව දික්කරගෙන ස්තුති පුර්වකව ආචාර කරගෙන. රවිට පපුවේ මහන්සිය තියෙනවා. මට කියලා ලංකාවෙන් එනකොට සිංහල බෙහෙත් වගයක් ගෙන්නා ගත්තා.
රවීගේ සීයලා තලවාකැලේ පැත්තේ හිටි වතු කම්කරුවන් . 1964 දී සිරිමා ශාස්ත්‍රී ගිවිසුම නිසා ලංකාවේ හිටි දෙමල කම්කරු පවුල් මහා ගොඩක් ආපහු ඉන්දියාවට ගියා . මේ ආපසු ගමන, එහෙ ගිහින් පදිංචි වීම, අලුත් ජීවන අරගලය වගේ සිද්දීන් මහා දුක්බර කතා ගොඩක්. සීයලා රට දාලා ගියාට රවිගේ තාත්තලා ලංකාවේම රැඳුනා .
රවී ඉපදුනේ ලංකාවේ උනාට පවුල් පන්සල් වෙලා ආයෙමත් තමිල්නාඩුවට ගියා සීයලා ලඟට . බාගෙට ලංකාවේ බාගෙට ඉන්දියාවේ. ලංකාවයි ඉන්දියාවයි අතරේ ක්‍රිකට් තරගයක් තියෙනකොට තමයි රවී අවුල් වෙන්නේ. කාට සපෝර්ට් කරනවද කියලා. ලංකාව වෙන රටක් එක්ක ගහනකොට රවී ලංකාව පැත්තේ. ඉන්දියාවයි වෙන රටකුයි ගහනකොට රවී ඉන්දියාව පැත්තේ .
රවී බණ්ඩාරවෙල ඉඳන් හපුතලේ දුවපු ප්‍රයිවෙට් බස් එකකුත් එළවලා තියෙනවා. මම හිතන්නේ රවිය අපේ වේළු අඳුරන්නේ නැතිව ඇති.
වේලු , සෙල්ලම්මා යුවල තමන්ගේ මන්ද පෝෂණයෙන් පෙලෙන දරුවන් හතර දෙනාත් එක්ක හිටියේ අපේ ගෙවල් ළඟ තේ වත්තේ තනි ලැයිම් කාමරේ. වෙලුගේ ගෙදරට අපි සිංහල අවුරුද්දට කැවිලි පිගානක් යැව්වා ඒ දවස්වල. මේ කියන්නේ හැත්තෑව දශකයේ මැද. මහා සාගතේ දවස්වල . වේළුට පපුවේ කැක්කුමක් තිබ්බා . සෙල්ලම්මා අඬාගෙන ඇවිල්ලා වේලු අසනීපෙන් ඉන්නා බව කියපු දවසක අපි ගියා වේලු බලන්න . ගොම මැටි ගාපු ලයින් කාමරේ බිම එලාපු ගෝනි පඩන්ගුවවක වේලු කෙඳිරි ගගා හිටියා . බඩ මහත කෝටු අතපය තියෙන වේළුගේ දරු පැටවුන් හතර දෙනා මේ ගැන තේරුමක් නැතිව සෙල්ලම් කරමින් හිටියා .
මේ සිද්දියෙන් පස්සේ සිංහල අවුරුදු කිට්ටු දවසක අපේ ගමේ වී මෝල ළඟ වී ගෝනි තියාගෙන පෝලිමේ හිටි පිරිස අතරේ වේළුත් හිටියා . වේලු කාගේදෝ වී ගෝනියක් අඹරාගෙන යන්නට ඇවිත්. ඔහු මහන්සියට වගේ වී ගෝනිය උඩ වාඩි උනා . එක පාරටම කව්දෝ වැඩිහිටියෙක් ඉස්සරහට පැනලා වේළුට අතුල් පාරක් ගැහුවා මෙහෙම කියන ගමන් .
' යකෝ නැගිටපන්. මේ බුද්ද බෝගේ උඩ තොගේ පස්සා පැත්ත තියන්න එපා පරයා '
වේලු ඇස්වල කඳුළු පුරෝගෙන නැගිට්ටා. පැත්තකට වෙලා අහක බලාගෙන හිටියා . එදා මගේ පපුවේ හීන් කැක්‌කුමක් දැනුනා. කෙඳිරි ගගා ගෝනි පඩන්ගුවේ නිදාගෙන හිටි වේලු . අර දරු පැටවුන්ගේ තාත්තා, කණ හරහා වැදුන පාරින් අසරණ වුන හැටි මට බලා ඉන්න බැරි උනා .
අසු තුනේ කළු ජූලිය කාලේ වේලු සිය දරු පවුලත් සමග කොහේදෝ වත්තකට ගියා. පස්සේ කාලෙක ඔහු පපුවේ අමාරුවෙන්ම මිය ගිය බව ආරංචි උනා.
