අනේ අම්මේ ඒක නම් කරන්න බෑ .මම මේ බ්ලොග් එක මුලින්ම ලියන්න පටන් ගත්තේ පස් දෙනෙක් සතුටු කරන්නටය. ඔවුන් අප්‍රිය කරන දෙවල් ලියන්නට මට සිත් දෙන්නේම නැත .ඒ පස් දෙනා නම් අපේ පොඩි උන් දෙන්නාත් මා නිසා තිස්සෙම කරදර වන මාගේ ආදරණීය බිරිඳත් අපේ වියපත් අම්මා හා තාත්තාත් යන පස් දෙනාය. මේක කියවන සියලුම දෙනා ඒ අතර වයස් පරතර වල සිටිනා, තමන්ටද ළමා කාලයක් තිබුණු හා වයසට යන්නට බලාපොරොත්තුවෙන් සිටින්නන් නිසා මා ලියන දේවල් සමෝසමේ පත්තියන් වෙනවා ඇතැයි මට සිතෙයි.
මම දේශපාලනේ ගැන නොලිව්වාට පහේ පන්තියේදී මම මුල් පෙලේ පක්ෂ තුනකට උද්යෝගයෙන් සහයෝගය දී තිබේ. අපේ බාප්පා සමග (පසු කාලයක අපිට ඉගැන්වූ )සිල්වා සර් මුලික වී ගමේ හන්දියේදී රතුපාට අති දැවැන්ත රැළියක් සංවිධානය උනේය. ඒ අනුව මුලින්ම සම සමාජ පක්ෂයට චන්දය දෙන්නට මම තීරණය කර ගතිමි.
රැස්වීමේ ප්‍රධාන කතිකයා වුනේ පසුව බොහෝ කලක් පාර්ලිමේන්තුවේ සිටි ඇමතිවරයෙකි. එදා ලැලී ස්ටේජ් එකේ රබර් බෝලයක් මෙන් පෙරළෙමින් ගම දෙවනත් වෙන්නට ඔහු කළ කතාව අසා සිටි මටනම් හිතුනේ මේ පක්ෂය ඊළඟ චන්දෙන් උඩින්ම දිනනා බවයි. ස්ටේජ් එකේ සිටි තුන් හතර දෙනාත් එසේ සිතා සිටිනා බව පුංචි උනත් මට නිරීක්ෂණය කර ගන්නට පුළුවන් විය.
මහා ජනතාවට සිටියේ හරියටම හතර දෙනෙකි. මමත් ඕනෑම අංජබජල් වැඩකට මා සමග එන අපේ රන්ජි අයියාත් , අපේ පන්තියේ ගාමිණීත් සමග ඒ වනවිට චන්දය දෙන්නට වයස සපුරා සිටි එකම පුද්ගලයා වූ, කැකුණ ගහේ බැඳ තිබු තඩි ස්පීකර් සැට් එකේ අයිතිකාරයද ඒ හතර දෙනාය.
ඊට පස්සේ අපට ගෙවල්වලට හා කඩවලට බෙදන්නට කියා රතු පාට පත්තර ටිකක් ලැබුණි. මේවා බෙදද්දී වැඩිහිටි තරුණයෙක් කිව්වේ ගියපාර නිලට මේ පාර කොළට. වැඩේ හරි ගියේ නැත්නම් ඊළඟ පාර සත්තයි අපි මේකට දෙනවා කියලාය. ඔහු 71 කරදරවලට අසු වී හිරේ සිට ආ අයෙකු බව මම පසු කලෙක දැන ගත්තෙමි.
මම ගෙදර ගොස් අපේ අම්මයි තාත්තයි කැන්වසින් කළෙමි. ගෙදර සියල්ලෝ හිනා උනා මිස කවුරුවත් මගේ වචනයක් ගණනකට නොගත්තෝය. අම්මලා චන්දය දෙන්නේ කාටද කියා ඒ දවස්වල දැන ගන්ට හැටියක් නොතිබුණෙන් මම පමණක් සම සමාජයට වැඩ කරමින් සිටියෙමි.
