Sunday, August 24, 2014

සුද්දා යන්ට ගියේය

මාක් යනු සුද්දෙකි. කොටින්ම කිව්වොත්  සුද්දා මාක් සුද්දෙකි. ඉතා අවිහිංසක  සිනාවකින් නිරතුරු මුහුණ වසා ගෙන සිටි ඔහු කලකට පෙර අප සමග එකම වැඩ බිමක සේවය කළේය. ඔහු දවස තිස්සේ ආමන්ඩ් ඇට හෝ වියලි ඇප්‍රිකට් පෙති හපමින් ලිය කියවිලි අතරේ සැරි සරුවේය. මගේ කාමරය ලඟින් යන විට මදක් නැවතී මොකක්  හෝ වදනක් දොඩා යන ඔහු මාද එසේම කරනවාට කැමැත්තෙන් සිටියේය.

ශ්‍රී ලංකාව කියා වෙනම රටක් තියෙන බව ඔහුට ඉස්සෙල්ලාම  කිව්වේ මමයි. මට හමු වූ බොහෝ යුරෝපීයයන් සේම එතෙක් ඔහුද සිතා සිටියේ ලංකාව යනු ඉන්දියාවට අයත් ප්‍රදේශයක් බවයි.

වැඩබිමේ ප්‍රගති වාර්තා හා  රුප අටහන්වලට අමතරව ඔහුගේ කන්තෝරු කාමරයේ බිත්තිය සැරසුවේ  පවුලේ සේයා රු කිහිපයකි . ඔහුට සිටියේ දියණියන්ම  තිදෙනෙකි.   බාල දියණිය දක්ෂ  ටෙනිස් ක්‍රීඩිකාවක් වුවාය. ඇයගේ දක්ෂතා ගැන වරින්වර ඔහුගේ රටේ  පුවත් පත්වල පළ වූ පින්තුර කතා  කිහිපයක්ද ඒ අතර විය. මොන විදිහේ රාජකාරි වැඩකට වුව ඔහුගේ කාමරයට ගොඩ වදින ඕනෑම කෙනෙක් පළමුව අර.සේයා රූ ගැන යමක් කියන්නේ නම් මාක් බෙහෙවින් සතුටු වුණේය.

ඔහුගේ වැඩිමල්  දියණියන් දෙදෙනාම කලා අංශයෙන් උපාධී ලැබුවන්ය . මගේ දියණියන්ද කලා  අංශයෙන් ඉහළට ඉගෙනගන්නවානම්  මම කැමතියි . කියා දවසක් මම කිව්වෙමි.

'එපා ඒකනම් කරන්න දෙන්න එපා'. ලංකාවේ සාම්ප්‍රදායික වැඩිහිටියෙක් සේ ඔහු කිව්වේය. 'කලාව කරලා  වැඩක් නෑ . කීයක් හරි හොයා ගන්න පුළුවන් තාක්ෂණ අංශෙකට  දාන්න. දැන් අපේ දෙන්නාටම රස්සා නෑ. ඔහේ ගෙදරට වෙලා ඉන්නවා'. ඔහු කිව්වේ මා කිසිදා අසන්නට බලාපොරොත්තු නොවූ කතාවකි. .

වරක් ඔහුගේ වැඩිමහල් දියණිය ඇගේ පෙම්වතා සමග අප හිටි  මැදපෙරදිග රටට ආවාය. සතියක් පමණ නිවාඩුවේ ගත කර අප හැමෝම සමග බොහෝ හිතවත් වූ ඔවුහු  පෙරළා මව් රටට ගියෝය.
එසේ ගොස් ටික දවසකින් මාක් කීවේ දුව සල්ලි ඉල්ලලා එවල  තියෙනවා එයාට අලුත් පෙම්වතාත් එක්ක ඔස්ට්‍රලියාවේ ටුවර් එකක් යන්න ඕනි කියලා .

මම: ' කව්ද අලුත් පෙම්වතා කියන්නේ එදා ආපු හාදයා මෙයත් එක්ක දැන් සෑහෙන කාලයක් ආශ්‍රය කරනවා නේද' .
ඔහු :සිනාසුනේය. 'ඒ හුටපටේ ඉවරයි  . මේ ගමන යන්නේ වෙන එක්කෙනෙක් එක්ක'.

ඊටත් මාස දෙක තුනකට පමණ පසු මාක් ඉතා ප්‍රීතියෙන් මුහුණ පුම්බාගෙන සිටිනු දුටුවෙමි. ඊට හේතුව වුයේ ඔහුගේ වැඩිමල් දියණිය අම්මා කෙනෙකු වෙන ලකුණු පහළ වී තිබීමය.