මම වේළු ගැන කල්පනා කරමින් ඉද්දී ආයිමත් වතාවක් රවීගේ මුහුණ කාමරයට එබිකම් කරලා යන හැටි පෙනුනා .
(නිදහස් ඉන්දියාවේ දෙවන අගමැති ලාල් බහදුර් සාශ්ත්‍රී අපේ රටේ වේළුලාගේ රවීලාගේ ප්‍රශ්නෙට මැදහත් වෙලා දුක බෙදා ගත්තා. ඔහු හරි පුදුම දේශපාලකයෙක්. මේ කතාව තමයි ඊළඟ කොටසින් මම ලියන්න හිතාගෙන ඉන්නේ.)
*****
සටහන; මේ ලියා ඇත්තේ සත්‍ය සිදුවීම්වල මතක සේයා අනුසාරයෙන් නිර්මාණය කරන ලද කෙටි කතාවකි. පුද්ගල නාම හා ස්ථාන නාම සත්‍ය ඒවා නොවිය හැක
වේලු ගැනත්, රවි ගැනත්, ඔයා ගැනත්, අපි ඔක්කොම ගැනත් අමුතු විදියේ දුකක් දැනුනා....:(
ReplyDeleteහ්ම්.. සංවේදී හිත්වලට දැනෙන කම්පනය තමයි ඒ. ඉතිහාසේ වෙච්ච වැරදි ආයේ ආයේ වෙනවා දකිනකොට දුක වැඩියි
Deleteමට හිතුනේ... “ අනේ අපේ ගොන්නු ” කියල විතරමයි.... මේ දවස්වල ඒක හිතෙනවා වැඩියි....
ReplyDeleteමේ දවස්වල මටත් වැඩිපුර එහෙම හිතෙනවා හිරු
Deleteවේළුගෙ කණට ගහපු කතාව අහල මට පුදුම වේදනාවක් ඇති වුනා. ජාතිය ආගම කියන කෙහෙල්මල් තිබුනෙ නැත්නම් ලෝකෙ කොයිතරම් සුන්දරද කියල හිතෙනවා.බටහිර රටවල ඉන්නව කිසිම ආගමක් අදහන්නෙ නැති අය ඒ ගොල්ලො හරිම සාමකාමීයි.
ReplyDeleteමේක ආගමක ජාතියක ප්‍රශ්නෙකට වඩා අසංවේදීකම මෝඩකම වගේ පුද්ගල චරිත ලක්ෂණ පිලිබඳ ප්‍රශ්නයක්
Deleteඅර කණට ගහපු එක හිතට දැනුණා ....අපේ මිනිස්සුන් ගේ හැටි තමා ඔය
ReplyDeleteඑහෙම සරලවම කියන්න බැරිවුනත් මෙහෙම මිනිස්සු නිසා සමාජයට එකතු වෙච්ච ප්‍රශ්ණ නිමක් නෑ
Deleteසිරිමා ශාස්ත්‍රී ගිවිසුම යටතේ ඉන්දියාවට ගියපු අය ගොඩක් මම ඉන්දියාවෙදි අඳුන ගත්තා ඒ අය ඉන්දියාවෙ හිටියට ලංකාවෙ කියලයි කියන්නෙ තාම හිතින් ජීවත් වෙන්නෙ ලංකාවෙ .උඹ ලාල් බහදුර් ශාස්ත්‍රී ගැන ලියන්න යනවා කිව්වම මට පුදුම සතුටක් දැනුනා,කියවන්න බලාගෙන ඉන්නෙ මචං.ජයවේවා!!!
ReplyDeleteස්තුතියි හැලපේ , මම කැමතිම දේශපාලන චරිතයක් තමයි ශාස්ත්‍රී කියන්නේ. රට පාලනේ කලේ සුළු කාලයක් වුනාට ඉතිහාසගතවෙන නායකයෙක්
Deleteඕක මචං අපි හිතනවට වඩා හුඟක් සංකීර්ණ ප්‍රශ්ණයක්. අපි එකිනෙකාගේ භාෂා ඉගෙනගන්න වද වෙන්නේ නෑ කියලා නිතර චෝදනා ඇහෙනවා නේද? මෙහෙ ඉන්නවා ඔය වතුකරයේ දෙමළ මනුස්සයෙක් බේකරියක වැඩ කරන්න ඇවිත්. පොර මට කතා කරන්නෙම මෙහෙ භාෂාවෙන්. ජීවිත කාලයක් ලංකාවේ ඉඳලා සිංහල කතාකරන්න ඕනෙ කමක් නොතිබිච්ච පොර මෙහෙ ඇවිත් අවුරුද්දක් යනකොට මෙහෙ භාෂාව කතා කරනවා වතුර වගේ.
