සති දෙකක් බ්ලොග් එක පළාතේ එන්නට බැරි උනේ ඉතා අවදානම් වැඩකට අත ගසා සිටි නිසාවෙනි. බ්ලොග් ලියන, බ්ලොග් කියවන කාලය පහුගිය ටිකේ තනිකර උදුරා ගත්තේ ඒ ටාගට් එක විසින්ය. අන්තිමේදී congratulations පාරක් හොඳවයින් ලැබුණු අතර දැන් මට මොන දීපන්කරේ උනත් අවදානම් වැඩකට අත ගහන්නට ලයිසන් කට්ටක් හිමි වී තිබේ.
මේ වැඩේට සුදානම් වෙමින් සිටිද්දී උනත් පහුගිය විසි එක්වැනිදා මම ජීව දත්තය (Bio data එක) අලුත් කර ගත්තෙමි. එදා මගේ සේවා දිවියට හරියටම අවුරුදු විසි එකක් පිරුණේය.
සේවා පලපුරුද්ද අවුරදු විසි එකයි - 1993 මැයි 21- 2014 මැයි 21
මගේ ජීව දත්තය කියවන කිසිම කෙනෙකුට මා මොන රස්සාවට සුදුසුදැයි කියන්නට ලේසියෙන් පුළුවන් කමක් නොලැබෙනු ඇත . ලබන අවුරුද්දේ මා මොන විදිහේ රස්සාවක් කරාවිදැයි මටද ස්ථිරවම කියන්නට නුපුළුවන.
ජීවිතය හිතන තරම් ලේසි නැති වුනාට එහි අභියෝගාත්මක චමත්කාරයක් තියෙනවා යැයි මට සිතෙයි.
පළමුවැනි අවුරුදු හත හත් පොළක හත් විදිහේ රස්සා කළ මම හත් වෙනි අවුරුද්දේ සෙට් වුනේ ලංකාවේ ඉදිකිරීම් රැසක් කල විදේශීය සමාගමකටය. එහි ඉන්නට මා අසා කළ මුලිකම හේතුව කාගේවත් පුද්ගලික ඊගෝ ප්‍රශ්න හා කුහකකම් ගැන වද වෙන්නේ නැතිව වැඩ කරන්නට පහසුව තිබීමයි. එතැන අවුරුදු හතක්ම හිටි මම අවුරුදු හතට ප්‍රොමෝෂන් පෙළක් ලබා එතැනින් අස් වී රට යන්නට තීරණය කලෙමි.
අස් වී යන දවසේ තිබු පොඩි සාදය අවසන අපේ කන්ට්‍රි ඩිරෙක්ටර් සමග බීර වීදුරුවක් තොල ගාමින් ඉන්නා ගමන් මම මෙසේ ඇසුවෙමි.
' පහුගිය අවුරුදු හතේම ඔබ මගේ ලොක්කා . මගේ ප්‍රොමෝෂන් පඩි වැඩි වීම් තීරණය කලේ ඔබමයි . ඒත් මම කවදාවත් ඔබට ඒ හැටි ගරු සරුවක් දක්වලා නෑ . කියපු දේ එහෙම්මම කරන්න ගියේ නෑ , මගේ අදහසුත් එතෙන්ට දාන්න ගියා . ගොඩක් වෙලාවට තර්ක කළා . එහෙව් එකේ මම වගේ එකෙක් මේ තරම් ඉක්මනින් ඉහළ තනතුරකට ගෙනාවේ මොකද?'
එවිට ඔහු පැවසුවේ මගේ ප්‍රශ්නය ඇතුළේම පිළිතුර තිබෙන බවයි. ලොක්කන්ගේ මුවින් නික්මෙන සෑම වදනකටම එකඟ වෙන ලොක්කන්ට ඕනෑවට වඩා ගරුසරු දක්වන නිලධාරීන් සමාගමේ දියුණුවට භාධාවක් බව ඔහු කිව්වේය.