ඔහු කෙතරම් ප්‍රීතිමත්ව සිටියත් ඔහුගේ කාර්යාල මිතුරෝ ඔහුගේ ඉරණම ගැන බොහෝ සෙයින් කම්පා වී සිටියහ . දියණියන් තිදෙනාගේ හා තරමක් නාස්තිකාර බිරිඳගේ විය හියදම් වලට අමතරව අලුත් බෑණාගේද නඩත්තුව හොයන්නට ඔහුට සිදු වී තිබිණි.

ඔය අතරවාරයේ දවසක් ඔහුගේ එංගලන්ත නිවසට හොරු පැන සේසතම අත ගාගෙන ගොස් තිබිණි. ඔහුගේ රාජකාරී  වැඩ  දිගින් දිගට අතපසු වීම නිසා රස්සාව අහිමි වන තැනට කටයුතු යෙදෙමින් තිබුනේය.

දවසක් මා සමග ඔහු කිව්වේ මහගෙදර විකුණා දමා ඒ සල්ලි තමන්ට බෙදා දෙන ලෙස දුවරුන් යෝජනා කරන බවයි.

'මට ඒ ගෙදර විකුනන්න බෑ .මට ඒ ගෙදර ඉන්න ඕනි වයසට ගියාම. ඒක මට සැන්ටිමැන්ටල් වටිනාකමක් තියෙන ගෙයක්. ඒ වගේ  ඉඩ පහසුව තියෙන තරමක් නගරෙන් ඈත නිස්කලංකව තියෙන ගෙයක්. ඉතින් ඕක විකුනලා කොහොමද?' . ඔහු විඩෙන් විඩේ මේ ගැන කියමින් ලත වුනේය. ඔය සැන්ටිමැන්ටල් කියන වචනය ඔහු නිතර පාවිච්චි කළ එකකි

දවසක් ඔහු ළඟ තිබු කුඩා මේස පිහියක් කෑම කාමරයේදී නැති වී ඔහු ඒ ගැන මහත් අරගලයක් කළේය. 'මගේ ෆෝන් එක නැති වුනත් කමක් නෑ මගේ ලැප්ටොප් එක නැති වුනත් කමක් නෑ . එත් මට ඔය පිහිය සැන්ටිමැන්ටල් වටිනාකමක්  තියෙන එකක්. ඒක මට ඔනිමයි' .

කරදර එනවිට එක පිට එන්නේය. දක්ෂ ක්‍රීඩිකාවක් වූ මාක්ගේ බාලම දියණිය පාදයේ ආභාධයකට ගොදුරු වුවාය. 'ඔපරේෂන් එකක් කරන්න ඕනි බර ගානක් යනවා' ඔහු කීවේය.

මාක්ගේ මුහුණේ කනස්සලු ගතිය එන්න එන්නම වැඩි විය. වැඩ අතපසුවීම් හා නිවාඩු ගැනීම් අතොරක් නැති විය. අවසානයේ ඔහුගේ රස්සාව බේරා දෙන්නට අප කාටවත් පුළුවන් වුයේ නැත. ඔහුගේ සේවය අවසන් කරන ලියුම ලැබිණි .

'මට ගෙදර ගිහිල්ලා බෑ මම මෙහෙ එන්න කලින් අවුරුදු දෙකක් රස්සාවක් නැතිව හිටියේ, අම්මෝ එහෙම කාලයක්. මට දුවගේ ඔපෙරේෂන් එකට සල්ලි බර ගානක් ඕනි'. ඔහුට කතා කර ගන්නට බැරි වී ඇස්වල කඳුළු පිරුණේය.

ඔහු අවසාන මාසයේ අළුත් රස්සා බර ගානකට ඉන්ටවිව් ගියේය. ඔහුට තිබු සුදුසුකම් අනුව රස්සාවක් සොයා ගැනීම ඒ හැටි කාරියක් නොවනමුත් ඔහු ගිය  හැම තැනදීම කලින් රස්සාව නැති වූ හේතුව අවංකවම  කියන්නට ගොස් වැඩ වරද්දා ගත්තේය. ඉතින් මෙහෙම වැඩ නොසලකා හරින බව පිළිගන්න කෙනෙකුට තව කවුරුවත් රස්සා දේවිද. අවසානයේ ඔහුගේ විසා කාලය අවසන් වී බඩු මුට්ටු සියල්ල හකුලාගෙන සියරට බලා යන්නට සිදුවිය.

