වලේ ගහ ගැන හැමෝම ලියලා . ඒ නිසා මොකුත් නොලියා ඉන්නයි හිතුවේ. ඒත් මුහුණු පොතේ දහස් ගණනකගේ ශෝකාලාප කියෙව්වම මේ ගහ කොයි තරම් නම් ආදරයට ලක් වෙච්ච ගහක්ද කියලා හිතුනා .වල කිව්වේ පේරාදෙනි සරසවියේ සරත්චන්ද්‍ර එළිමහන් රංග පීඨය. ඒ මැද විරාජමානව දන්නා කාලෙක ඉඳන් වැඩ හිටපු රොබරෝසියා ගහ මේ සතියේ අවසන් ගමන් ගිහින් .කඳේ ඇතුළතින් දිරා ගිය නිසා ආරස්සක පියවරක් විදිහට කපා දාලා කියලයි ආරංචි .
මම දන්නා තරමින් මේ ගහ තමයි ලකාවේ වැඩියෙන්ම නාට්‍යය බලාපු ගහ. පස්ස පේලිවලට නාට්‍යය හරියට පේන් නෑ කියලා , උදැල්ල දානවා කියලා වැඩියෙන්ම බැනුම් අහපු ගහත් ඕකයි. ඔය මොනා වුනත් මලින් බර වුනාම ඔය තරම් චමත්කාරයක් මැවූ ගහක් ගැනත් මං දන්නේ නෑ . ඒ වගේම තමන්ගේ සෙවනේ පෙම් බස් දෙඩු සිය දහස් ගණනක් මානව මානවිකාවන්ගේ හිස් මතට හීන් සැරේ එකින් එක ලා රෝස පැහැ සෙනෙහෙ මල් වස්සපු දයාබර ගහක් ඔය.
ඔය ගහේ 88 සහ 89 අඳුරු අවුරුදු වල මල් පිපුන් නෑ .සිසුන් අතුරුදන්වීම්, ඇඳිරි නීති මැද්දේ දිගට දිගට ගිය අරගල නිසා ඒ අවුරුදු දෙකේ වලේ නාට්‍ය පෙන්නුවෙත් නෑ . හැබැයි ඔන්න අනුවේ අවුරුද්දේ ආපහු මළ පාළුව සුද්ද බුද්ද කරලා සරසවි මානව මානවිකාවෝ ඔය පළාතේ ගැවසෙන්න පටන් ගත්තම , වලේ නාට්‍ය පෙන්නමු කියලා ලක ලැස්ති වෙනකොට මෙන්න බොලේ ගහ පුරවලා මල් ආවා පැත්ත පලාතම චමත්කාරයෙන් පුරවමින්. හරියට අර යෝධයාගේ මල් උයනේ කතාවේ වගේ ( ඇත්ත කතාවනම් නම් අර අවුරුදු දෙකේ ඔය ගස්වල මල් පිපුනද නැද්ද බලන්දවත් කිසි කෙනෙක් ඒ පැත්ත පලාතෙවත් බැලුවේ නැති එක )
වලේ පෙන්නාපු නාට්‍යය බර ගානක රඟපාපු පේරාදෙනි සරසවියෙන්ම බිහිවෙච්ච සුපිරි කළා ශිල්පියෙක්නේ ජයලත් මනෝරත්න. උන්නැහේ වගේ වලට ආදරේ කරපු කළා කරුවෙක් මේ ගහ කපලා දාලා තියෙනවා දැක්කානම් හරියට කම්පා වේවි. අපිට කියවුනා වගේ ' අප්පොච්චියේ ' කියලා කියාවි.
අපේ යාලුවෙකුට වලත්, වලේ ගහත් ඔය මනෝරත්න උන්නැහේත් සම්බන්ධ කරලා පොඩි විහිලු කතාවකුත් හදලා තිබ්බ. කතාව මතක් කරේ අපේ රුවන් රත්නායක. දවසක් අපේ යාලුවා වලේ නාට්‍යයක් බල බලා ඉන්දැද්දී පොඩි වුවමනාවකට එලියට යන්ට හිතිලා. ඉතින් මිනිහා කරුවලේ දනි පනි ගාලා නැගිටලා අඩි හතරක් යන්න වුනේ නැතිලු.