ReplyDeleteඔවු මචන් මේ ප්‍රශ්නේ ඉතාමත්ම සංකීර්ණයි. මේ ගැටලුවලට කා ගාවවත් විසඳුම් තියෙනවද කියල මම දන්නේ නෑ. ඒත් මිනිස්සු විදිහට අපිට කරන්න පුළුවන් දෙයක් තමය ප්‍රශ්නේ අවුලෙන් අවුලට යන එක වලක්වා ගන්න එක
Deleteහද දවන කතාවක්... අනිත් කොටසත් එනකම් මග බලා සිටිනවා. අපේ වැඩේට ඉන්න නොහැකීවිම ගැන කනගාටුයි...
ReplyDeleteඅනිත් කොටස ලියමින් ඉන්නවා මචං . මුලින් මම හිතුවේ එකටම ලියන්න . දිග වැඩි වෙන නිසා තමයි කෑලි කීපයකට කැඩුවේ.
Deleteඅපේ කට්ටියගේ වැඩේට ඉඳලා යන්න ලැබුනානම් හරි සතුටුයි. බලමු ඊළඟ වතාවකදීවත් සෙට් වෙන්න. ජය !!
නොදකින් අර කාලකණ්ණි ගස් ගෙම්බා ! කණේ පාරක් දෙන්නයි තිබ්බෙ..
ReplyDeleteඑහෙම හිතන්න දැක්මක් විචාරයක් කාටවත් තිබ්බේ නෑ . මීට අවුරුදු හතළිහකට විතර ඉස්සර එදා සමාජය සුළුවෙන් දුටු දේවල් තමයි ටික ටික එකතු වෙලා මහා ගංවතුරක් උනේ
Deleteඅර රූමි කිව්‍ව වගෙ බොහොම දෙනාගෙ වීරකම් එඩිතර කම් මතුවෙන්‍නෙ එක්‍කො දුබලයෙක් ඉදිරියෙ, නැත්‍නම් සභාවක් ඉදිරියෙ. මේ මුග්‍ධත්‍වය අපේ ජාතික සලකුණද? හැමෝමයි කියල ජෙනරලයිස් කරන්‍න බැහැ. නමුත්, මම දන්‍න උගත් (උපාධි ඇතුව හෝ නැතුව) බොහොම දෙනා රටෙන් පිට වෙලා ඉන්‍දියන් සාගරෙන් එන උඩු හුළඟට ඉව අල්‍ලගෙන හූල්‍ල හූල්‍ල ඉන්‍නෙ රට එපා නිසා නෙවෙයි, මෙන්‍න මේ වැනි ආත්‍ම නින්‍දා ඉවසගන්‍න බැරි නිසා. මේක සිංහල දෙමල වෙනසට වඩා පුද්‍ගලික අයිතිවාසිකම් සහ සාධාරණත්‍වය ගැන කාරණාවක්.
ReplyDeleteඋස් තැන් දැක හැකිලෙන්‍නේ
මිටි තැන් දැක පුප්‍පන්‍නේ
නිවටුන් බව සිතමින්‍නේ
මගේ පුතා රට යන්‍නේ
//මේක සිංහල දෙමල වෙනසට වඩා පුද්‍ගලික අයිතිවාසිකම් සහ සාධාරණත්‍වය ගැන කාරණාවක්. //
Deleteඅන්න හරි . තව එකතු වෙන්න ඕනි මිනිහෙක් තව මිනිහෙකුට ගරු කරන එක සම්බන්ද කතාව
/* කෙඳිරි ගගා ගෝනි පඩන්ගුවේ නිදාගෙන හිටි වේලු . අර දරු පැටවුන්ගේ තාත්තා, කන හරහා වැදුන පාරින් අසරණ වුන හැටි මට බලා ඉන්න බැරි උනා . */
ReplyDeleteඅපට කෙලවෙන්නේම ඒ දේවල් දැකලාත් සද්ද නැතුව ඉඳීම නිසයි.
ඒ වගේ සිද්දියක කම්පනය අද වෙද්දී සිය ගුණයක් වැඩි වෙලා දැනෙනවා
Deleteකතන්‍දර කාරයො, මට හිතෙන විදිහට අපේ එක්‍තරා ජාතික සලකුණක් නම් මෙන්‍න මේ කුම්‍භකර්‍ණ ලක්‍ෂණය කියලයි. බස් එකකදි අහිංසකයෙකුට එලි පිට අසාධාරණයක් වෙනකොට බොහොම අය අහක බලාගෙන ඉන්‍නවා. ඒ මදිවට කීප දෙනෙක් හිනා වෙමින් පහත් රසයක් ලබනවා.
Deleteඔය වගේ බක පණ්ඩිත පාහරයෝ නිසා තමයි සමහර වේලුලා වේලුපිල්ලෙලා වුනේ. අදත් එහෙමයි.
ReplyDeleteශාස්ත්‍රි තුමා ගැන ලියපන් තිලකේ. බොහෝ කාලයකින් කියවන්න බැරිවුන චරිතයක්.