ඒත් ඔය මොන දේටත් වඩා මගේ ජීව දත්තය ලස්සන කරන තවත් ආභරණයක් මට පසුගිය විසි එක් වෙනිදාම ලැබිණි.
බ්ලොගක් ලිවීමේ පළපුරුද්ද හරියටම අවුරුද්දයි (2013 මැයි 21 - 2014 මැයි 21)
මේ බ්ලොගය බිහි වුනේ මා විසින් මුහුණු පොතේ වරින් වර තැබූ සටහන් කියවා පොතක් ලියන්නැයි බැරිනම් බ්ලොගක් ලියන්නැයි මට පෙරැත්ත කළ මීතුරු මිතුරියන් නිසාය. මම ඒ සියලු දෙනා සිතින් වැළඳ ගමි.
ඉතින් මේ අපිළිවෙල අවිචාරවත් බ්ලොග් ලියන්නා සමග පහුගිය අවුරුද්ද තිස්සෙම ලඟින් සිටි ඔබේ උර හිසේ ටිකක් හිස තබාගෙන සතුටු කඳුලක් හෙළන්නට මට ඉඩ දෙන්න
ඈ තිලකේ කොහේද දැන් මේකේ නයෙක්?
ReplyDeleteසුභ පැතුම් ඔන්න මගෙනුත්
ඒක තමා මාත් මේ බැලුවෙ. නයා කියපු නිසා , සූජානං සරීරෙ කියලා කකුල් දෙකම ගත්තා පුටුව උඩටම.:)
Deleteසුභ පැතුම් තිලකෙ.
ස්තුතියි රන්ගි , ස්තුතියි බස්සෝ . මගේ මුණ ආඩම්බරෙන් පිරිලා රතු වෙච්ච හේතුව තමයි අවුරුද්දක් බ්ලොගක් ලියලා ලෝකේ පුරා විසිරිලා ඉන්න දයාබර හිත් ටික එක්ක යා වෙන්න පුළුවන් වෙච්ච එක . ඒක මටනම් පුරසාරම් දොඩන්ට නයි අරින්න හිතෙන විදිහේ වැඩක්
Deleteජය වේවා මචෝ! හැමදාම වගේ උඹේ ලිවීම් රහයි....
ReplyDeleteස්තුතියි මචන් . අවුරුදු කීයක් තිස්සේ උඹ මාව පස්සෙන් පන්නනවද ලියපන් ලියපන් තිලකේ කිය කියා. මම ලියන හැම මොහොතකම ඒ ගැන මතක් වෙනවා
Deleteනව රැකියාවටත් වර්ෂ පුර්ණයටත් යන දෙකටම සුබ පැතුම් තිලකේ. කොහේ ගියත් බ්ලොග ලියපන් හැකි හැම විට.
ReplyDeleteස්තුතියි නලියෝ මේ දෙන තල්ලුවට
Deleteඋඹ බ්ලොග් ලියන්න අරන් අවුරුද්දක් විතරක් වුනාට, මම කැමතිම බ්ලොග් රචකයන්ගෙන් එකෙක් උඹ. උඹ ලියපු කමකට නැති පෝස්ට් එකක් මට හිතට නගා ගන්න අමාරුයි.
ReplyDeleteඋඹ මගේ බ්ලොගයට මුලින්ම ගොඩ වූ මිතුරෙක් . මම කලිනුත් ලීවා වගේ හෝඩි පන්තියේ ඉඳන් එන යාළුකම හා මේ වචන ටික මාව සතුටින් පුරවනවා. ස්තුතියි මචන්
Deleteසුබ පැතුම් මගෙනුත් ...දිගටම රැදි ඉන්න
ReplyDeleteමේ සහෝදර සුබ පැතුමට ගොඩක් ස්තුතියි
Deleteමෙයා කොහොමටත් හීන් සීරුවේ අදින්නෙ නයි තමා. අනික පොඩ්ඩක් වෙන්න ඇඳලා ඉන්නේ.
