කැම්පස් වලට නැව් එන කතා අහලා ඇතිනේ. ඒ කියන්නේ අලුත් බැච් එකක් එන එක. මේ නැව එනකම් දෙටු සිසුන් බලා ඉන්නවා නැවේ තමන්ගේ පන්ගුකාරයා එනවා කියලා. සමහරු නැව ළඟටම එනකන් ඉන්නේ නැතිව ඔය ගෙල්ට් පාටමාලා එහෙම තියෙන තැන්වල කැරකෙනවා. එහෙම එව්වන්ට කිව්වේ මුහුදු යන්නෝ කියලා.
ඔය අතර බෝට්ටු එන වෙලාවලුත් තියෙනවා. ඒ නැවේ එන්න බැරිවුනත් පස්සේ ලැබෙන පුරප්පාඩු වලින් කිහිප දෙනෙක් සරසවියට ගන්නවා අන්න එහෙම එන එව්වන්ට තමයි බෝට්ටු ඇත්තෝ කියන්නේ.
අපේ කැම්පස් එකටත් බෝට්ටුවක් ආවා. මේක නිකම්ම බෝට්ටුවක් නෙවෙයි කොන්ක්‍රීට් බෝට්ටුවක්. කවුරුත් දන්නවනේ ඉන්ජිනේරු පීඨය එහෙම නැත්නම් කම්මල ගැන.
ටාන් ටාන් ටාන් . මහවැලි මිටියාවත දෙවනත් කරගෙන ඇහෙන කම්මලේ යකඩ තලන හඬ .
එක්දහස් නවසිය අනු දෙක අවුරුද්දේ පේරාදෙණි කම්මලේ රිදී ජුබිලිය . කම්මල කොළඹින් පේරාදෙණියට ගෙනල්ල අවුරුදුම විසි පහයි. ඔය අව් අස්සේ මේ රිදී ජුබිලිය ඉහලින්ම සමරන්ට ඕනිය කියලා තිබ්බේ නැද්ද ලොකු ප්‍රදර්ශනයක් .
නොයෙක් විදිහට සරසලා වැඩ දාලා දැන් ඉතින් මහා ප්‍රසිද්දියක් දුන්නා .
මේක බලන්න එන ජනී ජනයා අතරේ අපේ අම්මයි තාත්තයි හිටන් ආවා
අරෙහෙන් මෙහෙන් තියෙන එව්වා බලලා මම අම්මයි තාත්තයි එක්කරගෙන ගියා මැටීරියල් ලැබ් එකට . ඒකේ තිබ්බ මහා ගොඩක් අමුතු අමුතු ජාති අතරේ තියෙනවා හරි උහ අපූරු තාලේ බෝට්ටුවක්.
ඒක තනිකර කොන්ක්‍රීට්
මේක මොකක්ද මේ අපේ තාත්ත ඇහුවා.
ප්‍රදර්ශන භාණ්ඩ ගැන විස්තර කියල දෙන්න හිටපු පළවෙනි අවුරුද්දේ මානවිකාවෝ සාරි හෙම ඇඳලා හරියට ලක ලැස්ති වෙලා දැන් දෙනවා විස්තරේ එළට.
'ඔය තියෙන්නේ අන්කල් තනිකර කොන්ක්‍රීට්වලින් හදපු බෝට්ටුවක්'
මහා මෝඩයෝ රැලක් දිහා බලන්න වගේ තාත්තා කෙල්ලෝ දෙන්න දිහා බලලා ඔලොක්කු හිනාවක් දැම්ම.
මගේ දිහාත් බැලුවා මොන මෝඩ දේවල්ද උඹලා මේ ඉගෙන ගෙන තියෙන්නේ අහන්නා වගේ.