'මේ කලාපෙන් හොයා ගත්තේ නැත්තම් ආපහු අපේ රටට ගිහිල්ලා නම්  මට තියෙන වියදම්වලට ඔරොත්තු  දෙන  රස්සාවත් හොයන්න බෑ ' ඔහු අවංකව කිව්වේය. ඉන්ටවිව් වලදීත් එහෙම කියන්නට ඇත .

ඔහු කන්තෝරුවට එන අවසන් දවසේ කුඩා සාදයක් තිබිණි.  ඊට ඔහුගේ බිරිඳද ආවාය.

බොහොම හැඟුම්බර සමුගැනීමකින් පසු මාගේ සුමිතුරා. මාක් යන්නට ගියේය.

දුක,සතුට  හා  පවුලේ බැඳීම් මිශ්‍ර චක්‍රයක කරකැවෙමින් සිටින්නෝ ලෝකේ හැම අස්සක්‌ මුල්ලකම සිටින බව මට වඩාත් හොඳින් පසක් වුයේ ඔහු අන්තිම දවසේ මා සමග කී කතාවකිනි.

එනම්  මාක්ගේ රස්සාව නැති වුනා මදිවාට රටින්ද යන්නට සිද්ද වන බව තහවුරු වූ දවසේ ඔහුගේ  බිරිඳ පැය තුනක් එක දිගට හැඬු කතාවය.

photo : bestukireland.com

65 comments:

  1. මේකා ඇංග්ලෝ සැක්සන් කෙසේ වෙතත් නියම ලාංකික සුද්දෙක් වගෙයි කියලයි මට නම් හිතුනේ.

    අර මර දූවරුත් ඒ වගේ නේද?

    ReplyDelete
    Replies
    1. නෑ මචන් මේ සටහනින් මට උලුප්පන්න ඕනි උනේ ' සුද්දා' කියන්නේ ආගන්තුක පර දෙසක්කාරයෙක්ය කියන අදහස මොන තරම් මනෝ විකාරයක්ද කියන එක ගැන . පළමුවෙන්ම අපි හැමෝම මිනිස්සු

      Delete
    2. හුටා. ඒකත් එහෙමද? ඒ වුනාට මචං ඒක බොහොම පරිස්සමෙන් අත ගහන්න ඕනේ වැඩක්. ඒ මොකද යුදෙව් වාදියා, අමෙරිකානු හිත වාදියා(Pro American)වගේ කොහෙවත් යන ලේබල් ගනනාවක් අලවගන්න අකමැතිනම්. :)

      Delete
    3. හෙහ් හේ . ඒ වගේ ලේබල්නම් වදින්න ඉඩ තියෙනවා තමයි මචන්

      Delete
  2. මිනිස්සුන්ට කළු-සුදු කියලා වර්ණභේදවාදයක් තිබුනට, මිනිස්සුන්ට මුහුණ පාන්ට වෙන ප්‍රශ්න වලට කළු-සුදු කියලා වර්ණභේදවාදයක් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. මගේ සීමිත අත්දැකීම්වලට අනුවනම් කලු සුදු කතාව හැමතිස්සෙම වගේ හිතේ තියෙන්නෙ කලු/දුඹුරු අයට. සුද්දන්ට වඩා.
      කොහොමත් මයිනොරිටි එක බලාගෙන ඉන්නෙ කොයිවෙලාවෙ ඩිස්ක්‍රිමිනේට්වෙයිද කියලනෙ. සමහර විට ඒක හිතෙන් මවාගත් ඩිස්ක්‍රිමිනශන් එකක්. සුද්දන් ( හෝ මැජෝරිටි එක ) හිතලත් නැතුව

      Delete
    2. ඕක දුඹුරු අයටත් වඩා දැඩි විදියට පාවිච්චි කරන්නෙ කළු අය PJ. ඕන දේකදි ඉස්සරහට ඇදලා ගන්නෙ තමන්ගෙ හමේ පාට. තමන්ගෙ වැරැද්දකදි වුනත් අහන්නෙ "You do this/ You say that because I'm black" කියලා.

      Delete
    3. Indeed! මම සාමාන්‍යයෙන් සුද්දා සුද්දා කියලා පාවිච්චි කරන්ටත් අකැමැතියි. අපි 'සුද්දා' කියලා කෙනෙකුට කියන වාරයක් පාසා අපි විහින් 'කළු/ දුඹුරු' අය වෙනවා.