දින කීපයක් ගෙවුනාට පසු තවත් හැන්දෑවක අපේ නෑදෑ ගෙදරකට කාර් කීපයක් ආවේය. මේ ආරංචියත් සමග අපි හැල්මේ එදෙසට දුව ගියෙමු. සැනෙකින් පවුල් කීපයක විස්සක් තිහක් පැමිණ ඒ ගදර සාලයේත් මිදුලේත් තැන් තැන්වල එක් රොක් වී කාර්වලින් එන අමුත්තන් දිහා විමසිල්ලෙන් බලන්නට පටන් ගත්තෝය.
ඒ යු ඇම්පී එකෙන් චන්දය ඉල්ලන අපේක්ෂකායාය. එදා මළ ගෙදරකදී මෙන් මාරි බිස්කට් හා අලියා බීමවලින් ආ හැමෝටම සංග්‍රහ කළා මතකය. පසු කලෙක රටේම බලගතු දේශපාලකයෙක් වුනෙත් අපේ පවුලේ නම් ජන්මාන්තර වයිරයට පාත්‍ර වුනෙත් මේ පුද්ගලයාය. ඒ අපේ තාත්තාට දේශපාලන දඬුවම් මාරුවක් දෙන්නට මොහු මුල් වූ බවට වූ සාධාරණ විශ්වාසයයි.
කොහොමින් හෝ එදා රැස්වීම ඉවර වෙනකොට මේ මුඛරි අපේක්ෂකයා එතන සිටි පිරිස අමුතු ඇන්දවිල්ලකට ලක් කළ නිසා මටත් යු අන් පී කාරයෙක් වෙන්නට සිතුනේය. එදා ගමේ පාර දිගේ කෙටි පෙළපාලියකද මේ රථ කිහිපය පස්සෙන් ගියේය. අලියාට ජයවේවා කියා කියා ගිය මේ පෙළපාලියට මමද රන්ජි අයියාද එකතු වුනෙමි. එදා සිට දවස් කීපයක් යනකන් මම යු ඇම් පී කාරයෙක් වීමි.
ඔහොම ඉඳිද්දී ගමේ සිරි ලංකා කාරයෝ පිරිසක් අපේ ගෙදරට පැමිණ තාත්තා මෙවර නිස්සබ්ද මොකදැයි ප්‍රශ්න කරන්නට පටන් ගත්තෝය. 'අපි එදා ඉඳන් වාමාන්ශිකයි තමයි ඒත් මේ පාර කාටවත් වැඩ කරන් නෑ'. තාත්තා කිව්වා මතකය.
ඒත් තාත්තාට ඒ විදිහට ඉන්න වුනේ සතියකට අඩු කාලයකි . තාත්තාට පනස් හයේ දේශපාලනයේදී හමු වූ, අපේ ආසනය බාර මන්ත්‍රීවරයා වූ, හිටපු ඇමතිගෙන් ලියුම් කරදහියක් ලැබී තිබිණි.
' හිතවත් ඉස්කෝලේ මහත්තයා, මම මේ පාර චන්දෙ ඉල්ලන්නේ නෑ. මම ඒ වෙනුවෙන් ඉතා දක්ෂ උගත් ඉඩම් හිමි වැවිලිකරුවෙක් වන මගේ නෑදෑයෙක් නම් කළා. ඔබෙන් මා ඉල්ලන එකම දෙය නම් මොහු මා වෙනුවෙන් ගමේ හිතවතුන්ට හඳුන්වා දෙන ලෙසයි'.
කිව්වත් වාගේ අපේක්ෂකයා හඳුන්වා දෙන රැස්වීම ගමේ කඩයක් අබියසදී පැවැත්විණි. ගමේ සිරි ලංකා කාරයෝ කිහිප දෙනෙක් පැමිණ තාත්තා කැඳවාගෙන ගියෝය. අනිවාර්යයෙන්ම කරනා පරිදි මමද ඒ පස්සෙන් ගියෙමි.
බඩ මහත බුරුසු රැවුලක් තිබුණු සිරි ලංකා අපේක්ෂකයා අනිත් දෙන්නාට තරගයක් දෙන්නට තරම් නොවන බව පෙනෙන්ට තිබිණි.