ඔය කොන්ක්‍රීට් කියන්නේ ළමයෝ වතුරට දාපු හැටියේ ගිලෙන එකක්නේ. මේක මොන විහිලුවක්ද කොන්ක්‍රීට්වලින් බෝට්ටු හැදුවම. වතුරට දාපු හැටියේම ගිලිලි යාවි . ආයෙත් හිනා උනා
පොඩි කෙල්ලෝ දෙන්නා මොකුත් කියා ගන්න බැරිව තතනනවා. 'අන්කල් උත්ප්ලාවකතාව , ආකිමිඩීස්,වතුරේ ගිලෙන ගණත්වය', අනන් මනං කියවනවා . එතනට තව කට්ටිය රොක් වුනා
තමන්ගේ ප්‍රදර්ශිකාවෝ දෙන්නා වැටිලා ඉන්න අමාරුව දුටු සහාය කතිකාචාර්යවරයෙක් දුවන් ආවා එතැනට. මම තාත්තා අතින් ඇදගෙන යන්නයි හැදුවේ පස්සේ මේ ගැන කියලා දෙන්නම් කියලා.
මොන , අපේ තාත්තා එහෙම ලේසියෙන් කියන දෙයක් අහන කෙනෙක් නෙවෙයි. අපි ඒ අතින් කොච්චර හොඳද?
පුංචි ඇදුරුතුමා දුන්නේ නැද්ද හොඳ විස්තරයක්.
මේකනේ ඔබ හැම දන්නවා යකඩ උනත් වතුරේ ගිලෙන බව. ඒත් මහා නැවු හදලා තියෙන්නේ යකඩින්. මෙතෙන්දි වෙන්නේ යකඩ වතුරේ ගිලුනා වුනාට විශාල කුහරයක් තියෙන භාජනයක් යකඩින් හැදුවම බව්තික විද්‍යා සිද්දාන්ත අනුව ඒ භාජනය ගිලෙන්නේ නෑ. ඒ වගේමයි යකඩ නැත්නම් කොන්ක්‍රීට් බෝට්ටු .
'ඒත් ඉතින් මහත්තයෝ ඒ යකඩනේ. මම කිව්වේ මේ කොන්ක්‍රීට් . මේකනම් ගිලෙනවා' .තාත්තාත් වැඩේ අරින්නේ නෑ.
යං යං මමත් කිව්වා . අම්මත් කිව්වා .
මේ කොන්ක්‍රීට් බෝට්ටු වැඩේ හා වාද පිටිය දැකපු දෙටු ඇදුරුතුමා විදිලි වේගෙන් එතනට සැපත් වුනා .
ඉන්න මම පැහැදිලි කරන්නම් . ඔහු බොහොම පරිණත විදිහට කතා කරා .ලස්සන සිංහලෙන් පැහැදිලි කළා බෝට්ටුවක් එහෙම නැත්නම් නැවක් ලීවලින්ම නැතිව වෙනත් බර දේකින් හැදුවත් ගිලෙන් නැති වෙන්න හේතුව. ඊට පස්සේ උදාහරණ ඉදිරිපත් කළා. බෝට්ටු විතරක් නෙවෙයි මහා විශාල නැව් කීපයක්ම ලෝකේ තිබිලා තියෙනවා කොන්ක්‍රීට්වලින් හදාපු. ඔහු කිව්වා.
දෙටු ඇදුරුතුමා කොච්චර ලස්සන වචන පාවිච්චි කරාද කියනවානම් වටේ හිටි හැමෝම වශී වුනා. පළමු වසරේ ප්‍රදර්ශිකාවෝ දෙන්නයි පුංචි අදුරු තුමයි තමන්ගේ දෙටු ඇදුරා දිහා ස්තුතිපුර්වක ගරුසරුවකින් බලා ඉන්නවා .
තාත්තා තරමක් සන්සුන් උනා .
ඇදුරුතුමා දිහා බැලුවා . පූංචි හිනාවක් දැම්මා
ඔය මොනවා කිව්වත් ....
කියලා බෝට්ටුවට පිටි අල්ලෙන් දුන්නා සද්දේ එන තට්ටුවක්
ඊළඟට රිදෙන ඇඟිලි ටික අනිත් අතෙන් අතුල්ලන ගමන් මෙහෙම කිව්වා.
'ඔය මොනවා කිව්වත් මේ බෝට්ටුව වතුරට දැම්මොත් ගිලෙනවා.'