      Delete
    4. මේ අදහස් සියල්ලට මම එකතු වෙනවා.මම මුලින් මේ කතාවේ හෙඩිම දැම්මේ ' මාක් යන්නට ගියේය' කියල පස්සේ උත්ප්‍රාසයක් එකතු කරන්නයි සුද්දා කෑල්ල දැම්මේ . අපේ බයිලා එහෙම තියෙනවනේ 'සුද්ද යන්ට ගිය' එක ගැන . අනික ඒ කියන සුද්දෝ නෙවෙයි දැන් ඉන්නේ එකම බෝට්ටුවේ. ඔය කියන එක කියාගන්න වුවමනාවෙන් හිටියට හරි වචනයක් පික් කරේ අද තමයි. තැන්කිව් බුරා ප්‍රා ජේ

      Delete
    5. ඔය කියන එක කිව්වේ ප්‍රා ජේ reverse discimination කියන එක. ලොකු කතාවක් කියවෙනවා

      Delete
  3. ඔහොම අහිංසක සුද්දෙක් ගැන ඇහුවමයි ,

    ReplyDelete
    Replies
    1. ටිකක් මේ මිනිස්සුන්ගේ ජීවිත වලට කිඳා බැහැලා බැලුවොත් තිස්සෙම පින්දහම් කරන මිනිස්සුන්ට වඩා ගොඩක් අහිංසකයි

      Delete
  4. ප්‍රශ්ණ එද්දී කළු සුදු බේදයක් නම් නැති පාටයි..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒත් කළු සුදු නැත්නම් වෙනත් බේදයක් හරි මතුවෙලා එනවා නිතරම . හැමෝම විඳින්නේ එකම දුක සතුට තමයි

      Delete
  5. හමේ පාට හෝ උපන් රට අනුව මිනිසුන් වර්ග කරන්න බැරිබව අපේ අය වටහාගන්නවා හරි අඩුයි.

    දෙමළා වුනත් හොඳ මිනිහා - අහලා පුරුදුයි නේද?

    ඊයේ මා සමග කෙනෙක් කිව්වා මෙහෙම - එයා බර්ගර් වුණත් හොඳ මනුස්සයා!

    ReplyDelete
    Replies
    1. බර්ගර් කොහොමටත් අනිත් ජාතින්ට වැඩිය , ශ්‍රමයේ වටිනාකම එහෙම කවදාවත් හෙට්ටු කරන්නේ නැ

      අනිත් ඒ වගේ හොද ජාතිකයෝ තමයි මැලේ ජාතිකයෝ

      Delete
    2. ඇයි සුද්දෝ ලංකාව ආයෙත් අල්ලාගන්ට දත කනවා කියන එකත් අපේ රට ගැන තිස්සෙම ඇහැ ගහගෙන ඉන්නවා කියන එකත් නැගලා යන කතාවක්නේ. මේ මිනිස්සු දන්නෙත් නෑ ලංකාව කොහෙද තියෙන්නේ කියලා.

      Delete
  6. මතුපිට සංස්කෘතික ලක්ෂණ ටික අමතක කරලා දැම්මහම, ලෝකේ කොහෙත් මිනිස්සු හැසිරෙන්නේ එක වගෙයි. ඉස්පිරිතාල වල ලෙඩ ඇඳේ ඉඳන් තමන්ගේ ළමයි එනකං බලාගෙන ඉන්න වයසක දෙමව්පියන්, තමන්ගේ ළමයින්ගේ පුරාජේරුව කියන දෙමව්පියන්, දෙමව්පියන්ට දෙවියන්ට වගේ සලකන ළමයි, ඔය කොයි කවුරුත් ලෝකේ ඕනෙම රටකින් හොයාගන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. ඔව් තිසර ලංකාවේ හා ආසියාවේ තමයි හොඳ පවුල් අතර බැඳීමක් තියෙන්නේ කියලා කාලයක් හිතපු එව්වා බොරු වුනා මේ මිනිසු දැක්කම . ඒ වගේමයි මේ මොන ප්‍රශ්න තිබ්බත් මාක් දුවල තුන් දෙනාට මාර ආදරෙයි

      Delete
  7. මට කියන්ට ඕනි දේවල් උඩ අය කියලා. හිතට දුකක් දැනුණා අහිංසක සුද්දා වෙනුවෙන්.