ඉන්දීය කුලවත්තු හරිජනයන් ගැන තියෙන අදහස අපේ සමහරු ළඟ සුළු ජාතිකයන් කෙරෙහි තිබ්බා. සමාජයක් දියුණු වෙනවා කියන්නේ මේ වගේ ආකල්පවලින් බැහැර වෙන එක. සාශ්ත්‍රී එහෙම උසස් සමාජයක් හදන්න දර්ශනයක් ඇතිව වැඩ කල කෙනෙක් නිසා ඔහු ගැන යමක් ලියන්න හිතුනා මචන්
Deleteඅර පර දෙමළට ගහපු එකාගේ කනට ගහන්න එකෙක් නොහිටිය එකයි කරුමේ. එහෙම ගහපුවා තමයි අවුරුදු 30 ක් තිස්සේ රිටන් ගම්බ උනේ. එච්චර කාලත් ඇති වෙලා නම් නැති හැඩයි පේන්නේ..
ReplyDeleteඑහෙම මිනිස්සු නොහිටීමේ අඩුව අපේ සමාජයට රිදෙන්නම දැනුනා . උගත් පාඩම් වලින් වැඩක් ගන්නේ නෑ තාමත්
Deleteතිලක සිත මම ඔබේ ලිපි වලට කැමැත්තෙන් හිටියා . ගමේ මිනිස්සුන්ගේ සරල මනුස්සකම ගැන ලිය ලියා හිටිය ඔබ දැන් වෙනත් අරමුණකට යනවා වගේ පේනවා. මේ රටේ ඇතිවෙච්ච යුද්දෙට වැරදිකාරයො ගමේ අහිංසක මිනිස්සුද. මේ වාගේ පොසි පොඩි දේවල්ද? ඔබ කවදාවත් අපේ රණ විරුවන් ගැන ලියලා තියෙනවා මම දැකලා නෑ , ඔවුන් නැත්තම් ඔය කාට කාටත් අවුරුදු කන්න වෙන්නේ නෑ . ඒක අමතක කරන්න එපා
ReplyDeleteහිතවත් ඇනෝ, ඔබ සිතුවා හරි.මගේ මේ ලිවිල්ලේ පැහැදිලි අරමුණක් තියෙනවා . ඒ තමයි මගේ හිතේ කැකෑරෙන දේ අතරින් ඒ වෙලාවේ ලියා සැහැල්ලු වෙන්නට වඩා සුදුසුයි කියා සිතෙන දේ ලියා දැමීම. මේ ලියැවෙන දේ ඔබ කැමති විදිහට තේරුම් ගන්න. ඔබ දක්වා ඇති අනෙකුත් අදහස්වලට ගරු කරනවා . ඒවාට පිළිතුරු දීමට අදහසක් නෑ.
Deleteමේ කතා බහ "යුද්‍ධය හා සාමය" පිලිබඳ නොවෙන බවයි මගේ වැටහීම.
Deleteමට එක පාරටම මතක් වුනේ අපේ මුත්තා කුස්සියේ තිබුණු හාල් ගෝනිය උඩ වාඩිවෙන්න එපා කියලා අපි කාටත් ටොකු ඇන්න හැටි. ඒ අන් අයට ගරුකරනවා වගේම අපි කන බොන දේටත් ගරු කරන්න පුරුදු විය යුතු නිසා.
ReplyDeleteමුත්තාත් ආත්තම්මාත්, කුස්සියේ තිබුණු හාල් ගෝනිය උඩ වාඩි වුණාම පස්ස පැත්ත වන වෙලා ගෙඩි හැදෙයි කීවාට, අපි අට්ටි ගහලා තියෙන වී ගෝනි උඩ නැගලා සෙල්ලම් කරනකොට කීවේ වෙන කථාවක්.... "හා...හා....පුතාලා බලාගෙන පරිස්සමෙන්... වැටිලා අතක් පයක් වත් කඩා ගන්නවා එහෙම නෙමේ.. !!" සමහර දවස්වල අපේ නංගිලාත් වී ගෝනි උඩ නගින්න ඕනෑ කියලා අඩනකොට මුත්තා කීවේ උබල විතරක් ඕක උඩ නටන්නේ ඔය පොඩි කෙල්ලොත් පරිස්සමෙන් පහල අට්ටියටවත් අරන් සෙල්ලම් කරපල්ලා කියලා..
මචෝ අපේ මුත්තා කන හාල් ගෝනියට ගරු කරන්න කියලා ඇනපු ටොක්කත් උබ කියලා තියෙන වේලුලාට,( මුන්නු සාමිලාට, මුත්තයියාලාට...) ගහපු කනේ පාරත් වෙනම කතාන්දර බව මම දන්නවා.....
මචං කාලෙකින් මේල් එකක්වත් එවන්න බැරි වුණා. ඉතින් ශුභ අලුත් අවුරද්දක් වත් කියන්න බැරි වුණා.
Deleteඑහෙම නම් උබටත්, පවුලේ සැමටත්, සියලු දෙනාටමත් ශුභ අලුත් අවුරුද්දක් !