පරදින බව දන්නා මොලේ ඇති හිටපු ඇමතිවරයා බිලි බෝයි කෙනෙක් සටනට ඒවා ජාම් බේරාගෙන මාරු වෙලාය.
හඳුන්වා දීමෙන් පසු අලුත් අපේක්ෂක තුමා නැගිට්ටේය. මහත බඩ නිසා තිස්සෙම එල්ලා වැටෙන කලිසම අත් දෙකෙන්ම උස්සා උස්සා කතාව පටන් ගත්තේය. බුරුසු රැවුල අස්සෙන් ඔහු කියනා කිසිම දෙයක් කාටවත් තේරුනේ නැති ගානය. ඔහු වචන හොයා හොයා ආග් ආග් ගාමින් තැටමුවේය. පිටිපස්සේ සිටි තරුණ ගැටවුන් ' මොකට මේ මනුස්සයා එව්වද චන්දය ඉල්ලන්න කියලා කිව්වා මට ඇසුනි.
කොහොමින් කොහොමින් හෝ ඊළඟට කතා කළ ගමේ සමිති සබාපතිගේ වචන නිසා සබාව ආයෙමේත් උද්යෝගයට පත් වුනේය. දැන්නම් දිනන්නේ මේ පක්ෂය බව මට සිතුනි.. අනිත් රැස්වීම් දෙකටම වඩා මේකට සෙනගද වැඩිය. කොහොමත් අපේ ගමේ වැඩිපුර හිටියේ සිරි ලංකා කාරයෝය.
එදාද රැස්වීම අහවර වී ටික දුරක් ගිය පෙළපාලියක අපි සටන්පාට කියමින් උද්යෝගයෙන් ගියෙමු. 'නිල්පාටට ජයවේවා . අපේ අත රත්තරන් අත'
එදා හිට ටික කලක් යනකන් මම සිරි ලංකා කාරයෙක් වී සිටියෙමි.
මේ මම පහේ පන්තියේදී දේශපාලනය කළ හැටියි.
මම දේශපාලන පක්ෂ සියල්ල අත හැර දැම්මේ පහේ පන්තියෙන් ඉහළටද ඉගෙන ගන්නට සිදු වූ නිසාය.
ඒත් කරුමය කියන්නේ මා මුලින් කී පස් දෙනාද ඇතුළුව අපි හැමෝගෙම ජීවිත ඉරණම තීරණය කරන්නේ පහේ පන්තියෙන් ඉහළට ගොඩ නොවූ අර දේශපාලනයම වීමය.
photo: thehindu.com
"ඒත් කරුමය කියන්නේ මා මුලින් කී පස් දෙනාද ඇතුළුව අපි හැමෝගෙම ජීවිත ඉරණම තීරණය කරන්නේ පහේ පන්තියෙන් ඉහළට ගොඩ නොවූ අර දේශපාලනයම වීමය." Miserable!
ReplyDeleteඔව් කඳු .ගෙවලා ඉවර වෙන් නැති කරුමයක් ඒක
Deleteතිලකේ මේ ලියන විදියට මම නම් බොහොම මනාපයි.
ReplyDeleteඅපි ඉතින් ඔය ටිකක් වයසට ගිය ඈයෝ හින්දා වෙන්නැති මේ ලියන තැන්පත් රටාවට වැඩිපුර මනාප -:)
මමත් දේශපාලනය කරලා තියෙනවා ඒ පහේ පන්තියේදි නෙමෙයි. ස්කෝලේ නොයන කාලේ වෙන්න ඕනේ. ඉස්සර අපේ ගෙදර කොළපාට පක්ශේ රැස්වීම් හෙම තියෙනවා. ඒවයේ කවිපොත් හෙම කියවලා මාත් කැපුවත් කොල වෙලා හිටියේ. අර මනම්පේරි වගේ නමක් තිබුන කෙල්ලෙක් මැරීම ගැන එහෙම කවි ඒ කාලේ මට කට පාඩම්. මඩ වුනත් ඒවා හරි නිර්මාණත්මකයි මේ අද කාලේ ඒවට වඩා කියලයි මට හිතෙන්නේ.
දැන් නම් අපේ පොඩි කාලේ ගැන හිනා නොවී ඉන්න බෑ මතක් වෙනකොට ඒවා.