මගේ හිතවත් ප්‍රදර්ශිකාවෝ දෙන්නයි, පුංචි අදුරු තුමයි දෙටු අදුරු තුමයි තුෂ්නිම්බුත වෙලා බලා හිටියා.
මේ කතාව තටු ලබලා අලුතින් ලුණු ඇඹුල් එකතුකරලා සරසවි බිම පුරා පැතිරෙනවා.
එදා හැන්දෑ වෙනකොට අක්බාර් ලියුම් බෝඩ් එකේ මගේ නමට තැපැල්පතක් ඇවිල්ලා. එවලා තිබ්බේ අපේ තාත්තා එවන හැටියට. (අත් අකුරුවලින් මන් ලියපු එකා හොයා ගත්තා)
පුතේ,
උඹලා ඉගෙන ගන්නේ මොනවාද කියලා මට පුදුම හිතුනා.
ඔය ප්‍රදර්ශනේ ඉවර වෙලා කට්ටිය අර බෝට්ටුවේ කොහේ හරි යන්න කතා කරොත් උඹ මග ඇරලා ගෙදර වරෙන්.
ඕකනම් ගිලෙනවා පුතෝ!
චිත්‍රය -ඔවිනිගෙන්
Maru kathawa ayya. 1992 wala api awa witharai, sure ekatama oya ape batchi la dennek wenna athi..
ReplyDeleteආ එහෙමනම් ඔයාගේ යාළුවන්ට මේ ගැන මතක ඇති . කොහොමත් දැන් අවුරුදු විසි විසි දෙකක්නේ
Deleteහි හි නියම කතාව .ඔයාගේ තාත්තා හරි ෂෝයි කෙනෙක්, ඇස් වලට දකිනකල් පිළිගන්නේ නැති කෙනෙක්
ReplyDeleteඒක නේන්නම්. අපේ තාත්තා ලේසියෙන් තමන්ගේ මතේ වෙනස් කරන් නෑ. වෙල්කම් අපුර්වී
DeleteAaa Thilakasitha sir,
ReplyDeleteExcellent lead- in with a hilarious ending!
Thanks Sili Biris. Where were you during Sinhala Awurudu daysa?
Deleteහෙහ්, සිරා කතාව..
ReplyDeleteස්තුතියි දිනේෂ්
Deleteතිලකේ අහම්බෙන් මේ බ්ලොග් අතර හමුවුන අපි කොච්චර දුරද, ඒ වුනාට කොච්චර නුදුරුද කියලා හිතුනා. ඔය ප්රදර්ශනේ බලන්න අපිත් ආවා කොලඹ සිට. මම එතකොට උසස් පෙල පන්තියේ
ReplyDeleteJP ඕක මටත් නිතර හිතෙන දෙයක්. අපි නොදැනුවත්ව කොච්චර නම් එකම තැන්වල ගැවසෙන්න ඇතිද?
Deleteඔව් ඒකනම් ඇත්ත JP, තිසර . ලෝකය අපි හිතනවාට වඩා පුංචියි. අනික බ්ලොග් එක නිසා හරි අපි හම්බ උනානේ( ආයිමත්)
Deleteඇත්ත නේන්නම් මම ළඟටම ගිහින් කතා කරලත් මෙයා මාව මතක නෑ කියනවනේ අප්පා
Deleteඑහෙම වෙන්නේ ඉවාන් අපේ මීටරේ හොර හින්දා . අනික ඇස් පේනවත් අඩුනේ. වතාවක් දැක්ක එකෙක් මතක තියෙන් නෑ
Delete@ඉවාන්, මම උඹව හැබැහින් දැකලා තියනවා කියලා උඹ විස්වාස කරනවද? උඹේ ෆොටෝ එකකුත් මං ගාව තියනවා..
Deleteමේකනම් මරු කොන්ක්‍රිට් බෝට්ටු ගැන අහල තිබුනට මම නම් දැකල නැහැ ඒවා..එත් මම නම් හිතන්නෙ ඒ ජාතියෙ බෝට්ටු තියෙනවා..