මේ කතාවේ එහෙම පැත්තක් තියෙනවා මචන් . සිංහල අවුරුද්දට කිරිබත් උයන්න වෙන් කරපු වී ගෝනිය උඩ අපි වාඩි උනත් ටොක්කක් කන්න උනා . මෙතැන ප්‍රශ්නය තව එහාට ගිය එකක්
Deleteඋඹටත් පවුලේ සැමටත්, මේක කියවන සැමටත් සුබ අලුත් අවුරුද්දක් පතනවා
Deleteඋබත් මාර සන්වෙදි මිනිහෙක් බන්.අම්මප මෙ බෙදිම් නම් කියල වැඩක් නැ
ReplyDeleteඅනේ මන්දා . වැඩිපුර සංවේදී වෙච්ච එක අඩුපාඩුවක්ද කියලා හිතෙනවා මචන් වෙලාවකට
Deleteමනුෂ්‍යත්වය ඉදිරියේ සංවේදිත්වය තුල තමයි සැබෑ සුන්දර මිනිසුන් දකින්න වෙන්නේ. නැත්නම් එක් එක් ජාතීන් ,ආගම්, වර්ග යන විෂයන්වල සංවේදීවෙන උදවිය නම් කප්පරක් ඉන්නවානේ. දමිත් එහෙම දෙයක් නොවෙන්න ඇති මේ කියන්නේ. සංවේදීවීම එහෙම අඩුපාඩුවක් නෙමේ ,උඹ විනිශ්චය කරුවෙක් නොවෙන නිසා. තිලකේ..උඹ ලෝකය දකින්නෙක් මිස තීරන දෙන්නෙක් නොවෙන බව හිතපන්.
Deleteමා හිතනා විදිහට, බ්ලොග්ස් යනු අදහස් හුවමාරු වෙන තැනක් මිස උසාවියක් නෙමේ. මට ෂුවර් දමිත් ඒ වගේම සුන්දරයෙක් කියලා. උඹලා දෙන්නට තේරුනාද මන්දා මගේ චොර අදහස් දැක්වීම.
සන්වෙදිකම කියල මම කිවුවෙ අරු මිනිස්සුන්ට,ගහට,කොලට,සතාසිවුපාවට,පරිසරයට සන්වෙදීවිම.එකෙදි අර මිනිහට තියෙනව මෙ මිනිහට නැ,අර සතාට තියෙනව මෙ සතාට නැ කියල බෙදෙන්නෙ බැ.එහෙම බෙදෙනවනම් එතන තියෙන්නෙ සන්වෙදිකමක් නෙමෙයි තමන්ගෙ කියල හිතාගෙන ඉන්න දෙයක් වෙනුවෙන් පෙනිසිටිමක් විතරයි.මම හිතන්නෙ උබ කිවුවෙත් මෙක
Deleteදමිත්, අරූ උඹලා අදහස් කරන දේ මට හොඳින් තේරෙනවා . උඹලාගේ සංවේදීකම හා හිතවත්කම නිසා තමයි මේ බ්ලොගය දිගටම සතුටින් ලියාගෙන යන්නේ.
Deleteඅරූ උඹ කිව්වා වගේ අදහස් පල කරන්න මිසක් අවසාන විනිශ්චයකට, නිගමනයකට එන්න මේ බ්ලොග් සංවාද යොදා ගන්න බෑ . තාගෝර් තුමා වතාවක් කියලා තියෙනවා ' යම් තැනක මලක් පිපී ඇත්නම් එය අන් අයට එළිදරව් කිරීම තමයි කලාකරුවාගේ යුතුකම. ඒ හැර එතන පිපී ඇත්තේ ලෝකයේ හොඳම මල යයි කීමට ඔහු උත්සහ නොකළ යුතුයි' කියලා. මම හිතන්නේ බ්ලොග් ලියනකොටත් අපි මේ ප්‍රතිපත්තියේ ඉන්න ඕනි
මනුස්සයෙකුට වඩා හාල් ගෝනියට ගරු කරන, මෝහයෙන් මොලේ විකාර උන කෙනා එක්ක පුදුම තරහක් එන්නේ...
ReplyDeleteහාල් පාගන්න එපා, හාල් ගෝනියේ වැඩිවෙන්න එපා, පොත බිම වැටුනොත් වදින්න, වගේ දේවල් අපේ තාත්තත් අපිට කියල තියනවා. ඒවා පරණ ආකල්ප . හැබැයි හාල් ගෝනියේ වාඩිවෙන්න එපා කියන එකයි, තොගේ දෙමල පස්සා පැත්ත තියන්න එපා කියන එකයි අතර ලොකු වෙනසක් තියනවා. දෙවෙනි එකේදී, ජාතිවාදය, කොන් කිරීම, නපුරුකම සහ අනිකාව පහත් යැයි සලකා නිගරු කිරීම වගේ, මෝහයෙන් පිරුන පහත් මානසිකත්වයක් එලියට බහිනවා..