අනේ කලබලෙත් කළුවරත් නිසා හරියට පෙනුනේ නැති යෝද රොබරෝසියා ගහේ හැප්පිලා පහළ පේලියට දොක්කන් උනාලු. ඒ පේලියේ හිටි කෙල්ලන් රොත්ත බය බිරාන්ත වෙලා එක පාර නැගිටිනවා වේදිකාවේ හිටි මනෝරත්න දැක්කලු අඩ අඳුරේම.
මනෝ 'අප්පොච්චියේ' කියලා මහා හයියෙන් කිව්වලු.
තව දවසක් ඔය රූස්ස රොබරෝසියා ගහ තිබ්බ පේලියේම ඉඳන් අපි හුණුවටයේ කතාව නරඹමින් ඉන්නකොට වෙච්ච රසබර සිද්දියක් මෙතැන ලියලා තියෙනවා .
පේරාදෙණියෙන් පිටමන් වෙලා දසක දෙකක් ගෙවුනත් තාමත් ඒ චමත්කාරජනක කාලය ගැන දවසකට වරක් හරි මතක් වෙනවා. වලේ ගහ සමුගත් බව ආරංචි වෙලා මගේ අතින් ලියවුනු, තාලයකට නැති කවියයි මේ . මෙතන 'සරා සඳ' කිව්වේ වලේ මැවුම්කරු මහැදුරු සරත්චන්ද්‍රයන් . එතුමා මිය ගිහින් එන අගෝස්තුවට අවුරුදු දහ අටයි.
පහු ගිය ටිකෙත් නිතරම
ඔබ මතක් වුනා මට
නුවර ආ වෙලාවක
බලා අතගා ඔබේ මුදු බඳ
යන්න හිටියේ කොහෙද මේ වැඩ ගොඩ
කොයිතරම් මගේ දුක
ඔබට කිව්වාද මම
ඉස ඉස මලින් මල
ඔබ හිනැහුනා විතරනේ
ඈ වගේමයි ඔබත් හරිම හිතුවක්කාර
සරා සඳ බැස ගිහින්
දහ අටයි එන මහට
ඔබත් යන්නට ගියා
පාලු මුඩු බිමක් කොට
වලට පෙම් බැන්ද මගෙ හදවත
Photo Courtesy ; Sunday Observer and Gauge News
මම දන්නා තරමින් මේ ගහ තමයි ලකාවේ වැඩියෙන්ම නාට්‍යය බලාපු ගහ. පස්ස පේලිවලට නාට්‍යය හරියට පේන් නෑ කියලා , උදැල්ල දානවා කියලා වැඩියෙන්ම බැනුම් අහපු ගහත් ඕකයි. ඔය මොනා වුනත් මලින් බර වුනාම ඔය තරම් චමත්කාරයක් මැවූ ගහක් ගැනත් මං දන්නේ නෑ . ඒ වගේම තමන්ගේ සෙවනේ පෙම් බස් දෙඩු සිය දහස් ගණනක් මානව මානවිකාවන්ගේ හිස් මතට හීන් සැරේ එකින් එක ලා රෝස පැහැ සෙනෙහෙ මල් වස්සපු දයාබර ගහක් ඔය.
ඔය ගහේ 88 සහ 89 අඳුරු අවුරුදු වල මල් පිපුන් නෑ .සිසුන් අතුරුදන්වීම්, ඇඳිරි නීති මැද්දේ දිගට දිගට ගිය අරගල නිසා ඒ අවුරුදු දෙකේ වලේ නාට්‍ය පෙන්නුවෙත් නෑ . හැබැයි ඔන්න අනුවේ අවුරුද්දේ ආපහු මළ පාළුව සුද්ද බුද්ද කරලා සරසවි මානව මානවිකාවෝ ඔය පළාතේ ගැවසෙන්න පටන් ගත්තම , වලේ නාට්‍ය පෙන්නමු කියලා ලක ලැස්ති වෙනකොට මෙන්න බොලේ ගහ පුරවලා මල් ආවා පැත්ත පලාතම චමත්කාරයෙන් පුරවමින්. හරියට අර යෝධයාගේ මල් උයනේ කතාවේ වගේ ( ඇත්ත කතාවනම් නම් අර අවුරුදු දෙකේ ඔය ගස්වල මල් පිපුනද නැද්ද බලන්දවත් කිසි කෙනෙක් ඒ පැත්ත පලාතෙවත් බැලුවේ නැති එක )
වලේ පෙන්නාපු නාට්‍යය බර ගානක රඟපාපු පේරාදෙනි සරසවියෙන්ම බිහිවෙච්ච සුපිරි කළා ශිල්පියෙක්නේ ජයලත් මනෝරත්න. උන්නැහේ වගේ වලට ආදරේ කරපු කළා කරුවෙක් මේ ගහ කපලා දාලා තියෙනවා දැක්කානම් හරියට කම්පා වේවි. අපිට කියවුනා වගේ ' අප්පොච්චියේ ' කියලා කියාවි.