බොහොම ස්තුතියි රංගි . අර කතරගම මනම්පේරි තරුණියගේ කතාව හරිම ශෝකජනකයි. . ඒක තිබ්බ ආණ්ඩුව පෙරලේන්ටත් බලගතු හේතුවක් උනා . ඊළඟට ආපු අය ඊට හපන්
Deleteඋඹ කියපු දේ සහතික ඇත්ත තිලකේ. ඒ වගේම මේක මම අවස්ථාවක් කරගන්නවා උඹට සුබ පතන්නටත්. උඹගේ බ්ලොගයත් ජනප්‍රියම බ්ලොගය තේරීමට නිර්දේශවීම අපටත් ආඩම්බරයක්. උඹට ජය!!
ReplyDeleteඋඹට ස්තුතියි මචන්. මගේ ලියන කියන ගමන් මගේ දයාබර සගයා
Deleteමං මුල්ම චන්දේ දුන්නු ප්‍රෙසිඩෙන්ෂල්වරණයේ දී මේ වගේම මුල්ම රැස්වීමේ කතාව අහලා ඌට චන්දේ දෙනවා කියා හිතා ගත්තා.
ReplyDeleteදෙවෙනියට බලන්න ගිය රැස්වීමේ කතාව අහලා ඒ මනුස්සයාට දෙවෙනි මනාපේ දෙන්න හිතුවා.
තුන් වෙනි පක්ෂයේ අපේක්ෂකයාගේ කතාව අසා පොරට තුන්වෙනි මනාපේ දෙන්න හිතුවා. ගැබැයි පොර පැහැදිලි කරලා දුන්නා පොර වගේ සුළු පක්ෂවල අයට ඕනෑ පළමු මනාපේ මිස දෙක තුන නොවන බව.
චන්දේ දවසේ එක කතිරයක් ගහලා දැම්මා!
තාමත් ලොකු චන්දයක් දිනලා නෑ.
ඔය අර 'හෙක්ටර්' දිනුවත් පරාදයි කියලා 'ප්‍රොක්ටර්' කියපු චන්දෙ නේද ?
Deleteහරි සෝක් දේසපාලනය..දේසපාලනයේදී තෝරන්නෙ බහුරතයක් මිනිස්සුන්ට ඒනි දේවල් නේ..ඒ අනුව බැලුවොත් ලංකාවෙ ජනප්‍රියම ගායකයා කවුද? අජිත් මුතුකුමාරණ. ජනප්‍රියම නවකතාකරු සුජීව ප්‍රසන්න, ජනප්‍රියම නළුවා රංජන්...ඉතිං ඒ විදියට බහුතරය කැමති මිනිස්සුත් අර වාගෙම ලෝ කොලටි පැණි වැඩි හාල් කෑලි වීම අහම්බයක් නෙමෙයි..
ReplyDeleteබහුතරය ඉල්ලන දේ මුලින් ලැබුනාට හැමදාම වෙන්නේ බහුතරය ඉල්ලාගෙන කාපු එක
Deleteලිවීමේ රටාවට හිත ගියා.. පොඩිකාලෙ අපි අම්මලා තාත්තලාගේ දේශපාලන මත වෙනුවෙන් ඉස්කෝලෙදි ගහගන්නවානෙ. වාද කරන්නෙත් ලකුණ ගැන කියලා.. "බලපන්කො අපේ අලියා උඹලගෙ පුටු කඩන හැටි"."අලියෙක් අලියෙක් කිව්වාට උඹලාගේ ගෙදර එකෙක්වත් නෑනෙ. තියෙන්නෙ පුටුනෙ. "
ReplyDeleteස්තුතියි හරී . ආ කියන්න බැරි උනා මම පහේ පන්තියේදී පාරේ අලියා ඇඳලා කතිරයක් ගහලා තියෙනවා හුණු ගලක් අරගෙන
Deleteලිවිල්ල රහයි මැවිලා පෙනවා ... බඩ නිසා තිස්සෙම එල්ලා වැටෙන කලිසම අත් දෙකෙන්ම උස්සා උස්සා කතාව පටන් ගත්තේය. ///
ReplyDeleteමෙන්න මේ වගේ අවස්ථා ...