ඔයවගේ නපුරුකම සහ කොන් කිරීම වගේ temptations වලට සුදුහුණු ගාන්න හදාගත්ත වෙස්මූනක් තමයි ජාති ආලය කියල මට හිතෙන්නේ. ජාති බේදය කියන්නෙ ඒකෙ නිවුන් සහෝදරයා. තමන්ගේ ජාතිය වෙනුවට අපිට අගයකරන්න පුලුවන්නම් මිනිස්සුන්ව... එතකොට අපිට ආඩම්බර වෙන්න පුදුම ගොඩක් දේවල් අලුතින් එකතුවෙනවා. අපිට හරිදේ හරි ලෙසටත් වැරදි දේ වැරදි ලෙසටත් පෙනෙන්නේ එතකොට. ඕනෙම දෙයකදී, දේශපාලනයේදී උනත් පක්ෂ loyalty අයින් කරලා මද්‍යස්තව බැලුවේ නැත්නම්, අපිම තමයි අපිටම රැවටෙන්නේ.
නමුත් මේ අපේ නපුරුකම් කාලය සහ අපේ අත්දැකීම් මත සැහෙන්න වෙනස් වෙනවා. අපි හැමෝගේම (මම කියන්නේ ලෝකෙම) ඉතිහාසය නපුරුකම් වලින් පිරිලා. නමුත් කාලයත් එක්ක ඒවා වෙනස් වෙලා. අපිත් එහෙමයි. අපි කවුරුවත් "මෙන්න මේ විදිහයි' කියල නිර්වචනය කරලා ඉවර කරන්න බැහැ.
නමුත් එක්කෙනෙක් කරපු දෙයකට සමස්තයකට වෛර කරන එක, steriotype කරන එක හරිම මෝඩ කමක්. LTTE යුද්ද කාලේ අපි හැමෝම ඒක කලා. තාමත් අපි ඒක කරනවා. සුද්දෝ මෙහෙමයි, අරුන් මෙහෙමයි, අපි මෙහෙමයි කියල...
********
මේ කතාව කියවල මට මම දැකපු හීනයක් මතක් උනා. ඒ 2009 මුල. ප්‍රභාකරන් වටකරලා කියල නිව්ස් යද්දී දවසක් දැක්කේ..
ලස්සන වැවක් ළඟ ලොකූ තණ පිට්ටනියක්. වැව් බැම්ම උඩ ලස්සන පාරක්. ඒකෙ ළමයි බයිසිකල් පදිනවා.. ඒ පාරේ මම හිටගෙන සුහද කතාවක්, ප්‍රභාකරන් එක්ක.
මට මතකයි ප්‍රභාකරන් ළමයි දිහා බලාගෙන කියනවා "මුන් එක්ක කොහොමද යුද්ද කරන්නේ.. මම කියන මෙලෝ දෙයක් අහන්නේ නැහැ. උන් උන්ට ඕනේ දේවල් තමයි කරන්නේ"..
මට ඔයවගේ විකාර හීන පේනවා, නැගිටලා හිනායන.. :)
එදා මට හිතුන දැන් යුද්දේ ඉවරයි කියල. හිතට පුදුම සැනසිල්ලක් දැනුනේ. ප්‍රභාකරන් ගැන තිබ්බ තරහත් සැහෙන්න අඩුවෙලා තිබ්බ, අඳුනන කෙනෙක් වගේ. :)
Deleteමේ කොමෙන්ට් එක හරබරයි. මගේ පොස්ට් එකේ නොලියවෙච්ච වැදගත් සමාන්තර අදහස් ගොඩක් තියෙනවා. ස්තුතියි තනුෂ්කා . ඔය stereotype විදිහට හිතන එක අපේ ගොඩක් දෙනෙක්ගේ ළඟ තියෙන දුර්වලතාවයක්. කිසිම ජාතියක, වර්ගයක කණ්ඩායමක මිනිස්සු අතරේ මතුපිටින් පෙනෙන පොදු ලක්ෂණ හැරෙන්න කිඳා බැහැපු සමානකම් නෑ. මට ඒ ගැන සෑහෙන්න අත්දැකීම් ලැබිලා තියෙනවා.
ප්‍රභාකරන් ඉන්න කාලේ මමත් මිනිහව හීනෙන් දැකලා තියෙනවා.D
මේ කොමෙන්ට් එක දැක්‍කහම හිතුනා: අපි තාමත් පමා නැහැ... අපිට තාමත් පුලුවන් මේ වගේ හිත් එකතු කරලා එක හිතක් හදන්‍න.
Deleteජාති බේද, ආගම් බේද මොනවටද කියලා හිතෙනවා.. ඒත් ඉතින් හුඟක් දෙනෙක් අල්ලන් දගලන්නෙත් ඕකමනේ.. කණට ගහපු සීන් එකටනම් හිතට දුකක් දැනුනා ඇත්තටම..
ReplyDeleteඔව් දිනේෂ් මේ ගැන හිතන්න කතා කරන්න කොච්චරක්නම් තියෙනවද?