    ආමන්ඩ් ඇට හපමින් ඉන්නවා කියනකොට මට මාවත් මතක් වුනා. මාත් නිතර ඔය ඇට හපමින් ඉන්න කෙනෙක්. :)

    ReplyDelete
    Replies
    1. මමත් කම්මැලි හිතුනම මාක්ගේ කාමරේට ගිහිල්ල ආමන්ඩ් ඇට අහුරක් අරන් එනවා ඒ කාලේ. ආමන්ඩ්ම නෙවෙයි තව වට්ටක්ක ඇට කඩල ඇට එහෙම දාපු ටින් එකක් තිස්සෙම තිබ්බා ඒ කාමරේ . මෙහෙ සුරියකාන්ත ඇටත් ජනප්‍රියයි

      Delete
  8. "මාක්" පටන් ගන්නෙත්, "මාතලන්" පටන් ගන්නෙත් එකම අකුරෙන්.. ඒත් ඔතන එකම එක වෙන්සක් තියෙනවා.. මම ජීවත් වෙන්නේ මගේ බිරිඳ නිසා.. ඒ අතින් මම වාසනාවන්තයි..

    ReplyDelete
    Replies
    1. ඇයි බං තව වෙනසක් තියනව , ඌ උපතින්ම සුද්දා උඹත් ඌගේ තරමටම සුදු උනා හමේ ලෙඩක් හන්දා

      Delete
    2. \\මම ජීවත් වෙන්නේ මගේ බිරිඳ නිසා\\
      ඕවට අහුවෙන්නේ නෑ ගෙදර ඇත්තෝ...

      Delete
    3. මාක් කිව්වට මිනිහගේ ඇත්ත නම වෙන එකක් මම ඉතින් නම්ගම්, කාල වකවානු එහෙම ටිකක් වෙනස් කරලයි ලියන්නේ. ආ මාතලන් කියන්නෙත් ඉතින් දාගත්තු නමක් නේන්නම් .

      Delete
  9. මට මතක් උනේ "ටෙරී" මගෙත් එක්ක ඕමාන් ඔෆිස් එකේ වැඩ කරපු වයසක ස්කොටිෂ් ආකියෙක්. ප්‍රොජෙක්ට් එක ඉවර කරන්න ඉස්සරවෙලා කැන්සර් එකකින් මේ මනුස්සයා මැරුනා. ඒ මරනය විතර මාව අතරමං කල මරනයක්....පොඩි දරුවො දෙන්නයි මේ නාකි මනුස්සයාගේ දෙවැනි බිරින්දෑයි ලෝක අමාරුවක වැටුනේ.
    ජාතිය ජන්මය හමේ වර්ණය එදිනෙදා ජීවිතයේදී ඉතා දරුනු විදියට හැසිරුනත්, මනුස්සයන්ට මුහුන දෙන්න වෙන දුක සැප කියන දේවල් වලදි අපි මනුස්සයො විතරක් වෙනවා කියලා මට ටෙරී, උඹට මාර්ක් පෙන්නලා දුන්නා නේද මචං...!

    ReplyDelete
    Replies
    1. ස්කොටිෂ් කියල අදහස් කලේ ස්කොට්ලන්ත ජාතිකයෙක්ද

      එයාල ජීවත් වෙන්නේ බොහොම ආත්ම අභිමානයකින් නේද ,

      ලංකාවේ එන් ජී ඔ එකක වැඩකරපු '' ඉයන් '' කියල පොරක් හිටියා . ආයේ ඉතින් කියන්ඩ දෙයක් නැ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුද්දා .

      පුදුම මනුස්සකමක් ඒ මනුස්සයගේ තිබුනේ

      ලංකාවේ අවුරුදු හයකටත් වඩා හිටියා . එයා ලංකාවට ඇවිත් පටන් ගත්ත ආයතනය හදනකොට කන්ටේනර් පෙට්ටියකට වෙලා තමයි ඉස්සෙල්ලම හිටියේ ,

      බිල්ඩින් හදල වැඩේ පටන් අරගන අවුරුද්දක් විතර යනකොට ඒ ආයතනය විවෘර්ත කලා .

      ඊට පස්සේ තවත් අවුරුද්දක් එක හමාරක් යනකම්ම අපේ විදුලි බල මන්ඩලෙන් එතනට කරන්ට් එක දුන්නේ නැ .