ස්තුතියි සහෝ . ඒ කාලේ ගොඩක් දෙනා කලිසම් ඇන්දේ බෙල්ට් එකක් බඳින් නැතිව . ඔය විදිහට කතාකරන ප්‍රින්සිපල් කෙනෙකුත් හිටියා අපේ ඉස්කෝලෙක .
DeleteNice story ayya..
ReplyDeleteThanks malli
Deleteපට්ට දේසපාලනේ එක නං...
ReplyDeleteහිහි....
එතකොට ගමේ කව්රුවත් සම සමාජෙට චන්දෙ දුන්නෙම නැද්ද...
කැන්වසිං නං මගදිම කඩාකප්පල් වුනානෙ නේද
ඔය කලින් ආණ්ඩුව ඇතුළෙමයි සම සමාජේ හිටියේ . ඒ ගොල්ලෝ එලියට ගිහින් දිය වෙලා ගියා
Deleteපුංචි කාලෙ ඉඳලම අපේ ගෙදර තිබුණෙ යූඑන්පී දේශපාලනය..... පරම්පරාවම කොල පාට වෙච්චි කොට මං විතරක් වාමාංශික වුණේ කොහොමද කියල හිතන්න ගත්තා මම... එහෙම වුණේ පොත් නිසා.... ගොඩක්ම රුසියන් පොත් නිසා සමාජවාදයට ආදරයක් ඇති වුණා...
ReplyDeleteමගේ මුල්ම ඡන්දෙ දෙන්න හිතන් උන්නෙ ජනතා විමුක්ති පෙරමුණට... ඒත් ඒ ඡන්ද කාඩ් එකවත් දැක්කෙ නෑ... වයඹ මහා ඡන්ද මංකොල්ලෙට අහු වුණා.. ඡන්ද පොලට තියා එදා ගෙදරින් එළියටවත් යන්න විදියක් තිබුණෙ නෑ..
මේ ලියන රටාවට මමත් කැමතියි...
බොහොම ස්තුතියි තරූ . ඔබේ භීෂණ කාලේ අත්දැකීම් ගැන ලියපු පෝස්ට් එකත් මම කියෙව්වා . ඒක දේශපාලනය කරපු, කරන්න ඉන්න හැමෝම කියවිය යුතුම කතාවක් කියලා මම හිතෙනවා
Deleteමාව පත් උනේ මාර අසරන තත්වෙකට බං
ReplyDeleteහොදම බ්ලොග් එකට උඹව තෝරනවද
අර අරැව තෝරනවද කියල මාව මාර පඹගාලක පැටලුනා
මේ දෙක මට හරියට ලොකු කෙල්ලයි පොඩි කෙල්ලයි වාගේ වටින හන්දා
මම ඔන්න ඔහේ අර ලිෂානයට ඡන්දය දුන්නා
ඌත් ඇගයීමකට ලක්වෙන්න ඕන සිංහල බ්ලොග් වෙනුවෙන් යමක් කමක් කරන , කරපු එකා
බොහොම ස්තුතියි මචන්. මනුස්සයෙක් හැටියටත් ලියන්නෙක් හැටියටත් මම ගරු කරනවා අරූට. මේ වගේ තරගයක් තියෙනවා කියලා මට මුලින්ම දැන්නුවෙත් ඌ . මාව කන්ටැක්ට් කර ගන්න බැරිතැන ඌ චන්දන හරහාත් පණිවිඩයක් එවා තිබුනා. අනික මම මගේ යාලුවන්ට කිව්වෙත් මේ නිර්දේශිත බ්ලොග් ටික අතරින් වඩා හොඳ එකට දීපන් කියලා විතරයි.
Delete"අරූත්" හොඳයි "තිලකත්' හොඳයි................