අපේ යාලුවෙකුට වලත්, වලේ ගහත් ඔය මනෝරත්න උන්නැහේත් සම්බන්ධ කරලා පොඩි විහිලු කතාවකුත් හදලා තිබ්බ. කතාව මතක් කරේ අපේ රුවන් රත්නායක. දවසක් අපේ යාලුවා වලේ නාට්‍යයක් බල බලා ඉන්දැද්දී පොඩි වුවමනාවකට එලියට යන්ට හිතිලා. ඉතින් මිනිහා කරුවලේ දනි පනි ගාලා නැගිටලා අඩි හතරක් යන්න වුනේ නැතිලු.
අනේ කලබලෙත් කළුවරත් නිසා හරියට පෙනුනේ නැති යෝද රොබරෝසියා ගහේ හැප්පිලා පහළ පේලියට දොක්කන් උනාලු. ඒ පේලියේ හිටි කෙල්ලන් රොත්ත බය බිරාන්ත වෙලා එක පාර නැගිටිනවා වේදිකාවේ හිටි මනෝරත්න දැක්කලු අඩ අඳුරේම.
මනෝ 'අප්පොච්චියේ' කියලා මහා හයියෙන් කිව්වලු.
තව දවසක් ඔය රූස්ස රොබරෝසියා ගහ තිබ්බ පේලියේම ඉඳන් අපි හුණුවටයේ කතාව නරඹමින් ඉන්නකොට වෙච්ච රසබර සිද්දියක් මෙතැන ලියලා තියෙනවා .
පේරාදෙණියෙන් පිටමන් වෙලා දසක දෙකක් ගෙවුනත් තාමත් ඒ චමත්කාරජනක කාලය ගැන දවසකට වරක් හරි මතක් වෙනවා. වලේ ගහ සමුගත් බව ආරංචි වෙලා මගේ අතින් ලියවුනු, තාලයකට නැති කවියයි මේ . මෙතන 'සරා සඳ' කිව්වේ වලේ මැවුම්කරු මහැදුරු සරත්චන්ද්‍රයන් . එතුමා මිය ගිහින් එන අගෝස්තුවට අවුරුදු දහ අටයි.
පහු ගිය ටිකෙත් නිතරම
ඔබ මතක් වුනා මට
නුවර ආ වෙලාවක
බලා අතගා ඔබේ මුදු බඳ
යන්න හිටියේ කොහෙද මේ වැඩ ගොඩ
කොයිතරම් මගේ දුක
ඔබට කිව්වාද මම
ඉස ඉස මලින් මල
ඔබ හිනැහුනා විතරනේ
ඈ වගේමයි ඔබත් හරිම හිතුවක්කාර
සරා සඳ බැස ගිහින්
දහ අටයි එන මහට
ඔබත් යන්නට ගියා
පාලු මුඩු බිමක් කොට
වලට පෙම් බැන්ද මගෙ හදවත
Photo Courtesy ; Sunday Observer and Gauge News
බොලා වගේ අයට රොබෝරෝසීයා මල් පීදිච්ච ඒ ගහ බෝම සාරවත් මතක ගේනවා.. ඒක ඇත්ත. ඒත් ඒත් මට මේ අවස්තාවේ සිහි වෙන්නේ අර තම්බි හාමුදුරුවන්ගේ වෙස්සන්තර ජාතකේ බණ දේශනාව...
ReplyDeleteහෙහ් හෙහ් .. ඒ දේශනාව නම් අහලා නෑනේ බන්
Deleteදේශා . එවා තිබු කතාව කියෙව්වාහෙහ් හේ . තැන්කිව්
Deleteඕකේ.. හැක්
Deleteමටත් දුක හිතුණා ඔය ආරංචිය අහපු වෙලාවේ.
ReplyDeleteඔය ගහ යට නං මං ජෝඩු දාලා ඉඳලා නෑ! ඒකට හොඳ ගස් තියෙනවා මහවැලි ගඟ අයිනේ. මෙන්න ඒ ඔය ගස හැර අනේත් ගස් ගැන මා ලියු කෙටි සටහනකින් උපුටා ගත් කොටසක්.