ReplyDeleteඔබේ කොමෙන්‍ට් එක දැක්‍කහම මට හිතුනා අනිත් අයගෙ self redemptions හෙවත් අනුන්‍ට ඇනුනු, වැරදුනු, කෙළවුනු කතා ගැනම අහන්‍න කියවන්‍න සමහර දෙනා මෙච්‍චර කැමති ඇයි කියල. සුබවාදී හේතුවක් නම්, දුකටම බර අපේ සංස්‍කෘතික ලක්‍ෂනය නිසා ශෝක රසයම (empathetic enjoyment) දනවන දේට අපි කැමැත්‍තක් දක්‍වන බවයි. අසුබවාදී හේතුව නම්, වෙනකෙකුගෙ අබ්‍ග්‍ගයක් ඌටම මිස මට වුනේ නැති බව හිතමින් තමා උසස් යැයි හිතන්‍න උත්‍සහ කිරීම (Illusory Superiority Complex - ISC). බොහොම අය අනුන්‍ට පිහිට වෙන්‍නෙත් මෙන්‍න මේ ගූඩ වූ කල උදව්‍ව වමාරමින් තලු මැරීමේ උවමනාව නිසයි ("අනේ පව් නේද මෙයා... " කියා කරන පිහිට වීම් මෙන්‍න මේවායි). ඔබේ විවේචනය හේතු විරහිත අවලංගු වාගාලාපයක් වූවාට වඩා, හේතු පදනමක් සහිතව constructive criticism ලෙස ඉදිරිපත් කරානම් කොච්‍චර හොඳද? මේ ලියන්‍නා හැමදාම බොහොමයක් ලිව්‍වෙ ඕනෑනම් කෙනෙකුගේ ISC ඕනෑකම් වලට යොදාගත හැකි කතාමයි. එහෙම නොවෙන කොට නොරිස්‍සුම් ගතියක් දැනෙනවා නම් අපි ඒ ගැන කතා කරමු... කොහොම උනත් නයි අරින එකා කිය කියා නයි ඇරියෙ කවදාද යන වග අපට පැහැදිලි කරන්‍න. අනික පොඩ්ඩක් වෙන්‍න හරි ඇඳලා ඉන්න එක අමු හෙලුවෙන් ඉන්‍නවාට වඩා නරකද? :)
Deleteමේ කොමෙන්ට් අතරට විවිධත්වයක් ගෙනා ඇනෝ උඹට ස්තුතියි. උදේ හවා දැක්කා වුනත් සමහරුන්ට මුණටම කියන්න බැරි දේවල් මෙහෙම කීමෙන් ලබන අප්‍රමාණ සතුට ගැන මටත් සතුටුයි.
Delete@රුවන් උඹේ මනෝ විද්‍යාත්මක විග්‍රහය හරි වටිනවා . මමත් ගොඩක් දේවල් අලුතින් ඉගෙන ගත්තා. අනික මම ටිකක් ඇඳලා ඉන්න එක හීනියට නයි අරින එක මා ගැන හොඳින්ම දන්නා කෙනෙකුගේ නිවැරදි නිරීක්ෂණයක් . මම හරි ආඩම්බර ඇඳලා ඉන්න පොරක් බව අපේ යාලුවෙක් මීට කලිනුත් කියලා තියෙනවා . මෙතනින් බලන්න
වයස විස්සක් වෙද්දී
මට ආයේ හම්බුනා
මගෙ ඔයම ගඟක්වී.
දැන් ලොකුයි හරි හැඩයි
දෑල උණපඳුරු ටික
නැමී නැමී හාදු දෙයි
හංගගෙන අපෙ රහස
අක්බාර් පාලමින් එගොඩට
පියමනින වෙලාවක
බැචෙක් ඇහුවා මගෙන්
මොනොවා තිබිලාද බොට
ඔය තරම් ආඩම්බර ?