ReplyDeleteඅර ඇමතියා නම් ආතාවුද හෝ වාසුදේව වෙන්න ඔනේ
අරූ තමයි ගම්පෙරළියේ නුතන වර්ෂන් එක ලියමින් සිටින්නේ . ඒක නිසා මට වඩා අරූට දිරියක් දෙන්නට ඕනි
Deleteඔවු ඒ දෙන්නගෙන් එක්කෙනෙක් වෙන්න පුළුවන් . හැබැයි කොට, මහත, බෝලේ වගේ කැරකි කැරකි කතා කරන කෙනෙක්
තිලක
ReplyDeleteමේ ඔබ කියූ කතාව නම් සහතික ඇත්ත. අත්දැකීම විස්තර කිරීමට ඔබ භාවිතා කරන භාෂා විලාසය නිසා ලිපිය කියවා අවසන් වන තුරුම ලිපියෙන් ඇස් ඉවතට ගැනීමට සිතෙන්නේ නැත. මුලින් ම එය සුභ පතමි.
දේශපාලනය ගැන කියුවාම ඔහොමම තමයි. එක දේශපාලකයෙක් හරි කතා කරන තැනක හිටියොත් අපිට හිතෙන්නේ ඒ තරම් පක්ෂයක් තවත් නෑ කියලායි. මටත් මගේ පුංචි කාලේ ගෙදර එල්ලලා තිබුණ චන්ද්‍රිකා මැඩම්ගේ අත් උස්සගෙන වැදගෙන ඉන්න ෆොටෝ එක දැකලා නිල් පාටට ආස කරපු විදිහ මතක් වුණා. අපේ තාත්තලාට ලැබුණ දෙයක් හෝ ගන්න දෙයක් තිබුණේ නෑ. ඒත් 1994 ඒ රූපේ ගෙදර ගහලා තිබුණා. මං එතකොට 4 වසර. ඒත් මං ලොකු වුණාම නිල් පාටට කතිරෙ ගහනවා කියලා හිතුවා. ඒත් ඡන්දේ දාන වයසට ආවාම තේරුණා නිල් පාට කොළ පාට ඡන්ද පත්‍රිකාවේ නෑ කියලා..............
ඒ කාලේ අපේ සිතුවිලි හරිම සුන්දරයි. හරිම බොළදයි. ඒත් ගැටළුව තියෙන්නේ ඔබ කියනවා වගේ දේශපාලනය එතනින් උඩට ඇවිල්ලත් නෑ. රටේ මිනිස්සු 4 වසරෙන් උඩට ඇවිල්ලත් නෑ.................
ස්තුතියි ගී පවුර
Deleteඇත්තටම රටේ දේශපාලනය මීට වඩා උසස් තැනකට ගෙනෙන්නට බැරි වීම ලොකු වැරද්දක් .එකට අපිත් යම් තරමකින් හෝ වග කිව යුතුයි
පුංචි පහේ මං
ReplyDeleteපුංචි පහේ මං චන්දෙ කරපු හැටි
Deleteඅම්මපා ළමා සිතක් වැඩ කරන විදිය හොදින්ම තේරුම් ගන්න හොඳම කතාවක්...
ReplyDeleteස්තුතියි මචං .මේ ළමා සිතුවිලි දිගටම තියෙනවා නම් සුන්දරයි . හැබැයි දේශපාලනයේදී නෙවෙයි
Deleteනියමයි මචං. ඔන්න බලහං ඒකෙත් හැටි කියන්නේ අපි හුඟ දෙනෙක්ගේ කතාව ඕකනේ. උඹේ අන්තිම වාක්‍යනම් රටේම දේශපාලනය ගැන මෙතෙක් කරපු හොඳම අර්ථදැක්වීමක් වෙනවා සිකුරුයි.
ReplyDeleteමම අරකට ඡන්දේ දුන්නේ නෑ. මට උඹවයි අරූවයි දෙන්නම වටින නිසා එකෙකුටවත් නොදී නිකං හිටියා. ඒ කලේ මහ ඡන්දෙට ඡන්දෙ නොදෙන හේතුවේ විරුද්ධ හේතුවට.
ස්තුතියි මචං . එක වගේ පසු බිමක් තිබ්බ උඹලා අපි වගේ පිරිසක් තමයි මෙහෙම එකතු වෙලා තියෙන්නේ . බ්ලොග් චන්දේදී කාට දුන්නත් මම තරහා නෑ . ඒත් අරූත් මාත් ගැන මෙහෙම හිතුවාට ස්තුතියි
Deleteඅපි නමය වසරෙදි රතිඤ්ඤ දේශපාලනය කරේ. හැබැයි එයින් ඉහලට ගියාම ඒ දේශපාලයත් නැවැත්තුවා.. අදටත් නෑ..