      '' ඉයන් '' ලොක්කා තඩි ජෙනරේටරයක් දාගන වැඩේ කරගන යන අතරතුරේ ලංකාවට වඩා හොද තැනකට යන්න අවස්ථාව ලැබුනත් ගියේ නැ ,

      මිනිහ කියුවේ මම ආපු වැඩේ සම්පුර්න කරන්න තාම බැරි උනා . උඹලගේ කරන්ට් එක ලැබුන දවසට තමයි මම යන්නේ කියල .

      කියුව වගේම ට්‍රන්ස්ෆෝමර් එක හයිකරල කරන්ට් එක දීලා සතියකක්වත් ඒ මහත්තය ලංකාවේ හිටියේ නැ .

      දන්න තරමින් දැන් කාම්බෝජයට වෙලා තවත් මේ වගේම වැඩක් පටන් අරන්

      Delete
    2. ඔව් අටම්...ටෙරී ස්කොට්ලන්ත ජාතිකයෙක් තමයි. ස්කොට්ලන්ත ජාතිකයින් තමයි අපේ සිලෝන් ටී වලත් උපත. එන්ගලන්තයෙන් වෙන්වෙන්නයි ඒ අයගේ අදහස. ලඟදීම ඒ සම්බන්ධයෙන් ජනමත විතාරනයක් තියෙනවා ඒ රටේ. කිව්වත් වගේ හොඳ මිනිස්සු (මට හම්බවෙච්ච ) කොට්ථාසයක් තමයි ඔවුන්...

      Delete
    3. ටෙරිගේ කතාව මාක්ගේ කතාවටත් වඩා දුක්බරයි. ඒත් මේ මොන කතාවකින් උනත් අපිට පැහැදිලි වෙන්නේ මචන් මිනිස්සු වෙච්ච අපි අතර පොඩි මවා ගත්තු වෙනසක් විතරයි තියෙන්නේ කියලා .

      Delete
    4. ඔය ස්කොටිෂ් ජාතිකයෝ කීප දෙනෙක් එක්ක මම වැඩ කරලා තියෙනවා .හොඳයි තමයි. ඒත් ඒ හැටි විශේෂත්වයක් දැනුනේ නෑ . මම ඩීල් කරන විදිහට හොඳයි කියලා හිතපු මිනිස්සුන්ට තරමක් කිට්ටු වෙනවා . අනිත් පිරිස එක්ක හායි බායි කියල රාජකාරි ගනු දෙනු විතරක් කරනවා. මොන ජාතිකයෝ එක්කත් එහෙමයි. මේ හැම ජාතීන්ගේම පොදු ලක්ෂණ අනුව විවිධ කතා තියෙනවා. ඊජිප්තුකාරයෝ, අයිරිෂ් කාරයෝ , කේරල ජාතිකයෝ ගැන කතා එමටයි.

      Delete
  10. පෙර සූදානමක් නැතිව ජීවත් වෙන චරිත වලට කළු සුදු බේදයක් නෑ.

    ReplyDelete
    Replies
    1. හරියට තෙරුන් නෑ කම්මල . මමනම් කියන්නේ පෙර සුදානම් වෙලා වර්ණ බේද අදහස් ඇති කර ගත්තොත් මිසක් හැබෑවටම එහෙම එකක් නෑ කියලා

      Delete
  11. මගේ MD කැනේඩියන් මිනිහත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම සුදු මහත්තයෙක්. මාස 6 කට පස්සේ ඇමරිකාවේ ඉදලා මිනිහා Factory එකට එන වෙිලාවේ මම ගෙට්ටුව ගාව සිගරට් එකක් බිබි ඉන්නවා. මිනිහා දැක්කා කියලා මම කලබල වෙලා සිගරට් එක විසිකරලා ලගට දිවවේ නැහැ. ඡිප් එකෙන් බැහැලා ලගට ඇවිත් අතට අත දිලා කථා කරලා මට කිව්වා උඔ සිගරට් එක බොනකන් මම ඉන්නම් ඊට පස්සේ අතුලට යමු කියලා. ඊට පස්සේ Factory එකට එන දවසට මට සිගරට් පැකට් එකක් අරන් එනවා. ලංකාවේ එකෙක් MD වුනානම් තත්වය කොහොම වෙයිද?

    ReplyDelete
    Replies
    1. මේ ඉවසිල්ල හා වෘතීය ආචාරශීලී ගතිය බටහිර ජාතීන්ගේ වගේම ජපන් කොරියානු ජාතීන්ගෙත් ඉහළයි .