ඇඳුම් පිළිවෙලක් නෑ
කෙල්ලෝ ඒ හැටි බලන් නෑ
පස්ට් ක්ලාස් මුකුත් නෑ
තේ වතු වාහන මන්දිර
ෆැක්ටරි මුකුත් නැති උඹ
ඇයි ඔය තරම් ගෙම්බර?
ඇඳුම් පිළිවෙලක් නැති
Deleteකෙල්ලෝ ඒ හැටි බලන්‍නැති
පස්ට් ක්ලාස් මුකුත් නැති
තේ වතු වාහන මන්දිර
ෆැක්ටරි මුකුත් නැති
උඹේ ඔය ගඟක් වෙලා
නැවත හමු වීමෙන්
ඇති වුනු ආඩම්‍බරය
ඇතුලෙන් පැනපු නයා වාගේම
ගෙයි තිබුනු ලාමිපුව
වටිනා යැයි හිතූ හැටි
වට්‍ටක්‍කය කර ගසාගෙන
විකුනන්‍ට ගිය හැටි,
ණය තුරුස් මුදුනෙදි
පොකට් එකට වැදිලා
දෙලෝ රත් වී කරුනු පැටලුනු හැටි
ගේ දොර විකුනාලා
ගමකට "නයි ඇදගෙන"
කැම්‍පස් ගොස් රැවටුනු
කතා අස්‍සෙන්
බාගෙට ඇඳගෙන
ඇරපු නයිත් අරගෙන
වරෙන් ආයෙත් කොටයක් අරගෙන
උරහිස් හතරක් දෙන්‍නං
ඇතිවෙන තුරු හලන්‍න
උඹේ කඳුලු...
වේවා සතුටු හෝ නොසතුටු
ඔය උරිස් හතරෙම
Deleteසීතල මෙන්ම උණුසුම
දැනෙයි දුර ඈත කතරට
කොටයක් හොයාගෙන
රෙදි බෑගයක දාගෙන
එන්න ඇත්නම් ඉතින්
තව මොටද සුරසැප
♥ An inspirational bolg!! තාත්තා කෙනෙක් ළඟ ඉඳල ජීවිතයට බලාපොරොත්තුව දෙන්නා වගේ සුන්දරයි!!
ReplyDeleteමේ දයාබර කොමෙන්ටුව ළඟ හිත නතර උනා . නියම සතුට කියන්නේ මේ දැන් මට දැනෙනා දේ වෙන්නට ඕනි
Deleteවර්ෂ පූර්ණයට ඔන්න මගෙනුත් උණූසුම් සුබ පැතුම්..
ReplyDeleteබොහොම ස්තුතියි දිනේෂ්
Deleteඔය ලොක්කාට වැඳීම, සර් කියන ඕනෑම දෙයක් කිරීම වගේම දියුණුවට බාධාවෙන දෙයක් තමයි අයියා-මල්ලී කේස් එක.
ReplyDeleteඅපේ විශ්ව විද්‍යාලත් මීට වඩා සෑහෙන්න දියුණු වෙනවා ඔය සර් කේස් එක නැත්තම්.
රස්සාව කරන තැන්වලදීත් කැම්පස් එකේ ඉහළ පහළ බැච් අතරත් අයියා මල්ලී කීම තරමක පසුගාමී ලකුණක් තමයි. ඒත් මම හිතන්නේ ලංකාවේ සුවිශේෂ 'සර්' මානසිකත්වයනම් සුපිරි අභාග්‍යයක් . තමන්ට සර් කියන්නැයි නොකියා කියූ බොස්ලා මෙන්ම තමන්ගේ බොස්ට සර් නොකී අලුත් එවුන් සමග ආරෝව ඇති කර ගත්තවුන්ද මට හමු වෙලා තියෙනවා. ඔබේ මතක් කිරීම නිසා මේ ගැනත් පොස්ටුවක් ලියන්න හිතෙනවා
Deleteමට පේන්නේ අර පවුලුෂාත් අඟුලානේ දී සර් කියලා දැන් අයියා කියනවා වගේ! ඒක වෙනස් කේස් එකක්!