======================
සරච්චන්ද්‍ර රඟහලට නුදුරින් වැටී ඇති ආදරවන්තයින් ගේ මග දිගේ මද දුරක් ඇවිද ගොස් ඉන් පහලට බැස අනතුරුව කුඩා ඒ දඬු පාලමක් තරණය කර මහවැලි ගං ඉවුර අසලට පිවිසිය හැකි බව පෙර පින් පල දෙවා, මේ මග ගිය දෙපා මිස අනෙකෙකු නොදන්නා තරම්ය.
හරිත උඩුවියනකින් ද, හරිත කලාලයකින් ද සුන්දර වූ ද, ලංකෘත වූ ද, කන් පිනවන, රන් ස්වරයෙන් යුතු කෝකිල කූජනයෙන් හෙබි වූ ද මේ අඩවිය වනාහී එක් විසි වියේ කොල්ලන් කෙල්ලන් පේ‍්‍රමයෙන් තම මන රංජිත, නන්දිත කරගන්නා බිමක් මිස මැදි වියපත් අතීතකාමීන් සරණ පෙදෙසක් නම් නොවේ.
මේ සොදුරු අඩවියේ දී පෙමෙන් වෙලෙන තරුණයෙකු ලබන ලාලසී අත්දැකීම් ද පෙර කී නව නළු රසයෙන් කිහිපයක් ම, ඊටත් වඩා තීව‍්‍ර ලෙස, ඉන් විසිපස් වසරකට පසු වුව ද, යලි යලිත් මවන්නට සමත් බව නොකිව මනා ය.
වැලිකතරක දුහුවිලි පොදක් සේ නොදැනීම අතැඟිලි අතරින් ගිලිහී යන්නා වූ, පේරාදෙනිය විශ්ව විද්‍යාලය හා සබැඳි ඒ සොඳුරු අතීතය පිරී ඇති, පෙර කී දෙයාකාරයේ ම, මනරම් මතක සටහන් සියල්ල, අද තම මැදි විය ගෙවන්නෙකුට පෙර සේ ම එක හා සමානව අගනේ වේ.
======================
කකාගේ විස්තරේ කියෙව්වාම ආයේ ඒ වයසට යන්න හිතෙනවා .මෙහෙමයි අපි ගියේ මහා නරක කාලෙක . ගිහින් අවුරුදු තුනක් විතර යනකන් ප්‍රේමජනක වටාපිආවක් ඔය පැත්තේ තිබ්බේ නෑ . ඒත් ඔතන පෙම් කළ නොකළ හැමෝම ඔය ගහ ගැන සොඳුරු විදිහට ආවර්ජනය කරනවා
Deleteකාලයක් යනකොට රෙබරෝසියා ගහේ කදෙන් දියරක් ඇවිත් ටික දවසකින් ගහ කඩා වැටෙනව. පේරෙ කොපියක් කියන අපේ හැලප අයියලගෙ ඉස්කෝලෙ පිට්ටනිය වටේම මේ ගස් තියනව . මල් වැටෙන කාලෙට පුදුම ලස්සනක් ඒ පිට්ටනිය වටේ තියෙන්නෙ.
ReplyDeleteතිලකෙත් එහෙනම් රෙබරෝසියා ගහට පෙම්කරන තවත් පේරෙක්.
ඔතන අතීතයෙදි හැලපයා අතින් හිටවුන රොබරෝසියා ගසුත් අද මලින් බරව පිටිය සරසන හැටි බලන්න ලස්සනයි.ඒ වගේම කාලයක් හැලපයා වැඩකරපු ඉස්පිරිතාලෙට එන පාර දෙපස තියෙන දැවැන්ත රොබරෝසියා ගස්වල මල් පිපෙන කාලෙට තියෙන සුන්දරත්වය වචනයෙන් විස්තර කරන්නට අමාරුයි.කවි සිතුවිලි නිසඳැස් වී දෝරෙ ගලන්නෙ ඒ සමයටයි.මතක් කර දීම ගැන ස්තුතියි කම්මල.
Deleteරොබරෝසියා ගහ හරිම පෙම් පාටයි තමයි. හැලපේ කියන ඉස්කෝලේ මොකක්ද මට නිච්චියක් නෑනේ .
Deleteවේයන්ගොඩ හරියෙ කෝච්චියේ යද්දි පේන ඉස්කෝලෙ. එහෙනම් අපි දීපු පිං හැලපෙ අයියටත් අඩුනැතිව හම්බවෙයි.