Deleteමේ වගේ මාතෘකාවක් ලියපු එක වටිනවා.. අපේ මිනිස්සු ආයෙමත් අමිහිරි ජාතිවාදී කෝලාහලයකට අර අදින බව පේනවා.. හැමදාම වුණා වගේ මිනිස්සුන්ව දෙකඩ කරලා දේසපාලුවෝ වාසි ලබාගනීවි. සිංහල, දෙමළ, මුස්ලිම් කියලා නෑ අහිංසක මිනිස්සු දුක් විඳීවි. හැම දෙනා දිහාම මනුෂ්‍යත්වයෙන් බලන්න අපේ මිනිස්සු කවදා පුරුදු වෙයිද මන්දා.
ReplyDeleteසිංහල, දෙමල, මුස්ලිම් අහිංසක මිනිස්සු හැමදාම දුක් විඳීවි , හ්ම්ම්..කවුරු බේද ඇවිලුවත්, කවුරු ආයුද බෙදුවත් ඒක තමයි දිගටම වෙන්නේ
Delete
ReplyDelete"සොරි සර් ඩිස්ටර්බ් කරාට....පොඩි ප්රෝබ්ලම් එකක් හොටෙල් එකේ..ඒකයි කෝල් කලේ මේ වෙලාවෙ.."
"ඉට්ස් ඕකේ හිරාන්...කියන්න..වොට් ඊස් රෝන්ග්..."
"දසනායක පොඩි කේස් එකක් ඇදගන සර්.."
"කවුද දසනායක කියන්නේ?"
"අලුත් ඇසිස්ටන්ට් මැනේඡර් සර්.."
" ආහ්..ඕකේ.. වොට් හැපන්ඩ් ?"
"වේලු මීනිහට ලොබි එකේදි කනට ගැහුවා සර්.."
"වාආආආට්....වේලු...නෑ ඒක වෙන්න බෑ...මිනිහා අහින්සකයා නේද? බීලා හිටියද...මොකකද හේතුව..රාජත් සම්බන්ධද...?"
"ඔව් සර්...රාජා හවස පූල් එක ක්ලීන් කරලා එතන ෂවර් එකෙන් නාලා සර්..ඊට පස්සේ අන්ඩර්වෙයර් එක පිටින් ලොබි එක ක්රොසස් කරලා ස්ටාෆ් ඇකොමොඩෙෂන් එකට යන්න...දසනායක ඕක දැකලා බැනලා රාඡට..."
"ඉතින් ඒක බනින්න ඕනි වරද්දක් නේ...?"
"පර දෙමලා සක්කිලි වැඩ කරන්න එපා..මේක තොගේ ලයිමද කියලයි සර් බැනලා තියෙන්නේ...රාඡා සොරි සර් කියාගෙන ඇකොමොඩෙෂන් එකට ගියාලු...ටිකකින් වේලු යකා වගේ ඇවිත් කෙලින්ම දසනායකගේ ඔෆිස් එකට...දෙමලු තමයි යකෝ හැබැයි අපි සක්කිලි නෙමෙයි කියලා දසනායකගේ ටයි එකෙන් ඇදගෙන ලොබි එකට ගෙනිහින් ඔක්කම ඉස්සරහා කනට ගහලා...දසනායක බිම වැටිලා..."
"ඌප්ස්...සීරියස් කේස් එකක් නේ...මොකද කලේ ඉතින්..?"
"දසනායක රූම් එකට යන්නෙවත් නැතුව පාරට ගිහින් බස් එකක නැගලා ගෙදර ගිහින්..."
"ෂිට්...හී ඡශ්ට් ජොයින්ඩ් අස් නෝ....කෝ දැන් වේලුයි රාඡයි..?"
"තාත්තයි පුතයි දෙන්නම ඇවිත් මගෙන් වැඳලා සමාව ගත්තා සර්...මොකද කරන්නේ සර්..ටර්මිනේට් කරන්නද..?"
"නෝ...කෝල් එ ස්ටාෆ් මීටින්ග් ඇන්ඩ් ටෙල් එව්රි බොඩි දැට් දසනායක හෑස් ලෙෆ්ට්...විනීතව හැසිරෙන්න කියලා හැමෝටම කියන්න..."
ඔබ මේ පැත්තේ අදමනේ ආවේ .සාදරයෙන් පිලි ගන්නවා . මේ සටහන අර දිවයිනේ යන ' තානායම් පල්ලාගේ සටහනක් වගේ
Deleteතිලක, පපුවේ කැක්කුම වගේ නෙමෙයි දේශප්රෙමි කැක්කුම. ගහන්නේ ඔලුවට. අමාරුව තද උනාම සියොලග වෙවුලනවා. උණ ගන්නවා.සිහිය විකල්වෙනවා.
ReplyDeleteඅපි ලෝකේ වෙන රටකට ගියාම ශ්රි ලාoකික. අපේ රටෙදී අපි සිoහල,දෙමල,මුස්ලිම් ?