Deleteඔය කියන සමාගමේ කවුරුවත් කාටවත් සර් කිව්වේ නෑ කකා. අනික වෘතීය බැඳීමක් නැති කාලෙක කවුරු හරි අයියා මල්ලී කීමේ ඒ හැටි වැරද්දක් නෑනේ .
Deleteඋණුසුම් ශුභ පැතුම් !!!
ReplyDeleteජයෙන් ජයම වේවා.... මචෝ.
තැන්කිව් මචං . දසක ගණනක ඉඳන් නොකඩවා එන උඹේ සුබ පැතුම්වලට
Deleteසුබපැතුම් දෙපැත්තටම තිලක්..
ReplyDeleteද්විත්ව සුබ පැතුමට දෙපාරක්ම ස්තුතියි සරත්
DeleteCongrats...!!!!
ReplyDeleteThanks a lot macho
Deleteලොක්කන්ගේ මුවින් නික්මෙන සෑම වදනකටම එකඟ වෙන ලොක්කන්ට ඕනෑවට වඩා ගරුසරු දක්වන නිලධාරීන් සමාගමේ දියුණුවට භාධාවක් බව ඔහු කිව්වේය. /////
ReplyDeleteප්‍රශ්නෙ කියන්නෙ ලංකාවෙ ලොක්කන්ට සෑර් කීවෙ නැත්තං අවුල්...
මගෙනුත් සුභ පැතුම්
බොහොම ස්තුතියි මහේෂ් ඔය සර් කතාව ගැනත් මම ලියන්නයි ඉන්නේ
Deleteඅර ලංකාවේ විදේශීය සමාගමේ අඟුලානේ ඉන්න කාලේ දවස පතා හම්බවෙලත් මතක නෑ කියන එකට තමා මටනම් මලම පනින්නේ .......හෙක් හෙක් හෙක් ...
ReplyDeleteජයෙන් ජය තිලකයියේ .....විසිවෙනි වෘත්තීය වසරටත් දෙවන බ්ලොග් වසරේ ඇරඹුමටත් කියන දෙකටම හදවතින්ම සුබ පැතුම් .
ලුනාව කලපුව හාරන්න ආපු සමාගමේ මෙතඩ් ස්ටේට්මන්ට් කොළ කෑලි ටිකක් උස්සාගෙන අපේ ඔෆිස් එක පැත්තේ නිතර කැරකුණු ඉන්ජිනේරු ගැටයෙක් මිසක්කා , චේගුවේරාගේ රැවුල තියෙන රතු කමිසයක් ඇඳ ගත්තු හාදයෙක් නම් ම්හ්.. මතකයට එන්නෙම නෑ
Deleteසුබ පැතුමට ගොඩක් ස්තුතියි ඉවාන්
එදා ඒ ඉංජිනේරු ගැටයා සර් කියන්න ඇති, අද අයියා වෙලා නේද?
Deleteමේක මං අර මුලින් කියපු එකට වඩා වෙනස් කේස් එකක්!
ඔය කාලයේදී මා කාටවත් සර් කිව්වේ නෑ .කව්රුවත් මට සර් කියන්න ආවෙත් නෑ , ඒකනේ මම එතන හරි කැමැත්තෙන් රස්සාව කලේ
Delete@ කකා සීයා - ඔව් එහෙම කියන්න ඇති, අපිට කැමති දේනේ කියන්නේ ,කාටවත් ඕනේ දේවල් නෙවෙයිනේ
Deleteසුබ පැතුම් තිලකේ,අවුරුද්දක් ලිව්වා කියල තේරුනේ වත් නෑ උඹේ කතා අපි ආසාවෙන් කියෙව්වා තවත් රසබර කතා ගොඩක් ඉදිරියට ලියන්න ලැබේවා.