Deleteමේ ගැන ලිපි කීපයක්ම කියෙව්වා අද දවසේ..
ReplyDeleteඔව් නලියෝ ඔය හේතුව හින්දාම මම ලියන්නේ නැතිව ඉන්ටයි හිටියේ . ඒත් අපේ රුවනයාගේ ඊය නිසා මම අදහස වෙනස් කරා
Deleteමේ ගහ කපා දාපු දසුන් මා මුලින්ම දුටුවේ උඹේ පෝස්ටුවකින් තිලකේ. උඹේ අපූරැ ලියමනෙන් මම නොදැන සිටි රසබර කරැණු කිහිපයකුත් දැනගත්තා.
ReplyDeleteමමත් මේ ශෝකි දසුන දැක ලියපු නිසදැස ගසට උපහාරයක් පිණිස මෙහි පළ කරන්නම්.
පේරාදෙණිය සරසවියේ 'වළ' නමින් ප්‍රචලිත එළිමහන් රංගපීඨය මධ්‍යයේ තිබූ විසල් රොබරෝසියා ගස මැරී ඇදවැටී ඇති අයුරැ දැකීමෙන් කම්පාවට පත් මා අතින් පහත නිසදැස ලියැවුණි.
වසන්ත කාලයේ රෝස පැහැයෙන් ගසත් බිමත් වසාලූ මෙම වෘක්ෂය නැති රංඟපීඨය නළු නිළියන් නොමැති නාට්‍යයක් වනු ඇතැයි මට සිතිනි.........
හන්තාන නිසසලයි
මහවැලිය ඉකි බිඳියි
හමන මද පවන් රොද
මළගමේ ගීතයයි......
වළේ ඇති පලේ කිම
නොමැති දා නුඹේ වත....?
රෝස පැහැ මලින් පිරි
නුඹයි එහි පැහැසරය......
මණමෙ හා සිහබාහු
සමඟ දික්තල නැගූ,
ඒ මහා විසල් ගොස
ගොළුවෙලා වගෙයි අද......
නුඹ තරම් රැඟුම් දුටු
මෙපමණට දෙබස් ඇසු
කෙනෙකු තව මේ ලොවේ
සිටීදැයි සැක සිතේ.......
මෙලොව අනියත බවත්,
කිසිදු තිර නැති වගත්
පසක් කර යළි නොඑන
ගමන් යන නුඹට මම
පතන්නෙමි නිවන් සුව...!
දයාබර රොබරෝසියා.......
මේ ලයාන්විත කවිය කියෙව්වා. ඒක ලස්සනට වචන අමුනාපු හොඳ නිර්මාණයක් මචං . උඹේ බ්ලොගයට කොමෙන්ටුවක් දැම්මත් ඒක අප්ලෝඩ් වෙන්නේ නෑ .
Deleteකිව්වත් වගේ මේ ගහ නාට්‍ය තියන වෙලාවට පලුයනකම් බැනුම් අහලා පහුවදා උදේට ෂා හරි ලස්සනයිනේ කියලා පැසසුම් ලබනවා..
ReplyDeleteහැම දේටම ආරම්භයක් මෙන්ම අවසානයක් තිබිය යුතු නිසා මේ ගහ කපපු එක ගැන දුක නැහැ..
හැබෑ තමයි රූ . මේවා දිහා සොඳුරු උපේක්ෂාවෙන් තමයි බලන්න ඕනි
Deleteමම ඔය ගහ යට ඉඳන් නාට්ය බලන්න සවස හතරේ සිට එතැන කෑම්ප්කරලා තියෙනවා...... ඔයා අර කියන සීන් එක වුනේ "ද්විත්ව "නාට්ටියෙද?
ReplyDeleteසිද්දිය මම දැකපු දෙයක් නෙවෙයි . අහපු දෙයක් . බොහෝ දුරට ඔය කතාව කාට හරි ගහපු කාර්ඩ් එකක් වෙන්න පුළුවන්
Delete88 89 මල් නොපිපුන ගහේ අරටුව දිරුවේ, බූරුවෙක්ට් මේ සබ්ජෙක්ට් එක බාර දුන් නිසාද? එහෙම නැත්නම් විස්ස විජ්ජාල වලට වෙන දේ ගැන සංකේතයක් ලෙසද... කොහොම උනත් ඕක ජාතික සංකේතයක් වගේ ගහක්.. වැස්සකටවත් ගොඩ උනේනැති අපිත් දන්නවා ඔය රොබෝරෝසියා ගහ ගැන.