ReplyDeleteස්තුතියි අමිල මම හිතන්නේ වෙන වෙන තාක්ෂණ හේතු නිසා කොන්ක්‍රීට් නැව් හා බෝට්ටු නැගලා ගියේ නෑ
Deleteකතාව ලස්සණයි. තාත්තගේ ලියුම ඊටත් වඩා ලස්සණයි... :D
ReplyDeleteහෙහ් හේ ස්තුතියි පොඩ්ඩි . ඔය ලියුම ලියාපු හාදයා දැන් ඉන්නේ දකුණුකුරු දුපතේම තමයි
Deleteහේ හේ කතාවනම් ලස්සනයි
ReplyDeleteලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවියේ බුද්ධිමතුන් අතරට ඔබත් එකතු වෙන්න
ස්තුතියි
Deleteබෝට්ටුව කොන්ක්‍රීට් වලින් හදලා පැත්තකට තියලා තිබ්බහම, ඒ ප්‍රොජෙක්ට් එකේ අරමුණ එතනම හබක් වෙනවනේ... තාත්තා ගේම ඉල්ලපු එක සාධාරණයි... :)
ReplyDeleteකොහොමත් මේ බෝට්ටුව ඉන්පස්සේ ප්‍රායෝගිකව යොදා ගත්තු වගක් දැක්කේ නෑ . තාමත් ප්‍රදර්ශන මතකයක් විතරයි තියෙන්නේ
Deleteහැක් හැක්.. මරු කතාව. දැං කාලේ ආචාර්යවරු නං ඔහොම පැහැදිලි කරන්නෑ.. “පිස්සෙක්“ කියල පැත්තකට යාවි.. එළ
ReplyDeleteතොපි වගේ ලැච්චරයෝ නං එහෙමකොරයි තමා.
Deleteදේශෝ දැන් කාලේ ඒ කාලේ වෙනසක් නෑ මේ කතා මේ ලෙසටම වෙනවා
Deleteඔය බෝට්‍ටුව ජා ඇල පැත්තේ කොන්ක්‍රීට් වලට ප්‍රසිද්ධ මිස්ටර් කුලසිංහගේ ගෙදර තිබ්බා මීට ටික කාලෙකට කලින්.
ReplyDeleteකුලසිංහ උන්නැහේගේ කොන්ක්‍රීට් කතානම් එමටයි . ඒ අංශෙ සෑහෙන වැඩ කළ කෙනෙක්
Deleteපට්ට තාත්තෙක් නේ මචෝ...
ReplyDeleteඅයි මචන් බෝට්ටුවත් පට්ටයි නේද ?
Deleteමම හිතන්නෙ තාත්ත තට්ටුවක් දාල බෝට්ටුවෙ හිලක් තියනව කියල හිතන්න ඇති. ඇත්ත වෙන්නත් පුළුවන්. කොහොම උනත් අර පෝසට්කාඩ් එක නං නියම වැඩක්. තිලකෙට පොඩි ලැජ්ජාවකුත් ඇතිවෙන්න ඇති?
ReplyDeleteරාජ් ඒ කාලේ කාඩ් වදිනවා කියන එක කොයි වෙලේද කියන්න බෑ . පොඩි කොනක් අල්ලාගත්ත ගමන් දෙනවා නැති වෙන්නම
Deleteමහවැලි ගඟට දාලම බලන්න තිබුනේ.. එතකොට ප්‍රායෝගිකයි නේ.
ReplyDeleteඑහෙම කොහොමද හදිසියෙවත් ගිලුනොත් ,
Deleteඑහෙම කළා නම් තාත්තට හොඳ පිලි ගැනීමක් ලැබෙන්න තිබ්බා
Deleteමේක අහපුවම නම් මටත් හිතුනා ඕක ගිලෙයි කියල. හැමදාම වගෙම අදත් හරි අගේ කතාවක් තිලක්. :)
ReplyDeleteබොහොම ස්තුතියි සත්‍යා ,ඒ බෝට්ටුව තාම ඇති මන් හිතන්නේ අපේ ලැබ් එකක
Deleteතිලක්ගෙ කතාව කියවපුවාම මට මතක් උනේ මං කැම්පස් ඉන්න කාලෙ මං බෝඩිමි නොහිටි වෙලාවක මා බලන්න ආ තාත්තාට ආනන්දයා ( මගෙ රූමා)මං ගැන කියාතිබූ කතා ගැනයි.. ඒක ගැන වෙනම කතාවක් ලියන්න වටිනවා.