ReplyDeleteබොහොම ස්තුතියි මචන් . බ්ලොග් එක නිසා දැන් අපි හොඳ යාළුවො වෙලානේ
Deleteබ්ලොග් ඇනිවසරියට සුභ පැතුම්.. තිලකෙගේ ලොක්කා හරි.. ඇත්තටම.. දැං කොයි නයාටද අපි සුභ පතන්න ඕන කියල කිව්වේ නැහැනේ..
ReplyDeleteඕනෑ නයෙක් කියලා සුබ පැතුවද එහෙනම් . බොහොම ස්තුතියි දේශෝ
DeleteIf you are happy about what you are doing, it is immaterial in what job you are in.
ReplyDeleteSumith
It is true Sumith , Thanks for the comment
Deleteතමන්ගේ ශ්‍රමයෙන්, නුවනින් සහ සහජයෙන්ම ආ දක්ෂතා වලින් ලැබූ ජයග්‍රහනයන් ගැන කීම ලිවීම සහ සාකච්ඡා කිරීම කිසිසේත් නයෙක් වෙන්නේ නෑ තිලකේ...ඒවා නයි වෙන්නේ කිසිම දෙයකින් ජයගෙන නැතිවුන්ට....විසි එක් වසරක වෘතියමය ජීවිතයටත් 365ස් දවසක බ්ලොග් ජීවිතයටත් ශුභාශිංෂන මගෙන්....ජයෙන් ජයම වේවා.....
ReplyDeleteබොහොම ස්තුතියි මචං . උඹ කියනවා වගේ අපි ලොකු කට්ටක් කාලා තමයි යමක් ලබා ගත්තානං ලබාගත්තේ. ඒ ගැන කතා කරන එක නයෙක් නෙවෙයි තමයි. අනික අපිම හිතින් දාගත්ත සීමා අයින් කරගෙන අත දිග ඇරලා ලියමු මචං
Deleteසුභ පැතුම්
ReplyDeleteබොහොම ස්තුතියි ප්‍රා ජේ
Deleteතිලක,
ReplyDeleteරස්සා කතන්දරයට සහ බ්ලොගයට අවුරුද්දක් පිරීමට කුරුටු ගෑ ගී පවුර හද පතුලෙන් ම සුභ පතනවා. ඉදිරියේ දී සති ගණන් බ්ලොගයෙන් ඉවත් නොවී ඉන්නවානම් හොදයි කියලත් ඉල්ලා සිටිනවා........ (විහිළුවට))))))
බොහොම ස්තුතියි !!එන්න එපා විහිළු කරන්න මම දිගටම ලියනවා ඔන්න D
Deleteඅවුරුද්දක් බ්ලොග් ලිව්වට කමක් නෑ..ජීව දත්ත වලට එහෙම දාන්න නම් එපා..ඉන්ටවීව් කරන්නෙ බ්ලොග් ගැන දන්න කෙනෙක් නම් වැඩේ හුටස්!! :) :)
ReplyDeleteසුබ පැතුම් තිලක්!!!
හෙහ් හේ බ්ලොග් ලියන්නෙක් ඉන්ටවිව් බෝඩ් එකේ හිටියොත් මම ගොඩ දායි නේද මචන්. බොහොම ස්තුතියි
Deleteමම නම් මගේ ජීව දත්ත වල දාල තියෙන්නේ.. මම මෙහෙ එන්න කලින් ගිය ඉන්ටර්විව් එකේදී ඕක ඇහුවා.. මගෙන් ඇහුවා ටෙක්නිකල් දේවල් ගැන බ්ලොග් එකක් ලියන්නේ නැත්තේ මොකද කියල.. මම කිව්වා උදේ ඉඳන් රෑ වෙනකම් ටෙක්නිකල් දේවල් කරන්න මගේ ඔලුව ෆ්‍රී කරගන්නයි මම මේක ලියන්නේ කියල.. හෙහ් හෙහ්
Deleteමම ඒ ඉන්ටර්විව් එක ගොඩ ගියා.. ඔන්න නයෙක්.. හෙහ් හෙහ්
ආයිබෝවෙිවා
ReplyDeleteවෙල්කම් සහ තැන්කිව්
Deleteසුබ පැතුම් තිලක...නයි නම් දැක්කේ නෑ. :)
ReplyDeleteබොහොම ස්තුතියි පොඩ්ඩි . නයි ඉන්න කතාවක් ළඟදී ලියන්නම්
Deleteසුබ පැතුම්, ඇත්තටම දැන් කොයි කොටසද නයා. මොන දේ උනත් කොහොම හරි ඇවිත් කියවන බ්ලොග් කිහිපයෙන් එකක් තමයි ඔබේ බ්ලොග් එක.