ReplyDeleteමාතේ , 88 89 අවුරුදු වල ඕකේ මල් නොපිපුනා නොවෙයි. මම කිව්වේ ඒ අඳුරු අවුරුදුවල කවුරුවත් ඔය ගහ දිහා බැලුවේ නෑ කියලා. ඊට කලිනුත් ඔය ගහේ මල් පිපෙන්න ඇති. මම දන්නා තරමින් පේරාදෙනි සරසවි බිමේ හොඳ උද්‍යාන පාලනයක් තියෙනවා. මේ ගහ ස්වාභාවික විදිහට ආයු කාලය අවසන් කරල.
Deleteපේරාදෙනි වල කියන්නේ කැම්පස් යන උන්ට විතරක් අයිති දෙයක් නෙවෙයි තමයි. ඒක රටේ කොයි කාටත් අයිති සාහිත්‍ය කළා සංකේතයක්.
ඔය ගසෙ හරි නම ටැබෙබුයා රොසියා. ජැකරන්ඩා ගසුත් ඔය වාගෙම මල් දරනවා.... පේරාදෙනි සරසවියේ ඔය දෙකම තියෙනවා. වඉද්ය පීටය ඇතුලෙ ලා කහ පාට මල් දරන ටැබෙබුයා සෙරැටෆෝලියා ගසුත් තියෙනවා
ReplyDeletehttp://www.thesundayleader.lk/archive/20090308/review.htm
බොහොම ස්තුතියි සා රස මේ තොරතුරුවලට
Deleteතිලක,
ReplyDeleteඅපේ බ්ලොගයේ පේරා අය කිහිපයක් ම ඉන්නවා. ගිය අවුරුද්දේ විතර ඒ පැත්තට සමු දීලා ආපු අයත් ඉන්නවා. ඉතින් මේ කතාව අහලා මේ ෆොටෝ දැකලා එයාලා කණගාටු වෙනවා. ඇත්තට ම එයාලා කියපු විදිහට පොළොන්නරුවේ ගස් දෙකෙනුත් එකක් කපලාලු නේද? කැම්පස් එකේ තිබුණ සුන්දරත්වය මේ විදිහට විනාශ කරන එකනම් එච්චර හොද දෙයක් නෙමෙයි....
මේ ගහ අහේතුකව අයින් කල කියලා මම හිතන්නේ නෑ . මා දන්නා විදිහට පේරාදෙණියේ නම්ගහ කොළ හොඳට රැක බලා ගන්නවා.
Deleteපොළොන්නරුවේ ගහ ගැන කියන්න දන්නේ නෑ කුරුටු ගී පවුර. බොහොම ස්තුතියි ඔබේ අදහසට
ඔය රොබරෝසියා ගස් කොළඹ පළාතේ හැදෙන්නේ නැද්ද? සිතල ඕනේ ද? පොඩි පැලයක් හිටවන්න ආස හිතුනා ගේ හදන්න ගත්ත ඉඩම් කෑල්ලේ.. වැඩක් වෙයි ද ?
ReplyDeleteඇයි ජපුරෙත් තියෙනවා නේද රොබරෝසියා ගස් පේලියක්?
Deleteමහේෂ් ,මම හිතෙන්නේ කොළඹත් හැදෙනවා මේ ගස් . හරි තොරතුරක් දැනගන්න පුළුවන් වෙයි පේරාදෙණිය උද්භිද උද්‍යානයෙන්.
Deleteඔනෙම තැනක වැවෙනව (තෙත් කලාපෙ) හැබයි පැතුම් ගෙවල් ලග හදන්න එපා. කද හයිය ගහක් නෙමේ. ගහ වටේ හිස්නම් තමයි නියම ලස්සන. ඒ වගේම උසයන ගහක්.
Deleteස්තුතියි කට්ටියටම. පැලයක් හොයාගෙන හිටවල බලනවා..
Deleteමාත් 'වල' බලන්නම ගිහින් තියෙනවා. ඒත් වලේ නාට්‍යය නම් බලලා නෑ. ඔය කියපු ගහ ගැන ලෙක්ටර් එකක් දීපු පේරේ කොල්ලෙක් කිව්වේ එදා ඔය ගහ හරියට සරසවි පෙම්වතුන්ගේ ඉතිහාසයම දරා ගන්න නොසැලෙන දෙයක් විදියට.