ReplyDeleteලියන්න ලියන්න දොරවල් කඩල ආයි හදපු ඒවා නෙමෙයි නේ..
Deleteඒ කතාවත් කියවන්න බලාගෙන ඉන්නවා. ඒ දවස්වල අපේ යාළුවොත් මහා දරුණු කොලොප්පම් වැඩ කරා
Deleteනියමයි තිලකෙ,අර තාත්තගෙ පෝස්ට් කාඩ් එක නං මරු ඔවුන් ඔය වගේ කතාවක් ඇහෙනකන් ඉන්නෙ අල්ලගන්න.
ReplyDeleteඔව් මචන් ඒ කාලේ ඔහොම දෙයක් උන්ට ඉල්ලමක් වගේ කාව හරි බයිට් එකට ගන්න
Deleteමචංලා,අපිත් කළා ඔය වගේම ප්‍රදර්ශනයක්.නියම වැඩේ කියන්නේ එකේ අපි තමයි කියන්න හිටියේ.මම තමා දොර ගාවම හිටියේ එන ඕන යකෙකුට මූන දෙන්න.මහ ලොකු අයියලා,අක්කලා ඔක්කොම මරුසිය දාලා පැන්නා.අපෙන් කොර වෙන ප්‍රශ්න අහන් එන හැම එකාටම මං කරේ අඤ්ඤකොරොස් උත්තර දීලා යවපු එක.අන්තිමට මං අපේ එකෙක්ට කිව්වා "මචං,දැන් ගල් බනිස්වල ගල් තියේද නෑනේ,උඹ මේක පිළිගන්නවනම් පිළිගනින්,නැත්නම් ඒත් පිළිගනින්"
ReplyDeleteමම කැම්පස් අවුට් වෙලා රස්සාව කරපු මුල් අවදියේත් ප්‍රදර්ශණ කුටියක ඉන්න උනා. ලොක්කෝ බෝක්කෝ ඔක්කොම ෂේප් වෙලා ගියාම තනියම උගුර ලේ රහ වෙනකම් ආයතනය බේරා ගන්න කතා කරපු දවස් තිබුනා . වැඩි හරියක් කියන්න උනේ බොරු. ඕවා ඔහොම තමයි
Deleteඅයියෝ තාක්ශනේ කිව්වලු, ඔය එක්ෂිබිෂන් වල විස්තර කොරන්න් ඉඳලා කන කෑම ,,මාර රහයි අප්පා
ReplyDeleteඉවාන්ලා උන්න කාලෙත් මන් හිතන්නේ ඉංජිනේරු ප්‍රදර්ශණයක් තිබ්බා . මොනා උනත් ඒකත් රස මතකයක්
Deleteහොඳ වෙලාවට අපේ අප්පච්චි කැම්පස් එක පැත්තේ එන්නේ නැත්තේ! ආවනම් කොරන වැඩ වලට එදාම මාව ආපහු අරගෙන යනවා
ReplyDeleteඔව් ඒ ගොල්ලෝ කවුරුවත් වැඩිය කෙයාර් කරන් නෑනේ . තමන්ගේ මතේ බය නැතිව ඕනි කෙනෙකුට කියනවා
Deleteමමත් කියන්නෙ පුතෙ ඔකනම් ගිලෙනව.බකොසි
ReplyDeleteමොකක්ද බන් මේ බකොසි කියන්නේ ?
Deleteමමත් කාගෙන් හරි ඇහිද ගත්තෙ "බඩ කොරවෙනකන් සිනා"
Deleteහෙහ් හේ බකොසි
Deleteබකොසි ට බකොසි.......... :D
Deleteබිපෙසි - බීම පෙරලෙමින් සිනා :D
Deleteඅඩමානයක් නෑ ඔය "පොස්ට් කාර්ඩ්" එක එවන්න ඇත්තේ; අපේ වැලිමඩ "එස් / ආර්" මල්ලි වෙන්න ඕනැ.....:D
ReplyDeleteඅප්පට සිරි ඒකාලේ එක එක එවුන්ට ආපු විදිහට අක්බාර් එකේ ඉස්සරහා දොර දෙපැත්තේ ලියුම් බෝර්ඩ් දෙකේ ඇල්පෙනෙති ගහලා එල්ලලා තිබුණු පෝස්ට් කාර්ඩ්, ටැලිග‍්‍රෑම් මතක් වෙනකොට තාමත් ඉල ඇදෙනවා.