      Delete
    2. ඒ අනාට ඔහොම සිකරට් බොන්ඩ එපා උඹ මැරෙයි

      Delete
    3. ඊට කලින් උඹ මැරෙයි උඹ සිකරට් ගහන විදිහට

      Delete
    4. ඕක නලිය කිව්වනං තමා හොඳම !!!

      Delete
    5. අටමා කමක් නෑ ඉවානයා මම උඔව අල්ල ගන්න හිටියේ මට ලගදි ආරංචි උඔත් ෂියට් බොනවා කියලා.

      Delete
  12. අසරණ සුද්දෙක්.. දැන් මොනවා කරනවද කියල දන්නවද?

    ReplyDelete
    Replies
    1. දන්නා විදිහට දැන් අවුලක් නෑ , පවුලේ සියලු දෙනාට දුක දැනුනාම එකට ගොඩ එන්න පුළුවන් . එහෙම බලනකොට වෙච්ච දේ හොඳයි කියලත් හිතෙනවා

      Delete
  13. විසේකාර නෝනලා ගත්තම සුද්දටත් කෙලවෙනවා.. පව් ඉතිං අහිංසක සුද්දෙක්.. මුලින් කිව්වේ දූලා දෙන්නයි කියල නේද?? ආ හරි.. වැඩිමල් නේ..

    ReplyDelete
    Replies
    1. විසේකාර නෝනලාගේ කතාවක් නෙවෙයි බන් මෙතැන කියන්නේ, දුවල තාත්තලා අම්මලා ඇතුළු හැමෝගෙම විශ්ව ව්‍යාප්ත යශෝ රාවය ගැන

      Delete
  14. සුද්දා වුණත් මිනිහෙක්නේ මොකෝ අමුතු සතෙක් කියලායෑ.ජිවිතේ ඔහොම තමයි අපි හිතන තරම් සරල,ලස්සන,සැහැල්ලු එකක් නෙමේ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි මනෝජ්. ඒ පිටස්තර වගේ පෙනෙන ජීවිත පිලිබඳ අවබෝධ වෙන දේත් අපි මෙහෙම ලියලා හරි බෙදා ගන්න ඕනි

      Delete
  15. Replies
    1. කා ගැනද මචං පව් කිව්වේ මමද මාක්ද

      Delete
  16. මෙහෙ කන්සල්ටන්සි ෆර්ම් එකක සුද්දෙක් එල්ලිල මැරුනයි කියල මාස දෙහෙකට වගෙ ඉස්සෙල්ල ආරංචියක් ආව. තිලකෙ කතාව කියාගෙන යද්දි මට හිතුනෙම මේ ඒ සුද්ද ගැනයි කියන්නෙ කියල. ඒ පාර පල්ලෙහට ගිහිල්ල අවසානය බලල හිටිය කෝකටත් කියල. ඒ සුද්ද නෙවෙයි මේ.....:)

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම කතාවක් මට ආරංචි උන් නෑ බන් . මාක් සම්බන්ධයෙන් නම් කියන්න තියෙන්නේ මිනිහා වුවමනාවෙන් කරදරේ වැටුනා පවුලේ ඕනිම නාස්තිකාර වියදමකට සල්ලි ඇත දිග ඇරලා යැව්වා. පොඩි ප්‍රශ්නෙකටත් නිවාඩු දාලා ගෙදර යනවා .අනිත් කාටවත් බරක් පතලක් දැනෙන්න දුන් නෑ වගේ ඒවා. එයාටම විශේෂ ගතිගුණ

      Delete
  17. //එනම් මාක්ගේ රස්සාව නැති වුනා මදිවාට රටින්ද යන්නට සිද්ද වන බව තහවුරු වූ දවසේ ඔහුගේ බිරිඳ පැය තුනක් එක දිගට හැඬු කතාවය.//

    පොයින්ට් එකට කෙලින්ම අදාල නැතිවුනත් මේ වාක්‍යය කියවද්දී මට එකපාරම මතක්වුනේ තිලකසිතේමද කොහෙද මම කියවූ සටහනක්...

    පඩිපත නැතිකරගෙන සැමියා ගෙදර ආවම, ණය තුරුස් වගකීම් සේරම මොහොතකට අමතක කරලා බිරිඳ අහන්නේ "ආ ඕකද මම හිතුවා ලොකු කරදරයක්ය කියලා..." :)

    ReplyDelete
    Replies
    1. ඕක තියෙන්නේ " පොකට් ගහන්න බැරි ආදරය" කියන කතාවේ, තිලක සිතේ මෙතෙක් පලවූ මගේ ප්‍රියතම කතාව

      Delete
    2. ඔව් බීටල් ඒ ප්‍රශ්ණ ඉදිරියේ බිරින්දෑවරු දෙදෙනෙක් හැසිරුණු විදිහ. මාතෘකාවට අදාලයි. අවස්ථා ගලපාගෙන කතාබහ කරන්න පුළුවන්.