ReplyDeleteබලාගෙන ගියාම නොසැලෙන දෙයක් නෑ රන්ගි. අපේ ඉතිහාසේ කියලා හිතාගෙන ඉන්න දෙයත් එහෙමයි
Deleteමේ පින්තුරේ දැක්කම අනේ අපොයි කියවුණු නැති පේරේ කෙනෙක් නැති තරම්. නාට්‍ය බලන සමහර වෙලාවට ඔය ගහ බැනුම් ඇහුව විතරක් නෙමෙයි, වලේ ඉඩ කඩ මදි උන සමහර දවස්වල මම ඔය ගහට හේත්තු වෙලා හිටගෙන නාට්‍ය බලලත් තියනවා. සුන්දර මතක ගොන්නක් එකතු කර ගන්න හෙවන දුන්න ඔය ගහ නැතිව වලේ පිඳුර දැක්කම දුක හිතෙනවා.
ReplyDeleteඔව් වීරේ . අපි කාලයක් හිටියේ වලටඋඩිං තිබ්බ ජේමිස් පීරිස් එකේ නිසා ඔය ගහ පවුලේ කෙනෙක් වගේ
Deleteඅපේ කාලෙ JP එකේ හිටියෙ පිරිමි ලමයි උනාට දැන් ඉන්නේ ගෑනු ලමයි..
Deletenaa. dan ayeth pirimi lamayi inne JP eke.
Deleteවලේ ගහ පින්තූර වලින් දැකලා තිබ්බා ඇරෙන්න ඇත්තට දකින්න වාසනාවක් ලැබිලා නැහැ.. කෝම වුනත් තවත් සුන්දර දෙයක් අහිමි වෙලා කියලයි දැනෙන්නේ..
ReplyDeleteසුන්දර අසුන්දර හැම දේටම එකක් තියෙනවා දිනේෂ් . කාලයක් ගියාම අලුතින් පැළයක් ඇවිත් ආයෙමත් සුන්දර ගහක් වේවි
Deleteමේ ගැන හැගීම් අකුරු කරන්න බෑ.. වලේ නරඹන්නෙක් වුනු ඒ වගේම වලේ ශිල්පියෙක් වුනු අත්දැකීම් එක්ක මේක හරිම දුක්බරයි. එත් සියල්ල අනිත්‍ය බව අපිට පසක් කරමින් වලේ ආදරබර සහකරුවා මිය ගිහින්
ReplyDelete//සියල්ල අනිත්‍ය බව අපිට පසක් කරමින් වලේ ආදරබර සහකරුවා මිය ගිහින්//
Deleteහ්ම්...
ගසකට පෙම් බැඳි පිරිමි ගොඩක් දැක්කා...එයාලා තමන්ට හෙවන දෙන අයට වැඩියෙන් ආදරේද? :)
ReplyDeleteඔතන තියේනේ ගහට මුවා වෙලා කරපු දේවල් ගැන ප්‍රශ්නයක් ගහ ගැන නෙමෙයි.. හැක්.. අපේ ඉවාන් සාස්සි ඒකට..
Deleteගහට විතරක් නෙවෙයි පොඩ්ඩි . ගහ අයිතිව තිබු රඟහලට . රඟහලේ දුටු ගැයුම් වැයුම් . තව තව ඒවාට. බැලුවාම මේක ගහට විතරක් ඇති ආදරයක් නෙවෙයි.
Deleteයායට මල් බර වෙන්නම්..
Deleteඒ යාය මලින් සරසන්නම්..//
අන්න ඒ වගෙ ප්‍රතිපත්තියක් දරපු හින්දයි ආදරේ කරන්නෙ
ඔයාගෙ කවිය අපුරුයි...
ReplyDeleteමතකය සංවේදියි...
දිවුල්ගනෙත් රොබරෝසියා කියල සිංදුවක් කියන්නෙ ඔය ගහටද දන්නෑ නෙහ්
බොහොම ස්තුතියි දිනේෂ් . දිවුල්ගනේගෙ 'රොබරෝසියා සෙවනේ ඉඳන්' සිංදුව මමත් කැමතිම ගීයක්. හැබැයි ඒක මේ ගහට විශේෂයෙන් ලියපු වගක් හිතෙන්නේ නෑ
Deleteමා මෙහි නොගොස් සිටියත්, මේ මවන රොමැන්ටික් ෆැන්ටසියට ආසයි.