ජුබිලි ප්‍රදර්ශනය ගැන කියන කොට මතක් වුනේ.... ඔය ජුබිලියටම ගුවන් හමුදාවෙන් ප්‍රධානය කරපු හෙලිකොප්ටර් එක ගැන කථාවක්... උබටත් මතකද මන්දා...
"වර්ක් ෂොප්" එක ඉස්සරහ තියලා තිබුණු ඔය පරන හෙලිකොප්ටර් එකේ දෙපැත්තේ එල්ලිලා.... ඒකේ ක්‍රියාකාරිත්වය ගැන සිරාවටම ටෝක්ස් දෙනවා, අලුත් පොරවල් දෙකක් - හෙන හැඩට... එතන, මුන් ටිකක් වැඩිපුර "ඝුර්ණය" කියන වචනය පාවිච්චි කරනවා.... වටවෙලා කථාව අහගෙන ඉන්න සෙනග ගොඩේ හිටපු වයසක හාමුදුරු කෙනෙක් අහනවා "මහත්තයෝ මොකක්ද ඔය ඝූර්ණය කියන්නේ .." කියලා.
එතකොට අර හරියට - හෙලිකොප්ටර් එකත් හදාපු එවුන් වගේ ඒකේ එල්ලිලා හිටපු එකෙක් කියනවා "හාමුදුරුවනේ ඝූර්ණය කියන්නේ බලය වැඩි කිරීම ඊට තියෙන ලම්භක දුර " කියලා....D
උබේ මේලිපිය කියවන අතරතුරදීත් අවුරුදු විස්සකට විතර එහා කැම්පස් ජීවිතේ අත්විදි රසමුසු සිද්ධි හැටහුටාමාරක් මැවෙන්නට වුණා...:)
අනේ මචං ඉඩක් ලැබෙන විදිහට ඒ කාලේ ඒ රස විස්තර ටිකකුත් මේ විදිහටම (ටිකක් වැඩිපුර) අතරින් පතර ලියපන් කියලා පුංචි ඉල්ලීමකුත් කරන්න කැමතියි.
ලියුම ලියපු එකා එහෙම කියන්න බෑ මචන්. මට මතක විදිහට නම් ..එක්කෝ ඕනි නෑ .
Deleteඔව් ඔව් අර හෙලිකොප්පරේ කතාව මතකයි, අපි ඕකට නැගලා ෆොටෝ හිට ගත්තා ගජරාමෙට.
ඒ දවස්වල කතා ටික ටික ලියන්නම් මචන්. වෙලා තියෙන හැටියට
//"හාමුදුරුවනේ ඝූර්ණය කියන්නේ බලය වැඩි කිරීම ඊට තියෙන ලම්භක දුර "//
Deleteගිරාපෝතක ජාතකයෙන් බිඳක්... :D
ඉතින් ඒ බෝට්ටුව සිරාවටම ගිලුනද වතුරට දැම්මට පස්සේ. :) තාත්ත ඔච්චර විස්වාසෙන් කිව්වා නිසා මටත් හිතෙනවා ඒක ගිලෙයි කියල
ReplyDeleteඒක වතුරට දැම්මම මොකද වෙන්නේ කියලා බලන්න බැරි උනා වීරේ . තාත්තාටනම් බුදු ෂුවර් ඒක ගිලෙනවා කියලා
Deleteබ්ලොග් එක අපේ සින්ඩියටත් දාන්න. පහත ලින්ක් එකෙන් අපේ බ්ලොග් දර්ශකයට පිවිසෙන්න.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/
හොඳයි දාන්නම් . ස්තුතියි
Deleteතාත්තා නම් එළ ...................... කතාවත් එළ.....