      ඉවාන්ගේ බ්ලොග් එකේ තාම තියෙන්නේ ඔය 'පොකට් ගහන්න බැරි ආදරේ' ගැනනේ . අලුත් පොස්ට් එකක් ලියමු නේද ?

      Delete
    3. ඉවානයා දාපු පොස්ටුවෙන් මමත් ඒක කියෙව්වෙ.
      එල ද බ්‍රා

      Delete
  18. කළු වුනාට සුදු වුනාට කාගේත් ලේ රතු පාටයි , පාටක් ගැන තැවෙන්නේ නූගත් කමටයි ......

    හැමෝම මිනිස්සු.... පාටින් නෙවෙයි මනුස්සකමින් මිනිස්සු තේරුම් ගන්න උත්සාහ කරමු .

    ReplyDelete
    Replies
    1. thanks Ivan for wonderful song. going back to old memories.

      Delete
    2. තැන්කිව් ඉවාන් මේ ලින්ක් එකට .මේ සින්දුව තියෙන CD එකක් අපේ ගෙදර තිබ්බ ළමයි හරි ආසයි ඕකට . මමත් ආසයි ( හැබැයි මම කළු නෑ D)

      Delete
    3. තිලකයියා කළු නෑ .දැකුම් කලුයි :P

      Delete
  19. මගේ කලින් කොමන්ට් එක නැති හින්දා ආයෙත් දානවා.

    සුද්දාද මිනිසෙක්ය. මිනිසුන් හැමෝටම සාමාන්‍ය ජීවිතයට මුහුණ දිය යුතුවේ.
    අපි මොඩන් ඒජ් එකක හිටියාට සුද්දාට වඩා බොහෝ අවුරුදු ගණනකට පිටිපස්සෙන් සිටින්නෝ වෙමු. සුද්දා හමේ පාට ගැන නොසිතන කල්හි අපි ඒ ගැන තවම කියවන්නෝ වෙමු.

    ReplyDelete
    Replies
    1. කලින් කොමෙන්ටුවක් ආවේ නෑ රන්ගි .
      පාට සම්බන්ධයෙන් කෙරෙන විශේෂ සැලකීම් හා නොසලකා හැරීම් ලෝකයෙන් තුරන් වීගෙන යනවා. අපිට තියෙන්නේ පූර්ව නිගමන හා අනුමාන මිශ්‍ර සැකයක් වගේ දෙයක්

      Delete
  20. හම සුදු වුනාට එයත් මනුස්සයෙක් නෙ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ බස්සි. පෙරහැර යනකොට කාටත් එකට යනවා

      Delete
  21. කළු වුනත් සුදු වුනත් අපි හැමෝම මිනිස්සු !!!

    ReplyDelete
    Replies
    1. ඔව් පත්තරේ . කාලෙත් එක්ක මිනිස්සු තේරුම් ගන්නවා මේක

      Delete
  22. ඔය වගේ 'මාක්'ල හා ප්‍රශ්ණ අපි ගොඩාක් දෙනෙකුට හම්බ වෙනවා ඇති.. ඒත් තිලක සිත වගේ හිත් තියෙන්නෙ බොහොම අඩුවෙන් නිසා 'මාක් වෙන්නෙ' නැතුව ඇති.. ගොඩක් දෙනෙක්ගෙන් ඇහුවොත් මාක් එක්ක දාපු පාටියක් ගැන, බීපු විස්කි අඩියක් ගැන මතක තියෙයි.. හැබැයි ඒ මනුස්සයගෙ හිනාවට යටින් තියෙන සංවේදනා අතපත ගාලා අල්ලගන්න නම් 'තිලක සිතක්'ම තියෙන්න ඕනි.. මිනිස්සු කලු සුදු වෙන්නෙ පිට පොත්තෙන් නෙවෙයි, හිත් වලින්.. මං හිතන්නෙ අහ්! මාත් කළු නම් නෑ එච්චරම )))

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කල්‍යාණ මිත්‍ර. අපි හැමෝගෙම ජීවිත විනිවිද දැක්කොත් මෙහෙම කතා ඇති ඕනෑ තරම් .

      Delete