ReplyDeleteකට කහනවට කියනව නෙමෙයි බං උඹේ ලියන ශෛලිය අන්තිම ඉහලයි..
බොහොම ස්තුතියි දේශෝ . මම ළඟදීම එනවා පහුගිය ටිකේ මිස් වෙච්ච උඹලාගේ බ්ලොග් පෝස්ට්ස් ටික කියවන්න
Deleteලංකාවේ දේශපාලනේ නෑ ! ලංකාවේ ඉන්නේ මඩිය තර කරගන්න බඩගෙඩි මුදලාලිලා !
ReplyDeleteඅනේ මන්දා මදාරා .
Deleteලංකාවෙ අපි පක්ෂ වලට බෙදිල වාද කරගන්නව තමයි. ඒත් පොදුවේ අති බහුතරයක් මේ තියෙන දේශපාලනේට විරුද්ධයි. ඒත් ඉතින් ඔහෙ ඒකෙම ඇලිල ගැලිල ඉන්නව.
ReplyDeleteමේ මගේ 4 වසර නිවාඩු කාලෙ දිනපොතේ සටහන් වගයක්:
අද ගමේ ඡන්ද රැස්වීමක් තිබුණා
.
.
.
අද ඡන්දය. හවස ඇඳිරි නීතිය දැම්මා
අදත් ඇඳිරි නීතිය. ප්‍රතිඵල කිව්වා. මිනිස්සු වෙඩි ගැහුවා.
.
.
.
ඒ කාලේ ඉඳන් දිනපොතක් ලිවීමත් තාමත් රැකගෙන තිබීමත් හරි වටිනා පුරුද්දක්නේ
Deleteගොඩක් කලක් තිබුනේ ( ගොඩක් කලක් සිට තවම තියෙන්නේ?) කැලෑ නිතීය හා ඇදිරි නීතිය පමණක් දෝ කියා සිතුනි
Deleteඅතාවුද බෝලෙ වගේ ඉස්ටේජ් එකේ පෙරළි පෙරළි කතා කරනවා මැවිලා පෙනුනා තිලකේ.
ReplyDeleteඇත්තටම ඒ කාලේ නම් මිනිහා ඇති දක්ෂ කථිකයෙක් මචං
Deleteනියම කතාව.අපිත් ඔහොමමයි නේ කොලෙ.
ReplyDeleteස්තුතියි දමිතෝ ඒ කාලේ එහෙම වුනාට දැන් කාලේ එහෙම නෑ නේද ?
Deleteඅපේ රටේ චන්ද දායකයෝ පහේ පන්තියෙන් එහාට යන්නේ නෑ වගේ කවදාවත්ම. ලිවිල්ල නම් වෙනද වගේම සුපිරි. හැමදේම මැවී මැවී පේනවා වගේ.
ReplyDeleteස්තුතියි වීරේ. පහේ පන්තියෙන් උඩට නොගියත් කමක් නෑ කැලෑ වදින්නේ නැත්නම්
Deleteසුපිරියි.. අපේ ඉතින් දැන් ඉන්න අයත් නිකන් පහේ පන්තියේ වගේ වෙච්ච එකේ මේකේ වැඩි අවුලක්ම නෑ තිලකේ අයියේ..
ReplyDeleteස්තුතියි දිනේෂ්. අපි ඔක්කොම පහේ පන්තියේ කොටු වෙලා
Deleteතිලකේ......ඔය බෝලෙගේ රැස්වීම්වල අපේ තාත්තාත් ඉස්සර කතාකරලා තියෙනවාලු. අපේ ආතා කියලා තමයි තාත්තලා ඉස්සර කියන්නේ. පස්සේ සමසමාජෙන් මාරුවුනාම තාත්තා කුණුහරුපෙන් බැන්නා.