ReplyDeleteමේ කොමෙන්ටුවත් එළ
Delete//රාජ් ඒ කාලේ කාඩ් වදිනවා කියන එක කොයි වෙලේද කියන්න බෑ . පොඩි කොනක් අල්ලාගත්ත ගමන් දෙනවා නැති වෙන්නම // මටත් මතකයි තිලකසිරි අයියා ඔය වගේ සිද්ධියක්
ReplyDeleteඅපේ අයියා (කිච්චා) හිටපු හොස්ටල් එකට මම ආවා දවසක් පේරාදෙණිය රෝහලෙන් බෙහෙත් ගන්න ආපු ගමන්.. මතක ඇතිනේ මම අසනීප වෙලා ඒ කාලේ සිදුවුන හදිය.. ඔන්න ඉතින් මම ත් අයිය එක්ක කාමරේ ඉන්නකොට දුම්රිය ස්ථානයක දුම්රිය ගමන්වාර පිළිබඳ නිවේදනයකට සමාන නිවේදනයක් ඇහෙනවා.. (මතක විදිහට නන්ද ලක්මාල් අයිය තමා නිවේදක) කෙල්ලන්ගේ හොස්ටල් එකට යන කෝච්චියක් ගැන.. ඔය අතරේ කොල්ලො රැලක්, මම හිතන්නේ අඩුම තරමේ 60 ක් විතර එකා පස්සේ එකා ඇවිත් අහනව," කිච්චා මේ කමිසේ හොඳයිද බං " කියලා .. මම ඇහුව අයියගෙන් ඒ මොකද කියලා.. අයිය දවසක් යාලුවෙකුට කියල "කෙල්ල බලන්න යනකොට හඩ්ඩ වගේ යන්නැතුව කමිසය හොඳට මැදල ඇඳන් පලයං" කියල, අන්න ඒකට කාඩ් එකට තමයි අරුන් සෙට් එකම එකා ගානේ ඇවිල්ල අයියගෙන් අර කතාව ඇහුවේ, මට මගේ අසනීප තත්වයත් අමතක වුනා.. බඩ අල්ලගෙන හිනා වුනා..
ඔයාලා අයියාත් හොඳට කාඩ් කාපු මනුස්සයෙක් තමයි. ඒ දවස්වල ඔයාගේ අසනීප නිසා කිච්චා හිටි පීඩනය මට තාම මතකයි. අනේ වාසනාවන් ඒ කරදර කාලය ඉක්මනට ගෙවුනා
Deleteඋඹලා කොහොම කිව්වත් , මේ බෝට්‍ටුව නං හිලෙනව පුතෝ!
ReplyDeleteනියමයි. පණ යනකං හිනාවුනා :)
ඔන්න මමත් එකතු වුනා හිනාවට
Deleteනියමයි මචෝ...වැඩේ කියන්නේ අපේ නැවේ ආපු එක්කෙනෙක් තාම අපේ ගෙදර ඉන්නවනේ..දැන් අවුරුදු 32ක් වෙනවා නැවට නැගලා...ගිලෙන එකක් නෑ මයේ හිතේ....!
ReplyDeleteආනේ වාසනාවන් මචෝ . ආයේ කොහේ ගිලෙන්නද. සතුටින් සාමයෙන් දෙන්නත් එක්ක ජීවිත යාත්‍රාව පැදගෙන යන එකයි තියෙන්නේ
Deleteඅවුරුදු 32ක් ම නොගිලි තිබීමේ රහස මං ඔබේ නමින් ම දැන ගත්තා.......... :D
Deleteපිස්සු හැදෙනවා බන්. මට සීන් එක මැවිලා පෙනුනා. ඔක්කොටම වඩා හපන් පෝස්ට් කාඩ් එක.