ReplyDeleteමෙහෙම කියන්නම්, අනෙක් දුක් දරා ගන්නා මහා ගස් වල අරටු දිරුවත්, එහි පාමුල හවසට නිදියන නිදිකුම්බා නම් හෙට උදේටත් තියෙවී
ස්තුතියි JP කියන කතාවේ දාර්ශනික සිතිවිල්ලක් තියෙනවා
Deleteමෙහෙම දෙයක් වෙලා කියල මම දන්නේ දැන්.. කොහොමත් දැන් නුවර සුදුද කළුද කියලවත් බලන්න යන්න වෙන්නේ අඩුවෙන් වෙච්චි!
ReplyDeleteඔය ගහ එක්ක බැඳුනු අතීතයක් මටත් තියෙනවා.. නැහැ පෙම්වතුන් විදියට නෙවෙයි. මගේ හොඳම යාළුවත් එක්ක මම සංවේදී මොහොතවල් ගොඩක් පේරාදෙණිය කැම්පස් එකේදී ගතකරනකොට, මගේ ගොඩක් සිත්ගත්ත තැනක් තමයි ඔතන. කොහොමත් නාට්‍ය පිස්සෙක් වෙච්ච මට, නාට්‍යක් නැතුව ඔය වලේ වාඩිවෙලා ඉන්න එකත් භාවනාවක්!
ඇත්තටම මගේ සමහර කතාවලට, මේ ගහෙන් මට ලැබුන ඒ සොඳුරු බව එකතු වෙන්නත් ඇති. ඔය වගේම තව ගහක් තියෙනවා, සුවිශේෂ..
මේ ගහ එයාගේ කොටස සම්පුර්ණ කරලා අමුත්තක් නැතුවම බිම වැටිලා ඉන්න පින්තුරේ මාව කම්පනයට පත් කළා... මතකයක්!
ඔව් උපේක්ෂා මේ ගහ තමන්ගේ කොටස සාර්ථකව අවසන් කළා.
Deleteඅපේ කොටස සම්පුර්නද නැද්ද කියලා හරියටම හිතා ගන්න බැරි වුනත් අපිටත් ගහ ගියා වගේ දවසක යන්න නම් වෙනවා.
පෙරෙට ගියා නොගියා ඔය වල ගැන නොදන්න අය හරි අඩුයි.තවත් අනියත දහම පසක් කිරිමක්
ReplyDeleteඔව් දමිතෝ, එක ගහක් වුනත් ඒක තිබ්බ සුවිශේෂ තැන නිසයි මෙච්චර අවධානයක් ලැබිලා තියෙන්නේ
Deleteසාංකාවක් වගේ දැණුනා. ගහ ගැනද ජීවිතය ගැනද මන්දා..දෙවොන්දරා සං මතක්වුනා.
ReplyDeleteමචං දෙවොන්දරා සන් වගේම මේ වලත් මේ ගහත් එකම පුද්ගලයෙකුගේ හිතේ මැවුණු දේමයි. ඒ පොත ගැනත් මේ වල ගැනත් වලේ ගහ ගැනත් තව ගොඩක් කල් මිනිස්සු කතා කරාවි
Deleteගහකට ආදරේ කරන්න තරම් සංවේදී අපේ මිනිස්සුන්ට එකිනෙකාට ආදරේ කරන්න බැරි ඇයි තිලක් ?
ReplyDeleteඔය ගහ ගැන සංවේදීව කතා කරන මිනිස්සු බොහෝ විට එකිනෙකාටත් ආදරෙයි. ඒත් මේ පිරිස ප්‍රමාණයෙන් අඩුයි සරත්
Deletehttp://bitternight.blogspot.com/2014/07/blog-post_7.html
Deleteමාත් දන්න ගහක්. නමුත් මම පේරාදෙණියේ කැම්පස් එකට ගියේ නෑ. ඒත් පැණිදෙණියේ ටීචර්ස් කොලේජ් එකේ ඉන්නකොට ඕකෙ කරක් ගහනවා. කැන්ටින් වලින් කනවා. ඉතින් ගහ දන්නවා.
ReplyDeleteඉතින් පේරාදෙණි අවට හිටියානම් මේ ගහ දැන ගන්ටම ඕනි මචන් . මමත් කීප වතාවක් පැණිදෙණි කන්ද නැගලා ගුරු විදුහලට ඇවිත් තියෙනවා සහෝදරී බලන්ට .
Delete