පිට රටදිත් ලාංකික සභාවක් මැදදි තමා හඳුන්‍වාගන්‍නෙ "මම හොඳ ලාංකිකයෙක්" කියල නෙවෙයි. "මම හොඳ සිංහලයෙක්"කියලයි.
Deleteරටින් එලියට ගිහින් හරි කමක් නෑ හරි දේ හොයාගෙන එනවනම් නේද?
Deleteදරු පැටව් හතර දෙනෙක්ගේ බඩේ ගින්දර.....හ්ම්ම්ම්......පපුවේ කැක්කුම හැදෙන කතාවක්.
ReplyDeleteහ්ම්ම්ම්.....ස්තුතියි අයාල් සිත්.
Deleteජාතිවාදය, සමාජ අසාධාරණය, වැටෙන්නෙ දේශපාලනයට. දේශපාලනය කියන්නෙ මිනී මරාගන්න සබ්ජෙක්ට් එකක්, ඒ වගේම බොහෝ දෙනෙක් කතා කිරීමට අකමැති, බෝරින් සබ්ජෙක්ට් එකක්. කොච්චර අකමැති වුනත් අපට දේශපාලනයෙන් වෙන් වෙන්න අමාරුයි, ඒ අපේ හෙට දවස තීරණය වෙන්නෙ දේශපාලනය මත නිසා. තිලකෙ මෙහෙම එව්වත් ලියන එක හොඳයි. ඒත් කලින් ලියපු රස කතා අමතක කරන්න එපා. එව්ව අස්සෙ , මෙහෙම ඉඳලා හිටලා හොම්බටම දෙකක් ඇනලම දාන්ට :)
ReplyDeleteඇනෝ මවුස් කිව්වා වගේ මමත් ලියන්න අකමැතිම සබ්ජෙක්ට් එකක් තමයි දේශපාලනය. ඒත් මතක කතාවට දේශපාලනය ගෑවිලාම තියෙනකොට වක්‍රව හරි ඒ ගැන කතා කරන්න වෙනවා . ස්තුතියි කොමෙන්ටුවට
Deleteඅපිට හරි හැටි තේරුමක් නැතත් 83 කළු ජූලිය මට යාන්තමට වගේ මතකයි , ඒ කාලේ අපේ අප්පච්චි දෙමල යාලුවෝ ගෙදර තියාගෙන හංගගෙන හිටය හැටි, අපිට ඒ දවස් වල හරි පුදුමයි මොකද මේ මිනිස්සු මෙහෙම හැංගිලා ඉන්නේ කියලා . අපිට ගෙදරටම ඇවිත් අප්පච්චිව මරන්න කතා කරපු හැටි දෙමලු හන්ගන් ඉන්නවා කියලා , දැන් ඒවා මතක් වෙන්නේ අමාරුවෙන් , එත් අමතක් වෙච්ච අපි නොදැකපු දේවල් තව කොච්චර ඇතිද?
ReplyDeleteඇත්තටම ඉවාන් මේ වගේ කතා ගොඩක් අමතක වෙලා තියෙන්නේ . මීට සමාන දේවල් හෝ කතාබහ මතුවෙනකොට තමයි ඒවා ආපහු සිහියට එන්නේ
Deleteහිත හඬවන කතා කියන එක ඔබේ පුරුද්දක් වෙලා නේද? ;)
ReplyDeleteඅපි තරම් වර්ගවාදය අදහන වෙන රටවල් මේ වෙද්දි නැතිව ඇති.
වෙනදා වගේම උපරිමයි.
බුරු බබෝ, මමත් කල්පනා කළා ඔය වර්ගවාදේ අපේ ළඟ විතරද තියෙන්නේ කියලා. එතකොට කතා කීපයක් මතක් වුනා. වතාවක් නවදිල්ලි නුවරදී අපි කට්ටියක් කෑමට හොටලෙකට ගිහින් වාඩි වුනාම ළඟ මේසේ හිටි උතුරු ඉන්දියානු පවුල කඩේ උන් එක්කත් රණ්ඩු කර කර ඈත තියෙන මේසෙකට මාරු උනා. උන් හිතලා තියෙන්නේ අපි දකුණු ඉන්දියානුවෝ කියලා. උතුරේ සමහරු කැමති නෑ දකුණේ කළු උන් එක්ක ලඟින් වාඩි වෙන්ඩවත්. ඉතින් අර කලින් කිව්වා වගේ මම හිතන්නේ මොන ජාතියක උනත් මිනිහෙක් තව මිනිහෙකව පහත් කරලා සලකන එක තමයි මට පෙන්නන්ඩ බැරි. මට හිතෙන්නේ අපේ සමාජයේ ඔය මුග්ධ බාවය තියෙන්නේ ඉතා සුළු පිරිසකට. ඒත් ඒ මිනිස්සුන්ට ලොකු සමාජ බලයක් ලැබෙනවා. මොකද උන් ක්‍රියාශීලීයි. මැදහත්ව හිතන ගොඩක් දෙනා නිෂ්ක්‍රීයයි .
Delete