ReplyDeleteතැන්කිව් කාන්තාරවාසී මගේ බ්ලොග් මිතුර. වෙලාවක අපි දාමු ගේට්ටුවක් තව රවියත් ඉන්නවා ලඟපාත .
Deleteජය වේවා ඔබට
ReplyDeleteබොහොම ස්තුතියි වැව් ඉස්මත්ත
Deleteඅවුරුද්දට සුභ පැතුම් මචො.ලන්කාවෙ ලොක්කො එක්ක නම් ඔහොම බැ
ReplyDelete
Deleteබොහොම ස්තුතියි මචෝ . අපේ ලොක්කන් කවදා හැබෑ ලොක්කන් වෙයිද?
ජයවේවා
ReplyDeleteබොහොම ස්තුතියි
Deleteකාලයක් ඩිගට හරහට බ්ලොග් කියෙව්වට දැන් ඔය කීපයක් විතරයි අහම්බෙන් වගේ කියවන්නෙ . මේ බ්ලොග් එක හොඳ එකක් බව දැන දැනත් කියවිම මග හැරුණ. බ්ලොග් රෝලට දාගන්න ඕන.
ReplyDeleteසුබ පැතුම්
බොහොම ස්තුතියි බින්දි . ඔබ ආ එක ගැන සතුටුයි
Deleteදිනේ දිනේ උපන් දිනේ!!!
ReplyDeleteබොහොම ස්තුතියි ඇලපාත .වෙල්කම් කිව්වා
Deleteසුභ පැතුම් තිලක.
ReplyDeleteබොහෝ කතන්දර වලට වීරයෝ දෙන්නෙක් ඉන්නවා. නමුත් ඉස්මතු වෙන්නේ බොහෝවිට එක්කෙනයි. එක වීරයෙක් විතරක් ඉන්න තැන් වලදි වෙන්නේ ඒ තනි වීරයා 'මැරිලා' යන එක. අපි කරන 'හොඳ' දේවල් කොච්චරක් නම් ඒ හොඳ දකින්න කෙනෙක් නැති නිසා යටපත් වෙනවද? ඒ අතින් තිලක කරපු දේ දකින්න තරම් බොසෙක් හිටිය එක වාසනාවක්. තිලක දැන් ඉන්න තත්වය අනුව අනාගත වීරයන්ට ඔවුන්ගේ කතා කියන්නට, ඔබ එම කතා වල නිහඬ වීරයා වේවි කියලා හිතනවා.
බොහොම හිතට දැනුනා තිසර ඔය විග්‍රහය . ගොඩක් ස්තුතියි. ඇත්තටම අර කියන හරි බොසා හම්බ නොවුනානම් මම තාමත් රස්සා මාරු කර කර වාත වෙනවා
Deleteසිරා නයෙක් නේ.. මේ වගේ නයි තමයි අප්පා මේ බ්ලොග් වල ලියන්න ඕනේ... සුබ පැතුම් අනිවසරි දෙකටම..
ReplyDeleteලංකාවේ ඉදිකිරීම් රැසක් කල විදේශීය සමාගම, කාගේවත් පුද්ගලික ඊගෝ ප්‍රශ්න හා කුහකකම් ගැන වද වෙන්නේ නැතිව වැඩ කරන්නට පහසුව thibuna සමාගම mokakkda aiye??
ReplyDelete