ReplyDeleteඔව් බන් මේ සීන් එකත් එක්ක මට තව අතුරු කතාත් මහා ගොඩක් මතක් උනා . පස්සේ ලියන්නම්
Deleteමේ ජුබිලියට ආපු තවත් තාත්‍තෙක් ගැන වචනයක් ලිවිය යුතුමයි (අමනාප වෙන්‍න එපා බ්‍ලොගයක් අස්‍සෙ බ්‍ලොගයක් ගහන්‍න හදනවා කියල...). මේ තාත්‍තා තරමක කණස්‍සල්‍ලෙන් කිව්‍වා, "අපි මීට අවුරුදු පහලවකට කලින් ආව වෙලාවෙත් දැක්‍කෙ මේවමයි... ආකෘති හදල රටට වැඩක් තියෙනවද? ඇයි පෙන්‍නන්‍න අලුත් දෙයක් නැත්‍තෙ?" කියල. මේක ජුබිලිය වෙනුවෙන් පැවැත්‍වෙන "ඔපන් හවුස්" එකක් මිස "එක්‍ස්‍පෝවක්" නොවන බව කියලා මම ඇඟ බේරගන්‍න හැදුවා. ඒ උතුම් තාත්‍තා මා ගැන කරුනාවෙන් මට ගැලවිලා යන්‍න ඉඩ දුන්‍නෙ ලස්‍සන උපේක්‍ෂා සහගත මද හිනාවකින් යුතුව මට පිලිතුරු දිය හැකි ජාතියෙ සරල පුශ්‍ණයක් මගෙන් අහමින්. අලුත් අලුත් දෑ නොතනන ජාතිය නොනගින බව අහල තිබුනත්, ඒකෙ හැබෑ ඇත්‍ත මට තේරුනෙ සරසවියෙන් පිට උනාට පස්‍සෙයි. අලුත් අලුත් දේ හදන්‍න යුරෝපානු හවුලේ හෝ දෙවෙනි ලෝක යුද අපරාධ චෝදනා වලින් අප විසින් ගලවා ගත්‍තායැයි කියන ජපන් රටේ ආධාර හෝ අන් කිසියම් රටකින්, ලස්‍සන නමක් සහිත ආධාර පැකේජයක් ලැබෙන තුරු පාරම් බාමින් බලාගෙන ඉන්‍නෙ නැතුව, අතට අහුවෙන දෙයින් තමංගේ දැනුම යොදාගෙන වැඩක් කරන්‍න අපේ මානසිකත්‍වය නිවහල් වෙන්‍නේ කවදාද? මේ ජුබිලි දැක්‍ම මට අද සිහිපත් සිහිපත් කරන්‍නෙ මැලනීසියන් දූපත් වාසී Cargo Cult හි, අහේතුක බලාපොරොත්‍තුයි. අපි අපේ තාත්‍තලාට, අප්‍පච්‍චිලාට, අප්‍පලාට, ඩැඩා-ලාට, බාබා-ලාට, නිවී හැනේ හිතමින් ඇහුම් කන් දිය යුතු බවයි මගේත් අදහස.
ReplyDeleteඅපේ තාත්තලා හරිම තියරිය දැනගෙන හිටියේ නැති උනාට ඒ ගොල්ලන්ට සංවේදීකමක් නැත්නම් ඉවක් තිබ්බා කෙරෙන වැඩ නොකෙරෙන වැඩ ගැන. ජීවිත සරසවියෙන් උගත් ඉව . ඒකටත් ඇහුම්කන් දෙන්න ඕනි මචං
Deleteමේක නම් නියම කථාවක් අප්පා........... ලෙක්චරර්ටයි ප්‍රොෆෙසර්ටයි මොහොතකට හරි හිතිලා නොහිතිලා යන්න ඇති නේද ඇත්තට ම ගිලෙයිවත් ද කියලා....... :)
ReplyDeleteහෙහ් හේ ආයේ ඉතින් ඒ දෙන්නට වැඩේ අත අරින්න හිතෙන්න ඇති
Deletehttp://www.concreteships.org/
ReplyDeleteThank You for the link.
Deleteඅදයි මම මෙහ පැත්තට ගොඩවැදුනේ උබේ ලිවිල්ල මාරු සහෝ.. හිමිට ඔක්කොම ටික කියවන්නම්
ReplyDeleteනියම කතාවක්...නියම තාත්තෙක්.. හෙහ් හෙහ්
ReplyDelete