ReplyDeleteඅපේ ගෙදර නිතරම දේශපාලනේ මම පහේ පන්තියේ ඉන්න කොට. මම තමයි ඉස්සර ස්ටැන්ලි තිලකරත්නට බුලත් අතක් දීලා පිලිගන්නේ. අපේ ගෙදර ඉස්තෝප්පුවේ ඉඳන් වරුගනන් කතා කර කර ඉන්නවා. ඔය එක පරපුරක අවසන් පුරුක්.
උඹේ විග්‍රහය නම් ඉස්තරම් රට කරවන සහ පාර්ලිමේන්තුවට යන අය ගැන.
උඹලාගේ ගම් පළාතේ ලොකු බලයක් තිබ්බනේ සම සමාජයට. තාත්තා දැන් දේශපාලනේ ගැන කියන්නේ මොකක්ද? අපේ මාමණ්ඩි නම් තාමත් කොමිනිස්ට් පක්ෂෙට බැහැලා වැඩ
Deleteදැන් මෙලෝ දෙයක් කියන්නේ නැහැ බන්. බාලා තම්පෝ ගැන කියනවා හිටපු ගමන්. වම හම ගහපු පප්පාට බනිනවා.
Deleteඔයාට ලස්සණ, දිග කමෙන්ට් එකක් දැම්මා. ඒක පේන්ට නෑ. :(
ReplyDeleteකලින් වතාවකුත් ඔයාගේ කොමෙන්ට් එකක් අතුරුදන් උනා. අනේ පොඩ්ඩි ආයෙමත් ඒක දාන්න . කියවන්ට ආසයි
Delete//මහා ජනතාවට සිටියේ හරියටම හතර දෙනෙකි.// හී...හී...
Deleteමිනිස්සු පක්ෂ මාරු කරන්නේ කොහොමද කියන එක මෙන්න තිලකගෙන් ඉගෙන ගත්තා...
හැබැයි මුලින් දැම්ම කමෙන්ට් එක මතක නෑ... :(
හැබැයි අර ඉස්සර හිටිය කැපුවත් කොළ කැපුවත් නිල් මිනිස්සු එහෙම නෙවෙයි. ස්තුතියි පොඩ්ඩි
Delete
ReplyDeleteදේශපාලනය යනු ඔබ දේශපාලනයට බලපෑම් කරන අයුරට වඩා, දේශපාලනය ඔබ ජිවිතයට බලපාන අයුරු යැයි කියා කවුදෝ කියා තිබෙනවා සිහි විය
ඔවු අපිට ඕනෑ වුනත් එපා උනත් තියෙන දෙහ්සපාලන ක්‍රමය අපේ ජීවිතවල බොහෝ දේවල් හසුරුවනවා
DeleteThilakasiri aiya,
ReplyDeleteThere is an additional value for FB becouse of you.
Lasantha
Thank You Lasantha malli
Deleteඅදයි මම මේ බ්ලොග් එක බලන්නේ.. ලස්සනට ලියල තියෙනවා..
ReplyDeleteමමත් 5 වසරේ විතර ඉඳලම සිරි ලංකා.. අපේ තාත්ත කැපුවත් නිල් නිසා.. හෙහ් හෙහ්
දේශපාලනය රසවත් පොඩි කාලේදී විතරයි... ඉස්සර චන්දෙ කාලේ කියන්නේ නිකන් අවුරුදු වගේ..අම්ම චන්ද වැඩ වලට යන එන නිසා කෑම බීම විමානයක්... රෑ එළිවෙනකම් චන්දෙ අහන ආතල් එක නිසා දේශපාලනේ ආතල් උනා ඒ කාලේ..
බොහොම ස්තුතියි පැතුම් . සාදරයෙන් පිලි ගන්නවා 'තිලක සිත' ට
Delete//"මම දේශපාලන පක්ෂ සියල්ල අත හැර දැම්මේ පහේ පන්තියෙන් ඉහළටද ඉගෙන ගන්නට සිදු වූ නිසාය"// අපේ දේශපාලනයේ යතාර්ථය . හරිම සරලව ටොක්ක ඇනීම
ReplyDeleteඋඹට ස්තුතියි .මේ වගේ සරල ටෝක්කකින් වැඩක් වෙයිද කියලත් හිතෙනවා ඉවාන්
Delete